Sunday, June 22, 2014

ජගත් පාරසරික චිත්‍ර තරගයේ මුල්තැන විශාඛාවේ කියාරා චෙනුලිට

ජගත් පාරසරික චිත්‍ර තරගයේ මුල්තැන විශාඛාවේ කියාරා චෙනුලිට

එක්සත් ජාතීන්ගේ පාරිසරික ව්‍යාපෘතිය (UNEP) ජපානයේ ගෝලීය සාමය හා පරිසරය සඳහා වන ෆෙඩරේෂණය (FGPF) බෙයර් සමාගම හා නිකෝන් සමාගමෙහි අනුග්‍රාහකත්වයෙන් වර්ෂයක් පාසා පවත්වනු ලබන ජාත්‍යන්තර පාරිසරික ළමා චිත්‍ර තරගයේ ආසියානු ශාන්තිකර කලාපයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට කොළඹ විශාඛා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. කියාරා චෙනුලි පෙරේරා ශිෂ්‍යාව සමත් වී සිටී.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක , අධ්‍යාපන අමාත්‍යාංශයේ යුනෙස්කෝ ශාඛාවේ ලේකම් ජනරාල් ධම්මිකා විජයසිංහ, කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනී සඳමාලී අවිරුප්පොල මහත්ම මහත්මිහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
එම චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්වය හෙට (23) සිට 27 වැනි දා දක්වා කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පාරිසරික මූලස්ථානයේදී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගිවීම සඳහා ජයග්‍රහණය කළ ශිෂ්‍යාව වෙත ගුවන් ටිකට් පත පිරිනැමීම අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අතින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගය සඳහා චිත්‍ර 2500ක් පමණ ඉදිරිපත් කර ඇත. ආසියානු ශාන්තිකර කලාපයේ චිත්‍ර තරගය සඳහා චිත්‍ර 63,700ක් ඉදිරිපත් කර තිබිණි.
මේ සංචාරය සඳහා ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් සංවිධායකයන් විසින් දරණු ලබ අතර මේ ත්‍යාග ප්‍රදානොත්සවයේදී ඇයට අමෙරිකන් ඩොලර් 1000ක ත්‍යාග මුදලක් ද හිමිවේ‍.

http://www.dinamina.lk/2014/06/23/_art.asp?fn=n14062313

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.