ගුවන් විදුලි නාට්‍යකරණය වෘත්තීය මට්ටමට ගෙන ආ යුතුයි
සමන් අතාවුදහෙට්ටි

ඒ චිත්‍රපට ආදායම් අතින් සාර්ථකත්වයක් ලැබුවනං එහි පිටුපස තියෙන්නෙ ශ්‍රාවකයන් පළමුව රස වින්ද ගුවන් විදුලි නාට්‍යයයි. ඒ නිසා එකල ගුවන් විදුලි නාටකය සතු වූයේ ඉතා ප්‍රබල ශක්තියක්. අද එය ඒ ආකාරයෙන් ම සිදු වෙනවා දැයි ගැටලුවක් තිබෙනව. එය එසේ සිදු නොවීම නිර්මාණ ශිල්පීන්ගේවත්, රචකයන්ගේවත් වරදක් නොවේ. එය බලධාරීන්ගෙ වගකීමක්. ඒ අතරම මාධ්‍යයන්ගෙ ප්‍රසාරණය වීමක් ද දක්නට ලැබෙනව. ඒ වුණත් ප්‍රමාණාත්මක වශයෙන් එහි වර්ධනයක් දැකිය හැකි වුවද ගුණාත්මක බව වර්ධනය වීමක් සිදු වී නැහැ. ඒ නිසා හරවත් ගුවන් විදුලි නාට්‍යය මඟින් තවමත් ඒ අඩුව පුරවාලිය හැකියි. නමුත් අද වෙලා තියෙන්නෙ ශ්‍රාවක ප්‍රතිචාර වැඩියෙන් තිබෙන වෙලාවල් යැ යි වෙළඳුන් තීරණය කරන වෙලාවල් තුළ අප සිරවී සිටීමයි. වර්තමාන Rating ක්‍රමයට අනව සිද්ධ වෙන්නෙ එය වෙළඳුන්ගෙ බඩු ටික විකුණගන්න හොඳ ම වෙලාව වුණත් ජනයාගෙ රස විඳීම පිළිබඳ කෙරෙන සැබෑ වෙලාවක් නෙමේ. මේවා තනිකර ම කෘතිම දේවල්. නමුත් මුල් කාලීන ගුවන් විදුලිය සතු ව තිබූ නිවැරදි ක්‍රමවේදය නිසා නිවැරදි ලෙස සාර්ථක ශ්‍රාවක ප්‍රතිචාර ලබා ගන්න හැකි වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලි නාටකය ද ගුණාත්මක බවින් පෝෂණය වුණා. 1960 යුගයෙ ගුවන් විදුලිය බිහි කිරීමට සමත් වුණු නාටක මාලාව මෙයට දැක්විය හැකි ප්‍රබල උදාහරණයක්. ඒ යුගයෙ සුගතපාල ද සිල්වා නිර්මාණකරුවා ගුවන් විදුලි නාටකය ඉතා වැදගත් සංදිස්ථානයකට රැගෙන ආව. ඒ හරහා ශිල්පීන් වශයෙන් අපට ද ශ්‍රාවකයන්ට ද ගැඹුරු පරිකල්පන ශක්තියක් සහිත ගුණාත්මක බවින් පොහොසත් එමෙන් ම රසවත් නාටක ගණනාවක් ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබුණා. සුගතපාල ද සිල්වා ගුවන් විදුලිය තුළ අලුත් මිනිසෙක් බිහිකළා. අලුත් මනසක් බිහි කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අප වැනි පුද්ගලයන් පසු කාලයේ ගුවන් විදුලි නිර්මාණකරණයට පිවිසෙන්නෙ.
ඒ වගේම තමයි ඒ යුගය තුළ තිබුණු වෘත්තිමය පසුබිම අදට වඩා ඉතාම ඉහළයි. ගුවන් විදුලි නාටක සඳහාම පමණක් පුහුණු වූ පිරිසක් ද සිටියා. නාට්‍යයක් පටිගත කිරීමට පෙර ඒ සඳහා පෙර පුහුණුවීමක් කරනවා. එය සමහරවිට එක දවසකින් නිම කරන්න බැරිවෙන අවස්ථා තිබෙනවා. ඒ වුණත් ඊළඟ දිනයේදි පවා හැම ශිල්පියෙක් ම නැවත පුහුණුවීම් වලට එනවා. එතරම් දුරට වෘත්තිය කැපවීමක් ඒ කාලෙ තිබුණා. හැත්තෑව දශකය වන විටත් ඒ තත්ත්වය එසේම තිබුණා. නමුත් ඉන්පස්සෙ ඒ ක්‍රමවේදය ටිකෙන්ටික නැතිවෙලා ගියා. අද වෙනකොට පුහුණුවීම් කෙරෙන්නෙ එය පටිගත කිරීමට මොහොතකට පෙරයි. ඒ නිසා නැවත ඒ වෘත්තිමය තත්ත්වය ඇති කරන්න පුළුවන් නම් ඉතා සාර්ථක ගුවන් විදුලි නාටක බිහිවිය හැකියි. ඒ වගේම තමයි කොපමණ නිර්මාණශීලී වුවත් ශ්‍රාවක තත්වය සතුටුදායක නොවේ නම් එයින් එතරම් වැඩක් නැහැ. ඒ අනුව නිර්මාණශීලිත්වය වගේම තාක්ෂණික අංශය ද එකසේ දියුණු කළ යුතුයි.
මේ මොන ගැටලු තිබුණත් ගුවන් විදුලියට මම තවම ආදරෙයි. ගුවන් විදුලිය තමයි මගේ අධ්‍යාත්මය පෝෂණය කරවන්නෙ. අපි කුමන කුමන ආකාරයෙ විවිධ වැඩසටහන් කළත් ගුවන් විදුලි නිර්මාණයකින් තරම් සතුටක් ලබන්න බැහැ. අපේ ජීවිතෙ හොඳ ම කාලෙ ගෙවුණෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ. අපි ඒ තුළ විවිධ වැඩසටහන් නිර්මාණය කළා. විවිධ දේ පිළිබඳ අත්හදා බැලීම් කළා. ගුවන් විදුලි නාටකය පවා විවිධ වයස් කණ්ඩායම්වලට, ජන කණ්ඩායම්වලට ගැළපෙන පරිදි නිෂ්පාදනය කළා. ඒ වැඩසටහන් ශ්‍රවණය කරන ලද, ඒ ගුවන් විදුලි නාටක රස විඳි බොහෝ දෙනෙක් ගෙ මතකයේ තවමත් එම නාට්‍ය සම්බන්ධව හොඳ මතකයක් තියෙනව. “ගුවන්විදුලි රඟ මඬල” “ළමා රංග පීඨය” ඇතුළු සතිපතා ප්‍රචාරය වුණු සෑම ගුවන්විදුලි නාටකයක් ම ශ්‍රාවකයන්ට ගෙන ආවේ පුදුමාකාර වින්දනයක්. එවැනි නිර්මාණ සඳහා දායක වීමෙන් අප විශාල පුණ්‍යකර්මයක් සිදු කළ බව ද හැඟී යනව.
http://www.silumina.lk/punkalasa/20130728/_art.asp?fn=ar1307286
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.