Monday, July 14, 2014

බේරෙනවද...??? මැරෙනවද...??? 2014

ලංකාවේ නෙවෙයි මුළු මහත් ලෝකයේම දේශපාලනය යනු “බලය” කේන්ද්‍ර කරගත් “මර්ධනය” අවිය කරගත් “දූෂණය” ව්‍යාප්ත කරගත් අධම සමාජ තන්ත්‍රයක්. එහි විපාක දේශපාලකයාටවත් වළක්වා ගන්නට අපහසු බව ඔවුන්ම අද කියනවා. සමාජ පරිශෝධනය (social reformation) සඳහා මාක්සියානු දේශපාලන දර්ශනය ආභාස කොටගත් බ්‍රෙෂ්ට්ගේ නාටය කරණ භාවිතාවන් පෙරට පැමිණෙන්නේ මෙවන් කාල වකවානුවක. එය අමන දේශපාලනය හා ඔවුනගේ තකතීරු දේශපාලන ව්‍යාපාර නිරුවත් කරලන්නක්. දෙවැනුව සමාජ පරිශෝධන වාදී නාට්‍ය කලාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරලීමටත් බ්‍රෙෂ්ට් මේ දිවයිනට වැදගත් වෙනවා. එහෙත් එය පුනරුදය කර ගත යුතුව තිබෙන්නේ අතීතයේදී බ්‍රෙෂ්ට් හා ඔහුගේ නාටය කරණ සංකල්ප අපගේ ප්‍රවීණයින් විසින් අගතිගාමී හා ප්‍රතිගාමී ලෙස කාබාසිනියා කර තිබෙන නිසයි.


