Sri Lanka Broadcasting Corporation
The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.
Sinhala National Service
Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
Handa (SOUND) හඬ
Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA
Tuesday, August 5, 2014
අම්මා
Sunday, August 3, 2014
“මොන තූත්තුකුඩියක ද ගිහිල්ලා හිටියෙ”....?
තූත්තුකුඩි පල්ලියේ
මංගල්ලයට ශ්‍රී ලාංකිකයන් අදටත් යනවා
“කොයි තරම් වෙලා හෙව්ව ද? මොන තූත්තුකුඩියක ද ගිහිල්ලා හිටියෙ” අප කුඩා අවදියේ නිවෙසින් බැහැරව ගොස් ආපසු නිවෙසට පැමිණි විටෙක අපේ ආච්චිලා සීයලා අප විමසුවේ එසේ ය. තූත්තුකුඩිය අපේ ආච්චිලා සීයලාගේ කතා ව්‍යවහාරයට එසේ එක්ව තිබුණේ ඉතා ඈත කාලයක සිට ශ්‍රී ලංකාව හා තූත්තුකුඩිය අතර තිබූ සමහර සම්බන්ධතා නිසාය. එක් කරුණක් වූයේ අතීතයේ බොහෝ විටෙක අපේ බත්පත රසගැන්වූ කරවල මෙරටට ගෙන්වූයේ තූත්තුකුඩියෙන් නිසාය.
එයට වඩා වැදගත් හා සුවිශේෂී කරුණ වූයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ජන කොට්ඨාසයක් වූ ශ්‍රී ලංකා භාරතයන් හෙවත් පරවර ජනතාවගේ ආදිතමයන් ශ්‍රී ලංකාවට පැමිණියේ තූත්තුකුඩියෙන් වීමය.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔවුන්ගේ සමුද්‍ර යාත්‍රික කටයුතු පහසුකර ගැනීම සඳහා කොළඹ වරාය සංවර්ධනය කර ගැනීම ඔවුනට අවශ්‍ය විය. මේ සඳහා ඉංග්‍රීසින් සමුද්‍ර යාත්‍රික කටයුතු පිළිබඳ දැනුමක් ඇති පිරිසක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩිය ප්‍රදේශයෙන් මෙරටට රැගෙන ආහ. ධීවර කර්මාන්තය පිළිබඳ දීර්ඝ අත්දැකීම ඇති දකුණු ඉන්දියාවේ වෙරළබඩ ජීවත්වූ මේ ජන කොට්ඨාසය හැඳින්වූයේ පරවර ජනතාව යනුවෙනි.
මෙලෙස කොළඹ වරායේ සේවය සඳහා පැමිණි පරවර ජනතාවගෙන් සමහර දෙනකු ආපසු තම උපන් බිමට නොගොස්, ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන කොළඹ කොච්චිකඩේ කොටහේන, මෝදර වැනි ප්‍රදේශවල පදිංචි වූහ. එලෙස ඉංග්‍රීසි පාලන සමයේ තූත්තුකුඩියෙන් පැමිණි පරවර ජනතාව ගෙන් පැවත එන්නන් අදත් මේ ප්‍රදේශවල විශාල වශයෙන් ජීවත් වෙති.
මුතු කිමිදීම
එයටත් පෙර කාලයක ශ්‍රී ලංකාවේ මුතු කිමිදීම සිදුකරන සමයේ වයඹදිග වෙරළ ප්‍රදේශයේ මුතු කිමිදීම සඳහා තූත්තුකුඩියේ පරවර මිනිසුන් මන්නාරම, අරිප්පුව, මුතු හලාවත වැනි ප්‍රදේශවලට පැමිණියහ. ඔවුන් අතරින් සමහර දෙනකු ද ආපසු තම මවු රටට නොගොස් එම ප්‍රදේශවලම බින්න බැස්සහ. අද ඒ ප්‍රදේශවල ජීවත්වන සමහර දෙනකු ද ඒ ආදිතම පරවර ජනතාවගෙන් පැවත එන්නෝ වෙති.පරවර ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ අප කලින් ද කී පරිදි තූත්තුකුඩිය හා ශ්‍රී ලංකාව අතර තිබූ කරවල වෙළෙඳාමය. වසර හැත්තෑවකට අසූවකට එහා අතීතයේ සිංහල මිනිසුන් බත් වේලට මස් මාළු එකතු වූයේ කලාතුරකිනි. නමුත් කරවල කැබැල්ලක් ඔවුන්ගේ බත් පතට ආගන්තුක කෑමක් නොවීය. එනිසා හොඳ කරවල වෙළෙඳාමක් එකල ශ්‍රී ලංකාවේ විය.
