Thursday, July 3, 2014

46 වැනි පොල් තාක්ෂණික සමුළුව 7දා BMICH හිදී

46 වැනි පොල් තාක්ෂණික සමුළුව 7දා BMICH හිදී

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය ආසියානු ශාන්තිකර පොල් ප්‍රජාව එක්ව පවත්වන 46 වැනි පොල් තාක්ෂණික සමුළුව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 07 වැනි දින පෙරවරු 10.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
මේ ජාත්‍යන්තර තාක්ෂණික පොල් සමුළුව සඳහා රටවල් විසිහතක සාමාජිකයන් 156 දෙනකු සහභාගිවනු ඇතැයි පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්ප කුමාර මහතා පවසයි.
ඇමැතිවරයා මේ අදහස් පළකළේ ‍ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී අදහස් දැක්වු ඇමැතිවරයා, පොල් ක්ෂේත්‍රයේ පැවැත්වෙන විශාලතම සමුළුව මෙයයි.ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 46වැනි සමුළුවට ආසියානු ශාන්තිකර කලාපයේ නියෝජිතයන් රැසක් සහභාගිවීමට නියමිතය.
සුරම්‍ය හා තිරසාර පොල්කර්මාන්තයක් යන තේමාව යටතේ පැවැත්වෙන මේ සමුළුව මේ මස 07 දින සිට 11 දින දක්වා පැවැත්වේ. මේ සමුළුවට ආසියානු ශාන්තිකර කලාපවල පොල් ප්‍රජාව සහභාගිවීම විශේෂත්වයක්. මෙම සමුළුවේ දී නව වගාක්‍රම, නැවත වගා, නව ප්‍රබෝධ නිපදවීම, පලිබෝධ නාශකය,පොල් ආශ්‍රිත නිෂ්පාදන අගය කිරීම,ලෝ‍කයේ පොල් නිෂ්පාදනයට දේශගුනික හා කාලගුන විපර්යාස බලපාන ආකාරය,පොල් ක්ෂේත්‍රයේ නව තාක්ෂණයන් පිළිබඳව සාකච්ජා කිරීම මේ සමුළුවේදී සිදු කෙරෙනු ඇතැයිද පැවසීය.
ලෝකයේ පොල් නිෂ්පාදනය කරන රටවල් අතරින් හතර වැනි තැන අපට හිමිවී ‍තිබෙනවා.පොල් රෝගය බොහෝ රටවල පැතිර යද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටැන්සානියා සංචාරයේදී ටැන්සානියා රජය පොල් වගාව තිරසාරව කරගෙන යාම සදහා එතුමාගෙන් සහාය ඉල්ලුවා.
අප අවබෝධතා ගිවිසුමකට අනුව ඒ සඳහා තාක්ෂණය හුවමාරු කරගැනීමට එකගවුවා. කෙන්යානු සංචාරයේදී ඒ රජයත් ජනාධිපතිතුමාගෙන් පොල්කර්මාන්තය නඟා සිටුවීම සඳහා සහාය ඉල්ලුවා. ඒ රජය සමඟද සහාය ලබාදීමට එකඟවු බවද පැවසීය. අදාළ රටවල් හා සසදා බැලීමේ දී පොල් ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාව බවද පුෂ්ප කුමාර ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, අතිරේක ලේකම් ඩී.එම්.එල් බන්ඩාරනායක, පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සරත් කීර්තිරත්න පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ඒ.ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගිවුහ.
http://www.dinamina.lk/2014/07/03/_art.asp?fn=n14070315

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.