Saturday, July 26, 2014

සිනහ කඳුළු පෙට්ටි

සිනහ කඳුළු පෙට්ටි නුවරඑළිය පාසල් 24කටජාතික ළමාරක්ෂණ අධිකාරියේ මෙහෙයවීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිනහ කඳුළු පෙට්ටි පාසල් 24ක් වෙත ප්‍රදානය කිරීම නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්.  අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම සිනහ කඳුළු පෙට්ටිය පාසල් තුළ ව්‍යාප්ත කෙරේ. පාසල් දූ දරුවන්ගේ ස්වකීය අදහස් ගුරුවරුන් වෙත ප්‍රකාශ කළ නොහැකි අවස්ථාවක ඔවුන්ගේ අදහස් හා ඉල්ලීම් මෙම පෙට්ටිය තුළට යොමු කිරීමට ඉඩ කඩ ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම සිනහ කඳුළු පෙට්ටිවලට අදාළ යතුරු දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් යටතේ පවතින අතර ඒවා විවෘත කිරීම සෑම මසකම අවසන් සිකුරාදා දින ගුරුමණ්ඩලය ඉදිරියේ සිදු කිරීමට නියමිතය. ඒ අනුව අදාළ යෝජනා සහ අදහස්, පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීම ආරම්භ කරනු ඇත. 

මේ අවස්ථාව සඳහා ගුරුභවතුන් සහ පාසල් දූ දරුවන් රැසක් ද  කලාප අධ්‍යක්ෂවරු ද සහභාගී වී සිටියහ.

NDH/SH_dmu_nuwaraeliya

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.