Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Showing posts with label පුවත්. Show all posts
Showing posts with label පුවත්. Show all posts

Thursday, August 21, 2014

වජිර ඉන්දික කරුණාසේන නිර්මාණය - "ක‍්‍රිස්තු චරිතය" සංගීත සංධ්වනිය, අගෝස්තු 27 "Soul Of Christ" Symphony

















අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ 
ගුවන් විදුලි සම්ප‍්‍රාප්තිය වෙනුවෙන්, 
වජිර ඉන්දික කරුණාසේන විසින් නිර්මාණය කරණ ලද, 
"ක‍්‍රිස්තු චරිතය" සංගීත සංධ්වනිය, 
අගෝස්තු 27 පෙරවරු 11.45ට, 
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ, 
ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.

"Soul Of Christ" Symphony, 
Composed By 
Wajira Indika Karunasena

Saturday, August 16, 2014

"සරත් සඳ සියපත" අගෝස්තු 17 උදෑසන 10ට ගුවන් විදුලි සංස්ථා ස්වදේශීය සේවයෙන්. Fm 91.7 & Fm 91.9














සිය වසකට පෙර නැගී ආ – "සරත් සඳ සියපත" 
අගෝස්තු 17 උදෑසන 10ට ස්වදේශීය සේවය අහන්න. 
Fm 91.7 & Fm 91.9

Saturday, August 9, 2014

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (10) රාත්‍රී 08.19ට වීදි සංචාරය කිරීමට නියමිතය.
 
දකුණු දිශාභිමුඛව පිටත් වන පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රීකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
 
NDH
http://sinhala.news.lk/news/entertainment/item/3817-2014-08-08-12-04-57

Friday, August 8, 2014

ග්‍රැපල් කමුද?


මිදි රසය සහිත ඇපල් ගෙඩියක රස විඳීමට ඔබ කැමැතිද? එසේ නම් වොෂිංටනයේ ටෝඩ් ස්නයිඩර් ගේ සී ඇන්ඩ් ඕ යනුවෙන් හඳුන්වන ගෙවත්තට යා යුතුව ඇත. ඉතාම ‍ප්‍රනීත දසුනක් සහිත මෙම ඇපල් විශේෂය කොන්කෝඩ් මිදිවල රසයෙන් යුතු වෙයි.
ග්‍රැපල් යනුවෙන් හඳුන්වනු ලබන මෙම ඇපල් වර්ගය නිෂ්පාදනය කරනු ලබන්නෙ සාමාන්‍ය ඇපල් ගෙඩිය ස්වාභාවික හා කෘත්‍රිම ලෙස සදාගනු ලැබූ මිදි යුෂ මිශ්‍රණයක පොඟවා තැබීමෙනි. මෙහි මිදි රසය ලබාගන්නේ මීතයිල් ඇන්ත්‍රනිලෙට් (Anthranilate) සමඟ ජලය මිශ්‍ර කිරීමෙනි. ඒවා ආහාරයට සුදුසු බවට ඇමෙරිකන් රජය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කර ඇත.
මේ ඇපල් වර්ගය ඇමෙරිකාව පුරා අතිශයින් ජනප්‍රිය වී ඇතැයි වාර්තාවේ.

Sunday, August 3, 2014

ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද (04) රාත්‍රී 07.15ට වීදි සංචාරය කරනු ඇත.

දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), ඊ.එල්. සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

http://sinhala.news.lk/news/entertainment/item/3543-2014-08-03-16-29-53

උසස් පෙළ විභාගය හෙට ඇරැඹේ

උසස් පෙළ විභාගය හෙට ඇරැඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2014) විභාගය හෙට (5) ආරම්භ කෙරේ.
අගෝස්තු මස 29 වනදා දක්වා පැවැත්වෙන විභාගය සඳහා අයදුම්කරුවෝ 2, 96, 313ක් පෙනී සිටිති.
පාසල් අයදුම්කරුවෝ 2,34,192ක් ද පෞද්ගලික අයදුම්කරුවෝ 62116ක්ද විභාගයට පෙනී සිටීමට නියමිතය.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2120ක විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 295ක විභාගය සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙයි
විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අගෝස්තු 29 දා ආරම්භ කෙරේ.
විභාගය පැවැත්වෙන කාලසීමාවේ විභාග වංචා සිදු කරන අය කොටු කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට ඇතැයිද වංචා සිදු කර හසුවන්නන්හට දැඩි සේ නීතිය ක්‍රියාත්මක කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා දිනමිණට ප්‍රකාශ කළේය.
http://www.dinamina.lk/2014/08/04/_art.asp?fn=n1408046

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද (03) රාත්‍රී 06.50ට වීදි සංචාරය කරනු ඇත.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද

දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), ඊ.එල්. සේනානයක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.


NDH

ලංකා බැංකුවයි මේ ඔබේ, වාසනා නිධානයයි ජාතියේ...!!!


BOC 75th Anniversary Logo2014-8
ලංකා බැංකුවයි මේ ඔබේ

වාසනා නිධානයයි ජාතියේ
ලක් දනන්ගෙ පින් බලෙන් පහළ වූ
කප් රුකයි සිත් දිනයි සුරබි දේනුවයි
ජාතියේ මහා --- දායාදයයි

ජාතියේ මහා පහන් ටැඹ ලෙස ජනාදරයට පත් මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයාගේ 75වන සංවත්සරය අදට 01 යෙදී ඇත.පළමු ලෝක යුද්ධයෙන් පසුව කොළඹ වරාය කේන්ද්‍ර  ගත් භාණ්ඩ හුවමාරු පොළක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් ජනප්‍රියත්වයක් ඉසිලීය. වෙළඳාමට ජනප්‍රියත්වයක් ඉසුලුවත්, මෙකළ රට තුළ දේශීය ව්‍යාපාරිකයින් හට බැංකු පහසුකම් ප්‍රමාණවත්ව නොතිබීම ප්‍රධාන ගැටලුවක්ව තිබිණි. ඉන්දියාවේ නාට්ටුකොට්ටෙයි හි සිට පැමිණ ණය වෙළෙඳ‍පොළ මෙහෙයවූ චෙට්ටියාර්වරුන්, ඇෆ්ගන්වරුන් සහ සීමිත විදේශ බැංකු කිහිපයක් බැංකු හා මූල්‍ය කටයුතුවල නියැළී සිටියහ. ඔවුන් හරහා දේශීය ව්‍යාපාරික පන්තියට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් හෙයින් මෙකල බොහෝ දේශීය ව්‍යාපාර බිඳවැටෙමින් පැවැතිණි.
 
