Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Thursday, January 9, 2014

තුලනාත්මක ජනශ්‍රැති අධ්‍යයනයක ප්‍රතිඵලයක්‌ වූ ලංකාවේ ගැමි ජනකතා

තුලනාත්මක ජනශ්‍රැති අධ්‍යයනයක ප්‍රතිඵලයක්‌ වූ ලංකාවේ ගැමි ජනකතා 

සම්මානිත මහාචාර්ය
කේ. එන්. ඕ. ධර්මදාස
ප්‍රධාන කර්තෘ, සිංහල විශ්ව කෝෂය
ප්‍රකාශනය( සීමාසහිත ඇස්‌. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම

ශ්‍රී ලංකාව අසහාය සංස්‌කෘතික උරුමයක්‌ දායාද කොට ගත් දේශයකි. එම සංස්‌කෘතිය තුළ ජනකතා, ජනකවි, ජන යාතුකර්ම ආදී වශයෙන් පුළුල් වූ ජන සංස්‌කෘතිය ලෙස හැඳින්විය හැකි ක්‍ෂේත්‍රයක්‌ වේ. එය සම්භාව්‍ය සාහිත්‍යය, වාස්‌තු විද්‍යාත්මක හා චිත්‍ර මූර්ති ආදී වශයෙන් වන විදග්ධ සංස්‌කෘතිය හා සමග උරින්උර ගැටෙමින් පැවත ආවකි. අපේ විදග්ධ සංස්‌කෘතික උරුමය ගැන මෙන්ම ජන සංස්‌කෘතික උරුමය ගැනද ලොවට හෙළි කිරීමට පුරෝගාමීවූවෝ බ්‍රිතාන්‍ය යටත්විජිත අවධියෙහි මෙහි සේවයට පැමිණි උගත් තරුණ නිලධාරීහුය. එබඳු නම් කීපයක්‌ සඳහන් කළ හොත් අපේ මහාවංසය ලොවට හඳුන්වා දෙමින් එය ඉංග්‍රීසියට පරිවර්තනය කළ ජෝර්ඡ් ටර්නර්, ජයශ්‍රැතිය හා සම්බන්ධ තොරතුරු එක්‌රැස්‌ කරමින් ට්‍රැප්‍රොබේනියන් නම් සඟරාව පළ කළා වූද ජනකාව්‍ය අන්තර්ගත පුස්‌කොළ පොත් දෙදහසක්‌ පමණ සංරක්‍ෂණය කළ හියූ නෙවිල්, ලක්‌දිව පරිපාලන සේවයේ යෙදී සිටියදී බුදුසමය ගැන පැහැදී පාලි භාෂාව මැනවින් හදාරා ආපසු එංගලන්තයට ගිය විට පාලි ග්‍රන්ථ ප්‍රකාශක සංගමය පිහිටුවා ගෙන සමස්‌ත ත්‍රිපිටකය පමණක්‌ නොව අටුවා පවා ඉංගී්‍රසියට පරිවර්තනය කිරීමට පුරෝගාමී වූ රීස්‌ ඩේවිඩ්ස්‌ ආදීහු වෙසෙසින් සඳහන් කළ යුත්තෝ වෙති. ඒ ගණයටම වැටෙන තරුණ නිලධාරියෙක්‌ වූ හෙන්රි පාකර් සිය 24 වැනි වියේදී ලක්‌දිවට පැමිණියේ සිය වෘත්තීය ක්‍ෂේත්‍රය වූ ඉංජිනේරු ශිල්පය අනුව වයඹ, උතුරු මැද හා දකුණු පළාත්වල පුරාණ වාරි කර්මාන්ත පිළිබඳ ගවේෂණයක නිරතවීම පිණිසය. එහෙත් එදා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයන්හි දෙන ලද පුළුල් පුහුණුව නිසා අප ඉහත නම් සඳහන් කළ අයගේ මෙන් මොහුගේ ද අභිලාෂයෝ අතිශයින් පුථුල වූහ. ඒ ඉතිහාසය, පුරාවිද්‍යාව, මානව විද්‍යාව, ජනශ්‍රැති අධ්‍යයනය ආදී ක්‍ෂේත්‍ර කෙරේ විහිද ගියෙන් තම නිල රාජකාරියේ යෙදෙන අතර, ලක්‌දිව ග්‍රාමීය ජනතාව හා සමග ගොඩනඟාගත් සබඳතා ඔහු මෙම ආකර්ෂණීය ක්‍ෂේත්‍ර කෙරේ ද විහිදුවීය. වර්ෂ 1873 දී මෙරටට පැමිණ 31 වසරක්‌ සේවය කිරීමෙන් පසු 1904 දී පෙරළා සිය රටට ගිය පාකර් අතින් විශිෂ්ට ග්‍රන්ථ දෙකක්‌ බිහි වුණි. එකක්‌ නම් ලක්‌දිව පැරණි ඉතිහාසය හා පුරාවිද්‍යාව මෙන්ම ජන ඇදහිලි විශ්වාස ගැනද කෝෂ ග්‍රන්ථයක්‌ බඳු Ancient Ceylon (පුරාතන ලංකාව, 1909) ය. අනෙක වෙළුම් තුනකින් සමන්විත Village Folk Tales of Ceylon (ලංකාවේ ගැමි ජනකතා, 1910) ය.

මෙය දැන් සිංහල පාඨකයන් අතට පත් වී ඇත්තේ ප්‍රවීණ ලේඛක චන්ද්‍ර ශ්‍රී රණසිංහයන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙසටය. මුද්‍රිත පිටු 1500 කින් සමන්විත මෙම වෙළුම් තුන අපේ ජනශ්‍රැති අධ්‍යයනය සඳහා වන අසහාය මූලාශ්‍රයක්‌ බව නොවලහා පැවසිය යුතුය. ලංකාවේ ගැමි ජනකතා පළමු වෙළුම 2011 දී ද දෙවන වෙළුම 2012 දී ද දැන් තුන් වන වෙළුම 2013 දී ද පළ වී ඇත. මෙම තුන්වන වෙළුම විශේෂ වන්නේ " කතුවරයා සහ කතාන්දර පිළිබඳ ලුහුඬු විමසුමක්‌" යනුවෙන් පරිවර්තකයා ඉදිරිපත් කරන සාරගර්භ සමාලෝචන ලිපිය නිසාත්, වෙළුම් තුනටම අයත් අතිරේක සටහන් සහ නිවැරදි කිරීම් ඇතුළත් දීර්ඝ උප ග්‍රන්ථය නිසාත්ය.

පළමුව පාකර්ගේ සුවිශේෂ ශාස්‌ත්‍රීය දායකත්වය වූ අපේ ජනකතා ලෝකයේ තවත් ජනකතා සම්ප්‍රදායයන් හා සමග සසඳා බැලෙන ආකාරය විමසා බලමු. වෙළුම් තුනකින් සහ පිටු 1500 කින් සමන්විත මෙම කෘතියෙහි පාකර් අපේ ජනකතා 374 ක්‌ ඇතුළත් කර තිබේ. එහිදී ඔහු කරන්නේ හුදෙක්‌ කතාව ඉදිරිපත් කිරීම පමණක්‌ නොවේ. එම කතා අන්‍ය සම්ප්‍රදායයන් සමග තුලනාත්මකව සලකා බැලීමක්‌ ද ඔහු සිදු කර ඇත. උදාහරණ වශයෙන්, අංක 183 වන "මිතුරන් කෙට වූ හැටි'' කතාව සලකා බලමු. මෙහි එන්නේ මිතුදමින් වෙලී සිටින සිංහයා සහ ගොනා අතර මිත්‍රභේදයක්‌ කොට ඒ දෙදෙනාටම මරු කැඳවු නරියෙකු පිළිබඳ කතාවකි. එම කතාව ඉදිරිපත් කිරීමෙන් පසු කතුවරයා පළමුව ජාතක කතා පොතේ මීට සමාන කතාව ද එය භාර්හුට්‌හි ස්‌තූපය ආශ්‍රිත කැටයමක නිරූපිත ආකාරය ද දක්‌වා කථාවේ අති පෞරාණික භාවය කෙරේද අප අවධානය යොමු කරවයි. ඉන් පසු සංස්‌කෘත හිතෝපදේශයේ එන ඒ හා සමාන කතාවද, ඈත පෙරදිග කතා ඇතුළත් Sagas from the Far East කෘතියෙහි එම ප්‍රදේශයෙහි ද මීට සමාන කථා ඇතුළත් අයුරු පෙන්වා දෙනු ලැබේ. ටිබැට්‌ රටේ කතාවක එන පරිදි සිද්ධිමාලාව වෙනස්‌ අයුරින් ද දැක්‌ක හැකි බව පෙන්වා දී තිබේ. එනම්, නරියාගේ කේලාම් කීම ගැන උරණ වූ සිංහයා විසින් ඌ මරා දමනු ලැබේ.

තුලනාත්මකව බලන විට විචිත්‍රතාවෙන් යුත් තවත් කතාවක්‌ වන්නේ අංක 225 දරන " ඉටි අස්‌සයා" කතාවය. මෙම දිග කතාවේ වැදගත් සිද්ධිය වන්නේ අභාග්‍ය සම්පන්න හේතුවකින් තම මවගෙන් වෙන්ව හැදුණු වැඩුණු කුමාරයෙක්‌ වැඩිවිය පත් වූ කල ( තම මව බව නොදැන) එම කාන්තාව සමග විවාහ වීමට තැත් දැරීමත් පසුව සත්‍යය හෙළිදරව් වී ප්‍රශ්නය සුබ අයුරින් විසඳී යාමත් පිළිබඳ පුවතකි. කතුවරයා මේ පුවත භාරතයේ " මදන කාම රාජ" කතාව හා සමගත්, කතා කෝෂය කෘතියෙහි එන විද්‍යාධරයෙකු විසින් පැහැර ගෙන ගොස්‌ හදාවඩා ගත් කුමරාගේ කතාවත්, කාශ්මීර ජනකතාවක්‌ වන ඒ අයුරින්ම කුඩා වියේ දී මවගෙන් වෙන්ව වැඩුණු කුමරෙකු මව බැව් නොදැන එම ස්‌ත්‍රීය හා විවාහ වීමට තැත් දැරීමත් යන කතා හා සසඳා තිබේ. මේ අතර එම ඉටි අශ්වයා පිට නැගී දුරු රටකට ගිය කුමාරයාට සිදු වූ තවත් අත්දැකීමක්‌ මේ කතාවේ දැක්‌වේ. එනම් ඔහු ඉටි අශ්වයා පිටේ නැගී දුරුරටකට ගොස්‌ එහි තනි මාළිගයක විසූ කුමරියක්‌ සමග වාසය කරන අතර ඇගේ බර දිනපතා කිරන චාරිත්‍රයක්‌ නිසා ඔවුන්ගේ සහවාසයෙන් කුමරිය ගැබ්බර වූ බව හෙළිදරව් වීමය. ඉටි අශ්වයා කතාවේ ඇති මේ බර කිරීමේ චාරිත්‍රය තේමාව ගත් තවත් කතා කීපයක්‌ මීළගට කතුවරයා විවිධ රටවලින් උපුටා දක්‌වයි. ඉටි අශ්වයා කතාවේ එන අශ්වයා පිට නැගී ඈතට පියාඹා යාමේ තේමාව ගත් කතා කීපයක්‌ ඊළඟට උපුටා දක්‌වා ඇත. පියාඹන අශ්වයන් පිළිබඳ තේමාව පුරාණ ඉන්දු ආර්ය ශිෂ්ටාචාරයේ ඇති ආකාරය සෘග්වේදයෙහි එය සඳහන් වන තැන් කීපයක්‌ මගින් පෙන්වා දී ඇත. ඒ අනුව එම සංකල්පය ක්‍රි. පූ. 3000 පමණ ඈතට විහිදෙන්නක්‌ බව පාකර්ගේ අදහසය. පෞරාණික බැබිලෝනියාවේද පියාඹන අශ්ව සංකල්පය පැවතුණු ආකාරයත් මෙහිදී සඳහන් කරන කතුවරයා එය ඉන්දු ආර්යයන් අතරට එන්නට ඇත්තේ බැබිලෝනියාවෙන් විය හැකි යෑයි ද සඳහන් කොට ඇත.

