Saturday, April 19, 2014

ලැම්බට් පෙම්මාවඩු (Lambert Pemmawadu)

ලැම්බට් පෙම්මාවඩු (Lambert Pemmawadu)

ජීවන තොරතුරු
ලැම්බට් පෙම්මාවඩු නම් වූ ඒ අපූරු චරිතය පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “හඳමාමා“ ළමා වැඩසටහනේ හඳමාමා කීවොත් නිවැරදිය. මොහු අප දන්නා පරිදි ගුවන් විදුලි නිවේදකයෙකි. ලැම්බට් පෙම්මාවඩු නම් වූ ඒ අපූරු කලාකරුවා උපත ලැබු‍වේ අම්බලන්ගොඩ නම් වූ ඒ සුන්දර රමණීය ප්‍රදේශයේ වතුගෙදර කියන ගම් පියසේදීය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් මාතාවගේ තුරුලේ පෝෂණය වෙමින් සිය හැකියාවන්, දක්‍ෂතාවයන් දියුණුකර ගනිමින් ඉදිරියට ඒමට සමත් වූ ඉතා දක්‍ෂ ශිෂ්‍ය යෙකු බව කිව හැක. මෙතුමා පාසල් වියේදී ළමා ලේඛකයෙකු වශයෙන් පුවත්පත් සඟරා යනාදියට ලිපි සපයමින්, ගුවන් විදුලි ළමා පිටියේ ළමා ශිල්පියෙකු ලෙසත්, විරිඳු ශිල්පියෙකු ලෙසත් තම දස්කම් පෙන්නන්නට විය.
පාසල් අධ්‍යාපනය අවසන්වීමත් සමගම විශ්ව විද්‍යාල ප්‍රවේශය වැට මායිමේ තිබියදී රජයේ ලිපිකරු විභාගයෙන් සමත් වී ලිපිකරුවකු ලෙස කොළඹ රෝහල් අධිකාරි කාර්යාලයේ පත්වීමක් ලැබිණ. මේ නිසා මොහුට ගුවන් විදුලියට සම්බන්ධ වීමේ ඉඩකඩ වඩාත් වැඩි විය. මේ ආකාරයෙන් බාහිර ගුවන් විදුලි ශිල්පියෙකු ලෙස විවිධ වැඩසටහන් වලට සහභාගි වූ ලැම්බට් පෙම්මාවඩු ගුවන් විදුලි සහන නිවේදක පරීක්‍ෂණයෙන් සමත් වී වෙළඳ සේවයේ සහන නිවේදකයෙකු 1967-10-01 දින සිට පත්වීම ලැබීය. ප්‍රකට ගායක ගායිකාවන්, නිවේදකයින්, විද්වතුන් රැසක් රටට හඳුන්වා දුන්නේ මොහු ඉදිරිපත් කළ “හඳ මාමා“ ළමා වැඩසටහනින් බව ප්‍රකට කරුණකි. මොහු සුමනා ජයතිලක මහත්මියගෙ සමඟ ඉදිරිපත් කරන “හඳ මාමා“ ළමා වැඩසටහන මේ වන විට වසර 47 කට අධික කාලයක් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ළමා වැඩසටහන් ඔස්සේ අදත් ප්‍රචාරය වෙයි. “හඳ මාමා“ ළමා වැඩසටහන ළමයින්ගේ සිත් ගන්නා අයුරින් දරුවන්ගේ විවිධ දක්‍ෂතා ඉදිරිපත් කරමින් ගවනට එක් කරන්නට මේ දෙපළ සමත් වූ බව පුන පුන කිව යුක්තක් නොවේ. මොහුගේ කුසලතා දුටු උසස් නිලධාරීන් මොහු විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ලෙස ද පත් කරගනු ලැබීය.
1968 දී වෙළෙඳ සේවයේ කාර්යාලීය වැඩසටහන් අතර අසන්නන් සහභාගි කර ගනිමින් මොහු කරන ලද “අසන්නෙක් සමඟ“ වැඩසටහන අසන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. 1977 වසරේදී ගුවන් විදුලි සංස්ථාවෙන් නිකුත් කළ ගුවන් විදුලි සඟරාවේ “ගුවන් විදුලි ළමා සමාජය“ නම් වූ විශේෂිත පිටුවද මොහුගේ සුවශේෂ කාර්යයක් ලෙස සඳහන් කළ හැකිය. මේ හැරුණු විට මෙම කාල පරිච්ඡේදය තුළ වෙළෙඳ හා ස්වදේශීය සේවය ඔස්සේ විවිධ කාර්යාලීය වැඩසටහන්, බාහිර පටිගත කරන ලද පාඨශාලාන්තර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, විකට වැඩසටහන්, වෙළෙඳ වැඩසටහන්, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම්, සම්මුඛ සාකච්ඡා බාහිර ප්‍රචාර, විවිධ විචිත්‍රාංග ආදී වැඩසටහන් රැසක් සම්පාදනය කොට ඉදිරිපත් කර ඇත. මෙයට අමතරව ගුවන් විදුලි විරිඳු ශිල්පියෙකු ලෙසද විරිඳු ගායනා රාශියක් ඉදිරිපත් කර ඇති අතර, රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ හඬ කැවීම් ශිල්පියෙකු වශයෙන්ද ළමා වැඩසටහන් කීපයකටම හඬ මුසු කර ඇත.