Chairman - BOC Air Chief Marshal Harsha Abeywickrema  BOC 222
 
 
මේ හේතූන් මත දේශීය බැංකුවක අවශ්‍යතාව මතු වූ අතර, එවකට පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා ප්‍රධානත්වය ගනිමින් දේශීය බැංකුවක අවශ්‍යතාවය පිළිබඳ අදහස රාජ්‍ය මත්ත්‍රණ සභාව වෙත ගෙන යන ලදී. දේශීයව බැංකුවක් පිහිටුවීම වැදගත් අවශ්‍යතාවක් මෙන්ම රටේ දේශීය වෙළෙඳ ව්‍යාපාර සංවර්ධනයට මහත් පිටුවහලක් වන බව අවබෝධ කරගත් රාජ්‍ය මන්ත්‍රණ සභාව දේශීය බැංකුවක් පිහිටුවීම පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා ඉන්දියානු බැංකුකරුවෙක් වූ සොරාබිජ් ‍පොක්කනවාලා මහතා ප්‍රමුඛ කමිටුවක් පිහිටුවා එතුමාගේ නිර්දේශවලට අනුව 1938 අංක 53 දරන මුදල් ආඥා පනත යටතේ ලංකා බැංකුව පිහිටුවීම සඳහා අනුමැතිය ලබා ගත්හ. එවකට ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ධුරය දැරූ සර් ඇන්ඩෲ කොල්ඩිකෝට් මැතිතුමා අතින් 1939 අගෝස්තු 01 දා බ්‍රිස්ටල් වීදියේදී සුබ මොහොතින් ලංකා බැංකුව (BOC) ආරම්භය සනිටුහන් විය.

City OFfice on day of Inauguration2014

ඒ අනුව සිය ප්‍රථම ශාඛාව 1941 ඓතිහාසික මහනුවරදීද දෙවැන්න 1944 ගාලු පුරවරයේදීද විවෘත කළ ලංකා බැංකුව 1949 වසරේදී එතෙර සිය ශාඛා ජාල ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් ලන්ඩන් නගරයේ සිය ප්‍රථම අනුබද්ධිත විදේශ බැංකු ශාඛාව පිහිට විය. එතැන් පටන් එය 1981දී මාලේ දක්වාද 1995දී චෙන්නායි දක්වාද 2014 වර්ෂයේදී තවදුරටත් විදේශ මූල්‍ය වෙළෙඳපොළට පිවිසෙමින් සී ෂෙල්ස් දක්වාද සිය ව්‍යාපාර කටයුතු පුළුල් කරනු ලැබීය. එය තවදුරටත් ලෝකය පුරා ප්‍රචලිත කරමින් ශ්‍රී ලංකා දීපය තුළ පමණක් නො ව අක්වෙරළ තුළත් සිය නම රඳවමින් ජාතියේ මහා පහන් ටැඹ ලෙස නැගී සිටීමට අර අදිමින් පවතී. ඒ අනුව වර්තමාන ලංකා බැංකු සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ නායකත්වය පෙරටු කර ගනිමින් සිය ශාඛා ජාලය නුදුරු අනාගතයේදී අප්‍රිකානු මහද්වීපයට, ඉන්දියාවට සහ නැගී එන වෙනත් වෙළෙඳපොළ කිහිපයක් වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.


ඒ අයුරින්ම යුරෝපයෙහි මූල්‍ය වෙළෙඳපොළ සමඟ ඇති නියෝජිත සම්බන්ධතාවන්හි ශක්‌තිය තුළින් බැංකුව ඉතාලියෙහි ශ්‍රී ලාංකේය ඩයස්‌පෝරාව අධික ලෙස සංකේන්ද්‍රණය වී ඇති ප්‍රදේශයන් වෙත තවදුරටත් ප්‍රවිෂ්ට වීම සඳහා කටයුතු යොදමින් පවතී. සාර්ක්‌ කලාපය වෙතද තම ශාඛා ජාලය විහිදුවාලීමේ ශක්‍යතාව පිළිබඳව ලංකා බැංකුව ගවේෂණ කරයි.
1977 විවෘත වෙළෙඳ‍පොළ ආර්ථික කටයුතු ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමත් සමඟ බැංකු කටයුතු ව්‍යාප්තිය සඳහා පුළුල් ඉඩකඩක් නිර්මාණය විය. එහිදී බැංකුවේ වත්කම් තැන්පතු අත්තිකාරම් මෙන්ම ලාභයද ඉහළ නැංවිණි. ඒ සමඟ ම බැංකුවේ කාර්ය මණ්ඩලය ශාඛා ව්‍යාප්තිය මෙන්ම නව නිෂ්පාදන හා සේවා යන අංශද මෙතෙක් නොවිහිදුන මානයන් ඔස්සේ විහිදී ගියේය. ඒ අනුව වරාය, ගුවන් සේවා, යටිතල සංවර්ධනය, ජල විදුලි සංවර්ධනය, කෘෂිකාර්මික හා වාණිජ අංශයන් යනාදියට මූල්‍ය සහ බැංකුකරණ සේවා සපයමින් ලංකා බැංකුව රටේ ආර්ථිකයේ සියලු ම අංශයන්ට සමීපව ඇත. සම්ප්‍රදායික බැංකු කටයුතුවලට අමතරව ලංකා බැංකුව ණයපත්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා 24 පැය බැංකු කටයුතු සහ කල්බදු සේවා වැනි විවිධාංගීකරණයන්ටද ලක්විය. 1989 දී ලංකා බැංකුව වීසා ණයපත් නිකුත් කිරීමෙන් ප්‍රථමයෙන් කාඩ්පත් වෙළෙඳ‍පොළටද අවතීර්ණ විය.

