Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Showing posts with label පුරා විද්‍යා. Show all posts
Showing posts with label පුරා විද්‍යා. Show all posts

Friday, July 25, 2014

‘මුහුදු වැදි’


මෑත කාලයක් වන තුරු සැලකුණේ මෙරට වැදි ජනතාව සිටින්නේ ඌව පළාතේ ගම්මාන කිහිපයක පමණක් බවය. එහෙත් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ‘මුහුදු වැදි’ ජනතාව හඳුනාගැනීමත් සමඟ එම මතය වෙනස් විය. මෙරට ආදිවාසී අධ්‍යයන ඉතිහාසයේ ප්‍රථම වරට වවුනියාව, කිලිනොච්චි, මන්නාරම හා මුලතිවු දිස්ත්‍රික්ක අයත් වන්නි ප්‍රදේශයේ ආදිවාසී වැදි ජනතාව සිටින්නේද පිළිබඳව ‘සිළුමිණ’ පුවත්පත කළ ගවේෂණයක් පහතින් පළවේ. වන්නියේ ආදිවාසී වැදි ජනතාව පිළිබඳ මෙවැනි අධ්‍යයනයක් මෙරට ආදිවාසී අධ්‍යයන ක්ෂේත්‍රයේ සිදු කරන්නේ ප්‍රථම වතාවටය.
වවුනියාවේ සිට උතුරට ඒ-9 මාර්ගය ඔස්සේ ගමන් කළ අපි මෙරට එක් යුගයක දේශසීමාවක් බවට පත්ව තිබූ ඕමන‍්තෙයි පසුකර කිලෝමීටර් විස්සක පමණ දුරක් ගෙවා පුලියන්කුලම වෙත ළඟා වූයෙමු. අනතුරුව පුලියන්කුලම හන්දියෙන් හැරී මුලතිව් මාර්ගයේ ගමන් කළ අපේ ඉලක්කය වූයේ තවත් කිලෝ මීටර් තිහක පමණ දුරින් පිහිටි ඔඩ්ඩුසුඩාන්ය.
ඔඩ්ඩුසුඩාන් නගරය හමුවීමට පෙර අපි නෙදුන්කර්නී ප්‍රදේශය පසු කළෙමු. උතුරු පළාතේ වන්නි ප්‍ර‍දේශයට අයත් මේ සෑම ප්‍රදේශයක්ම ඊළමට ඓතිහාසිකව අයත් බවට දෙමළ ඊළාම්වාදීහු අයිතිවාසිකම් කියති. අවසන් වූ දශක තුනක ඊළාම් යුද්ධයේ දී කොටි ත්‍රස්තවාදීන් මේ ප්‍රදේශ පුරා භීෂණයත් රුධිරයත් වැගිරවූයේ දෙමළ නිජබිමක් බව කියමිනි.
නෙදුන්කර්නි පසුකර ඔඩ්ඩුසුඩාන් වෙත ළඟාවෙද්දී අපට මාර්ගය දෙපස දක්නට ලැබ‍ුණේ අපූරු දසුනකි. මාර්ගය දෙපස ජනතාව සිය ගණනින් රැස්ව සිටියහ. පිරිමි හැමකෙනකුම අත කොළ අතු මිටියක් තිබුණි. ඇතැම්හු කොළ අතු වලින් සැරසී සිටියේ වැද්දන්‍ සේය.
“ඔඩ්ඩුසුඩාන්වල නෙමෙයි දඹානෙ ඉන්නවා වගෙයි දැනෙන්නෙ” මේ වැදි දර්ශනය දුටු අප සමඟ සිටි මිතුරෙක් කීවේය.
අපගේ ගමනේ අරමුණ වූයේ ඔඩ්ඩුසුඩාන් හි පිහිටා තිබෙන තාන්තෝන්ඩි ඊශ්වරා කෝවිලය. කොළ අතු රැගත් හා පැලඳගත් ආදිවාසී පෙනුමැති ජනතාව ද ගමන් කළේ එම කෝවිලටමය. මෙම කෝවිල ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තිබෙන ප්‍රධානම හින්දු කෝවිල ලෙස සැල‍ෙක්. කොළ අතු රැගෙන පැමිණි සියළු දෙනා කෝවිලේ ළි‍ඳෙන් ශරීරය හා කොළ අතු සෝදා ගන්නවාද දැකගත හැකි විය.
“ඇයි ඔයාලා කොළ අතු අරගෙන එන්නෙ? ඇයි නාන්නෙ?” අපි ඔවුන්ගෙන් විමසුවෙමු.
“අද තමයි වේට්ටෙයි තිරුවෙලා එහෙම නැත්නම් වේදර් තිරුවෙලා දවස. ඒකට අපි සූදානම් වෙනවා.”එම සූදානම ගැන අපගේ විමසුමට පිළිතුරු දුන් ඔවුන් අනතුරුව කෝවිලට මඳක් ඈතින් පිහිටි කැලෑව දෙසට ‍ගොස් එක් තැනකට රැස් වූහ.
අනතුරුව තාන්තෝන්ඩි ඊශ්වරා කෝවිල තුළට ගිය අප මුලින්ම හමුවූයේ කෝවිලේ ප්‍රධාන භාරකරු වන නඩරාජා රාජා රාම් කුරුක්කල්තුමාය. කෝවිලේ ඉතිහාස කථාව විමසූ විට කුරුක්කල්තුමාගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.
