Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Monday, June 30, 2014

ඔබ මේ දෑස් දුටුවාද?

ඔබ මේ දෑස් දුටුවාද?

අද්විතිය රණකාමියෙකු වූ මහා ඇලෙක්සැන්ඩරයන් ගැන ඔබ බෙ‍ාහෝ දේ කියවා ඇතිවාට සැක නැත. වයස අවුරුදු තිහක් වන විට, එවකට ලෝකයේ තිබූ විශාලතම අධිරාජ්‍ය ගොඩනගා ගැනීමට සමත් වූ මෙම ප්‍රතාපවත් පුද්ගලයාගේ හැඩරුව පිළිබඳව ‍යම් සේයාවක් ඔබේ සිතෙහි ඇඳී තිබෙනවාද විය හැකිය. එහෙත් ඔහුගේ දෑස දැන් ඔබේ මතකයට නඟාගත හැකිද?
ග්‍රීක ඉතිහාසඥයෙකු වූ ප්ලෙවියස් ඇරියනස් පවසන පරිදි මහා ඇලෙක්සැන්ඩරයන්ගේ එක් ඇසක් අඳුරු රාත්‍රිය මෙන් කළු පැහැයක් ගත් අතර අනෙක් ඇස දහවල් අහස මෙන් නිල් පැහැයක් ගත්තේය. පරිගණකය ඇසුරින් ගොඩනගාගත් තරුණ රූපයේ පෙනෙන පරිදි වර්ණ දෙකකින් යුත් ඔහුගේ දෙනෙත්, මුහුණට යම් ගුප්ත බවක් මෙන්ම ආකර්ෂණීය බවක් ද එකතු කරන්නට ඇත.
එදිනෙදා මගතො‍ෙට්දි හමුවන්නන් අතර මෙවැනි දෑසක් ඔබ දැක නැතත් මිනිසුන්ගේ ඇස්වල පැහැය පුළුල් පරාසයක් තුළ විසිරී ඇති බව ඔබ අත්දැකීමෙන් දන්නා දෙයකි. ඊට හේතුව සමේ වර්ණය මෙන්ම ඇසේ වර්ණය ද ජාන යුගල ගණනාවකින් පාලනය කිරීමයි. කෙසේ වෙතත් ඔබේ නෙත් විවිධ පැහැයෙන් බබළවන්නේ තාරාමණ්ඩලයෙහි (කළු ඉංගිරියාවෙහි) ඇති මෙලනින් ප්‍රමාණය හා එහි ඇති තන්තු තුළ ආලෝකය විසිරීයාමේ රටාවයි.
නිදසුන් වශයෙන් මෙලනින් ප්‍රමාණය අඩුවන විට ඇස නිල් පැහැයක් ගන්නා අතර, මෙලනින් ප්‍රමාණය වැඩිවීමේදී දුඹුරු හෝ කළු පැහැයන් ගනී. මෙලනින් ඇති නොවන අවස්ථා වලදී තාරාමණ්ඩලය රෝස පැහැයෙන් දිස්වේ. තාරාමණ්ඩලයේ කොලැජන් තන්තු ප්‍රමාණය වැඩිවන විට ඇසෙහි ඇතිවන්නේ අළු පැහැයකි.
සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුගේ නෙත් දෙක එකම පැහැය ගත්තත් සමහර සමාජවල ජනගහනයෙන් දහයකින් හය දෙනෙකුට පමණ එකිනෙකට වෙනස් වූ පාට ඇති ඇස් ලැබීමේ සම්භාවිතාවයක් ඇත. ලෝකයේ විසූ ප්‍රකට විද්‍යාඥයින්, ලේඛකයින්, සංගීතඥයින් හා බොහෝ නළු නිළියන්ට මෙවන් දෑස් හිමිව තිබූ අවස්ථාවන් ගැන වාර්තා වී තිබේ. තවත් ඇතැම් විටෙක එකම ඇසේ කළුඉංගිරියාව පාට කිහිපයකින් යුක්තවන අවස්ථාවන් ද ඇත්තේය. අපේ අවධානයට යොමු නොවුණත් මෙවැනි නෙත් ඇත්තන් අප අතර ද සිටිනවා විය හැකිය.
මෙසේ ඇස් දෙකේ තාරාමණ්ඩල එකිනෙකට වෙනස් වර්ණ ගැනීම හෝ එකම තාරාමණ්ඩලය වෙනස් වර්ණවලින් යුක්තවීම හඳුන්වන්නේ විෂමවර්ණකතාවය (Heterochromia) ලෙසය.
මිනිසුන්ගේ මෙය ජාන විකෘතියක් නිසා උපතේ සිටම පැවතිය හැකි අතර, ඇතැම්විට වෙනත් රෝගී තත්ත්වයන් නිසා හෝ හදිසි අනතුරක් නිසා හෝ ජීවිතයේ පසුකාලයේදී ද ඇති විය හැකිය. මේ හැරෙන්නට දීර්ඝ කාලයක් තිස්සේ යම් ඖෂධ වර්ග ඇසට දැමීම නිසා ද කළුඉංගිරියාවේ පාට වෙනස්වීමට ඉඩ ඇත.
සුවිශේෂි රෝගී අවස්ථාවලට හැර සාමාන්‍ය තත්ත්වයේදී නම් විෂම වර්ණකතාවය ඇසේ පෙනීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.
මේ අතර මිනිසුන්ගේ එකම ඇසෙහි කළුඉංගිරියා දෙකක් හෝ එකම කළුඉංගිරියාවේ කනිණිකා දෙකක් හෝ වැඩි ගණනක් පිහිටන අවස්ථා ගැන වාර්තා වී තිබේ. මේවා හුදෙක් අද්භූත ජනක කථාවලට පමණක් සීමාවූ දේ ලෙස සිතුණත්, සැබැවින්ම මිනිසුන්ට ඇති වන මෙම විකෘතිතාවය හඳුන්වන්නේ Polycoria ලෙසයි. නමුත් මෙය ඉතාමත්ම කලාතුරකින් දකින්නට ලැබෙන අක්ෂි අසාමාන්‍යතාවයකි.

Sunday, June 22, 2014

ජගත් පාරසරික චිත්‍ර තරගයේ මුල්තැන විශාඛාවේ කියාරා චෙනුලිට

ජගත් පාරසරික චිත්‍ර තරගයේ මුල්තැන විශාඛාවේ කියාරා චෙනුලිට

එක්සත් ජාතීන්ගේ පාරිසරික ව්‍යාපෘතිය (UNEP) ජපානයේ ගෝලීය සාමය හා පරිසරය සඳහා වන ෆෙඩරේෂණය (FGPF) බෙයර් සමාගම හා නිකෝන් සමාගමෙහි අනුග්‍රාහකත්වයෙන් වර්ෂයක් පාසා පවත්වනු ලබන ජාත්‍යන්තර පාරිසරික ළමා චිත්‍ර තරගයේ ආසියානු ශාන්තිකර කලාපයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට කොළඹ විශාඛා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. කියාරා චෙනුලි පෙරේරා ශිෂ්‍යාව සමත් වී සිටී.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක , අධ්‍යාපන අමාත්‍යාංශයේ යුනෙස්කෝ ශාඛාවේ ලේකම් ජනරාල් ධම්මිකා විජයසිංහ, කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනී සඳමාලී අවිරුප්පොල මහත්ම මහත්මිහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
එම චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්වය හෙට (23) සිට 27 වැනි දා දක්වා කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පාරිසරික මූලස්ථානයේදී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගිවීම සඳහා ජයග්‍රහණය කළ ශිෂ්‍යාව වෙත ගුවන් ටිකට් පත පිරිනැමීම අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අතින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගය සඳහා චිත්‍ර 2500ක් පමණ ඉදිරිපත් කර ඇත. ආසියානු ශාන්තිකර කලාපයේ චිත්‍ර තරගය සඳහා චිත්‍ර 63,700ක් ඉදිරිපත් කර තිබිණි.
මේ සංචාරය සඳහා ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් සංවිධායකයන් විසින් දරණු ලබ අතර මේ ත්‍යාග ප්‍රදානොත්සවයේදී ඇයට අමෙරිකන් ඩොලර් 1000ක ත්‍යාග මුදලක් ද හිමිවේ‍.