ද ගම්දනව් පුරා පැතිර යන මාරාන්තික උවදුරක් බවට පත්ව තිබේ. මේ විදිහට රට වෙලාගත් මාරාන්තික උවදුරක් බවට ඩෙංගු උවදුර  පත්වන්නේ ඕපපාතිකව නොවේ. මේ උවදුරටත් මාරාන්තික ඩෙංගු උවදුර පතුරුවන මදුරුවන්ගේ ජීවන චක්‍රය පවත්වාගෙන යාමට උදව් කරන්නන් බවට අපි පත්ව සිටිමු.
වෙනත් විදිහකට කියතොත් ඩෙංගු උවදුර උග්‍රවීමට මූලික වරදකරුවන් බවට පත්ව ඇත්තේ අපද ඇතුළත් සමාජයම සිදුකරනු ලබන වැරැදි චර්යා රටාය. මේ ඩෙංගු රෝගය මර්දනය කරන ආකාරය රෝගයේ ලක්ෂණ හා එයට ප්‍රතිකාර කළ යුතු ආකාරය ගැන ලියැවුණු ලිපියකි.
l ඩෙංගු යනු කුමක්ද?
ඩෙංගු යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාදිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි. ඩෙංගු රෝගය බෝකරන වෛරස වර්ග 4ක් ඇති අතර මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වුවත් රෝගය බෝකිරීමේ දී වෙනස් වෛරසයන් වශයෙන් ක්‍රියා කරයි. (DEN 1, DEN 2, DEN 3, DEN4)
l ඩෙංගු රෝග ලක්ෂණ
ඩෙංගු වෛරසය ආසාදනය වීම නිසා සමහර පුද්ගලයන් රෝග ලක්ෂණ නොපෙන්නන් අතර සමහර දෙනෙක් තුළ ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ ඇතිවිය හැක.
යම් රෝගියකුට තද උණට අමතරව පහත සඳහන් රෝග ලක්ෂණ කිහිපයක් හෝ ඇත්නම් ඩෙංගු රෝගියකු බවට සැක කළ යුතුය.
* හිසරදය සහ ඇස පිටුපස වේදනාව
* ඔක්කාරය සහ වමනය
* හන්දිවල හා පේශිවල වේදනාව
* ශරීරයේ රතු පැහැති පලු මතුවීම
* සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්ත්වයන් (විදුරුමසෙන්, නාසයෙන්)
* ඩෙංගු රෝගය ජානපදික ප්‍රදේශයක වාසය කිරීම හෝ සංචාරය කිරීම
ඩෙංගු උණ සහිත රෝගියෙක් සාමාන්‍යයෙන් දින කිහිපයකදී රෝගයෙන් සම්පූර්ණ සුවය ලබන අතර ඩෙංගු රක්තපාත උණ වැළඳුන රෝගීන් තුළ වඩාත් සංකීර්ණ රෝග ලක්ෂණ දැක ගත හැක. ඩෙංගු රක්තපාත උණ රෝගීන් තුළ පහත දැක්වෙන පරිදි රෝගයේ අවදි කීපයක් දැක ගත හැකිය.
* උණ සහිත අවදිය
*අවදානම් අවදිය (තරලය කාන්දුවන අවස්ථාව)
*සුවවන අවදිය
උණ සහිත අවදිය
* කල් පවතින තද උණ (බොහෝ විට 40C (104F)
* මුහුණ ප්‍රදේශය රත් පැහැයක් ගැනීම, ඔක්කාරය, වමනය, තදබල හිස කැක්කුම, හන්දි හා පේශිවල වේදනාව
* ඇ‍‍ඟේ පලු දැමීම (50% - 80% ක රෝගීන් සංඛ්‍යාවකගේ දක්නට ලැබේ)
* සමහර රෝගීන්ගේ උගුරේ අසාදන තත්ත්වයන්, ඇස් රතුවීම හා පාචන තත්ත්වයන් ද දැකිය හැක
*සුළු ලේ ගැලීමේ තත්ත්වයන්
අවදානම් අවස්ථාව (තරලය කාන්දුවන අවස්ථාව)
* අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ තරලය කාන්දුවීම පටන් ගැනීමත් සමඟය (සාමාන්‍යයෙන් 3 වන දිනයෙන් පසු උණ බැස යනවාත් සමඟය.
* එම අවස්ථාව ඉතා කෙටිකාලීන වන අතර බොහෝ විට පැය 24 – 48 අතර කාලසීමාවකට සීමා වේ
* සමහර රෝගියෙක් උණ පවතිද්දීම අවදානම් අවදියට පත්විය හැක.
* මෙම අවස්ථාවේදී රුධිර නාලිකා බිත්තිවල සිදුවෙන පාරගම්‍යතාවයේ වෙනසක් හේතුවෙන් රුධිර නාලිකාවලින් පිටතට තරලය කාන්දු වීමක් සිදුවේ. මෙම තරලය බොහෝ විට උරස් හා උදර කුහරය තුළ එකතු වේ.
* මෙසේ තරලය පිටතට කාන්දු වීම තුළින් රුධිරය උකු බවට පත්වී අත්‍යවශ්‍ය ඉන්ද්‍රීයයන්වලට රුධිරය ගලා යෑම අඩපණ වේ.
* තරලය කාන්දු වීම දිගටම සිදුවීම තුලින් ඩෙංගු කම්පන තත්ත්වය ඇතිවිය හැක. මෙම තත්ත්වය ඇතිවීමට පෙර බොහෝ විට අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
මරණ වැඩි සංඛ්‍යාවක් සිදුවන්නේ ඩෙංගු කම්පන තත්ත්වය නිසාය. නොනවත්වා පවතින වමනය සහ තදබල බඩේ කැක්කුම තරලය කාන්දු වීම ආරම්භ වීම පිළිබඳ ඉඟියක් ලබාදෙන අතර මෙම රෝග ලක්ෂණ රෝගියා කම්පන තත්ත්වය කරා යාමත් සමඟ තවදුරටත් වැඩිවේ.
l සුවවන අවස්ථාව
සුවවන අවස්ථාව, අවදානම් අවස්ථාව අවසානය සමඟ පටන් ගන්නා අතර සාමාන්‍යයෙන් දින 2 – 5 අතර කාලයක් පවතී.
*මේ අවස්ථාවේදී කාන්දු වූ තරලය නැවතත් රුධිරවාහිනී තුළට අවශෝෂණය වේ.
*රෝගියා සුවපත් භාවයක් පෙන්නුම් කරන අතර ආහාර රුචිය වැඩිවේ.
*සුව වීමේ පලු ඇතිවේ.
*ඇඟ පුර කැසීම ඇතිවන අතර මෙය අත්ලේ හා පතුල්වල වැඩි වශයෙන් දක්නට ලැබේ.
l රෝගය හඳුනා ගැනීම
