Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Sunday, August 3, 2014

ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද (04) රාත්‍රී 07.15ට වීදි සංචාරය කරනු ඇත.

දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), ඊ.එල්. සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

http://sinhala.news.lk/news/entertainment/item/3543-2014-08-03-16-29-53

උසස් පෙළ විභාගය හෙට ඇරැඹේ

උසස් පෙළ විභාගය හෙට ඇරැඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2014) විභාගය හෙට (5) ආරම්භ කෙරේ.
අගෝස්තු මස 29 වනදා දක්වා පැවැත්වෙන විභාගය සඳහා අයදුම්කරුවෝ 2, 96, 313ක් පෙනී සිටිති.
පාසල් අයදුම්කරුවෝ 2,34,192ක් ද පෞද්ගලික අයදුම්කරුවෝ 62116ක්ද විභාගයට පෙනී සිටීමට නියමිතය.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2120ක විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 295ක විභාගය සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙයි
විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අගෝස්තු 29 දා ආරම්භ කෙරේ.
විභාගය පැවැත්වෙන කාලසීමාවේ විභාග වංචා සිදු කරන අය කොටු කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට ඇතැයිද වංචා සිදු කර හසුවන්නන්හට දැඩි සේ නීතිය ක්‍රියාත්මක කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා දිනමිණට ප්‍රකාශ කළේය.
http://www.dinamina.lk/2014/08/04/_art.asp?fn=n1408046

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද (03) රාත්‍රී 06.50ට වීදි සංචාරය කරනු ඇත.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද

දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), ඊ.එල්. සේනානයක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.


NDH

ලංකා බැංකුවයි මේ ඔබේ, වාසනා නිධානයයි ජාතියේ...!!!


BOC 75th Anniversary Logo2014-8
ලංකා බැංකුවයි මේ ඔබේ

වාසනා නිධානයයි ජාතියේ
ලක් දනන්ගෙ පින් බලෙන් පහළ වූ
කප් රුකයි සිත් දිනයි සුරබි දේනුවයි
ජාතියේ මහා --- දායාදයයි

ජාතියේ මහා පහන් ටැඹ ලෙස ජනාදරයට පත් මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයාගේ 75වන සංවත්සරය අදට 01 යෙදී ඇත.පළමු ලෝක යුද්ධයෙන් පසුව කොළඹ වරාය කේන්ද්‍ර  ගත් භාණ්ඩ හුවමාරු පොළක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් ජනප්‍රියත්වයක් ඉසිලීය. වෙළඳාමට ජනප්‍රියත්වයක් ඉසුලුවත්, මෙකළ රට තුළ දේශීය ව්‍යාපාරිකයින් හට බැංකු පහසුකම් ප්‍රමාණවත්ව නොතිබීම ප්‍රධාන ගැටලුවක්ව තිබිණි. ඉන්දියාවේ නාට්ටුකොට්ටෙයි හි සිට පැමිණ ණය වෙළෙඳ‍පොළ මෙහෙයවූ චෙට්ටියාර්වරුන්, ඇෆ්ගන්වරුන් සහ සීමිත විදේශ බැංකු කිහිපයක් බැංකු හා මූල්‍ය කටයුතුවල නියැළී සිටියහ. ඔවුන් හරහා දේශීය ව්‍යාපාරික පන්තියට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් හෙයින් මෙකල බොහෝ දේශීය ව්‍යාපාර බිඳවැටෙමින් පැවැතිණි.
 
Chairman - BOC Air Chief Marshal Harsha Abeywickrema  BOC 222
 
 
මේ හේතූන් මත දේශීය බැංකුවක අවශ්‍යතාව මතු වූ අතර, එවකට පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා ප්‍රධානත්වය ගනිමින් දේශීය බැංකුවක අවශ්‍යතාවය පිළිබඳ අදහස රාජ්‍ය මත්ත්‍රණ සභාව වෙත ගෙන යන ලදී. දේශීයව බැංකුවක් පිහිටුවීම වැදගත් අවශ්‍යතාවක් මෙන්ම රටේ දේශීය වෙළෙඳ ව්‍යාපාර සංවර්ධනයට මහත් පිටුවහලක් වන බව අවබෝධ කරගත් රාජ්‍ය මන්ත්‍රණ සභාව දේශීය බැංකුවක් පිහිටුවීම පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා ඉන්දියානු බැංකුකරුවෙක් වූ සොරාබිජ් ‍පොක්කනවාලා මහතා ප්‍රමුඛ කමිටුවක් පිහිටුවා එතුමාගේ නිර්දේශවලට අනුව 1938 අංක 53 දරන මුදල් ආඥා පනත යටතේ ලංකා බැංකුව පිහිටුවීම සඳහා අනුමැතිය ලබා ගත්හ. එවකට ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ධුරය දැරූ සර් ඇන්ඩෲ කොල්ඩිකෝට් මැතිතුමා අතින් 1939 අගෝස්තු 01 දා බ්‍රිස්ටල් වීදියේදී සුබ මොහොතින් ලංකා බැංකුව (BOC) ආරම්භය සනිටුහන් විය.

City OFfice on day of Inauguration2014

ඒ අනුව සිය ප්‍රථම ශාඛාව 1941 ඓතිහාසික මහනුවරදීද දෙවැන්න 1944 ගාලු පුරවරයේදීද විවෘත කළ ලංකා බැංකුව 1949 වසරේදී එතෙර සිය ශාඛා ජාල ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් ලන්ඩන් නගරයේ සිය ප්‍රථම අනුබද්ධිත විදේශ බැංකු ශාඛාව පිහිට විය. එතැන් පටන් එය 1981දී මාලේ දක්වාද 1995දී චෙන්නායි දක්වාද 2014 වර්ෂයේදී තවදුරටත් විදේශ මූල්‍ය වෙළෙඳපොළට පිවිසෙමින් සී ෂෙල්ස් දක්වාද සිය ව්‍යාපාර කටයුතු පුළුල් කරනු ලැබීය. එය තවදුරටත් ලෝකය පුරා ප්‍රචලිත කරමින් ශ්‍රී ලංකා දීපය තුළ පමණක් නො ව අක්වෙරළ තුළත් සිය නම රඳවමින් ජාතියේ මහා පහන් ටැඹ ලෙස නැගී සිටීමට අර අදිමින් පවතී. ඒ අනුව වර්තමාන ලංකා බැංකු සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ නායකත්වය පෙරටු කර ගනිමින් සිය ශාඛා ජාලය නුදුරු අනාගතයේදී අප්‍රිකානු මහද්වීපයට, ඉන්දියාවට සහ නැගී එන වෙනත් වෙළෙඳපොළ කිහිපයක් වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.


ඒ අයුරින්ම යුරෝපයෙහි මූල්‍ය වෙළෙඳපොළ සමඟ ඇති නියෝජිත සම්බන්ධතාවන්හි ශක්‌තිය තුළින් බැංකුව ඉතාලියෙහි ශ්‍රී ලාංකේය ඩයස්‌පෝරාව අධික ලෙස සංකේන්ද්‍රණය වී ඇති ප්‍රදේශයන් වෙත තවදුරටත් ප්‍රවිෂ්ට වීම සඳහා කටයුතු යොදමින් පවතී. සාර්ක්‌ කලාපය වෙතද තම ශාඛා ජාලය විහිදුවාලීමේ ශක්‍යතාව පිළිබඳව ලංකා බැංකුව ගවේෂණ කරයි.
1977 විවෘත වෙළෙඳ‍පොළ ආර්ථික කටයුතු ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමත් සමඟ බැංකු කටයුතු ව්‍යාප්තිය සඳහා පුළුල් ඉඩකඩක් නිර්මාණය විය. එහිදී බැංකුවේ වත්කම් තැන්පතු අත්තිකාරම් මෙන්ම ලාභයද ඉහළ නැංවිණි. ඒ සමඟ ම බැංකුවේ කාර්ය මණ්ඩලය ශාඛා ව්‍යාප්තිය මෙන්ම නව නිෂ්පාදන හා සේවා යන අංශද මෙතෙක් නොවිහිදුන මානයන් ඔස්සේ විහිදී ගියේය. ඒ අනුව වරාය, ගුවන් සේවා, යටිතල සංවර්ධනය, ජල විදුලි සංවර්ධනය, කෘෂිකාර්මික හා වාණිජ අංශයන් යනාදියට මූල්‍ය සහ බැංකුකරණ සේවා සපයමින් ලංකා බැංකුව රටේ ආර්ථිකයේ සියලු ම අංශයන්ට සමීපව ඇත. සම්ප්‍රදායික බැංකු කටයුතුවලට අමතරව ලංකා බැංකුව ණයපත්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා 24 පැය බැංකු කටයුතු සහ කල්බදු සේවා වැනි විවිධාංගීකරණයන්ටද ලක්විය. 1989 දී ලංකා බැංකුව වීසා ණයපත් නිකුත් කිරීමෙන් ප්‍රථමයෙන් කාඩ්පත් වෙළෙඳ‍පොළටද අවතීර්ණ විය.