මාධ්‍ය සම්බන්ධ එතෙර මෙතෙර පුහුණුව
ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාව (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)
වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය (ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය)
ප්‍රමිතිකරණය හා අදාල ප්‍රචාරක වැඩසටහන් පිළිබඳ එතෙර පුහුණුව (මැලේසියාව)
ඉදිරිපත් කරන ලද ගුවන් විදුලි වැඩසටහන් - ( කාර්යාලීය වැඩසටහන් කීපයක්)
සොඳුරු සෙවන                                    (ස්වදේශීය සේවය)
සෞඛ්‍ය පීඨය - තක්සලාව                     (ස්වදේශීය සේවය)
සුව සම්පත                               (ස්වදේශීය සේවය)
පාරිභෝගික හමුව                    (ස්වදේශීය සේවය)
මධු මාධවී කවි සඟරාව             (වෙළෙඳ සේවය)
අසන්නෙක් සමග                                 (වෙළෙඳ සේවය)
ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම් (වෙළෙඳ සේවය)
හඳ මාමා                                  (වෙළෙඳ සේවය)
වියන් සංසද                              (විදුල ගුවන් විදුලිය)
වෙළඳ වැඩසටහන් කීපයක්     
කුරේ ‍රසධාරා ඔබයි ගීතය
ආසිරි මී බිංදු
සේකර්ස් ස්වර්ණ මාලිගා
නිහාල් ගීත මාලා
සතියේ ආසිරි පැතුම්
තිස්ස රිදී සීනු ආධුනික ගීත ප්‍රසංගය
ඒ.ටී.සී. විනෝද වටය
ඔබයා ප්‍රමිතියයි
දැනුම වැඩුම ප්‍රශ්න විචාරාත්මක තරගය
ඩොලර් සංගීත මේලා ආධුනික ගීත ප්‍රසංගය
ස්වර්ණ රේඛා
විජය ගී හඬ
රේඛා ආසිරි පැතුම්
කාන්ති ගීත කුසුම්
ආසිරි මී බිංදු
සේකර්ස් රසික හමුව
මිහිරි සුබ ප්‍රාර්ථනා
සේකර්ස් ආසිරි ප්‍රාර්ථනා
සුපර්ෂයින් රිදී සීනු
මිහිරි රංගධාරා
දක්‍ෂිණ ලංකා ස්වර්ණ පැතුම්
විජේරත්න සංගීත සාදය
සුව සවිය දැනුම මිනුම තරගය
නයින් හාට්ස් සතියේ මනාලිය
සමාජ සේවා
බොරලැස්ගමුව ග්‍රාමයේ උපන් සීතා පුස්සැල්ල මහත්මිය ආදරණීය බිරිඳයි. වැඩිමහල් දියණිය රසිකා. දියණියන් දෙදෙනෙකුගේ සුරතල් බලන මද්දුම දියණිය කොළඹ ජාතික රෝහලේ අතුරු වෛද්‍ය සේවය නිලධාරිනියකි. බාල දියණිය සුරංගා, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳ උපාධිව ලබා ඇත. ඇයද විවාහකයි.
ලබා ඇති සම්මාන
1998 - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයෙන් පවත්වන ලද “ඔබේ කටහඬ තාම මතකයි“ නිවේදක ප්‍රණාම උළෙලේදී කටහඬින් කරන ලද අනූපම මෙහෙවර වෙනුවෙන් උපහාර තිළිනයකින් පිදුම් ලැබීම.
1999 - මුළු දිවයිනටම බලපාන අන්දමින් සාම විනිසුරුවරයෙකු ලෙස පත් කර ඇත.
2000 - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන විධායක නිලධාරින්ගේ සංගමයට කරන ලද මෙහෙවර වෙනුවෙන් උපහාර තිළිණයකින් පිදුම් ලැබීය.
2001 – “ලේ පරිත්‍යාගශිලීන්ගේ ඉල්ලීම්“ වැඩසටහන වසර 30 කට අධික කාලයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරමින් ජාතික ලේ දීමේ සේවයට කරන ලද අමිල සේවය වෙනුවෙන් බොරලැස්ගමුව එකමුතු තරුණ කැළ උපහාර පිරිනැමීම.