ඒ ආකාර තුලනාත්මක අධ්‍යයනයක නිරත වන කතුවරයා ජනශ්‍රැති අධ්‍යයනය සඳහා සපයන මූලද්‍රව්‍ය ඉතා අගනේය. ජනකතාවල එන විවිධාකාර තේමා අතර ඇති සමාන අසමානතා හා එකම තේමාවේ විවිධ ස්‌වරූප ආදිය කෙරේ අවධානය යොමු කරමින් මානව ශිෂ්ටාචාරයන්හි විවිධත්වය මධ්‍යයේ දැකිය හැකි පොදු ගුණාංග කෙරෙහිත් ඔහු අප අවධානය යොමු කරවයි. අපට මෙහිදී ඉතා වැදගත් කරුණ නම් හෙන්රි පාකර් මේ ආකාර අභ්‍යාසයක යෙදෙන්නේ ජනශ්‍රැතිය නම් ශාස්‌ත්‍රීය අධ්‍යයන ක්‍ෂේත්‍රය පහළවීමට බොහෝ කලකට පෙරාතුව වීමය.

පාකර්ගේ ලංකාවේ ගැමි ජනකතා කෘතියෙහි තවත් වැදගත් ලක්‍ෂණ කීපයක්‌ ඇත. එකක්‌ නම් එම කතා එකතු කිරීමේ දී ඔහු සමාජ ධුරාවලියේ ඇති කුලභේදය කෙරේ විශේෂ අවධානයක්‌ දක්‌වා තිබීමය. කුල පීඩනය මෙන්ම උසස්‌ පහත් භේදය ඇතැම්විට හාස්‍ය ජනක ආකාරයේ සිද්ධීන්ට තුඩුදුන් ආකාරයද අකුටිලව මේ කතාවලින් පැවසී ඇත. එසේම පාකර් දැන සිටි සමාජයේ " පිටස්‌තරයන්" වශයෙන් ඉන්දීය සම්භවය ඇති " හෙට්‌ටිවරු" සහ " තම්බිලා" ද පෙනී සිටිති. බොහෝ විට ඔවුහු උපහාසයට භාජන වෙයි. ඒ බහුතරයේ අයගෙන් පැවැසෙන කතාවලය. ඒ අතරම සමාජයේ ඇගැයීම් පිළිබඳ සංවේදීතාවක්‌ පාකර් තුළ තිබු බව අශ්ලීල හෝ අසභ්‍ය යෑයි හැඟුණු තැන් ඔහු තම කතාවලට ඇතුළත් කර නොගැනීමෙන් පෙනේ. සමස්‌තයක්‌ වශයෙන් ගත් කල මෙම කතා එකතුව විදග්ධයෙකුගේ නිර්මාණයකි. එය සිංහල පාඨකයන් අතට පත් වීම මහත් භාග්‍යයක්‌ වන්නේ මානව විද්‍යාව, ජනශ්‍රැතිය වැනි විෂයයන් මෙකල අප උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වැදගත් අංග බවට පත්ව ඇති හෙයිනි. කතාන්දරවල යටි අරුතද මැනවින් සකස්‌ කර ගනිමින් මෙබඳු අගනා කෘතියක්‌ සිංහල පාඨකයා හමුවට පත් කිරීමෙන් චන්ද්‍රශ්‍රී රණසිංහ සූරීන් විසින් කර ඇති සේවය බෙහෙවින් අගය කළ යුත්තකි.


http://www.divaina.com/2014/01/09/sarasavi%203.html

මනමේ නාටකය, සංස්‌කෘතික ඉතිහාසය හා සංස්‌කෘතික විචාරය

මනමේ නාටකය, සංස්‌කෘතික ඉතිහාසය හා සංස්‌කෘතික විචාරය

ලියනගේ අමරකීර්ති

මනමේ ප්‍රත්‍යාවලෝකනය නමින් ප්‍රයෝජනවත් කරුණු සහිත ග්‍රන්ථයක්‌ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ පී. බී. ගලහිටියාව යන වියතුන් විසින් සංස්‌කරණය කෙරිණ. මනමේ නම් කලා කෘතියේ පමණක්‌ නොව එම සංස්‌කෘතික වස්‌තුවේ වැදගත්කම වටහා ගැනීමේදී ප්‍රයෝජනවත් වන ලිපි එකතුවක්‌ එහි වෙයි. මනමේ වැනි විශිෂ්ට කලා කෘති හුදෙක්‌ කලා කෘති පමණක්‌ නොව සිංහල සංස්‌කෘතික ඉතිහාසයේ ස්‌ථම්භකයන් වන සංස්‌කෘතික වස්‌තුද වෙයි. මෙම රචනය එම මනමේ ප්‍රත්‍යාවලෝකනය කෘතිය දොරට වැඩිදා මා කළ දේශනය ඇසුරින් සැකසුණකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ නාටකය පිළිබඳ ප්‍රත්‍යවලෝකනයක යෙදෙන විට ප්‍රවේශ කිහිපයක්‌ ගත හැකිය. මෙහිදී මා ගන්නේ සංස්‌කෘතික විචාරකයාගේ ප්‍රවේශයයි. මනමේ නම් සංස්‌කෘතික වස්‌තුව විසි එක්‌ වැනි සිය වස සඳහා අලුතින් වටහා ගන්නේ කෙසේද? එහි එන තේමාත්මක හරයත්, ඒ කෘතිය නිර්මාණය වූ ඓතිහාසික පසුබිමත් ඇසුරින් වර්තමානයේ අපට ඉගෙනගැනීමට ඇති දේ මොනවාද යන ප්‍රශ්න අප විසින් අලුතින් සිතා බැලිය යුතුය.

මනමේ නාට්‍ය ඇතුළු සරච්චන්ද්‍රගේ නාට්‍ය කලාව ගැන කතා කරන විට බොහෝ දෙනෙක්‌ එහි භාෂා විශිෂ්ටතාව ආදිය ගැන කතා කරති. මෑත ඉතිහාසයේ අපට සිටි වදනිසුරු බවින් අගතැන්පත් ලේඛකයෙකු වන ඔහුගේ කලාව ගැන කතා කරන විට ඔහුගේ කවීත්වය ගැන කතා නොකර බැරිය. එහෙත් මේ රචනයේදී මා ඒ අංශය ගැන කතා කරන්නේ මඳ වශයෙනි. සිංහල කාව්‍ය සම්ප්‍රදාය නම් කෘතියේදී ගුණදාස අමරසේකර විසින් සරච්චන්ද්‍ර හැඳින්වෙන්නේ විසි වැනි සියවසේ සිටි විශිෂ්ටතම කවියෙකු වශයෙනි. එය ඒත්තු යන තර්කයකි. කිසිම කවි පොතක්‌ නොලියූ සරච්චන්ද්‍රයන්ට විශිෂ්ට කවියෙකු වන අමරසේකර විසින් පිදෙන එම ගෞරවය අප විසින්ද පුදනු ලැබිය යුතුය. එහිලා මෙම රචනයේදී මම තරමක්‌ වෙනස්‌ ප්‍රවේශයක්‌ ගනිමි.

සංස්‌කෘතිය හා කලාව

ඕනෑම යුගයක විශිෂ්ට කලාව ඒ කෘතිය පහළ වන සංස්‌කෘතිය සම්බන්ධයෙන් ප්‍රවේශ දෙකක්‌ ගත යුතුය. එකක්‌ නම් සංස්‌කෘතික සංරක්‌ෂණයයි. අනෙක සංස්‌කෘතික සංස්‌කරණයයි. මනමේ නාටකය මේ කාරණය සම්බන්ධයෙන් විශිෂ්ට නිදර්ශනයකි.

එය සංස්‌කෘතික සංරක්‌ෂණය කරන්නේ කෙසේද? එය ආකාර කිහිපයකින් සිදු වේ. මනමේ නාටකයකට විෂය වන්නේ ජාතක කතාවකි. එය චුල්ලධනුද්ධර ජාතකය නම් වේ. එමගින් සරච්චන්ද්‍ර ජාතක කතාව නම් සංස්‌කෘතික උරුමය සංරක්‌ෂණය කරයි. එනම් ජාතක කතාව විසිවැනි සියවස කරා ගෙනැවිත් ඊට නව අදාළත්වයක්‌ ලබා දෙයි. ජාතක කතාව අලුත් යුගයක්‌ වෙත කතා කරවයි. ජාතක කතාව නම් ශානරය (genre) තුළ අඩංගු වන අර්ථමය හා ආඛ්‍යානමය විභවතා අලුත් පරම්පරාවක්‌ වෙත විවෘත කරයි. එමගින් අපේ සංස්‌කෘතියේ වැදගත් උරුමයක්‌ වන ජාතක සාහිත්‍යය සංසරක්‌ෂණය කරයි. විශිෂ්ට කවියෙකු වන සරච්චන්ද්‍ර සිය නාට්‍ය සඳහා ජාතක කතා පදනම් කර නොගත්තේ යෑයි මොහොතකට සිතන්න. එසේ වී නම් ජාතක කතාව නම් සාහිත්‍යයට අපේ නූතන සාහිත්‍ය ඉතිහාසය තුළ හිමි වන වැදගත්කම කෙසේ වෙනු ඇද්ද? මට නම් සිතෙන්නේ සරච්චන්ද්‍ර නිසා සිංහල ජාතක කතාවට නව වැදගත්කමක්‌ ලැබුණ බවයි. යම් පැරණි යුගයකට සාහිත්‍ය ශානරයකට නව යුගයකදී නව වැදගත්කමක්‌ ලැබීමට නම් ඒ අලුත් යුගයේ සිටින විශිෂ්ටතම කලාකරුවන් ඒ පැරණි ශානරය උරුම කර ගත යුතුය. සිංහල ජාතක කතාවට සරච්චන්ද්‍ර වෙසින් මුණ ගැසෙන්නේ විසි වෙනි සියවසේ විශිෂ්ටතම සාහිත්‍යකරුවෙකි. ඒ අතින් සරච්චන්ද්‍ර ජාතක කතාවට කළ මෙහෙය සදාතනික එකකි.

කෝට්‌ටේ කවි බස

ජාතක කතාවට අමතරව සරච්චන්ද්‍ර විසින් සිංහලයේ එක කාව්‍ය භාෂා ධාරාවකටද විසි වැනි සියවසේදී නව අදාළත්වයක්‌ දෙයි. ශ්‍රී රාහුල හිමියන්ගේ කවි බස හා කවි යෙදුම් එහෙම පිටින්ම පාහේ සරච්චන්ද්‍රගේ නාට්‍යවල එන බව ප්‍රකට කරුණකි. සැලළිහිණියේ එන ඇතැම් යෙදුම් (ලප නොමවන් සඳ") මනමේ නාටකයෙහි එලෙසින්ම දැකිය හැකිය. ශ්‍රී රාහුල හිමිගේ වචන පමණක්‌ නොව රූපකාර්ථවත් යෙදුම්ද සරච්චන්ද්‍ර අලුත් අර්ථදීම සඳහා භාවිත කරයි. එමගින් ඔහු කෝට්‌ටේ යුගයේ කවි බසට විසි වැනි සියවසේදී නව අදාළත්වයක්‌ දෙයි. මේ වූකලී සංස්‌කෘතික සංරක්‌ෂණයකි. විශිෂ්ට කලාකරුවන් සංස්‌කෘතිය රකින්නේ නව සංස්‌කෘතියක්‌ නිර්මාණයේලා පැරණි සංස්‌කෘතික උරුමය භාවිතයෙනි. එමගින් අර සංස්‌කෘතික උරුමයට නව මුවහතක්‌ද ලැබේ.

