Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Tuesday, December 31, 2013

රේඩියෝ සිලෝන් කාලෙත් නිවේදකයන්ට සිංහල පංති තියන්න සිද්ධ වුණා

මං දකුණේ මිනිහෙක්. ගාල්ල මහින්ද විදුහලේ අධ්‍යාපනය හදාළේ. මා හැදුණෙ වැඩුණෙ උපන්නෙ මධ්‍යම පංතික පවුලක. ඒ නිසා ජීවිතය හොඳින් හදාරන්නට, මිනිසුන් ගැන ඉගෙන ගන්නට කුඩා කාලෙදිම මට හැකි වුණා.
මගේ පියාගේ නම ඩී.සී. පණ්ඩිත. මව හේමලතා පණ්ඩිත. පස්සෙ කාලෙ තමයි කොළඹට ආවේ. හැබැයි, යුනිවර්සිටි යනකම් මා හිටියෙ මහින්දෙ. පාසලෙදි ෆුට්බෝල්, කි‍්‍රකට් වැනි කී‍්‍රඩාවලට මට හැකියාවක් තිබුණ. එච්.එස්.සී. විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියාට සමත් වෙලයි සරසවියට ගියෙ.
පුංචි කාලෙ ඉඳන්ම පාලි සංස්කෘත විෂයයන් වලට මං ආසයි. ඒ කාලෙ පේරාදෙණියත් කොළඹත් සරසවි දෙකේම උප කුලපති සර් අයිවන් ජෙනිංග්ස්. මං මේ සරසවි දෙකේම අවුරුදු 4 ක් එම විෂයයන්ම කළා. මට “ෆස්ට් ක්ලාස්” එකක් ලැබුණේ. එනිසා විශ්ව විද්‍යාලයයෙම සහකාර කථිකාචාර්ය තනතුර ලැබුණ. එතකොට මට වයස අවුරුදු 22 යි.
ඔබේ විශ්ව විද්‍යාල ජීවිතයේ හා පාසල් වියේ දඟකාරකම්, සුවිශේෂ සිදුවීම්, මත ගැටුම් අර්බුද වැනි දේ හෙළි කරන්න කැමැත්තක් නැතිව වගේ... ඔහුගේ කරුණු දැක්වීම අතර මම කීමි.
“මට දැන් අවුරුදු 76 ක්. කෙනෙකුට රිදෙන දේ මට හෙළිකරන්න අමාරුයි. දඟකාරකම් නම් මගෙ ජීවිතේ තිබුණෙම නෑ වගේ.” පණ්ඩිත මහතා කීවේය.
“මා පරිපාලන විභාගය කළේ මට අවුරුදු 25 - 26 කාලෙ. ඉහළින්ම සමත්. මුල්ම පත්වීම යාපනයට. සුළු සිවිල් නිලධාරී හැටියට පුහුණුවට මා යන විට යාපනයේ දිසාපතිව සිටියෙ ශී‍්‍ර කාන්ත් මහතා. හින්දු ධර්මය හරියටම රැකි මහත්මයෙක්.
පුහුණුවේ සිටියෙ මාස 3 යි. මාව කැඳෙව්වා කුරුණෑගලට. හේතුව 56 බුද්ධ ජයන්ති උලෙළ මහ ඉහළින් සංවිධානය කිරීමට. මේකට ලෝකය පුරා රජවරු, රැජිනන්, අගමැතිවරු, සංඝරාජවරු සහභාගි කර ගත්තා. 56 කියන්නේ මේ රටේ සංස්කෘතියේ පුනරුද වසර. ආනන්ද ගුරුගේ මහත්මයයි මායි පුදුමාකාර මහන්සියක් දැරුවා 2500 බුද්ධ ජයන්තියට. මෙහි අරමුණ මේ රටේ බෞද්ධ ධර්මය පිළිබඳ තවත් උත්තේජනයක් ඇති කිරීම. මෙහි කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් තිබුණ. බෞද්ධ විශ්ව කෝෂය, සිංහල විශ්ව කෝෂය, ති‍්‍රපිටකය සිංහල පරිවර්තනය කාණ්ඩ වශයෙන් පළ කිරීම දිගුකාලීනව ගත් පියවර. එදා තැබූ මුල් පියවර තමයි දිගින් දිගටම කි‍්‍රයාත්මක වන්නෙ. ඊටත් අමතරව බුද්ධ ජයන්තියේ තවත් වැඩපිළිවෙළ තිබුණ. දළදා මාලිගාවේ ප‍්‍රතිසංස්කරණ කිරීම්, පූජනීය ස්ථානවල බෞද්ධ ස්මාරක රැකීම හා අලුතින් තැනිය යුතු නම් නිර්මාණය කිරීම වගේ දේ.