“මේ ‍කෝවිලේ ඉතිහාසය අවුරුදු සිය ගණනක් වෙනවා. ඉස්සර මේ පැත්තෙ වැද්දො ඉඳල තියෙනවා. ඒ කාලෙ මේ කෝවිල තියෙන භූමිය කුඹුරු වගාව කරපු බිමක් උනත් එක සැරයක් කුරක්කන් වගා කරලා තියෙනවා. ඊට පස්සෙ අස්වැන්න ගන්න කැපුවත් පහුවෙනිදා වෙද්දි කුරක්කන් වැවිලා තිබිලා.
දින කීපයක්ම ඔය විදිහට කපන්න කපන්න නැවත නැවතත් කුරක්කන් වැවිලා. කරන්නම දෙයක් නැති තැන ගිනි තියලා. එහෙම කරලා තියෙන්නෙ වී වගාව කරන්න ඕන නිසා. ගිනි තියලා පහුවෙනිදා ඇවිත් බලද්දි ඔක්කොම ගිනිගත්තත් එක තැනක් විතරක් ගිනි අරගෙන නැතිව කුරක්කන් ඉතිරි වෙලා තිබිලා.
ඊට පස්සෙ උදැල්ලක් අරගෙන ඉතිරි වුණ කුරක්කන් පඳුරු ටික උදලු ගාලා ලොකුවට හැදිලා තිබුණ කුරක්කන් පඳුරක් උදුරන්න උදැල්ලෙන් බිමට කොටද්දි ටාං ගාලා ශබ්දයක් ඇවිත්. ඊට පස්සෙ හොඳින් බලද්දි තමයි දැකලා තියෙන්නෙ ‍ෙපාළව යට තියෙන ගල් ප්‍රතිමාවක්.
උදළු පාර වැදුණ තැන ගල ටිකක් කැඩිලා. එතිනින් ලේ ඇවිත් තියෙනවා. ඊට පස්සෙ ඒ වගා කටයුතු කරපු වැදි අය මේ ශෛලමය ප්‍රතිමාව ගොඩ අරන් වඳින්න පටන් අර‍ෙගන. පස්සෙ කෝවිලක් හදලා. මෙතන ගොඩක් හාස්කම් තියෙනවා. මිනිස්සුන්ගෙ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා.” කුරුක්කල්තුමා ‍කෝවිලේ ආරම්භය පැහැදිලි කළේය.
වෙනත් හින්දු කෝවිල් මෙන්ම තාන්කෝන්ඩි ඊශ්වරා කෝවිල ද වාර්ෂිකව පවත්වන පූජාවට කියනු ලබන්නේ ‘තිරුවිලා දිනම්’ ලෙසයි. ඔඩ්ඩුසුඩාන් කෝවිලේ දින 16ක් පුරා මෙම පූජා උත්සවය පැවැත්වේ. එම කාලයට ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයම සැණකෙළි සිරියක් ගනී. දැන් යුරෝපා ආදි රටවලට සංක්‍රමණය වී පදිංචි වී සිටින ඔඩ්ඩුසුඩාන්හි හින්දු භක්තිකයෝ පවුල් පිටින් මේ සමයේ දී සිය නිවාඩුව ගතකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සිරිතක් කරගෙන තිබේ.
දින 16ක් පුරා පැවැත්වෙන තිරුවිලා උත්සවයේ 10 වන දිනය නම් කර ඇත්තේ “වේට්ටෙයි තිරුවිලා” හෙවත් “වේදර් තිරුවෙලා” ලෙසය. වේට්ටෙයි හෝ වේදර් යනු “දඩයම හා වැදි යන අර්ථය සහිතය. එසේම මේ උත්සවය පැවැත්වෙන්නේ වැදි සමාජයක් සිහි ගන්වන ආකාරයෙන් වීම විශේෂත්වයකි.
“වැදි චාරිත්‍ර ඉටු කරන්න වැදි පවුල් මෙහෙ ඉන්නවාද?” යන අපගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ එස්.නිමලබාලගුරු මහතාය. වෘත්තියෙන් අධ්‍යාපන නිලධාරියෙකු වන ඔහු කෝවිල් භාරකාර මණ්ඩ‍ලයේ සභාපතිවරයා වේ.
“ඉස්සර මේ පැත්තෙ ඉඳල තියෙන වැද්දො දවසක් සිව දෙවියන්ව හමු වෙලා ඉල්ලලා තියෙනව කැලේදි තමන්ව වන සතුන්ගෙන් ආරක්ෂා කරල මී පැණි දඩමස් වැඩියෙන් ලබා දෙන්න කියලත් තමන්ගෙ හේන් වන සතුන්ගෙන් ආරක්ෂා කරල දෙන්නත් කියල.
ඒ වෙනුවට දෙයියන්ට මී පැණි දඩමස් දෙන්නත් වැද්දො පොරොන්දු වෙලා. දෙයියොත් වැද්දන්ගෙ ඉල්ලීම පිළි අරන් ඉෂඨ කරල දීලා. ඊට පස්සෙ සිව දෙවියො ඒ කාලෙ වරින් වර කැලේට ගිහින් වැද්දො හමුවෙලා මීපැණි පලතුරු එහෙම අරගෙන එනවලු.