එසේම "නාඩගම" නම් ගැමි නාටක විශේෂයද සරච්චන්ද්‍ර ඉතා නිර්මාණශීලී ලෙස විසි වෙනි සියවස කරා ගෙන එයි. එමගින් නාඩගම නම් නාට්‍ය විශේෂයද නාඩගම් සංගීතයද අපේ යුගය වෙත එයි. ශ්‍රී රාහුල හිමිගේ කවි බසත් ගැමි නාටක විශේෂයක්‌ වන නාඩගමත් විසි වෙනි සියවසේදී විශිෂ්ට කලාවක්‌ නිර්මාණයට දායක කරගන්නා නිසා සරච්චන්ද්‍ර අතින් විදග්ධ සාහිත්‍ය සම්ප්‍රදාය සේම ජනකලා සම්ප්‍රදායත් විසි වෙනි සියවසේදී සංරක්‌ෂණය වේ. මේ වූකලි කලාකරුවෙකුට තමන්ගේ සංස්‌කෘතිය සම්බන්ධයෙන් දැක්‌විය හැකි හොඳම ප්‍රතිචාරයයි.

සංස්‌කෘතික සංස්‌කරණය

විශිෂ්ට කලාව ඒ කලාව බිහි වන සංස්‌කෘතිය සංස්‌කරණය කරන්නටද දායක වේ. එය සිදුවන්නේ කෙසේද? මනමේ නාටකයට ජාතක කතාවක්‌ විෂය කරගත්තද සරච්චන්ද්‍ර ඒ ජාතක කතාවේ හරයෙහි එන එක වැදගත් අංගයක්‌ ප්‍රශ්න කරයි. ජාතක කතාව වූකලි ස්‌ත්‍රිය යනු ස්‌වභාවයෙන්ම පාපයට නැඹුරු කෙනෙකිය යන දෘෂ්ටිවාදය දරන්නකි. සරච්චන්ද්‍රයෝ මේ දෘෂ්ටිවාදය ප්‍රතික්‌ෂේප කරති. මනමේ නාටකයේ එන හැටියට මනමේ කුමරිය වැද්දා ඝාතනය කිsරීමට කඩුව නොදෙන්නේ ඇය වැද්දා කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්‌ත වන නිසා නොවේ. ඇය කරන්නේ ආචාරධාර්මික තර්කනයකි. හොඳ-නරක විනිශ්චයකි. තම ගෝලයන් ලවා මනමේ කුමරා පහසුවෙන්ම ඝාතනය කර දමන්නට හැකියාව තිබියදී වැදි නායකයා තනියම සටනට එළඹුණේ යුද වැදීම හා සටන් කලාව පිළිබඳ නිශ්චිත ආචාරධර්ම පද්ධතියක ඔහු පිහිටා සිටින හෙයිනි. ඔහු සතුරා අත්අඩංගුවට ගෙන වධදී මරා නොදමයි. ඒ නිසා ඔහු ශිෂ්ට නායකයෙකි. වනාන්තරයේ සිටියත් ඔහු රකින මේ ආචාරධර්ම පද්ධතිය මනමේ කුමරියගේ ප්‍රසාදයට හේතු වේ. ඇය සිය සැමියාට පෙන්වා දෙන්නට තැත් කරන්නේ වැද්දාගේ ආචාරධාර්මික බවයිs.

එහෙත් ස්‌ත්‍රිය යනු පිරිමි දෘෂ්ටිවාදයම පුනරුච්චාරණය කරන කෙනෙකු මිස තමාගේම ස්‌වාධීනත්වය හා ස්‌වච්ඡන්දතාව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති කෙනෙකු හැටියට මනමේ කුමරාට නොපෙනේ. ඔහු හැදී වැඩී ඇති දෘෂ්ටිවාදී ලෝකයත් ඔහු විසින් අන්තරීකරණය කරගෙන ඇති දෘෂ්ටිවාදත් නිසා මනමේ කුමරාට කුමරියගේ ප්‍රකාශය ආචාරධාර්මික තර්කනයක්‌ ලෙස වටහා ගත නොහැකිය. ඔහුට එහිලා ඇති එකම විවරණය ස්‌ත්‍රිය ස්‌වභාවයෙන්ම චපලය යන ගතානුගතික තර්කනය පමණය. මනෙම කුමරා පමණක්‌ නොව විසි වෙනි සියවසේ මැද ලංකාවේ විසූ පිරිමින් වැඩිදෙනෙකුද මෙවැනි දෘෂ්ටිවාදය අඩුවැඩි වශයෙන් අන්තරීකරණය කරගෙන සිටියේ යෑයි අනුමාන කළ හැකිය. ලෝක ස්‌ත්‍රීවාදී ව්‍යාපාරය නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවලට කරන ලද යහපත් එකතු කිරීම් අනන්තය. ඒවා නොදන්නා අල්පශ්‍රැතයෝ ස්‌ත්‍රීවාදය යන වචනයට පවා ගරහති. ඒ නිසා සරච්චන්ද්‍ර සිය මනමේ කුමරිය පිරිමියාගේ ඕනෑම දෘෂ්ටිවාදයක සුවච කීකරු සේවිකාවක නොකර තමාගේම වූ අදහස්‌ දරන්නියක බවට පත් කිරීම ප්‍රගතිශීලී කාර්යයකි. සරච්චන්ද්‍රගේ මනමේ කුමාරිය යනු කාරක ශක්‌තිය ඇත්තියකි. ඇය තමාම ක්‍රියා කරන්නියකි. බලගතු පිරිමින් අනුකරණය කරන්නියක නොවේ. තමාගේම ස්‌වච්ඡන්දතාව ක්‍රියාවට නගන්නියකි.

තම සංස්‌කෘතියෙන් ගත් ජාතක කතාවේ අන්තර්ගත ගතානුගතික දෘෂ්ටිවාදය මෙසේ ප්‍රශ්න කිරීම ඒ සංස්‌කෘතිය සංස්‌කරණය කිරීමකි. සංස්‌කෘතිය යනු එසේ සංස්‌කරණයෙන් වැඩෙන්නකි. යම් යුගයක විශිෂ්ට කලාකරුවෝ ඒ සංස්‌කෘතික සංස්‌කරණයට හෙවත් සංස්‌කෘතිය අලුතින් නිර්මාණයට දායක වෙති. විශිෂ්ට කලාව සංස්‌කෘතික සංරක්‌ෂණය සහ සංස්‌කෘතික සංස්‌කරණය යන කාර්යන් දෙකම එකවර කරයි. මෙකල ප්‍රධාන ධාරාවේ කලාකරුවන් කරන්නේ සංස්‌කෘතිය යෑයි තමන් හඳුනාගන්නා දේ සංරක්‌ෂණය පමණය. ඒ අය සරච්චන්ද්‍රගේ කලාවෙන් උගත යුතු වැදගත්ම පාඩම නූගත් චූල කලාකරුවෝ වෙති.

ස්‌ත්‍රිය සහ ද්‍රව්‍යකරණය

විසි වැනි සියවසේ මුලදී ලංකාවේ ලියවෙන හා නිෂ්පාදනය වන මනමේ නාටකය ස්‌ත්‍රිය සහ නූතන සමාජය පිළිබඳ ලෝක ව්‍යාප්ත නූතන කතිකාවෙන් ආභාසය ලැබූ බව අපට පෙනේ. ජාතක කතාව නාට්‍යයක්‌ බවට පත් කිරීමේදී සරච්ච්න්ද්‍ර ලිබරල් මානවවාදී චින්තනයෙන් ආභාසය ලැබූ බව පෙනේ. එය න්‍යායිකව මානවවාදී දර්ශනයෙන් ආභාසය ලැබීමක්‌ද එකල ප්‍රකටව පැවැති ලෝක කලාව ඔස්‌සේ ඔහු වෙත සම්ප්‍රේෂණය වූ අවබෝධයක්‌ද යන්න නිශ්චිතව කිව නොහැකිය. එහෙත් ස්‌ත්‍රිය සහ නූතනත්වය පිළිබඳ හෙන්රික්‌ ඉබ්සන් වැනි නාට්‍යකරුවන් කළ නිර්මාණද යුරෝපීය විශිෂ්ට නවකතාවද ඔස්‌සේ සරච්චන්ද්‍ර මේ චින්තනය උරා ගත්තේය. ඉබ්සන්ගේ සෙල්ලම් ගෙයහි නෝරාත් මනමේ කුමරියත් යනු එකම අන්දමේ නූතන සංවේදීතා ප්‍රකාශ කරන සාහිත්යික සහෝදරියෝ වෙති. ඇනා කැරනිනා, එමා බොවාරි ආදී ප්‍රකට ප්‍රබන්ධ චරිතයෝ මනමේ කුමරියගේ ඥාති සහෝදරියෝ වෙති. නැතෑනියෙල් හෝර්තෝන්ගේ 'ස්‌කාලට්‌ ලෙටර්' නවකතාවේ හෙස්‌ටර් ප්‍රයින්, සෝරා නීල් හර්ස්‌ටන්ගේ 'දෙයා අයිස්‌ වර් වොචින් ගොඩ්' නවකතාවේ ජැනී ක්‍රෝෙෆdaර්ඩ්, හාපර් ලීගේ 'ටු කිල් අ මොකින් බර්ඩ්' නවකතාවේ ස්‌කවුට්‌ වැනි ප්‍රබන්ධමය ස්‌ත්‍රී චරිතද මනමේ කුමරියගේම ඥාති සහෝදරියෝ හෝ ගමන් සගයෝ වෙතියි මට සිතේ.

ස්‌ත්‍රිය පිරිමි දෘෂ්ටිවාද ඉදිරියේ හුදු ද්‍රව්‍යයක්‌ සේ මිස මනුෂ්‍යයෙකු නොවන සේ සැලකීම ද්‍රව්‍යකරණය යෑයි හඳුන්වමු. ස්‌ත්‍රිය ද්‍රව්‍යකරණය වන සැටි නොඑසේ නම් කාරක ශක්‌තියක්‌ නැති කෙනෙකු සේ සලකනු ලබන සැටි මනමේ නාටකයේ පිරිමි චරිත සියල්ලම මනමේ කුමරියට සලකන සැටියෙන් අඩු වැඩි වශයෙන් පෙනේ. එය වඩාත් අශිෂ්ට ලෙස පෙනෙන්නේ වැදි රජු කියන කියමනකිනි. "තාගේ අඹුව මෙහි නවත්වා වහා මෙතනින් යන්නට සැරසෙව"යි ඔහු කියයි. ස්‌ත්‍රිය යනු ඇය යම් මොහොතක සිටින රාජ්‍යයට හෝ එහි නායකයාට අයිති වස්‌තුවකියි යන අදහස ඉන් ප්‍රකාශ වේ. අවසරයෙන් හෝ අනවසරයෙන් සිය සැමියා සමග වැදි රජුගේ අඩවියට ඇතුළු වන ඇය ඒ නිසාම තමාට අයිතිවේය යන්න පිළිබඳ වැදිරජුට කිසිම සැකයක්‌ නැත. වැදි රජුගේ මේ පුරුෂෝත්තමවාදය අනික්‌ පිරිමින් තුළත් හීලෑ කරන ලද හා අලංකාර කරන ලද ස්‌වරූපයෙන් නොපවතී යෑයි කිව හැකිද?