එකල මෙරටට අවශ්‍ය කරවල වැඩිපුර ගෙන්වූයේ තූත්තුකුඩියෙනි. තූත්තුකුඩියට සමීප ඉන්දියන් සාගරයේ පිහිටි ලක්ෂ්ද්ව් දූපත් සමූහය සම්පූර්ණයෙන් කරවල නිෂ්පාදනය කරන ස්ථාන විය. ඒවායේ කරවල ද යැවුණේ තූත්තුකුඩියටය.
ඉංග්‍රීසි යුගයේ පටන් ලංකාවේ කරවල වෙළෙඳාමේ මෙහෙයුම සිදුවූයේ කොළඹ බංගසාල වීදියේය. එම කරවල වෙළෙඳාමේ ඒකාධිකාරිය හිමිව තිබුණේ ද පරවර ජනතාවටය. එලෙස කරවල ව්‍යාපාරිකයන් වශයෙන් පැමිණි පරවර ජනතාවගෙන් කොටසක් ද ආපසු ඉන්දියාවට නොගොස් ශ්‍රී ලංකාවේම පදිංචි වූහ.
අද ක්‍රියාත්මක නොවූවත් එකල මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම යන ප්‍රදේශවල විදේශීය කුඩා නෞකාවන් යන එන වරාය විය. එම වරායන්හි ආනයනික බදු අය කිරීම සඳහා රේගුව ද එම ස්ථානවල ක්‍රියාත්මක විය. තූත්තුකුඩිය වරායෙන් කරවල සහ වෙනත් කුළුබඩු රැගෙන ආ සමුද්‍ර යාත්‍රාවල සේවය කළ සමහර පරවර පුද්ගලයන් ද ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා විවාහ වූහ. එම නිසා ඔවුන්ගෙන් පැවත එන පරවර ජනතාවක් ද මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම වැනි ප්‍රදේශවල ජීවත් වෙති.
ගෞරවාදරය
එම පරවර ජනතාවගෙන් පැවත එන්නන් දැන් ශ්‍රී ලංකාවේ හඳුන්වන්නේ “ශ්‍රී ලංකා භාරත” යනුවෙනි. ඔවුන් අතරින් ජෝන් රුද්‍රිගු, ජෝර්ජ් ආර්. මෝතා අපේ පාර්ලිමේන්තුව ද නියෝජනය කර ඇත.නීතිඥ ජේ. විල්සන් ප්‍රනාන්දු, සෙල්වම් කෲස් මොරායස්, ජුවාන් ඩි කෲස්, ක්ලැරන්ස් ඩි කෲස්, ලාසරුස් දබරේරා පරවර ජාතිකයන් අතර කියැවෙන කීර්තිමත් නාමයන්ය.
ශ්‍රී ලාංකික පරවර ජනතාවගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍ර වූ තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමිදූගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සිදු කරනුයේ සෑම වසරකම අගෝස්තු පස්වන දින ය. පසුගිය දිනෙක ඉන්දීය “හින්දු” පත්‍රය පවසා තිබුණේ ඉන්දීය ශ්‍රී ලාංකික සබඳතාවය ප්‍රකට කරන තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍ය අගෝස්තු 05 දින ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ද සහභාගිත්වයෙන් සිදුවෙන බවත්, වාර්ෂික මංගල්‍ය උත්සවයේ මුල පිරීම ජූලි 26 දින කොඩි ගස එසවීමත් සමඟ සිදුවූ බවය.
ඈත අතීතයේ හින්දු භක්තිකයන් වශයෙන් සිටි තූත්තුකුඩියේ පරවර ජනතාව කතෝලික භක්තිකයින් බවට පත්වූයේ 1538 දීය. ඒ පේදුරු ගොන්සාල්වේස් නමැති කතෝලික පියතුමකු විසින් එම පරවර පිරිස බෞතීස්ම කිරීමෙනි.
එම වසරේම එහි කුඩා දේවස්ථානයක් ඉඳිවූ අතර, එය පේදුරු ගොන්සාල්වේස් පියතුමාගේ ආරක්ෂක මුනිවරයා වූ ශුද්ධ වූ පේදුරු තුමා වෙනුවෙන් කැප කරන ලදී. ඉන්දියාවේ අපෝස්තුලුවරයා ලෙස සැලැකෙන ෆ්‍රැන්සිස් සේවියර් මුනි තුමා ද මෙම දේවස්ථානයේ දීව්‍ය පූජාව පවත්වා ඇත.
එක්දහස් පන්සිය අසූ දෙකේදී මෙම දෙව් මැඳුර ජේසු නිකායික පියවරුන්ගේ භාරයට පත්විය. එම කාලයේ කොචින්හි ඉන්දියාවේ අගරදගුරු තුමා විසින් මෙම දේවස්ථානය “තුෂාරයේ අප ස්වාමි දූ” ගේ නමින් කැප කරන ලදී. තුෂාරයේ අප ස්වාමි දූ ඔවුන් සැලකුවේ ධීවර නාවුකයන්ගේ ආරක්ෂක මුනිවරිය ලෙසය.