ඒත් දෙයියන්ගෙ මේ ගමනට දේවිය පුලෝගනී කැමැති වෙලා නැහැ. ඉතින දෙවියො හොරෙන් ගිහින් තියෙන්නෙ. තමන්ගෙ අකමැත්ත පිට ගිය නිසා දෙවියෝ කෝවිලෙන් එළියට ගිය ගමන් දේවිය දොර වහල. වැද්දන්ගෙන් මී පැණි දඩමස් අරගෙන දෙයියො ආවාම දේවිය දොර අරින්නෙ නැහැ.
එතකොට සිව දෙවියෝ ගොඩක් කනිපින්දම් කියල බැගෑපත් වෙලා කළ වරදට සමාව ඉල්ලලා තමයි දොර ඇරගෙන තියෙන්නෙ. ඉතින් මේ සිදුවීම වර්තමානයේදීත් වේට්ටෙයි (වේදර්) තිරුවිලා දවසේ චාරිත්‍රයක් විදිහට අපි නැවත රඟදක්වනවා. හැබැයි දැන් මේ පළාතෙ වැද්‍දො නම් නැහැ” නිමලබාලගුරු මහතා පැවසුවේය.
වේට්ටෙයි තිරුවිලා දිනය සැමරීම සඳහා සැදී පැහැදී සිටින හින්දු බැතිමතුන් කෝවිල අවට දක්නට ලැබේ. ඔවුහු කැලෑවට වැදී තමන් විසින් රැගෙන එනු ලැබූ කොළ අතුවලින් සැරසී අඟුරු කුඩු ශරීරය පුරා තවරාගෙන වැද්දන් ලෙස සැරසේ. මේ අතර කෝවිල තුළ රැඳී සිටින පිරිස ඊශ්වරා දෙවියෝ කැලෑවට වැඩම කිරීමට සැරසෙති.
එනම් අතීතයේ සිව දෙවියන් මී පැණි හා දඩමස් සොයා වැද්දන් හමුවීමට, වනයට ගිය ගමන නැවත නිරූපණය කිරීමටය. මුලින්ම දෙවියන් වෙනුවෙන් සිදු කරන පූජා විධි ඉටු කිරීමෙන් පසු දෙවියෝ වැද්දන් හමුවීමට කැලෑ වදිති.
එය නිරූපණය කිරීම සඳහා කෝවිලේ සිටින කුරුක්කල්වරු දෙවියන් සුදු අශ්ව පිළිමයක් මත තබා ඔසවාගෙන කෝවිලෙන් පිටතට රැගෙන යති. අනතුරුව කෝවිල් භූමියෙන් නික්ම ගමන් කරන මේ පෙරහර කැලෑ ප්‍රදේශයක දී නවතයි. අනතුරුව එහි රැස්ව සිටින වැදි ජනතාව දෙවියන්ව භාර ගනී.
අනතුරුව වැද්දන් ලෙස සැරසුණු සිය ගණනක් පිරිස අලංකාරව ආවරණය කරන ලද ස්ථානයට දෙවියන් කැඳවාගෙන යති. එහිදී කැලෑවේ සිට රැගෙන එනු ලැබූ මී පැණි දඩමස් හා පලතුරු වැද්දෝ දෙවියන්ට පූජා කරති. ඇතැමුන් හැබෑ දඩමස් වෙනුවට කහ සහ හුනු එක් කර රතුපැහැ වර්ණය හදා ඒවා කපු පුළුන් මත තවරා කෘත්‍රිම දඩමස් සකස් කර පූජා කරයි. ඒවා ලබා ගැනීමෙන් පසු නැවත දෙවියෝ කෝවිල කරා එන්නේ වැද්දන්ගේ කර මතිනි. එහෙත් ඒ එන විට කෝවිලේ ප්‍රධාන දොරටුව වසා ඇත. එබැවින් කෝවිලේ දොරට තට්ටු කරන දෙවියෝ,
“දේවිය දොර අරින්න” යැයි ඉල්ලා සිටිති.
“මට බැහැ දොර අරින්න මම එපා කියද්දි, මම කියන දේ අහන්නෙ නැතිව ඔහේ කැලේට ගියා. මට බැහැ දොර අරින්න” එහෙත් සිව දෙවියන්ගේ බිරිය සිටින්නේ දෙවියන් වැද්දන් සමඟ යාම පිළිබඳව දැඩි කෝපයෙනි.
“මම වැරදි ගමනක් ගියෙ නැහැ. මම පැණි ගේන්න ගියේ. මේ බලන්න මම ඒවත් අර‍ෙගන ආවේ. මට සමාව දීලා දොර අරින්න ආයි මම ඔයා එපා කියද්දි යන්නෙ නැහැ” දොරකඩ සිටින දෙවියෝ බැගෑපත් වෙති.
“එහෙනම් අදට සමාව දීලා දොර අරින්නම්. හැබැයි ආයිත් මම එපා කියද්දි යන්න එපා” යැයි කියන දේවිය අනතුරුව කෝවිලේ ප්‍රධාන දොරටුව විවෘත කරන්නීය. ඒ සමඟ දෙවියෝ වැදි ජනතාව ද සමඟ කෝවිල තුළට යති. ඉන්පසු සුපුරුදු ලෙස හින්දු ආගමික වතාවත් සිදු කෙරෙති.
