දේ ඩාන්ස් අලෝන් ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹේ
දෙවරක් හොඳම නිෂ්පාදක ලෙසින් සරසවිය සම්මාන දිනූ නිෂ්පාදක බන්දුල ගුණවර්ධනගේ නවතම සිනමා නිෂ්පාදනයේ වැඩ කටයුතු පසුගිය සඳුදා (ජූලි 07 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.නිලේන්ද්‍ර දේශප්‍රිය විසින් අධ්‍යක්ෂණය කෙරෙන මෙය ‘They Dance Alone’ ලෙසින් නම් කර තිබේ. එහි ප්‍රධාන චරිතය ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි නිරූපණය කිරීමට නියමිතය.
කැමරාකරණය චන්න දේශප්‍රිය, වේශ නිරූපණය නාරද තොටගම, විධායක නිෂ්පාදනය ධම්මික දිසානායක, නිෂ්පාදන කළමනාකරණය සුරංග හික්කඩුව, සංගීතය අනූපා කේමදාස සහ ගයත්‍රි කේමදාස, සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ, නිෂ්පාදන සැළසුම්කරණ්‍ය රොබ් නේවිස්, ශබ්ද පරිපාලනය තපස්නායක් විසිනි. මෙහි පිටපත දැනට විසි වසරකට ඉහතදී නිලේන්ද්‍ර දේශප්‍රිය විසින් රචනා කර ඇති අතර නිලේන්ද්‍ර සහ නාමල් ජයසිංහ විසින් එය යළිත් රචනා කර තිබේ. නතාෂා ඩ්‍රීම් සහ නිලේන්ද්‍ර දේශප්‍රිය සම නිෂ්පාදනයෙන් දායක වෙති.






























0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.