මනමේ නිර්මාණය වූ සංදර්භය හා එහි ඓතිහාසිකත්වය

යම් සංස්‌කෘතියක විශිෂ්ට කලාකෘති අලුත් පරම්පරවාක්‌ විසින් උරුම කරගනු ලබද්දී ඒ කෘති බිහි වූ ඓතිහාසික සංදර්භය හා ඒ ආශ්‍රිත කතිකාවන් ගැන ඉතිහාසය හැදෑරිය යුතුය. මනමේ ඇතුළු සරච්චන්ද්‍ර කලාව මෙරට පනස්‌ හයේ දරුවන්ට විශාල සංස්‌කෘතික ප්‍රාග්ධනයක්‌ සැපයූ බව නොරහසකි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදුණු වැඩුණු මධ්‍යම පන්තියට විදග්ධ කලා උරුමයක්‌ ගොඩ නගා දීම සරච්චන්ද්‍ර ඇතුළු මුල් යුගයේ කලාකරුවන් අතින් කෙරුණු විශිෂ්ට සේවයකි. ඒ අලුත් පන්තිය සංස්‌කෘතිකමය වශයෙන් බලගැන්වීම අත්‍යවශ්‍ය දෙයක්‌ද විය. මේ නිසාම මනමේ නාටකය සැලකෙන්නේ නූතන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සංකේතයක්‌ ලෙසය. මධ්‍යම පාන්තික සිංහලයා මනමේ වැනි නාට්‍ය නිසා ලබන ජාතික ආඩම්බරය හා ස්‌වෝත්තම හැ`ගීම විවිධ අවස්‌ථාවලදී ප්‍රකාශයට පත් වේ.

එහෙත් මනමේ බිහිවූයේ එවැනි පටු ජාතිකවාදී පසුබිමකින් නොවේ. සරච්චන්ද්‍ර යනු ලෝකය වෙත ඇස්‌ ඇරුණු මිනිසෙකි. සැබවින්ම ද්විභාෂික උගතෙකු වූ ඔහු පෞද්ගලික ජීවිතයේදීත් ශාස්‌ත්‍රීය ජීවිතයේදී සර්වභෞමික ජීවිතයක්‌ ගෙවූ කෙනෙකි. ඔහුගේ කාලයේ විශ්ව සාහිත්‍ය හා න්‍යායික ප්‍රවණතා ගැන ඔහු අවධානයෙන් උන්නේය. ඔහුගේ මුල් කාලීන සාහිත්‍ය න්‍යායික අදහස්‌ ඇමරිකානු නව විචාරකයන්ට හෙවත් නිව් ක්‍රිටික්‌ස්‌ ගුරුකුලයට නෑකම් කියන බව මහාචාර්ය රංජනී ඔබේසේකර සිය ආචාර්ය උපාධි නිබන්ධනයෙන් පෙන්වා දුන්නාය. නව විචාරකයන්ගේ අදහස්‌ද පෙරදිග සාහිත්‍ය න්‍යාය සමග මිශ්‍ර කොට නූතන සාහිත්‍ය විද්‍යාවක්‌ නිර්මාණය කිරීමට සරච්චන්ද්‍ර සමත් වූ බව ඔබේසේකර මහත්මිය පෙන්වා දෙයි. එය නිවැරැදි නිගමනයක්‌ බව අදටත් කෙනෙකුට පරීක්‌ෂා කළ හැකිය.

එපමණක්‌ නොව මනමේ නාට්‍ය නිර්මාණය කරන කාලයේදී පවා ලයනල් වෙන්ඩ් වැනි විදග්ධ වූද විශ්ව කලාව සමග ගනුදෙනු කළා වූද උගත්තු සරච්චන්ද්‍ර ඇසුරු කළෝය. නාට්‍ය හැදෑරීම පිණිස ඇමරිකාව සහ ජපානය ඇතුළු රටවල සංචාරයට රොකෙෆලර් ශිෂ්‍යත්වයක්‌ ලැබුණේද එහි ඵලයක්‌ වශයෙනි. මේ විස්‌තර 'පිං ඇති සරසවි වරමක්‌ දෙන්නේ' කෘතියෙහි දැකිය හැකිය. එසේම ලංකා විශ්වවිද්‍යාලයේදී ලින් ලුඩොවයික්‌ වැනි ඉංග්‍රීසි මහාචාර්යවරුන්ගේ ඇසුරද සරච්චන්ද්‍රගේ චින්තනය පෝෂණය කළේය. පේරාදෙණියේ සිට නාට්‍යකරණයේ යෙදෙන විට ඔහු ඇසුරු කළ ආචාර්ය සිරි ගුණසිංහ වැනි අය පටු ජාතිකවාදියෝ නොවූහ. ඔහු යුරෝපීය නූතනවාදී සාහිත්‍ය කතිකාව මැනවින් වටහා ගත් කෙනෙකි. එසේම මනමේ නාට්‍යයෙහි අගය මුලින්ම දැක ඉංග්‍රීසි බසින් එය අගය කළ රෙජී සිරිවර්ධනද පටු ළිං මැඩි චින්තකයෙක්‌ නොවේ. ඔහු විශ්වීය චින්තකයෙකි. එමපණක්‌ නොව මනමේ මුල් නිෂ්පාදනයට හවුල් වූ සරසවි ශිෂ්‍ය පිරිස පවා පේරාදෙණියෙහි උගත්තත් ලෝක පුරවැසියන් සේ සිතන්නට ශක්‌තිය හා පසුබිම ඇති පිරිසක්‌ වූහ. මනමේ ප්‍රත්‍යාවලෝකනය කෘතියට ලිපි සපයන බොහෝ අයද විශ්වීය මිනිස්‌ ජීවිතයක්‌ වෙත පේරාදෙණියේදීම ඇස්‌ ඇරුණු අය වෙති.

අනෙක්‌ අතට නාඩගම යන ගැමි නාටක විශේෂය දකුණු ඉන්දියාව දක්‌වා සංස්‌කෘතික මුල් ඇත්තකි. එසේම මනමේ නාට්‍ය මත රෂෝමාන් චිත්‍රපටයේ හෙවනැල්ල නොමැකිය හැකි සේ වැටී ඇත. ඒ නිසා මනමේ නාට්‍ය අප විසින් වටහා ගත යුත්තේ පටු ජාතිකවාදී ලෝකයකින් මතු වූවක්‌ නොව ලෝකයේ විවිධ දේශවලට සංස්‌කෘතික නහර විහිදුණු නිර්මාණයක්‌ ලෙසය. ඒ නිසා මනමේ උරුම කරගන්නා අලුත් පරම්පරාවක්‌, විශේෂයෙන් විසි එක්‌ වැනි සියවසේ පරම්පරාවක්‌ මේ වටිනා සංස්‌කෘතික වස්‌තුව වටහා ගත යුත්තේ සර්වභෞමික (cosmopolitan) චින්තනයකින් යුතු කලාකරුවෙකුගේ නිර්මාණයක්‌ ලෙසය. එය එසේ නොදකින පටු ජාතිකවාදියෝ ඒ විශිෂ්ට කලාකෘතියට කරන්නේ දරුණු හිංසනයකි.

බුද්ධිමය ඉතිහාසය සහ මනමේ නම් නාටකය

මනමේ වැනි සංස්‌කෘතික නිෂ්පාදනයක නියම ඉතිහාසය නිවැරැදිව වටහා ගැනීමට අලුත් පරම්පරාවට අවකාශ නැත්තේ අපට බුද්ධිමය ඉතිහාසය (intellectual history) නිවැරැදිව හදාරන්න අවකාශ නැති නිසාද විය හැකිය. ලෝකයේ දියුණු විශ්වවිද්‍යාලවල බුද්ධිමය ඉතිහාසය නම් විෂයයක්‌ ඇත. ඉන් අධ්‍යයනය කෙරෙන්නේ යම් යම් අදහස්‌ එක්‌ සංස්‌කෘතියකින් තව සංස්‌කෘතියකට ගමන් කොට ඒ දෙවැනි සංස්‌කෘතියෙහි බලපෑම් සහගත වෙනස්‌කම් ඇති කරන ආකාරය පිළිබඳවය. සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිවශයෙන් දැකිය හැකි දේශපාලන හෝ ආර්ථික ඉතිහාසයන්ය.
ඒවාද බොහෝ විට රාජ්‍ය කේන්ද්‍රකරගත් ඒවාය. බුද්ධිමය ඉතිහාසය හැදෑරීමේදී හුදෙක්‌ රාජ්‍ය හෝ දේශපාලන බලකේන්ද්‍ර ගැන අවධානය යොමු කිරිම අවශ්‍ය නොවේ. සාමාන්‍ය මිනිස්‌සුද සංස්‌කෘතියෙන් සංස්‌කෘතියට අදහස්‌ රැගෙන යති. අපට නිදහස්‌ පද්‍ය පිළිබඳ අදහස රැගෙන ආවේ නිල ශාස්‌ත්‍රාලය අසලකවත් නොසිටි ජී. බී. සේනානායකය. මනමේ වැනි සංස්‌කෘතික වස්‌තු අධ්‍යයනයේ අප එළඹිය යුත්තේ බුද්ධිමය ඉතිහාසය ගවේෂණය කරන්නාගේ ප්‍රවේශයෙනි. සරච්චන්ද්‍ර ලංකාවට කළ සේවය නියම වශයෙන් වටහා ගත හැක්‌කේද එවන් ප්‍රවේශයකිනි.

බුද්ධිමය ඉතිහාසය පිළිබඳ සිත්ගන්නා නිදර්ශනයක්‌ අහිංසාවාදී දේශලපාලන ක්‍රියාකාරිත්වය ඇසුරින් අපට වටහා ගත හැකිය. අහිංසාවාදය යන්න ඉන්දියාවට සම්බන්ධ අදහසක්‌ වුවද පසු කලෙක මහත්මා යනුවෙන් හැඳින්වෙන ගාන්ධි අහිංසාවාදය දේශපාලන භාවිතයක්‌ බවට පෙරලීමට ආභාසය ලැබුවේ මහා රුසියානු ලේඛක ලියෝ ටොල්ස්‌ටෝයි ගෙනි. ගාන්ධි ගැටවරයෙකු කල ටොල්ස්‌ටෝයි සමග ලියුම්ද හුවමාරු කර ගත්තේය. අහිංසාවාදය දේශපාලනිකව භාවිත කිරීම මගින් ගාන්ධි ලෝක පරිමාණව බලපෑම් සහගත ක්‍රියාවක යෙදුණේය. ඔහුගේ ඒ ක්‍රියාවෙන් සහා ගාන්ධියේ බුද්ධිමය ව්‍යායාමයෙන් ඇමරිකාවේ විසූ කළු ජාතික තරුණයෙකු ආභාසය ලැබුවේය. ඒ ක්‍රිස්‌තියානු පූජකවරයෙකු වූ මාටින් ලූතර් කිංග්ය. ටොල්ස්‌ටෝයිගෙන් ගාන්ධිටත් ගාන්ධිගෙන් ලූතර් කිංග්ටත් ගමන් කළ බුද්ධිමය උරුමය වර්තමාන ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේත් ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේත් කළ වෙනස්‌කම් පුදුම සහගතය. බුද්ධිමය ඉතිහාස අධ්‍යයනය මගින් ගවේෂණය කෙරෙන්නේ මිනිස්‌ බුද්ධිමය ව්‍යායමයන්ගේ එවැනි ප්‍රතිඵලය. සරච්චන්ද්‍රගේ නාට්‍ය කලාව අලුත් පරම්පරාවක්‌ විසින් හදාරනු ලැබීය යුත්තේද එසේය.

