Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Showing posts with label දිවයින. Show all posts
Showing posts with label දිවයින. Show all posts

Saturday, August 9, 2014

"කගක්‌" - "ක. ග."

ජන මතකයේ සදා රැඳුණු ජනශ්‍රැතිවේදියා
පියසේන කහඳගමගේ

"ආචාර්ය, මහාචාර්ය කමක්‌ නොතිබුණාට මෙතුමාගේ නැණ නුවණට සරිකළ හැකි දැනුමැත්තෙක්‌ අප අතර තවත් සිටිත් ද යන්න මට මහත් ගැටලුවක්‌"

මීට එකොළොස්‌ වසරකට පෙරාතුව අවමඟුල් සභාවක දහස්‌ සංඛ්‍යාත සංවේගික පිරිසක්‌ අමතා මෘතකලේබරයක්‌ හමුවේ මහාචාර්යතුමෙකු කළ ප්‍රකාශයකි ඒ. එදා එතුමා කළ එම ප්‍රකාශය මට මතකයෙන් යළි ඇහැරෙන්නේ අසීමිත දැනුම් සම්භාරයක්‌ පොතපත තුළින් ජනගත කළ විරල ගණයේ ජනශ්‍රැතිවේදියකු වූ පියසේන කහඳගමගේ සූරීන් දැයෙන් සමුගත් අද වැනි දවසක වූ නිසාය. ඒ 2003 අගෝස්‌තු මස 16 දාය.

මීට දසක පහකට ආසන්න දිනයක එනම්, 1966 ජනවාරි මස 08 දා පියසේනයන් මට නමෝවිත්තියෙන්ම හමුවන්නේ හිඟුරක්‌ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාලයේදීය. එවකට ගුරු විදුහල්ගත අපි සියල්ලෝම ශිෂ්‍ය ගුරුවරු වීමු. එහි පුහුණුව ලැබූ දෙවසර පුරාවටම දයාදර ජනප්‍රිය ගුරු සොයුරෙකුව සිටි පියසේනයෝ දැයෙන් සමුගන්නා තෙක්‌ම මාගේ යාවජීව මිතුරෙක්‌ ම වූහ. මාතර ඔහුත්, අනුරාධපුර මාත්, කයින් දුරස්‌ව සිටියත් සිතින් හා තොරතුරු ලිපි මගින් අපි සාකල්‍යයෙන්ම සහ සමීප වූවෝ වීමු.

කෙසේ නමුදු එදා ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් අප දෙවසරකින් අනතුරුව (1968) පිටවූ අතර පියසේනයන්ට පුහුණු ගුරුවරයෙකු ලෙස මුල් පත්වීම ලැබුණේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ මහඔය, උණුවතුර බුබුල නම් වූ විදුහලටය. අති දුෂ්කර වූ මෙම විද්‍යාලයේ අහිංසක දරු දැරියන්ගේ ශිල්ප පිපාසාව සංසිඳුවන රිසින්, පියසේන ගුරු සොයුරා නොගත් තැතක්‌ නැති තරම්ය. ඒ නිසාවෙන්ම දොa "මඩපැහැ" ගැණුන "පරඬැල්වී" ගිය ඇඳුම්වලින් යාන්තම් විලි වසාගෙන පාසලට පැමිණෙන කොලු කුරුට්‌ටන්ගේ පමණක්‌ නොව, කර්කශ ජීවන බරට උර කර දී හිරු සඳු සමඟ පොර බදමින් සිය දරු පැටවුන්ගේ හිස්‌ කුස්‌ යාන්තමින් හෝ පුරවාලීමට "නැඟෙන" දෙගුරුන්ගේද විද්‍යාලයීය ගුරු මඬුල්ලේද නොමඳ ගෞරවාදරයට පාත්‍ර වීමට තරම් පියසේනයෝ සමත් වූහ.

එසේම ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක්‌ තැබූ පිරිස්‌ අතර අම්පාර පුරා කැලෑගම් හි පාසල්වල විසිරී සිටින ගුරු භවතුන්ද සුවිශේෂ විය. ඊට හේතුව වූයේ පාසල් දරුවාගේ පමණක්‌ නොව, එදා එක්‌ වේලක්‌ පමණක්‌ හරිහමන් අයුරින් කුස පුරවා දෙවේලක්‌ කුසගිනි වළඳන මේ දුෂ්කර පාසල් ගුරු භවතුන්ගේද ඕනෑ එපාකම් බලධරයන් හමුවේ එක එල්ලේ එඩිතරව කියා පෑමට තරම් පියසේන කහඳගමගේ ගුරු සොයුරා නිර්භීත වූ හෙයිනි.

මේ නිසාම ස්‌වකීය ගුරු සේවයේ නිරතවී කෙටි කලකදී ඔහු ගුරු සිත් දිනාගෙන ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රාදේශීය නායකත්වයට තේරී පත් විය. එතැන් පටන් ගුරු සේවාවේ ගෞරවය හා අභිමානය වෙනුවෙන් ඇප කැප වූ ක්‍රියාශීලී ප්‍රාදේශීය නායකයකු මෙන්ම අවංක නායකත්ව නියමුවෙකුව සිටි පියසේනයෝ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ජාතික තලයේ නායකත්වයෙන් ද පිදුම් ලැබූහ.

ගුරු විදුහල් වකවානුවේ සිටම කවියට ප්‍රියකරන, පුවත්පත් සඟරා ආදියෙන් කළඑළිබට පියසේනයන්ට විදුහල් ගුරු සොයුරන් ඇමතුවේ "කවියා" යන අන්වර්ථ නාමයෙනි. මේ කවිකම තව තවත් සුමට කරගනිමින් අම්පාර දිස්‌ත්‍රික්‌ ගුරු භවතුන්ගේ "කවිතාව" නඟාසිටුවීමේ පරම ෙච්තනාවෙන් ම ඔහු "ගරු රැස" නමින් විකල්ප කාව්‍ය පත්‍රයක්‌ ආරම්භ කර එහි සංස්‌කාරකවරයා ලෙස ද ක්‍රියා කළේය. එනයින් අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන් දේශයට ජනප්‍රිය කවි කිවිඳියන් බිහිවූ බව මෙහිලා සඳහන් කරනුයේ පියසේන කහඳගමගේ ගුරුතුමාට පිං පැමිණවීමක්‌ වශයෙනි. එමෙන්ම කිරාවැටෙමින් තිබූ ඇතැම් වෘත්තිය සංගම් යළි අවධිකර යුක්‌තිය, සත්‍ය හා අයිතිවාසිකම් වෙනුවෙන් අවිහිංසාවාදී ජන අරගල නායකයකු ලෙස පෙරමුණ ගත් පියසේනයෝ බලවතුන්ගේ ගර්ජන, තර්ජන හා අසාධාරණකම් හමුවේ "කගක්‌" (අසිපතක්‌) සේ නැගී සිටියහ. ඒ ගාම්භීරකම නිසාවෙන්ම ඔහු රට පුරා ප්‍රචලිත වූයේ "ක. ග." යන නමිනිs.

නිරතුරුවම බුලත්විටෙන් රතුවූ දෙතොල් අතරින් පීදෙන අහිංසක සිනාවකින් කාහට වුවද ඔහු සංග්‍රහ කළේ මානව දයාදරවය. කාලයාගේ ඇවෑමෙන් මේ පුංචි මිනිසාගේ යුක්‌තිගරුක ප්‍රතිපත්ති විෂවූ ඇතැම් බලධාරීහු ඔහුට රිදවන්නට හැකි සෑම විටකම උත්සුක වූහ. ඒ අනුව ඔහුගේ සේවා කාලයෙන් හරි අඩකටත් වඩා ගෙවුණේ පිට පිටම ලැබුණු දුෂ්කර ස්‌ථානමාරු කන්දරාව නිසාමයි. තමාට ඇතැම් පාසල්වල සේවයට වාර්තාකර මසක්‌ හෝ සේවයේ යෙදෙන්නට ඉඩහසර ඇහිරී ගියේ එකපිට එක ඔහු කරා ගලා ආ "වහාම ක්‍රියාත්මක ගුරුමාරු නියෝග" එල්ල වීමෙනි. කෙසේ නමුදු ලැබෙන සෑම ගුරු ස්‌ථාන මාරුවක්‌ම තමා ලද අමිල දායාදයන් ලෙස ඉතා මනාපයෙන් භාරගත් පියසේනයෝ තමා ආණ්‌ඩු මට්‌ටු කරන්නට බලවතුන් ස්‌ථාන මාරු හරහා දියත් කළ අසාධාරණ සටනට ඔහු අවිය කරගත්තේ පෑනය.

මේ ගුරුතුමා පාසල් කාලසීමාවෙන් අනතුරුව ඒ ඒ දුෂ්කර පාසල් අවට පිහිටි ගම්බිම් හා පාරිසරික සැබෑ තොරතුරු පර්යේෂණ මට්‌ටමින් ගමින් ගමට පයින්ම ගොස්‌ උපයා, සපායාගෙන ප්‍රාදේශීය ජනවහර හා ජනශ්‍රැතීන් පිළිබඳව කරන ලද ගැඹුරු අධ්‍යයනයක නිරතවෙමින් දේශයේ අනන්‍යතාව හා ජාතියේ අභිමානය වෙනුවෙන් පර්යේෂණ පොත පත ජනගත කළේ අගනා වස්‌තු සම්භාරයක්‌ ලෙසටය.

ඒ අනභිභවනීය කෘතීන් අතර මෙතුමාගේ කුළුදුල්ම කෘතිය වූයේ 1979 යේ ලියු "ඉබේම නැගවියන් පුතේ" නම් වූ කාව්‍ය සංග්‍රහය යි. ඉනික්‌බිතිව "බින්තැන්නේ විත්ති" ඇතුළු විත්ති සාහිත්‍ය කෘති දෙකක්‌ද, යොවුන් සාහිත්‍ය කෘති හයක්‌ද, නවකතා පහක්‌ද, ළමා කතා තුනක්‌ ද, එදා මෙදා තුර වියතුන් අතර අත්පොත් සේ පරිශීලන කාර්යයට තුඩු දෙන "කමත" ඇතුළු ශාස්‌ත්‍රීය පර්යේෂණ කෘති හතක්‌ ද වේ.

දේශයේ පිනට පහළවූ මෙම අපූරු ලේඛකයාගේ කෘතින් අතරින් "කමත (1992)", "දිගාමඩුලු ජනවහර (1995)", "වනතරණය (2002)" යන විශිෂ්ට ගණයේ කෘතීන් සඳහා එතුමෝ තෙවරක්‌ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ. එසේම ටෙලිනාට්‍ය ගතවූ "බැද්දේ සෙනෙහස" නම් වූ නවකතාව ඉතාම ජනප්‍රියත්වයට පාත්‍ර වූ අතර, මාර්ටින් වික්‍රමසිංහ සම්මානය, අධ්‍යාපන අමාත්‍යාංශ සම්මානය, විෙද්‍යාaදය සම්මානය හා ගොඩගේ සම්මානය ඇතුළු දේශයේ පිළිගත් සම්මාන ගණනාවක්‌ම උරුමවූයේ පියසේන කහඳගමගේ ජනශ්‍රැති වේදියාගේ අගනා කෘතීන්වලටය. ඊට අමතරව ජනප්‍රිය ළමා සාහිත්‍ය කෘතීන් කිහිපයක්‌ද, පාසල් දරු දැරියන්ට අතිරේක කියවීම් පොත් බහුතරයක්‌ද පියසේනයන්ගේ පෑන් තුඩින් ගෙත්තම්ව ජනගත විය.

මේ ආදී අති විශාල සාහිත්‍ය මෙහෙවරක්‌ කළ පියසේන ගුරුතුමාට ද ලෝ දහම පරිදි උපත සමඟ උරුම වන විපත පොදු ධර්මතාවක්‌ම විය. එය පසක්‌ කරමින් මෙතෙක්‌ දේශයේ අනන්‍යතාව, ප්‍රෙෘඪත්වය, මානව හිතවාදිත්වය. මෙන්ම රැහේ ප්‍රබලත්වය හඬ නඟා ප්‍රකාශ කළ පියසේන කහඳගමගේ නම් වූ මේ යුග පුරුෂයාණෝ මුළු මහත් දේශයම හඬවමින් 2003.08.16 දින සදහටම අපෙන් සමුගත්හ.

සදාදර සහෘදයාණෙනි, ඔබ අප අතරින් වියෝ වී අදට එකළොස්‌ වසරක්‌ ගෙවී ගියද ඔබ කරන ලද අනුපමේය ජාතික මහා මෙහෙවර මනුස්‌මෘතියෙන් පමණක්‌ නොව ඇළ දොළ ගහවැල සතා සිව්පාවා තුළින් ද සදාකල් ඇකී, මැකී නොයනු නියති. දැයක්‌ සනසන, ලොවක්‌ පුබුදන ඔබේ පොතපත තුළින් අපි සදාකල් ඔබ දකිමු. ඔබ වැනි දේශාභිමානනීය පුත්‍ර පුත්‍රිකාවෝ අප අතර යළි යළිත් මේ දේශයේ ජනිත විය යුත්තෝහුමය.


- කේ. බී. මානෑව


http://www.divaina.com/2014/08/10/nimna02.html

ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් අපේ විවාහයට බලපෑවේ නැහැ

ඔහු ලියන කිසිදෙයක්‌ කාටවත් පෙන්නුවෙ නෑ

ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් අපේ විවාහයට බලපෑවේ නැහැ


මට ජයතිලක මහත්තයව මුලින්ම දකින්න ලැබුණේ මියුසියස්‌ පුහුණු පාසලේ ඉගෙන ගන්න කාලයේදී අපි ගිය විනෝද චාරිකාවකදීයි. එහිදී අපි යාපනය, නාගදීපය ආදී ප්‍රදේශවල දින දෙක තුනක්‌ සංචාරයේ යෙදුණා. මේ ගමනේදී එයා මා පිළිබඳව විමසිල්ලෙන් ඉඳල තියෙනවා. මට මතකයි යාපනයේදී මටයි මගේ යහළුවන්ටයි එයා මිදි මල්ලක්‌ ගෙනැත් දුන්නා. ඒත් මට වෙනසක්‌ තේරුණේ නැහැ. ආදරයක්‌ කියන දේ තේරුම් ගන්න පුළුවන් කමකුත් ඒ වෙද්දී අපට තිබුණේ නැහැ. කොහොම නමුත් පසුව අපේ පාසලේ මුල් ගුරුතුමියගේ මාර්ගයෙන් තාත්තට දන්වල මා ගැන අහල තිබුණා. ගෙවල්වලිනුත් එතරම් විරුද්ධත්වයක්‌ තිබුණේ නැහැ. ඒ නිසා අධ්‍යාපනය ලබන අතරවාරයේදීම තමයි අපේ විවාහය ලියාපදිංචි කළේ. ඒ 1954 පෙබරවාරි 9 වැනිදා. ඒ අවුරුද්දේම මැයි මාසේ 24 වැනිදා පුංචි උත්සවයක්‌ ගත්තා. ඒ වෙද්දී නාවල පැත්තේ පුංචි ඇනෙක්‌සියක්‌ අරගෙන තිබුණා. අපි දෙන්න මුලින්ම පදිංචියට ගියේ එහෙට. එතකොට මට අවුරුදු දහ අටක්‌ විතර ඇති. ජයතිලක මහත්තයත් විසි දෙකක්‌ තුනක්‌ විතර වයසක තමයි හිටියේ.
ඇය කේ. ජයතිලකයන් ව හමුවීමේ සිට විවාහය දක්‌වා පැමිණි අතීතය රසවත් ලෙස අප සමග මෙනෙහි කළාය.