56 තමයි සංස්කෘතික දෙපාර්තමේන්තුව පිහිටෙව්වෙත්... පණ්ඩිත මහතා තවත් යමක් කීමට පෙර මම එතෙක් මා තුළ ගුලි ගැහී සිටි ප‍්‍රශ්නය මුදා හළෙමි.
නොයෙක් ත්‍යාග, ප‍්‍රසාද, පාක්කුඩම් දී දුගී සිංහල බෞද්ධ ජනතාව වෙනත් ආගම්වලට හරවා ගැනීමේ කූට ප‍්‍රයත්න බුද්ධ ජයන්තිය හරහා තරමක් වැළලී ගිය බව අප අසා තිබෙනවා.
ඒවා තිබුණෙ බොහෝ විට අඩුවෙන්. බුද්ධ ජයන්තිය හරහා නැගුණ බෞද්ධ ප‍්‍රබෝධය අතිවිශාල එකක්. එනිසා ඒවට ලැබුණු ඉඩකඩ මදි. අනෙක බෞද්ධ, කි‍්‍රස්තියානි, හින්දු මේ හැම කෙනෙක්ම බොහොම සහජීවනයෙන් හිටියෙ. හැම මැයි මාසෙකම දැන් බෞද්ධාලෝක මාවත වෙසක් සැරැසිල්ලෙන් හැඩ වෙනවනේ. එක්තරා දේශපාලනඥයකුගේ මැදිහත් වීමෙන් ඒ මාවත වෙනත් ආගමික සැරැසිලිවලින් එක් කාලෙක සරසා තිබුණා. එදා එවැනි වැඩ සිදු වුණේ නෑ.
සංස්කෘතික දෙපාර්තමේන්තුව පිහිටෙව්වම ඒකෙ සහකාර අධ්‍යක්‍ෂ හැටියට මා පත් වුණේ. අධ්‍යක්‍ෂක එම්.එන්. ඩයස්. හැබැයි එතුමාට සිංහල වචනයක්වත් බෑ. ඊළඟට 1957 වසර. සාහිත්‍ය සම්මේලනය පවත්වන්න රජය තීන්දු කරනවා. ඒ සඳහා අප තෝරා ගත්තෙ කෝට්ටේ රජ මහා විහාරය. මේ සාහිත්‍ය සම්මේලනයට එවක තිබුණු හැම මාධ්‍යයක්ම උදව් කළා.
පත්තර මහ ගෙදර ලේක්හවුසිය කළ මෙහෙය අති විශාලයි. ඒ අතරින් ඩී.ආර්. විජයවර්ධන මහත්මයා වගේම පෙරමුණේ තිලක, විමලසිරි පෙරේරා මහත්වරුන් ඉහළ සම්මාදමක් දුන්නා. සාහිත්‍ය සම්මේලනය නිමිත්තෙන් අප “සාහිත්‍යය” නමින් තෛ‍්‍රමාසිකයක් නිකුත්කළා. කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, අහුන්ගල්ලේ කරුණාතිලක මහතා තමයි සම සංස්කාරකවරු.