එවැනි හැදෑරීමක්‌ මගින් සරච්චන්ද්‍ර නම් විශිෂ්ට කලාකරුවා නිවැරැදිව වටහා ගන්නට අපට හැකියාව ලැබෙන්නේය. ඕනෑම සංස්‌කෘතියක විශිෂ්ට කලාව බිහිවන්නේ ලෝකයේ විවිධ ස්‌ථානවල ඇති මිනිස්‌ සංස්‌කෘතික විශිෂ්ටතාව වෙත විවෘත මනසින්ද සමබර මනසින්ද බලන්නට හැකියාව ඇති කලාකරුවන් අතිනි. ලෝකයේ ඇති හොඳම දේ හෝ පැරණිම දේ හෝ අප වෙත ඇතැයි සිතාගෙන තමාගේම සංස්‌කෘතිය තුළ හිර වී දෑස්‌ වසා ගත්තවුන්ට විශිෂ්ට කලාව නිර්මාණය කළ නොහැකි බව සරච්චන්ද්‍ර අපට කියාදුන් විශිෂ්ටම පාඩමයි. එය සරච්චන්ද්‍රගෙන් අප වෙත පිදෙන වැදගත්ම උරුමයයි. ඒ උරුමය අත්පත් කරගෙන අනාගතය වෙත රැගෙන යමු.

( මෙම ලිපිය තරමක්‌ වෙනස්‌ ස්‌වරූපයකින් ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩලයෙන් පළ කෙරෙන ප්‍රලේඛා ස`ගරාවෙහිද පළ විය)

Wednesday, January 8, 2014

මම හුණුවටයේ කතාව හැදුවෙ යුද්ධයෙන් බැට කාපු සමාජයකට

මම හුණුවටයේ කතාව හැදුවෙ යුද්ධයෙන් බැට කාපු සමාජයකට

පරාක්‍රම නිරිඇල්ල
ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන් සහභාගී කර ගනිමින් හෙන්රි ජයසේනයන්ගේ පරිවර්තනය ඇසුරෙන් පරාක්‍රම නිරිඇල්ල නිර්මාණය කළ ‘හුණුවටයේ කතාව’ නව නිෂ්පාදනය මෙම කේරල අන්තර්ජාතික නාට්‍ය උලෙළේ රඟදැක්වීමට තෝරාගෙන ඇත. හෙන්රි ජයසේනයන්ගේ නිෂ්පාදනයට වඩා වෙනස් ආකාරයකට නිර්මාණය කර ඇති ‘හුණුවටයේ කතාව’ ජනකරළිය නිෂ්පාදනය, කේරල සංචාරයට පෙර මෙම දෙසැම්බර් මස 29 වැනි ඉරිදා රාජගිරිය ජනාධිපති විද්‍යාලීය රංග ශාලාවේදී රංගගත කෙරේ.
ඔබ මෙය හඳුන්වන්නේ ‘හුණුවටයේ කතාව නව නිෂ්පාදනය’ ලෙසින්...
ඔව්. හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය මුල් කෘතිය අධ්‍යයනය කරලා තිර පිටපතේ යම් වර්ධනයක් කළා. නිෂ්පාදන විධික්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒක හෙන්රිගෙ ක්‍රමයට වඩා වෙනස්. අනික 1967 වසරේ ඔහු හුණුවටය කරද්දි යුද්ධය පිළිබඳ අංශු මාත්‍රයකවත් අදහසක් ශ්‍රී ලාංකේය සමාජයට දැනුණේ නැහැ. ඒ, ඒ වන විට යුදමය වාතාවරණයක් මෙරට නොතිබූ නිසා. ඒ නිසා නාට්‍යයේ කතාවයි ඉස්මතු වු‍ෙණ්. එය වරදක් නෙවෙයි.
60 දශකයේ නිර්මාණකරුවන් ශෛලිගත සම්ප්‍රදායෙන් මිදෙන්න නව මානයක් සොයමින් ඉන්න වකවානුවකයි හෙන්රි ජයසේනයන් හුණුවටය ඉදිරිපත් ක‍ළේ.
අනික පොතේ ගුරෙක්, වාද්‍ය, ගායන වෘන්දයක් මඟින් තමයි යුද්ධය පිළිබඳ වුවත් බොහෝ දේ කියැවුණේ. අද වන විට යුද්ධය අපිට අලුත් නැහැ. එය අපේ අත්දැකීමක් වී හමාරයි. ඔය කාරණය හිතට ආවේ එක දවසක.
කවදද ඒ දවස...?
ගිවිසුමක් මඟින් හෙන්රි ජයසේනයන්ගෙන් හුණුවටය ලබාගත් පසු ජනකරළිය අනුරාධපුරයේ දී අපි මෙය අපේ ජංගම වේදිකාවේ වේදිකාගත කළා. ඒ පසුගිය සැප්තැම්බර් 3 හා 4 දෙදින තුළ. එදා ‍කළේ හෙන්රිගේ හුණුවටයමයි. නමුත් නාට්‍යයේ මුල්ම දර්ශන දෙක නරඹන විට මට හිතුණා වෙනත් මානයකිනුත් මෙය යළි නිර්මාණය කරන්න පුළුවන් නේද කියන කාරණය.
මට දැනුණේ මේ නිර්මාණය මගේ දෙයක් වෙලා නැති වගක්. 1970 පටන් දහ‍පහළොස් වතාවක් මං හෙන්රිගේ හුණුවටය බලලා ඇති. මට මේ වෙලාවෙ හිතුනෙම තව විධි කිහිපයකට වුවත් හුණුවටය යළි නිර්මාණය කරන්න පුළුවන් බවයි. යළි තිරපිටපත අතට අරන් මං ඒ වෙනත් මාන සොයන්න ගත්තා. අසඩක්ලා, ගෲෂලා - සයිමන් සෂාවලා එහෙමම ඉඳිද්දි මං ඒ වෙනස ඇති කළා.
හෙන්රි ජයසේනයන්ගේ අනන්‍යතාවක් බඳු මේ නාට්‍ය‍ය එසේ වෙනස් කිරීම අසාධාරණයි කියා ඔබට හිතුණෙ නැද්ද....?
මට හිතෙන්නෙ මං හෙන්රිගේ නිර්මාණයට විශාල සාධාරණයක් කළ බවයි. නාට්‍ය පිටපතක් කියන්නේ සිරවී සිටිය යුතු දෙයක් නෙවෙයි.
මං හුණුවටයේ ඉංග්‍රිසි පරිවර්තන කිහිපයක් කියවා තිබෙනවා. නැවත නැවත කරද්දි බ්‍රෙෂ්ට් පවා එහි බොහෝ තැන් වෙනස්කොට තිබෙනවා. අනික ඔහු මෙය මුලින් ලීවේ කෙටිකතාවක් විදියට. යුද්ධය කාලේ ඇවිදින විට දැකපු දේ. ඔහු යළි යළිත් ඒ කතාවට එක් කළා. නාට්‍ය පිටපතක් වුණේ ඒ විදියට.
ලෝක යුද්ධය සමයේ හිට්ලර්ගෙන් ගැලවී පැන යන්න හදපු පසුබිමකයි මේ කතාව ඔහු අතින් ලියැවුණේ. යුද්ධය පිළිබඳ නාට්‍යයේ යටිපෙළ තිබූ මේ අදහස ඉස්මතු කිරීමටයි මා වෑයම් කළේ. එය, ‘හුණුවටය’ තවත් මානයකින් බැලීමක් පමණයි.
එහෙම වෙනත් මානයකින් ‍බලන්න පුළුවන් තරමට හුණුවටය පරිවර්තනය සාර්ථක බවද ඔබ කියන්නේ..?
ඇත්තටම ඔව්. එය හෙන්රි ජයසේනයන් අතින් ලියැවුණු පොහොසත් පිටපතක්. විවිධ මාන, විවිධ කෝණ ඒ තුළින් පේන්නේ එම සාර්ථකත්වය නිසා. පිටපත කියන්නේ නාට්‍යය නෙවෙයි. පිටපත සාර්ථක නම් පමණයි විවිධ හැඩතල ඉන් මතුවන්නේ.
නමුත් අපි කරන ඒ වෙනස විකාරයක් කිරීම යුතු නැහැ. තියෙන දේ වඩාත් තහවුරු කිරිමයි, ඒ වෙනසින් සිදුවිය යුතු. ඒකයි මා මුලින් කීවේ නාට්‍යයට මා අසීමිත සාධාරණයක් ඉටු කළාය කියා.
අනික අනුරාධපුරයේ දී සුදාරකත් මේ නාට්‍යය නැරැඹීමට පැමිණියා. අවුරුදු ගාණක් එයාගේ අම්මා කළ චරිතය දෙස බොහොම සංවේදීව බලා සිටියා. දෑස්වලට කඳුළු එන තරමට එදා ඔහු සංවේදී වුණා.
ඔබ හුණුවටයේ එන ජනප්‍රිය ගීතවලටත් ඒ වෙනස එක්කළාද..?
නැහැ. අතිශය ජනප්‍රිය ගීතවලට මුකුත් කළේ නැහැ. නමුත් සමහර ඒවායේ තනු වෙනස් කළා. මෙහි පොතේ ගුරෙක් නැහැ. නළු නිළියන්මයි වරින් වර පැමිණ ‘කෝරස්’ කියන්නෙත්. සමහර වෙලාවට වාදකයොත් චරිත නිරූපණය කරනවා. වාදනය සහ ගායනය නාට්‍යයෙන් වෙනම කොටසක් ලෙස පේන එක නවතා ඔවුන් නාට්‍යයේම කොටස් හැටියට මෙහි ක්‍රියාකාරී චරිත බවට පත්වෙනවා.
හෙන්රි ජයසේන මහතා ගිවිසුමකින් ජනකරළියට පැවරුවත් හුණුවටය, පරණ විදියට සුදාරකලත් කරගෙන යනවා. ඒ නිසා දෙපාර්ශ්වය අතර කිසිදු ගැටලුවක් නැහැ.
ජනකරළිය නිෂ්පාදනයක් ලෙස මා අධ්‍යක්ෂණය කළත් නාට්‍යයේ පෝස්ටර්වල හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය කියා සඳහන් කරන්නේ එතුමාට කරන ගෞරවයක් විදිහටයි.
කවුද අලුත් ගෲෂා, කවුද අලුත් අසඩක්..?
ජනකරළියේ අට වසරක් තිස්සේ රඟපෑ සෙල්වරාජ් ලීලාවතියි, අලුත් ගෲෂා. ඈ නාට්‍ය අධ්‍යක්ෂණයෙනුත් අත්දැකීම් ඇති ශිල්පිනියක්. සංජීව උපේන්ද්‍රයි අලුත් අසඩක්. දෙව්රාජ ශ්‍රී ලිවේරා, සයිමන් සෂාවා ලෙස රඟපානවා.

තාත්තට ඕනවුණේ හුණුවටයේ කතාව ජනතාව අතරට ගෙනියන්නයි.