1987 මැයි 27 කොළඹ කොටුවේ ජනාධිපති මාවතේ මහල් 32 කින් සහ කුලුණාකාර හැඩයකින් යුත් නව මූලස්‌ථාන ගොඩනැඟිල්ල ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් විවෘත කෙරණි.ලංකා බැංකුව මේ වන විට මූල්‍ය වෙළෙඳ‍පොළ ඛණ්ඩනය කරමින් කුඩා දරුවාගේ ගිනුමේ සිට

‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා විවිධගිණුම් හඳුන්වා දී ඇත. සියලු ම ගනුදෙනුකාර කණ්ඩායම් සඳහා ගැළපෙන මූල්‍ය විසඳුම් ලබාදෙන ලංකා බැංකුව පුද්ගලික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, ආයෝජන බැංකු, ඉස්ලාම් බැංකු සහ සංවර්ධන බැංකු යන සියලු අංශ ආවරණය වන සේ බැංකු සේවා සපයයි.
 
City Office - First Branch2014
දිවයිනපුරා විහිදුනු ශාඛා 618ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) 530කින් යුතු ජාලයකින් දිවයිනේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ කරා ලංකා බැංකුව අද සමීප වී ඇත. මෙහි ප්‍රධාන ශාඛාවලට අමතරව සාමාන්‍ය ජනතාවගේ මට්ටමේ ව්‍යවසායකත්ව දියුණුව සඳහා බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව (SME) මධ්‍යස්ථාන 15ක්ද පවත්වාගෙන යනු ලබයි. කොළඹ ප්‍රධාන කාර්යාලයේ දින 365 බැංකුකරණ පහසුකම සමඟ තෝරාගත් ශාඛා කීපයක බැංකු කටයුතු කෙරෙන පැය ගණන දීර්ඝ කිරීම මගින් දේශීය බැංකුකරණ කර්මාන්තය සියලු අංශවලින් රජයමින් BOC සන්නම් නාමය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට වඩාත් සමීප කරවමින් බැංකු කටයුතු සඳහා ඇති කාලය පිළිබඳ ගැටලුව අඩු කිරීමට ලංකා බැංකුව සමත්වී ඇත.

දිවයිනේ බැංකු හා මූල්‍ය කටයුතු හා සම්බන්ධ ගනුදෙනුකාර භවතුන් දශලක්ෂයකට අධික ප්‍රමාණයක් ලංකා බැංකුවේ සේවා දයකත්වය ලබන අතර, විදේශ නියෝජිත බැංකු 866ක් ලංකා බැංකුව සතු වේ.
 
Current BOC Tower2014
75 වසරක දිගු ගමන පුරා ලංකා බැංකුව හිමිකරගත් ජයග්‍රහණයන්ද විශාලය. ෆිච් රේටින් ලංකා විසින් දේශීය වාණිජ බැංකුවකට ප්‍රදානය කරන ලද ඉහළ ම ශ්‍රේණිගත කිරීම වන AA + (lka) මගින් බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ඇත. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා ආයතනය විසින් අඛණ්ඩව පසුගිය වසර හය පුරා රුපියල් බිලියන 30.836ක සන්නම් වටිනාකමක් සහිත ශ්‍රී ලංකාවේ අංක 01 සන්නම් නාමය ලෙස ලංකා බැංකුව ශ්‍රේණි ගත කර ඇත. ලංකා බැංකුව සතු මේ වන විට පවතින වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වන අතර, මෙතරම් වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවටද ලංකා බැංකුව අද පත්ව ඇත.

එමෙන් ම ද බෑන්කර් (UK) සඟරාව ලැයිස්තුගත කර ඇති පිළිවෙලින් 2012, 2013 සහ 2014 වර්ෂයේදී ලංකා බැංකුව ලෝකයේ ඉහළ ම පෙළේ බැංකු 1000 අතරින් එකක් ලෙස විශ්ව කීර්තියට පත්ව ඇත. ඉන්දියාවේ මුම්බායිහි මූලස්ථානය පිහිටා ඇති ප්‍රධාන අලෙවි නිලධාරීන්ගේ මණ්ඩලය (CMO Council) විසින් 2013 ආසියාවේ හොඳම සන්නම් නාමය ලෙස පිළිගැනීමට ලක් වූ එනම් ශ්‍රී ලාංකේය නාමය ලෙස බැංකුව සිය සම්මානය හිමි කර ගැනීමට සමත් විය.

දිවයිනේ සියලු ම ගම්දනවු නගරපුරා අද වන විට ලංකා බැංකුව නියෝජනය වේ. ශ්‍රී ලාංකේය ජනගහනයෙන් අඩක්‌ම පාහේ BOC සන්නම් නාමය සමඟ විවිධ අයුරින් සම්බන්ධ වී ඇත. එහි බහුවිධ මාර්ග සහ බහුවිධ මුහුණත් ස්‌වභාවය මගින් ගනුදෙනුකරුවන්, ව්‍යවසායකයන් හා ආයෝජකයන් හට ඉහළ තලයක ප්‍රතිලාභ රැසක් ළඟා කර ගැනීමට මඟ පෙන්වමින් විවිධ බැංකුකරණ නිමැවුම් හා සේවාවන් පරාසයක්‌ තුළින් බැංකුව එහි ගනුදෙනුකරුවන් වෙත සමීප වී ඇත.
උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධනය සඳහා පෙරමුණ ගනිමින් ඉතා වෙහෙස මහන්සි වී උපයාගත් ධනය විනාශ වී අසරණ බවට පත් ජනතාවට සුවිශේෂී සේවයක් ලබාදීමටද ලංකා බැංකුව තම සාම්ප්‍රදායික බැංකුකරු යන නාමයෙන් ඔබ්බට පියවර තැබීමද සුවිශේෂී වේ. උතුරු දකුණ සබඳතාව යළි ශක්තිමත් කරමින් යාපනය දුම්රිය පොළ නැවත ගොඩනැංවීමට ද ලංකා බැංකුව මගින් ශක්තිමත් අත්වැලක් සපයනු ලැබූයේ ආසියාවේ ආශ්චර්යය කරා ශ්‍රී ලංකාව ගමන් කරන ගමන් මග තව තවත් ඒකාලෝකවත් කිරීමට අවශ්‍ය ශක්තිමත් මූල්‍ය පවුරක් ලෙස නැගී සිටිමිනි.


එනූෂා බණ්ඩාර
 http://sinhala.news.lk/fetures/item/3476-2014-08-01-3
 

ශිෂ්‍යත්ව විභාගයට අමතර පන්ති අගෝස්තු 11න් පසු තහනම්

ශිෂ්‍යත්ව විභාගයට අමතර පන්ති අගෝස්තු 11න් පසු තහනම්
අගෝස්තු මස පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අගෝස්තු 11 දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය. 

මේ විභාග සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතට අනුව මෙලෙස අමතර පන්ති පැවැත්වීම තහනම් කර ඇත.
මෙම විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය, මෙහෙයවීම සහ පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්නපත්‍රවලට අදාළ ප්‍රශ්න ලබා දෙන බවට සඳහන් දැන්වීම්, බැනර්, ප්‍රචාරක පුවරු, අත්පත්‍රිකා යනාදිය විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම මේ අනුව සපුරා තහනම් කර ඇත. 

මේ අනුව ක්‍රියානොකරන අය කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ කරුණු කඩකරමින් විභාග නීති රීති උල්ලංඝනය කරන අයෙකු හෝ ආයතනයක් වෙත් නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. විභාග දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 0112784208, 0112784537 හෝ විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911ට හෝ පොලිස් මුලස්ථාන දුරකතන අංක 0112421111 හෝ දැනුම් දිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

NDH
http://sinhala.news.lk/news/sri-lanka/item/3493-11

1959 - ජාතික රෝහලේ තොරතුරු

ජාතික රෝහලේ තොරතුරු 1959 ඇමතීමෙන්

කොළඹ ජාතික රෝහලෙන් සපයන සේවාවන් සහ රෝහලෙන් තොරතුරු ලබා ගත හැකි පරිදි මධ්‍යස්ථානයක් ලබන සඳුදා (04) ජාතික රෝහලේදී විවෘත කෙරේ.
මෙම තොරතුරු මධ්‍යස්ථානය මඟින් මහජනතාවට කඩිනමින් හා විශ්වාසදායක ලෙස අවම කාල සීමාවක් තුළ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.
මෙම තොරතුරු ඒකකය ජාතික රෝහලට වසර 150ක් පිරීම නිමිත්තෙන් පිහිටුවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසයි.
ඔබට අවශ්‍ය තොරතුරු 1959 දුරකථන අංකයට කථා කිරීමෙන් ලබා ගත හැකිය.