http://www.dinamina.lk/2014/06/23/_art.asp?fn=n14062313

බාලදක්ෂිකා සංගමයෙන් ළමා සුරැකුම් සතියක්

බාලදක්ෂිකා සංගමයෙන් ළමා සුරැකුම් සතියක්

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය මඟින් මේ මස 25 වැනි දින සිට ලබන මස 01 දින දක්වා " ළමා සුරැකුම් සතියක් " පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එම සංගමය පවසයි.
නිවසේදී, අසල්වැසි පරිසරයේදී, පාසලේදී ළමයාගේ ආරක්ෂාව, පෝෂණීය ආහාර, ආරක්ෂාකාරී ප්‍රවාහනය, ළමා ආරක්ෂණයේදී මාධ්‍ය වගකීම යන සෑම අංශයක්ම ආවරණය වන පරිදි මේ වැඩසටහන සංවිධාන කර ඇතැයි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් විශාකා තිලකරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ එම සතිය පුරා වැවැත්විමට නියමිත වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ය. බාලදක්ෂිකාවන් විසින් "ළමා රැකවරණය ජාතියේ ප්‍රමුඛ අවශ්‍යතාවකි " යන්න තේමා කර ගනිමින් මේ වැඩසටහන නිර්මාණය කර තිබේ. දරුවන්ට දරා ගත නොහැකි මට්ටමේ අභියෝගවලට වර්තමාන දරුවන් මුහුණ දෙන විවිධ අවස්ථාවන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලොව පුරා අන් සෑම රටකම සිදු වෙමින් පවතී. මේ වසරේ ජූනි මස Inter press වාර්තාවට අනුව දිනකට ළමයින් 3-5 ත් අතර ප්‍රමාණයක් විවිධ අපචාර සහ අපයෝජනයන්ට ලක්වන බව පෙන්වා දී තිබේ.
තවද දිනකට හදිසි අනතුරුවලට ලක්වන ළමයින් ප්‍රමාණයද ඉහළ අගයක් ගන්නා බවත් පෙන්වා දී ඇති ඇය සඳහන් කරයි. එබැවින් මේ ගැටලුව සඳහා මැදහත්වීමට බාලදක්ෂිකාවන් හැර වෙනත් සුදුස්සන් නොවන බව ඔවුහු පවසති. බාලදක්ෂිකා ව්‍යාපාරයේ ශ්‍රී ලංකාව පුරා යාපනයේ සිට මාතර දක්වා ව්‍යාප්තව සිටින 40000 ක් පමණ වන බාලදක්ෂිකාවන්ගේ සහ තරුණියන්ගේ නායකත්ව හැකියාවන් උපයෝගී කර ගනිමින් ළමා රැකවරණය සහ අභියෝගවලින් වැළකී සිටින අයුරු විදහා දක්වමින් මේ වටිනා වැඩසටහන ජාතියට දායක කිරිමට සංගමය සැරසෙන බව තිලකරන්න මහත්මිය පවසයි.
වර්තමානයේ බලදක්ෂිකා ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් පාසල් පද්ධතිය හරහා ක්‍රියාත්මක වන බැවින් මේ වන විට සංගමය 'ප්‍රජා බාලදක්ෂිකා ' කටයුතු හරහා වීථි දරුවන්,අහිගුණ්ඨික ප්‍රජාව සහ අනාථ නිවාසයන්හි වෙසෙන දරුවන් වෙනුවෙන්ද ක්‍රියාත්මකවීම අරඹෘ ඇත. වයස අවුරුදු 05 දැරියන් සිට මේ වන විට සිය ජීවන ගමනේ නවවන දශකය සමරන නායිකාවන්ගෙන්ද අප ව්‍යාපාරය සමන්විත වන බව පැවසේ.
ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනි සුජාතා කුලතුංග,ලෝක මානව අයිතිවාසිකම් උද්දේශකවරිය ආචාර්ය රධිකා කුමාරස්වාමි, අමෙරිකන් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ටීල්, යුනිසෙෆ් ආයතනයේ නියෝජිත උනා මැක්ඒලි, ප්‍රධාන කොමසාරිස්වරිය යශ්මින් රහීම්, චමත්‍යා ප්‍රනාන්දු මහත්ම මහත්මීන් මේ පිළිබඳ අදහස් ඇක්වූ අතර නිලධාරීන් සහ පාසල් සිසුවියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ

ඔහුගේ සුපුරුදු සාවඥ සිනාව පා මෙසේ පිළිතුරු දෙයි.

‘මට ඕනැ වුණේ ප්‍රේක්ෂකයන්ට තේරෙන හැටියට ඇමතීමයි’

- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව හා සාහිත්‍යය පෝෂණය කිරීමට සුවිසල් මෙහෙවරක් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් සිංහල නාට්‍යය පිළිබඳ වංශ කතාවේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වෙන මනමේ නාට්‍යය හා ඔහුගේ සාහිත්‍ය සේවාව පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් ළඟින් ඇසුරු කළ ආචාර්ය සරත් අමුණුගම ලියූ ‘මනමේ මතක් වී’ ග්‍රන්ථයේ දෙවැනි මුද්‍රණයෙන් මේ ලිපිය උපුටා ගැනිණි.
මනමේ මුලින්ම මහනුවර පෙන්වීම සඳහා සරච්චන්ද්‍ර තෝරාගෙන තිබුණේ පුෂ්පදාන විද්‍යාල භූමියේ ඉදිකරන ලද නවතම රංග ශාලාවය. කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ මනමේ මුලින්ම රඟ දැක්වූ අවස්ථාවේ සෙනඟ නොපැමිණි බව සරච්චන්ද්‍ර සඳහන් කර තිබේ. නාඩගමක් බැලීමට බටහිර පන්නයේ ප්‍රේක්ෂකයන් මැළි වන්නේ යැයි ඔහු සමහරවිට නිගමනය කරන්නට ඇති. එමෙන්ම පුෂ්පදාන ශාලාව සිංහල ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූවක් යැයි ඔහුට වැටහුණා විය හැකිය. පුෂ්පදාන ශාලාවේදී මනමේ මුල් වරට බැලීමට සැලකිය යුතු සෙනඟක් පැමිණ සිටියේය. එහෙත් එයින් වැඩි දෙනෙක් පේරාදෙණිය සරසවියේ ගුරුවරුන් මෙන්ම සිසුහු වූහ. මේ වන විට රට තුළ කිසියම් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ “පේරාදෙණි” වැඩක් නැරැඹීමට සරසවි ඇඳුරන් හා සිසුන් පැමිණීම එකල සරසවිය තුළ පැවැති සමඟිය හොඳින් පිළිබිඹු කළේය.
එදා පුෂ්පදාන ශාලාවේ මනමේ නරඹමින් ගත කළ පැය කීපය මගේ ජීවතය සදහටම වෙනස් කළ බව කියන්නේ එවැනි කලා කෘතියකට උපරීම ගෞරවය දැක්වීමටයි. එමඟින් අප රට තුළ නිර්මාණශීලී නූතන සිංහල සංස්කෘතියක් ගොඩ නැඟීමේ හැකියාව මගේ ඇස් පනාපිටම දැක ගත හැකි විය.
සම්ප්‍රදායික සිංහල කාව්‍යයේ - වෙසෙසින්ම සංදේශ කාව්‍යයේ - ඇති වචන පමණක් නොවේ සරච්චන්ද්‍ර භාවිත කළේ, සිංහල ජන කවිය ද ඔහු උපයෝගී කර ගත්තේ ය. මහනුවර හා මාතර සමයේ රචිත කාව්‍යයෙන් ද ඔහු ආභාසය ලැබුවේය. මනමේ නාට්‍යයේ එන “සත් හට සෙත් දෙන” යන ගායනය නාඩගමින් ඒ ලෙසම උපුටා ගත් බව ඔහු ග්‍රන්ථයක සඳහන් කරයි. එහෙත් වැදගත් වන්නේ පොදු වචන යොදා ගැනීම පමණක් නොවේ. “මනමේ” හා “සිංහබාහු” වැනි නාට්‍ය උත්තම ගණයේ දෘශ්‍ය කාව්‍යයන් වන්නේ සරච්චන්ද්‍රගේ වදන් ‍ගැළපීම තුළින් මතු වන ඔහුගේ ප්‍රතිභාව නිසාය.
ඡන්දෝලංකාර කාව්‍ය හා නාටක
සාහිත්‍ය සංගීත පරතෙර දුටුවෙමි.
විද්‍යා සාගරයේ පතුළෙන් ගොඩ ගෙන
අගනා මානික්‍ය පලඳම් සිසු ගෙල
මනමේ නාට්‍යයේ සාර්ථකත්වයට ප්‍රධානතම සාධකය සරච්චන්ද්‍රගේ නිර්මාණ කුසලතාවයි. ඔහු “මනමේ” දෘශ්‍ය කාව්‍යය සකස් කළා පමණක් නොව නාට්‍යයේ නිෂ්පාදක වශයෙන් එහි සෑම අංගයක් කෙරෙහිම ඔහුගේ නිර්මාණාත්මක බුද්ධිය හා රසඥතාව යොමු කළේය. සිය කාර්යය සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය වූ කලාකරුවන් ඔහු එක්තැන් කරගත්තේය. චාල්ස් ද සිල්වා ගුරුන්නාන්සේත්, නාට්‍ය ශිල්පී වසන්ත කුමාරත්, ආචාර්ය සිරි ගුනසිංහත් උපයෝගී කර ගනිමින් සරච්චන්ද්‍ර ඔවුන්ගේ ශිල්ප ඥානය තුළින් නිෂ්පාදනයට උපරීම දායකත්වයක් ලබා ගත්තේ ය. ඒ අතින් බලන විට සරච්චන්ද්‍රගේ මුළු කලා දිවියම “මනමේ” නාට්‍යයට පෙර වදනක් සේ සැලකිය හැකිය.
අප මනමේ නරඹන විට එහි ආකෘතිය මෙන්ම සිද්ධි ගැළපීම සරලව ගලා යන්නක් සේ පෙනෙන්නට පුළුවන. එහෙත් නාට්‍යය ගොඩනගා ඇති අයුරු විස්මයජනකය. එය සැකසුණේ බොහෝ අත්හදා බැලීම් කිරීමෙන් පසුව යි.
පසුබිම් ගායනයේ හා ඇතැම් සින්දුවල ගායනා ක්‍රමය මෙන්ම වචන ද පසුව සරච්චන්ද්‍ර විසින් වෙනස් කරනු ලැබීය. තම නිෂ්පාදනය පිළිබඳව විචාරක අදහස් සමහර විට ඕනෑවටත් වඩා සරච්චන්ද්‍ර සැලකිල්ලට ගත්තේ ය. එකී විචාරයන් අනුව ඔහුගේ නිෂ්පාදනය සංශෝධනය කළේය. දක්ෂ සංගීතඥයන් වූ එච්. එච්. බණ්ඩාර, ජයන්ත අරවින්ද මුණ ගැසුණායින් පසු මනමේ නිෂ්පාදනයේ සින්දු හා සංගීතය වඩාත් නාට්‍යෝචිත කිරීමට සරච්චන්ද්‍ර පියවර ගත්තේය.
දැනුවත්ව හෝ නොදැනුවත්ව සරච්චන්ද්‍රගේ නාට්‍ය කෙරෙහි තාගෝර්ගේ නිෂ්පාදන ශෛලිය බලපෑවේය. .
මනමේ පෙළ හා සංගීතය කලින් කලට වෙනස් වුණා පමණක් නොව සිතාර් වාදකයෙක් හැටියට සරච්චන්ද්‍ර ද “මනමේ” වාදක වෘන්දයට එක් විය.
“පනස් ගණන්වල අග භාගයත් හැට ගණන්වල මුල් භාගයත් පේරාදෙණි සාහිත්‍යය හා කලාවේ වැදගත් ම යුගය සේ සැලකිය හැකි ය. එම යුගය සංකේතවත් කළේ ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යි. ඔහුට පෙරත් පසු වත් අප සරසවිවල දක්ෂ සාහිත්‍යකරුවන් හා කලාකරුවන් සේවය කළ බව සැබෑ ය. එහෙත් කිසියම් වැදගත් අවදියක හෝ ව්‍යාපාරයක්, හෝ එක් පුද්ගලයකු වටා පෙළ ගැසුණා නම් එය සරච්චන්ද්‍ර වටා ගොඩනැඟුණු පේරාදෙණියේ සාහිත්‍ය හා කලාව යි.”
ඒ කාලයේ සරච්චන්ද්‍ර මහතා පදිංචි ව සිටියේ පේරාදෙණිය සරසවි බිමේ රමණීය ම ස්ථානය වශයෙන් සැලකිය හැකි සංඝමිත්තා කන්ද මුදුනේ සාදන ලද කුඩා නිවෙසක ය. එක් අතකින් සංඝමිත්තා ශාලාව ද, මහවැලි ගඟ ද, තවත් අතකින් හිඳගල පාර ද පෙනෙන තෙක් මානයේ පිහිටා තිබූ මේ නිවෙස ඉදිරියේ නිල් තණකොළ පිටියක් විය. යක් බෙරය වයමින් තොවිල් කවි කියන විට හෝ මද්දලය වයමින් චාර්ල්ස් සිල්වා ගුරුන්නාන්සේ නාඩගම් ගී ගයන විට හෝ සංඝමිත්තා ශාලාවේ මානවිකාවන් මහත් කුතුහලයෙන් එහි උඩුමහලේ සිට බලා සිටි හැටි මට තාම මතක ය. එම කාලයේ සෑම සවසක ම පාහේ අපි කීප දෙනෙක් සරච්චන්ද්‍ර මහතාගේ නිවෙසේ එක්තැන් වීම පුරුද්දක් කරගෙන සිටියෙමු. මාත් එම කණ්ඩායමට එක් වුණේ අරුණාචලම් ශාලාවේ විසූ මා මිතුරු එච්. එල්. සෙනෙවිරත්න (දැන් ඔහු ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකි) සරච්චන්ද්‍ර මහතාගේ ඥාති දියණියක වූ ඉන්ද්‍රාණි සමඟ විවාහ ගිවිස ගෙන සිටි බැවිනි. ඒ නිසා සරච්චන්ද්‍ර නිවෙසේ නිතර ම ගැවසෙන්නට අපට ද අවසරය ලැබිණි.
එසේ යන එන අය අතර සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, අමරදේව, ගුණසේන ගලප්පත්ති, එඩ්මන්ඩ් විජේසිංහ හා දයානන්ද ගුණවර්දන ප්‍රධාන තැනක් ගත් බව මට සිහි වේ. කුඩා කොළ පාට ෆොක්ස්වාගන් රථයක් පදවාගෙන යන සරච්චන්ද්‍ර මහතා සරසවි භූමියේ සුපුරුදු දර්ශනයක් විය. ලංකාවට ආනයනය කරන ලද ප්‍රථම ෆොක්ස්වාගන් රථය මිලදී ගත්තේ සරච්චන්ද්‍ර බව එකල විශ්ව විද්‍යාල ප්‍රවාදයක් විය. එතුමා අනුගමනය කරමින් දෝ සිරි ගුනසිංහ හා ගුණදාස අමරසේකර වැනි අයත් වැඩිකල් නොගොස් එම වර්ගයේ ම රථ මිලදී ගත්තෝ ය. මට මතක හැටියට ලංකාව අත්හැර යන තෙක්ම සිරි ගුනසිංහ පරිහරණය කළේ එම වර්ගයේ වාහනයකි.
ඒ කාලයේ අවසර ලැබූ සැම විට ම අපි තොවිල් පවිල් නැරැඹීමට ගොස් ඒවා ගැන සටහන් තබා ගතිමු. වරක් සරච්චන්ද්‍ර මහතාත්, ගණනාථ ඔබේසේකරත්, ඩි. බී. සුරනිමලත්, මාත් හිනිදුම පත්තුවේ රට යකුමක් ගැන සටහන් ලිවීමටත්. ඡායාරූප ගැනීමටත් දෙගොඩ හරියේ දැඟලූ හැටි තව මත් මගේ මතකයේ සටහන් වී තිබේ. ‘සිංහල ගැමි නාටකය’ නමැති ග්‍රන්ථයේ පළවී ඇත්තේ එදා සුරනිමල ගත් ඡායාරූප යි.
පන්ති කාමරය නිසා සරච්චන්ද්‍ර මහතාගේ ආධිපත්‍යයට යටත් නුවූ අපට ඔහු සමඟ වඩාත් සමීප ව ඇසුරු කිරීමට අවස්ථාව ලැබිණි.
හිරු බැස යනවාත් සමඟ ම සරච්චන්ද්‍ර සිය වංග ජන ගායනා හා රවීන්ද්‍ර සංගීත තැටි එළියට ගන්නේ ය. පැයක් දෙකක් අපි ඒ සංගීතයට සවන් දෙමින් සිටිමු. ජපානයෙන් පැමිණි විට ඔහු “කොතෝ” නමැති සංගීත භාණ්ඩය ගෙනාවේය. වංග සංගීත තැටි වෙනුවට සරච්චන්ද්‍රගේ කොතෝ වාදනයට සවන් දීමට අපට අවස්ථාව ලැබිණි. ‘කදා වළලු’ නාට්‍යයේ පසුබිම් සංගීතය සඳහා ඔහු කොතෝවේ හඬ උපයෝගී කරගත්තේ ය. “කච්ඡ පුටෝ මගෙ රන් තලිය දියෝ” යැයි නැ‍ඟෙන සේරිවාණිජගේ අ‍ඳෝනාව උද්දීපනය වන්නේ ඇදුරු තුමා නිර්මාණය කළ කොතෝ වාදනයෙනි.
විශ්ව විද්‍යාලයේ නිර්මාණ පන්තියකදී හෝ වේදිකා නාට්‍යයක් පුහුණු කිරීමේදී හෝ ඔහු අධිපති තත්ත්වයක් ආරූඪ කරගත්තේ නැත. නළුවාට හෝ නිළියට එම චරිතයට පිවිස එය නිරූපණය කිරීමේ නිදහස ඔහු හැම විට ම ලබා දුන්නේ ය. නළුවාගේ හෝ නිළියගේ අර්ථකථනය නමැති මැට්ට ඔහු ක්‍රම ක්‍රමයෙන් තමාට රුචි වෙන ලෙස හසුරුවා ගත්තේ ය. නාට්‍යය ඉදිරිපත් කිරීමේ දී නැටුම, වාදනය, ගායනය, පසුබිම, ඇඳුම් මෝස්තර, හැඩ වැඩ දැමීම ආදිය ගැන ඔහු විශේෂ උනන්දුවක් දැක්වී ය. ඒ සඳහා විශේෂයෙන් යොදා ගැනීමට ඔහු හැම විට ම මහන්සි ගත්තේ ය. චාර්ලිස් ගුරුන්නාන්සේ, සිරි ගුනසිංහ, අමරදේව, බැසිල් මිහිරිපැන්න, වසන්ත කුමාර වැනි අතිදක්ෂ කලාකරුවන්ගේ සහයා ඔහුට නොමඳ ව ලැබිණි.
සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යයන් ඉදිරිපත් කිරීමේ දී ඔහු යොදාගත් සරල බව යුරෝපීය ‘මිනිමලිස්ට්’ සම්ප්‍රදායට නෑකම් කියන්නකි. ජපානයේ ‘නෝ’ සහ ‘කබුකි’ නාට්‍ය ක්‍රම ඔහුගේ සිත් ගත්තේ ඒ හේතුවෙනි. සිරි ගුනසිංහගේ ආභාසයෙන් ඈත් වත් ම සරච්චන්ද්‍ර එක්තරා කඨෝර පසුබිම හා ඇඳුම් නිර්මාණ ක්‍රමයකට යටත් විය. එම ‘අලංකාර’ ක්‍රමය ඔහුගේ නිර්මාණවලට කිසි සේත් ගැළපෙන්නේ නැතැයි මට සිතේ.
මුලින් සරසන ලද ‘මනමේ’ හා ‘සිංහබාහු’ නිෂ්පාදනවල තිබූ ඒ සරල සුගම බව කල් යෑමේ දී අතුරුදන් වීය.
මුනිදාස කුමාරතුංග, සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ වැනි යුග පුරුෂයන්ගේ ගණයට එදිරිවීර සරච්චන්ද්‍රත් අනිවාර්යෙන් ම ඇතුළත් වෙයි. එහෙත් ඔහු බොහෝ දෙනා දැන් පවසන අයුරු අපේ අනන්‍යතාව සොයා ගිය කෙනෙක් නොවේ.
එක් රූපවාහිනී වැඩසටහනක මහාචාර්ය ජේ. බී. දිසානායක සරච්චන්ද්‍ර මහතාගෙන් තමාගේ නාට්‍ය තුළින් දිස් වන ජාතික අනන්‍යතාව ගැන ප්‍රශ්න කරයි. මොහොතකට වයෝවෘද්ධ සරච්චන්ද්‍ර අප ඉස්සර හොඳින් හඳුනන මානව හිතවාදී කලාකරුවා බවට පත් වෙයි. ඔහුගේ සුපුරුදු සාවඥ සිනාව පා මෙසේ පිළිතුරු දෙයි.
“මම නං අනන්‍යතාවක් සෙව්වේ නෑ. මට ඕනෑ වුණේ මගේ ප්‍රේක්ෂකයින්ට ඔවුන්ට තේරෙන හැටියට ඇමතීමටයි.”
ඔහුගේ ගමනේ පිය සටහන් එම ප්‍රකාශය තුළ ගැබ් වී ඇතැයි මට සිතිණි, අවසාන වශයෙන් අපගේ මතකයේ රැ‍ඳෙන්නේ ඔහුගේ සුහදත්වය හා කලාවට ඇති කැපවීම යි.
අවුරුදු අසූ දෙකක් වයස්ගත ජීවිතයේ සැඳෑ සමය පසු කළා වූ කලාකරුවකු අවසාන හුස්ම හෙළන තුරු තමා තෝරාගත් ගමන් ම‍ඟේ ම නොසැලී රැඳී, නිර්මාණයේ ම යෙදීම අප සියලු දෙනා ම විස්මයෙන් පුරවන්නක් නොවේ ද?