කළුඅච්චි ගමගේ ජයතිලක උපත ලබන්නේ 1926 වසරේ ජුනි 27 වැනිදාය. ඒ සියනෑ කෝරළයේ ගඟබඩපත්තුවේ රදාවාන පෝරුවේ කන්නිමහරදීය. ඔහුගේ පියා කළුඅච්චි ගමගේ අර්නෝලිස්‌ අප්පුහාමිය. මව මද්දුමාගේ පොඩිනෝනා ය. දරුවන් නම දෙනකුගෙන් යුත් මෙම පවුලේ ජයතිලක උපදින්නේ තුන්වැනි දරුවා ලෙසටය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ රදාවානේ පිහිටි ආණ්‌ඩුවේ පිරිමි පාඨශාලාවෙනි. ර¹වානේ පාසලේ ඉගෙන ගත්තු කාලයේදී එම පාසලට පැමිණි මුනිදාස කුමාරතුංගයන් "බස රස කරන හැටි" මැයෙන් කළ දේශනය" ජයතිලකයන්ගේ ජීවිතයේ සදා නොමැකෙන සනිටුහනක්‌ විය. එසේම ඔහුගේ සාහිත්‍ය රසයට එක්‌ හේතුවක්‌ ලෙස මවගේ ද පියාගේ ද ක්‍රියාකාරකම් බොහෝ සේ බලපෑ බව ජයතිලකයන් වරක්‌ පුවත්පතකට පවසා තිබුණේa මෙලෙසිනි.

"මගේ පියා ඒ යුගයේ හැටියට උගත් කෙනෙක්‌. ඔහු පාසලේ අටවැන්න සමත්ව හිටියා. තාත්තා පැරණි සාහිත්‍ය පොත් මෙන්ම නවකතාත් කියෙව්වා. ඒ කාලේ තිබුණේ පියදාස සිරිසේනගේ නවකතා. සාමාන්‍යයෙන් නව කතා කියවීම ළමයිනට නොහොබිනා දෙයක්‌ ලෙස ඒ කාලේදී පිළිගැනුණත් තාත්තා අපිට එවැනි තහනමක්‌ පැනවූයේ නැහැ. ඒ කාලේ පොළවල්වල කූඩ දිගහැර ඒ යට ලස්‌සනට පොත් විකුණන වෙළෙන්දොa හිටියා. තාත්තා අපිට පොත් ගෙනැත් දුන්නේ ඒ වෙළෙන්දන්ගෙන්..... ·

ඒ වගේම තමයි මගේ අම්මා පැරණි ජනකතා රාශියක්‌ දැනගෙන හිටියා. හැන්දැවට බත ඉදෙන තුරු ඇය ඒ ජන කතා අපට කියා දුන්නා. මගේ සාහිත්‍ය ජීවිතයේ පළමු පිබිදීම ඇති කළේ තාත්තා ගෙනත් දුන් පොත්පත් කියෑවීමෙන් හා අම්මා කියා දුන් ජනකතා ඇසීමෙන්.

* ඔබලා විවාහ වෙද්දී ඔහු ප්‍රසිද්ධ කෙනෙක්‌ද? අප නැවතත් සුමනා ජයතිලක මහත්මියගෙන් විමසුවෙමු.

නැහැ. කිසිම ප්‍රසිද්ධියක්‌ ලබා තිබුණේ නැහැ. එහෙම වෙන්න කිසිම පොතක්‌ පතක්‌ ලියල තිබුණෙත් නැහැ. ඒ කාලෙදී තැපැල් මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ආයතන තිබුණා. මහත්තයත් තැපැල් මාධ්‍යයෙන් ළමයින්ට ඉගැන්වීම කරගෙන ගිය ගුරුවරයෙක්‌. ඔහු එයින් ලැබෙන වැටුප තමයි මාව විවාහ කරගන්න කොට අපේ තාත්තාට පෙන්නල තිබුණේ. මට මේ වැටුපෙන් පවුලක්‌ රකින්න පුළුවන් කියලා. මගේ අම්මා මම පුංචි කාලෙදීම නැති වුණා. තාත්තා තමයි අපිව රැක බලා ගත්තේ. තාත්තාගේ නෑදෑයෝ මේ විවාහයට ටිකක්‌ අකැමැත්තකුත් පෙන්නුවා.

* ඒ වෙද්දී ඔහු එතරම් ප්‍රසිද්ධ කෙනෙකුත් නෙමෙයි නම් ඔබ ඔහුට කැමැති වෙන්න තිබුණු හේතු මොනවාද?

මට එහෙම කිසිම හැඟීමක්‌ තිබුණේ නැහැ. මගේ තාත්තා කිව්වේ මේ විවාහයට කැමැති වෙන්න කියලා. ඉතින් ඊට වඩා දෙයක්‌ මට හිතන්න තිබුණේ නැහැ. අපිට ඕන ඕන විදිහට හිතුවක්‌කාර තීරණ ගන්න අවශ්‍යතාවක්‌ වත් හැකියාවක්‌වත් ඒ කාලේ අපට තිබුණේ නැහැ. ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් මේ විවාහයට බලපෑවේ නැහැ.

* සැමියෙක්‌ ලෙස ජයතිලකයන් තුළ තිබුණු ගුණ මොනවාද?

ඇත්තටම ඔහු ඉතාමත් ගුණයහපත් කෙනෙක්‌. හැම දෙයක්‌ම මට කියා දුන්නේ ආදරෙන්. කවදාවත් සැරවැර වුයේ නැහැ. සමහර දේවල් මම සෙල්ලක්‌කාරකමට කරපු අවස්‌ථාවලදී එහෙම කරන්න එපා. මෙහෙම කරන්න කියල මට ආදරෙන් පහදල දීල තියෙනවා. අපි විවාහවෙලා පළමු අවුරුද්ද ගෙවෙන කොටම මට පුතෙක්‌ ලැබුණා. ඒ නිසා අඩු වයසකදී වුණත් මම ඉක්‌මනින් අම්මා කෙනෙක්‌ ලෙස තලත්තෑනි තත්ත්වයට පත් වුණා. වගකීම් කියන දේ මාහට පැවරුණා. ඒ වගේම ජීවත් වෙන්න අවශ්‍ය කරන හැම සැප පහසුකමක්‌ම මා වෙනුවෙන් ඔහු ළඟා කරල දුන්නා. අද තරුණ අඹුසැමියන් අතර තියෙන බැඳීම් නෙමෙයි එදා අපි අතර තිබුණේ. මට හිතෙන්නේ ඒක ඉතා ගෞරවනීය දෙයක්‌ කියලයි.

මේ කාලෙදිම තමයි, ඔහු මුලින්ම ලියන්න පටන් ගත්තෙත්. ඊට කලින් "වියෝ දසුන" කියල එක පොතක්‌ ලියල තිබුණත් පළවෙලා තිබුණේ නැහැ.

* ඔහු ලේඛන කටයුතුත් සමග ගෘහ ජීවිතය පටලවා ගත්තේ නැද්ද?

සමහර වෙලාවට ජීවිතේ දුක හිතුණු අවස්‌ථාත් තිබුණා. මොකද එයාගේ ලියන කියන වැඩ නිසා අපි ට කතා කරන්නවත් විනෝදයෙන් ඉන්නවත් අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. එයාගෙ ලෝකයේ තමයි නිතරම එයා හිටියේ. පස්‌සේ මම තේරුම් ගත්තා. ඔහුට ඒ නිදහස ලබා දිය යුතුයි කියලා. අපි ඒවට අකුල් හෙළුවොත් ඒ කිසිවක්‌ සාර්ථක කර ගැනීමට නොහැකි බව මම තේරුම් ගත්තා.

ළමයි එහෙම ලැබිලා ටිකක්‌ කල් යනකොට මාස තුනකට විතර සැරයක්‌ අපි කොහේ හරි ඇවිදින්න යන්න පුරුදු වුණා. හැබැයි ඒ ගමන්වලදීත් කාරෙකේ යනකොට වැඩිය කෑගහනවට එහෙම කැමැති නැහැ. ඒ වෙලාවට "ඔය කච කෙච්" නවත්තගන්න කියනවා.

* ඇයි දූ දරුවෝ කිසිවෙක්‌ ලේඛන කටයුතුවලට සම්බන්ධ නූනේ·

ඔහු කවදාවත් ඒ කාටවත් කිසිම දෙයකට බල කළේ නැහැ. කරන දේ හරියටම උපරිමයෙන් කරන්න කියල තමයි නිතරම කිව්වේ.

* ඔහු ජීවිතය ඉතා අසීරුවෙන් ජයගත්ත කෙනෙක්‌. ඒ ගැන මොනවද ඔබ සමග කියල තියෙන්නේ?

ජයතිලක මහත්තයා ගමෙන් ඇවිත් බොහොම අමාරුවෙන් තමයි ඉහළට ආවේ. ඒ නිසාම ඔහු අනිත් අයටත් උනන්දුවෙන් අත දුන්නා. එයාගේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලුවා. කොළඹ හිටියත් අපි මාසෙකට වරක්‌ ගමට ගියා. ඔහු ගමට ගොඩක්‌ ආදරේ කළා. ලේඛන කටයුතුවලට උනන්දු අලුත් ළමයින්ට උදව් කළා. පොත්පත් දුන්නා. ඒ නිසාම තමයි, මිය යන්න වසර හයකට පමණ ප්‍රථම ඔහුගේ මහ ගෙදර පුස්‌තකාලයක්‌ බවට පත්කෙරුවේ. ඔහු ඒ දේ කළේ සියනෑ කෝරළේ දරුවන් වෙනුවෙන් කරන යුතුකමක්‌ ලෙස හිතලයි.

* ලියන කියන දේ පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කළාද?

කවදාවත් කිසිම විදිහකින්වත් එයා ලියන කියන දෙයක්‌ කාටවත් පෙන්නුවේ නැහැ. පොත් ලියල මුද්‍රණය කරල අරගෙන ඇවිත් මට පේන තැනකින් තියල තියෙනවා. එතකොට මම කියනවා මොකක්‌ද අනේ මේ අලුත් පොතක්‌ ගහල තියෙනවා. මම දන්නේවත් නැහැනේ." මේක ලියනකොට මටත් ටිකක්‌ පෙන්නන්න තිබුණනේ කියලා." ඕක ඔයාට පෙන්නුවනම් වෙන අය වගේ නෙමෙයි ඔයා කරන කියන විවේචන ඊට වඩා ප්‍රබලයි. ඒව ඇහුවොත් මේක මුද්‍රණය කරන්න හිතෙන්නෙත් නැහැ කියල කියනවා. එයා ගෙදරදී පොත් ලිව්වෙත් නැහැ. ඒ හැම දෙයක්‌ම ලිව්වේ අලුත්කඩේ උසාවිය ළඟ තියෙන පුංචි කාර්යාලයේ ඉඳගෙනම තමයි. එතැනට කවුරු හරි ඇවිත් ලියන කියන දේවල් ගැන සාහිත්‍ය ගැන කතා කරනවට එයා හරි කැමැතියි.

* පොතපතින් එහාට ඔහු සතුටක්‌ ලැබුවේ මොනවායින්ද?

දරුවන්ට උගන්වන එක තමයි ඔහු ලැබුව ලොකුම සතුට. දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඒ තරම්ම සොයා බැලුවා. දවසක්‌ මම දූල දෙන්නට ලස්‌සන මැහුම් මෝස්‌තරයකින් ගවුම් දෙකක්‌ මහල දුන්නා. ඒ අය තාත්තා ළඟට ගිහින් ලස්‌සනද කියා ඇහුවම මගේ පැත්ත හැරිල "ඔව් ලස්‌සනයි" කියල ළමයින්ට කිව්වේ මම මීට වඩා කැමැතියි ඔයාල කවදහරි හොඳට ඉගෙන ගෙන ලොකු තැන්වලට ගිහින් ඉන්නකොට තියෙන ලස්‌සන බලන්න කියලා. දරුවෝ හතරදෙනාම අධ්‍යාපනික වශයෙන් යම් දියුණුවක්‌ ලැබුවා නම් ඒ පසුපස සිsටියේ මම නෙමෙයි ඔහුයි.

* ඔහු ජීවිතයේ කලකිරීමෙන් සිටි අවස්‌ථා තිබුණාද?

කවුරු හරි වංචාවක්‌ බොරුවක්‌ කළොත් ඔහු හරියට දුක්‌වෙනවා. ඒ දේ වෙන කාට හරි වුණත් එහෙමයි. කවුරු කාවවත් රවට්‌ටනවට එයා කැමැති නැහැ.

* කේන්ති ගන්න කෙනෙක්‌ද?

කවුරු හරි එයාව හෙලාතලා කතා කළොත් එයාව ගණන් ගන්නේ නැත්නම් ටිකක්‌ කේන්ති ගන්නවා. අපේ ගෙදර හැම තැනම තියෙන්නේ පොත්. කෑම කන තැනයි සාලෙයි, නිදාගන්න ඇඳ උඩයි තියෙන්නෙත් පොත්. ඒකට කිසි පිළිවෙළක්‌ නැහැ. මම ඉතින් ඒව පිළිවෙළකට අස්‌ කළොත් කේන්ති යනවා. ඒ වෙලාවට "මේ ගෙදර මිනිස්‌සු මොනව කරනවද මන්දා" කියලා කියනවා. පොත්වල කොල නවනවටත් එයා හරි අකැමැතියි.

ඒ මොන දේ වුණත් අපි දෙන්න එකිනෙකාට ගරු කළා. එක්‌කෙනෙක්‌වත් දෙවෙනිය කියන සිතුවිල්ල අපි ළඟ තිබුණේ නැහැ එතකොට දරුවන්ට අමුතුවෙන් උගන්වන්න දෙයක්‌ ඉතුරු වෙන්නේ නැහැ. ඔවුන් ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඔවුන්ට ඉබේම අම්මා තාත්තාගේ අගය දැනෙන්න පටන් ගන්නවා. අපි හැම දෙයක්‌ ගැනම සාකච්ඡා කළා. ඒ තුළින් ම විසඳුම් සොයා ගත්තා.

* ඔහු මත්පැන් බිව්වද?

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා, සරච්චන්ද්‍ර මහත්තය වගේ එයාගේ හිතමිතුරන් හමුවන ඇතැම් අවස්‌ථාවලදී බොහෝ ම ස්‌වල්ප වශයෙන් මත්පැන් පානය කළා. නමුත් කවදාවත් සීමාව ඉක්‌මවා ගියේ නැහැ.

* ගෘහ ජීවිතයට ප්‍රිය කළාද?

විවේකයක්‌ තියෙන හැමවෙලාවකම ගෙදර ඉන්න තමයි කැමැති. නොයෙකුත් තැන්වල ඇවිදින්න යන්න කැලෑවල යන්න එහෙමත් කැමැත්තක්‌ තිබුණා.