අම්මයි තාත්තයි කන්න බොන්න දුන්නා චිත්‍රසේනයි මමයි නැටුවා


- වජිරා ඩයස්
මහරට ගිහින් පන්ති කරන්න බැරි නිසා කුඹුරු අරන් වැඩ කළා
ඔබේ සම්පූර්ණ නම?
නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මණි දමයන්ති පෙරේරා. ඒත් ‘වජිරා’ කියලා කෙටියෙන් කිව්වම තමයි කවුරුත් දන්නේ.
උපන් දිනය?
1932 මාර්තු 15.
ගම?
කළුතර.
පියා?
නල්ලපෙරුම ආරච්චිගේ චාර්ලිස් පෙරේරා. තාත්තා කළුතර නගර සභාවේ වැඩ කළේ.
මව?
ලිලියන් පෙරේරා. වෘත්තියෙන් ගුරුවරියක්. කළුතර මහා විද්‍යාලයේ ඉගැන්වූවා.
පවුලේ කී දෙනා ද?
හත්දෙනයි. සහෝදරියෝ පස්දෙනයි. සහෝදරයෝ දෙන්නයි. එක අක්ක කෙනෙක් පුංචි කාලේම මැරුණා. ඒ ඇදුම රෝගය උත්සන්න වීමෙන්.
ඉගෙන ගත් පාසල?
පුංචිම කාලේ හොරණ ශ්‍රීපාලියට ගිහින් තියෙනවා. ඒක රවින්ද්‍රනාත් තාගෝර්තුමා මුල් ගල තියලා පටන්ගත්තේ. ඊළඟට කළුතර බාලිකාව. තුන්වැනුව කොල්ලුපිටිය මෙතෝදිස්ත.
නැටුම්වලට කුඩා කාලයේ ඉඳන්ම ඔබේ සුවිශේෂ කැමැත්තක් තිබුණා ද?
මටත් වඩා අපේ අම්මට තමයි මාව නැටුම්වලට යවන්න වුවමනා කළේ. අනෙක ඒ කාලේ පාසල්වල නැටුම් පීරියඩ් එකක් තිබුණා. අධ්‍යාපන මට්ටමිනුත් නැටුම්වලට පිළිගැනීමක් තිබුණු බව එයින් පැහැදිලියි. අම්මලගේ ඉස්කෝලේ පවත්වන ප්‍රසංගවලට මම පොඩි පොඩි අයිටම්ස් ඉදිරිපත් කළා මතකයි.
ඔබට කොහොම ද චිත්‍රසේන මුණගැහුණේ?
චිත්‍රසේනගේ ‘විධුර’ නාටකය කළුතර නගර ශාලාවේ තිබුණා. මං කිව්වනේ අපේ තාත්තා වැඩ කළේ නගර සභාවේ කියලා. නගර ශාලාව භාරව හිටියෙත් තාත්තා. එහි යතුර තිබුණෙත් ඔහු අතේ. ඒ නිසා අපි කළුතර පවත්වන නාට්‍ය, නැටුම් බලන්න යනවා. ඒ විතරක් නෙමේ. ඒවා පවත්වන කලාකාරයෝ අපේ ගෙදරටත් එනවා. බොහෝ විට රෑ කෑම කන්නේ අපේ ගෙදරින්. මට මතකයි චිත්‍රසේන කණ්ඩායමත් ආවා. එතකොට මං හුඟක් පුංචියි. ඒ විදියට තමයි චිත්‍රසේන හඳුනගත්තේ. පස්සේ එයා කළුතර නැටුම් පන්ති පවත්වන්නත් ආවනේ.
ඒ කාලේ කවුද චිත්‍රසේනගේ සහායක නැටුම් ශිල්පිනිය?
චන්ද්‍රලේඛා. කළුතර ප්‍රසංගයේ නැටුවෙත් එයා.
චිත්‍රසේනගේ පවුල් පසුබිම මොකද්ද?
එයාගේ තාත්තා සීබට් ඩයස්. වැඩ කළේ ලේක්හවුස් එකේ එකවුන්ටන් කෙනෙක් විදියට. ඔහු නූර්ති යුගයේ ප්‍රකට නාට්‍යකරුවෙක්. වැඩියෙන්ම කළේ ශේක්ෂ්පියර්ගේ නාට්‍ය. එයා ශයිලොක්ටත් රඟපාලා තියෙනවා. චිත්‍රසේනගේ අම්මා ක්‍රිස්තියානි. සර් ඩී. බී. ජයතිලක ඒ ගොල්ලන්ගේ පැත්තෙන් ළඟම ඥාතින්නේ. ඔවුන් බටහිර පන්නයට නැඹුරු වුණු අය. පල්ලි ගිය, ගීතිකා කියපු කට්ටිය. චිත්‍රසේන නටනවට වුණත් ඒ අය කැමැති වුණේ නැහැ. ඔවුන් හිනාවුණා මිසක් කවදාක්වත් චිත්‍රසේනව අගය කළේ නැහැ. ඔවුන්ට ඕනැ වුණේ චිත්‍රසේන නීතිඥයෙක් කරන්න. චිත්‍රසේනගේ තාත්තා තමයි එයාට කලාකාරයෙක් වෙන්න පසුබිම සකස් කළේ.
ඔබ කොළඹට ආවේ?
අක්කා මෙඩිකල් කොලේජ් එකට තේරුණා. ඒ නිසා අපිට කොළඹ එන්න සිද්ධ වුණා. අපි නැවතුණේ කොල්ලුපිටියේ චිත්‍රසේනගේ ගෙදර. ඉස්කෝලේ ගියෙත් එහෙ ඉඳන්. කොල්ලුපිටියේ මෙතෝදිස්ත එකට.
එතකොට කලායතනය පටන් අරන් ද?
ඔව්. කලායතනය පටන්ගත්තේ 1944 දි. සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, අමරදේව, සෝමබන්දු විද්‍යාපති, ගංගානාථ මේ ඔක්කොම හිටියේ එහේ. ඒගොල්ලන්ට වෙනම කෑල්ලක් තිබුණා. අපි හිටියේ වෙනත් පැත්තක. සෝමබන්දු තමයි චිත්‍රසේනගේ පළමු නැටුම් ශිෂ්‍යයා. ප්‍රේමකුමාර්, ශේෂා පලිහක්කාර, ගංගානාථ එහි සමකාලීන ශිෂ්‍යයෝ. මාත් එක්ක පද්මා අල්විස් කියලා කෙනෙක් හිටියා නැටුම් ඉගෙන ගන්න.
ඔබ ඔය කියන කලාකාරයෝ ඔක්කොම චිත්‍රසේනගෙන් ද යැපුණේ?
චිත්‍රසේනගෙන් නෙමෙයි එයාගේ තාත්තගෙන්. චිත්‍රසේනට ආදායමක් තිබුණේ නැහැ. නැටුම් කරලා එයා අතින් පාඩු විඳ ගත්තා මිසක් ආදායමක් ලැබුවෙ නැහැ. මං දන්නෙ නැහැ ඔය කලාකාරයෝ චිත්‍රසේනලට මාසෙකට කීයක් හරි ගෙව්ව ද නැද්ද කියලා. මොකද මං එතකොට පුංචියි. අපි වුණත් කසාද බැන්දයින් පස්සෙ අපිට කන්න බොන්න දුන්නේ චිත්‍රාගේ අම්මයි තාත්තයි. චිත්‍රසේනගේ සහෝදරියෝ දෙන්නෙක් හිටියා කසාද නොබැඳපු. ඒ අයයි අපේ අම්මයි තමයි අපේ දරුවන් බලාගත්තේ. චිත්‍රයි මමයි නැටුවා විතරයි. නැටුවේ නැත්තේ ළමයි හම්බු වෙද්දි විතරයි. ඒ හම්බුවෙලා කිරි දෙන ගමනුත් නැටුවා.
ඔබ චිත්‍රසේනගේ මුද්‍රා නාට්‍යයකට මුලින්ම සම්බන්ධ වුණේ මොකකට ද?
‘විධුර'ට. මම ඒකේ නාග කන්‍යාවක් විදියට රඟපෑවා. ‘විධුර’ සංගීතවත් කළේ ජේ. සාදිරිස් මාස්ටර්. ඒ කියන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ තාත්තා. ඔය කාලේ ‘පැජන්ට් ඔෆ් ලංකා’ කියලා සංදර්ශනයක් තිබ්බා. චිත්‍රාගේ තාත්තා ඒකට අයිටම් දෙකක් ඉදිරිපත් කළා. එකක් ‘විජය සහ කුවේණි’ අනෙක ‘රාවණා හා සීතා’ මම ‘රාවණා හා සීතා’ හි මුව පොව්වකුට හිටියා.
ඔබ චිත්‍රසේන එක්ක විවාහ වුණේ?
1950 දී.
කවුද මුලින්ම ප්‍රේමය ප්‍රකාශ කළේ?
මං එයාගේ නංගි කෙනෙක් වගෙයි හැදුණේ. වයස් පරතරයත් අවුරුදු 11 ක් විතර. අනෙක එකටමයි හිටියේ. ඒ නිසා බැඳීම් ඇතිවුණා ඉබේම වගේ.
සංසාරික බැඳීම්?
වෙන්නත් ඇති. නැත්නම් මේ විදියට එක තැනකට එක්කහු වෙන්නෙ නැහැනේ.
ඔබ සාමාන්‍යයෙන් ගෙදරදි චිත්‍රසේනයන්ට කතා කළේ ‘චිත්‍රා’ කියල ද?
ඔව්. බඳින්න කලින් නම් කොහොම කතා කළා ද කියලා මට මතකයක් නැහැ.
කොහොම ද පවුල් ජීවිතේ?
එයාට හරියට කේන්ති යනවා. රණ්ඩු වුණාම තරහ වෙලා එහෙ මෙහෙ යනවා සමහර දවස්වලට යාපනයටත් යනවා. මම රණ්ඩු වුණාම කරන්නේ බැවිලගමුවේ ලපයා ගුරුන්නාන්සේගේ ගෙදරට (කුරුණෑගල) යන එකයි. මම උඩරට නැටුම් ඉගෙන ගත්තෙ එහෙදිනේ. මම මාස දෙකක් නැවතිලා නැටුම් ඉගෙන ගත්තා.
පියෙක් විදියට?
එයා ළමයින්ට බොහෝම ආදරෙයි. ළමයි නාවන්නෙ ඇ‍ඟේ තෙල් ගාලා අව්වෙ තියලා තියන්නෙ එයා.
චිත්‍රසේනයන් බොහෝම හැඩිදැඩි පුරුෂයෙක්නේ. ඔහු තමන්ගේ ශරීරය ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඇති.
අපොයි ඔව්. එයා ඇඟ හදාගන්න හුඟක් වෙහෙසුණා. එයා වැල්ලවත්ත පැත්තේ මුහුදට යනවා පීනන්න. ඒක හොඳ ව්‍යායාමයක්නේ. අනෙක හුඟ වෙලාවක් මුහුදේ නෑමෙන් ලෙඩ හොඳ වෙනවයි කියලා එයා විශ්වාස කළා.
‘නල දමයන්ති’ මුද්‍රා නාට්‍යයේ ඔබ හංසයා? මේකට රුසියාවේ ‘ස්වෝන් ලේක්’ එකේ ආභාසය තියෙනවා කියලා විචාරකයන් කියලා තියෙනවා?
නම් අපි ‘ස්වෝන් ලේක්’ එකේ ආභාසය ගත්තා. නැතුව නෙමෙයි. ඒකේ ඇඳුම් නිර්මාණ කළේ සෝමබන්දු. රුසියාවේ බොල්ෂෝයි රඟහලේ ‘ස්වෝන් ලේක්'වල නැටුම් ඇනා පව්ලෝවාගේ. ඇය ලෝකයේ ශ්‍රේෂ්ඨතම මුද්‍රා නාට්‍ය ශිල්පිනියක්. එතකොටනං එයා වයසයි.
මාර්තා ග්‍රැහැම්?
ඇය නූතන ඇමෙරිකානු මුද්‍රා නාට්‍ය කලාවේ පුරෝගාමි චරිතයක්. 1956 දි විතර ඇය ලංකාවට ආවා. ඇයව ගුවන් තොටුපළේදි පිළිගත්තෙත් චිත්‍රසේනයි මමයි.
‘කරදිය’ නිර්මාණය කළේ තනිකරම ඔබ වෙනුවෙන් යැයි අප අසා තිබෙනවා.
ඔව්. ඒක ඇත්ත. මම ඊට කලින් මුද්‍රා නාට්‍යවල රඟපෑවේ සත්තුන්ගේ චරිත. මුවා, හංසයා වගේ. ‘කරදියේ’ ප්‍රධාන කාන්තා චරිතය (සිසී) කළේ මම. මන්නඩිරාල විදියට තමයි චිත්‍රා රඟපෑවේ.
‘කරදිය’ හදපු හැටි මතක ද?
