කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යනාංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන Stylish Marketer සරසවි විලාසිතා දැක්ම මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විය. සරසවි සිසුන්ගේ විලාසිතා නිර්මාණයන් ප්‍රවීණ නිරූපණ ශිල්පීන් හා සරසවි සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කෙරුණු මෙම විලාසිතා දැක්මේ හොඳම විලාසිතා නිර්මාණකරණයට හිමි සම්මානය අයේෂ්මන්ති සමික්ෂා රන්දෙණි විසින් දිනාගත්තාය. ජනප්‍රියම නිරූපණ ශිල්පියා ලෙස දුලන්ජ් රුවන්ද, ජනප්‍රිය නිරූපන ශිල්පිනිය ලෙස රන්දිකා දුලානිද සම්මාන දිනාගත්හ. කැමරා ඇසට වඩාත් සමීප photogenic අංශයේ ජයද හිමිකරගත් දුලන්ජ රුවන් හොඳම නිරූපණ ශිල්පියාට හිමි සම්මානයද දිනාගත්තේය. Photogenic අංශයේ කාන්තා අංශ ජය චමෝදිකා එරන්දතී විසින් හිමිකරගත් අතර, හොඳම නිරූපන ශිල්පිනිය බවට තිලිණි රුවන්දිකා සම්මානයෙන් පිදුම් ලද්දාය. විවිධ ඉසව් ඔස්සේ විලාසිතා ඉදිරිපත් කළ මෙම විලාසිතා රාත්‍රිය
Nadro සංගීතයෙන් ඔපවත් විය. මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාරයන්ගේ සහභාගීත්වයෙන් හා පූජා උමාශංකර් ඇතුළු ප්‍රවීණ විනිසුරුවන්ගේ විනිශ්චය මේ සඳහා ලැබී තිබුණි.



.jpg)





ඡායාරූප දිෂ්ණ ධර්මරත්න
- See more at: http://ada.lk/
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.