සුදාරක ජයසේන
නව නිෂ්පාදනයේ දී හුණුවටයට සාධාරණයක් වෙලා තියෙන බව දුටුවම මට සතුටක් දැනුණා. තාත්තගේ අසඩක් චරිතය පසුව කළේ නලීන් ප්‍රදීප් උඩවෙල. අම්මගේ ගෲෂා චරිතය කළේ රුවිනි මනම්පේරි. මේ අයව තේරුවේ පුරුදු පුහුණු කළේ අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා.
හැබැයි ඒ දෙන්නම සතුටු වෙන මට්ටමට නලිනුත් රුවිනිත් ඒ චරිත රඟපෑවා. දවසක දැන් ගෲෂා, ලීලාවති - දෙමළ යුවතියත් ඒ තරමටම ඒවි. මා එදා පටන් දුටු පූරක, තව පණ ගසා ආවා නම්.... කියන සිතිවිල්ල මට නොආවා නෙවෙයි.
නමුත් එහෙමයි කියලා නැඟිට යන්න මට හිතුණේ නැහැ. මා ඒ හුණුවටයට ඇලුම් කළා. මොකද තාත්තා කියූ දෙයක් මට තවම මතකයි.
“මේ නාට්‍යය අවුරුදු ගාණක් කළේ අපි බව ඇත්ත. ඒත් අද ඔබ බලන මේ නාට්‍යයේ චරිත අපත් සමඟ සසඳන්න එපා! එහෙම කළොත් ඔබට එය රසවිඳින්නට නොහැකි වේවි..”
ඒ දෙන්නා අලුත් නළු නිළියන් පුහුණු කරලා එදා ප්‍රේක්ෂකාගාරයට එහෙම කිව්වෙ මොනතරම් සද්භාවයෙන්ද? ඒ නිසා මටත් පුළුවනි තාත්තගේ දැක්මට අනුව මේ නව නිෂ්පාදනය රස විඳින්න.
අනික තාත්තා ජනකරළියට මේ නාට්‍යය පැවරුවේ හුඟක් කලින්. තාත්තට ඕනෙ වුණේ පුළුවන් තරම් මිනිස්සුන්ට මේ නාට්‍යය පෙන්වන්න. ජනකරළිය ගම් ඇතුළට යන නිසා තාත්තා ඒ ගැන වඩාත් සතුටු වුණා. මොකද ඒ වෙනකොට ඒ දෙන්නම දුරබැහැර නාට්‍යය අරගෙන යෑමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ හිටියේ නැහැ. ඩීවීඩී පටයට පවා තාත්තා අවසර දුන්නේ මුදල ගැනවත් නොහිතා. එවිට මං ඇහුවා, “ඇයි තාත්තේ ඔය තරම් සුළු මුදලකට නාට්‍ය දුන්නේ? කියා ඔහුගේ පිළිතුර වුණේ, “අපි ඔය වැඩේ කරන්නෙත් නැත්නම්, කරන කෙනකුට දුන්නම අඩුම තරමෙ මිනිස්සු නාට්‍යය බලයි..” කියන කාරණය.

මම පාසල් යන කාලෙ සිංහල නාට්‍යයක් බලලාවත් නැහැ.

ගෲෂා ලෙස රඟන සෙල්වරාජ් ලීලාවතී
මං කිසිදාක මානෙල් මහත්මිය රඟන හුණුවටය දැක නැහැ. ඒ කාලෙ ‍බගවන්තලාව වතුකරයට නාට්‍ය ආවෙත් නැහැ. කර්කස්වර්ල්ඩ් - ‍ෙනාම්මර දෙක දෙමළ මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මං සිංහල නාට්‍යයක් දැකලවත් තිබුණෙ නැහැ. උසස් පෙළ කරන්න බගවන්තලාව ශාන්තමරියා විදුහලට ආවමයි දෙමළ නාට්‍යයකට වුණත් සම්බන්ධ වුණේ.
දවසක් හුණුවටය දෙමළ පරිවර්තනයට අලුත් ළමයි ගන්න පරාක්‍රම සර් ඉස්කෝලෙට ආවා. එතකොට මට එක සිංහල වචනයක්වත් බැහැ. දෙමළ බසින් කෙරෙන නිෂ්පාදනයක් නිසයි මං හිත හදාගෙන ඉදිරිපත් වුණේ. නාට්‍ය චරිතය ගැන කියද්දි මට දාඩිය දැම්මා.
රුවිනි මනම්පේරි කරපු ගෲෂාගේ චරිතය නම් මං දැක තිබුණා. නමුත් ඒවගේ ප්‍රධාන චරිතයක් ගැන හිතුවෙ නැහැ. දෙමළ නාට්‍යය කරගෙන යද්දි මුහුණ දීපු ලොකුම ගැටලුව තමයි අවශේෂ චරිත සඳහා නළු නිළියෝ සොයාගැනීම.
ඒ පාර තමයි සර්, දෙමළ නාට්‍යය නවතලා සිංහල එක පටන් ගත්තේ. ‘ලීලම මේ චරිතෙ කරන්න...’ සර් කිව්වම මාව ගැහෙන්න ගත්තා. දාඩිය දැම්මා.
“මං උත්සාහ කරන්නම් සර්..” මං කිව්වේ එපමණයි.
රුවිනි මනම්පේරි කළ චරිතය නිසා මගේ හිතේ ආසාව නොතිබුණාම නෙවෙයි. මගේ යෙහෙළිය, ඉනෝකා සොයුරිය මට උදව් කළා. රෑ තිස්සෙ දෙබස් පාඩම් කළා. මගේ වැරැදි වචන උච්චාරණය හැදුවේ ඇයයි.
සිංහල වචනයක්වත් බැරිව හිටි මම ගෲෂා වගේ කතා කරන්න ගත්තා. ඈ විදියට ගයන්න ගත්තා. කණ්ඩායමේ හැමෝම පුදුමාකාර ලෙස මට උදව් කළා.
නාට්‍ය පෙන්නුව දවසේ නාට්‍යය ඉවර වුණාම සුදාරක මහත්මයා මගේ ළඟට ඇවිත් ‘වෙල්ඩන්’ කිව්වා. මං දැක්කා එයාගේ ඇස්වල කඳුළු පිරිලා. මං මානෙල් මිස්ව දැකල නැති වුණාට එයා ගැන ‍හරි ගෞරවයක් දැනුණා.
ගෲෂාට පුළුවන් තරම් සාධාරණයක් ඉටු කරනවාය කියන අධිෂ්ඨානයෙයි, මං ඉන්නේ.

මේ අසඩක් වෙනස් හැඩයක කෙනෙක්

අසඩක් ලෙස රඟන සංජීව උපේන්ද්‍ර
ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ හුණුවටය මෙන් ම සන්ධිස්ථානගත වූ නාට්‍ය කිහිපයක් තිබෙනවා.
සුබ සහ යස, මකරාක්ෂයා චරිත මෙන් ම හුණුවටයේ අසඩක් කියන්නෙත් එහෙම මතක තිබූ අභිමානවත් චරිතයක්.
ඒ අසඩක්ගේ චරිතය මට රඟපාන්න ලැබෙනවා කියන එක ඇත්තටම එදා මට විශාල අභියෝගයක් වුණා.
ඒත් ඒ අසඩක්වම යළි වේදිකාවට ගේන එකේ තේරුමක් තියෙනවද කියන කාරණය පිළිබඳ නිරිඇල්ල මහතාත් මාත් දීර්ඝ සංවාදයක යෙදුණා.
එතුමා කියනවා වාගේ මේ හුණුවටයේ කතා නොකෙරුණු තව මානයන් තිබෙනවා. ඒ කියන්නේ අලුත් කෝණයකින් හුණුවටය දකින්න පුළුවන්. මොකද අසඩක් කියන්නේ විප්ලවය පිළිබඳ කලකිරුණු විප්ලවාදියෙක්.
‘එදා පිටවූ විනිසුරු ඒ - යළිත් නැත කිසිදු දිනෙක දුටුවේ...’
අසඩක් පිළිබඳ මට තියෙන බරපතළම ප්‍රකාශය ඒක. මෙවැනි අභියෝගශීලී හා සාධාරණ තීන්දු තීරණ දෙන විනිසුරුවරුන්ට මොකද වෙන්නේ. අදටත් ඒ ප්‍රශ්නය වලංගුයි.
ගෲෂට දරුවා බාරදෙන තීන්දුව දීලා අසඩක් පිටවුණා, පිටවුණාමයි. කිසිකෙනෙක් යළි ඔහු දුටු‍ෙව් නැහැ. ඔහුට සිදුවූයේ කුමක්ද? අපි අසඩක් ගැන හිතන්න ගත්තේ එතැන් පටන්. එහෙම කෝණයකින් අසඩක් දිහා බැලීම, ඉන් එහාට සිදුවන දේ පිළිබඳ යම් ඉඟියක් දීම සහ යම් සමාජ කතිකාවක් ගොඩනැඟීමට උත්සාහයක් දැරීම මේ හුණුවටයේ ප්‍රධාන කතාවට අමතරව සිදුවෙනවා.
ඒ හැරෙන්නට හෙන්රි ජයසේන මහතාගේ අසඩක් චරිතයට හා එහි රඟපෑමට අභියෝග කිරීමක් කිසිසේත් නැහැ. එතුමාගේ හැඩයට වඩා මේක වෙනස් හැඩයක්.
පැය 2.45 ක් මේ නාට්‍ය බලා සිටීමේ අභියෝගයට ජනතාව දැක්වූ හොඳ ප්‍රතිචාර, අපි වඩාත් හොඳින් දුටුවේ වවුනියාවේදී සහ අනුරාධපුරේදී.
ඔවුන්ගේ නාට්‍ය නැරැඹීමේ උනන්දුව පුදුම සහගතයි. ඒ එකඳු ප්‍රේක්ෂකයෙක් හෝ නැඟිට ගියේ නැහැ. අපේ ව්‍යායාමය සාර්ථකයි කියල හිතෙන්න ඒ ප්‍රතිචාරය ප්‍රමාණවත්.
ඉතින් අසඩක්ගේ ඒ අලුත් දැක්මට අලුත් හැඩයට සර්ව සාධාණය ඉටුකිරීමයි මගේ එකම උත්සාහය.

http://www.silumina.lk/2013/12/22/_art.asp?fn=cr1312221

සක්විති කිත් රැස අරීසෙන් අහුබුදු ගී සරණිය

සක්විති කිත් රැස
අරීසෙන් අහුබුදු ගී සරණිය
 

සැකසුම - ශ්‍රීනාත් ගනේවත්ත
මිල - රු. 1500
ප්‍රකාශනය - අරිසෙන් අහුබුදු පදනම
සිංහල සුභාවිත ගීතයේ පුරෝගාමි රචකයකු වූ කලාසූරී අරීසෙන් අහුබදුවන් විසින් රචිත ගීත රැසක එකතුවකි. එතුමා ලියූ ගුවන් විදුලි ගීත කාව්‍ය ගීත ආයතන තේමා ගී ආදී විවිධ ගීත හත්සිය පණහකට අධික සංඛ්‍යාවක් මෙයට ඇතුළත්ව ඇත. මෙතෙක් කිසිදු මාධ්‍යයකින් එළි නොදැක්වුණු ගීත රැසක් මීට ඇතුළත්වීම විශේෂයකි. ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා විසින් ලියන ලද විචාර ලිපියක් ද මීට ඇතුළත් ය.

රාජ්‍ය සේවය පිණිසයි - 2

රාජ්‍ය සේවය පිණිසයි - 2
 

කර්තෘ - ලලිත් හීන්ගම
මිල - රු. 300
ප්‍රකාශනය - නැණිල ප්‍රකාශකයෝ
පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ කතුවරයා රාජ්‍ය සේවය පිළිබඳව ලිපි ගණනාවක් පුවත්පත්වලට ලියා ඇත. මේ ඒ ලිපිවලින් ලිපි සියයක් අඩංගු දෙවෙනි කෘතියයි. මෙමගින් රාජ්‍ය සේවයේ අඩුපාඩු, කළයුතු නොකළ යුතු දේ පිළිබඳව ඉස්මතු කර පෙන්වයි.



සිහින එපා කල් දැමුවා


සිහින එපා කල් දැමුවා
 

කර්තෘ - නිමල් ජයරත්න
මිල - රු. 325
කර්තෘ ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.
නිර්මාණශීලී මේ කාව්‍ය සංග්‍රහය ඉතා ගැඹුරින් රසවිදිය හැකි කවි සිතිවිලි රාශියක් ඇත. විවිධ මාන ඔස්සේ යමින් කවියා සිය කවි මානය සොයා ගනී. අංකුර කවියෙකුගේ මේ කාව්‍ය සංග්‍රහය තුළ ඉතා කෙටි කවියකින් පුළුල් අරුතක් ගොඩනඟන නිර්මාණ රැසක් ඇත.