අද වන විට වැදි චාරිත්‍රවලට පමණක් සීමා වුවද අතීතයේ දී මෙම ප්‍රදේශයේ ද වැදි ජනාවාස තිබී ඇතැයි කීවේ ප්‍රදේශවාසියෙකු වන එස්.සිවපෙරුමාල් මහතාය. දැනට ජීවිතයේ සැඳෑ සමය ගෙවන ඔහු දන්නා පරිදි මෙහි ඉතිහාසය මෙසේය.
ඔඩ්ඩුසුඩාන්වලට නුදුරින් පිහිටි පාවට්ටිවලෙයි නමැති කන්ද (මලෙයි යනු දෙමළ භාෂාවෙන් කන්දයි) වැදි ජනාවාසයක් පැවති ස්ථානයකි. අද එහි ගල්ගුහා හා ශෛලමය නටබුන් ඇතැයි පැවසේ. කන්දේ වාසය කළ වැද්දන්ට දිනක් කන්දෙ යම් තැනක වළ දමා තිබූ නිධානයක් හමුවී තිබේ.
එම නිධානයෙන් ලැබෙන මුදලින් ඔවුහු කෝවිල් තුනක් ඉදිකරති. එක් කෝවිලක් වන්නේ පනිනිඩ්‍රාන් අම්මාල් කෝවිලයි. අනෙක සම්මලන්කුලම් පුල්ලෙයාර් කෝවිලයි. තෙවන කෝවිල වන්නේ ඔඩ්ඩුසුඩාන් තාන්කෝන්ඩි ඊශ්වරා කෝවිලයි. වේට්ටෙයි හෙවත් වේදර් තිරුවෙලා උත්සවය නොකඩවා වාර්ෂිකව සිදු කරන්නේ මෙම කෝවිල් සෑදීම සඳහා අතීතයේ වැදි ජනතාව දැක්වූ දායකත්වයට ඔවුන්ගේ අයිතියක් වශයෙනි.
මෙම වේට්ටෙයි (වේදර්) තිරුවිලා උත්සවය පැවැත්වුණු අවස්ථාවේ ප්‍රදේශයම කොළ අතු ඇඳගත් වැද්දන්ගේ භූමියක් බවට පත්ව තිබුණි. එවැනි දර්ශනයක් දඹානේදීවත් දකින්නට ලැබෙන්නේ නැත. එහෙත් උත්සවය අවසන් වීමෙන් පසු සිය වැදි සැරසිලි ගලවා දැමූ සිය ගණනක් පිරිස වැදිකමෙන් අත්මිදුනහ.
පැරණි ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව ශ්‍රී ලංකාවේ වන්නි ප්‍රදේශයේ ද (යාපනය හා අනුරාධපුර රාජධානිය අතර ප්‍රදේශය) අතීතයේ වැද්දන් වාසය කර තිබේ. ඔඩ්ඩුසුඩාන් කෝවිලේ ඉහත සඳහන් වාර්ෂික උත්සවය එම ප්‍ර‍දේශයේ අතීතයේ ප්‍රදේශයේ ආදිවාසී වැදි ජනතාව සිටි බවට සාක්ෂියකි.
නඩරාජා රාම් කුරුක්කල්තුමා හා නිමල බාලගුරු මහතා
එහෙත් එම උත්සවයට සහභාගි වූ ජනතාවගෙන් වර්මානයේදීත් වැදි ජනතාව හෝ ඔවුන්ගේ පැවතෙන්නන් දැකිය හැකිදැයි විමසූ විට ඔවුන්ගෙන් ලැබුණු පිළිතුර වූයේ එවැන්නන් නොමැති බවය. අතීතයේ දී පමණක් වැද්දන් වාසය කර ඇති බවය.
මෙහිදී පැනනඟින ගැටලුව වන්නේ අතීතයේ වැද්දන් ප්‍රදේශයේ ජීවත්ව සිටියා නම් ඔවුන්ට කුමක් වූයේද? යන්නය. ඔවුන්ගෙන් පැවතෙන්නන් නොමැති ද? යන්නය.
මෙරට වැද්දන් ජීවත්වන්නේ ඌව පළාතේ දඹාන, රතුගල, හෙන්නානිගල හා පොල්ලෙබැද්ද යන ප්‍රදේශවල පමණක් බව මෙරට මෑත යුගයේ මතය විය. එහෙත් ඒ මතය වෙනස් වූයේ මඩකලපුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලින් නැ‍ඟෙනහිර වෙරළබඩ ආදිවාසීන් හෙවත් මුහුදු වැද්දන් හඳුනාගැනීමත් සමඟය.
ඓතිහාසික මූලාශ්‍ර අනුව නැ‍ඟෙනහිර වෙරළබඩ ආදිවාසීන් හෙවත් මුහුදු වැද්දන් එම ප්‍රදේශවලින් හඳුනාගත්තේත් ඔවුන් පිළිබඳ දැනුම මෙරටට සමාජගත කිරීමට පුරෝගාමී වූයේ ද මෙම ලේඛකයන් දෙදෙනාමය.
