Sunday, July 6, 2014

ජාතික පුරා විද්‍යා සතිය අද ඇරැඹේ

ජාතික පුරා විද්‍යා සතිය අද ඇරැඹේ

ජාතික පුරා විද්‍යා සතියක් අද (7) සිට ආරම්භ කෙරෙයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කරන පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවය අද දින පෙරවරු 9 ට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මෙහෙයවන "2014 ජාතික පුරා විද්‍යා සතිය යි.
ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම පාසල් ළමයින් සඳහා පුරා විද්‍යා සම්මන්ත්‍රණ මාලාවක් මේ දිනවල පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
මෙරට පුරා විද්‍යාත්මක උරුමයන් රැක ගැනීම පිළිබඳව වත්මන් පරපුරට විධිමත් අවබෝධයක් ලබාදීම අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන්වල අරමුණ බව අමාත්‍යවරයා පවසයි. මේ සමුළුවට සමගාමීව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල වැඩසටහන් සහ දේශන පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. එදිනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 124 ක් ද සපිරෙනු ඇත.

http://www.dinamina.lk/2014/07/07/_art.asp?fn=n1407075

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.