* ඇයි ඔහු ඔබව තෝරාගත්තේ?

මම ජීවත්වෙන විදියට හා මගේ ගති ස්‌වභාවයට එයා කැමැති වෙන්න ඇති.

* ජීවිතේ කියන දේ දැක්‌කේ කොහොමද?

ජීවිතේ කියන දෙය ඉතා පුළුල් ලෙස දැක්‌කා. අසීමිත බලාපොරොත්තු හෝ කිසිවක්‌ පොදිගසා ගැනීමේ ආසාවක්‌ තිබුණේ නැහැ. දැන් හැමදේම ඇති ජීවත් වුණා දැන් ඇති, කියන හැඟීම තමයි, අවසාන කාලයේදී ඔහුගේ හිතේ තිබුණේ.

රංග විදානේ
ඡායාරූප :
සමන් අබේසිරිවර්ධන

http://www.divaina.com/2014/08/10/feature01.html

Saturday, July 26, 2014

"අපි ආමි"

නොනිමි මෙහෙවරකට පෙළ ගැසෙන "අපි ආමි"


අෙන්‍යාන්‍ය සබැඳියාව, අෙන්‍යාන්‍ය අවබෝධය මෙන්ම දැනුම, ප්‍රඥව ඇතුළු සියල්ල බෙදාහදා ගැනීම යනු ඕනෑම සමාජයක ඉදිරි ගමන උදෙසා බෙහෙවින් උපකාරී වන්නකි.

සත්‍යය එය නමුදු ඉකුත් තිස්‌ වසරක්‌ පුරා මේ බිම වැනසූ කුරිරු ත්‍රස්‌තවාදය ඉදිරියේ ගෙවෙන තත්ත්පරයක්‌ පාසා අප සිටියේ ජාතියක්‌ වශයෙන් ඉදිරියට නොව ආපස්‌සට ගමන් කරමිනි. සහයෝගය, සබැඳියාව, මිතුදම වෙනුවට දසත පැතිර තිබුණේ මර බියම විය.

එහිදී අපට අහිමි වූ දේ බොහෝය. නමුත් අපේ විරෝදාර රණවිරුවන්ගේ වීර්යය හමුවේ උදා වූ අඳුරු යුගයක නිමාව සටහන් කෙරෙමින් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ඡයා වැළලී යද්දී එළැඹුනු නව යුගයක මෙදා අපෙන් ඈත් වූ දේ යළි අප වෙත ළඟා වෙමින් තිබෙන්නේද? මම මොහොතක්‌ බලා සිටියෙමි. ඒ දසුන අපූරුය.

ගාම්භීර ලෙස යුද හමුදා නිල ඇඳුමින් සැරසුණු වෛද්‍ය, ඉංජිනේරු, වතු පාලක, මාධ්‍යවේදී, ආදී ලෙසින් රට පිළිගත් විද්වත් වෘත්තිකයන් පිරිසක්‌ හමුදා ගමනින් එක පෙළට දියතලාව යුද හමුදා ස්‌වේච්ඡා බළසේනා පුහුණු පාසලේ ක්‍රීඩා පිටිය දෙසට ගමන් කරමින් සිටිති.

මානව අයිතීන් කඩකිරීම, නීතිය ක්‍රියාත්මක නොවීම ආදී ලෙසින් නැගෙන දහසකුත් චෝදනා අතරේ ඇතැමුන්ගේ කුහක මුඛ කුහර තුළින් පිටතට පනින මිලිටරිකරණය නම් වූ අධම වචනය.. මේ වැදෙමින් තිබෙන්නේ එකී කුහකයනට දෙන අතුල් පහරක්‌ නොවේද?

පෙළට පැමිණි විද්වත්හු ක්‍රීඩා පිටියේ පසෙක ඉදිකර තිබූ පීඨිකාවක අසුන් ගත්හ. සියල්ල උත්සවයක සිරි ගෙන ඇත. ගත වූයේ තවත් සුළු කාලයකි. ජාතිකාභිමානී ගීතයක්‌ අනුවාදනය කරමින් ආචාර පෙළපාලියක ගමනේ ආ සියයක පමණ හමුදා කණ්‌ඩයක්‌ විද්වත් පිරිස අසුන් ගෙන සිටි පීඨිකාවට මඳක්‌ එපිටින් ඉදිකර තිබූ ප්‍රධාන පීඨිකාව ඉදිරියේ සීරුවෙන් සිට ගත්හ.

උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වේච්ඡා බළසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලගල තවත් හමුදා ප්‍රධානින් කිහිප දෙනකු සමග ප්‍රධාන පීඨිකාවේ සිටිති. ඊළඟ මොහොතේ පෙළපාලියට අණ දුන් හමුදා ප්‍රධානියා සිය අසිපතද සුරතට ගෙන යුද හමුදාවට උරුම ලෙස පාද තබමින් ප්‍රධාන පීඨිකාව දෙසට පැමිණෙන්නට විය.

එසේ පැමිණි ඔහු ආචාර පෙළපාලිය පිළිබඳ මේජර් ජෙනරාල්වරයාට කරුණු දැක්‌වීමත් සමග කුරිරු ත්‍රස්‌තවාදයේ තිස්‌ වසරක ශාපයෙන් පසු යළිත් වරක්‌ යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවට විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පළමු කණ්‌ඩායම බඳවා ගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් විය.

මේ මොහොතේ යුද හමුදාවේ විනය හා අබිමානය සමග අනුගත වෙමින් හමුදා ඇඳුමින් සැරසී සිටි විද්වත් පිරිසද හිඳ සිටි අසුන්වලින් නැගිට සීරුවෙන් සිට සමාචාර දැක්‌වීම කැපී පෙනෙන දසුනක්‌ම වූවේය.

අතීතයේ ශ්‍රී ලංකා යුද හමුදාව හා රණවිරුවා තුළ වූ විනය මෙන්ම කැපවීම ආදිය සමාජගත කෙරෙන අතරේ මෙරට විද්වතුන්ගේ දැනුමෙන් යුද හමුදාව පෝෂණය කිරීමේ මාවත බවට පත්ව තිබුණේ යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාව යෑයි කිවහොත් එහි වරදක්‌ නැත.

මෙරට සමාජයේ බුහුමනට ලක්‌ව සිටි විද්වත්හු රැසක්‌ එකල ස්‌වෙච්ඡා හමුදා සේවයට එක්‌ව යුද හමුදාව තුළ වන විනයගරුක බව සමාජගත කරන අතරේ සිය දැනුමෙන් හමුදා සේවය පෝෂිත කරන්නටද කටයුතු කළ බවට වන සාධක ඕනෑ තරම්ය. මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී. එස්‌. සේනානායක, ඇමැතිවරුන් ලෙස කටයුතු කළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජෙනරාල් රංජන් විඡේරත්න, ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ, මේජර් ඊ. ඒ. නුගවෙල, කර්නල් සී. ඒ. ධර්මපාල, සහ මේජර් මොන්ටේගු ජයවික්‍රම වැනි මහත්වරුන් සිවිල් සමාජය අතරේ සිටිමින් රටට ඉමහත් සේවයක්‌ සිදු කරන අතරේ යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවේ සාමාජිකයන් වීම තුළින්ම එය පැහැදිලි වේ.

නමුත් එකී හරවත් බව එසේ වුවද වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ කුරිරු ත්‍රස්‌තවාදයත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්‌වේච්ඡා සේවය සඳහා මෙරට විද්වතුන් එක්‌ වීම නතර වූයේ ජාතියේ අවාසනාවක්‌ ලෙසිනි. ත්‍රස්‌තවාදයත් සමගම එතෙක්‌ පූර්ණ හමුදා සේවයෙන් බැහැරව තිබූ ස්‌වේච්ඡා බළසේනාවද සක්‍රීය යුද සේනාවක්‌ බවට පත්වූයේ ජාතියේ අවශ්‍යතාව හමුවේය.

මේ හේතුවෙන් ගෙවී ගිය තිස්‌ වසරක යුද්ධයේදී ස්‌වේච්ඡා බළසේනාවද සතුරු බිමේ ඇවිද යමින් සතුරාට එරෙහි සටනේ නියමුවන් බවට පත්විය. එහෙත් යුද හමුදාවට ලැබුණු විද්වත් දැනුමේ පෝෂණය අහිමිව ගියේය. නමුත් මේ සියලු කැපකිරීම් ඉදිරියේ කෙසේ හෝ ප්‍රභාකරන් සමගම ත්‍රස්‌තවාදයද වළලා දමා සියල්ල ජයගන්නට අපේ විරුවෝ සමත් වූහ. එතැන් පටන් උදා වූයේ අපට අහිමි වූ සහ අපෙන් උදුරාගත් සියල්ල යළි ලබා ගැනීමේ මෙහෙයුම විය.

එහිදී යුද හමුදාවේ පෝෂණය මෙන්ම සිවිල් සමාජයේ උන්නතිය උදෙසා යළිත් වරක්‌ මෙරට විද්වතුන්ගේ දැනුම ලබා ගැනීමේ අදහසින් ස්‌වේච්ඡා බළසේනාවට විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීම ඇරඹෙණුයේ ත්‍රස්‌තවාදය අතුගා දැමුණු යුද්ධයේ තීරණාත්මක චරිතයක්‌ වූ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක්‌ අනුවය.

සිවිල් සමාජයේ සහ යුද හමුදාවේ උන්නතිය උදෙසා ගනු ලැබූ මෙකී පියවරේ හරාත්මක තත්ත්වය දෙස බැලීමේදී මිලිටරිකරණය යන කුහක වදනට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය සංකල්පය ක්‍රියාත්මක කරන තැනටම ගෙන යමින් මේ ලබා දී ඇත්තේ අපූරු පිළිතුරක්‌ බවද මෙහිදී සටහන් කළ යුතුමය.

ආචාර පෙළපාලියට අණදුන් හමුදා ප්‍රධානියා මේජර් ජෙනරාල් ලලිත් දවුලගලට සිය හමුදා කණ්‌ඩය පිළිබඳ කරුණු දැක්‌වීමෙන් පසු හමුදාවට උරුම ගාම්භීරබවද සමගින් ඒ උත්සවයේ කටයුතු නිමාවට පත් විය.

ඒ සමගම ප්‍රධාන පීඨිකාවෙන් බැස අසල සිටි ස්‌වේච්ඡා හමුදා සේවයට අලුතින් එක්‌වූ විද්වතුන් අතරට ගිය යුද හමුදා ස්‌වේච්ඡා බළසේනා සේනා විධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලගල, ස්‌වේච්ඡා බළසේනා නියෝජ්‍ය සේනා විධායක මේජර් ජෙනරාල් ලෝරන්ස්‌ වික්‍රමසිංහ, ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් විද්වත් පිරිසද කැටිව පුහුණු පාසලේ සම්මන්ත්‍රණ ශාලාව වෙත ගියේ නවක පිරිසට යුද හමුදාව පිsළිබඳ හඳුන්වා දීමක්‌ කිරීමේ අරමුණ ඇතිවය.

එහිදී යුද හමුදා ස්‌වේච්ඡා බළ සේනාවේ ඉතිහාසය පිළිබඳවද කරුණු පැහැදිලි කරමින් හරවත් දේශනයක්‌ පැවත්වූ මේජර් ජෙනරාල් ලලිත් දවුලගල අනතුරුව සියලු විද්වතුන් සමග තේ පැන් සංග්‍රහකටද එක්‌වීමෙන් අනතුරුව නව වැඩපිළිවෙළ පිළිබඳ මෙසේ මාධ්‍යයට කරුණු දක්‌වන්නට විය.

මේ වැඩසටහන ආරම්භ වෙන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව "අපි ආමි" යන තේමාව යටතේයි. තිස්‌ වසරකට පසුවයි මේ අයුරින් විද්වත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්‌වේච්ඡා බළසේනාවට එක්‌ වන්නේ.

"අපි ආමි" කියන තේමාව තුළ කිසිදු ජාති ආගම් කුල බේදයක්‌ නැහැ. තිස්‌ වසරකට පසු ආරම්භ වන මේ වැඩපිළිවෙළේ පළමු කණ්‌ඩායම ලෙස යුද හමුදා ස්‌වේච්ඡා සේවයට එක්‌ වන මේ විද්වත් වෘත්තිකයන් අතර සිංහල, දෙමළ සහ මුස්‌ලිම් යන ජාතීන්ට අයත් මෙරට විවිධ ක්‍ෂෙත්‍රයන් නියෝජනය කරන විද්වතුන් සිටිනවා.

ඔවුන්ගේ දැනුම යුද හමුදාවට අවශ්‍යයි. ඒ දැනුමෙන් යුද හමුදාව පෝෂණය විය යුතුයි. ගැටලු නිරාකරණයේදී එය විශාල ශක්‌තියක්‌. මෙතුළින් යුද හමුදාවට හැම ක්‍ෂෙත්‍රයකම නියෝජනයක්‌ ලැබෙනවා.

මේ පිරිස අතර වෛද්‍ය, කළමනාකරණ අධ්‍යක්‍ෂ, ගණකාධිකාරි, ගුවන් ප්‍රවාහන ක්‍ෂෙත්‍රය, මහාචාර්ය, රේගු, මිනින්දොaරු, ඉංජිනේරු, ජනමාධ්‍ය ආදී ලෙසින් විවිධ වෘත්තිකයන් සිටිනවා.

මොවුන්ට මසක පමණ පුහුණුවක්‌ ලබා දීම සිදු වෙනවා. ඉන් කෙරෙන්නේ යුද හමුදාව පිළිබඳ අදහසක්‌ ලබා දීමයි. ඒ පුහුණුවෙන් පසුව මොවුන්ගේ සේවා පළපුරුද්ද, දැනුම ආදී නිර්ණායකයන් මත සිට ඔවුන් කර්නල්, ලුතිනන් කර්නල්, මේජර්, කපිතාන්, ලුතිතන් ආදී නිලයන්හි අධිකාරියට පත් කිරීම සිදු කෙරෙනවා.

මේජර් ජෙනරාල්වරයාගේ එකී කරුණු දැක්‌වීමෙන් පසු යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවට පළමු කණ්‌ඩායම ලෙස අලුතින් එක්‌වූ විද්වතුන් දෙසට යොමු වීමටද අපි අමතක නොකළෙමු. එහිදී ඒ සියල්ලන්ගේ ඒකායන හඬ වචන ලෙසින් පිටවූයේ මෙලෙසිනි.

ඇත්තෙන්ම මේක අපට ලැබුණු මහඟු අවස්‌ථාවක්‌. රටේ යහපත වෙනුවෙන් අපේ දායකත්වය ලබා දීමට ලැබීම සතුටක්‌. අප අතරේ විවිධ ක්‍ෂෙත්‍ර නියෝජනය කරන අය සිටිනවා. ඒ සෑම ක්‍ෂෙත්‍රයක්‌ම යුද හමුදාව සමග සම්බන්ධ කරන්න මේ මගින් අපට අවස්‌ථාව ලැබෙනවා.