මේ පොත් දෙක දෙවිදියක, ඒත් අපූරු පොත් දෙකක්.

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.
ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...
සයිමන් නවගත්තේගමගේ ‘සංසාරණ්‍ය අසබඩ'. මේ පොතේ බොහොම ගැඹුරු දර්ශනයක් දිවෙනවා. අනික ඔහු තමයි ලංකාවේ ප්‍රබන්ධ සාහිත්‍යයට, ගැමි සාහිත්‍යය එකතු ‍කළේ.
ප්‍රබන්ධ නොවන කෘතිය...
මම අතට අහුවෙන පත්තර කෑල්ලෙ ඉඳලා හැම වර්ගයක ම පොත් කියවන කෙනෙක්. ඒ නිසා ‍මගේ තෝරා ගැනීමට සීමාවක් නැහැ. ප්‍රබන්ධ නොවන කෘති කියලා මට විශේෂයක් නැත්තේ ඒ නිසා.
මේ දිනවල ඔබ කියවන්නේ...
මම පොත් දෙකක් කියවනවා. එකක් තමයි, ශ්‍යාම් සෙල්වදොරේගේ ‘ෆනි බෝයි’ මුල් කෘත‍ියෙන් සුගපාල ද සිල්වා පරිවර්තනය කළ ‘අමුතු ඉලන්දාරියා'. අනික තමයි, ගාමිණී වියන්ගොඩගේ ‘මායා බන්ධන'.
මේ පොත් දෙක දෙවිදියක, ඒත් අපූරු පොත් දෙකක්.
කෙනකුට කියවන්න යැයි ඔබ නිර්දේශකරන කෘතීන් තුනක්...
මට එහෙම පොත් තුනකට සීමා වෙන්න බැහැ. අතට අහුවෙන පත්තර කෑල්ලෙ ඉඳලා ලැබෙන හැම පොතක් ම කියවන්න කියලයි මම කියන්නේ. මොකද මමත් එහෙම කියවන කෙනෙක්. හොඳයි නරකයි කියා පොත් වෙන් කරන්නේ නැතිව එහෙම කියවද්දියි, ඒ හොඳ සහ නරක පිළිබඳ වෙනස අත්දකින්නත් පුළුවන් වෙන්නේ.
පොතක ඔබ වඩා වැදගත්කොට සලකන්නේ රචනා ශෛලියද... අන්තර්ගතයද... නැතිනම් අවසානයද...
ඔය කාරණා තුන වගේම ආකෘතියත් මට වැදගත්. ඕනෑ ම පොතක් සාර්ථක වෙන්න නම් ඔය කාරණා සියල්ල සම්පූර්ණ විය යුතුයි. ග්‍රන්ථ ලේඛන කලාවේ නිරත වන සෑම කෙනෙකු ම එය තරයේ සැලකිය යුතු කාරණාවක් ලෙසයි මා දකින්නේ.
ඔබ ළමා කාලයේ කියැවූ හොඳම පොත...
පුෂ්පා රම්ලිනි රත්නායකගේ ‘අම්මා මගේ රත්තරන්'. ඔය පොත කියවද්දි මට
අවුරුදු 10 ක් ඇති. අදත් මතක් වෙද්දි හරිම ආසයි.
ඊටත් පොඩි කාලේ කියවපු පව්ලෝ නම් රුසියානු ලේඛකයාගේ පොතකින් දැදිගම ඒ.වී. රොද්‍රිගූ පරිවර්තනය කළ ‘පිංතූර කතා’ පොතත් මට කවදාවත් අමතක වෙන්නෑ.
ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක පොත් තිබෙනවාද...
අතට අහුවෙන හැම පොතක් ම කියැවීම මගේ පුරුද්ද වුණාට ඉතිහාසය, පුරාවිද්‍යාව මෙන් ම විද්‍යා පොත් කියවන්න මං හුඟක් කැමැතියි.
මෙතෙක් කියැවූ පොත් වලින් ඔබේ ජීවිතයට ලැබුණු දේ...
බෞද්ධයෙක් විදියට ජීවිතය පිළිබඳ ගැඹුරු දර්ශනයක් ලැබුණේ පොත් කියැවීමේ පුරුද්ද නිසා. ඒ විතරක් නෙවෙයි, ජීවිතේ හුදෙකලාව, පාළුව, දුක, තනිකම... වගේ ඔය කොයි හැඟීමෙදිත් මගේ ළඟින් හිටියේ පොතක්. ඒ අතින් පොත් කියන්නේ මගේ ළඟම හිතවතෙක්. මිත්‍රයෙක්, ඥාතියෙක්.
ලෝකය පිළිබඳ අවබෝධය පුළුල් වුණා වගේ ම සන්සුන් මනසකින් ජීවිතය දකින්න පුළුවන් වුණෙත් පොත් කියැවීමේ පුරුද්ද නිසයි.
ඔබට අනුව පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය...
මහගම සේකරයන්ගේ ‘තුංමං හන්දිය'. සේකර ඒ පොත ලියුවේ තමනුත් ඒ පොතේ චරිතයක් බවට පත්වෙමින්. සේකර හොඳ චිත්‍ර ශිල්පියෙක්.
පොත ලියද්දි ඔහුගේ හිතේ මැවුණු චිත්‍රය ඔහු, හරි අපූරුවට සිනමාරූපීව මතු කළා. එහෙම කරන්න පුළුවන් වුණේ, ඔහුම ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ නිසා. පොතෙන් එන දේ ඊටත් වඩා මනරම්ව සහ සාර්ථකව චිත්‍රපටියෙන් අපි දුටුවෙත් ඒ නිසයි.
ඔබ ඉහළින් ම අගයන කතුවරයා...
කුමාරතුංග මුණිදාසයන්. සිංහල සාහිත්‍ය සංස්කෘතිය සහ භාෂාව අභාවයට යමින් තිබූ යුගයෙක පුරාතන පද්‍යයෙන් අපේ සාහිත්‍යයට ප්‍රබෝධයක් ගෙනාවේ ඔහු. පෝෂණය කළේ ඔහු. මේ සියල්ල තරම් වැදගත්, ඔහු සාහිත්‍යයට එක් කළ හර බර ගැඹුර.
ඔබේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...
ධම්ම පදය. අපේ ජීවිත දර්ශනය මෙය විය යුතු යැයි පහදා දෙන ධම්ම පදය මා හඳුන්වන්නේ ‘බෞද්ධයන්ගේ බයිබලය’ ලෙසයි. ජීවිතයට අවශ්‍ය ඕනැම මොහොතක් පිළිබඳ පණිවුඩය එහි තිබෙනවා.
ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...
ලියෝ ටෝල්ස්ටෝයිගේ මුල් කෘතියෙන් සිරිල් සී. පෙරේරා පරිවර්තනය කළ ‘යුද්ධය සහ සාමය'.
ඒ පොත මට නම්, මුළු ලෝකයේ ම මිනිස් ජීවිතවල හරස්කඩක්.

ජාති, ආගම්, කුලබේද මුලින් ම මතුවන්නේ පවුල නමැති කුඩා ඒකකය තුළය.

‘කැලේ ගස’ 24 වැනිදා දොරට වඩී

රාජ්‍ය සම්මාන දිනූ ‘කුමාරිහාමි’ සහ ‘කිරිගෙදර’, ‘නෙරළු උයන’, ‘උරචක්‍රමාලය’, ‘ස්වර්ණ වර්ණ’, ‘රූබර දෝණි’, වැනි ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ ජයකොඩි සෙනෙවිරත්න මහතා ලියූ ‘කැලේ ගස’ අලුත් ම නවකතාව ‍ෙම් මස 24 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාග‍මයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.
ජාති, ආගම්, කුලබේද මුලින් ම මතුවන්නේ පවුල නමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ පෝෂණය ද ලබමින් මේවා සමාජය පුරා විහිදී යයි. මෙය සමාජයේ සාමයට හා සහජීවනයට බෙහෙවින් හානි පමුණුවන බවට අපි අප්‍රමාණ අත්දැකීම් ලබා ඇත්තෙමු. දැනුදු ලබන්නෙමු. ‘කැලේ ගස’ නවකතාවේ පවුල් ඒකකයන් තුළින් මෙම බේද ඉස්මතු වන අයුරු විමසා බලන්නට ජයකොඩි සෙනෙවිරත්න සූරීන් උත්සාහ කොට ඇත.
ජයකොඩි සෙනෙවිරත්න මහතාගේ ‘කැලේ ගස’ නවකතාව එදින විශේෂ අඩු මිලකට පාඨකයන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා පවසයි.


