මහනුවර පළමු කුඹල් පෙරහර අද

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (01) වීදී සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රි 7.50ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් ගෙන ගෙවදීට නියමිතය.
පැරණි රජ දවස සිට පැවත ආ චාරිත්‍ර යළි සිහිගන්වමින් මෙවර කුඹල් පෙරහරේදී විචිත්‍ර වර්ණ ගැන්වූ ඇඳුම් ආයිත්තම් වෙනුවට සුදු හා රන් වර්ණය පමණක් යෙදා නිම කළ ඇඳුම් ආයිත්තම් ශිල්පීන් හා අලි ඇතුන් සඳහා භාවිත කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.
http://www.dinamina.lk/2014/08/01/_art.asp?fn=n1408014
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.