මනස සසර සහ නිවන

මනස සසර සහ නිවන
 

කර්තෘ - පූජ්‍ය තළල්ඇල්ලේ සාගර හිමි
මිල - රු. 160/=
ප්‍රකාශනය - සී/ස සදීපා ප්‍රකාශකයෝ
සංසාරිකත්වය මෙන් ම සංසාර නිරෝධය ඇති කරවන හේතු සාධක පුද්ගලයාගේ මනසින් පරිබාහිරව සම්භවය නොවේ. පුද්ගලයා කියන කරන දෙය මානසික චින්තනයට අනුකූලව මනස පෙරටු කරගෙන සිදුවන්නකි. මේ පිළිබඳව ගැඹුරින් හැදෑරීමක් සිදු ‍කරන මේ කෘතිය මගින් සසර හෝ නිවන දෙසට මනස යොමුවන අයුරු බුදුදහමට අනුව මනාව විග්‍රහකර ඇත්තේ සරල අයුරිනි.


පිටකොටුවේ බෝධිය යට සින්නදුරේගේ කැලැන්ඩර් විප්ලවය

පිටකොටුවේ බෝධිය යට සින්නදුරේගේ කැලැන්ඩර් විප්ලවය

ප්‍රථම සිංහල දින දසුන
එක්දහස් නමසිය පනස් ගණන් වනවිට අවුරුද්ද ආරම්භ වනවිට දින දර්ශන කැලැන්ඩර් ආදිය වැඩි ප්‍රමාණයක් විදේශ රටවල මුද්‍රණයකර මෙරටට ආනයන කරන ලද ඒවා විය. එහි චිත්‍රවලට පවා තිබු‍ණේ එලිසබෙත් මහරැජින, එඩින්බරෝ ආදිපාදවරයා, විදේශවල ප්‍රසිද්ධ ගොඩනැඟිලි ස්ථාන පමණක් නොව එහිසිටි කුඩා දරුවන් ළමුන් පමණක් නොව බල්ලො - බළලුන් පවා විදේශ ආකෘති විය. මේ එවන් යුගයක සිංහල දින දර්ශනයක් පමණක් නොව එයට ජ්‍යොතිෂය, දිනයේ වැදගත්කම හා විවිධ චිත්‍ර එක් කරමින් නිර්මාණශීලී දිනදර්ශනයක් බිහිකල එස්. ටී. සින්නදුරේ හා ලීලා දිනදර්ශනය පිළිබඳ කතාවයි.
එක්දහස් නමසිය හැට ගණන්වල සාහිත්‍ය මාසයේ සිංහල පුවත්පතක සාහිත්‍ය අති‍රේකයකට ලිපියක් ලියමින් ලීල් ගුණසේකර මහතා පැවැසුවේ බොහෝ නවක ලේඛකයින්ට තම ලේඛක හැකියාව දියුණු කරගැනීම සඳහා දින දර්ශනය උපකාර වන බව ය‍. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එක් එක් දිනයට විශේෂිත පුද්ගලයින් ගැන සහ දින පිළිබඳව ලිපි ලියා පුවත්පත්වලට යැවීමෙන් තම ලේඛක හැකියාවන් දියුණු කර ගන්නා බව ය.
ලේඛන කලාවට ඇතුළත්වීමට වි‍ශේෂයෙන් පුවත්පත් කලාවට පෙරුම් පුරමින් සිටි එම අවදියේ එක් එක් දිනයට නියමිත විශේෂත්වයන් දැන ගැනීමට මා මෙන් ම මගේ හිතවත් ලේඛකයින් බොහෝ දෙනෙක් ම එම අවශ්‍යතාවය සපුරා ගත්තේ ලීලා පංචාංග දින දර්ශනය මිලදී ගැනීමෙනි. නිවසේ සිට පිටකොටුවට එන මම පිටකොටු‍ව බෝධි රාජයා ඉදිරිපිට ඇති ලීලා ස්ටෝර්ස් වෙතින් කැලැන්ඩරයේ පිංතූරය කොටස නොමැතිව, දින සටහන් ඇති කොටස පමණක් මිලදී ගෙන එහි කොළ නොගලවා පරිස්සමින් පොත් රාක්කයේ තබා ගතිමි. ඒ එවිට එහි මිල රුපියල් දහයකින් ද අඩු වන බැවිනි.
එකල බොහෝ දෙනෙකුට ලීලා පංචාංග දින දර්ශනය පිටු ගැ‍ලවෙන දින දසුනකට වඩා විශේෂයෙන් ආරක්ෂා කරගන්නා වටිනා ග්‍රන්ථයක් බඳු විය. දිනයේ හිරු උදාවත් සමඟ එම දිනයේ ඇති ජ්‍යොතිෂ වටිනාකම, අකුරු කියවීමට, කන් විඳීමට සුදුසු සුභ හෝරාවල් ලොව පතළ දෙස් විදෙ‍ෙස් නායක පාලක දේශපාලනඥයින් කවියන්, කලාකරුවන්, සාහිත්‍යධරයන් සහ විද්වතුන්ගේ තොරතුරු එම දින දර්ශනයට ඇතුළත් විය. එනිසා ලීලා පංචාංග දින දර්ශනය ලොකු - කුඩා, බාල - මහලු සෑම දෙනාටම ප්‍රයෝජනවත් විය.
එක්දහස් නමසිය පනස් ගණන් වනවිට අවුරුද්ද ආරම්භ වනවිට දින දර්ශන කැලැන්ඩර් ආදිය වැඩි ප්‍රමාණයක් විදේශ රටවල මුද්‍රණයකර මෙරටට ආනයන කරන ලද ඒවා විය. එහි චිත්‍රවලට පවා තිබු‍ණේ එලිසබෙත් මහරැජින, එඩින්බරෝ ආදිපාදවරයා, විදේශවල ප්‍රසිද්ධ ගොඩනැඟිලි ස්ථාන පමණක් නොව එහිසිටි කුඩා දරුවන් ළමුන් පමණක් නොව බල්ලො - බළලුන් පවා විදේශ ආකෘති විය.
“ඇයි මේ සිංහල අපේ රටේ සිංහලෙන් හොඳ හරවත් දින දර්ශනයක් නිර්මාණය කරගන්න බැරි”, පිටකොටුවේ බෝධිරාජ මාවත ඉදිරිපිට ඇති ලීලා ස්ටෝර්ස්හි සින්නදුරේ මුදලාලිට සිතුණේ වරක් දෙවරක් ම නොවේ.
එවැනි සිතුවිල්ලක් සින්නදුරේ මුදලාලිට ඇති වූයේ නිකම්ම නොවේ. කොළඹ යුගයේ කවීන් බොහෝ දෙනෙකු සින්නදුරේ මුදලාලිගේ සමීප හිතවතුන් විය. ඔවුන් නිතර බෝධි රාජ මාවතේ ලීලා ස්ටෝස් හි ‍සාප්පු බඩු, පොත් පත්තර අලෙවි කළ නිසා පමණක් නොව සින්නදුරේ මුදලාලි ‘ලීලා මුද්‍රණාලය’ යනුවෙන් මුද්‍රණාලයක් අලුත්කඩේ සන්තබස්තියම කඳු මුදුනේ පවත්වාගෙන ගිය නිසා ය. එකල කොළඹ කවීන් බොහෝමයකගේ කවි පොත් මුද්‍රණය වූයේ සින්නදුරේ මුදලාලිගේ ලීලා මුද්‍රණාලයේ ය.
සින්නදුරේ මුදලාලි හෙවත් ෂන්මුගම් තම්බයියා සින්නදුරේ, කන්කසන්තුරේ, තෙලිප්පිලිහිද‍ී උපන්නේ 1903 ජූනි මස 23 දිනය. කුඩා වියේදීම පියා මියගිය බැවින් කුඩා සින්නදුරේ වයස අවුරුදු දහ තුනේදී තම සෞභාග්‍යය සොයා කොළඹට පැමිණියේ ය. වසර ගණනාවක් විවිධ වෘත්තීන්හි නිරතව සිටි ඔහු වැඩි කාලයක් ගතවීමට ප්‍රථම කොම්පඤ්ඤ වීදියේ කුඩා කඩ කාමරයක පුංචියට සිල්ලර කඩයක් ආරම්භ කළේ ය. උත්සාහයෙන් වැඩකටයුතු කළ සින්නදුරේ තරුණයා වෙළෙඳාමෙහි සූරයකු විය.
එක්දහස් නමසිය විසි දෙක වනවිට සින්නදුරේ තරුණයාට වයස අවුරුදු දහ නමයක් විය. පිටකොටුවේ බෝධිරාජයා ඉදිරිපිට කුඩා ව්‍යාපාරික ස්ථානයක් කුලියට දීමට තිබෙන බව සින්නදුරේට දැනගන්නට ලැබුණි. එය ‘ලීලා ස්ටෝර්ස්’ යනුවෙන් හැඳින්වුණ කුඩා සිල්ලර කඩයක් විය. සින්නදුරේ එම කඩය මිලදී ගෙන එම නමින් ම ව්‍යාපාරය පවත්වාගෙන යන්නට විය.
එම කාලයේ බොහෝ දෙනා පුරුදුව සිටියේ සුරුට්ටු බීමට ය. විශේෂයෙන් යාපනයේ සුරුට්ටු බීමට ය. ඒ කාලයේ පිටකොටුවේ බෝධිරාජයා සමීපයහි කරත්ත ගාල් කර සිටි කරත්ත කරුවන්ට ඉස්තරම්ම සුරුට්ටු අවශ්‍ය විය. සින්නදුරේ තරුණයා යාපනයෙන් දුම්කොළ ගෙන්වා සුරුට්ටු නිෂ්පාදනය කර අලෙවි කළේ ය. එකල ඒවා කොළඹ අවට සු‍රුට්ටු පානය කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය විය. ඊට අමතරව යාපනයේ සාදන ලද විවිධ ආකාරයේ තල්කොළ පෙට්ටි, උතුරේ නිෂ්පාදන භාණ්ඩ කොළඹ ගෙන්වා ‘ලීලා ස්ටෝර්ස්’ වෙළෙඳ සැලේ තබා අලෙවි කළේ ය. කලක් යනවිට ලීලා ස්ටෝර්ස් වෙළෙඳ සල කා අතර ජනප්‍රිය, හොඳ ආදායමක් උපයන වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් විය. ‘ලීලා ස්ටෝර්ස්’ අධිපති සින්නදුරේ ද ‘ලීලා මුදලාලි’ යනුවෙන් මිනිසුන් අතර හැඳින්වෙන්නට විය.
මේ කාලය වනවිට කොළඹ යුගයේ කවීන්ගේ ස්වර්ණමය අවදිය විය. එනිසා ම ලීලා ස්ටෝර්ස්හි සිංහල කවි සඟරා පොත් පත් ප්‍රකාශන අලෙවි කිරීම ඇරඹුවේ ය. ටික කලක් යනවිට සින්නදුරේ මුදලාලි සිංහල සාහිත්‍යධරයන්ට, කවීන්ට ලේඛකයින්ට, කලාකරුවන්ට අත දීමක් වශයෙන් පොත්පත් සඟරා ප්‍රකාශයට පත් කළේ ය. එකල කොළඹ යුගයේ ජනප්‍රිය කවීන් වන පී.බී. අල්විස් පෙරේරා, ජෝන් රාජද්‍රස, කපිල ඊ. සෙනවිරත්න, මීමන ප්‍රේමතිලක, සාගර පළන්සූරිය, විල්සන් හ‍ෑගොඩ, මාකඳුරේ ගුණවර්ධන වැනි කවීන්ගේ කාව්‍ය නිර්මාණ ලීලා ස්ටෝර්ස් ප්‍රකාශන ලෙස ප්‍රසිද්ධියට පත්විය.
මෙලෙස ලීලා ප්‍රකාශන ජනප්‍රිය වෙත්ම ඒවා මුද්‍රණය කිරීමට තමන්ටම මුද්‍රණාලයක් තිබීමේ අවශ්‍යතාවය ලීලා මුදලාලිට තේරුම් ගියේ ය. එනිසා හතලිස් ගණන්වල අවසාන භාගයේ කොළඹ මැලිබන් වීදියේ මුද්‍රණාලයක් ආරම්භ කළේ ය. පසුව එය වඩාත් නවීකරණයකර කොළඹ මැලිබන් වීදියේ මුද්‍රණාලයක් ආරම්භ කළේ ය. පසුව එය වඩාත් නවීකරණය කර කොළඹ අලුත්කඩේ සන්තබස්තියමේ පිහිටු වීය.
සින්නදුරේ මුදලාලිට ලීලා මුද්‍රණාලය ආරම්භ කර ටික දිනක් යන විට ම අධ්‍යාපනික දින දර්ශනයක් බිහි කිරීමේ අදහස දැඩි විය. එහි දිනයෙහි වැදගත්කම, ආගමික සාමාජික සංස්කෘතික හා දේශපාලන අංශයන්ගෙන් සමාජයට සේවයක් සිදුකළ ජනහිතකාමීන් හා විද්වතුන් පිළිබඳ විස්තර, ‍ෙජ්‍යාතිෂය පිළිබඳ වැදගත් තොරතුරු, රුවන් වැකි ආදිය එයට ඇතුළත් විය යුතු බව ඔහු මුල සිට ම තීරණය කළේ ය.
ලීලා මුදලාලි එම බැරෑරුම් කාර්යය සඳහා තෝරා ගත්තේ, අලුත්ගම ආරියවංශ හිමි නමින් පැවිදිව සිට පසුව උපවැදි වූ ලේක්හවුස් හි දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ ඇල්.පී. දේශබන්ධු මහතාව ය.
ඇල්.පී. දේශබන්ධු මහතා ලීලා පංචාංග දින දර්ශනය සැකසීම සඳහා බෙහෙවින් වෙහෙසුණේ ය. අලුත් ම ආකාරයේ දින දර්ශනයක් නිසා කල්පනා කළයුතු දේවල් බොහෝමයක් විය. තොරතුරු සොයා ගැනීමට ද බෙහෙවින් වෙහෙස විය යුතු විය.
කෙසේ හෝ එක් දහස් නමසිය පනහේ ජනවාරි මාසයේදී ලීලා පංචාංග දින දර්ශනය ප්‍රථම වරට නිකුත් විය. මුද්‍රණය තාක්ෂණය දියුණුව නොතිබුණ එම යුගයේ අවශ්‍ය චිත්‍රවල බ්ලොක් කපමින්, ලී අකුරු අමුණමින් සිදුකළ එම කාර්යය ඇත්තෙන් ම වෙහෙසකර කටයුත්තක් විය. වැඩි කාලයක් ගතවීමට පෙර ලීලා පංචාංග දින දර්ශනය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය. දෙමාපියන් තම දරුවන්ට ලීලා පංචා‍ංග දින දර්ශනය රැගෙන ගියේ දිනපතා කොළය බැගින් කඩා දැමීමට නොව අධ්‍යාපනික පුස්තකයක් වශයෙන් කියවා ආරක්ෂා කර ගැනීමට ය‍. බෞද්ධයන් බොහෝ දෙනෙකු ලීලා පංචාංග දින දර්ශනය භාවිතා කළේ තමන්ගේ එක් එක් විශේෂ කටයුතුවලදී සුභ වේලාවන් දැන ගැනීමට ය. රාහු කාලය, අසුභ වේලාවන් මඟහරවා‍ ගැනීමට ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කවියකු නොවූවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් සිටියේ දී ලීලා පංචාංග දින දර්ශනය පිළිබඳව සිය ප්‍රසාදය මෙසේ සටහන් කර ඇත.
කෙටියෙන් වුව ද විශ්වයෙ ඇති විවිධ පැති
හෙළි කොට එදිනෙදා තොරතුරු වඩන රුතී‍
ලීලා දින දසුන දින පොත අගය ඇතී
මා වෙත තිළිණ කළ එක ගැන පුදමි තුතී
යෝගය නැකත හා සෙනසුරු සිකුරු දසා
කාලය රාහු සටනින් මරු සිටින දිසා
සූරිය උදාවත් කිසිවිට නොවන මුසා
හඳුනයි රටම ලීලා දින දසුන නිසා
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස විරුදාවලිය ලත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලීලා දින දර්ශනය ගැන වරක් මෙසේ ලීවා ය.
“ලීලා මුද්‍රණ ආයතනයේ නිර්මාතෘ අප හිතවත් සාම විනිසුරු සින්නදුරේ මහතා සිටියදීත් දීර්ඝ පටන් අප වෙත වාර්ෂිකව එවන ලීලා පංචාංග දින දර්ශනය අපගේ සිත් ගත් අතර වර්ෂය පුරාම එයින් ඉමහත් ප්‍රයෝජනයක් ලබන බව සතුටින් දන්වමි. සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන අයුරින් සකස් වී ඇති මෙම දින දසුන බොහෝ දෙනා අතර බහුල වශයෙන් ජනප්‍රියවී ඇති බවද සඳහන් කරුණු කැමැත්තෙමි.
දිනපතා ඉතා වැදගත් ඓතිහාසික සිද්ධීන් ඇතුළත් ලීලා පංචාංග දින දර්ශනය ලේඛකයකු වූ මට නැතිවම බැරි දෙයකි යනුවෙන් වරක් ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා පැවසුවේ ය.
එක් දහස් නවසිය පනහේ සිට මේ දක්වා වසර හැට තුනක් අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන ලීලා පංචාංග දින දර්ශනයහි තොරතුරු සම්පාදනය සහ එය සකස් කිරීම දැන් සිදු කරන්නේ මල්ලිකා වනිගසේකර විසිනි.
“මම දිනපතා ලංකාවෙ පළවන ඉංග්‍රීසි සිංහල පුවත්පත්වල මෙරට සහ විදේශ තොරතුරු ස‍ැම එකක් ම කියවල බලල ඒවායින් වැදගත් වන තොරතුරු ඇතුළත් පත්තර කෑලි කපල එකතු කරනවා. ඒ වගේ ම රූපවාහිනිය නරඹලා එහි විකාශනය වන වැදගත් තොරතුරු සටහන් කරගන්නවා. අගෝස්තු මාසයේ මුල් දිනවල එම තොරතුරුවලට අවශ්‍යය ඡායාරූපත් එකතු කරල ලීලා මුද්‍රණාලය අධිපති එස්. දේශබන්ධු මහත්තයට ඉදිරිපත් කරනවා.
එක දිනයකට තියෙන විශේෂ සිද්ධීන් හෝ පුද්ගලයින් අතරින් එකක් දේශබන්ධු මහත්තයා තෝරලා දෙනවා” මල්ලිකා පවසන්නේ ලීලා පංචාංග දින දර්ශනය හි දිනයහි විශේෂත්වය සඳහා සිද්ධියක් හෝ පුද්ගලයකු තෝරා ගන්නා අන්දම ය.
පෝය ලබන ගෙ‍වන වේලාවල්, රාහු කාලය, එක් එක් කටයුතු සඳහා සුභ වේලාවල් සහ සිංහල අවුරුදු චාරිත්‍ර පිළිබඳ තොරතුරු ඈපා පංචාංග දින දර්ශනයහි ඉන්දික සෙනවිරත්න ලබාදෙයි. දවසට නියමිත කොළයේ යටින් ම ඇති රුවන් වැකිය තෝරා දෙන්නේ නිර්මල සමරසිංහ විසිනි.
දිනකට එක කොළය බැගින් ලීලා පංචාංග දින දර්ශනයහි කොළ තුන් සිය හැට පහකි. එයට අමතරව ධම්මපදයෙහි කොටස් හෝ ප්‍රසිද්ධ කවීන්ගේ කවි පංති කීපයක් ඇතුළත් කොළ දාහතක් එයට අමතරව ලීලා පංචාංග දින දර්ශනයට එකතුවෙයි.

