
ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශය විසින් කාලයක් තිස්සේ ජනයා අතර ජනප‍්‍රියව පැවති දැන් ක‍්‍රමයෙන් අභාවයට යමින් පවතින විරිදු ගායනා කලාවට පුනර්ජීවයක් ලබා දීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
රට පුරා විසිරී සිටින දක්ෂ විරිදු ගායක ගායිකාවන් හඬ පරීක්ෂණයක් මගින් තෝරා ගෙන එම ගායක ගායිකාවන්ට ගුවන් විදුලියේ වැඩ සටහන් ලබා දීමට මේ වැඩ පිළිවෙළ යටතේ ගුවන් විදුලි සංගීත අංශය අපේක්ෂා කරයි.
විරිදු ශිල්පී පරීක්ෂණය, නිෂ්පාදක, විරිදු සුරල් සංගීත අංශය, ගුවන් විදුලි සංස්ථාව යන ලිපිනය ඔස්සේ විරිදු ගායනයෙහි දක්ෂතා ඇති අයට විරිදු ශිල්පී පරීක්ෂණයට ඉල්ලූම් කළ හැකි බව එම සංස්ථාව පවසයි.
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.