Wednesday, June 18, 2014

දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක ස්මාර්ට් ස්විච් වෙළෙඳපොළට


ග්ලෝබල් රිසෝර්සස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ නවතම හඳුන්වාදීම වන ස්මාර්ට් ස්වීච් ඕනෑම පොදු දුරස්ථ පාලකයක් මඟින් දැල්වීමට සහ නිවීමට හැකි විදුලි බුබුළු ධාරකයකි (holder). එමෙන්ම, 100% ක්ම ශ්‍රී ලංකාවෙහිම නිපදවා අලෙවි වන පළමු සහ එකම ඉලෙක්ට්‍රොනික විදුලි බුබුළු ධාරකය ද මෙය වේ.
තාක්ෂණ ඉංජිනේරු ශිරන්ක ද සිල්වා ගේ මූලිකත්වය යටතේ නිපදවා ඇති මෙම ස්මාර්ට් ස්වීච්, වර්තමානයේ දිවයින පුරා භාවිත වන, ස්වීච් පැනලය වෙතටම ගොස් නිවිය යුතු ගෘහස්ථ විදුලි බුබුළු ස්වීචයට සුදුසුම ආදේශකය වෙයි. මෙම ස්මාර්ට් ස්වීච් ධාරකයට CFL, LEDහෝ ටන්ස්ටන් ආදි වූ ඕනෑම විදුලි බුබුළක් පහසුවෙන් සවි කිරීමට ද හැකියාව ඇත. එමෙන්ම වොට් 300 ක් දක්වා වූ බලශක්ති මට්ටමෙන් යුත් ඕනෑම ගෘහස්ථ විදුලි උපකරණයන් සමඟින් මෙය භාවිත කිරීමට ද හැකිය.
මෙම ධාරකයේ සංවේදකය නිර්මාණය කර ඇත්තේ පොදු දුරස්ථ පාලකයන් ගෙන් විහිදුවන අධෝරක්තයන් සමඟින් සම්බන්ධ වීමට හැකි වන ලෙසින් වීම මෙම නිර්මාණයේ සුවිශේෂී ලක්ෂණයයි.
මේ ස්මාර්ට් ස්වීච් ඕනෑම ගෘහස්ථ දුරස්ථ පාලකයක් සමඟින් ක්‍රියා කරවා විදුලි බුබුළ දැල්වීමට මෙන්ම නිවීමට ද හැකියාව ඇත. මෙම ස්මාර්ට් ස්වීචය සලසා දී ඇති සුවිශේෂී පහසුව වන්නේ බාධක රහිත විවෘත ස්ථානයකදී මීටර් දහයක වට ප්‍රමාණයක් ඇතුළත ඔබ සිටින ආසනයේ හෝ ඇ‍ඳෙහි සිටම ඕනෑම විදුලි බුබුළක් දැල්වීමට සහ නිවීමට ඇති හැකියාවයි. මෙම ස්මාර්ට් ස්වීච් භාවිත කිරීම ඉතාමත් පහසු කාර්යයක් වන අතර විදුලු බුබුළු ධාරකයට ඕනෑම දුරස්ථ පාලකයක් එල්ල කර එහි ඕනෑම බොත්තමක් එබීමෙන් විදුලි බුබුළ ක්‍රියාත්මක කරවීමට හැකිය.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.