මේ පුහුණුවේදී අපට ගතයුතු බොහෝ දේ තිබෙනවා. ඒ වගේම සිවිල් නීතිය හා හමුදා විනය ඒකාත්මික වී රාජ්‍ය සේවයට සම්බන්ධ වීමකුත් මෙතුළින් සිදු වන තවත් වැදගත් කරුණක්‌. අද රාජ්‍ය සේවය කම්මැලි සේවයක්‌ ලෙසිනුයි සමාජය තුළ අර්ථ දැක්‌වෙන්නේ.

නමුත් මෙතුළින් කම්මැලියි කියන රාජ්‍ය සේවය ඉහළට ඔසවා තැබීමකුත් සිදු වෙනවා. එය රටට යහපත් දෙයක්‌. හැම දෙයක්‌ම විවේචනය කරන පිරිස්‌ ඉන්නවා. ඒත් මෙයින් සිදු වෙන්නේ රටට යහපතක්‌ බව නම් පැහැදිලියි.

මින් එහා ඒ පිළිබඳ කතා කරන්නට දෙයක්‌ අපටද ඉතුරුව නැත. මන්ද මේ සියලු අදහස්‌ දක්‌වනුයේ රටම පිළිගත් වෘත්තික මට්‌ටමේ විද්වතුන්ම වන නිසාය. එහෙයින් ඔවුන්ගේ ප්‍රකාශ තුළින් වර්තමානයේ කුහකත්වය සමග සියල්ල දෙස බලන වුන්ට අනාගතයටද සරිලන සේ පිළිතුරු ලැබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

ස්‌තූතිය - මේජර් ප්‍රජාත් විඡේසිංහට
සමන් ගමගේ

 
http://www.divaina.com/2014/07/27/feature21.html

"ආයෙත් පිටකොටුවට ගිහිල්ලා එමුද"

කොළඹට එන්න... දියමත සාප්පු සවාරියක්‌ යන්න


උමතු විශ්වාසය චිත්‍රපටයට, එඩී ජයමාන්න විසින් "කොලොම්පුරේ ශ්‍රියා.... කොලොම්පුරේ ශ්‍රියා" ගීතය ගායනා කරන කාලයේ, කොළඹ නගරය ලෝකයේම සැලසුම් සහගත නගරවලින් එකක්‌ බවට පත්වී තිබිණි.

පිටකොටුව ද මේ අනේ
කඩ සාප්පු බොහො තිබේ
පාර මැද්දේ පීලි උඩින්
ට්‍රෑම් කාර් යනවානේ......

ආදී ලෙසින් එඩී ජයමාන්න වර්ණනා කරන්නේ කොළඹ අලංකාරය ය. පසු කාලයේදී "කොලොම්පුරේ ශ්‍රියා" යන වාක්‍ය ඛණ්‌ඩය භාවිත වූයේ, කොළඹ තිබූ අපිළිවෙළට අපිරිසිදුකමට සරදම් කරන්නටය.

පිටකොටුවේ කුණු ගොඩවල්වල පිංතූර පත්තරවල ලොකුවට පළ වූයේ, "කොළොම්පුරේ ශ්‍රියා"යන හෙඩින් යටතේය.

ඒ කොළොම්පුරේ ශ්‍රියා... යන්න සරදමට නොව ඇත්තටම කිව හැකි කාලයක්‌ එනු ඇතැයි නොසිතුණද, දැන් යළිත් එවන් කාලයක්‌ පැමිණ තිබේ. පක්‍ෂ, විපක්‍ෂ දේශපාලනයේ යෙදෙන කවුරුත්. 'ආණ්‌ඩුව කරපු නියම වැඩක්‌...' ලෙස ප්‍රශංසාවට භාජනය කරන කොළඹ අලංකරණ ව්‍යාපෘතිය අයත් වන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදේශකත්වය මතය.

"ගෝඨාභය මහත්තයා අත තිබ්බොත් වැඩේ හරි යෑයි සාමාන්‍ය ජනයා කියන්නට පෙළැඹී ඇත්තේ, ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය සේම, කොළඹ හැදීමේ යුද්ධය ද ආරක්‍ෂක ලේකම්වරයා "තිතට" ක්‍රියාවේ යොදවන නිසාය. ඒ අතරින් අප අද කතා කරන්නේ, කොළඹ ලෙස බොහෝ දෙනා හඳුන්වන පිටකොටුවේ දියත් කරන ලද අලංකරණ මාදිලියක්‌ පිළිබඳවය. කොටුව, පිටකොටුව ප්‍රධාන දුම්රියපළ හා බැස්‌ටියන් මාවත කේන්ද්‍ර කර ගනිමින් දියත් වූ මෙම වැඩපිළිවෙළ, එහි යන එන ජනයා දැනටමත් පුදුමයට පත් කර තිබේ. බැස්‌ටියන්ස්‌ මාවතේ බස්‌ නැවතුම්පළ අසලින් එදා ගිය මගීන් එහි විනාඩි කිහිපයක්‌ හෝ ගෙව්වේ නාසය හකුළුවාගෙන ආයාසයෙන්ය. එක්‌ පැත්තකින් කුණු ගඳ හා මුත්‍රා ගඳය. අනෙක්‌ පැත්තෙන් ඇස, ගත වෙහෙස කරන දුහුවිලි සහිත ගෙන්දගම් පරිසරයය. ඒ සියල්ල පැත්තකට කර දමා මැජික්‌ සෙල්ලමක්‌ සේa පිටකොටුවේ බැස්‌ටියන් මාවත අයිනේ, මනරම් වැව් තෙරක්‌ අසල අලංකාර කඩ සාප්පු සංකීර්ණයක්‌ ඉදිවී තිබේ.


එදා කළු වී, දූවිලි පිරී තිබූ පෙට්‌ටි කඩ පේළියේ අප්‍රසන්න දර්ශනය වෙනුවට, තිරයක්‌ හැරියා සේ අද එළි දැක ඇත්තේ, අලංකාරවත් උද්‍යානයක්‌ බඳු තලාවකි. ඒ මනස්‌කාන්ත බව "වෙනස්‌ වන කොළඹ" නගර සැලැස්‌ම අනුව ක්‍රියාවට නංවමින් තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින්ය. මෙහි කඩ සාප්පු අනූ දෙකකින් සමන්විත වේ. භූමිය බිමට ඇල්ලූ මනරම් ගල්, අරලිය ගස්‌ යාය, මනා ලෙස ගෘහ නිර්මාණශීලීත්වයෙන් හැඩ කර තිබේ. "මෙතැන වැවක්‌ තිබුණාද..." බොහෝ දෙනා අසන්නේ ඒ තරම්ම නරක ලෙස කොළඹ නගරය පෙර කාලයේදී කාබාසිනියා කර තිබුණු ආකාරය ගැන උදාහරණ සපයමිනි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී මේ බිමට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණෙන විට එය ජරාජීර්ණ ගොහොරුවකි. අද තිබෙන තත්ත්වයට එය ගෙන ඒම සඳහා ආරක්‍ෂක ලේකම්වරයාගේ නායකත්වයෙන් අලුත් බළකායක්‌ මෙහෙයුම ආරම්භ කළේය. නාගරික සංවර්ධන අධිකාරිය යන්න බෝඩ් ලෑල්ලක්‌ වී තිබූ යුගය නිමාකර මින් දැන් වැඩ පටන්ගෙන තිබේ. එහි සභාපති නිමල් සිල්වා, අධ්‍යක්‍ෂ ජනරාල් නිහාල් ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දරගේ, ක්‍ෂේත්‍ර නායකත්වය යටතේ බැස්‌ටියන් මාවත ප්‍රදේශය අද "යන්නට ආස හිතෙන පැත්තක්‌" බවට පත්ව තිබේ. කඩ කාමර අනූ දෙකට අමතරව පාවෙන වෙළෙඳසල් යායක්‌ ද මෙම නිර්මාණයට අඩංගුය. මෙහි වාස්‌තු නිර්මාණ අදහස හා සැලසුම එහි නිර්මාණ අංශය හාර වරලත් වාස්‌තු විද්‍යාඥ තුෂාරි කාරියවසම් මහත්මියගේය. ඇය විසින් තම හිතේ මැවුණු සැලසුම, දූවිලි, කුණු ආදියෙන් වනගත කර අපායක්‌ සේ දිස්‌වුණු බිම් තීරයක්‌, සොඳුරු පුරවරයක්‌ බවට පත් කර තිබේ.

"පිටකොටුවේ ගියොත් කෑම කන්න එපා" යන ජන කියමන ඇතිවී තිබෙන්නේ, එතරම් අපිරිසිදු ආහාරපාන වෙළෙ¹මක්‌ මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නිසාය ඒ වෙනුවට බැස්‌aටියන් මාවතේ නව ඉදිකිරීම් යටතේ පාවෙන භෝජනාගාරයක සිට මිහිරි ආහාර වේලක රසවිඳින්නට තව ටික දිනකින් ජනතාවට අවස්‌ථාව ලැබෙනු ඇත. දේශීය නිෂ්පාදන අලෙවිසල් සඳහා මෙහි වැඩිපුර ඉඩක්‌ ලබාදී ඇති අතර, පාවෙන වෙළෙඳපොළවල් තිබෙන වියට්‌නාමය, තායිලන්තය සේම නැවුම් පලතුරු, කිරි පැණි ආදිය ද මෙම වෙළඳසල්වලදී ජනතාවට මිලදී ගත හැකිවනු ඇත.

වැටවල් ගසා, ගේට්‌ටු දමා කරදරකාරී වෙළෙඳ සංකීර්ණයක්‌ වෙනුවට නිදහස්‌ එළිමහනේ වාඩි වී සිට, සිරි විඳමින් තමන්ගේ විඩාව නිවා ගැනීම සඳහා උද්‍යානයක්‌ ද මෙම සංකීර්ණයේ ඉදිකර ඇති අතර එම ඉදිකිරීම්වල බර දරන්නේ වීරෝදාර හමුදාවන්ය. "හමුදාවට නිග්‍රහ කරමින් වැඩ ගන්නවා" යන අයගේ කටවල් පැසෙන සේ, අද ජනතාව මෙම ඉදිකිරීම්වලට ප්‍රශංසා කරන්නේ, "රටත් බේරාගෙන කොළඹත් හදලා දෙනවා" යන කෘතඥතා පූර්වක වචනයයි.

එදා පිටකොටුවට එනවා කිවූ ගමන් ඇඟට දැනුණ රශ්මිය, වෙහෙස, දූවිල්ල වෙනුවට අද බැස්‌ටියන් මාවත දුටු අයකුට කියෑවෙන්නේ "ආයෙත් පිටකොටුවට ගිහිල්ලා එමුද" කියාය. වෙනස ඒ තරම් ය.

ඔසිත අත්තනායක

Sunday, July 6, 2014

"මල් ගුඩි දවස" නිමවුම් කරු ආර්. කේ. නාරායන්

"මල් ගුඩි දවස" නිමවුම් කරු  ආර්. කේ. නාරායන්
විශ්ව ඥනයේ වර්ධනයට පහන් දැල්වීම යනු පත් පොත් පරිශීලනය කිරීමය. ඥන වර්ධනයට පත පොත නැතිවම බැරි දෙයකි. විශ්ව සාහිත්‍යයේ අමරණීය ලේඛකයන්ගේ තොරතුරු දැනගැනීමට කැමැත්තෙන් සිටින අය බොහෝ වෙති. විශේෂයෙන් පාසල දරු දැරියන්ට විශ්ව සාහිත්‍යකරුවන්ගේ අදහස්‌ උදහස්‌, නිර්මාණ දැනගැනීමට සැලැස්‌වීමෙන් ළමා ජීවිතවලට උසස්‌ තත්ත්වයක්‌ හිමිවෙයි.

උසස්‌ සාහිත්‍ය නිර්මාණකරුවන් අතරින් ඉහළින් කැපී පෙනෙන අයකු ලෙස ආර්. කේ. නාරායන් ඉදිරියෙන් සිටින්නේ ඔහු ළමුන් වෙනුවෙන් ඉමහත් දායාදයක්‌ පිරිනැමීම නිසාය. ළමුන්ගේ සිත් සතන් කථාන්දර මගින් ප්‍රබෝධයට පත්කරවමින් අපූරු ලොවකට රැගෙන ගිය මෙම කෘතහස්‌ත ලේඛකයා "මල් ගුඩි දවස" කථාන්තරයේ නිමවුම් කරු වන්නේය. රූපවාහින ඔස්‌සේ "මල් ගුඩි දවස" අපේ ළමුන් නරඹන්නේ අභිරුචියෙනි.

රාසිපුරම් ක්‍රිෂ්ණසාමී නාරායන් නමැති විශ්ව සාහිත්‍යධරයා, ලේඛකයා උපත ලැබුවේ දකුණු ඉන්දියාවේය. මදුරාසියේ පුරසවලිතාම්හි 1906 ඔක්‌තෝම්බර් 10 දින උපත ලැබූ මෙම සුවිශේෂී පුද්ගලයා තම නිර්මාණ තුළින් විශ්වයට දොරටු විවරකර දුන්නේය. ඔහුගේ කෘති පාසල් දරුවන්ට පමණක්‌ සීමා නොවී පොත්පත් කෙරෙහි වැඩි රුචියක්‌ දක්‌වන සාමාන්‍ය පාඨකයන්ටද ඉතා වැදගත්විය.

ආර්. කේ. නාරායන් බ්‍රාහ්මණ වංශිකයකු වූ අතර මොහු පවුලේ තුන්වැන්නා විය. සිය මිත්තනියගෙන්, මවගෙන්, පියාණන්ගෙන් ළමා වියේදී සිටම රසබර කථා ඇසීමට වඩාත් කැමැති වූයේය. පවුලේ සමීප වැඩිහිටියන්ගේ සිඟිති සේම වැදගත් කථාන්තර අසා ඒවා යළි තම සිහි මිතුරන්ට පොහොර දමා තවත් රසකර කියාදීම පමණක්‌ නොව අලුතින්ද කථා ගොතා කීමටද සහජ හැකියාවක්‌ දැක්‌වීමට මොහුට පුළුවන් විය. තම මිත්තනිය සිහිකරනු වස්‌ "මිත්තනියගේ කථා" නමින් කථා එකතුවක්‌ද නිර්මාණය කළේය.

තමන් ළමා වියේදී ඇසූ දුටු දේවල් පසක්‌ කරමින් "මල් ගුඩි දවස" කථා සම්පාදනය කෙරිණි. තම ප්‍රථම නවකථාව ලෙස 1935 වර්ෂයේදී "ස්‌වාමි සහ යහළුවෝ" එළිදැක්‌වීය. අනතුරුව නව කථා තිස්‌ ගණනක්‌ පමණ ලියා තිබේ. කෙටි කථා මෙන්ම සංචාරක කථාද මොහු නිර්මාණය කර තිබේ.