මතකයි. චිත්‍රසේනගේ යාළුවෙක් හිටියා මාතර. එයාගේ දුවලට නැටුම් උගන්වන්න චිත්‍රා කෝච්චියේ මාතරට යනවා. ඉතිං එයාට දකින්ට ලැබෙන්නේ උදේට මාළු දැල් ගොඩට අදින ධීවරයෝ. ඒක තමයි මූලික අත්දැකීම. ‘හෝයියා හෝයියා’ ගීතය පවා මුලින්ම මිමුනුවේ ඔහු. පසුව අමරදේව ඒක වර්ධනය කළා. චිත්‍රසේනට සංගීතය පිළිබඳ දැනුමක් තිබුණා. ශාන්ති නිකේතනයේදී රාගධාරි සංගීතයත් ඉගෙන ගෙන තිබෙනවා. ඕනෑම රාගයක් ගැන එයා දන්නවා.
‘නල දමයන්ති'. ඒකත් විශිෂ්ට නිර්මාණයක් එකෙත් තිබුණා විශිෂ්ට ගීතයක්. අමරදේවයන් ගයන ‘ඈත කඳුරක හිමව් අරණේ'.
ඔව්. එය චිත්‍රසේන කලායතනයේදීම මහගමසේකරයි, අමරදේවයි එක්වෙලා කරපු නිර්මාණයක්. අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒ වගෙ කලාකාරයෝ නැතිකම. දැන් බලන්න, සෝමබන්දු. ඒ වගෙ කෙනෙක් ආයේ බිහිවුණේ නැහැනේ.
ඇත්තටම චිත්‍රසේනයන් මෙරට කලාවට කරපු සේවය ඔබ දකින්නේ කොහොම ද?
එක්තරා කාලයක නැටුම, පහත් පෙළේ දෙයක්, අඩු කුලේ අයගේ කලාවක් විදියටයි සැලකුණේ. ඒ ආකල්පය වෙනස් කළේ චිත්‍රා. අපේ යාතුකර්මවල තිබුණු නැටුම්, නූතන වේදිකාවලට සරිලන විදියට අරගෙන එයින් කිසියම් කතාවක් කලාත්මකව ඉදිරිපත් කිරීමක් තමයි ඔහු කළේ. ඒක හරියට මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය කලාවට කළා වගෙ සේවයක්. සරච්චන්ද්‍රයන් පැරණි නාඩගම් රංග රීතිය උපයෝගි කරගෙන එය නූතනවාදී ප්‍රකාශනයක් විදියට ඉදිරිපත් කළා. අනෙක අපිට අතීතයට දිවෙන මුද්‍රා නාට්‍ය සම්ප්‍රදායක් නැහැ. ඒක ගොඩ නැංවූයේ චිත්‍රා. තවත් කාරණාවක් තමයි ඒ සඳහා ප්‍රේක්ෂක පිරිසක් බිහි කිරීම. බෙර හඬක් ඇහුණාම නැටුමක් දැක්කම ‘හූ’ කියන තත්ත්වයක් එදා තිබුණේ. ඒ තත්ත්වය නැති කරලා මේක කලා මාධ්‍යයක් බව තහවුරු කළේ චිත්‍රසේන.
ඔබත් ස්වාධීනව මුද්‍රා නාට්‍ය කීපයක් නිර්මාණය කර තිබෙනව නේද?
මම හුඟක් කළේ ළමා මුද්‍රා නාට්‍ය. ‘කුමුදිනි’ තමයි මගේ මුල්ම නිර්මාණය. එය ආනන්ද සමරකෝන්ගේ ළමා ගීයක් ඇසුරෙන් නිර්මාණය කළා. සමරකෝන් කොහොමත් අපේ බැලේවලට සින්දු ලිව්ව රචකයෙක්. ‘විධුර’, ‘චණ්ඩාලිකා’ ගීත ලිව්වේ ඔහු. ඊට පස්සේ ‘හිම කුමරිය’, ‘සේපාලිකා’, ‘රන් කිකිළි’, ‘ගිනි හොරා’, ‘නිල් යකා’, ‘හපනා’ වගේ බැලේ කළා. ‘ගිනි හොරා’ සිබිල් වෙත්තසිංහගේ කතාවක්.
ඔබ වෙස් බැන්දේ නැද්ද?
මං පුංචි කාලේ වෙස් ඇඳුම ඇඳගෙන පින්තූරයක් එහෙම අරන් තියෙනවා. ඒත් වෙස් බැන්දෙ නැහැ. ගැහැනු වෙස් බඳින්න හොඳ නැහැයි කියලා සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවනේ. අනෙක පිරිමි ඇඳුම ගැහැනු අඳිනවට මං කැමැති නැහැ. අපි කරන්නේ පිරිමි නැටුම නෙමෙයිනේ. තාණ්ඩව, ලාස්‍ය කියලා දෙවර්ගයක් තියෙනවනේ.
1982 දි කොල්ලුපිටියේ කලායතනයෙන් ඔබලාට යන්න සිද්ධ වෙනව නේද?
කොල්ලුපිටියේ ගේ අයිතිව තිබුණේ බෝගල පතලේ හිමිකරු වූ ඊ. පී. ඒ. ප්‍රනාන්දු මහතාට. එයා චිත්‍රාගේ තාත්තගේ යාළුවෙක්. එයාගේ එකවුන්ට්ස් බැලුවෙත් චිත්‍රසේනගේ තාත්තා. එයා තමයි පරිත්‍යාගයක් විදියට මේ ගේ කලායතනයක් පවත්වගෙන යන්න දීලා තිබුණේ. හැබැයි නිත්‍යානුකූල අයිතියක් විදියට නෙමේ. එයා මැරුණයින් පස්සේ එයාගේ ඥාතීන් අපිට යන්න කිව්වා. අපි මහරට ගියේ ඉන් පස්සේ.
එතකොට මේ ගේ ගිනි තිබ්බේ කවුද?
චිත්‍රගේ අදහසක් තිබ්බා කවුරුහරි වුවමනාවෙන්ම ගිනි තිබ්බ කියලා. නමුත් මං හිතන්නෙ නැහැ; අල්ලපු ඉඩමේ ලොකු බිල්ඩින් එකක් හදමින් තිබුණා. එතැන වැඩ කරපු මනුස්සයෙක් සිගරට් එකක් බීලා කොටය මේ පැත්තට විසි කරලා. ඒ දවස්වල අපි කංකාරියක් නටන්න පොල් අතු මඩුවක් හදලා තිබුණා. ඒකට ගිනි ඇවිළිලා ඒ ළඟ තිබුණු අපේ කාර් එකත් ගිනි ගත්තා. ඕකයි සිද්ධ වුණේ.
ඒ කියන්නේ දේශපාලනමය වශයෙන් සැලසුම් සහගතව කවුරුහරි කරපු දෙයක් නෙමෙයි.
නැහැ. මං හිතන්නෙ නැහැ. හැබැයි චිත්‍රා නම් එහෙම හිතුවා.
ඔහු කියලා තියෙනවා, ප්‍රේමදාස ආණ්ඩු කාලේ තමා පැන්නු බව.
ඔව්. නමුත් මේකට දේශපාලනයක් සම්බන්ධ නැහැ.
මහරට ගිහින් මොකද කළේ?
එහෙ ඉඳන් පන්ති කරන්න බැහැනේ. ඒ නිසා චිත්‍රා කුඹුරු වගයක් අරන් වැඩ කළා. කොළඹින් ගෙයක් ගන්න අපිට සල්ලි තිබ්බෙ නැහැ. පන්ති වුණත් තිබ්බේ අතන මෙතැන. වයි. එම්. බී. එකේ තිබුණා, මිලාගිරිය සෙන්ට් පෝල් එකේ තිබ්බා. ඊට පස්සෙ තමයි නාරාහේන්පිට ඉඩම අපිට දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. දැන් එතැන පන්ති පවත්වගෙන යනවා.
ඔබෙත් චිත්‍රසේනගෙත් දේශපාලන දර්ශනය වුණේ මොකද්ද?
අපි දෙන්නම සමාජවාදි අදහස් තිබුණු අය. අපේ නිර්මාණවලින් පවා ඉදිරිපත් කළේ ඒ වගෙ දර්ශනයක්. වරක් චිත්‍රසේනට ඇමෙරිකාවට යන්න වීසා දුන්නෙ නැහැ, එයා කොමියුනිස්ට්කාරයෙක් කියලා. ඒත් අපි ක්‍රියාකාරී දේශපාලනයක හිටියේ නැහැ. අපි මහර ඉද්දි චිත්‍රා අබලන් වෙච්ච ළිඳක් අලුත්වැඩියා කරලා දුන්නා ගම්මුන්ගේ පාවිච්චියට. මං හිතන්නේ රුපියල් හාරදාහක් විතර වියදම් කරලා. ගම්මු හිතුවේ එයා දේශපාලනය කරන්න යනවා කියලා.
චිත්‍රසේන මියගියේ කොහොම ද?
පිළිකාවකින්.
පැය 24 ක් ඇතුළත අවසන් කටයුතු හමාර කළ යුතුයි කියලා ඔහු කියලා තිබුණයි කියැවෙනවා.
මමයි කියලා තිබුණේ. මං ඒක පොතක ලියලා තිබුණා. චිත්‍රා ඒක දැකලා එයාටත් ඕනැ වුණා එහෙම කරන්න. දැන් බලන්න ගාමිණි ෆොන්සේකා මැරුණු වෙලේ එයාගේ බොඩි එක කොයි කොයි තැන්වලට අරන් ගියා ද? ඒක මියගිය කෙනාට අගෞරවයක් නේ.
දැන් ඔබේ සාමාන්‍ය දින චර්යාව මොකද්ද?
මං සුමානෙකට තුන් දවසක් පන්ති කරනවා. සෙනසුරාදා නම් මුළු දවසම වගෙ පන්ති කරනවා. මම දැන් භාවනා කරන්න ඉගෙන ගන්නවා. අපේ ගුරුවරයා වන්නේ ඉන්දීය ජාතිකයෙක්. බොම්බායේ තමයි ඔහුගේ භාවනා මධ්‍යස්ථානය තියෙන්නේ.
දැන් ඔබේ කී වැනි පරපුර ද නටන්නෙ?
මේ හතරවැනි පරම්පරාව. මගේ දරුවන් ගෙන් නැටුමට සම්බන්ධ නොවුණේ පුතා අනුදත්ත ඩයස් විතරයි. ඉස්කෝලේ යනකොටත් එයා ක්‍රිකට් ගැහුවා මිසක් නැටුවෙ නැහැ. එයා දැන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක්.
අද නැටුම හුඟක් පිරිහිලානේ. ඔබේ ගෝළයන් වන චන්න විජේවර්ධන වගේ අය චිත්‍රපට නළු නිළියන්ව නටවනවා.
ඒ ගැන මං මුකුත් කියන්නෙ නැහැ. අපි වගෙ සාම්ප්‍රදායික නැටුම් කරලා සල්ලි හම්බ කරන්න බැහැනේ. ඒ අය දැනගන්න ඕනැ තමන්ගේ ගෞරවය තියාගෙන වැඩ කරන්න.
වරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඔබට ආචාර්ය උපාධියක් දෙන්න බැහැ කිව්වලු නේද?
මට පස්සෙ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලැබුණා.
මහාචාර්ය තිස්ස කාරියවසම් හා මහාචාර්ය මුදියන්සේ දිසානායක පොතක් ලියලා තියෙනවා ‘ශ්‍රී ලාංකේය නව නර්තන කලාවේ පුරෝගාමියෝ’ කියලා. ඒ පොතේ පද්මිණි දහනායක, සිරිමති රසාදරි වෙනුවෙන් පරිච්ඡේද වෙන්වෙලා තිබුණත් ඔබ වෙනුවෙන් එකම පරිච්ඡේදයක් ලියැවී නැහැ.
පද්මිණි නම් මගෙන් නැටුම් ඉගෙන ගත් ශිෂ්‍යාවක්. මුදියන්සේ දිසානායක අපේ බැලේ එකකත් රඟපෑවා. (ශිව රංග) අපිත් එක්ක තරහවක් නැහැ. ඒත් මං දන්නෙ නැහැ ඇතුළෙන් කොහොම ද කියලා.