මුහුදු වැද්දන් පිළිබඳ අධ්‍යයනයේ දී ද අතීතයේ නැ‍ඟෙනහිර පළාතේ සිටි බවට සඳහන් වැදි ජනතාවට කුමක් වූයේ ද? හා ඔවුන්ගෙන් පැවතෙන්නන් නොමැතිද? යන ගැටලුව මතුවිය.
එහිදී අප අධ්‍යයන කටයුතු සිදු කළේ ප්‍රධාන අනුමාන තුනක මතය. එයින් පළමුවැන්න නැ‍ඟෙනහිර පළාතේ අතීතයේ විසූ ආදිවාසී ජනතාව සියලු ‍ෙදනා සමූල ඝාතනයක් මඟින් විනාශ කිරීම නිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් දක්නට නොමැති බවය.
දෙවැනි උපකල්පනය වූයේ අතීතයේ විසූ වැදි ජනතාව වසංගතයක් වැනි රෝගී තත්ත්වයක් හේතුවෙන් සහමුලින්ම විනාශ වීම නිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් නොමැති බවය. එහෙත් ශ්‍රී ලංකා ඉතිහාසයේ මානව වර්ගයක් සමූල ඝාතනය කිරීමක් පිළිබඳව සාක්ෂි ලැබෙන්නේ එක් අවස්ථාවක පමණි.
එය ද ජනශ්‍රැතියෙනි. කුමන වනයේ වැද්දන් නිට්ටෑහෙල නම් ස්ථානයේ දී එහි සිටි නිට්ටෑවන්ව සමූල ඝාතනය කළ බවට එයින් පැවසේ. ඒ හැර අන් සාධක නොමැති හෙයින් මුල් අනුමානය අත්හරිනු ලැබුවෙමු. දෙවැන්න කිසියම් වසංගත තත්ත්වයක් නිසා නැ‍ඟෙනහිර ආදිවාසී ප්‍රජාව විනාශ වීමයි.
එහෙත් එවැනි සාක්ෂි ද නොමැති නිසා එම අනුමානය ද අත හැරීමට සිදුවිය. අප තුන්වන උපකල්පනය ලෙස තෝරාගත්තේ අතීතයේ ජීවත් වූ ආදිවාසීන්ගෙන් පැවතෙන්නන් වර්තමානයේ දී සිය පැරණි සංස්කෘතියෙන් මිදී වෙනත් සංස්කෘතියකට අව‍ශෝෂණය වීම හේතුවෙන් එම ප්‍රජාව වර්තමානයේ දක්නට නොමැති බවය. එම උපකල්පනය මත කටයුතු කළ අපට නැ‍ඟෙනහිර පළාතේ මුහුදු වැද්දන් හඳුනාගැනීමට හැකිවිය.

ලබන සතියේ වන්නියේ වැද්දන් සමූල ඝාතනය කරලා ද? වසංගතයකින් විනාශ වී ගිහින්ද?

Monday, July 14, 2014

ඈතට තල්ලුකර දැමුවේ ය.

මේ ඉතිහාස පොතේ පමණක් තිබූ චන්දන ගාමයද?
 

මහාචාර්ය රාජ් සෝමදේව
කල්තොට නිම්නයේ පුරාවිද්‍යා ගවේශන කටයුතු පසුගියදා සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ මානව පරිණාමය පිළිබඳ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය අඛණ්ඩව සිදු කරනු ලබන ගවේෂණයේ එක් අදියරක් ලෙස කල්තොට නිම්නයේ ගවේෂණයේ එක් අදියරක් ලෙස කල්තොට නිම්නයේ ගවේෂණ කටයුතු සිදු විය. ඒ පිළිබඳව මහාචාර්ය රාජ් සෝම දේව මහතා සමඟ සිළුමිණ කළ සාකච්ඡාවකි.
ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳ ලිඛිත ඉතිහාසයක් අප සතු ය. එහෙත් ඒ ඉතිහාස කතාවේ සැඟවී ගිය තැන් සොයා දිගින් දිගටම පුරාවිද්‍යාඥයෝ ගවේෂණ පර්යේෂණ හා කැණීම් සිදු කළහ. මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් අනුරාධපුර ගෙඩිගේ කැණීමෙන් ලත් තොරතුරු මත ලාංකේය මානවයා ක්‍රිස්තු පූර්ව 900 දී කෘෂි කර්මාන්තයෙහි යෙදුණු බව අනාවරණය කළේ ය. ලංකාවේ ස්වදේශීය ජනයා යකඩ භාවිතය වළං සැදීම වැනි ශිෂ්ටාචාරය සංස්කෘතික කටයුතු ක්‍රිස්තු පූර්වයෙන් 2400 දී පවා සිදුකළ බවට කාල නිර්ණය දත්ත මඟින් සනාථ කළ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ලංකා ඉතිහාසයේ කෘෂිකාර්මික යුගය අදින් වසර 2400 ඈතට තල්ලුකර දැමුවේ ය.
මහාචාර්ය රාජ් සෝමදේව විසින් පසුගිය වසර හයක් පුරා කරන ලද කැණීම් හා ගවේෂණවලදී වසර ලක්ෂයකට පෙර මෙරට ජීවත්වූ ප්‍රාග් ඓතිහාසික මිනිසා තමන්ගේ තාක්ෂණික සංස්කෘතිය වෙනස් කරගන්නට උත්සාහ ගත් අයුරු පැහැදිලි කරගනිමින් සිටී.