ආර්.කේ. නාරායන් පළමුවරට ලිපිකරුවකු වශයෙන් සේවයට බැඳී, පසුව ගුරු වෘත්තියේ නියෑලුනේය. අනතුරුව පුවත්පත් කලාවටද යොමුවිය. තීරු ලිපි, විචාර ලිපි සහ ගුවන් විදුලි නාට්‍ය රැසක්‌ද නිර්මාණය කර තිබේ. පරිවර්තකයකු ලෙසද කටයුතු කරමින් මහා භාරතය ඉංග්‍රීසි භාෂාවට පෙරළා තිබේ. නාරායන් සාහිත්‍යධරයා විසින් රචිත කථාවල හාස්‍ය රසය මෙන්ම උපහාස රසයද ගැබ්ද තිබේ. අශ්වයා සහ එළුවන් දෙදෙනා මැයින් රචිත කථාව ඉතා ජනප්‍රිය බවට පත්විය. "මල් ගුඩි දවස" ටෙලි නාට්‍ය කථා ලොව පුරා ප්‍රේක්‍ෂක ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍රවී තිබේ. සිත් දිනාගෙන ඇත. මල්ගුඩි දවස කථාවලට අයත් "දූත" නමැති කථාන්තරයද ළමුන්ගේ සිත් ගත් එකක්‌ විය.

1958 දී රචිත "මාර්ගෝපදේශකයා" නමැති කෘතියේ වැඩි ගණනක්‌ ප්‍රථම වරට විකිණී තිබේ. මෙම කථාවට ඇකඩමි සම්මානය ලැබුණි. 1994 දී දකුණු ආසියාවේ විශිෂ්ට සාහිත්‍ය සූරයාට පිරිනැමෙන යාත්‍රා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

නාරායන් විසින් එළිදැක්‌වූ කෘති අතර මල්ගුඩියේ "මිනී මස්‌ කන්නා," "මුදල් විශේෂඥයා," මහත්මා එනතුරු, සම්පත් මහත්තයා, බූන්දි වෙළෙන්දා, මල්ගුඩියේ ව්‍යාඝ්‍රයා, ඉංගී්‍රසි ගුරුවරයා, ආචාර්ය රාන්, සැරිසරන සිත්තරා වැනි කෘතිද වේ. නාරායන් විසින් රචිත කෘති අතුරින් ස්‌වාමි සහ යහළුවෝ, වීදුරු බිත්ති, ආත්තම්මා, මගේ කල දවස, ඉංගී්‍රසි ගුරුවරයා නාගරාඡ්ගේ ලෝකය, සදාකාලික කල්යාන මිත්‍රයා වැනි කෘතීන් සිංහල භාෂාවට පෙරළා තිබේ.

මෙම ශේ්‍රෂ්ඨ ලේඛකයා 2001 මැයි 13 දා මෙලොවින් සමුගත්තේය.
මීරිගම - ආර්. ඇම්. ටී. බී. රත්නායක 
 

http://www.divaina.com/2009/11/08/siya08.html

ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල කුමක්‌ද?

ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල කුමක්‌ද?

අද මුළු මහත් ශ්‍රී ලංකාව පුරාම දහම් පාසල් අධ්‍යාපනය විවිධ මට්‌ටමින් දියුණු වී ඇත.

ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනයේ මුල්ම දහම් පාසල කවරේද යත් දැනගැනීම අපට ඉතාමත් වැදගත් වන්නේය.

ශ්‍රී ලංකාවේ මුල්ම දහම් පාසල කවරක්‌ද යන්න පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. 1970 වර්ෂයේ සංස්‌කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ පරීක්‍ෂණයට අනුව සමස්‌ත ලංකා දහම් පාසල් දිනය වශයෙන් අගෝස්‌තු 03 වැනි දින සම්මත කරගන්නා ලද්දේ 1895 අගෝස්‌තු 03 වැනිදා ගාල්ලේ විජයානන්ද දහම් පාසලේ ආරම්භ දිනය වශයෙන් සලකාය.

ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්aකොට්‌තුමන් සහ රුසියානු ජාතික හෙලේනා පැට්‌ට්‍රොව්නා බ්ලැවැස්‌කි මැතිනියත් යන පරම විඥනාර්ථවාදී පුරෝගාමීන් දෙදෙනා 1880 මැයි 17 වැනි දින ගාලු වරායෙන් දිවයිනට පැමිණ මැයි 19 වැනි දින ගාල්aලේ විජයානන්ද විහාරස්‌ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අක්‌මීමන ධර්මාරාම හිමියන් වෙතින් තිසරණ සහිත පන්සිල් සමාදන්ව බෞද්ධයන් වූහ.

ඕල්කොට්‌තුමාගේ පුරෝගාමිත්වයෙන් මෙරට ඇති වූ බෞද්ධ අධ්‍යාපනයේ එක්‌ ප්‍රමුඛ අංශයක්‌ වූයේ ඉරු දින දහම් පාසල් සේවාවයි.

1980 කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සංගමය පළ කළ සියවස්‌ සැමරුමේ සඳහන් වන්නේ 1881 පෙබරවාරි 13 වැනිදා මැලිබන් වීදියේ නො. 54 දරන නිවසේ පළමු දහම් පාසල ආරම්භ කළ බවකි. එහෙත් ගුරුවරුන්ගේ හිඟය නිසා මෙය වැඩිකල් පවත්වාගත නොහැකි විය.

1884 සී. ඩබ්ලිව්. ලෙඩ්පීටර් මහතා හා සී. දොන් බස්‌තියන් යන දෙදෙනා එක්‌ ඉරිදා දහම් පාසල් ව්‍යාපාරය කරගෙන ගියද එයද අඛණ්‌ඩව කරගත නොහැකි විය.

1978 දී කොළඹ ආනන්ද විද්‍යාලය මගින් පළ කළ 'ආනන්ද' නම් කලාපයේ සඳහන් වන්නේ '1886 නොවැම්බර් 01 දා මැලිබන් වීදියේ නො. 61 දරන ස්‌ථානයේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ආරම්භ කළ බවයි. අද එය ආනන්දයයි. සී. ඩබ්ලිව්. ලෙඩ් පීටර් මහතා ප්‍රථම විදුහල්පති විය. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 37 කි. මෙහි ගුරුවරුන්ට බුද්ධ ධර්මය ඉගැන්වීය." දක්‌වන ලද සියල්ලම අද පවත්නා ඉරු දින දහම් පාසල් සේවාව වැන්නක්‌ නොවේ.

1991 දී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පළ කළ ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාගේ සංස්‌කාරකත්වයෙන් පළ කළ "ධර්මපාල ප්‍රතිරාවය" 356 පිටුවේ මෙසේ සඳහන් වේ.

"මම සෙන්පතිතුමාගේ රියෙන් බටහිර පළාතේ ගමින් ගමට යමින් අධ්‍යාපන ව්‍යාපාරය ජනප්‍රිය කරවීම සඳහා දේශනා පැවැත්වීමි. මේ වන විට ලෙඩ් පීටර් මහතා සිය ඉරුදින පාසල් කොළඹ අරඹා තිබිණි.

මෙහි එන ධර්මපාල තුමාගේ කියමනේ ද පැහැදිලි වන්නේ දහම් පාසල් සේවාවේ ආරම්භය නොව ආනන්ද විHdලයේ ආරම්භය ගැනයි.

1893 ජුනි මස 8 වැනි දින "ලක්‌මිණි පහන" පුවත්පතේ පුවත් සිරස්‌තලය සඳහන් වූයේ බුද්ධාගම ඉගැන්වීම ගැනය. "කුඩා දරුවන්ට ඉරිදා දිනවල බුද්ධාගම ඉගැන්වීම පිණිස කොළඹ හැරිසන් මහතා උස්‌තැන්නේ නිවසේම පිහිටුවන ලද පාඨශාලාව මේ 9 ඉරිදා පිහිටුවන අපරභාගයේ පවත්වනු ලැබේ. මේ සඳහා අවස්‌ථාව හික්‌කඩුවේ නායක හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ සහභාගි වන බවයි."

දැනට වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ විධිමත් මුල්ම ඉරුදින දහම් පාසල වන්නේ 1895 අගෝස්‌තු 03 දා ඇරඹි විජයානන්ද දහම් පාසල බව තහවුරු වේ.

දහම් පාසල් සේවාවද ඕල්කට්‌තුමා ඇතුළු පිරිස මෙරටට ඇති කළ බෞද්ධ පුනර්ජීවනයේම එක්‌ අංගයකි. මෙකල පළ වූ "ලක්‌මිණි පහන", "සරසවි සඳරැස්‌" ආදී පුවත්පත් පරීක්‍ෂා කරන විට ඕල්කොට්‌තුමා, ධර්මපාල ආදීන් නොයෙකුත් තාඩන පීඩන මැද ගෙන ගිය අරගලය මනාව පැහැදිලි වේ.

ඕල්කොට්‌තුමාගේ දිනපොතේ 143 පිටුවේ මෙවැනි සඳහනක්‌ ඇත.

"මගේ සිතට වැදගත් අදහසක්‌ පහළ විය. බෞද්ධ ළමයින් ඔවුන්ගේ හැම විහාරස්‌ථානයකම විශේෂ දිනවල බෞද්ධාගම උගත යුතුය. ක්‍රිස්‌තියානිවරු තම දරුවන්ට පල්ලියේ තම ආගම උගන්වන සේ බෞද්ධයන් එසේ නොකරන්නේ මන්ද?

ඉරු දින දහම් පාසල් ඇතිකිරීමේ චින්තන පදනම ඕල්කොට්‌තුමාගේ චින්තනයේ හරය වූ බව පෙනේ. ගාල්ලේ විජයානන්ද දහම් පාසල 1895 අගෝස්‌තු 03 වැනි දින ඇරඹි නමුත් එය අඛණ්‌ඩව පවත්වාගෙන යැම සඳහා "විජයානන්ද සභාව" නමින් සභාවක්‌ ඇතිකරන ලදී.

1889 ඇරඹි විජයානන්ද දහම් පාසල විහාරාධිපති පයාගල සිරිසුමනතිස්‌ස හිමියන්ගේ අභාවයත් දහම් පාසල ඇරඹූ ඩී. කේ. සුබසිංහ මහතා කොළඹට මාරු කිරීමත් නිසා දහම් පාසල නවතා දමන ලදී.

පසුව 1895 අගෝස්‌තු 03 වැනි දින විහාරාධිපති පූජ්‍ය ඇගුලපොල ජිනරතන ස්‌වාමීන්වහන්සේ විසින් නැවතත් දහම් පාසල ආරම්භ කරන ලදී.

ආරම්භයේදී සිසුන් 75 ක්‌ පමණ සිටි දහම් පාසල ක්‍රමයෙන් 15 දක්‌වා අඩු විය. මේ සම්බන්ධයෙන් කලකිරුණු විහාරාධිපති හිමියන් සහ ක්‍රියාකාරීන් සාකච්ඡා කොට රැස්‌වීමක්‌ කැඳවීය. එහිදී "විජයානන්ද" නමින් සභාව පිහිටුවිය. ප්‍රධාන අනුශාසක ධුරයට පූජ්‍ය ඇහැලේපොළ ජිනේරය හිමි ද සභාපති ධුරයට එස්‌. ඒ. ජයසුන්දර ලේකම් ජී. සමරකෝන්, උපලේකම් ඊ. එච්. තෙබේරිස්‌ සිල්වා ද 10 දෙනකුගෙන් යුත් කාරක සභාවක්‌ ද පත්කර ගන්නා ලදී.

මෙසේ ඇරඹි දහම් පාසල ක්‍රම ක්‍රමයෙන් දියුණු විය. මුලදී ගුරුවරු 4 දෙනකු ඉගැන්වීමේ කටයුතු කළ අතර සිසුන් 40-50 අතර ප්‍රමාණයක්‌ විය. ඉරිදා දින උදේ 8 සිට 10 දක්‌වා බුද්ධ ධර්මය සිසු අවබෝධය ආදි ගෝලයන් ඉගැන්වීම් කරන ලදී. වසරින් වසර ප්‍රභාවය කරා ගිය දහම් පාසල විවිධ ප්‍රභූන් විසින් ආධාර උපකාර කරනවා වූ අතර දරුවන්ට ත්‍යාග දීම විවිධ තරග පමණක්‌ නොව විභාග පරීක්‍ෂණ ද පවා පැවැත්විණි. වාර්තාවල සඳහන් වන පරිදි විවිධ පංති යටතේ ඉගැන්වීම් කෙරුණු අතර ළමුන් 700ක්‌ පමණ දහම් පාසලට සහභාගි වූ බව දැක්‌වේ.

විජයානන්ද සභාව ක්‍රම ක්‍රමයෙන් පුළුල් සංවිධානයක්‌ බවට පත්විය. බොහෝ දෙනා එයට සම්බන්ධ වීමට පෙලඹිණි.

ඉතා ක්‍රමානුකූල මුදල් පාලනයක්‌ හා විධිමත් බව නිසා විජයානන්ද සභාව ශක්‌තිමත් වූ අතර ඒ නිසාම විජයානන්ද දහම් පාසල ද දියුණුවෙන් දියුණුවට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ 1895 දී ඇරඹි විජයානන්ද දහම් පාසල මවු දහම් පාසල ලෙස සලකා ශාඛා දහම් පාසල් 04 ක්‌ පිහිටුවීමයි. 1901 වර්ෂය වන විට ඒවා නම්,

1. දේවතුර මාගල්ලේ සුධර්මාරාම දහම් පාසල

2. මිනුවන්ගොඩ පරමානන්ද දහම් පාසල

3. ගල්වඩුගොඩ පරම විඥන දහම් පාසල

4. මාතලේ කූඹියන්ගොඩ විද්‍යානන්ද දහම් පාසල වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධිමත් ඉරු දින දහම් පාසල වූ ගාල්ලේ විජයානන්ද ඉරුදින දහම් පාසලේ ප්‍රධානාචාර්යවරු පිළිබඳ සටහනක්‌ තබමි.

1. ඩී. ඡේ. සුබසිංහ මහතා - 1889 සිට වසර කිsහිපයක්‌

2. බදුල්ලේ ඥානවිලාන හිsමි - 1895-1914 දක්‌වා

3. බී. ජී. පියදාස සිරිසේන මහතා - 1915-1934 දක්‌වා

4. ඩී. ජයසිංහ මහතා - 1935-1949 දක්‌වා

5. එච්. ජයසිංහ මහතා - 1950-1962 දක්‌වා

6. පණ්‌ඩිත ගාල්ලේ ඥණානන්ද නාහිමි - 1963-1983 දක්‌වා

7. ශාස්‌ත්‍රපති නාකියාදෙනියේ ඥනතිස්‌ස හිමි - 1963 සිට

ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවර කරන ලද්දේ අක්‌මීමන ධර්මාරාම හිමි, පයාගල සිරි සුමනතිස්‌ස හිමි, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඇහැලේපොල ජාකොරොස්‌ හිමි, සෙන්පති හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌, අනගාරික ධර්මපාලතුමා ආදී ප්‍රභූන් රැසක්‌ මුල් වී ක්‍රියා කළ බව සඳහන් කරමි.

කේ. ඒ. චින්තක පෙරේරා


http://www.divaina.com/2014/07/07/mano02.html

තමන් නොදුටු පුදුමසහගත නිර්මාණයන් ........