රෝගයේ මූලික අවස්ථාවේ අනෙකුත් වෛරස රෝගවලින් වෙන්කර හඳුනා ගැනීම අපහසු වන අතර බොහෝ විට රෝගය හඳුනාගන්නේ සායනික රෝග ලක්ෂණවලිනි.
සැලකිය යුතු කරුණු
*උණ දින දෙකකට වඩා පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම.
*උණ වැළඳී තෙවන දිනයේ දී සම්පූර්ණ ලේ පරීක්ෂාවක් සිදුකිරීම.
*අවදානම් රෝග ලක්ෂණ ඇතිවුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම.
*රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසාවත් වෙහෙසකර භාවයට පත් නොකිරීම.
* වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම, කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් වර්ග මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. වතුර පමණක් පානය කිරීම සුදුසු නොවේ.
l ඩෙංගු මදුරුවා
ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් ජලය සහිත බඳුන්වල ජල මට්ටමට මදක් ඉහළින් තෙත සහිත පෘෂ්ටයේ බිත්තර අලවන අතර මෙම බිත්තර වතුර හා ගැටුන විට (වැස්ස නිසා හෝ වෙනත් ක්‍රමයකින් වතුර එකතුවීම මඟින්) බිත්තර පුපුරා කීට අවස්ථාව බවට පත්වේ.
මෙම මදුරු කීටයන් වතුරේ ඇති කාබනික ද්‍රව්‍ය හා කුඩා ක්ෂුද්‍ර ජීවීන් ආහාරයට ගනිමින් 1 වන කීට අවස්ථාවේ සිට 4 වන කීට අවස්ථාව වන තෙක් පැමිණේ. කීටයා අවශ්‍ය ශරීර ප්‍රමාණයට පැමිණීමෙන් හා අවශ්‍ය ශක්තිමත් භාවය ලබා ගැනීමෙන් අනතුරුව 4 වන කීට අවස්ථාවෙන් පිලවා අවස්ථාවට පත්වේ.
l ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන
1. ඉවතලන පහසුවෙන් දිරා ‍ෙනායන ද්‍රව්‍ය
ටයර්, පොලිතීන් දවටන, ප්ලාස්ටික් බඳුන්, මැටි මඳුන්, රිජි‍ෆෝම් පෙට්ටි, ඉවතලන බෝතල්, ටින්, සෙල්ලම් බඩු හා ඉවතලන අනෙකුත් ඝන අපද්‍රව්‍ය
2. වතුර රැඳිය හැකි පොල්කටු, තැඹිලි කෝම්බ,
3. වැහි ජලය රැඳිය හැකි ස්ථාන, අවහිර වූ වැහිපිහිලි සහ කොන්ක්‍රීට් වහල
4. ආවරණය නොකරන ලද ජලය එක්රැස් කරන බඳුන් හා ටැංකි
5. ජලය එක්රැස් විය හැකි ගෘහ අලංකරණය සඳහා යොදා ගන්නා විවිධ භාණ්ඩ හා විසිතුරු බඳුන්, පක්ෂි නාන තටාක, වතුර රැඳිය හැකි පිළිම, අත්හැර දැමූ පොකුණු, මල් පෝච්චි, මල් බඳුන්, මල් බඳුන් යට ඇති තැටි, මාළු නොමැති ටැංකි
පහත සඳහන් විශේෂිත කාණ්ඩවලට අයත් පුද්ගලයන් හට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක කරන විට මුල් අවදියේදීම රෝහල්ගත කිරීම ඉතාමත්ම වැදගත්ය.
1. වයස අවුරුද්දට අඩු ළදරුවන්
2. වයස 70 වැඩි පුද්ගලයින්
3. අධි බර සහිත රෝගීන්
4. ගර්භිණී මව්වරුන්
5. නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. එවැනි පුද්ගලයන් මුල් අවදියේදීම රෝහල්ගත කිරීම වඩාත් සුදුසු වේ.
රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වීමෙන් සහ ඒවා ඉක්මනින් හඳුනාගෙන වෛද්‍යවරයා වෙත යොමුවීමෙන් සංකූලතා අවම කර ජීවිත හානිය වළක්වා ගත හැකිය.
ඩෙංගු රෝගීන් විමර්ශනය කිරීමේ දී රෝගීන් බහුතරයක් රෝගී තත්ත්වයට පත්ව ඇත්තේ තම නිවෙස හා අවට බෝ වූ මදුරුවන්ගෙන් හෝ පාසලේ දී හෝ රාජකාරි ස්ථානයේ දී බෝවූ මදුරුවන්ගෙන්ය.
ඒ තත්ත්වය වළක්වා ගැනීමට ප්‍රජා දායකත්වය අත්‍යාවශ්‍ය සාධකයකි.
එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරන්තරව පරීක්ෂා කිරීමෙන් හා ඒවා විනාශ කිරීමෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කරගත හැක.
ඩෙංගු මදුරුවාට හිතකර මෙවන් පරිසරයක් නිර්මාණය කර දෙන්නේ අප විසින්මය. ඩෙංගු මදුරුවන් බහුතරයක් බෝවෙන්නේ ඉවතලන භාජනවල එක්වන වතුර මගින්ය.
ඊට අමතරව පාවිච්චියට ගන්නා ජලය එක්රැස් කරන භාජන, ටයර්, අලංකාරයට සාදා ඇති පොකුණු වැනි දේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය.
ඩෙංගු මර්දනයට සහාය වීම ඔබ අප සැමගේ සාමුහික වගකීමකි. පසුතැවිල්ලට ඉඩ නොතබමු. ඩෙංගු මදුරුවා පරිසරයෙන් තුරන් කරමු.

ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ප්‍රකාශනයකි

http://www.dinamina.lk/2014/07/11/_art.asp?fn=f1407113

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.