Thursday, June 19, 2014

නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ

නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ

නේපාලය බුදු හිමි උපන් දේශය වුවද එකම හින්දු රාජ්‍ය බවට පත්වීමත් සමඟම මෙහි විසූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නොයෙක් හිරිහැරවලට මුහුණ පෑමට සිදුවිය. නේපාලයේ ථෙරවාද බෞද්ධ තත්ත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සාසන හිතකාමී භික්ෂු පරපුරෙන් නිහඬ සේවයක් සිදු වී ඇත.
1946දී පමණ නේපාල පාලකයෝ ථෙරවාදී භික්ෂුන් එරටින් නෙරපනු ලැබූහ. එවිට මෙරට බෞද්ධ දූත පිරිසක් එහි පාලකයන් හමුවී කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට නේපාල භික්ෂූන්ට සිය මවුබිමේ යළි ධර්ම ප්‍රචාර කටයුතු කිරීමට ඉඩකඩ සැලසිණ. වෙසක් දිනය නිවාඩු දවසක් ලෙස නම් කරනු ලැබුවේ ද නාරද හිමියන්ගේ උනන්දුව නිසාය.
1951 නේපාල ජාතික අග්ගධම්ම භික්ෂූන්වහන්සේ සමඟ නේපාලය බලා වැඩම කළ මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණෝ නේපාල අගනුවරට කත්මන්ඩුවට වැඩම කර ආනන්ද කුටියෙහි ලැගුම් ගත්හ. 1951 ජනවාරි 22 අග්ගධම්ම, විවේකානන්ද යන තෙරණුන් දෙදෙන මහලු පැවිද්දෙහි පිහිටවූහ. මෙම කටයුත්තට උවදැවුවෝ නේපාල ජාතික කර්මශීල මහ ස්ථවරයෝ ය.
නේපාලයේ ලලිත් පුරයට වැඩම කළ මඩිහේ නාහිමියෝ එහි පැවති “යං මංගල විහාර” නමින්වූ පන්සලේ නම සිරි සුමංගල විහාරයයි, වෙනස් කර පන්සල් බිම සඟසතු කර 1951 මාර්තු 4 වෙනිදා මෙහි සීමාවක් සම්මත කළහ. මෙගමනෙහිදී නේපාලයෙහි ත්‍රිභුවන වීර වික්‍රම ගෘහදෙව රජතුමා හමුවූ බවක්ද වාර්තාවෙයි.
1956 අවුරුද්දේ නේපාලයෙහි කත්මණ්ඩු නුවර පැවැත්වුණු බුද්ධ ජයන්ති උත්සවයටද නේපාල ජාතික අමතානන්ද හිමිගේ ඇරියුම පරිදි මඩිහේ මහා නාහිමියෝ වැඩම කළහ. ලක්දිව භික්ෂු සමාජය එක්සත් කිරීමට මඩිහේ නාහිමියෝ නිතර ප්‍රයත්න දැරූහ. එමෙන්ම නේපාලයෙන් නෙරපා හරිනු ලැබූ ථෙරවාදී භික්ෂුන් වහන්සේලා තායිලන්තය, බුරුමය, ලංකාව ආදී කුමන රටක ඉගෙනීම කර ආපසු නේපාලයට වැඩම කළද නේපාල සංඝයා වශයෙන් වාසය කළ යුතු බවට සම්මුතියක් මඩිහේ නාහිමියෝ ඇති කළහ.
නේපාල දේශයෙහි වැඩම කළ භික්ෂූන් වහන්සේගේ පුහුණුවට වජිරාරාමයෙන් නොමද පිටුබලයක් ලැබුණි.
පැලෑනේ නාහිමියන්ගේ සිසු පිරිසට නේපාල් ජාතික භික්ෂූන් කීප නමක්ම ඇතුළත්වූහ. නේපාලී අමතානන්ද, නේපාලී සුබොධානන්ද, නේපාලී විමලානන්ද ආදී හිමිවරු මේ අතර කැපී පෙනෙයි.
අපවත්වී වදාළ ආචාර්ය ලබුදූවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ විසින් ආරම්භ කරන ලද එක් ශාසනික මෙහෙවරක් වූ ධර්මචක්‍ර විද්‍යාපීඨ පශ්චාත් උපාධි ආයතනය වත්මන් නේපාල බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමට ප්‍රබල පදනමක් දැමීය. ධර්ම චක්‍ර විද්‍යාපීඨ ආයතනයේ ඉගෙනීම සඳහා නේපාල ජාතික හිමිනමක් පළමුව වැඩම කළ අතර පසුකලෙක ධර්මචක්‍ර විද්‍යාපීඨයේම ශාඛාවක් වශයෙන් ආරම්භ කළ සාමනේර පුහුණු පාඨමාලාවට මුලින්ම ඇතුළත් කරගන්නා ලද්දේ නේපාල ජාතික සාමනේරවරු පස්නමකි. පොල්ලමුරේ සෝරත නාහිමි නේපාල දේශයේ සිට ධර්මචක්‍ර විද්‍යාපීඨයේ ඉගෙනීමට පැමිණි නේපාලයේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ සමඟ නේපාල දේශයට වැඩම කළ වන්දනාගමනක දී මතුවූ අදහසක් අනුව නේපාලයේ බෞද්ධ පවුල්වලින් තෝරා ගෙනවිත් කුලදරුවන් නේපාල දේශයේදීම පැවිදි කරවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළහ. පසුව නේපාලයේ පැවිදි කළ භික්ෂුන් වහන්සේ ලක්දිවට වැඩම කරවා සුදුසු අධ්‍යාපන ආයතනවලට යොමු කිරී‍ෙම් වැඩ පිළිවෙළක්ද පොල්ලමුරේ ‍සෝරත මහා හිමියෝ ආරම්භ කළහ.
පසුගිය කාලය තුළ වරින්වර ලක්දිවට පැමිණ කොළඹ විදුදය, විද්‍යාලංකාර, මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය මහරගම ධර්මායතනය ආදී විද්‍යාස්ථානවල අධ්‍යාපනය ලද නේපාල ජාතික භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවකි. ශාසනික සේවයද වෙසෙසින් අවධානයට පාත්‍රවිය යුත්තකි.
මෙලෙස සුසීල, ගුණධර වියත් නේපාල ජාතික භික්ෂු පරපුරක් ඇති කොට එරට නූතන බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට මඩිහේ පඤ්ඤාසීහ මාහිමි ඇතුළු ශ්‍රී ලාංකික සඟ පරපුරෙන් ලැබුණ දායකත්වය සුවිශේෂය.
.

Wednesday, June 18, 2014

සාහිත්‍ය ප්‍රශ්න පත්තරය - අනුලා ද සිල්වා

සාහිත්‍ය ප්‍රශ්න පත්තරය

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.
ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...
අනුලා ද සිල්වා
ජයසේන ජයකොඩිගේ ‘පිච්ච මල’ නවකතාව. අවිචාරවත් තරුණියකගේ නොහික්මුණු චර්යාවත් සුපින්වත් බුද්ධ පුත්‍රයකුගේ තිරසාර ගුණ යහපත්කමත් කියැවෙන ‘පිච්චමල’ මගේ හිත තදින්ම ඇද බැඳගත් කෘතියක්.
අද කාලෙ තරුණියන් ජීවිත පාඩම් ඉගෙන ගන්නෙ මට්ටු වුණාට පස්සෙ. නමුත් පිච්චමල කියවන ඕනෑම තරුණියකට පුළුවන් යමක් වෙන්න කලින්, හැඟීම් දැනීම් පාලනය කර යහපත් ජීවිතයක් ගොඩනඟා ගන්න.
ප්‍රබන්ධ නොවන කෘතිය...
පන්සිය පනස් ජාතක පොත. එහි එන චරිත 550 ම එකිනෙකට වෙනස්. ඒ වෙනසම ඇති මට ඒ පොතට කැමැති වෙන්න.
මේ දිනවල ඔබ කියවන්නේ...
මගේම පොතක් වන ‘නව වසර'. තමන්ගේ සැමියාගේ අවජාතක දරුවාට ආදරණීය අම්මෙක් වන ගැහැනියක් ගැන කියැවෙන මේ පරිවර්තන කෘතිය යළි යළිත් කිහිප වරක්ම මුද්‍රණය කළා. නමුත් එහි යම් යම් සංශෝධනයන් සිදුකළ යුතුව තිබෙනවා. ඒ නිසයි, මේ කෘතිය නැවත මා කියවන්නේ.
පර්ල් එස්. බක් ගේ ‘The New Year’ මුල් කෘතිය ඇසුරින් පරිවර්තනය කළ නව වසරට පාඨකයින්ගෙන් තවම තියෙන්නේ හොඳ ඉල්ලුමක්.
කෙනකුට කියවන්න යැයි ඔබ නිර්දේශ කරන කෘතීන් තුනක්...
ගම්පෙරළිය - මේ පොතේ එන චරිත එකක්වත් දඩබ්බර ඒවා නෙවෙයි. බොහෝම සංවේදීයි. ඒ චරිත විකාශය වෙන්නේ සියුම් ලෙස. බොහොම හෙමිහිට. ඒ නිසාම ඒ චරිත පිළිබඳ හුඟක් දේ හිතන්න අපිට වේලාව ලැබෙනවා.
හමුවීම් - වෙන්වීම්, දරා ගැනීම්, වෙනස් වීම් මේ හැම දෙයක්ම ගලා යන්නේ ඉතාමත් සියුම්ව හා සංයමයකින්. ලේඛකයන් හෝ පාඨකයන් වන කවුරුත් ජීවිතයේ එක්වරක් හෝ ගම්පෙරළිය කියවා තිබිය යුතුයි.
ගොලු හදවත - කරුණාසේන ජයලත්ගේ ගොලු හදවතත් කියැවිය යුතුම පොතක්. නිශ්ක්‍රීය චරිතයක් වූ සුගත් ක්‍රම ක්‍රමයෙන් සක්‍රීය වන, වෙනස් වන ස්වභාවය හරි අපූරුවට මෙහි ලියැවී තිබෙනවා. දම්මි හා සුගත්ගේ ඒ පසුකාලීන වෙනස්වීමට මං හුඟක් ප්‍රියයි.
පෙත්සම - ලීල් ගුණසේකර විසින් රචිත පෙත්සමට පසුබිම් වන්නේ නුවර කලාවියේ ජන ජීවිතයයි. මෙය ඉතාම රසවත් කෘතියක්. හොයාගෙන කියවන්න වටිනා පොතක්.
පොතක ඔබ වඩා වැදගත්කොට සලකන්නේ ‍රචනා ශෛලිය ද... අන්තර්ගතය ද... නැතිනම් අවසානය ද...
අන්තර්ගතය ඉතාම වැදගත්. එය දිගටම කියවාගෙන යන්න හිතෙන තරමේ භාෂා ශෛලියක් ඒ තරම්ම වැදගත්. අවසානය මා එතරම් තකන්නේ නැහැ.
ඔබ ළමා කාලයේ කියැවූ හොඳම පොත...
‘Bright Story Readers’ පොත් පෙළ ඇසුරින් ආ ‘Black Tulip'. රතු පැහැ ලස්සන මලක් කළු ටියුලිප් මලක් බවට පත් කරන්න දරන වෑයමක් පිළිබඳවයි ඒ පොත.
අවුරුදු 10 ක ළමා කාලයේ මේ පොත මගේ හිතට තදින්ම කා වැදුණා. අම්බලන්ගොඩ ප්‍රජාපතියේ පුස්තකාලයෙනුයි එය මා කියෙව්වේ. ඒ කාලේ අපිට කියවන්න තිබුණේ ඉංග්‍රීසි පොත් විතරයි.
ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක ග්‍රන්ථ තිබෙනවා ද...
සාහිත්‍ය විචාර, අධ්‍යාපනික, නවකතා, කෙටිකතාවලට ප්‍රියවී සිටි මං, දැන් ආගමික පොතුත් හොය හොයා කියවනවා. ඒක මගේ වයසත් එක්ක සිදුවූ දෙයක් වෙන්න ඕනේ.
මෙතෙක් කියැවූ පොත්වලින් ජීවිතයට ලැබුණු දේ...
මගේ දෙමවුපිය ගුරුවරුන් ගෙන් ඇරුණම ජීවිතයේ ලද හැම දෙයක්ම ලැබුණේ පොත පත නිසායි.
ඉවසීම, උපේක්ෂාව වගේ ජීවිත පාඩම් වගේම පොතක් කියැවීමෙන් නොනැවතී, ඒ චරිත හරහා උකහා ගත් දේ බොහෝමයි. දැනුමත් එක්ක ජීවත්වන ක්‍රමය හඳුනා ගැනීම, ජීවන මාර්ගය තෝරා ගැනීම වගේම අපේ ජීවිත හරි මඟට යොමු වුණේ පොත් නිසා කීවොත් තමයි, වඩා නිවැරැදි.
ඔබට අනුව පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය...
මහගමසේකරයන්ගේ ‘තුංමං හන්දිය.’ තුංමං හන්දිය පොත කියවා තිබූ අපි චිත්‍රපටිය තුළින් දුටුවේත් පොතින් අපිට මැවුණු චිත්ත රූපමයි.
පොතින් විඳපු රසයට කිසිඳු හානියක් නොවී එහෙම චිත්‍රපටියක් හදන්න පුළුවන් වුණේ සමහර විට පොතේ රචකයාම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ නිසා වෙන්න ඇති.
ඔබ ඉහළින්ම අගයන කතුවරයා...
රටක් වෙනස් කළ ලේඛකයකු වන රුසියානු ජාතික ලියෝ ටෝල්ස්ටෝයි. ධනවාදයට, වහල් සේවයට පහර ගැසුවා වගේම ඔහු එරට පෑගුණු ජනතාව අවදි කළේත් සිය පොත්වලින්.
අද එහෙම උදාර අරමුණු ඇතිව පොත් ලියන අය නැහැ. ටිකක් හරි එහෙම ලියු අපේ කෙනෙක් වෙන්නේ පියදාස සිරිසේන මහතා විතරයි. සිංහල බෞද්ධකම රැකගන්නත් සුද්දන් ගෙන් රට බේරා ගන්නත් ඔහු සිය පොත්වලින් වෑයම් දැරුවා.
ඔබේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...
ලියෝ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය.
ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...
ඩොනල්ඩ් වුඩ්ස් ගේ මුල් කෘතියෙන් සුනිල් මාධව ප්‍රේමතිලක පරිවර්තනය කළ ‘හඬනු මැන නිදහස'.