පුරාවිද්‍යාවට සරසවි දායකත්වය 

ද්‍රව්‍යාත්මක අවශේෂ මඟින් අතීතය වර්තමානය තුළ ප්‍රතිනිර්මාණය කරමින් අනාගතය වෙත දායාද කිරීම පුරාවිද්‍යාව තුළින් සිදුවේ. ශ්‍රී ලංකාව සාඩම්බර අතීතයකට උරුමකම් කියන සුවිශේෂී බිම්කඩක්‌ ලෙස ගෝලීය ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීම සඳහා පුරාවිද්‍යා විෂය සුවිශේෂී කාර්යභාරයක්‌ ඉටු කරනු ලබයි. යටත්විජිත සමය වන විට මෙරට පැවති අතීත සංස්‌කෘතික දායාද දුටු විදේශීය ජාතීන් මවිතයට පත් වූවා සේම, විශේෂයෙන් ඉංග්‍රීසීන් විසින් යුරෝපයේ දී උත්පාදනය වී ක්‍රමයෙන් වර්ධනය වූ පුරාවිද්‍යාව (Archaeology) නම් වූ ශික්‍ෂණයේ ප්‍රායෝගික අභ්‍යාස අත්හදා බලන්නට කදිම තෝතැන්නක්‌ වශයෙන් තෝරා ගත් බව ද නොරහසකි. මෙරට උරුමය තුළ පුරාවිද්‍යාව ගැළපීමේ ආරම්භයක්‌ හෝ අවසානයක්‌ පිළිබඳ ස්‌ථිර අවබෝධයක්‌ නොවූ ඔවුන් මතුපිට වස්‌තු වාර්තාකරණයෙන් මෙරට පුරාවිද්‍යා කටයුතු ආරම්භ කරන ලදී. 1890 දී පුරාවිද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව (Department of Archaeological Survey) පිහිටුවා එහි ප්‍රථම කොමසාරිස්‌වරයා බවට හෙන්රි චාර්ල්ස්‌ පර්වියස්‌ බෙල් මහතා පත් වෙයි. ඔහුගෙන් ඇරඹි මෙම කාර්යය එඩ්වඩ් රසල් අයර්ටන්, ආතර් මයුරිස්‌ හොකාර්ට්‌, රිචඩ් ලෙස්‌ලි බ්‍රොaහියර්, ෙ-ම්ස්‌ ජී. ස්‌මිදර් වැන්නවුන් විසින් යථාවත් කරන ලදී. එඩ්වර්ඩ් සයින් පෙන්වා දෙන ආකාරයට මෙකල සිදු වූයේ තමන් නොදුටු පුදුමසහගත නිර්මාණයන් සටහන් කිරීමයි. ඒ අතර ගයිගර්, සී. ඩබ්. නිකලස්‌ වැන්නවුන් මෙරට පැරණි සාහිත්‍ය ලෝකය දෙස එබී බලන්නට ද විය.

පශ්චාත් යටත්විජිත සමයේ නැගී ආ බෞද්ධ පුනරුද ව්‍යාපාරය හා වෙනත් ජාතිකත්ව ව්‍යාපාර ඔස්‌සේ ශ්‍රී ලංකාවේ අතීත පෞරාණික උරුමය සම්බන්ධයෙන් ජනතා අවධානය ප්‍රබල වශයෙන් යොමු කරවන ලදී. වලිසිංහ හරිශ්චන්ද්‍ර, අනගාරික ධර්මපාල, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, නාරංවිට සුමනසාර වැනි විද්වතුන් ජාතික ව්‍යාපාර ශක්‌තිමක්‌ කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළහ. මොවුන් විසින් මෙරට අතීතයේ තීරණාත්මක වාස්‌තුවිද්‍යාත්මක නිමැවුම් හා ඒ අවට කලාපයේ බලපෑම් පිළිබඳව අවධානය යොමු කොට විස්‌තරාත්මක වාර්තා ඉදිරිපත් කරන ලදී. වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ "සිතියම් සහිත පුරාවිද්‍යාව" කෘතිය මේ සඳහා කදිම නිදර්ශනයකි.

1960-1980 කාලයේ දී ගෝලීය මට්‌ටමේ තත්ත්වය විමසීමේ දී ක්‍රමයෙන් සාම්ප්‍රදායික ක්‍රම ඔස්‌සේ අතීතය විමර්ශනය කිරීමේ තත්ත්වය (Traditional Archaeology) හීන වී ගොස්‌ නව පුරාවිද්‍යාවේ (Processual Archaeology) ආගමනය සිදු වී තිබේ. මේ යුගයේ සුවිශේෂත්වය නම් දත්ත විශ්ලේෂණය කොට අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමයි. ගෝලීය සන්දර්භය තුළ තත්ත්වය එසේ වෙත්ම නව පුරාවිද්‍යා කාල පරාසයේ දී මෙරට සිදු වූ වැදගත්ම කාර්යයභාරය නම් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය හා පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය අන්තර් සබඳතා පැවැත්වීමයි.

1980 දී සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ ආරම්භයත් සමඟ මෙරට පුරාවිද්‍යාත්මක ස්‌ථාන දේශීය මෙන්ම ගෝලීය ප්‍රජාව වෙනුවෙන් විවර වූවා සේම විශ්වවිද්‍යාලයන් තුළ අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන්ට මෙම ආයතනය ඔස්‌සේ අතීතයේ සැඟවුණ තැන් මතු කර ගැනීම සඳහා විවිධ පර්යේෂණයන් සිදු කිරීමටත්, ක්‍ෂේත්‍ර පුහුණුව ලබා ගැනීමටත් අවස්‌ථාව උදාවුණි. මේ කාලය වන විට පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය යන විශ්වවිද්‍යාලයන්හි "පුරාවිද්‍යාව"අධ්‍යයන පාඨමාලාවක්‌ ලෙස ආරම්භ කර තිබුණි. සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භයෙන් පසු එහි ප්‍රධාන වැඩබිම් වූ අභයගිරිය, ෙ-තවනාරාමය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර යන ව්‍යාපෘති පුරාවිද්‍යා විශේෂවේදී සිසුන්ගේ ක්‍ෂේත්‍ර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයීය මට්‌ටමින් පවරා දීමට කටයුතු කරන ලදී.

වගුව 01; මධ්‍යම සංස්‌කෘතික අරමුදල පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා විශ්වවිද්‍යාල දායක කර ගැනීම

1986 වර්ෂයේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කොළඹ බෞද්ධාලෝක මාවතෙහි ආරම්භ විය. එය එදා පටන් මේ දක්‌වා මෙරට පුරාවිද්‍යා පර්යේෂකයන්ගේ පශ්චාත් උපාධි අධ්‍යයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙනම ආයතනයක්‌ ලෙස ක්‍රියාත්මක වේ. 1988 දී එම ආයතනය මඟින් සීගිරිය - දඹුල්ල ප්‍රදේශ ඉලක්‌ක කර ගනිමින් අතීත ජනාවාසකරණයේ ස්‌වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියක්‌ (SIDA-SAREC) ආරම්භ කරන ලද හෙයින් විශ්වවිද්‍යාලයීය සිසුන්ට ද එහි පර්යේෂණ කටයුතුවල නිරත වීමට හැකියාව ලැබිණි. මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක, ස්‌වීඩන් පුරාවිද්‍යා කමිටුවක්‌ හා එක්‌ව 1988-1992 කාලය තුළ දියත් කරන ලද මෙම වැඩමුළුව ප්‍රශස්‌ත පුහුණු පාඨමාලාවක්‌ බවට ද පත් විය. මෙහි දී පුරාවිද්‍යාත්මක ගවේෂණයේ සිට වාර්තාකරණය දක්‌වා සියලු කටයුතු පිළිබඳව හා විශේෂයෙන්ම මිනුම්කරණය, කැණීම්, ගවේෂණයන්ගේ නවීන ක්‍රම අත්හදා බැලීමට ද අවස්‌ථාව උදාවිය.

පුරාවිද්‍යාව හුදෙක්‌ තනි විෂයයක්‌ ලෙස නොව බහු විෂයාත්මක ශික්‍ෂණයක්‌ ලෙසින් පෙනී සිටියි. එනිසාම අතීතයට අයත් බොහෝ දේ විවිධ විෂයය පරාසයන් ඔස්‌සේ අර්ථ ගන්වමින් වර්තමාන ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යාඥයා කටයුතු කරයි. අතීතය වැදගත් වන්නේ තලු මරමින් රස විඳීමට නොව, වර්තමානය හා අනාගතය වෙනුවෙන් මෙහෙය වීමටය. එනිසා පුරාවිද්‍යාව විෂයයෙහි අත්‍යන්තයෙන්ම ඇත්තේ ජාතික වටිනාකමකි. අනෙක්‌ පාර්ශ්වයෙන්, මානව සංහතියේ ප්‍රගමනය පිණිස මෙන්ම ශුභසිද්ධිය උදෙසා කටයුතු කරන ආයතන ලෙස විශ්වවිද්‍යාල පෙන්වා දිය හැකිය. නව සොයා ගැනීම් පිළිබඳ විශ්වය දැනුවත් වන්නේත්, විශ්වීය දැනුම හුවමාරු වන්නේත් විශ්වවිද්‍යාල හරහාය. එනිසා විශ්වවිද්‍යාල තුළින් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්‌ටමේ වටිනාකමක්‌ ප්‍රකාශ කරයි.

1951 පසු පරණවිතාන මහතා පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එකතු වීම ඉහත පෙන්වා දුන් වටිනාකම් තීව්‍ර වූ අවස්‌ථාවක්‌ ලෙස පෙන්වා දිය හැකිය. එය එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයට නව ජීවයක්‌ එක්‌ කළ කරුණකි. කෙසේ වෙතත් මුලදී ඉතිහාස අධ්‍යයනාංශය තුළ ක්‍රියාත්මක වූ පුරාවිද්‍යා විෂය 1976 දී වෙනම අධ්‍යයනාංශයක්‌ යටතේ මෙහෙයවන විෂය ධාරාවක්‌ විය. ඒ අනුව ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යයනාංශය බිහිකිරීමේ පමණක්‌ නොව පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය පිරිනැමීමේ ගෞරවය ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය හිමිකර ගත්තේය. මෙහි මුල්ම අංශාධිපතිවරයා වූයේ මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලකයන් ය. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල, කේ. එච්. ජයතිලක වැනි විද්වතුන් මෙහි ආචාර්යවරුන් ලෙස කටයුතු කරන ලදී. යුනෙස්‌කෝ සංවිධානය මෙම අධ්‍යයනාංශය හා එකතුව පොළොන්නරු ආලාහන පිරිවෙන් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. සංස්‌කෘතික ත්‍රිකෝණයට අයත් මහනුවර වැඩබිම අධ්‍යයනාංශය තුළින් නඩත්තු කිරීම සිදුවිය. ෙ-තවන ව්‍යාපෘතියට හා අනුරාධපුර ඇතුලු නුවර ව්‍යාපෘතියට සම්බන්ධ වී කටයුතු කිsරීමට ද ඔවුනට අවස්‌ථාව උදාවිය. 1997 දී යාපහුවට නුදුරු පිංවැව ගල්සොහොන් කනත්ත පුරාවිද්‍යා ව්‍යාපෘතියට සම්බන්ධ වීමේ භාග්‍යය ද ඔවුන්ට ලැබුණි. මෙහි දී ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලකයන්ගේ සහයෝගය ද ලැබීමෙන් විද්‍යාත්මක පසුබිමක හිඳිමින් මෙම ව්‍යාපෘතියේ දත්ත විග්‍රහ කිරීමට හැකි විය. ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයක පිහිටුවන ලද පුරාවිද්‍යා පර්යේෂණ කෞතුකාගාරයක්‌ ආරම්භ කරන්නේ ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයයි. මෙම පර්යේෂණ කෞතු=කාගාරය, ආනන්ද කුමාරස්‌වාමි මහතාට හා පී. එල්. ප්‍රේමතිලක මහතාට අයත් කෞතුක වස්‌තු එකතූන් මෙන්ම අග්‍රගණ්‍ය ඇත් දළ භාණ්‌ඩ එකතුවකින් ද පොහොසත් ය. එංගලන්කය, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය යන රටවලින් පැමිණි පුරාවිද්‍යා අධ්‍යයන කණ්‌ඩායම් කිහිපයක්‌ සමඟද මෙම විශ්වවිද්‍යාලය කටයුතු කර ඇත. මෙහි ක්‍රියාත්මක පුරාවිද්‍යා සංගමය විසින් 'විකල්ප පුරා තත්ත්ව' යන සඟරාව නිර්මාණය කිරීම අද දක්‌වාම සිදුවෙයි. විද්‍යාර්ථයන්ගේ ප්‍රකාශනයන් එළිදැක්‌වීම මෙහි අරමුණයි.

විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය ලෙස මුල් කාලීනව ව්‍යවහාර කරනු ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානවශාස්‌ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය තුළ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය ස්‌ථාපිතව ඇත. මෙය මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ මුල්ම ඉතිහාස හා පුරාවිද්‍යා උපාධි ප්‍රදානය කළ අධ්‍යයනාංශයයි. මහාචාර්ය එස්‌. බී. හෙට්‌ටිආරච්චි, මහාචාර්ය චනද්‍රා වික්‍රමගමගේ, මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, මහාචාර්ය ඩී. ඇල්. අබේවර්ධනය, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය ටී. ජී. කුලතුංග ආදී විද්වතුන් මෑත ඉතිහාසයේ ද, මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල, මහාචාර්ය කරුණාසේන හෙට්‌ටිආරච්චි සහ මහාචාර්ය පත්මසිරි කන්නංගර වැනි විද්වතුන් වර්තමානයේ ද මෙම අධ්‍යයනාංශයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව විෂයයන් නගා සිටු වීමෙහි පුරෝගාමී වූහ.

තව කොටසක්‌ හෙට පත්‍රයේ....

ඩී.එම්. දුමින්ද ලක්‌සිරි කුමාර,
සිව්වැනි වසර
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
මිහින්තලේ.


http://www.divaina.com/2014/07/07/feature01.html

'යහපත් මහරජ' ජුලි 7 වැනිදා සිට

'යහපත් මහරජ' ජුලි 7 වැනිදා සිට
ජාතික රූපවාහිනියෙන්...

ශ්‍රී ලාංකික රූපවාහිනි ප්‍රේක්‍ෂකයින්ට කවදත් හරවත් සහ ගුණවත් වැඩසටහන් ගෙන ආ ජාතික රූපවාහිනිය, තවත් මාලා නාටකයක රුව ගුණ රැගෙන "යහපත් මහරජ" විකාශය ඇරැඹීමට සූදානමින් පසුවෙයි.

"ලී සන් (වින්ඩ් ඔµa ද පැලස්‌) කොරියානු ටෙලි නාටක පෙළ සිංහල දෙබසින් රසකර "යහපත් මහරජ" නමින් හැඩ ගැන්වී අතුල රන්සිරිලාල් මහතාගේ හඬ කැවීම් අදියුරු උපදෙසින්, තේමා ගී නිර්මාණයෙන් සහ සංස්‌කරණයෙන්ද ප්‍රති නිර්මාණය වූ මේ මාලා නාටක පෙළ ගැස්‌ම දැන් විකාශය වන "අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි" නාට්‍යයේ අවසානයත් සමග ජූලි මස 7 වැනිදා සඳුදා සිට සිකුරාදා දක්‌වා පස්‌වරු 6.30 ට විකාශය ඇරැඹීමට නියමිතය.