1987 මැයි 27 කොළඹ කොටුවේ ජනාධිපති මාවතේ මහල් 32 කින් සහ කුලුණාකාර හැඩයකින් යුත් නව මූලස්‌ථාන ගොඩනැඟිල්ල ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් විවෘත කෙරණි.ලංකා බැංකුව මේ වන විට මූල්‍ය වෙළෙඳ‍පොළ ඛණ්ඩනය කරමින් කුඩා දරුවාගේ ගිනුමේ සිට

‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා විවිධගිණුම් හඳුන්වා දී ඇත. සියලු ම ගනුදෙනුකාර කණ්ඩායම් සඳහා ගැළපෙන මූල්‍ය විසඳුම් ලබාදෙන ලංකා බැංකුව පුද්ගලික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, ආයෝජන බැංකු, ඉස්ලාම් බැංකු සහ සංවර්ධන බැංකු යන සියලු අංශ ආවරණය වන සේ බැංකු සේවා සපයයි.
 
City Office - First Branch2014
දිවයිනපුරා විහිදුනු ශාඛා 618ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) 530කින් යුතු ජාලයකින් දිවයිනේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ කරා ලංකා බැංකුව අද සමීප වී ඇත. මෙහි ප්‍රධාන ශාඛාවලට අමතරව සාමාන්‍ය ජනතාවගේ මට්ටමේ ව්‍යවසායකත්ව දියුණුව සඳහා බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව (SME) මධ්‍යස්ථාන 15ක්ද පවත්වාගෙන යනු ලබයි. කොළඹ ප්‍රධාන කාර්යාලයේ දින 365 බැංකුකරණ පහසුකම සමඟ තෝරාගත් ශාඛා කීපයක බැංකු කටයුතු කෙරෙන පැය ගණන දීර්ඝ කිරීම මගින් දේශීය බැංකුකරණ කර්මාන්තය සියලු අංශවලින් රජයමින් BOC සන්නම් නාමය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට වඩාත් සමීප කරවමින් බැංකු කටයුතු සඳහා ඇති කාලය පිළිබඳ ගැටලුව අඩු කිරීමට ලංකා බැංකුව සමත්වී ඇත.

දිවයිනේ බැංකු හා මූල්‍ය කටයුතු හා සම්බන්ධ ගනුදෙනුකාර භවතුන් දශලක්ෂයකට අධික ප්‍රමාණයක් ලංකා බැංකුවේ සේවා දයකත්වය ලබන අතර, විදේශ නියෝජිත බැංකු 866ක් ලංකා බැංකුව සතු වේ.
 
Current BOC Tower2014
75 වසරක දිගු ගමන පුරා ලංකා බැංකුව හිමිකරගත් ජයග්‍රහණයන්ද විශාලය. ෆිච් රේටින් ලංකා විසින් දේශීය වාණිජ බැංකුවකට ප්‍රදානය කරන ලද ඉහළ ම ශ්‍රේණිගත කිරීම වන AA + (lka) මගින් බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ඇත. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා ආයතනය විසින් අඛණ්ඩව පසුගිය වසර හය පුරා රුපියල් බිලියන 30.836ක සන්නම් වටිනාකමක් සහිත ශ්‍රී ලංකාවේ අංක 01 සන්නම් නාමය ලෙස ලංකා බැංකුව ශ්‍රේණි ගත කර ඇත. ලංකා බැංකුව සතු මේ වන විට පවතින වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වන අතර, මෙතරම් වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවටද ලංකා බැංකුව අද පත්ව ඇත.

එමෙන් ම ද බෑන්කර් (UK) සඟරාව ලැයිස්තුගත කර ඇති පිළිවෙලින් 2012, 2013 සහ 2014 වර්ෂයේදී ලංකා බැංකුව ලෝකයේ ඉහළ ම පෙළේ බැංකු 1000 අතරින් එකක් ලෙස විශ්ව කීර්තියට පත්ව ඇත. ඉන්දියාවේ මුම්බායිහි මූලස්ථානය පිහිටා ඇති ප්‍රධාන අලෙවි නිලධාරීන්ගේ මණ්ඩලය (CMO Council) විසින් 2013 ආසියාවේ හොඳම සන්නම් නාමය ලෙස පිළිගැනීමට ලක් වූ එනම් ශ්‍රී ලාංකේය නාමය ලෙස බැංකුව සිය සම්මානය හිමි කර ගැනීමට සමත් විය.

දිවයිනේ සියලු ම ගම්දනවු නගරපුරා අද වන විට ලංකා බැංකුව නියෝජනය වේ. ශ්‍රී ලාංකේය ජනගහනයෙන් අඩක්‌ම පාහේ BOC සන්නම් නාමය සමඟ විවිධ අයුරින් සම්බන්ධ වී ඇත. එහි බහුවිධ මාර්ග සහ බහුවිධ මුහුණත් ස්‌වභාවය මගින් ගනුදෙනුකරුවන්, ව්‍යවසායකයන් හා ආයෝජකයන් හට ඉහළ තලයක ප්‍රතිලාභ රැසක් ළඟා කර ගැනීමට මඟ පෙන්වමින් විවිධ බැංකුකරණ නිමැවුම් හා සේවාවන් පරාසයක්‌ තුළින් බැංකුව එහි ගනුදෙනුකරුවන් වෙත සමීප වී ඇත.
උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධනය සඳහා පෙරමුණ ගනිමින් ඉතා වෙහෙස මහන්සි වී උපයාගත් ධනය විනාශ වී අසරණ බවට පත් ජනතාවට සුවිශේෂී සේවයක් ලබාදීමටද ලංකා බැංකුව තම සාම්ප්‍රදායික බැංකුකරු යන නාමයෙන් ඔබ්බට පියවර තැබීමද සුවිශේෂී වේ. උතුරු දකුණ සබඳතාව යළි ශක්තිමත් කරමින් යාපනය දුම්රිය පොළ නැවත ගොඩනැංවීමට ද ලංකා බැංකුව මගින් ශක්තිමත් අත්වැලක් සපයනු ලැබූයේ ආසියාවේ ආශ්චර්යය කරා ශ්‍රී ලංකාව ගමන් කරන ගමන් මග තව තවත් ඒකාලෝකවත් කිරීමට අවශ්‍ය ශක්තිමත් මූල්‍ය පවුරක් ලෙස නැගී සිටිමිනි.