http://www.silumina.lk/2014/06/08/_art.asp?fn=cr1406085

දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක ස්මාර්ට් ස්විච් වෙළෙඳපොළට


ග්ලෝබල් රිසෝර්සස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ නවතම හඳුන්වාදීම වන ස්මාර්ට් ස්වීච් ඕනෑම පොදු දුරස්ථ පාලකයක් මඟින් දැල්වීමට සහ නිවීමට හැකි විදුලි බුබුළු ධාරකයකි (holder). එමෙන්ම, 100% ක්ම ශ්‍රී ලංකාවෙහිම නිපදවා අලෙවි වන පළමු සහ එකම ඉලෙක්ට්‍රොනික විදුලි බුබුළු ධාරකය ද මෙය වේ.
තාක්ෂණ ඉංජිනේරු ශිරන්ක ද සිල්වා ගේ මූලිකත්වය යටතේ නිපදවා ඇති මෙම ස්මාර්ට් ස්වීච්, වර්තමානයේ දිවයින පුරා භාවිත වන, ස්වීච් පැනලය වෙතටම ගොස් නිවිය යුතු ගෘහස්ථ විදුලි බුබුළු ස්වීචයට සුදුසුම ආදේශකය වෙයි. මෙම ස්මාර්ට් ස්වීච් ධාරකයට CFL, LEDහෝ ටන්ස්ටන් ආදි වූ ඕනෑම විදුලි බුබුළක් පහසුවෙන් සවි කිරීමට ද හැකියාව ඇත. එමෙන්ම වොට් 300 ක් දක්වා වූ බලශක්ති මට්ටමෙන් යුත් ඕනෑම ගෘහස්ථ විදුලි උපකරණයන් සමඟින් මෙය භාවිත කිරීමට ද හැකිය.
මෙම ධාරකයේ සංවේදකය නිර්මාණය කර ඇත්තේ පොදු දුරස්ථ පාලකයන් ගෙන් විහිදුවන අධෝරක්තයන් සමඟින් සම්බන්ධ වීමට හැකි වන ලෙසින් වීම මෙම නිර්මාණයේ සුවිශේෂී ලක්ෂණයයි.
මේ ස්මාර්ට් ස්වීච් ඕනෑම ගෘහස්ථ දුරස්ථ පාලකයක් සමඟින් ක්‍රියා කරවා විදුලි බුබුළ දැල්වීමට මෙන්ම නිවීමට ද හැකියාව ඇත. මෙම ස්මාර්ට් ස්වීචය සලසා දී ඇති සුවිශේෂී පහසුව වන්නේ බාධක රහිත විවෘත ස්ථානයකදී මීටර් දහයක වට ප්‍රමාණයක් ඇතුළත ඔබ සිටින ආසනයේ හෝ ඇ‍ඳෙහි සිටම ඕනෑම විදුලි බුබුළක් දැල්වීමට සහ නිවීමට ඇති හැකියාවයි. මෙම ස්මාර්ට් ස්වීච් භාවිත කිරීම ඉතාමත් පහසු කාර්යයක් වන අතර විදුලු බුබුළු ධාරකයට ඕනෑම දුරස්ථ පාලකයක් එල්ල කර එහි ඕනෑම බොත්තමක් එබීමෙන් විදුලි බුබුළ ක්‍රියාත්මක කරවීමට හැකිය.

ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායක සම්මානය මංජුලට

ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායක සම්මානය මංජුලට

චෙරුබියම් ලංකා සමාගමේ, කළමනාකාර අධ්‍යක්ෂ. මංජුල නාරායන මහතා, “2014 - ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායකත්ව සම්මානය” දිනා ගත්තේය. එන්ටප්‍රයිස් ඒසියා ආයතනය විසින් සංවිධානය කරන ලද “2014 - ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායකත්ව සම්මාන උලෙළ” පසුගිය දා කොළඹ දී පැවැත්විණි.
මෙහිදී ආසියා ශාන්තිකර කලාපයේ ව්‍යාපාරික නායකයන්ගේ ව්‍යවසායක හැකියාව නිසි ඇගැයීමට ලක්කර ඔවුන්ට සම්මාන ප්‍රදානය කරයි. මෙම සම්මාන දිනා ගැනීම සඳහා මැලේසියාව, ඉන්දුනීසියාව, බුරුමය, සිංගප්පූරුව, හොංකොං, වියට්නාමය, තායිලන්තය, ඉන්දියාව, චීනය, පිලිපීනය යනාදි රටවල් ගණනාවක ව්‍යාපාරික නායකයෝ තරග කරති.
“මරීනා” වෙළෙඳ නාමය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ද්‍රව්‍ය 40 කට අධික ප්‍රමාණයක් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට හඳුන්වා දී ඇති චෙරුබියම් ලංකා සමාගම NMK  සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි. NMK සමූහ ව්‍යාපාරය එහි සභාපති මංජුල නාරායන මහතාගේ විශිෂ්ට නායකත්වය යටතේ අන්තර්ජාතික තලයට පිය මනින ලද දේශීය ව්‍යාපාරයකි.


http://www.silumina.lk/2014/06/15/_art.asp?fn=aj1406154

Saturday, June 7, 2014

හඬ පරීක්‍ෂණය සදහා ජූනි 13 දිනට පෙර ඉක්මනින් අයදුම් කරන්න.

ශ‍්‍රීලංකාවේ පැරණිතම සහ පරිණතම ගුවන් විදුලි නාට්‍ය ඒකකය හිමි ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ගුවන් විදුලි නාට්‍ය පිලිබද ප‍්‍රායෝගිකව දැනුමක් ලබමින්, ගුවන් විදුලි හඬ නළුවකු ලෙසින් රගපෑමට මෙන්න ඔබටත් මහගු අවස්ථාවක්. 













හඬ පරීක්‍ෂණය සදහා ජූනි 13 දිනට පෙර ඉක්මනින් අයදුම් කරන්න. 

ගුවන් විදුලි නාට්‍යශිල්පි පරීක්‍ෂණය 
පාලක 
නාට්‍ය අංශය 
ගුවන් විදුලි සංස්ථාව 
කොළඹ 07


















අද ගුවන් විදුලිය තුළ එක මසකට නාට්‍ය 17 ක් (බෞද්ධ නාට්‍යය, මහාවංශය, විශ්ව සාහිත්‍යයෙන් ගුවන් විදුලි රඟමඬල ආදී) ප්‍රචාරයට පමුණුවන ජාතික ගුවන් විදුලියේ නාට්‍ය අංශය,
පාලක, වජිර ඉන්දික කරුණාසේන මහතා යටතේ ක්‍රියාත්මක වන්නේ ආදියේ පැවති නාට්‍ය ප්‍රමිතීන් ආරක්‍ෂා කරමින් සිංහල ජාතියේ සාහිත්‍ය සදාචාරයට අනුකූලවය.