1610 සිට තූත්තුකුඩිය තුෂාරයේ අප ස්වාමි දූගේ පල්ලියේ වාර්ෂික මංගල්‍ය අගෝස්තු පස්වන දින ඉතාමත් උත්සවාකාරයෙන් පවත්වනු ලැබේ.
නොගැඹුරු මුහුද
එක්දහස් නවසිය අසූ දෙකේදී තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමි දූගේ දේවස්ථානයේ හාරසිය වැනි ජුබිලිය සමරන ලදී. ඒ නිමිතිකොට දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් 1982 ජූලි 30 දින නිකුත් කළ අපෝස්තලික ලිපියෙන් එම දේවස්ථානය බැසිලිකාවක තත්ත්වයට උසස් කරන ලදී. පසුව දෙවන ජුවාම් පාවුළු පියතුමා ඉන්දියාවට සපැමිණි අවස්ථාවේදී තූත්තුකුඩිය තුෂාරයේ අප ස්වාමිදූගේ බැසිලිකාවට ද සපැමිණ ඇත.“තූත්තුකුඩිය එහෙම නැතිනම් ටියුටිකොටන් වරාය කොළඹ වරාය තරම් ලොකු නැහැ. එහි තියෙන්නෙ නොගැඹුරු මුහුද. ඒ වගේ ම කීප පැත්තකින් ගොඩබිමෙන් ආවරණය වෙලා තියෙන නිසා වාරකන් කාලයට වුණත් බත්තල් රුවල් ඔරු දෙතුන් සීයක් ඒ වරායෙ නවත්වල තියන්න පුළුවන්” තූත්තුකුඩිය වරාය පිළිබඳව එම තොරතුරු හෙළි කරන්නේ සමුද්‍රාගමනය පිළිබඳ දීර්ඝ අත්දැකීම් ඇති ඇන්ටනි ජයකොඩිය.
ඔහු පවසන ලෙස එක්දහස් නවසිය හැට ගණන්වල ඉන්දියාවට යෑමට ගමන් බලපත්‍ර අවශ්‍ය වූයේ නැත.
“ඒ කාලෙ මේ ජාතික හැඳුනුම්පත කියල දෙයකුත් නැහැනේ. ඒ කාලෙ ඉන්දියාවට යන්න ක්ලියරන්ස් පේපර් කියල එකක් දෙන්නෙ. නමුත් පදිංචි ප්‍රදේශයේ ඩී. ආර්. ඕ. කන්තෝරුවට ගියාම කොළයක නම, තොරතුරු ලියල ක්ලියරන්ස් පේපර් එක දෙනවා. ඒක රේගුවට ඉදිරිපත් කළාම ඉන්දියාවට යන්න පුළුවන්” ඇන්ටනි ජයකොඩි පවසන්නේ එක්තරා යුගයක ඉන්දියාවට යෑමට ගමන් අවසර ලබාගත් අන්දම පිළිබඳවය.
ඔහු පවසන ලෙස එයට පසු කාලයක “ඉන්ඩියා ඔන්ලි” යනුවෙන් සටහන් කළ පාස්පෝට් එකක් නිකුත් විය. ඒ සඳහා රුපියල් දහයක මුදලක් අය කෙරුණි. වසර පහක් සඳහා නිකුත් කෙරුණ එය වාර්ෂිකව අලුත් කරගත යුතු විය.
ධීවර සංස්ථාවේ බහුදින ධීවර යාත්‍රාවල නැව් පති සහ කුඩා වෙළෙඳ නැව්වල ප්‍රධාන නිලධාරී ලෙස වසර ගණනාවක සේවා අත්දැකීම් ඇති පමුණුගම සෙත්තප්පාඩුවේ ඇන්ටනි ජයකොඩි එම වෘත්තිමය කටයුතුවලදී කීප වාරයක්ම තූත්තුකුඩියට ගොස් ඇත.
කොඩි ගස
“මම තුන් පාරක් විතර තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමි දූගේ බැසිලිකාවට
ගිහිල්ලා තියෙනවා. පල්ලියෙ කොඩි ගස ඔසවන වෙලාවට වගේ ම පල්ලියෙ මංගල්ලයටත්
ගිහින් තියෙනවා” ඔහු සිතන්නේ එය කතෝලිකයකු වශයෙන් ඔහුට හිමි වූ වාසනාවක්
බවය.තුෂාරයේ අප ස්වාමි දූගේ බැසිලිකාව පිහිටා ඇත්තේ තූත්තුකුඩිය නගරයට සමීපවය. තූත්තුකුඩිය වරායේ සිට නගරයට යෑමට බස් රථයක් ඇත. ඒවා ලී බොඩිවලින් යුක්ත, ඉඳ ගැනීම දෙපැත්තේ බංකු පේළි දෙකක් ඇති පරණ පන්නයේ ඒවාය.