2002 – “හඳ මාමා“ ළමා වැඩසටහන වසර 42 ක් පිරීම නිමිත්තෙන් උපහාර සම්මානයකින් පිදුම් ලැබීම.
2003 - ටවර් හෝල් රඟහල පදනම මගින් කලා ශිල්පීන් සඳහා වූ විශේෂ හැඳුනුම්පත පිරිනැමීම.
2004 - අංක 1948 දරණ බොරලැස්ගමුව ධර්මරාජිකාශ්‍රම විහාරස්ථ මුතුහර ළමා සමාජයට කරන ලද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් උපහාර තිළිණයකින් පිදුම් ලැබීම.
2004 – “දේශ ප්‍රසාද මාධ්‍ය කලා කීර්ති“ සම්මානයෙන් පිදුම් ලැබීම සහ 40 වසරක් “හඳ මාමා“ ළමා වැඩසටහනින් දරුවන්ට ආලෝකයක් ලබා දීම වෙනුවෙන් බොරලැස්ගමුව ධර්මරාජකාශ්‍රම විහාරස්ථ දායක සභාව උපහාර තිළිණයක් පිරිනැමීම.
2004 - සංස්කෘතික අමාත්‍යාංශය ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හා ඒකාබද්ධව කලා ශිල්පීන් සඳහා පිරිනමනු ලබන “ප්‍රතිභා ප්‍රණාම“ රක්‍ෂණ ඔප්පු පිරිනැමීම.
2004 - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස මාධ්‍ය ක්‍ෂේත්‍රය තුල දක්වන කුසලතා හේතුවෙන් විද්‍යාලයට ගෙන දුන් කීර්තිය වෙනුවෙන් විශිෂ්ට කුසලතා සම්මානයකින් පිදුම් ලැබීම.
2004 - සංස්කෘතික දෙපාර්තුමේන්තුව පිරිනමන “කලාභූෂණ“ සම්මානයෙන් පිදුම් ලැබීම.
2004 – ජයවර්ධනපුර ගුණ සමරු පදනමින් “දේශ ප්‍රසාද මාධ්‍ය කලා කීර්ති“ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීම.
2006 - ශ්‍රී ලංකා ජනමාධ්‍ය පදනම “ප්‍රවීන ගුවන් විදුලි ශිල්පි“ ගෞරව සම්මානය පිරිනැමීම.
2007 - කොළඹ ආනන්ද විද්‍යාලීය ප්‍රවෘත්ති විකාශන ඒකකය, ජනමාධ්‍ය උන්නතිය උදෙසා කරන ලද මෙහෙවර වෙනුවෙන් උපහාර පිරිනැමීම.
2009 - ශ්‍රී ලංකා විශ්ව සමාධි සාම පදනම “දේශබන්දු“ ගෞරව සම්මානය පිරිනැමීම.
ප්‍රශංසාත්මක ලිපි
1969 - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශය කරනු ලැබූ ඇපලෝ - 11 විස්තර ප්‍රචාරය සම්බන්ධව එවකට අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි නෙවිල් ජයවීර මහතා විසින් නිකුත් කරන ලද ප්‍රශංසාත්මක ලිපිය.
1979 - ජාතික ලේ දන් දීමේ සේවයට කරන ලද සේවය අගයමින් එහි අධ්‍යක්‍ෂක තුමිය විසින් නිකුතු කරන ලද ප්‍රශංසාත්මක ලිපියග
1982 – 1982 ලෝක ප්‍රමිති දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව තුල කරන ලද ප්‍රචාරක කටයුතු අගයමින් ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයේ මහජන සම්බන්ධතා නිලධාරී විසින් නිකුත් කරන ලද ප්‍රශංසාත්මක ලිපිය
1983 - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වනු ලැබූ දැනුම වැඩුම පාඨශාලාන්තර ප්‍රශ්න විචාරාත්මක ගුවන් විදුලි / රූපවාහිනි තරග විශිෂ්ට අන්දමින් ඉදිරිපත් කිරීම අගයමින් එවකට අධ්‍යක්‍ෂක ජනරාල්ව සිටි ආචාර්ය එන්. ආර් ද සිල්වා මහතා විසින් නිකුත් කරන ලද ප්‍රශංසාත්මක ලිපිය.
1985 – “හඳ මාමා“ ළමා වැඩසටහන දීර්ඝ කාලයක් ඉදිරිපත් කිරීම අගයමින් එහි රජත ජයන්තිය නිමිත්තෙන් එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි ආචාර්ය නන්දන කරුණානායක මහතා විසින් නිකුත් කරන ලද ප්‍රශංසාත්මක ලිපිය.
http://www.rupavahini.lk/vinividawiki/artists/drama-cinema-artists-in-sri-lanka/64-lambert-pemmawadu.html

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.