එනූෂා බණ්ඩාර
 http://sinhala.news.lk/fetures/item/3476-2014-08-01-3
 

ශිෂ්‍යත්ව විභාගයට අමතර පන්ති අගෝස්තු 11න් පසු තහනම්

ශිෂ්‍යත්ව විභාගයට අමතර පන්ති අගෝස්තු 11න් පසු තහනම්
අගෝස්තු මස පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අගෝස්තු 11 දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය. 

මේ විභාග සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතට අනුව මෙලෙස අමතර පන්ති පැවැත්වීම තහනම් කර ඇත.
මෙම විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය, මෙහෙයවීම සහ පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්නපත්‍රවලට අදාළ ප්‍රශ්න ලබා දෙන බවට සඳහන් දැන්වීම්, බැනර්, ප්‍රචාරක පුවරු, අත්පත්‍රිකා යනාදිය විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම මේ අනුව සපුරා තහනම් කර ඇත. 

මේ අනුව ක්‍රියානොකරන අය කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ කරුණු කඩකරමින් විභාග නීති රීති උල්ලංඝනය කරන අයෙකු හෝ ආයතනයක් වෙත් නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. විභාග දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 0112784208, 0112784537 හෝ විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911ට හෝ පොලිස් මුලස්ථාන දුරකතන අංක 0112421111 හෝ දැනුම් දිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

NDH
http://sinhala.news.lk/news/sri-lanka/item/3493-11

1959 - ජාතික රෝහලේ තොරතුරු

ජාතික රෝහලේ තොරතුරු 1959 ඇමතීමෙන්

කොළඹ ජාතික රෝහලෙන් සපයන සේවාවන් සහ රෝහලෙන් තොරතුරු ලබා ගත හැකි පරිදි මධ්‍යස්ථානයක් ලබන සඳුදා (04) ජාතික රෝහලේදී විවෘත කෙරේ.
මෙම තොරතුරු මධ්‍යස්ථානය මඟින් මහජනතාවට කඩිනමින් හා විශ්වාසදායක ලෙස අවම කාල සීමාවක් තුළ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.
මෙම තොරතුරු ඒකකය ජාතික රෝහලට වසර 150ක් පිරීම නිමිත්තෙන් පිහිටුවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසයි.
ඔබට අවශ්‍ය තොරතුරු 1959 දුරකථන අංකයට කථා කිරීමෙන් ලබා ගත හැකිය.

Thursday, July 31, 2014

මහනුවර පළමු කුඹල් පෙරහර අද

මහනුවර පළමු කුඹල් පෙරහර අද

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (01) වීදී සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රි 7.50ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් ගෙන ගෙවදීට නියමිතය.
පැරණි රජ දවස සිට පැවත ආ චාරිත්‍ර යළි සිහිගන්වමින් මෙවර කුඹල් පෙරහරේදී විචිත්‍ර වර්ණ ගැන්වූ ඇඳුම් ආයිත්තම් වෙනුවට සුදු හා රන් වර්ණය පමණක් යෙදා නිම කළ ඇඳුම් ආයිත්තම් ශිල්පීන් හා අලි ඇතුන් සඳහා භාවිත කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.

http://www.dinamina.lk/2014/08/01/_art.asp?fn=n1408014

‘රූපවාහිනි-ගුවන් විදුලි මැද මාවත’ ප්‍රේමකීර්තිගේ නමට කැප වෙයි

‘රූපවාහිනි-ගුවන් විදුලි මැද මාවත’ ප්‍රේමකීර්තිගේ නමට කැප වෙයි

උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
විසිපස් වසරකට පෙර ජ.වි‍.පෙ‍. තුවක්කුකරුවන්ගේ ඉලක්කයක්ව අවසන් ගමන් ගිය ප්‍රවීණ ගීත රචකයකු, මාධ්‍යවේදියකු හා නිවේදකයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් නම් කළ මාවත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (31) විවෘත කෙරිණි. රූපවාහිනී, ගුවන් විදුලි හා ගීත මාධ්‍යයන් එකලු කළ මේ අසහාය ජනහිතකාමී කලාකරුවාගේ 25 වන ගුණ සමරුව නිමිත්තෙන් ප්‍රේමකීර්ති ද අල්විස් ගුණසමරු පදනමේ ඉල්ලීමක් මත ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් කොළඹ නගර සභාව ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ නමින් මෙම මාවත නම් කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අසල පිහිටා තිබෙන මේ මාවත විවෘත කිරීමට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එම සංසදයේ සභාපති ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතා ඇතුළු පිරිස විසිනි. අනතුරුව නාම පුවරුව නිරාවරණය කරමින් මාවත නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වෙනුවෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය නැරැඹීමට ද එක් විය.
මාවත විවෘත කිරීමෙන් අනතුරුව පැවැති කෙටි උත්සව සභාවට එක් වූ ජනාධිපතිවරයා ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ආදරණීය භාර්යාව වන නිර්මලා ද අල්විස් මහත්මිය ඇතුළු ඥාතී මිත්‍රාදීන් සමඟ කථා බහක ද නියැළුණේය.
වසර ගණනාවක් මුහුණ දුන් භීෂණයෙන් රට මුදාගෙන ජාතියට නිදහස උරුම කර දීම සම්බන්ධයෙන් නිර්මලා ද අල්විස් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට සිය ස්තිතුය පුද කළාය.
ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන පැරැණි සිංහල කියමන බොරු කරමින් ක්ෂේත්‍ර රැසක සුවිශේෂී දස්කම් පෑ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා 1947 ජූනි මස 02 වැන දින කොළඹ දී මෙලොව එළිය දුටුවේය. මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට සිප්සතර හැදෑරීමට පැමිණි ප්‍රේමකීර්ති සිසුවාගේ ජීවිතය වෙනස් වූයේ 1961 වසරේ දී කරුණාරත්න අබේසේකර සූරීන්ගේ ඇසුරට පත් වීමත් සමඟය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන්වල පිටපත් කියවන්නකු වූ ප්‍රේමකීර්ති 1966 වසරේ දවස පුවත්පත් ආයතනයේ සිනමා ප්‍රකාශනය වූ විසිතුර පුවත්පතට එක් විය. අනතුරුව 1967 සහය නිවේදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණු ප්‍රේමකීර්ති 1989 වසරේ ජූලි 31 වැනි දින ඝාතනයට ලක් වූයේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සේවය කරමින් සිටියදීය.
වසර 42ක ජීවිත කාලය තුළ ඔහු අතින් රචනා වූ ගීත සංඛ්‍යාව 1600ක් පමණ වේ. රූපවාහිනීයේ විකාශය වූ ශනිදා සාදය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ නිවේදන ප්‍රතිභාව පෙන් වූ සුවිශේෂී වැඩසටහනකි.
ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, සංස්කෘතික ඇමැති ටී. බී. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

