Sunday, June 22, 2014

බාලදක්ෂිකා සංගමයෙන් ළමා සුරැකුම් සතියක්

බාලදක්ෂිකා සංගමයෙන් ළමා සුරැකුම් සතියක්

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය මඟින් මේ මස 25 වැනි දින සිට ලබන මස 01 දින දක්වා " ළමා සුරැකුම් සතියක් " පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එම සංගමය පවසයි.
නිවසේදී, අසල්වැසි පරිසරයේදී, පාසලේදී ළමයාගේ ආරක්ෂාව, පෝෂණීය ආහාර, ආරක්ෂාකාරී ප්‍රවාහනය, ළමා ආරක්ෂණයේදී මාධ්‍ය වගකීම යන සෑම අංශයක්ම ආවරණය වන පරිදි මේ වැඩසටහන සංවිධාන කර ඇතැයි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් විශාකා තිලකරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ එම සතිය පුරා වැවැත්විමට නියමිත වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ය. බාලදක්ෂිකාවන් විසින් "ළමා රැකවරණය ජාතියේ ප්‍රමුඛ අවශ්‍යතාවකි " යන්න තේමා කර ගනිමින් මේ වැඩසටහන නිර්මාණය කර තිබේ. දරුවන්ට දරා ගත නොහැකි මට්ටමේ අභියෝගවලට වර්තමාන දරුවන් මුහුණ දෙන විවිධ අවස්ථාවන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලොව පුරා අන් සෑම රටකම සිදු වෙමින් පවතී. මේ වසරේ ජූනි මස Inter press වාර්තාවට අනුව දිනකට ළමයින් 3-5 ත් අතර ප්‍රමාණයක් විවිධ අපචාර සහ අපයෝජනයන්ට ලක්වන බව පෙන්වා දී තිබේ.
තවද දිනකට හදිසි අනතුරුවලට ලක්වන ළමයින් ප්‍රමාණයද ඉහළ අගයක් ගන්නා බවත් පෙන්වා දී ඇති ඇය සඳහන් කරයි. එබැවින් මේ ගැටලුව සඳහා මැදහත්වීමට බාලදක්ෂිකාවන් හැර වෙනත් සුදුස්සන් නොවන බව ඔවුහු පවසති. බාලදක්ෂිකා ව්‍යාපාරයේ ශ්‍රී ලංකාව පුරා යාපනයේ සිට මාතර දක්වා ව්‍යාප්තව සිටින 40000 ක් පමණ වන බාලදක්ෂිකාවන්ගේ සහ තරුණියන්ගේ නායකත්ව හැකියාවන් උපයෝගී කර ගනිමින් ළමා රැකවරණය සහ අභියෝගවලින් වැළකී සිටින අයුරු විදහා දක්වමින් මේ වටිනා වැඩසටහන ජාතියට දායක කිරිමට සංගමය සැරසෙන බව තිලකරන්න මහත්මිය පවසයි.
වර්තමානයේ බලදක්ෂිකා ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් පාසල් පද්ධතිය හරහා ක්‍රියාත්මක වන බැවින් මේ වන විට සංගමය 'ප්‍රජා බාලදක්ෂිකා ' කටයුතු හරහා වීථි දරුවන්,අහිගුණ්ඨික ප්‍රජාව සහ අනාථ නිවාසයන්හි වෙසෙන දරුවන් වෙනුවෙන්ද ක්‍රියාත්මකවීම අරඹෘ ඇත. වයස අවුරුදු 05 දැරියන් සිට මේ වන විට සිය ජීවන ගමනේ නවවන දශකය සමරන නායිකාවන්ගෙන්ද අප ව්‍යාපාරය සමන්විත වන බව පැවසේ.
ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනි සුජාතා කුලතුංග,ලෝක මානව අයිතිවාසිකම් උද්දේශකවරිය ආචාර්ය රධිකා කුමාරස්වාමි, අමෙරිකන් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ටීල්, යුනිසෙෆ් ආයතනයේ නියෝජිත උනා මැක්ඒලි, ප්‍රධාන කොමසාරිස්වරිය යශ්මින් රහීම්, චමත්‍යා ප්‍රනාන්දු මහත්ම මහත්මීන් මේ පිළිබඳ අදහස් ඇක්වූ අතර නිලධාරීන් සහ පාසල් සිසුවියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.