අලුත් වෙලත් නෑ වෙනස් වෙලත් නෑ ඒත් පරෙස්සම වැදගත්

ඩෙංගු ඩෙංගුමයි

අලුත් වෙලත් නෑ
වෙනස් වෙලත් නෑ
හැමෝම මිය යන්නේ නෑ
ඒත් පරෙස්සම වැදගත්
 
 විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ. ගමගේ
පවතින වර්ෂාධික තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය වසංගත තත්ත්වයට පත්වෙමින් තිබේ. මේ වන තෙක් නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් සොයා නොගත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වී සිටින්නේ කෙසේ ද? ඩෙංගු රෝගීන් රැක බලාගන්නේ කෙසේ ද? ඩෙංගු රෝගය සැම විටම මාරාන්තික ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.
ඩෙංගු උණ හඳුනාගත හැකි රෝග ලක්ෂණ මොනවා ද?
ඩෙංගු උණ මතු වන්නේ සාමාන්‍යයෙන් වෛරසය ශරීරයට ඇතුළු වී දින පහකට පමණ පසුවයි. බොහෝ විට එය එකවර ඇඟ වෙවුලා මතුවෙන උණක්. සිරුරට පණ නැති ගතිය, තද හිසරදය, ඇස් යට වේදනාව, විශේෂයෙන් ඇස් එහා මෙහා කරන විට හටගන්නා තද වේදනාව, කොන්දෙ කැක්කුම ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි.
ඊට අමතරව රෝගියා පරීක්ෂා කිරීමේ දී සිරුරෙහි වසා ගැටිති ඉදිමී ඇති බවත්, සමෙහි රතු වන් පලු මතු වී ඇති බවත් පෙනේ. පළමුවෙන් අත් පාවල හටගන්නා රතු වන් පලු කඳ ප්‍රදේශයට පැතිර යයි. මුඛය හැර බැලු විට උඩු තල්ලේ රතු පැහැති ලප (Petechiae) ද දැකගත හැකි වෙයි.
දින 3 - 4 කදී උණ බැස යන අතර නැවතත් දිනකින් හෝ දෙකකින් ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. විශේෂයෙන් උණ, හිසරදය සහ රතු පැහැ ලප නැවත මතුවිය හැකියි. ඇඟපතේ දැඩි වේදනාව, ඈලි මෑලි දුබල ගතිය, සහ කිසිවක් කිරීමට එපා වූ ගතිය (Depresion) ඇතිවිය හැකියි.
ඩෙංගු රෝග ලක්ෂණ එදාට වඩා අද වන විට වෙනස් වී ඇතැයි කියන කතාව ඇත්ත ද?
නෑ. ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ එදා මෙන් ම අදටත් සමානයි. එහි වෙනසක් වන්නේ නෑ. සමහර අය ‘දැන් රෝගය අලුත්වෙලා’ ‘වෙනස් වෙලා’ යැයි විවිධ මත ඉදිරිපත් කළත් ඒවායේ විද්‍යාත්මක පදනමක් නෑ. රෝගීන් එවැනි මත නිසා අනවශ්‍ය ලෙස බිය වීම පමණයි සිදු වන්නේ. රෝග ලක්ෂණ නොව රෝග ලක්ෂණ හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂණ නම් වෙනස් විය හැකියි.
ඩෙංගු රක්තපාත උණ ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ඩෙංගු රක්තපාතය ඩෙංගු උණේම තවත් ආකාරයක්. ඒ වගේ ම භයානක තත්ත්වයක්. විවිධ ඩෙංගු වෛරස් ප්‍රභේදයන් ගෙන් ඇති කරවන ඩෙංගු උණ පිට පිටම දෙතුන් වරක් ඇති වීමෙන් ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF) වැලඳීමේ අවදානම වැඩි කුඩා දරුවන්ට සහ ළදරුවන්ට.
ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් ද?
ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී පළමුවෙන්ම උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ මතුවිය හැකියි. පසුව එකවර උණ වැඩිවී හුස්ම ගැනීමේ අපහසුව, වමනය, ඔක්කාරය සහ උදරයේ වේදනාව වැනි තත්ත්ව ද ඇතිවීමට පුළුවන්. දින 6 ක් පමණ යන විට රෝගියා කම්පනයට පත් වී නහයෙන් සහ කනෙන් ලේ ගැලීමත්, සම තුළ ලේ ඉහිරී යාමත්, සිදු වේ.
කෝපි පැහැයට හුරු ලේ වමනය ද ඇති වේ. එම කම්පන තත්ත්වය හඳුන්වන්නේ ‘Dengus Shock Syndrome’ නමින්. රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලිය දුර්වල වීමේ හේතුවෙන් ලේ ගැලීම සිදු වේ. රුධිර ප්ලාස්මාව රුධිර නාළ තුළින් පිටත පටකවලට ගලා යාමෙන් රෝගියා කම්පනයට පත්වී නාඩි දුර්වල වේ. සිරුර සිදුමැලි හෝ නිල්වන් පැහැ ගැනීමට ද පුළුවන්. එවැනි රෝගීන්ගේ අත් පා ශීතල වුවද ක‍ඳෙහි රස්නය රැඳී තිබෙයි.
සමහර ඩෙංගු රක්තපාත රෝගීන්ට නියුමෝනියාව හෝ හෘද පටකයේ ආසාදන (Myocarditis) ද ඇති වේ. ඩෙංගු රක්තපාත උණ නිසා කම්පනයට පත් වූ රෝගීන් මිය යාමට ද පුළුවන්. විශේෂයෙන් අවුරුද්දට අඩු කුඩා දරුවන්ට ඒ අවදානම වැඩියි.
ඩෙංගු රක්තපාත උණ නිසා හට ගන්නා කම්පනයට කළ හැකි ප්‍රතිකාර මොනවා ද?
ඒ සඳහා නිසි ප්‍රතිකාරයක් නැති වීමයි ඇති ප්‍රධානතම ගැටලුව. මේ වයිරසයට විරුද්ධව ක්‍රියා කරන ප්‍රතිජීවක ඖෂධ තවමත් සොයා ගන්නට හැකිවී නැත. ඒ වගේම ඩෙංගු උණ වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණ වැක්සීනයක් ද සොයා ගෙන නැත. වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ එසේත් නැතිනම් වෛද්‍යවරුන්ට කළ හැකි වන්නේ රෝගියා ගේ සිරුරෙන්ම රෝගය සුව වන තුරු ඇතිවන වෙනත් සංකූලතාවලින් ගැලවීමට ප්‍රතිකාර මඟින් උදවු කිරීම පමණයි. ඩෙංගු රෝගයට විශේෂිත ඖෂධ ප්‍රතිකාරයක් නැති නිසා වඩා වැදගත් වන්නේ රෝගය වළක්වා ගැනීමයි.
ඩෙංගු රෝගියෙක් රැක බලා ගත යුතු වන්නේ කෙසේ ද?
ඩෙංගු රෝගියෙක් සඳහා කෙරෙන ප්‍රතිකාරවලදී ප්‍රධාන වශයෙන් කරන්නේ රෝගයට වඩා රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමයි. එවැනි රෝගීන් කිසිඳු ආකාරයකින් හෝ සිරුර වෙහෙස නොකළ යුතුයි. ඇඳ විවේකය අත්‍යවශ්‍යයි. ඒ වගේම කිසිඳු හේතුවක් නිසා හෝ ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ රෝගියාට නොදිය යුතුයි. එමඟින් සිරුරේ රුධිර වහනය වැඩි වී රෝගී තත්ත්වය උත්සන්න විය හැකියි.
ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ මොනවාදැයි සාමාන්‍ය ජනතාවට හඳුනාගත නොහැකියි නේද?
සාමාන්‍යයෙන් වෛරස් උණකට ප්‍රතිකාර ගැනීම සඳහා යන ඩෙංගු යැයි සැක නොකරන රෝගියකුට වුවද වෛද්‍යවරු ඇස්ප්‍රින් අඩංගු ඖෂධ නිර්දේශ නොකරති. ඊට හේතුව ඇස්ප්‍රීන් රුධිරය කැටි ගැසීම අඩු කිරීමයි. ඒ නිසා සාමාන්‍ය වෛරස් උණක් සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගියකු ඖෂධ හඳුනා ගැනීම අවශ්‍යම නොවුණත්, සුදුසු වෛද්‍යවරයකු ගෙන් පමණක් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි.
සාමාන්‍යයෙන් වෛරස් උණ රෝග සඳහා ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ නිර්දේශ නොකෙරුණ ද හෘද රෝගීන්ට එම ඖෂධය නිර්දේශ කෙරෙනවා. එවැනි රෝගියකුට ඩෙංගු ‍රක්තපාත උණ වැලඳුණේ නම් ඖෂධයේ බලපෑම නිසාම රෝග තත්ත්වය උත්සන්න වී මිය යාමට පුළුවන්. ඒ නිසා හෘදයාබාධ රෝගීන් ඩෙංගු රෝගය වැලඳුණේ නම් තමන් ගන්නා ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරයා දැනුම්වත් කිරීම අත්‍යවශ්‍යයි.
උණ සහ වේදනාවට ලබා දෙන පැරසිටමෝල් අඩංගු ඖෂධ ඩෙංගු රෝගීන්ට අහිතකර ද?
උණ සහ වේදනාවට පැරසිටමෝල් ඖෂධ ලබා දීමෙහි වරදක් නෑ. ඒත් නියමිත මාත්‍රාව නියමිත වාර ගණනකට පමණක් ලබා දිය යුතුයි.
පසුගිය දා අවුරුදු 45 ක පමණ කාන්තාවක් ඩෙංගු රෝගය වැලඳී මිය ගියා. එහෙත් ඇය මිය ගියේ රෝගය සුව වූ බවට වෛද්‍ය නිර්දේශය ලැබී රෝහලේ සිට නිවසට පැමිණි පළමු දිනයේමයි. මරණයට හේතුව නිව්මෝනියාව බව පසුව පැහැදිලි කෙරුණා. එසේ වන්නේ ඇයි?
සාමාන්‍යයෙන් ඩෙංගු රෝගියෙක් ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථාවේ දී එම රෝගියා වෙනත් රෝගයකින් පෙළෙනවා ද නැද්ද යන්න විමසා බැලීම වෛද්‍යවරයකුගේ වගකීමක්. ඒ වගේම දක්ෂ වෛද්‍යවරයකුට ඩෙංගු රෝගයත් නිව්මෝනියාවත් වෙන්කර හඳුනා ගැනීමට පුළුවන්. එමෙන් ම ඩෙංගු රෝගියකුට රෝගය සුව වීමෙන් පසුව නිව්මෝනියාව වැලඳීමට වුවද ඉඩකඩ ඇති නිසා රෝගය පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබාදිය යුතුයි.
විශේෂයෙන් ඩෙංගු රෝගීන් බහුල ප්‍රදේශයක කෙනෙක් උණ වැලඳී තමන්ටත් ඩෙංගු යැයි සැක කරමින් රෝහල්ගත විය හැකියි. මෙහිදී රෝගියාට උණ වැලඳී ඇත්තේ වෙනත් රෝගයක් නිසා ද විය හැකියි. රෝගය නිශ්චිතව හඳුනාගෙන ප්‍රතිකාර නොකළේ නම් ඩෙංගු නොවැලඳුණ ද ඇති වූ අනෙක් රෝගය බරපතළ වීමෙන් රෝගියා මිය යා හැකියි. ඒ නිසා ඩෙංගු උණ යැයි ඔප්පු වුවද, නොවූවද රෝගියා ගැන අවධානයෙන් සිටීම වැදගත්.
ඩෙංගු උණ වැලඳී එහෙත් සාමාන්‍ය උණ මිස වෙනත් කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර කෙනෙක් මිය යන්නට පුළුවන් ද?
කිසිසේත්ම නොහැකියි. ඩෙංගු උණ වැලඳුණ කෙනකුගේ එම රෝග ලක්ෂණ පෙන්නුම් නොකර මිය යන්නේ නෑ. එහෙත් සමහර අයට ඩෙංගු රෝගය වැලඳී, ඇතැම් විට නොදැනුම්වත්වම වැලඳී සුව වීමට ද පුළුවන්. අමාරු වන්නේ ඩෙංගු රක්තපාත උණ හෝ කම්පන තත්ත්වයට පත්වූයේ නම් පමණයි.
ඩෙංගු රෝගය සුව වී නිවසට ගිය කෙනෙක් කාලයක් යනතුරු ශරීරය වෙහෙස වීම අහිතකර ද?
ඩෙංගු උණෙන් හැමෝම මිය යන්නේ නැති බව, එනම් එම රෝගය සැම විටම මාරාන්තික වන්නේ නැති බව ජනතාව දැන සිටීම වැදගත්. අනවශ්‍ය ලෙස රෝගයට බිය වීම සුදුසු නොවීම ඊට හේතුවයි. ඩෙංගු උණ රෝගය සුව වූ කෙනෙක් සිරුරට වෙහෙසකර බවක් නොදැනේ නම්, ආහාර අරුචියක් නොවේ නම්, සාමාන්‍ය වැඩපළවල නිරත වීම ප්‍රශ්නයක් නොවේ. ඇඟට පණ නැති ගතියක් දැනේ නම්, විවේක ගැනීම කළ යුතුයි.
ඩෙංගු මදුරුවන් දෂ්ට කරන හැම කෙනෙක් ම රෝගයට ගොදුරු වෙනවා ද?
නෑ. සෞඛ්‍ය සම්පන්න අයට රෝගය වැලඳීමේ අවදානම අඩුයි. ඇතැම් අයට තමන් නොදැනුවත්වම රෝගය වැලඳී සුව අතට හැරෙනවා. විශේෂයෙන් ලේ අඩු, රක්ත හීනතාවයෙන් පෙළෙන අය, මන්ද පෝෂණය ඇති අය වගේම බර අඩු හා නිසි පරිදි ආහාරපාන (පෝෂණ ගුණයෙන් යුතු) නොගන්නා අය රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩියි.
ඩෙංගු රෝගියකුට දිය යුතු ආහාරපාන මොනවා ද?
දිරවීමට පහසු ආහාර ලබාදීම ඉතා වැදගත්. විශේෂයෙන් ඩෙංගු වැනි රෝගවල දී ශරීර ශක්තිය අත්‍යවශ්‍යයි. ඒ නිසා ශක්තිජනක ආහාර ලබාදීම වැදගත්. රෝගියා ආහාර ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් ප්‍රිය කරන, ඉල්ලන ආහාර ලබාදීම වරදක් නොවේ.
ඩෙංගු රෝගීන්ට දියරමය ආහාර, එසේත් නැතිනම් පාන වර්ග වැඩිපුර ලබා දීම සුදුසු ද?
පාන වර්ග වුවද අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා දීම අහතිකර විය හැකියි. අනවශ්‍ය ලෙස පාන වර්ග ලබා දීමෙන් රුධිර නාළවල වතුර එළියට යා හැකියි. එය සුදුසු නොවේ. වතුර බීම සහ මුත්‍රා යාම අධ්‍යයනය කරමින්, (බොන ජල ප්‍රමාණයට අනුව මුත්‍රා පිට වනවා නම්) රෝගියාට පිපාසය දැනෙනවා නම් පාන වර්ග ලබාදීමේ ගැටලුවක් නොවෙයි. එවැනි අවස්ථාවක දී ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලැබීම වැදගත්.
සේලයින් වැඩිපුර දීමත් ඩෙංගු උණ රෝගීන්ට අහිතකර ද?
ඩෙංගු රෝගියෙක් රෝහලට ඇතුළු කළ පසු සේලයින් 5%, ඩෙක්ස්ට්‍රොස් වැනි දේ ලබා දීමට සිදු වෙනවා. එහෙත් නියමිත ප්‍රමාණයන් ගෙන් පමණක් ඒවා ලබා දිය යුතු වන්නේ වැඩිපුර දීම ශරීරයට අහිතකර වන නිසයි. ඒ හැර අධික ලෙස රුධිර වහනය සහ කම්පනයට පත් වී සිටින අයට කල්ගත නොවූ රුධිර ප්ලාස්මාව සහ රුධිර පට්ටිකා සහිත අලුත් රුධිරය ශිරාගත කරනු ලබනවා.
ඩෙංගු රෝගියකුට ගස්ලබු කිරි ලබාදීමෙන් රුධිර පට්ටිකා නැංවිය හැකියි කියන කතාවේ සත්‍යතාවක් තිබෙනවා ද?
එහි විද්‍යාත්මක සත්‍යයක් නෑ.
උණ රෝගියකු ඩෙංගු රෝගියකු බව තීරණය කරන්නේ කෙසේ ද?
රෝගියාගේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා ප්‍රමාණය (Platelet Count) ඝන මි. මි. 100,000 ට අඩු නම් හෝ PCV හෙවත් Pack Cell Volume 10% - 20% ට වඩා වැඩි වූ විට ඩෙංගු උණ වැලඳී ඇතැයි සැක කරනවා.
රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් වයිරසය හෝ වයිරසයට විරුද්ධව රුධිරයේ නිපදවෙන ප්‍රතිදේහ හඳුනාගත හැකියි.
ඩෙංගු උණ වරක් හැදුණොත් නැවත හැදෙන්නට පුළුවන් ද?
ඩෙංගු වයිරස් විශේෂ හතරක් තිබෙනවා. එක් විශේෂයක් නිසා ඇති වූ ආසාදනයෙන් අනෙක් විශේෂ සඳහා ප්‍රතිශක්තියක් ඇති වන්නේ නෑ. එම නිසා රෝගය වැලඳුණ කෙනෙකුට නැවත නැවත ඩෙංගු රෝගය වැලඳිය හැකියි.
රෝගයට ප්‍රතිකාර සෙවීමට වඩා ඩෙංගු වැලඳීමට පෙර වළක්වා ගැනීම වැදගත් බව ඔබ කීවා. ඒ සඳහා ජනතාවගේ කාර්යභාරය කෙබඳු ද?
ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීම සමාජයේ පොදු වගකීමයි. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතුයි. තමන්ගේ නිවස අවට පමණක් පිරිසුදුව තබාගෙන ටින් බෙලෙක්ක, ප්ලාස්ටික් බෝතල් මහ පාරට හෝ අල්ලපු හිස් ඉඩමට ගිහින් දමනවා නම් ඒ තැනැත්තාට වුවද ඩෙංගු මදුරුවාගෙන් බේරී සිටිය නොහැකියි.
වි‍ශේෂයෙන් ඩෙංගු උණ පවතින ප්‍රදේශවල සිටින අය උණක් හටගත් විට ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම ඕනෑම කෙනෙක් ඉහත කී රෝග ලක්ෂණ මතු වන්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත රෝගියා රැගෙන යා යුතුයි.
ramaniksu@yahoo.com
http://silumina.lk/2014/06/08/_art.asp?fn=am1406081

