Thursday, July 3, 2014

හමුදා මාධ්‍ය ප්‍රකාශක කරුණු හෙළි කරයි

බොදුබල සේනා සමඟ සම්බන්ධ බව ඔප්පු කළොත් තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා

* ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර පතුරනවා
* රජයට මඩ ගැසීම ඔවුන්ගේ අරමුණයි
හමුදා මාධ්‍ය ප්‍රකාශක කරුණු හෙළි කරයි
බොදු බලසේනා සංවිධානයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුග්‍රහය දක්වන බවට ඇතැම් පිරිස් කරන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් රජයට සහ ආරක්ෂක ලේකම්වරයාට මඩ ගැසීමේ අරමුණින් එම ප්‍රචාරය සිදුකරනබව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතදී ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් කරමින් තමා බොදු බලසේනා හෝ වෙනත් කිසිම සංවිධානයකට අනුග්‍රහයක් නොදක්වන අතර එවැනි සබඳතාවක් ඇති බවට යමකු විසින් ඔප්පු කළහොත් තම තනතුරුවලින් ඉල්ලා අස්වීමට පවා සූදානම් බවද ප්‍රකාශ කර ඇති බව බ්‍රිගේඩියර් වනිගසූරිය මහතා පැවසීය.
බොදු බල සේනා සංවිධානය ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහයකින් ක්‍රියාත්මක වෙන බවට ඇතැම් කණ්ඩායම් විසින් වෙබ් අඩෙවි ගණනාවක පළ කර තිබේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බොදුබල සේනා සංවිධානයට අනුග්‍රහය දක්වන බවට අසත්‍ය මතයක් ගොඩනැගීම සඳහා වෙබ්අඩෙවි මගින් ප්‍රචාරය කර ඇති ඡායාරූප...
අලුත්ගම සිද්ධියටද එම කණ්ඩායම ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධතාව ඇති බවට අසත්‍ය තොරතුරු පළ කර ඇත.
ඒ අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ කිරම විමලජෝති හිමියන්ගේ ආරාධනාවකට අනුව “මෙත්සෙවණ” නමින් අධ්‍යාත්මික සුව මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ගත් ඡායාරූප ද වෙබ් අඩෙවිවල පළකර බොදුබල සේනා සංවිධානය ඒ මහතාගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බවට දක්වන මතය ඉන් තහවුරු කිරීමට උත්සාහ කර තිබේ.
බ්‍රිගේඩියර් වනිගසූරිය මහතා ප්‍රකාශ කළේ ජර්මන් ජාතික J.A. kretmeir නමැති පුද්ගලයා විසින් අධ්‍යාත්මික සුව මධ්‍යස්ථානය පරිත්‍යාග කර තිබූ අතර එය විවෘත කිරීමේ අවස්ථාවට ඒ මහතා සහභාගි වූයේ කිරම විමලජෝති හිමිගේ සහ පල්ලත්තර සුමනජෝති හිමිගේ ආරාධනාවක් නිසා බවයි.
එම අවස්ථාවට බොදු බල සේනා සංවිධානයේ හිමිවරුද සහභාගි වී සිට ඇත.
මෙවැනි අධ්‍යාත්මික සුව මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ජර්මන් ජාතික මහතකු දැක්වූ අනුග්‍රහය ගැන එදා එහිදී ප්‍රසංශා කළ ආරක්ෂක ලේකම්වරයා අධ්‍යාත්මික සුවය ලැබීමේ වටිනාකම පිළිබඳවද එම උත්සව සභාව අමතා කතාකරමින් කියා තිබේ.
ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහයෙන් බොදු බල සේනා සංවිධානය ක්‍රියාත්මක නොවන බව පැවසීම තුළින් කිසිසේත් එම සංවිධානය හෙළා දැකීමක් නොවන බවත් මේ රට තුළ විවිධ ආගම්, ජාතීන් විසින් පිහිටුවාගත් සංවිධාන විශාල පිරිසක් ඇත. එම සෑම සංවිධානයකටම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය යටතේ කටයුතු කිරීමේ අදහස් හුවමාරු කිරීමේ අයිතියක් ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය මහතා පවසයි.

http://www.dinamina.lk/2014/07/03/_art.asp?fn=n1407031

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.