සංචාරක දඩයක්කරුවා ශාක ආහාර මත යැපීමේ ලක්ෂණ මධ්‍ය කඳුකරයේ දකුණු බෑවුමේදී හඳුනාගත හැකි‍ විය‍. ඒ සමඟම සකපෝරුව භාවිතය, මැටි වළං භාවිතය යකඩ උණුකිරීම පිළිබඳ සාක්ෂි මෙන් ම මානව සංස්කෘතියක විශේෂ අංගයක් වූ භෂ්මාවශේෂ තැන්පත් කිරීම ද ලංකාවේ ස්වදේශීය ජනයා විසින් ක්‍රි.පූ. දෙවැනි (2) සහශ්‍රක වර්ෂයේදී ද සිදුකර තිබේ.
හුනුගලා ගල කැණීම ආශ්‍රයෙන් අතීත මානවයාගේ යාතුකර්ම ස්ථානයක් (දේවාලයක්) ලෙස භාවිත කළ ස්ථානයක් කැණීමට ලක්කිරීමෙන් ස්ත්‍රි පුරුෂ ලිංග සංකේත වෙස් මුහුණු (ගලින් කළ) හඳුනාගෙන තිබේ. එතැනින් හමුවූ පුරාවස්තු අතර අතින් සාදා අව්වේ වේලා භාවිතයට ගත් වළං විශේෂ වේ. එම වළං පුලුස්සා නැත. අතින් සැකැසූ නොපිලිස්සූ වළං හමුවූ පළමු අවස්ථාව මෙය වේ. එහි කාල නිර්ණ වාර්තාව ලැබීමෙන් පසු ලංකාවේ ස්වදේශීය මානවයා ගේ කුඹල් කර්මාන්තයේ ඉතිහාසය හඳුනාගත හැකිවනු ඇත.
කල්තොට ලෙන් විහාර සංකීර්ණයෙන් හමු වූ සෙල් ලිපි සහ ගල් ලෙනක්...
ස්වදේශීය ජනයා කෘෂි සංස්කෘතියට පරිවර්තනය වූ කාලයේ භාවිත කළ ධාන්‍ය හා අනෙකුත් ආහාර, ආහාරයට ගත් සතුන් පිළිබඳ විමර්ශනය කිරීම කල්තොට සිට ඇරඹි ගවේෂණයේ අරමුණු වී තිබිණි. ශ්‍රී ලංකාව‍ට ‘වී වගාව’ ලැබුණේ ඉන්දියාවෙන්’ ය යන්න බොහෝ දෙනාගේ විශ්වාසය වුව ද, දිගුකලක් තිස්සේ පරිවර්තනයට ලක්වෙමින් ආ ස්වදේශීය දඩයක්කාරයා වී වගාව ගෘහාශ්‍රිතව සිදුකළ බව විශ්වාසයක් ගොඩනැඟී ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
ගල් යුගයෙන් කෘෂි යුගයට ක්‍රමයෙන් පරිවර්තනය වූ ස්වදේශීය ජනයා ඉතිහාසය හා වංශ කතා මඟින් හඳුන්වනු ලබන්නේ යක්ෂ දේව නාග යන ගෝත්‍ර නාමවලිනි. වංශ කතාවට අනුව ස්වදේශීය ජනයා විජයාගමනයෙන් පසු සමූල ඝාතනය කරන ලදී. එය කිසිසේත් විශ්වාස කළ නොහැකි ප්‍රබන්ධයකි. එලෙස රටක ජනයා සමූල ඝාතනය කිරීමේ හැකියාවක් නැත. එම ව්‍යාකූල වකවානුව පිළිබඳ විමර්ශනය කරමින් එම ජනයා රටේ ශිෂ්ටාචාරය සමඟ සම්බන්ධ වූයේ කෙසේද යන්න පිළිබඳ විමසීම වටී‍.
ඉන්දියාවෙන් ලංකාවට ආ නාවුක හා වෙළෙඳ කණ්ඩායමක් රැගෙන ආ පාලි සංස්කෘත භාෂා ස්වදේශීය ජනයා ඉතා ඕනෑකමින් වැලඳ ගත්හ. එහෙත් ස්වදේශීය කඳුකර ජනයා ගංමෝය ආශ්‍රිතව විසූ ජනයා සමඟ සම්මිශ්‍රණය වූයේ ද සමාන්තරව සිටියේ ද එසේත් නොමැති නම් ඔවුන්ගෙන් වෙන්ව සිටියේ ද යන්න තවදුරටත් විමසිය යුතුව ඇති බව මහාචාර්යවරයා පවසයි.
වර්තමානයේ දකින්න නැති ඓතිහාසික නිර්මාණවල හා වංශකතාවන්හි පමණක් වෙසෙන කඳුවලින් පහළට බැස ආ ස්වදේශීය ජනතාවට සිදුවූයේ කුමක්ද?
