Tuesday, July 15, 2014

"හිස් ටින්"ද...? හිස්ට‍්‍රි රිංග්ද...? "History Ring"

 එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් |





හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා

ඇත්ත නේන්නම්...

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

කිසි වාසියක් නෑ හාං...
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි



ගායනය - එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
ගී පද - සිරිල් ඒ. සීලවිමල

දැන් මතකද චිත්‍රපටියෙන්

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.