"යහපත් මහරජ" කොරියානු දේශයේ ජෝසෝන් අධිරාජ්‍යයේ 22 වන රජු වන "ජොංජෝ" රජු පිළිබඳව සැබෑ ජීවන වියමනකි. මෙය ජාතික රූපවාහිනියේ විකාශය නිමාව දුටු "අභීත දියණිය" කතා මාලාවේ දොංයීගේ පුතුගේ රාජ්‍ය පාලන සමය පිළිබඳ කතාවයි. වසර 500ක්‌ පමණ දිගු කලක්‌ පැවැති ජෝසෝන් අධිරාජ්‍යයේ බොහෝ අර්බුද සහ ගැටුම් පැවැති කාලසීමාව වූයේද ජොංජෝ රජුගේ පාලන සමයයි. එවන් තීරණාත්මක යුගයක තම රාජ්‍යයේ උන්නතිය උදෙසා කැපවෙමින් ඔහු ලද ජයග්‍රහණ විඳීමට සිදුවූ දුක්‌ ගැහැට මෙම කතා මාලාව තුළින් මනාවට නිරූපිත වෙයි. ජොංජෝ රජු සිය අධිරාජ්‍යයේ පැවැති ගැටුම් සමතයකට පත් කරමින් රට සශ්‍රීක කෙරුමට අපමණ වූ වෙහෙසක්‌ ගත් එම යුගයේ පරමාදර්ශී යහපත් පාලකයකු වූ අයුරු "යහපත් මහරජ" විද්‍යාමාන කරයි.

"සුජාත දියණිය" සහ "ඉසිවරු වෙදැදුරු" ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්‍ෂණය කළ, ලී බියොන්ග් හුන්ග්, "ලී සන්" (වින්ඩ් ඔෆ් ද පැලස්‌) නැතහොත් "යහපත් මහරජ" හී ද අධ්‍යක්‍ෂවරයායි. එසේම "අභීත දියණිය" සහ "ඉසිවර වෙදැදුරු" තිර රචනය කළ කිම් යි යන්ග් මෙහි ද තිර රචකයායි. "ලී සන්" හෙවත් "ජෝන් ජෝ" රජුගේ ප්‍රධාන චරිතයට ජීවය මුසු කරනුයේ ඊසෝ ජින් නම් කොරියානු රංගන ශිල්පියායි. 2007 වසරේදී එම්.බී.සී. නාලිකාවේ විකාශය ඇරඹුණු මෙම නාටක මාලාව, උසස්‌ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයනට නතුව සම්මාන රැසකටද උරුමකම් කීය.

"යහපත් මහරජ" ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂක රසවතුනට සමීප කරලීම වෙනුවෙන් හඬ නළුව වෙමින්, සීලරතන සෙනරත්, කරුණාරත්න අමරසිංහ, රත්නා ලාලනී, පරාක්‍රම පෙරේරා, රෝහණ සිරිවර්ධන, උලපනේ ගුණසේකර, ප්‍රසන්න ෙµdන්සේකා, රවීන්ද්‍ර කෝදාගොඩ, සමීර ගුණතිලක, තිලාන් වර්ණජිත්, ලාල් සරත් කුමාර, විනෝෂා මාලියද්දේ, නලීන් ප්‍රියදර්ශන, ජයනි රංජනා, ලක්‌මාලී වෙලගෙදර, කසුන් කල්හාර, හිරුණි හඳපාන්ගොඩ, ඇතුළු දෙසියයකට වැඩි ශිල්පීන් පිරිසක්‌ දායකත්වය සපයති. අමාලි විඡේසේකර, තුසිත විදානපතිරණ, හඬ කැවීම් අදියුරුවෙන්ද, බුද්ධික සම්පත්, අසංක කුමාරපේලි හඬ සටහනින් හා මුසුවෙන්ද, සංගීතය හා තේමා ගී තනු ආචාර්ය රෝහණ වීරසිංහයන්ද, තේමා ගී ගැයුම ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ජලින් ගුණතිලකද, සම්බන්ධීකරණයෙන් පුෂ්පිකා පීරිස්‌ සහ අරුණි පතිරාජාද, නම්පෙළ නිමැවුම අයේෂ් රුශන්ත සහ අනිල් සුසන්, නිපැයුම් මෙහෙයුම අනුර ධර්මසේන සහ රංජිත් ද සිල්වා ද එක්‌ව සිටින "යහපත් මහරජ" නවතම මාලා නාටකයේ හඬ කැවීම් අදියුරු උපදෙස්‌, තේමා ගී නිර්මාණය සහ සැකසුම අතුල රන්සිරිලාල් ගෙනි.

සුජීව තත්සර
 

http://www.divaina.com/2014/07/04/cineart05.html

Saturday, July 5, 2014

හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ නැවතත් සමාජ ගතවියයුතු වන්නේ ඇයි?

හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ නැවතත් සමාජ
ගතවියයුතු වන්නේ ඇයි?

තව තෙසතියකින් එළි දැක්‌වීමට නියමිත උපාලි පුවත්පත් සමාගමේ නවතම ප්‍රකාශයවන "සිත්තරු" චිත්‍ර කතා පත්‍රය පිළිබඳව කෙරෙන විග්‍රහයකි.

ඒ අපූර්ව සමයේ චිත්‍රකතා පත්‍ර සමූහයක්‌ විවිධ වූ නම් දරමින් ලාංකික ජනසමාජයේ නගරබද, ගම්බද මෙන්ම අහුමුලු අතර සැඟව සිටි භද්‍රයෞවනයේ මනුෂ්‍යයෝ පමණක්‌ නොව හයහතර තේරෙන දරුවාගේ සිට වියපත් ස්‌ත්‍රී පුරුෂ මානවයන්ගේද සිත්සතන් තුළ වින්දනීය තෘප්තියක්‌ ඇති කරමින් මහත්වූ සමාජ සංකල්ප පෙරළියක්‌ කරමින් පැවතිණි.

එහෙත් විද්යුත් මාධ්‍යය දියුණුව නිසා පැමිණි රූපවාහිනිය සහ ටෙලි නාට්‍ය නිසාදෝ... කොම්පියුටර් සහ ජංගම දුරකථන නිසාදෝ... මුද්‍රණ වියදම් අධිකවූ නිසාදෝ... වෙනත් මොක මොකක්‌ නිසාදෝ...යි මානම් නොදනිමි. මීට බොහෝ කලක සිට ඒ වින්දනීය අහිංසක චිත්‍රකතා මාධ්‍ය ශ්‍රී ලංකාවෙන් අතුරුදන්ව ඇති බව පමණක්‌ නම් මා දනිමි.

ඉල්ලුමක්‌ තිබියදීම අතුරුදන්වූ හෝ බලහත්කාරයෙන් අතුරුදන් කළ මේ වින්දනීය චිත්‍ර කතා මාධ්‍ය වෙනුවට පාඨකයාගේ විනෝදාංශ සඳහා වැළඳ ගැනීමට ලැබුණු වෙනත් ආදේශකයන් තුළින් චිත්‍රකතා පත්‍රයකින් ලැබූ තෘප්තිය ලැබෙනවාද යන්න පාඨකයාම සිතා බලන බව නම් කිව යුතුමය.

ප්‍රශ්න ගස්‌ පිටින් ඔලුවේ හිටවන ටෙලි නාට්‍ය මෙන්ම හරසුන් චිත්‍රපටද මෙලෝ රහක්‌ නැති ගීතද දිගින් දිගටම බලහත් කාරයෙන් සමාජ ගත කිරීම නිසා මානසික තෘප්තියට වඩා මානසික වෙහෙසට පත්ව සිටින කුණුරස සහ පැණිරස හොඳින් හඳුනන පාඨකයා නැවතත් හොඳ චිත්‍ර කතා පත්‍රයක්‌ මුද්‍රණය වන්නේ නම් මේ ගතවන්නේ ඊට හොඳම කාලය බව දිගින් දිගටම පවසන්නේ විශ්වාසාත්මක බලා පොරොත්තු සහිතවය.

තත්ත්වය මෙසේ පවතිත්දී ශ්‍රී ලංකාවේ සුපිරි ගනයේ චිත්‍ර කතා රජවරුන්ද, පතාක යෝධයන්ද, දක්‍ෂයන් සහ අති දක්‍ෂයන් සියලු දෙනාගේම එකතුවෙන් පවුලේ හැමෝටම එකට සිට කියවිය හැකි අපූරු චිත්‍රකතා පත්‍රයක්‌ එළි දැක්‌වීම පිණිස සීමාසහිත උපාලි පුවත්පත් සමාගම මේ වන විට සූදානමින් සිටී.

මුද්‍රිත මාධ්‍ය තුළ හොඳ චිත්‍රකතා පත්තරයකට ඉතා හොඳ ඉඩක්‌ අද වනවිට නිර්මාණය වී ඇති බැවින් උපාලි පුවත්පත් සමාගමේ නවතම ප්‍රකාශය වන "සිත්තරු" චිත්‍ර කතා පත්‍රය පිළිබඳව සහ හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ නැවතත් සමාජගත විය යුත්තේ ඇයි ද යන ප්‍රශ්නයටත් පිළිතුරු ලබා ගැනීම පිණිස අප සුප්‍රසිද්ධ අග්‍රගණයේ චිත්‍ර කතා ශිල්පීන් කිහිප දෙනෙකු සමග කතා බහ කළෙමු. (මෙහි පළවන්නේ එම සාකච්ඡා තුලින් ලබා ගත් කෙටි අදහස්‌ කීපයකි.)

චිත්‍ර කතා ලෝකයේ රජෙකු ලෙස සලකන ජාතික චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ සභාපති අති ප්‍රවීණ චිත්‍ර ශිල්පී දයා රාජපක්‍ෂ මහතා පළ කළේ මෙවන් අදහසක්‌.

මේ වනවිට මුද්‍රිත මාධ්‍ය වෙළෙඳපොළේ චිත්‍ර කතා පත්තරයක්‌ නොමැතිකම නම් ඇති විශාල අඩු පාඩුවක්‌.

මෙම අඩුව වහාම පිරවිය යුතුයි. හොඳ චිත්‍ර කතා පත්‍රයක්‌ නැවතත් පාඨකයාට ලබාදීමෙන් ඉතා වැදගත් සේවාවන් දෙකක්‌ සිදු වෙනවා. එනම් චිත්‍රකතා පත්‍ර කියවීමෙන් වින්දනයක්‌ ලබාගත් පැරැණි පාඨකයාට නැවතත් එම වින්දනය ලබාදීම සහ චිත්‍ර ශිල්පීන්ට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට මාධ්‍යයක්‌ ලබා දීමත් යන කරුණු දෙක විශේෂයෙන් වැදගත් වනවා. ඒ වගේම අලුත් පරම්පරාවල උදවිය චිත්‍ර කතා මාර්ගයෙන් කියවීමට හුරු වීමත්, චිත්‍ර ඇඳීමට හුරුවීමත් නිර්මාණශීලී වීමත් ඇතුළු ගුණාත්මක වර්ධනයක්‌ සමාජය තුළ ස්‌ථාපිත වීම නැවතත් සිදු වේවි.

ජාතික චිත්‍ර ශිල්පීන්ගේ පදනමේ සභාපතිවරයා හැටියට මම ඉතාමත් සතුටු වෙනවා, මහා සමාජ සත්කාරයක්‌ කළහැකි ඉතාම සංයමයකින් යුතු චිත්‍ර කතා පත්‍රයක්‌ නැවතත් වෙළෙඳපොළට පැමිණීම පිළිබඳව.

විශ්ව සාහිත්‍ය කෘති 200 කට ආසන්න ප්‍රමාණයකුත් ජාතක කතා 40 කට ආසන්න ප්‍රමාණයකුත් සමාජයට වැදගත් වන විවිධ කතා රාශියකුත් චිත්‍රකතාවට නවමින් අනුපමේය සේවාවක්‌ කළ චිත්‍ර කතා ලෝකයේ දැවැන්ත ප්‍රතිරූපයක්‌ ගොඩනඟාගත් බන්දුල හරිස්‌චන්ද්‍රයන්ද අපට අදහස්‌ දැක්‌විය.

මම චිත්‍ර කතා ඇඳීම නවත්වල වසර ගණනාවක්‌ වෙනවා. ඒත් උපාලි පුවත්පත් සමාගමේ නවතම ප්‍රකාශය වන "සිත්තරු" පත්‍රයට චිත්‍ර කතාවක්‌ ඇඳීම සඳහා මට කළ ආරාධනාව මම සතුටින් පිළිගත්තා. ඇත්තෙන්ම චිත්‍ර කතා පත්‍රයක අඩුව අද විශාල ලෙස තිබෙනවා.

ආදරය ප්‍රේමය ත්‍රාසය විශ්මය සහ වීරත්වය ඇතුළු සියලු අංශයන් නියෝජනය වන පරිදි කාම කතාවලින් තොර හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ එළි දැක්‌වේවි කියන විශ්වාසය මට තියෙනවා.

ඒවගේම චිත්‍ර කතා පත්‍රයක්‌ නැවත පැමිණීමෙන් සමාජය තුළ අලුත් වෙනසක්‌ ඇති කරාවි. පැරැණි චිත්‍රකතා පාඨකයන් වියපත් අය වුවත් තවමත් ඒ අය චිත්‍ර කතා පත්තර ඉල්ලනවා. ඒ වගේම අලුත් සමාජයත් මේ අලුත් චිත්‍ර කතා පත්තරය සතුටින් වැළඳ ගනීවී කියන විශ්වාසය මට තිබෙනවා.

උපාලි පුවත්පත් ආයතනයත් සමග පැරැණි ප්‍රවීන චිත්‍ර ශිල්පීන් මෙන්ම නැගී එන චිත්‍ර ශිල්පීනුත් සම්බන්ධ වී සිටීම මෙම "සිත්තරු" පත්‍රය ජනප්‍රිය වීමට හේතුවේවි.

චිත්‍ර කතා ලෝකයේ පතාක යෝධයකු ලෙස අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකි තවත් ප්‍රබල චරිතයකි ජනක රත්නායක මහතා. අපි එතුමා ගෙන්ද චිත්‍රකතා පත්‍රයක්‌ අද අවශ්‍යව ඇත්තේ ඇයි යන ප්‍රශ්නයම නැඟුවා.

අද අනිවාර්යයෙන්ම චිත්‍රකතා පත්තරයක අඩුව බරපතළවම රටට දැනෙනවා. චිත්‍ර කතා පත්තර තියෙන කාලේ ලංකාවෙ හැම පවුලකම එක්‌කෙනෙක්‌ හරි චිත්‍ර ඇඳීම පිළිබඳව උනන්දුවක්‌ දැක්‌වූවා. ඒ කියන්නේ පවුලක එක්‌කෙනෙක්‌ හරි චිත්‍ර ශිල්පියෙක්‌. චිත්‍ර ශිල්පියෙක්‌ කියන්නේ නිර්මාණකරුවෙක්‌.

