ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායක සම්මානය මංජුලට

චෙරුබියම් ලංකා සමාගමේ, කළමනාකාර අධ්‍යක්ෂ. මංජුල නාරායන මහතා, “2014 - ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායකත්ව සම්මානය” දිනා ගත්තේය. එන්ටප්‍රයිස් ඒසියා ආයතනය විසින් සංවිධානය කරන ලද “2014 - ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායකත්ව සම්මාන උලෙළ” පසුගිය දා කොළඹ දී පැවැත්විණි.
මෙහිදී ආසියා ශාන්තිකර කලාපයේ ව්‍යාපාරික නායකයන්ගේ ව්‍යවසායක හැකියාව නිසි ඇගැයීමට ලක්කර ඔවුන්ට සම්මාන ප්‍රදානය කරයි. මෙම සම්මාන දිනා ගැනීම සඳහා මැලේසියාව, ඉන්දුනීසියාව, බුරුමය, සිංගප්පූරුව, හොංකොං, වියට්නාමය, තායිලන්තය, ඉන්දියාව, චීනය, පිලිපීනය යනාදි රටවල් ගණනාවක ව්‍යාපාරික නායකයෝ තරග කරති.
“මරීනා” වෙළෙඳ නාමය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ද්‍රව්‍ය 40 කට අධික ප්‍රමාණයක් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට හඳුන්වා දී ඇති චෙරුබියම් ලංකා සමාගම NMK සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි. NMK සමූහ ව්‍යාපාරය එහි සභාපති මංජුල නාරායන මහතාගේ විශිෂ්ට නායකත්වය යටතේ අන්තර්ජාතික තලයට පිය මනින ලද දේශීය ව්‍යාපාරයකි.
http://www.silumina.lk/2014/06/15/_art.asp?fn=aj1406154
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.