 http://www.silumina.lk/2014/08/03/_art.asp?fn=ay1408031

“මොන තූත්තුකුඩියක ද ගිහිල්ලා හිටියෙ”....?

තූත්තුකුඩි පල්ලියේ

මංගල්ලයට ශ්‍රී ලාංකිකයන් අදටත් යනවා


“කොයි තරම් වෙලා හෙව්ව ද? මොන තූත්තුකුඩියක ද ගිහිල්ලා හිටියෙ” අප කුඩා අවදියේ නිවෙසින් බැහැරව ගොස් ආපසු නිවෙසට පැමිණි විටෙක අපේ ආච්චිලා සීයලා අප විමසුවේ එසේ ය. තූත්තුකුඩිය අපේ ආච්චිලා සීයලාගේ කතා ව්‍යවහාරයට එසේ එක්ව තිබුණේ ඉතා ඈත කාලයක සිට ශ්‍රී ලංකාව හා තූත්තුකුඩිය අතර තිබූ සමහර සම්බන්ධතා නිසාය. එක් කරුණක් වූයේ අතීතයේ බොහෝ විටෙක අපේ බත්පත රසගැන්වූ කරවල මෙරටට ගෙන්වූයේ තූත්තුකුඩියෙන් නිසාය.
එයට වඩා වැදගත් හා සුවිශේෂී කරුණ වූයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ජන කොට්ඨාසයක් වූ ශ්‍රී ලංකා භාරතයන් හෙවත් පරවර ජනතාවගේ ආදිතමයන් ශ්‍රී ලංකාවට පැමිණියේ තූත්තුකුඩියෙන් වීමය.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔවුන්ගේ සමුද්‍ර යාත්‍රික කටයුතු පහසුකර ගැනීම සඳහා කොළඹ වරාය සංවර්ධනය කර ගැනීම ඔවුනට අවශ්‍ය විය. මේ සඳහා ඉංග්‍රීසින් සමුද්‍ර යාත්‍රික කටයුතු පිළිබඳ දැනුමක් ඇති පිරිසක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩිය ප්‍රදේශයෙන් මෙරටට රැගෙන ආහ. ධීවර කර්මාන්තය පිළිබඳ දීර්ඝ අත්දැකීම ඇති දකුණු ඉන්දියාවේ වෙරළබඩ ජීවත්වූ මේ ජන කොට්ඨාසය හැඳින්වූයේ පරවර ජනතාව යනුවෙනි.
මෙලෙස කොළඹ වරායේ සේවය සඳහා පැමිණි පරවර ජනතාවගෙන් සමහර දෙනකු ආපසු තම උපන් බිමට නොගොස්, ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන කොළඹ කොච්චිකඩේ කොටහේන, මෝදර වැනි ප්‍රදේශවල පදිංචි වූහ. එලෙස ඉංග්‍රීසි පාලන සමයේ තූත්තුකුඩියෙන් පැමිණි පරවර ජනතාව ගෙන් පැවත එන්නන් අදත් මේ ප්‍රදේශවල විශාල වශයෙන් ජීවත් වෙති.