http://www.dinamina.lk/2014/08/01/

Saturday, July 26, 2014

සිනහ කඳුළු පෙට්ටි

සිනහ කඳුළු පෙට්ටි නුවරඑළිය පාසල් 24කටජාතික ළමාරක්ෂණ අධිකාරියේ මෙහෙයවීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිනහ කඳුළු පෙට්ටි පාසල් 24ක් වෙත ප්‍රදානය කිරීම නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්.  අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම සිනහ කඳුළු පෙට්ටිය පාසල් තුළ ව්‍යාප්ත කෙරේ. පාසල් දූ දරුවන්ගේ ස්වකීය අදහස් ගුරුවරුන් වෙත ප්‍රකාශ කළ නොහැකි අවස්ථාවක ඔවුන්ගේ අදහස් හා ඉල්ලීම් මෙම පෙට්ටිය තුළට යොමු කිරීමට ඉඩ කඩ ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම සිනහ කඳුළු පෙට්ටිවලට අදාළ යතුරු දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් යටතේ පවතින අතර ඒවා විවෘත කිරීම සෑම මසකම අවසන් සිකුරාදා දින ගුරුමණ්ඩලය ඉදිරියේ සිදු කිරීමට නියමිතය. ඒ අනුව අදාළ යෝජනා සහ අදහස්, පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීම ආරම්භ කරනු ඇත. 

මේ අවස්ථාව සඳහා ගුරුභවතුන් සහ පාසල් දූ දරුවන් රැසක් ද  කලාප අධ්‍යක්ෂවරු ද සහභාගී වී සිටියහ.

NDH/SH_dmu_nuwaraeliya

"ආයෙත් පිටකොටුවට ගිහිල්ලා එමුද"

කොළඹට එන්න... දියමත සාප්පු සවාරියක්‌ යන්න


උමතු විශ්වාසය චිත්‍රපටයට, එඩී ජයමාන්න විසින් "කොලොම්පුරේ ශ්‍රියා.... කොලොම්පුරේ ශ්‍රියා" ගීතය ගායනා කරන කාලයේ, කොළඹ නගරය ලෝකයේම සැලසුම් සහගත නගරවලින් එකක්‌ බවට පත්වී තිබිණි.

පිටකොටුව ද මේ අනේ
කඩ සාප්පු බොහො තිබේ
පාර මැද්දේ පීලි උඩින්
ට්‍රෑම් කාර් යනවානේ......

ආදී ලෙසින් එඩී ජයමාන්න වර්ණනා කරන්නේ කොළඹ අලංකාරය ය. පසු කාලයේදී "කොලොම්පුරේ ශ්‍රියා" යන වාක්‍ය ඛණ්‌ඩය භාවිත වූයේ, කොළඹ තිබූ අපිළිවෙළට අපිරිසිදුකමට සරදම් කරන්නටය.

පිටකොටුවේ කුණු ගොඩවල්වල පිංතූර පත්තරවල ලොකුවට පළ වූයේ, "කොළොම්පුරේ ශ්‍රියා"යන හෙඩින් යටතේය.

ඒ කොළොම්පුරේ ශ්‍රියා... යන්න සරදමට නොව ඇත්තටම කිව හැකි කාලයක්‌ එනු ඇතැයි නොසිතුණද, දැන් යළිත් එවන් කාලයක්‌ පැමිණ තිබේ. පක්‍ෂ, විපක්‍ෂ දේශපාලනයේ යෙදෙන කවුරුත්. 'ආණ්‌ඩුව කරපු නියම වැඩක්‌...' ලෙස ප්‍රශංසාවට භාජනය කරන කොළඹ අලංකරණ ව්‍යාපෘතිය අයත් වන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදේශකත්වය මතය.

"ගෝඨාභය මහත්තයා අත තිබ්බොත් වැඩේ හරි යෑයි සාමාන්‍ය ජනයා කියන්නට පෙළැඹී ඇත්තේ, ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය සේම, කොළඹ හැදීමේ යුද්ධය ද ආරක්‍ෂක ලේකම්වරයා "තිතට" ක්‍රියාවේ යොදවන නිසාය. ඒ අතරින් අප අද කතා කරන්නේ, කොළඹ ලෙස බොහෝ දෙනා හඳුන්වන පිටකොටුවේ දියත් කරන ලද අලංකරණ මාදිලියක්‌ පිළිබඳවය. කොටුව, පිටකොටුව ප්‍රධාන දුම්රියපළ හා බැස්‌ටියන් මාවත කේන්ද්‍ර කර ගනිමින් දියත් වූ මෙම වැඩපිළිවෙළ, එහි යන එන ජනයා දැනටමත් පුදුමයට පත් කර තිබේ. බැස්‌ටියන්ස්‌ මාවතේ බස්‌ නැවතුම්පළ අසලින් එදා ගිය මගීන් එහි විනාඩි කිහිපයක්‌ හෝ ගෙව්වේ නාසය හකුළුවාගෙන ආයාසයෙන්ය. එක්‌ පැත්තකින් කුණු ගඳ හා මුත්‍රා ගඳය. අනෙක්‌ පැත්තෙන් ඇස, ගත වෙහෙස කරන දුහුවිලි සහිත ගෙන්දගම් පරිසරයය. ඒ සියල්ල පැත්තකට කර දමා මැජික්‌ සෙල්ලමක්‌ සේa පිටකොටුවේ බැස්‌ටියන් මාවත අයිනේ, මනරම් වැව් තෙරක්‌ අසල අලංකාර කඩ සාප්පු සංකීර්ණයක්‌ ඉදිවී තිබේ.