වර්තමානයේ කම්පියුටරයක්‌ සමග චිත්‍ර අඳින ග්‍රැෆික්‌ ආටිස්‌ලා කරන්නෙත් චිත්‍ර ඇඳීමක්‌ තමයි. ඒත් කී බෝඩ් එකත් මවුස්‌ එකත් සමග කම්පියුටරේ අඳින චිත්‍රයට වඩා පැන්සලත් පින්සලත් සමග අතින් අඳින චිත්‍රයේ තිබෙන සජීවී බව සහ ප්‍රාණවත් බව වැඩියි. ඉදිරියටත් මෙවැනි චිත්‍ර ශිල්පීන් බිහිවීමට චිත්‍රකතා පත්තර අනිවාර්ය සාධකයක්‌ වෙනවා.

හොඳ චිත්‍ර ශිල්පීන් බිහිවීමටත් ඔවුන්ගේ අනාගතය ගැන විශ්වාසය තැබීමටත් ඔවුන්ගේ නිර්මාණ සමාජගත කිරීමටත් තැනක්‌ තිබිය යුතුයි. චිත්‍ර කතා පත්තරයක්‌ කියන්නේ ඊට ඉතාම හොඳ තැනක්‌. මේ වනවිට චිත්‍ර ශිල්පීන් ලෙස අප කිහිප දෙනයි රැකී තිබෙන්නේ. බහුතරයක්‌ චිත්‍රශිල්පීන් වෙනත් වෘත්තීන් තෝරාගෙන තිබෙනවා චිත්‍ර ශිල්පීන්ට අනාගතයක්‌ අපේ රටේ නැතැයි කියන ස්‌ථාවරය මත.... ඒ සියල්ලටම හොඳම විසඳුමක්‌ තමයි හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ වෙළෙඳපොළට පැමිණීම.

බටහිර වේගවත් චිත්‍රකතා ශෛලියට චිත්‍ර කතා අඳින ලංකාවේ දැනට සිටින එකම අති දක්‍ෂ ප්‍රවීණතම චිත්‍ර ශිල්පියා ලෙසට සැලකෙන ඇන්ටන් බී. පෙරේරා මහතා සමගද මා කතා කළා.

චිත්‍ර කතා මාධ්‍ය ලංකාවේ පටන් ගත්තේ

එක්‌දහස්‌ නවසිය හතළිස්‌ ගණන්වල. ඒ තමයි එකල පළවූ එක්‌තරා පුවත්පතක ජී. එස්‌. ප්‍රනාන්දු මහත්තයා ඇඳපු "නීලා" කියන චිත්‍ර කතාව.

එදා පටන් ගත් චිත්‍ර කතා විකාශනය ඉන්පසු සුසිල් ප්‍රේමරත්න, තලංගම ජයසිංහ, බන්දුල හරිස්‌චන්ද්‍ර (ඒ ඒ යුග නියෝජනය කළ ප්‍රධානීන්) වැනි දක්‍ෂ චිත්‍ර ශිල්පීන් චිත්‍රකතා මාධ්‍ය දිගටම රැගෙන ආවා.

1972 දී ඉතා පළල් විකාශනයක්‌ සහිතව නැඟී ආ චිත්‍ර කතා මාධ්‍ය හරහා අලුත් චිත්‍ර ශිල්පීන් කාටුන් ශිල්පීන් මෙන්ම විශාල චිත්‍ර කතා රසිකයන් සංඛ්‍යාවක්‌ද බිහිකළා.

මම අංකුර චිත්‍රශිල්පියෙක්‌ හැටියට 1975 දී ටෝරස්‌ කියන කතාව චිත්‍ර කතා පත්‍රයකට අඳිමින් ආරම්භ කළ ගමන තමයි මේ යන්නේ.

මගේ බටහිර වේගවත් චිත්‍ර කතා ශෛලිය නිසා මාව ලොස්‌ ඇන්ජලීස්‌වල ප්‍රකාශනය වන ඉංග්‍රීසි චිත්‍රකතා පත්‍රයක චිත්‍ර ශිල්පියෙක්‌ හැටියට තෝරාගෙන තිබෙනවා. මම ඒ පත්තරයටත් කතා අඳිනවා.

අපේ රටේ චිත්‍ර කතා පත්තර නොමැති වී බිහිවීමට සිටි චිත්‍ර ශිල්පීන් විශාල පිරිසකට සහ පාඨකයන්ට වුණු අසාධාරණයක්‌ හැටියටයි මම දකින්නේ.

කොහොම වුණත් උපාලි පුවත්පත් අයතනය මගේ මවු ආයතනයයි. එනිසා මම ඉතාම සතුටින් "සිත්තරු" සමග එකතුව වැඩ කරනවා. මම විශ්වාස කරනවා වර්තමානයේ සියලු පාඨකයන්ට ගැලපෙන රසවත් චිත්‍රකතා පෙලක්‌ සහිත පත්තරයක්‌ බවට "සිත්තරු" පත්වේවි කියා.

රාම-සීතා, සාලිය-අශෝකමාලා ගාමිණි - උන්මාදචිත්‍රා වැනි පැරැණි ප්‍රේම වෘත්තාන්තවලට දේදුනු කැලුම් නමැති අලුත් පෙම් යුවළත් එකතු කරමින් චිත්‍ර කතා ආදර ලෝකය උඩුයටිකුරු කළ අසහාය දැවැන්තයකු ලෙස විරුදාවලිය ලත් බලංගොඩ සරත් මධු නම් අති ප්‍රවීණ චිත්‍ර ශිල්පියාගෙන්ද මම චිත්‍ර කතා පත්තරයක්‌ නැවත පැමිණීමේ අවශ්‍යතාවය පිළිබඳ විමසුවෙමි.

චිත්‍ර කතා පත්තර තියෙන කාලෙ ඒව බලළ පාසල් ලමයි චිත්‍ර අඳින්න හුරු වුණා දැන් ඉන්න දරුවන් වැඩි පිරිසකට හරියට මානව රූපයක්‌ අඳින්න හැකියාව නැහැ. ඒකට ප්‍රධානම හේතුවක්‌ තමයි නිතර චිත්‍ර ඇස නොගැටීම. චිත්‍ර කතා පත්තරයක්‌ තියෙනවා නම් නිතර නිතර ඇස ගැටෙන නිසා චිත්‍ර ඇඳීමේ හැකියාව වර්ධනය කර ගන්න පුළුවන්. ඒක ඉතා වැදගත් දෙයක්‌.

එදා අපේ චිත්‍ර බලාගෙන ඇඳලා චිත්‍ර අඳින්න බොහෝ අය පුරුදු වුණා. ඊට පසු චිත්‍ර කතා පත්තර නැවතීමත් සමගම බිහිවීමට සිටි අලුත් චිත්‍ර ශිල්පීන් විශාල පිරිසක්‌ රටට අහිමි වුණා.

හොඳ වින්දනයක්‌ සහිත සරල දෘෂ්‍ය මාධ්‍යයක්‌ වන චිත්‍ර කතා පත්තර නැවත වෙළෙඳපොළට පැමිණීමෙන් පවත්නා සමාජ වින්දනීය අවශ්‍යතාවලට හොඳ විසඳුමක්‌ වේවියි මා සිතනවා.

චිත්‍රකතා පත්තරයකට අද හොඳ ඉඩක්‌ තිබෙනවා. හැබැයි ඒ "හොඳ" චිත්‍ර කතා පත්තරයකට.

චිත්‍රකතා මාධ්‍ය තුළ පාඨකයා රඳවාගැනීම පිණිස අදටත් දැවැන්ත මෙහෙවරක යෙදෙන චිත්‍ර කතා ලෝකයේ පතාක යෝධයන් අතර නොසැලී සිටින අනුර ශ්‍රීනාත් අති දක්‍ෂ ප්‍රවීණ චිත්‍ර ශිල්පියා සමග කළ සංවාදයේ සටහනයි මේ.

මම දැනටත් සතියකට චිත්‍ර කතා 06 ක්‌ අනිවාර්යයෙන් අඳිනවා. ඒක ඉතා වෙහෙසකර කාර්යයක්‌. නමුත් තෘප්තිමත්.

පසුගිය කාලේ චිත්‍ර කතා පත්තර රටේ නැතිව තිබුණේ. ඒත් මම ටෝක්‌ ඇන්ඩ් ජෝක්‌ නමින් චිත්‍රකතා සඟරාවක්‌ නිකුත් කළා මාසිකව. ප්‍රවීන චිත්‍ර ශිල්පීන් රාශියක්‌ මාසමග මගේ සඟරාවේ වැඩ කළා. ඊට හොඳ ඉල්ලුමක්‌ තිබුණා. නමුත් බෙදාහැරීමේ ගැටලු නිසා එය නවතා දැමීමට සිදුවුණා.

මම ලද ඒ අත්දැකීමෙන් දන්නවා අද චිත්‍ර කතා පත්‍රයකට ඇති ඉල්ලුම කොතරම්ද කියා. මිනිසුන්ගේ වින්දනය පිණිස එදා රූපවාහිනිය හොඳ දේවල් කළා. ඒත් අද තියෙන්නේ නිතර අඬාවැලිපිලි සහ ප්‍රශ්න පත්තර පිටින් තියෙන ටෙලි නාට්‍ය වැනි දේවල්. ජනතාව ඒ තුළින් වින්දනයක්‌ ලබනවා ද කියන එක ප්‍රශ්නයක්‌. ඒ කියන්නෙ මිනිසුන් වින්දනීය අඩු පාඩු සහිතව ඉන්න පිරිසක්‌ බවට පත්වෙලා..

එදා පාඨකයන් ආදරයෙන් වැළඳගත් චිත්‍රකතා පත්තර නැතිව යැමට බලපෑ කරුණු ලෙස මම වෙනත් මාධ්‍යවලට පමණක්‌ චෝදනා කරන්නේ නැහැ. එහි වගකීම චිත්‍රකතා ශිල්පීනුත් භාරගත යුතුයි. මුදල් ලබා ගැනීම පිණිස මුදලාලිලාට අවශ්‍ය දේ පමණක්‌ ඇඳ දීම චිත්‍රකතා ඇඳීම නොවෙයි. තමන්ගේ පෞරුෂය රැකගෙන මුදලට වඩා ආත්මගරුත්වයට ගරු කරගනිමින් චිත්‍රකතා අඳිනවා නම් චිත්‍රකතා පත්‍රයක්‌ තුළින් හොඳ දිගු ගමනක්‌ ඕනෑම චිත්‍ර ශිල්පියෙකුට යා හැකියි මා විශ්වාස කරනවා.

ඔහුගේ චිත්‍රකතා ඉතා අපූරු මෙන්ම විශ්ෂ්ට නිර්මාණයන් විය. මිට දශක 03 කට පෙර ඔහුගේ චිත්‍ර කතා තුළින් අද දවස පාඨකයාට පෙන්නුවේය. අද පවතින නවීකරණය වූ නගර අධිවේගී මාර්ග, මෙන්ම අති නවීන සුපර්මාර්කට්‌, යෞවන යෞවනියන්ගේ අද පවතින කොණ්‌ඩා සහ ඇඳුම් විලාසිතා ඔහුගේ චිත්‍රකතාවල එදා අපූරුවට ඇඳ තිබිණි. විශිෂ්ට ගනයේ චිත්‍ර කතා ශිල්පියෙකු වූද ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රධාන සංවිධායකවරයා වූ ද ජූඩ් ශ්‍රීමාල් සමගද අප කතා බහ කළෙමු.

උපාලි පුවත්පත් ආයතනය කියන්නේ මා ඇතුළු විශාල චිත්‍ර ශිල්පීන් පිරිසකගේ මහ ගෙදර කියන එක සත්‍ය කාරණයක්‌. මම "සිත්තරු" පත්‍රය මගේ දායකත්වයත් සමග ලංකාවේ ඉතාම ප්‍රවීණ දක්‍ෂ චිත්‍ර ශිල්පීන් විශාල පිරිසකගේ එකතුවෙන් නිමැවෙන චිත්‍ර කතා පත්තරයක්‌. හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ වුවත් ඉතා හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ ලෙස "සිත්තරු" පාඨකයා අතරට යෑවීමට අපි විශාල කැප කිරීමක්‌ කරනවා.

අපිට හොඳට මතකයි, එදා ලංකාවේ චිත්‍ර කතාවලට තිබූ ඉල්ලුම පිළිබඳව. මුලින්ම හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ දෙකක්‌ බිහිවුණා. ඊට දායක වූවන් ලංකාවේ හොඳම චිත්‍ර ශිල්පීන්.

එදා චිත්‍ර කතා පත්තර අච්චුගහනකොට කිව්වේ සල්ලි අච්චුගහනවා කියලයි. ඒතරමටම හොඳ වෙළෙඳපොළක්‌ තිබුණා. නමුත් අවාසනාවට ලී මුදලාලිලයි, තෙල් මුදලාලිලයි. බේකරි මුදලාලිලයි වගේ උදවිය චිත්‍රකතා පත්තර හැම තැනින්ම පටන් ගත්තා. සීමා සහිතව හිටපු චිත්‍ර ශිල්පීන්ට විශාල ලෙස මුදල් ගෙවා තමන්ගේ චිත්‍ර කතා පත්තරයට චිත්‍රකතා අන්දවා ගත්තා. ඉල්ලුම වැඩි නිසාම හොඳ චිත්‍ර කතා වෙනුවට මොනවා හරි උඩින් පල්ලෙන් ඇඳලා සල්ලි හොයන්න සමහර චිත්‍ර කතා ශිල්පියෝ පුරුදු වුණා. ආදර කතා වෙනුවට කාම කතා අඳින්න පටන් ගත්තා. කිසිම සුන්දරත්වයක්‌ නැති විකාර කතා අදින්නට පටන් ගත්තා. ඉතාම පිරිසිදුව රසවත් ලෙස ගලා ගිය චිත්‍ර කතා කලාව විනාශ වෙන්න පටන් ගත්තා.

ජනතාවත් ටිකෙන් ටික චිත්‍ර කතා පත්තරවලින් ඈත් වෙන්න පටන් ගත්තා. ඊට මුද්‍රණ වියදම් අධික වීමත් යම් බලපෑමක්‌ නොවුණාම නොවෙයි. ඒත් මිල වැඩිකර හෝ විකිණීමට තිබූ හැකියාව නැතිව ගියා හතු පිපෙන්නා සේ බිහිවූ චිත්‍ර කතා පත්තර නිසා.

මම විශ්වාස කරනවා, නැවතත් එවන් තත්ත්වයක්‌ උදාවෙන එකක්‌ නැහැ කියලා.

මේ මස අවසාන වන විට "සිත්තරු" චිත්‍ර කතා පත්‍රය වෙළෙඳපළට පැමිණෙනු ඇත. කලකට පසු චිත්‍රකතා පත්තරයකින් ලැබිය හැකි උපරිම වින්දනය පාඨකයාට නැවතත් ලැබෙනු ඇත.

කෙසේ වුවද කල්වේලා ඇතිව පත්‍රයක්‌ වෙන්කරවා ගැනීමෙන් ඔබට "සිත්තරු" පත්‍රයක්‌ සොයා ඒ මේ අත දිවීමේ අපහසුතාවයෙන් ගැලවීමට හැකිsවනු ඇත.

අමරසිංහ මාලගේ


http://www.divaina.com/2014/07/06/feature15.html