මුතු කිමිදීම

එයටත් පෙර කාලයක ශ්‍රී ලංකාවේ මුතු කිමිදීම සිදුකරන සමයේ වයඹදිග වෙරළ ප්‍රදේශයේ මුතු කිමිදීම සඳහා තූත්තුකුඩියේ පරවර මිනිසුන් මන්නාරම, අරිප්පුව, මුතු හලාවත වැනි ප්‍රදේශවලට පැමිණියහ. ඔවුන් අතරින් සමහර දෙනකු ද ආපසු තම මවු රටට නොගොස් එම ප්‍රදේශවලම බින්න බැස්සහ. අද ඒ ප්‍රදේශවල ජීවත්වන සමහර දෙනකු ද ඒ ආදිතම පරවර ජනතාවගෙන් පැවත එන්නෝ වෙති.
පරවර ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ අප කලින් ද කී පරිදි තූත්තුකුඩිය හා ශ්‍රී ලංකාව අතර තිබූ කරවල වෙළෙඳාමය. වසර හැත්තෑවකට අසූවකට එහා අතීතයේ සිංහල මිනිසුන් බත් වේලට මස් මාළු එකතු වූයේ කලාතුරකිනි. නමුත් කරවල කැබැල්ලක් ඔවුන්ගේ බත් පතට ආගන්තුක කෑමක් නොවීය. එනිසා හොඳ කරවල වෙළෙඳාමක් එකල ශ්‍රී ලංකාවේ විය.
එකල මෙරටට අවශ්‍ය කරවල වැඩිපුර ගෙන්වූයේ තූත්තුකුඩියෙනි. තූත්තුකුඩියට සමීප ඉන්දියන් සාගරයේ පිහිටි ලක්ෂ්ද්ව් දූපත් සමූහය සම්පූර්ණයෙන් කරවල නිෂ්පාදනය කරන ස්ථාන විය. ඒවායේ කරවල ද යැවුණේ තූත්තුකුඩියටය.
ඉංග්‍රීසි යුගයේ පටන් ලංකාවේ කරවල වෙළෙඳාමේ මෙහෙයුම සිදුවූයේ කොළඹ බංගසාල වීදියේය. එම කරවල වෙළෙඳාමේ ඒකාධිකාරිය හිමිව තිබුණේ ද පරවර ජනතාවටය. එලෙස කරවල ව්‍යාපාරිකයන් වශයෙන් පැමිණි පරවර ජනතාවගෙන් කොටසක් ද ආපසු ඉන්දියාවට නොගොස් ශ්‍රී ලංකාවේම පදිංචි වූහ.
අද ක්‍රියාත්මක නොවූවත් එකල මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම යන ප්‍රදේශවල විදේශීය කුඩා නෞකාවන් යන එන වරාය විය. එම වරායන්හි ආනයනික බදු අය කිරීම සඳහා රේගුව ද එම ස්ථානවල ක්‍රියාත්මක විය. තූත්තුකුඩිය වරායෙන් කරවල සහ වෙනත් කුළුබඩු රැගෙන ආ සමුද්‍ර යාත්‍රාවල සේවය කළ සමහර පරවර පුද්ගලයන් ද ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා විවාහ වූහ. එම නිසා ඔවුන්ගෙන් පැවත එන පරවර ජනතාවක් ද මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම වැනි ප්‍රදේශවල ජීවත් වෙති.

ගෞරවාදරය

එම පරවර ජනතාවගෙන් පැවත එන්නන් දැන් ශ්‍රී ලංකාවේ හඳුන්වන්නේ “ශ්‍රී ලංකා භාරත” යනුවෙනි. ඔවුන් අතරින් ජෝන් රුද්‍රිගු, ජෝර්ජ් ආර්. මෝතා අපේ පාර්ලිමේන්තුව ද නියෝජනය කර ඇත.
නීතිඥ ජේ. විල්සන් ප්‍රනාන්දු, සෙල්වම් කෲස් මොරායස්, ජුවාන් ඩි කෲස්, ක්ලැරන්ස් ඩි කෲස්, ලාසරුස් දබරේරා පරවර ජාතිකයන් අතර කියැවෙන කීර්තිමත් නාමයන්ය.
ශ්‍රී ලාංකික පරවර ජනතාවගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍ර වූ තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමිදූගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සිදු කරනුයේ සෑම වසරකම අගෝස්තු පස්වන දින ය. පසුගිය දිනෙක ඉන්දීය “හින්දු” පත්‍රය පවසා තිබුණේ ඉන්දීය ශ්‍රී ලාංකික සබඳතාවය ප්‍රකට කරන තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍ය අගෝස්තු 05 දින ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ද සහභාගිත්වයෙන් සිදුවෙන බවත්, වාර්ෂික මංගල්‍ය උත්සවයේ මුල පිරීම ජූලි 26 දින කොඩි ගස එසවීමත් සමඟ සිදුවූ බවය.
ඈත අතීතයේ හින්දු භක්තිකයන් වශයෙන් සිටි තූත්තුකුඩියේ පරවර ජනතාව කතෝලික භක්තිකයින් බවට පත්වූයේ 1538 දීය. ඒ පේදුරු ගොන්සාල්වේස් නමැති කතෝලික පියතුමකු විසින් එම පරවර පිරිස බෞතීස්ම කිරීමෙනි.
එම වසරේම එහි කුඩා දේවස්ථානයක් ඉඳිවූ අතර, එය පේදුරු ගොන්සාල්වේස් පියතුමාගේ ආරක්ෂක මුනිවරයා වූ ශුද්ධ වූ පේදුරු තුමා වෙනුවෙන් කැප කරන ලදී. ඉන්දියාවේ අපෝස්තුලුවරයා ලෙස සැලැකෙන ෆ්‍රැන්සිස් සේවියර් මුනි තුමා ද මෙම දේවස්ථානයේ දීව්‍ය පූජාව පවත්වා ඇත.
එක්දහස් පන්සිය අසූ දෙකේදී මෙම දෙව් මැඳුර ජේසු නිකායික පියවරුන්ගේ භාරයට පත්විය. එම කාලයේ කොචින්හි ඉන්දියාවේ අගරදගුරු තුමා විසින් මෙම දේවස්ථානය “තුෂාරයේ අප ස්වාමි දූ” ගේ නමින් කැප කරන ලදී. තුෂාරයේ අප ස්වාමි දූ ඔවුන් සැලකුවේ ධීවර නාවුකයන්ගේ ආරක්ෂක මුනිවරිය ලෙසය.
1610 සිට තූත්තුකුඩිය තුෂාරයේ අප ස්වාමි දූගේ පල්ලියේ වාර්ෂික මංගල්‍ය අගෝස්තු පස්වන දින ඉතාමත් උත්සවාකාරයෙන් පවත්වනු ලැබේ.

නොගැඹුරු මුහුද

එක්දහස් නවසිය අසූ දෙකේදී තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමි දූගේ දේවස්ථානයේ හාරසිය වැනි ජුබිලිය සමරන ලදී. ඒ නිමිතිකොට දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් 1982 ජූලි 30 දින නිකුත් කළ අපෝස්තලික ලිපියෙන් එම දේවස්ථානය බැසිලිකාවක තත්ත්වයට උසස් කරන ලදී. පසුව දෙවන ජුවාම් පාවුළු පියතුමා ඉන්දියාවට සපැමිණි අවස්ථාවේදී තූත්තුකුඩිය තුෂාරයේ අප ස්වාමිදූගේ බැසිලිකාවට ද සපැමිණ ඇත.
“තූත්තුකුඩිය එහෙම නැතිනම් ටියුටිකොටන් වරාය කොළඹ වරාය තරම් ලොකු නැහැ. එහි තියෙන්නෙ නොගැඹුරු මුහුද. ඒ වගේ ම කීප පැත්තකින් ගොඩබිමෙන් ආවරණය වෙලා තියෙන නිසා වාරකන් කාලයට වුණත් බත්තල් රුවල් ඔරු දෙතුන් සීයක් ඒ වරායෙ නවත්වල තියන්න පුළුවන්” තූත්තුකුඩිය වරාය පිළිබඳව එම තොරතුරු හෙළි කරන්නේ සමුද්‍රාගමනය පිළිබඳ දීර්ඝ අත්දැකීම් ඇති ඇන්ටනි ජයකොඩිය.
ඔහු පවසන ලෙස එක්දහස් නවසිය හැට ගණන්වල ඉන්දියාවට යෑමට ගමන් බලපත්‍ර අවශ්‍ය වූයේ නැත.
“ඒ කාලෙ මේ ජාතික හැඳුනුම්පත කියල දෙයකුත් නැහැනේ. ඒ කාලෙ ඉන්දියාවට යන්න ක්ලියරන්ස් පේපර් කියල එකක් දෙන්නෙ. නමුත් පදිංචි ප්‍රදේශයේ ඩී. ආර්. ඕ. කන්තෝරුවට ගියාම කොළයක නම, තොරතුරු ලියල ක්ලියරන්ස් පේපර් එක දෙනවා. ඒක රේගුවට ඉදිරිපත් කළාම ඉන්දියාවට යන්න පුළුවන්” ඇන්ටනි ජයකොඩි පවසන්නේ එක්තරා යුගයක ඉන්දියාවට යෑමට ගමන් අවසර ලබාගත් අන්දම පිළිබඳවය.
ඔහු පවසන ලෙස එයට පසු කාලයක “ඉන්ඩියා ඔන්ලි” යනුවෙන් සටහන් කළ පාස්පෝට් එකක් නිකුත් විය. ඒ සඳහා රුපියල් දහයක මුදලක් අය කෙරුණි. වසර පහක් සඳහා නිකුත් කෙරුණ එය වාර්ෂිකව අලුත් කරගත යුතු විය.
ධීවර සංස්ථාවේ බහුදින ධීවර යාත්‍රාවල නැව් පති සහ කුඩා වෙළෙඳ නැව්වල ප්‍රධාන නිලධාරී ලෙස වසර ගණනාවක සේවා අත්දැකීම් ඇති පමුණුගම සෙත්තප්පාඩුවේ ඇන්ටනි ජයකොඩි එම වෘත්තිමය කටයුතුවලදී කීප වාරයක්ම තූත්තුකුඩියට ගොස් ඇත.

