Sunday, July 6, 2014

"මල්ගුඩිය" යළි ස්වදේශීය සේවා "විදුල" ළමා ගුවන් විදුලියෙන්

අදට දශක දෙකකට පමණ පෙර මුල්වරට ඉන්දියාවේ දූරදර්ශන් රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ මල්ගුඩි දවස කතා මාලාව ජාතික රූපවාහිනියේ සහෘද දායකත්වයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ප‍්‍රචාරය වන්නට සියලු කටයුතු සූදානම්


ඉංගී‍්‍රසියෙන් ලියැවුණු පූර්ව ඉන්දියානු සාහිත්‍යයේ ත්‍රිමූර්තිය ලෙස සැලකෙන තිදෙනෙක් වෙති. ඒ මුල්ක්රාජ් ආනන්ද්, රාජා රාවෝ සහ ආර්. කේ. නාරායන්ය. ආර්. කේ. නාරායන් හෙවත් රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි නාරායන් ස්වාමි ඉන්දීය සාහිත්‍යයට දායාද කළ ප්‍රථම නවකතාව 1930 වර්ෂයේ ලියූ "ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්"ය.
එය ලිවීම ගැන ඔහුගේ මාමාවරු ඔහුට විහිළු තහළු කළ බව සඳහන්ය. සම්පූර්ණයෙන්ම මනඞකල්පිත නගරයක් වූ මල්ගුඩිය ද එහි චරිත මෙන්ම නාරායන්ගේ මනස් නිර්මාණයකි. මල්ගුඩිය මෙසේ විය යුතු යැයි රූගත කිරීම්වලට පෙරාතුව කටු සටහන්වලට නැගුවේ ඔහුගේ සහෝදර කීර්තිමත් කාටුන් ශිල්පි ආර්. කේ. ලක්ෂ්මන් විසිනි.
අවසානයේ ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ් පොතත් එහි කතා පමණක් නොව A Horse and Two Goats  (අශ්වයෙක් සහ එළුවන් දෙදෙනෙක්) දMalgudi days (මල්ගුඩි දවස්) සහ Vendo of Sweets (රසකැවිලි වෙළෙන්දා) යන කතා පොත් හතරේම එන කතාංගවලින් බහුතරය මල්ගුඩියේදී රූගත කෙරිණි. මේ කතා මාලා හතර අතරින් වඩාත්ම ජනපි‍්‍රය වූයේ ස්වාමිගේ කතා මාලාවයි.

නාරායන් ලියූ ස්වාමි සහ ඔහුගේ මිතුරන්ගේ කතා පෙළ ඔහුගේ ළමා කාලයේ ජීවිත කතාව ලෙස ද සැලකෙයි. ස්වාමිගේ පියා රජයේ සේවකයෙකි. මව ගෘහණියකි. ස්වාමි දවසේ අත්දැකීම් හා වීරක්‍රියාවල මතකය ආවර්ජනය කරන්නේ ආච්චි අම්මා සමඟිනි.
නාරායන්ගේ ළමා වියද මේ ආකාරයට ම දඟකාර රසබර අත්දැකීම්වලින් පිරීගිය එකකි. ආච්චි අම්මා ඔහුගේ ළමා වියේ හොඳම මිතුරිය වූවා ය. ඇය ආදරයට ඔහුව ඇමතුවේ "කුන්ජප්පා" යනුවෙනි. නාරායන් ලියූ නවකතා පහළොවේ සහ කෙටි කතා සම්භාරයෙන් වැඩි කොටසක මල්ගුඩිය ජීවමාන වේ.
ඒවා කියවන කිසිවෙකුට එය මනඞකල්පිත නගරයක් බව විශ්වාස කිරීමටද අපහසු ය. සරයු ගඟේ ඉවුර මතපිහිටා තිබෙන මල්ගුඩියට ඒ මනස් ලෝකයේ දී චින්නපනහාලි හි සිට පැය කිහිපයක ගමනකින් යා හැකිය. සැබෑ ලෝකයේ දී මල්ගුඩියේ පෙනුමට බොහෝ දුරට සමාන නගරයක් ලෙස කොයිම්බතූර් නගරය සැලකේ. එහෙත් කාවේරි ගඟ ඉස්මත්තේ පිහිටන ලාල්ගුඩි නගරය, නාරායන්ගේ මල්ගුඩියට වස්තුබීජ වී යැයි කියන්නෝද සිටිති.

මල්ගුඩියේ ස්වාමි ඇන්ඩ් ෆෙ‍්‍රන්ඩ්ස් පසුව චිත්‍රපටයකටද නැගිණි.

හඬ කැවීම් අංශයෙන් මුලින්ම විකාශය කළේ කාටූන්. නමුත් දිගින් දිගටම විකාශය කිරීමට කාටූන් තිබුණේ නැහැ. ටයිටස් තොටවත්ත මහත්මයා හැදූ ‍ෙදාස්තර හොඳහිත කාටූන් චිත්‍රපටය පුදුම විදියට ජනප්‍රිය වුණා. පස්සෙ, මේ හඬ කැවීම් මැදිරිය පිහිටුවීමත් එක්ක මෙහෙ හදලා පෙන්නුවේ විශ්ව සාහිත්‍ය නිර්මාණ. එවකට මුද්‍රිත මාධ්‍යයෙන් තිබූ නිර්මාණ ටෙලි මාධ්‍යයට ගත්තා. මේ මඟින් මහා විශ්ව - සිනමා - සාහිත්‍යකරුවන් අපට දැක ගන්න ලැබුණා. එසේ නොවන්නට අපි ලෝකය ගැන දන්නෙ නැහැ. මං කිව්වෙ නිර්මාණ පැත්තෙන් සිටුවර මොන්ත ක්‍රිස්කෝ, ඔඩිසි, ඇලිස්ගේ විශ්මලන්තය, පන්පසිඳුවන්, මල්ගුඩි දවස - මේ හරහා ඇලෙක්සැන්දර් ඩූමා, ලුවිස් කැරොල්, ඩැනියෙල් ඩෙපෝ, හෝමර්, ආර්.කේ. නාරායන් වැනි මහා නිර්මාණකරුවන් අපේ දූ දරුවන්ගේ ඇසුරට එක් වුණා. ඒ හාස්කමයි මේ දැනුත් සිද්ධ වෙන්නේ. මුල පටන්ම දැයේ දරුවන්ට හොඳම දේ දීමයි අපේ අරමුණ. 

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.