එදා කළු වී, දූවිලි පිරී තිබූ පෙට්‌ටි කඩ පේළියේ අප්‍රසන්න දර්ශනය වෙනුවට, තිරයක්‌ හැරියා සේ අද එළි දැක ඇත්තේ, අලංකාරවත් උද්‍යානයක්‌ බඳු තලාවකි. ඒ මනස්‌කාන්ත බව "වෙනස්‌ වන කොළඹ" නගර සැලැස්‌ම අනුව ක්‍රියාවට නංවමින් තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින්ය. මෙහි කඩ සාප්පු අනූ දෙකකින් සමන්විත වේ. භූමිය බිමට ඇල්ලූ මනරම් ගල්, අරලිය ගස්‌ යාය, මනා ලෙස ගෘහ නිර්මාණශීලීත්වයෙන් හැඩ කර තිබේ. "මෙතැන වැවක්‌ තිබුණාද..." බොහෝ දෙනා අසන්නේ ඒ තරම්ම නරක ලෙස කොළඹ නගරය පෙර කාලයේදී කාබාසිනියා කර තිබුණු ආකාරය ගැන උදාහරණ සපයමිනි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී මේ බිමට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණෙන විට එය ජරාජීර්ණ ගොහොරුවකි. අද තිබෙන තත්ත්වයට එය ගෙන ඒම සඳහා ආරක්‍ෂක ලේකම්වරයාගේ නායකත්වයෙන් අලුත් බළකායක්‌ මෙහෙයුම ආරම්භ කළේය. නාගරික සංවර්ධන අධිකාරිය යන්න බෝඩ් ලෑල්ලක්‌ වී තිබූ යුගය නිමාකර මින් දැන් වැඩ පටන්ගෙන තිබේ. එහි සභාපති නිමල් සිල්වා, අධ්‍යක්‍ෂ ජනරාල් නිහාල් ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දරගේ, ක්‍ෂේත්‍ර නායකත්වය යටතේ බැස්‌ටියන් මාවත ප්‍රදේශය අද "යන්නට ආස හිතෙන පැත්තක්‌" බවට පත්ව තිබේ. කඩ කාමර අනූ දෙකට අමතරව පාවෙන වෙළෙඳසල් යායක්‌ ද මෙම නිර්මාණයට අඩංගුය. මෙහි වාස්‌තු නිර්මාණ අදහස හා සැලසුම එහි නිර්මාණ අංශය හාර වරලත් වාස්‌තු විද්‍යාඥ තුෂාරි කාරියවසම් මහත්මියගේය. ඇය විසින් තම හිතේ මැවුණු සැලසුම, දූවිලි, කුණු ආදියෙන් වනගත කර අපායක්‌ සේ දිස්‌වුණු බිම් තීරයක්‌, සොඳුරු පුරවරයක්‌ බවට පත් කර තිබේ.

"පිටකොටුවේ ගියොත් කෑම කන්න එපා" යන ජන කියමන ඇතිවී තිබෙන්නේ, එතරම් අපිරිසිදු ආහාරපාන වෙළෙ¹මක්‌ මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නිසාය ඒ වෙනුවට බැස්‌aටියන් මාවතේ නව ඉදිකිරීම් යටතේ පාවෙන භෝජනාගාරයක සිට මිහිරි ආහාර වේලක රසවිඳින්නට තව ටික දිනකින් ජනතාවට අවස්‌ථාව ලැබෙනු ඇත. දේශීය නිෂ්පාදන අලෙවිසල් සඳහා මෙහි වැඩිපුර ඉඩක්‌ ලබාදී ඇති අතර, පාවෙන වෙළෙඳපොළවල් තිබෙන වියට්‌නාමය, තායිලන්තය සේම නැවුම් පලතුරු, කිරි පැණි ආදිය ද මෙම වෙළඳසල්වලදී ජනතාවට මිලදී ගත හැකිවනු ඇත.

වැටවල් ගසා, ගේට්‌ටු දමා කරදරකාරී වෙළෙඳ සංකීර්ණයක්‌ වෙනුවට නිදහස්‌ එළිමහනේ වාඩි වී සිට, සිරි විඳමින් තමන්ගේ විඩාව නිවා ගැනීම සඳහා උද්‍යානයක්‌ ද මෙම සංකීර්ණයේ ඉදිකර ඇති අතර එම ඉදිකිරීම්වල බර දරන්නේ වීරෝදාර හමුදාවන්ය. "හමුදාවට නිග්‍රහ කරමින් වැඩ ගන්නවා" යන අයගේ කටවල් පැසෙන සේ, අද ජනතාව මෙම ඉදිකිරීම්වලට ප්‍රශංසා කරන්නේ, "රටත් බේරාගෙන කොළඹත් හදලා දෙනවා" යන කෘතඥතා පූර්වක වචනයයි.

එදා පිටකොටුවට එනවා කිවූ ගමන් ඇඟට දැනුණ රශ්මිය, වෙහෙස, දූවිල්ල වෙනුවට අද බැස්‌ටියන් මාවත දුටු අයකුට කියෑවෙන්නේ "ආයෙත් පිටකොටුවට ගිහිල්ලා එමුද" කියාය. වෙනස ඒ තරම් ය.