58 දඹදෙණිය රජ මහා විහාරයෙ තමයි දෙවැනි සාහිත්‍ය සම්මේලනය පවත්වන්න තීන්දු කළේ. මේක සංවිධානය කරන්න මං එහෙට යනකොට පන්සල් වත්තෙ අඩි 2 - 3 ක් උසට තණකොළ වැවිලා. මං මිනිස්සු දාලා ඒවා සුද්ධ කරලා ගම් ප‍්‍රධානයන්, ප‍්‍රභූවරු, විහාරාධිපතිවරුන් කැඳවා මෙය කරන හැටි පිළිබඳ සාකච්ඡා කළා. එතැනදි තිබුණු ප‍්‍රශ්නය තමයි මෙහි වඩින හිමිවරුනට 50,000 ක් පමණ ජනතාව ආහාර ලබාදීම.
පුදුමය ආහාර සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවට සතයක්වත් වියදම් නොවීමයි. ඔක්කොම බාර ගෙන කළේ දඹදෙණියේ ජනතාව. දවස් 2 ක් පැවැති උත්සවය හමාර වන තුරුම සියලු කටයුතු ඉටු වුණෙ ඔවුන් අතින්. හිතුවටත් වඩා සෙනඟක් 50,000 ට අධික ජනතාවක් ඒ උත්සවයට ආවා. මේ අත්දැකීම අනුව 1959 සාහිත්‍ය දිනය 59 සැප්තැම්බර් 17 වැනිදා පවත්වනකොට මා ‘නව පද්‍ය මාලා’ නමින් පොතක් කළා. ඒ කාලෙ කාව්‍යලෝකයේ කීර්තිධර කාගේත් කවි මේ පොතට ගොනු කැරගන්න මට හැකිවුණා. පොත්පත් කියවීමට වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති, බෙදාහැරීමේ නව මං පෙත් ඇති කරන්නත් අපට හැකි වුණා. හොඳ පොතක් බලලා ඒ පොතින් පිටපත් 500 ක් අරගෙන පාසල් පුස්තකාලවලට බෙදා හැරීම දක්වා මේක දියුණු කරලා දෙන්න අපට හැකිවුණා. ඒ කාලෙ පොත් ප‍්‍රකාශනයේ ඉහළ සිටි ගුණසේන සමාගම 30% ක් හෝ 40% ක් අඩු මිලට පොත් විකුණන්න පටන්ගත්තෙ ඒ නිසයි. අනෙක් සමාගම් ද ඒ අනුව කටයුතු කළේ ඉන් පස්සෙයි.
සංස්කෘත සාහිත්‍ය විෂයයෙහි මා දැක්වූ කුසලතාව දුටු රජය කලා හා සෞන්දර්යය පැත්ත නංවන්න යැයි කියා ගුවන් විදුලියෙ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් හැටියට මාව පත්කළා. පිටරට බීබීසී හා සීඕඅයි වැනි ප‍්‍රවෘත්ති සේවා සමඟ කටයුතු කරන්නට අපේ ‘රේඩියෝ සිලෝන්’ එක (එදා ගුවන් විදුලිය හැඳින්වූවේ එහෙමයි) දියුණු කරන්න අභියෝගය බාර ගත්තට අපට සම්පත් මදි.
ගාම්භීරව ප‍්‍රවෘත්ති නොකීම, තොදොල් විහිළු කතාවෙන් පණිවුඩ දීම, සිංහල මරා කතා කිරීම, ගිරා පෝතක නිවේදන එදා තිබුණෙ නැද්ද? මම හදිසියෙන් ඇසුවේ සිංහල බස, සංස්කෘතිය ගැන පුනරුදයක් ඇති කලෙක එසේ වී ඇද්දැයි දැනගනු රිසියෙමි.
“මොකෝ නැත්තෙ, මට තිබුණු විශාල ප‍්‍රශ්නය ඒකයි. අද තරම් දියාරු ඕලාරික තත්ත්වයෙන් නොවේ. ඒත් සිංහල ව්‍යාකරණ මරලා කතා කරනවා. ගත්වහරෙ මෙන්ම කටවහරෙත් ව්‍යාකරණ තිබෙනවනේ. ඕනෑම කතාවක් විසින්...කළේය. කියා නිම කරනවා.
මං සාමාන්‍යයෙන් පරිපාලකවරයෙක් නොකරන දෙයක් මෙතැනැදී කළා. සියලුම නිවේදකයනට, වැඩසටහන් සම්පාදකයනට වෙනම සිංහල පංතියක් පැවැත්වූවා. ගුරුවරයා වුණේ කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර හාමුදුරුවෝ.