සිංහල මිනිසුන්ගෙන් හම්බ කළ නිසා සිංහල මිනිසුන්ට උදව් කරන්න තාත්තා හිතුවා

එස්. දේශබන්ධු, අධිපති, ලීලා මුද්‍රණාලය
එක්දහස් නමසිය හතලිස් හයේ ජූලි 29 දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට මුල්ගල තැබුණේ සර් ක්ලෝඩ් කොරයා මහතා අතිනි. එදින එම උත්සවයට ද සහභාගි වී නාගදීපයේ ද වන්දනාවේ යාම සඳහා ප්‍රකට කවීන් පිරිසක් ද එදින කන්කසන්තුරේට පැමිණ සිටියහ. ඔවුන් එදින නවාතැන්ගත්ත් එස්. ටී. සින්නදුරේ මහතාගේ තෙලිප්පිලේ ආනන්ද ගිරි නිවසේ ය. ඒ, සින්නදුරේ මහතා කොළඹ කවීන් සැමගේ අතිජාත මිත්‍රයකු ව සිටි නිසා ය. රාත්‍රි භෝජනය මෙන් ම රාත්‍රි නවාතැන් ද සැපයුනේ ආනන්දගිරි නිවසිනි.
කවි, ගීත රාත්‍රිය පුරාම තෙලිප්පිලේ ආනන්දගිරි නිවසේ පැතිරුණි.
එදින එම රාත්‍රියේ එම නිවසේ තවත් විශේෂ සිද්ධියක් සිදුවෙමින් පැවතුණි. ඒ සින්නදුරේ මැතිනිය සිය හයවෙනි දරුවා බිහි කිරීමට සූදානම්ව සිටීම ය. මධ්‍යම රාත්‍රිය එළඹීමට ප්‍රථම ඇය පුතෙකු මෙලොවට බිහි කළා ය.
ආනන්ද ගිරි නිවසේ රැස්ව සිටි සිංහල කවීන් පැවසුවේ දරුවාට සිංහල නමක් තබන ලෙස ය. විශේෂයෙන් එම ඉල්ලීම කළේ වී.ඩී. ද ලැනරෝල් කවියා ය. සින්නදුරේ මහතා එම වගකීම ලැනරෝල් මහතාට ම භාර කළේ ය.
රටට දේශයට ඥාතිවරයකු යන තේරුම ඇති ‍'දේශබන්ධු’ යන නම අලුත උපන් පිරිමි දරුවාට තැබුවේ වී.ඩී. ද ලැනරෝල් මහතා ය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනීම ලැබූ මෙම එස්. දේශබන්ධු මහතා අද ලීලා මුද්‍රණාලයහි අධිපතිත්වය දරමින් ලීලා පංචාංග දින දර්ශනය මුද්‍රණය කිරීමේ වගකීම දරයි.
“මගේ පියාගේ කාලයේ පටන් ඉතාමත් කැමැත්තෙන් ලීලා පංචාංග දින දර්ශනය මුද්‍රණය කළා‍. සිංහල මිනිස්සුන්ගෙන් සල්ලි හම්බ කළ නිසා තාත්ත හිතුව සිංහල මිනිසුන්ට උදව් කරන්න ඕනය කියලා මගෙත් කල්පනාව අඛණ්ඩව එම සේවය කරන්නයි.” එස්. දේශබන්ධු මහතා පවසන්නේ ලීලා පංචාංග දින දර්ශනය අඛණ්ඩව මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන බව ය.
සමස්ත ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ ලේකම් හා සභාපති ධූරය දීර්ඝ කාලයක් දේශබන්ධු මහතා උසුලා ඇත. කන්කසන්තුරේ උපන් හින්දු භක්තිකයෙකු වුවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් “ශාසන ශෝභන ලංකා පුත්‍ර” යන ගෞරව සම්මානය ‍ඔහුට පුද කර ඇත්තේ බුදු දහමට කර ඇති සේවය අගය කිරීමට ය.