හල්දුම්මුල්ල වැල්මීතලාව කුරුගල වෑඑළිය තැනිතලාව හා බැ‍ඳෙන කල්තොට ෙමාහොර ප්‍රදේශයේ කිලෝ මීටර් 12 ක පමණ ප්‍රදේශයක පිහිටා ඇති ගුහා විහාර සංකීර්ණය විමසීමෙන් ස්වදේශීය මානවයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
ප්‍රදේශයේ කඳු බෑවුමේ ව‍ූ ගුහා විහාර සංකීර්ණයේ ගුහා 200 - 250 පමණ ඇති බව පවසන මහාචාර්යවරයා එම විහාර සංකීර්ණය නඩත්තු කිරීමට නම් ඒ ආසන්නයේ විශාල ජනාවාසයක් තිබිය යුතු වූ බව පවසයි. එම මතය තහවුරු කරමින් විශාල ජනාවාස දෙකක් කල්තොට හඳගිරියාය ප්‍රදේශයෙන් හමුවී ඇත. එසේ හමුවූ එක් ජනාවාසයක වළං කටු නියැදිය අක්කර 12 ක් පමණ විශාල බව හඳුනා ගෙන තිබේ.
රුහුණේ පැවැති විශාල ජනාවාස අතරින් එකක් කල්තොට තිබෙන්නට ඇති බව මහාචාර්යවරයා සඳහන් කරයි. ශ්‍රී මහ බෝධි ෙරා්පණයට ආරාධනා ලැබූ කුඹුක්කන් ඔය ආශ්‍රිතව විසූ කතරගම ක්ෂත්‍රියයන් හා චන්දන ගාම ක්ෂත්‍රියයන් ගැන ඉතිහාසයේ කියැවේ. බොහෝ විට මේ හමුවූ වළං කටු නියැදිය ඉතිහාස පොත්වල පමණක් සඳහන් චන්දන ගාම ක්ෂත්‍රියයන් ගේ ජනාවාසය වන්නට ඇත, යන්න මහාචාර්යවරයා ගේ මතයයි. එම මතය තහවුරු කිරීමට විමර්ශන, කැණීම් ද්‍රව්‍යමය සංස්කෘතික අධ්‍යයන හා කාල නිර්ණය වාර්තා සපයාගත යුතුව ඇත‍.
මෙම වැළලී ගිය ජනාවාසයේ විසූ ජනයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ඇති එක් සාක්ෂියක් ලෙස කල්තොට සිට වැලිගල් පොළ දක්වා විහිදී ඇති ගුහා විහාර සංකීර්ණ හඳුනාගෙන ඇත. එම ගල් ගුහාවන්හි අවකාශය, ව්‍යුහය හා සැකැස්ම නිරීක්ෂණය කරද්දී ඉතා පැරණි මෙන් ම මෑත කාලීනව සැකසූ ගුහා දක්නට ඇති බව පෙනී යයි. මෙම ලෙන් අතරින් ඇතැමක කටාරම් කොටා ඇත. තව සමහරක කටාරම් ‍බිඳ වැටී තිබේ. ඇතැම් ලෙන්හි කටාරම් කොටා නැත. ඒ අනුව මෙම ගුහා විහාර සමූහයේ ලෙන් අතර කාල පරතරයක් ඇති බව හඳුනාගෙන ඇත. මෙම ලෙන් විහාර සංකීර්ණයේ භාවිත තාක්ෂණය අනුව මෙම ලෙන් සමාජ සැකැස්ම ස්ථරිකරණ වීමට පෙර සකසන ලද ඒවා සහ සමාජය ස්තරිකරණය වූ පසු දියුණු තාක්ෂණය භාවිතයෙන් සැකැසූ ලෙන් ලෙස වෙන් කොට හඳුනාගත හැකිය යැයි මහාචාර්යවරයා පවසයි.
පැරණි ලෙන් විහාරයන්හි සෙල් ලිපි දැක ගත නොහැක. එහෙත් සෙල්ලිපි සහිත ලෙන් හි සඳහන් කරුණු විමසීමේදී පෙනීයන්නේ එකල විසූ ස්වදේශීය ජනයා බුදු දහම දැනගෙන ව්‍යවහාර සම්ප්‍රදායේ භාවිතයේ යෙදූ බවයි. බුදු දහමේ ප්‍රතිපත්ති පිළිබඳ එකල ජනයා අවධානය යොමු කළ බව ඇතැම් ලෙන් නම් කර ඇති අයුරු විමසීමෙන් පෙනේ. උදාහරණ ලෙස ‘පටිභාන කුටිය’ මෙහි විශේෂ ධර්ම කරුණු සැඟව ඇත. ප්‍රතිපත්තිය, ගැඹුරු බව, විදර්ශනාවක පිරිසිදු බව යන තේරුම් මෙමගින් ලබා දෙන බව මහාචාර්යවරයා පවසයි. ධර්මයේ ගැඹුරු කොටස් ජීවිතයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ජන කොටස් මෙහි විසූ බව ඉන් ප්‍රකට වේ. එක් සෙල් ලිපියක ‘අපරිමිත ලෝක ධාතුවේ මහා සංඝයා’ යන්න සටහන් වන බව ද, ඉන් මේ විශ්වය ඉක්මවූ වෙනත් විශ්වයක් පිළිබඳ විශ්වාසයක් එකල ජනයාට තිබූ බව ද සනාථ වේ.