ඒ කාලෙ තිබුණෙ සේවයන් දෙකයි. එකක් ස්වදේශිය සේවය. අනෙක වෙළෙඳ සේවය. වෙළෙඳ සේවය කළේ සල්ලි හොයන එකම විතරයි. පවත්නා කලා, සංස්කෘත, නාටය, කවි ගැන කතා කරන්න ස්වදේශීය සේවයේ කාලය මදි.
මං ඒ සඳහා අලුත්ම සේවයක් පටන්ගන්න කල්පනා කළා ‘සන්ධ්‍යා සේවය’නමින්. අදාළ ඉංජිනේරුවා ඒ අදහසට තදින්ම විරුද්ධ වුණා. එයා කීවා ඒක කරන්න බෑ කියලා. සියලු වේලාවන් ගුවන් කාලයට ගන්න ගියාම ට‍්‍රාන්ස්මීටරය පුපුරයි කියා එයා කීවා.
මාත් හිතූ දේ වෙනස් කරන්න කැමැති වුණේ නෑ. ඒ කාලෙ ඡන්ද ප‍්‍රතිඵල දවස් 2 - 3 ක්එක දිගට විකාශය වෙනවා. මා ඇහුවා ඔහුගෙන් ඔබ ඡන්ද කාලෙට ට‍්‍රාන්ස්මීටරය ආරක්‍ෂා කරගන්නෙ කොහොමද? මට අලුත් එකක් සවිකරලා හරි මේ සේවය පටන් ගන්න ඕනෑ කියලා. ඒ වතාවෙ මිනිහා කැමැති වුණා. අපේ ‘සන්ධ්‍යා සේවය’ ජනතාව අතර බොහොම ජනපි‍්‍රය වුණා.
ඊළඟට මාව යැවුවෙ කර්මාන්ත අමාත්‍යාංශයෙ අධ්‍යක්‍ෂ හැටියට. 1966 - 70 අතර මා හිටියෙ එහි. ඕනෑම තැනකට මා ගියාම ඉස්සෙල්ලම වැඩ පටන් ගන්නෙ එහි කාර්යභාරය මැනැවින් තේරුම් ගැනීමෙන් පසුවයි.
පරිපාලකයන් කවදත් සර්වඥයින් යැයි හිතූ සමාජයේ ඔබ එහෙම හිතන එක වැදගත්... මම කීමි. එය පැහැදිලි කරන්නැයි ඔහු මගෙන් ඉල්ලීය. ඔව්, අද විශ්වවිද්‍යාල පරිපාලනයේ ඉන්න කෙනා හෙට තෘණ විද්‍යාව පිළිබඳව ආයතනයක අධ්‍යක්‍ෂ වෙනවා. ඒත්, ඒ පරිපාලකයාට ඒ ක්‍ෂෙත‍්‍රය ගැන අධ්‍යනයක් නෑ. මම කීමි.
ඒක තමයි, මං වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා හොඳින් ඒ ක්‍ෂෙත‍්‍රය හදාරන්නෙ. කර්මාන්ත අමාත්‍යාංශයේ මා විදේශ විනිමය ගැන අපට වාසිදායක යමක් ලබා ගන්න කටයුතු කරමින් ඉන්නකොටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හැටියට යැවුවේ. කොළඹ මහ රෝහලේ ඒ කාලෙ වතුර ප‍්‍රශ්නයක් තිබුණා. වේලාවකට වතුර එනවා. වේලාවකට නෑ. උමතු රෝහලෙත් එහෙමයි. මං මිනිස්සු ගෙන්නලා කොළඹ මහ රෝහලේ විශාල ළිඳක් කැපෙව්වා. ඒකෙන් රෝහලට අවශ්‍ය වතුර ටික ගන්නයි සැලසුම් කළේ.