ඔසිත අත්තනායක

Friday, July 25, 2014

Dinamina City FM news broadcasting service

Dinamina City FM news broadcasting service launch today

The “Dinamina City FM” news broadcasting service, a joint venture by “Lake House” and the “Sri Lanka Broadcasting Corporation” will go on air from today.
The new service will broadcast the latest breaking news on an hourly basis using the frequencies of 89.6 - 89.8, from 9.30 am to 5.30 pm through the popular SLBC news channel “City FM”. The ceremonial launch of this new service will be held under the patronage of Associated Newspapers of Ceylon Limited (Lake House) Chairman Bandula Padmakumara and SLBC Chairman Hudson Samarasinghe today.
The aim of this program is to provide real time breaking news to listeners courtesy the “Dinamina” newspaper. The news broadcasts will be conducted by Lake House journalists. 
http://www.dailynews.lk/?q=local/dinamina-city-fm-news-broadcasting-service-launch-today

දිනමිණ Fm

පත්තර මහ ගෙදර සිට කතා කරමි!


ලෝකයේ පවතින අති ප්‍රබල ජනමාධ්‍යය ගුවන් විදුලිය යි. එය සනාථ කළ හැකි සූත්‍ර දෙකක් අපට පෙන්වා දිය හැකි ය. පළමුවන්න ජනගහනයෙන් විශාල පිරිසක් ඇසුරු කරන මාධ්‍ය කුමක්දැ’යි සමීක්ෂණයක් මඟින් සොයා බැලීම ය.
දෙවන්න ජන මාධ්‍ය අතර වැඩිම විශ්වාසයක් පවතින මාධ්‍යය කුමක්දැ’යි සමීක්ෂණයක් මඟින් සොයා බැලීම ය. සමස්ත අප්‍රිකාව ඇසුරු කරන්නේ ගුවන් විදුලිය යි. ඔවුන් විශ්වාස කරනුයේද ගුවන් විදුලිය යි. ආසියාවේ, ලතින් අමෙරිකාවේ හා යුරෝපයේ ද එය අඩු වැඩි වශයෙන් පවතී.
අපට ගුවන්විදුලිය ගැන කතාකරන්නට සිත් වූයේ ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ විප්ලවීය ආරම්භයක් ඊයේ ඇති වූ නිසා ය. එය හැඳින්විය හැක්කේ අපේ රටේ පත්තර මහ ගෙදර හා ගුවන්විදුලි මහගෙදර එකට එකතුවීමක් ලෙස ය. ලේක්හවුස් ආයතනය, දිනමිණ කන්තෝරුව හෙවත් පත්තර මහ ගෙදර ශ්‍රී ලංකාවේ ඇති පරමාදර්ශී පත්තර ආයතනය යි. ගුවන් විදුලි සංස්ථාව යනු අපේ රටේ ඇති පරමාදර්ශී ගුවන් විදුලි ආයතනය යි. පත්තර මහ ගෙදරට වයස අවුරුදු එකසිය හතරකි. රේඩියෝ මහ ගෙදරට වයස අවුරුදු අසූ අටකි.
මේ ආයතන දෙක එකතු වී අලුත් එෆ්.එම්. නාලිකාවක් ආරම්භ කර තිබේ. එහි මූලික අරමුණ අපේ ජනතාව දැනුමෙන් හා ප්‍රඥාවෙන් සන්නද්ධ කිරීම ය. ඒ හැරුණුකොට ජනතාවගේ රස වින්දනය දියුණු කිරීම,අපේ ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම, සාංස්කෘතික සංවාද ඇතිකිරීම යන විවිධ අරමුණු මේ නාලිකාවට තිබේ. එය මුළුමනින්ම ගත් කළ ජාතීය අරමුණක්ඇති ව මෙහෙය වන වගවීමක් සහිත ජනමාධ්‍ය ආයතනයක් ලෙස හැඳින්විය හැකි ය. පෙරැළිකාර සංකර සන්නිවේදන විප්ලවවලට එහි ඉඩක් නැත.
ඉතාලි ජාතික මාර්කෝනි ගුවන් විදුලි තාක්ෂණය සොයා ගත්ත ද; එහි ඇති සන්නිවේදන ප්‍රබලත්වය හඳුනාගත්තේ නැත. ඉන් අදහස් කරන්නේ ගුවන් විදුලියේ දැවැන්ත සමාජ කාර්යය ගැන පුළුල් දැක්මක් මාර්කෝනිට තිබුණේ නැති බව ය. ඒ නිසාම ඔහු තම තාක්ෂණය මහා බ්‍රිතාන්‍යයට අලෙවි කළේය. මහා බ්‍රිතාන්‍යය එය නව තාක්ෂණයෙන් ද පෝෂණය කොට යටත්විජිතකරණය සඳහා යොදා ගත්තේ ය. ලෝකයේ ප්‍රථම ගුවන් විදුලිය ඉතාලියේ බිහි විය යුතුව තිබුණ ද එය ස්ථාපිත වූයේ මහා බ්‍රිතාන්‍යයේ ය.
ගුවන් විදුලිය මිනිස් සමාජයේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නේ නම් ඒ සඳහා හොඳම ආදර්ශ ලබා ගත හැක්කේ අප්‍රිකාවෙන් ය. ඉංග්‍රීසිකාරයා අඳුරු මහාද්වීපය ලෙස හැඳින්වූ අප්‍රිකාව අඳුරෙන් එළියට ආවේ ගුවන් විදුලිය නිසා ය. අප්‍රිකාවේ මහා ප්‍රබන්ධකථාකරු ලෙස හඳුන්වන චිනුවා අචෙබේ අප්‍රිකානු ගුවන් විදුලියේ උපදේශක තනතුරක සිටියේය. ඔහු හැමවිටම එය මහත් ඉහළින් අගය කරමින් කටයුතු කළේය. කෙන්යාවේ විමුක්ති ව්‍යාපාරය වූ මො - මෝ සංවිධානයේ නායක ඩෙඩෑන් කිමානි කියා සිටියේ අප්‍රිකාව දැනුවත් කළ හැක්කේ ගුවන් විදුලියෙන් පමණි යන්න ය.
අප්‍රිකාවේ ගුවන් විදුලි මාධ්‍යවේදීන් පුහුණු කරන වැඩමුළුවක් 1960 ගණන්වලදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා පොදු රාජ්‍ය මණ්ඩලයද ඊට සහයෝගය ලබා දුන්හ. මේ වැඩමුළුවල දී අප්‍රිකානු ගුවන් විදුලි ශිල්පීන්ට ප්‍රධාන කරුණු හතරක් අවධාරණය කරන ලදී. පළමුවන්න වැඩමුළුවලට යන්න එහි සිට වාර්තා කරන්න යන්න ය. දෙවන්න හඬක් නැති මිනිසුන්ට හඬක් දෙන්නත් සඳහා පාරට යන්න කියා ය. තෙවන්න රටේ සංස්කෘතික උරුමය රකින්න නැතහොත් රට විනාශ වේ යන්න ය. හතරවන්න හැකිතාක්දුරට දිළිඳු ජනතාව අමතන්න ඔවුන් රටේ ජීවනාලිය යන්න ය. මේ හැම උපදේශනයකින් ම අපට පාඩම් උගත හැකි ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් විදුලිය ආරම්භ වී වසර අසූ අටක් ගත වී ඇතැ’යි අපි මුලින් සඳහන් කළෙමු. මුලින් ම ආරම්භ වූ ගුවන් විදුලි විකාශය “සියැක්” ලෙස හැඳින් වේ. එය විධිමත් ගුවන් විදුලියක් හෝ ජනමාධ්‍යයක් හෝ නොවේ. කොළඹ ගුවන් විදුලිය, ලංකා ගුවන් විදුලි සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන ලෙසින් එය විකාශය වූ අතර පසුකලෙක රටේ ප්‍රධාන ජනමාධ්‍ය බවට පත්විය. දේශපාලනය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී කුදු මහත් විෂයය පිළිබඳ නියම සංවාද පැවැතියේ ද ඒවා පිළිබඳ ඇතැම් තීන්දු ගනු ලැබුයේ ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවය. එය රටේ තීරණාත්මක සාධකයක් ලෙස පැවැතිණි.
විසිවන සියවසේ අග භාගය වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට ගුවන් විදුලි නාලිකා කඩා වදින්නට පටන් ගත්තේ ය. රූපවාහිනී නාලිකා කඩා වදින්නට පටන් ගත්තේ ය මේවායේ ප්‍රතිඵලය ලෙස සමාජය බෙහෙවින් සංකරවූයේ යැයි චෝදනා නැගිණි.
අපරාධ වැඩිවුණේ යැයි චෝදනා නැගිණි. භාෂාව හා සංස්කෘතිය විනාශ වූයේ යැයි චෝදනා නැගිණි. එහි සත්‍යයක් තිබේ. ජනමාධ්‍ය ආචාර ධර්ම ඉක්මවා ගිය සන්නිවේදන ක්‍රියාවලියක් මේ නාලිකා ඔස්සේ දකින්නට ලැබිණි. දිනමිණ එෆ්.එම්. නාලිකාව ඒ සියල්ලට වඩා වෙනස් ජාතික වගවීමක් ඇති නාලිකාවකි. එය කොළඹ පත්තර මහ ගෙදර සිට ශ්‍රී ලංකාවේ හෘද සාක්ෂියට කතා කරනු ඇත.