කොඩි ගස

“මම තුන් පාරක් විතර තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමි දූගේ බැසිලිකාවට ගිහිල්ලා තියෙනවා. පල්ලියෙ කොඩි ගස ඔසවන වෙලාවට වගේ ම පල්ලියෙ මංගල්ලයටත් ගිහින් තියෙනවා” ඔහු සිතන්නේ එය කතෝලිකයකු වශයෙන් ඔහුට හිමි වූ වාසනාවක් බවය.
තුෂාරයේ අප ස්වාමි දූගේ බැසිලිකාව පිහිටා ඇත්තේ තූත්තුකුඩිය නගරයට සමීපවය. තූත්තුකුඩිය වරායේ සිට නගරයට යෑමට බස් රථයක් ඇත. ඒවා ලී බොඩිවලින් යුක්ත, ඉඳ ගැනීම දෙපැත්තේ බංකු පේළි දෙකක් ඇති පරණ පන්නයේ ඒවාය.
“තූත්තුකුඩියෙ පල්ලියෙ කොඩි ගස ඔසවන්නෙ ජුලි විසිහයවැනි දිනක. අඩි හැත්තෑ පහක් විතර උස ඒ ලී කොඩි ගහ නිල් පාටින් වර්ණ ගන්වා තියෙන්නෙ” හෙතෙම එලෙස විස්තර කරන්නේ කතෝලික පල්ලියක වාර්ෂික මංගල්‍යය ආරම්භ කරන පිළිවෙළ පිළිබඳවය.
සවස් කාලයේ සිදු කෙරෙන කොඩි ගස එසවීමේ චාරිත්‍රයේදී තූත්තුකුඩියේ එක් එක් පැතිවල ජීවත්වන කතෝලිකයින් කොඩි ගසේ එල්ලීම සඳහා කොඩි රැගෙන නාගසලම් සංගීතයත් සමඟින් දේවස්ථානය ඉදිරිපිටට ළඟා වෙති.
“අපේ ගම්වල කොඩි ගහ උස්සද්දි කිරිබත් දානය දෙනව වගේ තූත්තුකුඩියේ පල්ලියේ කොඩි ගස ඔසවද්දි ‘පුක්ක’ කියල කෑමක් දානයට දෙනවා. ඒක මුංඇට තම්බල සීනි දාල හදන එකක්. අපේ කිරියා වගෙයි. ඒ පාටමයි. ලොකු තඹ භාජනවල දාගෙන ‘පුක්ක’ ගේනවා. කොඩි ගහ ඉස්සුවයින් පස්සෙ හැඳිවලින් නුග කොළ වගේ ඒවට බෙදලා දෙනවා. ටිකක් ඝනකම් නිසා ඇඟිලි දෙකෙන් පහසුවෙන්ම කෑවැකි” ඒ තූත්තුකුඩියේ අමුතු ආහාරය පිළිබඳ තොරතුරුය.

ධීවර ගම්මාන

තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍ය පවත්වන්නේ අගෝස්තු පස්වන දිනය. එදිනට ඉන්දියාවේ බොහෝ ධීවර ගම්මානවලින් මෙන්ම ශ්‍රී ලංකාවේ සමහර ධීවර ගම්මානවලින් ද පිරිස් එම මංගල්‍යයට සහභාගි වෙති.
“අපේ පල්ලිවල මංගල්‍යවලට වගේ විකාර විලාසිතා එහෙ පල්ලියෙ නැහැ. පල්ලියට එන හැම පිරිමි කෙනෙක්ම සුදු වේට්ටිය සුදු කමිසය හරි සුදු අත් දිග බැනියමක් ඇඳල තමයි එන්නෙ. ගෑනු අය ඔක්කොම සාරි අඳින්නෙ.
පල්ලිය ඇතුළදී සාරි පොටෙන් ඔළුව වහගන්නවා.” කවුරුවත් සපත්තු සෙරෙප්පු දාගෙන පල්ලියට ඇතුළු වෙන්නෙ නැහැ, ඇන්ටනි ජයකොඩි එලෙස පැහැදිලි කරන්නේ තූත්තුකුඩිය කතෝලික බැතිමතුන්ගේ ආගමික ශ්‍රද්ධාව පිළිබඳවය. දේවස්ථානය ඇතුළත හරහා ඇවිද යෑම, දේවස්ථානය තුළ කථා කිරීම සිදුවන්නේ නැත.
දේවස්ථානයන්හි ආගමික කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන් දේවස්ථානය අසල ඇති වතුර බක්කිවලින් ස්නානය කිරීම අනිවාර්යයෙන් සිදුවන්නකි.
“පල්ලිය ළඟම තාප්පයකින් වට කළ ස්ථානයක පිරිමින්ට සහ කාන්තාවන්ට නාන්න වෙනම ස්ථාන දෙකක් තියෙනවා. අපේ ඉණ ගාවට වගේ උසින් පුංචි සිමෙන්ති ටැංකි හදල තියෙනව. හැම තිස්සෙම ඒවායෙ වතුර පිරිල තියෙනවා. පුංචි බාල්දියක් දෙනව නාගන්න. නෑවයින් පස්සෙ ඉන්දියානු රුපියලක් වගේ මුදලක් දෙනවා එතැන වැඩ කටයුතු කරන අයට” ඇන්ටනි ජයකොඩි වැඩිදුරටත් පවසන ලෙස එලෙස පැමිණෙන ඉන්දියානු බැතිමතුන් පල්ලියට පැමිණීමේදී ඇඳගෙන ආ ඇඳුම්වලින්ම ස්නානය කරන බවය.
තූත්තුකුඩිය තුෂාරයේ අප ස්වාමි දූගේ බැසිලිකාව සමීපයේ ඇති එක් මාර්ගයක් දෙපසම පිරී ඇත්තේ බාබර් සාප්පුවලිනි.
“සමහර අය පල්ලියට ඇවිල්ල එක් එක් භාරහාරවලට හිස සම්පූර්ණයෙන් මුඩු කරන සිරිතක් එහි තියෙනවා. පල්ලිය ඇතුළෙ මිනිස්සු දාහක් හිටියොත් අඩු ගණනෙ තිහ හතළිහක්වත් හිසකේ සම්පූර්ණයෙන් මුඩු කළ අය ඉන්නවා.” අපේ සංචාරකයා මේ විස්තර කරන්නේ අපේ රටේ දක්නට නොලැබෙන නමුත් එහිදී දක්නට ලැබෙන අපූරු භාරහාර වීමක් පිළිබඳවය. මෙලෙස පල්ලියට ගිය එක් අවස්ථාවකදී මංගල ඇඳුමෙන්ම පැමිණි මනාලියක් ඇයගේ හිසකේ සම්පූර්ණයෙන් මුඩුකර පල්ලිය ඇතුළු වූ විලාශය දුටු බවය.

වන්දනාකරුවෝ

ඉටිපන්දම් පත්තු කරන ස්ථානය සමීපයෙහි තඹවලින් නිර්මාණය කළ කුඩා මිනිස් සිරුරු, කුඩා කකුල්, කුඩා අත් වැනි දේවල් දක්නට ලැබෙන බව ඇන්ටනි ජයකොඩි පවසයි.
“ඇඟට ඇඟක්, කකුලට කකුලක්, අතට අතක් භාරවෙන සිරිතක් ඔවුන්ගේ තියෙනව. කකුලක ආබාධයක් තිබුණම එය සනීප වෙන්න කකුලට කකුලක් බාර වෙනවා. කුඩා තඹ කකුලක් පූජා කරල තමයි ඔවුන් එය ඔප්පු කරන්නෙ. පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ඡායාරූපත් ඒ බාරහාර වෙන තැන එල්ලා තියෙනවා මම දැක්කා. මම කෙනෙකුගෙන් අහපුවම කීවෙ අතුරුදන් වුණ අයගෙ ඡායාරූප එහෙම එල්ලන්නෙ ඔවුන් සොයා දෙන්න කියලයි”, ඇන්ටනි ජයකොඩි නොනවත්වාම විස්තර කරන්නේ තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමිදූගේ පල්ලියේදී දක්නට ලැබෙන අපූරු ආගමික වත් පිළිවෙත් පිළිබඳවය.
පල්ලියට නුදුරින් ඇති එක් මාර්ගයක දෙපස පිහිටා ඇති කඩ හාරසියයකට වැඩි ප්‍රමාණයක් පිරී ඇත්තේ ඉස්තරම්ම වර්ගයේ සුදු යකඩ, තඹ, පිත්තල හට්ටි මුට්ටි වළං ආදියෙනි.
“තූත්තුකුඩි යන අපේ වන්දනාකාරයො බොහෝ විට මේ භාජන මිලදී ගන්නවා. එයට අමතරව ඉස්තරම්ම සඳුන් තෙල්, රත් හඳුන්, සුදු හඳුන්, ඇ‍ඟේ තවරන කහ කුට්ටි තූත්තුකුඩියෙන් මිලදී ගන්න පුළුවන්.”
ඇන්ටනි ජයකොඩි පවසන ලෙස තූත්තුකුඩියෙහි ඇති ආපන ශාලාවල ඇති ආහාර ඉතා රසවත්ය. ආපන ශාලා සමීපයෙන් යන විට ද එහි ඇති ආහාරවලින් නික්මෙන කුළුබඩු සුවඳින් නැහැපුඬු පිරී යයි. එහි ආහාර පිළියෙල කිරීමේදී මිරිස් වැඩිපුර භාවිත වන්නේ නැහැ. නමුත් සූදුරු, මාදුරු, කොත්තමල්ලි වැනි කුළුබඩු යහමින් භාවිත වෙයි.