ටික දවසක් යනකොට ඒ වතුර ප‍්‍රශ්නය ඉවරයි. මෙන්න තවත් ප‍්‍රශ්නයක් ඇවිත්. රෝහලේ සුළු සේවකයෝ රාජකාරි වේලාවෙදි අර ළිඳෙන් නානවලු. දැන් මේක වටේ ළිඳ ළඟ සංගමය වගේ කට්ටිය රැස් වෙන තැනක් වෙලාලු. කෑ කෝ ගැසීම් වැඩිලු. මා ඉතා තදින් පියවර අරන් ඒ වැරැදි වැඩ නැවැත්තුවා.
මහ රෝහලේ වැඩ කරන කාලෙ එක්තරා ප‍්‍රධාන ලිපිකරුවෙක් ගැන පැමිණිල්ලක් ආවා. ඔබ ඇවිටිලිකරන නිසා එවැනි සිද්ධියක් කියන්නම්. මේ මනුස්සයා හොඳ පඩියක් ගන්නවා. වැඩ කරන්නෙ නෑ. හැමදාම ලිපි ගොනු මිනිහා ළඟ අතිශය ප‍්‍රමාදයි. අහිංසක මිනිස්සු අමාරුවේ. මං මිනිහා කැඳවලා කීවා. “තමන්ට නියමිත වැඩ කොටස අවසාන කරන්න. නැත්නම් විනයානුකූල පියවර ගන්න වේවි” කියලා.
මිනිහට අවවාද කරලත් සතියක් ගියා. තවමත් එයා වැඩ නෑ. තවත් තැනක එයා කියා තිබෙනවා මට ආරංචියි “ඕනෑනම් ලොක්කා මාව මාරු කරයි. මං වැඩ කරන්නෙ මෙහෙම තමයි කියලා. ඒක ඇහුවහම නම් මට ටිකක් කේන්ති ආවා.
මම මිනිහව නැවත කැඳවලා කීවා. “තමුන්ව මං මාරු කරන්නෙ නෑ. මෙතැන තියාගෙන කිසිම වැටුප් වර්ධකයක් නොදී අවශ්‍ය වැඩ ප‍්‍රමාණය ඉහළින් නියම කරවලා කර ගන්නවා. කියලා. සතියක් යනකොට අනෙක් ලිපිකරුවන්ටත් වඩා එයා වැඩ කරනවා.
මගේ පරිපාලන සේවය ඒ විදියට අවුරුදු 42 ක් ගෙවුණා. 1979 වෙනකොට මං පේෂකර්ම අමාත්‍යාංශයේ. නෝර්වේ, ස්වීඩන් හා වෙනත් යුරෝපීය රටවලට අපි දේශීය රෙදි යවනවා. ඒත් කෝටා ප‍්‍රශ්නයක් ආවා. අපනයන සීමා කිරීම්. ඒ ඒ රටවල දේශීය කර්මාන්ත රැකගෙනයි අපේ ඒවා ගන්නෙ.
අමෙරිකාවේදි අපේ ‘කෝටා’ ප‍්‍රමාණය ඉහළ ගියා යැයි ප‍්‍රශ්නයක් පැනනැගුණා. මා කීවා අපේ ‘කෝටා’ ප‍්‍රමාණය ඉහළ ගියේ නෑ. අප කළේ පිලිපීන හාඉන්දියාවෙ ප‍්‍රමාණය ලබාදීම පමණයි. ඒකෙන් ඔබේ රටේ නිෂ්පාදනවලට බලපෑමක් නෑ කියලා. ඒ කාලෙ ඉන්දියාවට හා පිලිපීනයට අවශ්‍ය කෝටා දෙන්න බැරි ප‍්‍රශ්නයක් තිබුණා.
මා ඒ සියලු දන්ත සංඛ්‍යාලේඛන අතැතිව හිටි නිසා, ඒ රටවල කෝටා දීමයි අප කළේ කියා බේරුණා. කෙස් පැලෙන තර්ක ගෙනෙන්න ගිය ඒ රටේ නියෝජිතයා වහාම කතාව නතර කළා. මා පේෂකර්ම අමාත්‍යාංශයට යන විට තිබූ අපනයන ප‍්‍රමාණය මිලියන 143 යි. මා ඉවත්වන විට අවුරුදු 10 කින් පසු එය මිලියන 18,000 දක්වා වැඩි කළා.
