‘කැලේ ගස’ 24 වැනිදා දොරට වඩී

රාජ්‍ය සම්මාන දිනූ ‘කුමාරිහාමි’ සහ ‘කිරිගෙදර’, ‘නෙරළු උයන’, ‘උරචක්‍රමාලය’, ‘ස්වර්ණ වර්ණ’, ‘රූබර දෝණි’, වැනි ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ ජයකොඩි සෙනෙවිරත්න මහතා ලියූ ‘කැලේ ගස’ අලුත් ම නවකතාව ෙම් මස 24 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.
ජාති, ආගම්, කුලබේද මුලින් ම මතුවන්නේ පවුල නමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ පෝෂණය ද ලබමින් මේවා සමාජය පුරා විහිදී යයි. මෙය සමාජයේ සාමයට හා සහජීවනයට බෙහෙවින් හානි පමුණුවන බවට අපි අප්‍රමාණ අත්දැකීම් ලබා ඇත්තෙමු. දැනුදු ලබන්නෙමු. ‘කැලේ ගස’ නවකතාවේ පවුල් ඒකකයන් තුළින් මෙම බේද ඉස්මතු වන අයුරු විමසා බලන්නට ජයකොඩි සෙනෙවිරත්න සූරීන් උත්සාහ කොට ඇත.
ජයකොඩි සෙනෙවිරත්න මහතාගේ ‘කැලේ ගස’ නවකතාව එදින විශේෂ අඩු මිලකට පාඨකයන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා පවසයි.
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.