‍එම සෙල් ලිපි හා බැඳී ඇති ‘නාග’ ‘දේව’ යන වදන් ද එම සෙල් ලිපිවල සඳහන් අශ්ව දේව, ශිව දෙව්, කෙර ආදී නාමයන් ද අතීත ලංකාවේ විසූ ස්වදේශීය මානවයා යක්ෂ නාග දේව යන ගෝත්‍රයන්ට අයත් බුදු දහම බුද්ධ කාලයේ සිට හඳුනාගත් ජන කොට්ඨාසයක් බව තහවුරු කරයි.‍
බුදුන්ගේ ලංකාගමනය හා බැඳී ඇති සිද්ධීන් විමසීමෙන් ද පරිපාලන ව්‍යුහයක් හා දියුණු සංස්කෘතික ලක්ෂණ සහිත සමාජයක් ලංකාවේ පැවැති බව සනාථ වෙයි. එයට අවශ්‍ය උදාහරණ වංශ කතාව (මහාවංශය) සපයා ඇත.‍
එහෙත් වංශ කතාකරුවා විසින් සඟවා ලූ ස්වදේශීය මානවයා සොයා යාමේ කටයුත්ත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් අරඹා ඇත. ඒ ගමනේ දී සෙල්ලිපි අතර තිබූ අක්ෂර රූපයන්ගේ වෙනස්කම් කෙරෙහි ද අවධානය යොමු කිරීමට අධ්‍යයන කණ්ඩායම උත්සාහ දරයි.
සමන්ත කූට වර්ණනාවට අනුව මහියංගණයට වැඩි බුදුන් දකින්නට ගිරි ශිඛරවල සිට පැමිණි යක්ෂයෝ මෙහි ස්වදේශීය ජනතාව බවත් මනා පරිපාලන ව්‍යුහයක් සහිත කැලණියට පැමිණ චූලෝදර මහෝදර නාග ගෝත්‍රික නායකයන්ට බුදුන් ධර්මය දේශනා කළ බවත් සමන් දිව්‍ය පුත්‍රයා (දේව) ගේ ආරාධනා වෙන් බුදුන් සමස්ත කූටයට වැඩම කළ බවත් කියැවෙන ඉතිහාසය ලියැවෙද්දී කාලීන සමාජ, සංස්කෘතික, දේශපාලන හේතූන් මත එදා යථාර්ථයක් වූ ස්වදේශීය ජනයා යටපත් කොට තබා ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරයි. ලංකාවේ ස්වදේශීය ජනයා බුදු දහම වන් ගැඹුරු දහමක් අවබෝධ කොට ප්‍රතිපත්තියෙහි නියැළුණු පිරිසකි යන්න යටපත් කිරීමට වංශ කතා කරුවා ගත් උත්සාහයක් මිස මෙය බුදු දහම පිළිබඳ ගැටලුවක් නොවේ ය යන්න මහාචාර්යවරයාගේ අදහසයි.
මහින්දාගමනය කල්පිතයක් නොවන බව රජගල මිහිඳු හිමියන් ගේ භෂ්මාවශේෂ සහිත ‍ෛචත්‍යය අසල ඇති සෙල් ලිපිය සනාථ කරයි.
මහින්දාගමනය සමඟ ලංකාෙව් දේශපාලනය, නීතිය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය යන සියලු අංශයන් මතට බුදු දහමේ ප්‍රතිබිම්බය වැටිණි.
මහින්දාගමනයට පෙර ලංකාවේ ස්වදේශීය ජනයා කෙසේ කොයි යම් ප්‍රමාණයකින් බුදු දහම භාවිත කළා ද වැලඳ ගෙන සිටියා ද යන්න විමසීම කල්තොට ලෙන් විහාර සංකීර්ණයේ ඉදිරි ගවේෂණ හා කැණීම් කටයුතු මගින් අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.
කල්තොට විහාර සංකීර්ණය නඩත්තු කළ එහි භික්ෂුන් හට සිව් පසයෙන් සංග්‍රහ කළ චන්දන ගාමයේ ජනයා පිළිබඳව තොරතුරු ද ඒ සමඟම අනාවරණය කරගත හැකි වනු ඇත.

Sunday, July 6, 2014

ජාතික පුරා විද්‍යා සතිය අද ඇරැඹේ

ජාතික පුරා විද්‍යා සතිය අද ඇරැඹේ

ජාතික පුරා විද්‍යා සතියක් අද (7) සිට ආරම්භ කෙරෙයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කරන පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවය අද දින පෙරවරු 9 ට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මෙහෙයවන "2014 ජාතික පුරා විද්‍යා සතිය යි.
ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම පාසල් ළමයින් සඳහා පුරා විද්‍යා සම්මන්ත්‍රණ මාලාවක් මේ දිනවල පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
මෙරට පුරා විද්‍යාත්මක උරුමයන් රැක ගැනීම පිළිබඳව වත්මන් පරපුරට විධිමත් අවබෝධයක් ලබාදීම අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන්වල අරමුණ බව අමාත්‍යවරයා පවසයි. මේ සමුළුවට සමගාමීව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල වැඩසටහන් සහ දේශන පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. එදිනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 124 ක් ද සපිරෙනු ඇත.

http://www.dinamina.lk/2014/07/07/_art.asp?fn=n1407075