දිනමිණ සිටි FM හඬ ගුවනට මුදාහළ වගයි....




 දිනමිණ සිටි FM ප්‍රවෘත්ති විකාශය ඊයේ (23) උදේ සුබ මොහොතින් ආරම්භ වූ අවස්ථාව. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ සහ ලේක්හවුස් සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහත්වරුන් විසින් ප්‍රථම ප්‍රවෘත්තිය ගුවනට මුසු කෙරුණු අවස්ථාව. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර මහත්වරු සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත වැලිවේරිය, 
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී. ඩී. කේ. ඒ. ජයන්ත සහ ඉංජිනේරු වජිර ධර්මකීර්ති මහත්වරු මෙහි වෙති. 
ඡායාරූපය - සුදත් මලවීර


Sunday, July 20, 2014

දේ ඩාන්ස් අලෝන් - ‘They Dance Alone’

දේ ඩාන්ස් අලෝන් ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹේ

දෙවරක් හොඳම නිෂ්පාදක ලෙසින් සරසවිය සම්මාන දිනූ නිෂ්පාදක බන්දුල ගුණවර්ධනගේ නවතම සිනමා නිෂ්පාදනයේ වැඩ කටයුතු පසුගිය සඳුදා (ජූලි 07 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
නිලේන්ද්‍ර දේශප්‍රිය විසින් අධ්‍යක්ෂණය කෙරෙන මෙය ‘They Dance Alone’ ලෙසින් නම් කර තිබේ. එහි ප්‍රධාන චරිතය ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි නිරූපණය කිරීමට නියමිතය.
කැමරාකරණය චන්න දේශප්‍රිය, වේශ නිරූපණය නාරද තොටගම, විධායක නිෂ්පාදනය ධම්මික දිසානායක, නිෂ්පාදන කළමනාකරණය සුරංග හික්කඩුව, සංගීතය අනූපා කේමදාස සහ ගයත්‍රි කේමදාස, සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ, නිෂ්පාදන සැළසුම්කරණ්‍ය රොබ් නේවිස්, ශබ්ද පරිපාලනය තපස්නායක් විසිනි. මෙහි පිටපත දැනට විසි වසරකට ඉහතදී නිලේන්ද්‍ර දේශප්‍රිය විසින් රචනා කර ඇති අතර නිලේන්ද්‍ර සහ නාමල් ජයසිංහ විසින් එය යළිත් රචනා කර තිබේ. නතාෂා ඩ්‍රීම් සහ නිලේන්ද්‍ර දේශප්‍රිය සම නිෂ්පාදනයෙන් දායක වෙති.