Thursday, June 5, 2014

ගුවන් විදුලි හඬ නළුවකු ලෙසින් රගපෑමට මෙන්න ඔබටත් මහගු අවස්ථාවක්.

ශ‍්‍රීලංකාවේ පැරණිතම සහ පරිණතම ගුවන් විදුලි නාට්‍ය ඒකකය හිමි ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ගුවන් විදුලි නාට්‍ය පිලිබද ප‍්‍රායෝගිකව දැනුමක් ලබමින්, ගුවන් විදුලි හඬ නළුවකු ලෙසින් රගපෑමට මෙන්න ඔබටත් මහගු අවස්ථාවක්. 






හඬ පරීක්‍ෂණය සදහා ජූනි 13 දිනට පෙර ඉක්මනින් අයදුම් කරන්න. 

ගුවන් විදුලි නාට්‍යශිල්පි පරීක්‍ෂණය 
පාලක 
නාට්‍ය අංශය 
ගුවන් විදුලි සංස්ථාව 
කොළඹ 07
අද ගුවන් විදුලිය තුළ එක මසකට නාට්‍ය 17 ක් (බෞද්ධ නාට්‍යය, මහාවංශය, විශ්ව සාහිත්‍යයෙන් ගුවන් විදුලි රඟමඬල ආදී) ප්‍රචාරයට පමුණුවන ජාතික ගුවන් විදුලියේ නාට්‍ය අංශය,
පාලක, වජිර ඉන්දික කරුණාසේන මහතා යටතේ ක්‍රියාත්මක වන්නේ ආදියේ පැවති නාට්‍ය ප්‍රමිතීන් ආරක්‍ෂා කරමින් සිංහල ජාතියේ සාහිත්‍ය සදාචාරයට අනුකූලවය.