මේ නිසා ලෝකයේ 50 දෙනකුට පමණක් හිමි එංගලන්තයේ සම්මානයක් මට හිමිවුණා. ඛ්ධථනචදඪදඨ ධට බඩඥ ඊඥයබඪතඥ - ධ්දඵබඪබභබඥ (උ.ම්)ඒ සම්මානය හැඳින්වුවෙ එහෙමයි.
රනිල් මහත්මයා ඉන්න කාලෙ 1989 කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ නැවතත් වැඩ කොටසක් කළා. ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ උපදේශක වරයෙක් වශයෙන් තමයි අවසන් අවුරුද්දෙ හිටියෙ.
මගේ පරිපාලන ජීවිතය නිසා මා ආශා කළ හින්දි බස ඉගෙන ගන්න මට අවස්ථාව නැති වුණා. විශ‍්‍රාම ගියාට පස්සෙ හින්දි බස අවුරුදු 3 ක් තිස්සේ හදාරල දැන් මට හොඳින් හින්දිත් පුළුවන්. මගේ ජීවිතය ආලෝකය කරා මෙහෙය වූ වැදගත් පුද්ගලයෙක් මගේ මාමා. යූ.ඒ. හැන්ඩි වික‍්‍රමසූරිය.
ඒජන්ත මහත්මයෙක් හැටියට කුරුණෑගල හිටිද්දි ඔබට වෙනස් වෙනස් සංස්කෘතික වැඩ කරන්න සිදුවුණා. ඒ කාලෙ පවුල් ආරවුල් විසඳීමේ බලයත් දිසාපතිට තිබුණා. එහෙම එකක් මතක නැද්ද? මම තොරතුරු අතරින් විසිතුරකට යාමට කැමැත්තෙන් අසමි. ඔහු එකඟය.
කුරුණෑගල තිබෙන්නෙත් උඩරට නීතිය. දවසක් දෙන්නෙක් ආවා. එක් දරුවෙක් අම්මගෙ අතේ එල්ලිලා. අනෙක් දරුවා තාත්තගෙ අතේ එල්ලිලා. දෙන්නා බංකු දෙකක දරුවන් දෙන්නත් එක්ක දෙපිලට වාඩි වුණා. දෙන්නම කියන්නෙ වෙන්වෙන්න අවශ්‍යයි කියලයි. මා දන්නා ධර්මයෙන් කියා දුන්නා මේ අහිංසක දරුවන් ගැන හිතන්න කියලා. දෙන්නම කීවා දරුවන් දෙදෙනා දෙන්නා බෙදා ගත්තා. අයින් වෙන්න දෙන්න කියලා. මා කීවා “ඒ අවසරය තවත් සතියකින් දෙනවා. ලබන සිකුරාදා මා හමුවට මේ වෙලාවට එනවා. හැබැයි දෙන්නම හිටපු ගෙදර එකට ඉන්න ඕනෑ කියලා.
ඊළඟ සතියෙ මේ තරුණ දෙමාල්ලො දරුවන් සමඟ ආවා. අනේ සර්, අපට වෙන් වෙන්ට ඕනෑ නෑ. මේ දරු පැටවු ගැන හිතලා අපි සමාදාන වුණා. ඔවුන් කීවා. මේක මට හරිම සතුටු සිද්ධියක්.
මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා. පුතා චිත‍්‍රාල් පණ්ඩිත. ඉංජිනේරුවෙක්. දුව මංජුලා ද සිල්වා. මගේ නෝනා සුධර්මා පණ්ඩිත. කොළඹ බෞද්ධ කාන්තා විදුහලේ හිටපු විදුහල්පතිනිය.
මේ ජීවිත ගමන හරිම සුන්දරයි. සැඳෑ සමය නිකම්ම අපට ආවෙ නෑ. රටට සේවයක් කළා කියලා සතුටුවෙලා අපිට මැරෙන්න පුළුවන්.
වි න්සන්ට් පණ්ඩිත මහතා අපට සමුදෙමින් කීවේ සිත සැහැල්ලු කර ගනිමිනි.