කුළුබඩු සුවඳ

“කෑමට එළවළු දෙකකුයි මාළුයි බත් එකකට ලැබෙනවා. අඟල් දෙකයි, තුනේ මාළු කෑල්ලක් ග්‍රෑම් එකසිය පනහක් විතර බරයි. පොල් කිරි දාන්නෙ නැහැ. ඒත් කෑමට මුදවපු කිරි, එළඟි තෙල්, තල තෙල් ආදිය දානවා. එළගි තෙලුයි කුළුබඩුයි දාපු මුරුංගා හොද්ද යෝගට් එකක් වගේ මිදිලා.
ඇඟිලි දෙකෙන් හොදි අරගෙන කෑවැකි” ඇන්ටනි ජයකොඩි වැඩිදුරටත් පවසන ලෙස එවැනි ආහාර වේලකදී සමහර ආපන ශාලාවකදී අඟල් තුනක් පමණ දිග අලුවා කෑල්ලක හැඩයට කපන ලද පොල් කෑල්ලක් ද ලැබෙයි. ඒ තෙලෙන් බදින ලද මිරිස් කරල් සමඟ හපා කෑමටය. මෙවැනි ආහාර වේලකට ගෙවිය යුත්තේ ඉන්දියානු රුපියල් විසිපහක් පමණි.
තූත්තුකුඩියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි විවාහ වී අලුතෙන් ජීවිතය ඇරැඹු පරවර ජනතාව ඔවුන්ගේ ආගමික විශ්වාසය මෙහිදී ඇරඹූහ. එයින් සමහර දෙනෙකු මීගමුව පෙරියමුල්ල තුෂාරයේ අපි ස්වාමිදූගේ දේවස්ථානයක් ඉඳිකළහ. කොළඹ අවට ජීවත්වන එම ජනතාව පිටකොටුව පිලිප්නේරි පල්ලියේදී අගෝස්තු පස්වන දින තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍ය පැවැත්වීමට පුරුදු වූහ.
“තූත්තුකුඩියට කෙළින්ම ඥාතිකම් තිබුණ මුල් කාලයේ හුඟාක් දෙනා ලංකාවෙන් තූත්තුකුඩිය මංගල්‍යයට ගියා. ඔවුන්ගේ දරු මුනුපුරන් දැන් ඉස්සර වගේම යනවා අඩුයි. ඒත් ධීවර යාත්‍රිකයන් සමහර දෙනා තවමත් තූත්තුකුඩියෙට යනව තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍යයට සහභාගිවීමට” ඇන්ටනි ජයකොඩි වත්මන් තත්ත්වය එසේ විස්තර කරයි.

වැල් තිබ්බටුවලට බද්ධ කරලයි මෙය අත්හදා බැලුවේ

වැලිමඩ පාසල් සිසුවෙක් අවු 15 ක් පවතින වම්බටු ශාකයක් සොයාගනී

වැල් තිබ්බටුවලට බද්ධ කරලයි මෙය අත්හදා බැලුවේ

පාසල් සිසුන්ගෙන් ඉතා වැඩි දෙනෙක් රජයේ විභාග සමත්වීම ඒකායන අරමුණ කරගෙන වැඩ කරද්දී සමාජයක පොතපත හදාරන අතරේම ඊට අදාළ ප්‍රායෝගික කරුණු අත්හදා බලන දරුවන් අපට හමුවන්නේ කලාතුරකිනි. එවැනි විරල ගණයේ පාසල් සිසුවකු වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ දී ‘සිළුමිණ’ ට හමුවූ බව අපි ඉතා සතුටින් මෙසේ ලියමු. එකී පාසලේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු නමින් දිනුක ප්‍රශාන්ත දිසානායක ය. ඌව පරණගම උඩුගාවර පාරම්පරික ගොවි පවුලක උපන් දිනුක ඒ නිසාමදෝ අධ්‍යාපනයට අතිරේකව කෘෂිකර්මාන්තයට දක්වන්නේ සුවිශේෂී ඇල්මකි.
ඔහු කුඩා කාලයේ පටන් විවිධ කර්මාන්ත හා විෂයයන් පිළිබඳව පර්යේෂණ කරමින් නව සොයා ගැනීම් සඳහා වෙහෙස මහන්සි වී ඇත. එහෙත් ඒ කිසිවකින් ජයගන්නට ඔහු සමත් වූයේ නැත. ඒත් උත්සාහය, උනන්දුව, ඕනෑකම, කැපවීම ඔහු කිසිවිටෙකත් අත්හළේ නැත.
උසස් පෙළ විභාගයට සූදානම්ව සිටියදී ඔහුගේ නව අත්හදා බැලීමක් සාර්ථක විය. ඔහුගේ මේ නව සොයා ගැනීම පිළිබඳව ඔහුගේ වචන වලින්ම අසා බලමු.
“මා මේ දිනවල උසස් පෙළ සඳහා පෙනී සිටිනවා. මේ ප්‍රදේශයේ කැලෑබදව විශාල වශයෙන් වැල්තිබ්බටු ගස් වැවෙනවා.

මේ ශාකයක් වසර දහයක් පමණ පවතිනවා. අපි සාමාන්‍යයෙන් වගා කරන වම්බටු ශාකයක සාමාන්‍ය ආයු කාලය (මාස 18 ක්) අවුරුදු එකහමාරයි.
මා ඒ නිසා මා අදහස් කළා මේ වැල් තිබ්බටු ශාකයකට වම්බටු අංකුරයක් බද්ධ කරලා නව වම්බටු ප්‍රභේදයක් ඇති කරන්න. එය අත්හදා බැලුවා. එය සාර්ථක වුණා. මේ නව ප්‍රභේදයේ වම්බටු ශාක රාශියක් දැන් අපේ ගෙවත්තේ තිබෙනවා.”
වැල් තිබ්බටු ගසේ වම්බටු
පැළය බද්ධකරන අයුරු
විදුහල්පතිවරයා හා කෘෂිකර්ම අංශයේ ගුරුභවතුන්
“මේ ශාකයක් අඩි හතක් පමණ උසට වැවෙනවා. එය විශාල භූමි ප්‍රමාණයක පැතිර තිබෙනවා. වරකට එක් ශාකයකින් කිලෝ පහක් පමණ අස්වනු නෙළනවා.
මේ අයුරින් වසර පහළොවක් පමණ හොඳින් සාත්තු කරමින් අස්වනු ලබන්න පුළුවන්. මේ නව ප්‍රභේදය ‍විශාල ලෙස අතු විහිදී පැතිර යන නිසා ගහේ මුල්වලට නිතරම සෙවණ තිබෙනවා. එනිසා ඉතාම අඩු ජල සම්පාදනයක් තමයි මේ සඳහා අවශ්‍ය වන්නේ.”
“තිබ්බටු ශාඛවලට තිබෙන එකම පළිබෝධකයා වන්නේ පිටි මකුණු උවදුරයි. එය තිබෙන්නේ ග්‍රීස්ම කාලයටයි. කොහොඹ ඉස්ම යොදලා එය වළක්වන්න පුළුවන්. ඒ වගේම මේ තිබ්බටු ශාකයට වනසතුන්ගෙන් එතරම් හානියක් වෙන්නෙ නෑ. ඒ නිසා මේ නව වම්බටු ප්‍රභේදය වැඩිදියුණු කරන්න මට හිතුණා.
ඒ අනුව මා මෙවර උසස් පෙළ විභාගයට ලියල ඉවරවෙලා මේ ශාක 100 ක් පළමුව කෘෂිකර්මයට ළැදි ගොවි මහත්තුරුන්ට නොමිලේ ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
“මා කුඩා කාලයේ සිටම නව සොයා ගැනීම් සඳහා කීප අවස්ථාවකදීම උත්සාහයන් දරා තිබෙනවා. එයින් එකී අරමුණක් අද මට ඉටු කර ගන්න හැකිවීම ලොකු සතුටක්. මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”
වැලිමඩ මැදි මහ විදුහලේ විදුහල්පති ඩී.එම්. කරුණාසේන මහතා ද දිනුකගේ පන්ති භාර ආචාර්ය ආර්.එම්. චමින්ද රත්නායක හා විද්‍යාලයීය කෘෂිකර්ම අංශ භාර මහානාම ජයතිලක යන මහත්වරු ද එන්.එම්. ලලිතා කුමාරි මහත්මිය ද මේ සම්බන්ධයෙන් අප සමඟ පවසා සිටියේ මෙවැනි අදහසකි.
“මේ වගේ සිසු දරුවකු අපේ විදුහලින් බිහිවීම ඇත්ත වශයෙන් ම විදුහලටත් ආඩම්බරයක්. ඒ වගේම අභිමානයක්. සිසු දරු දැරියන් විශාල පිරිසක් ඉගෙනුම ලබන පාසලක මෙවැනි එක් දරුවකු හෝ සිටීම පිළිබඳව අප සතුටු වනවා.
ඉදිරියේදීත් මේ වගේ නව සොයා ගැනීම් සඳහා සිසු පරපුර යොමු කළ හැක්කේ මේ සිසුවාගේ නව සොයා ගැනීම පිළිබඳව නිසි අගැයීමක් කර ඔහුගේ මෙම ක්‍රියාව රටට හෙළිකිරීම තුළින් බවයි.













 http://www.silumina.lk/2014/08/03/_art.asp?fn=af1408039

Thursday, July 31, 2014

මහනුවර පළමු කුඹල් පෙරහර අද

මහනුවර පළමු කුඹල් පෙරහර අද

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (01) වීදී සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රි 7.50ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් ගෙන ගෙවදීට නියමිතය.
පැරණි රජ දවස සිට පැවත ආ චාරිත්‍ර යළි සිහිගන්වමින් මෙවර කුඹල් පෙරහරේදී විචිත්‍ර වර්ණ ගැන්වූ ඇඳුම් ආයිත්තම් වෙනුවට සුදු හා රන් වර්ණය පමණක් යෙදා නිම කළ ඇඳුම් ආයිත්තම් ශිල්පීන් හා අලි ඇතුන් සඳහා භාවිත කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.

http://www.dinamina.lk/2014/08/01/_art.asp?fn=n1408014