“තූත්තුකුඩියෙ පල්ලියෙ කොඩි ගස ඔසවන්නෙ ජුලි විසිහයවැනි දිනක. අඩි හැත්තෑ පහක් විතර උස ඒ ලී කොඩි ගහ නිල් පාටින් වර්ණ ගන්වා තියෙන්නෙ” හෙතෙම එලෙස විස්තර කරන්නේ කතෝලික පල්ලියක වාර්ෂික මංගල්‍යය ආරම්භ කරන පිළිවෙළ පිළිබඳවය.
සවස් කාලයේ සිදු කෙරෙන කොඩි ගස එසවීමේ චාරිත්‍රයේදී තූත්තුකුඩියේ එක් එක් පැතිවල ජීවත්වන කතෝලිකයින් කොඩි ගසේ එල්ලීම සඳහා කොඩි රැගෙන නාගසලම් සංගීතයත් සමඟින් දේවස්ථානය ඉදිරිපිටට ළඟා වෙති.
“අපේ ගම්වල කොඩි ගහ උස්සද්දි කිරිබත් දානය දෙනව වගේ තූත්තුකුඩියේ පල්ලියේ කොඩි ගස ඔසවද්දි ‘පුක්ක’ කියල කෑමක් දානයට දෙනවා. ඒක මුංඇට තම්බල සීනි දාල හදන එකක්. අපේ කිරියා වගෙයි. ඒ පාටමයි. ලොකු තඹ භාජනවල දාගෙන ‘පුක්ක’ ගේනවා. කොඩි ගහ ඉස්සුවයින් පස්සෙ හැඳිවලින් නුග කොළ වගේ ඒවට බෙදලා දෙනවා. ටිකක් ඝනකම් නිසා ඇඟිලි දෙකෙන් පහසුවෙන්ම කෑවැකි” ඒ තූත්තුකුඩියේ අමුතු ආහාරය පිළිබඳ තොරතුරුය.
ධීවර ගම්මාන
තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍ය පවත්වන්නේ අගෝස්තු පස්වන දිනය. එදිනට ඉන්දියාවේ බොහෝ ධීවර ගම්මානවලින් මෙන්ම ශ්‍රී ලංකාවේ සමහර ධීවර ගම්මානවලින් ද පිරිස් එම මංගල්‍යයට සහභාගි වෙති.“අපේ පල්ලිවල මංගල්‍යවලට වගේ විකාර විලාසිතා එහෙ පල්ලියෙ නැහැ. පල්ලියට එන හැම පිරිමි කෙනෙක්ම සුදු වේට්ටිය සුදු කමිසය හරි සුදු අත් දිග බැනියමක් ඇඳල තමයි එන්නෙ. ගෑනු අය ඔක්කොම සාරි අඳින්නෙ.
පල්ලිය ඇතුළදී සාරි පොටෙන් ඔළුව වහගන්නවා.” කවුරුවත් සපත්තු සෙරෙප්පු දාගෙන පල්ලියට ඇතුළු වෙන්නෙ නැහැ, ඇන්ටනි ජයකොඩි එලෙස පැහැදිලි කරන්නේ තූත්තුකුඩිය කතෝලික බැතිමතුන්ගේ ආගමික ශ්‍රද්ධාව පිළිබඳවය. දේවස්ථානය ඇතුළත හරහා ඇවිද යෑම, දේවස්ථානය තුළ කථා කිරීම සිදුවන්නේ නැත.
දේවස්ථානයන්හි ආගමික කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන් දේවස්ථානය අසල ඇති වතුර බක්කිවලින් ස්නානය කිරීම අනිවාර්යයෙන් සිදුවන්නකි.
“පල්ලිය ළඟම තාප්පයකින් වට කළ ස්ථානයක පිරිමින්ට සහ කාන්තාවන්ට නාන්න වෙනම ස්ථාන දෙකක් තියෙනවා. අපේ ඉණ ගාවට වගේ උසින් පුංචි සිමෙන්ති ටැංකි හදල තියෙනව. හැම තිස්සෙම ඒවායෙ වතුර පිරිල තියෙනවා. පුංචි බාල්දියක් දෙනව නාගන්න. නෑවයින් පස්සෙ ඉන්දියානු රුපියලක් වගේ මුදලක් දෙනවා එතැන වැඩ කටයුතු කරන අයට” ඇන්ටනි ජයකොඩි වැඩිදුරටත් පවසන ලෙස එලෙස පැමිණෙන ඉන්දියානු බැතිමතුන් පල්ලියට පැමිණීමේදී ඇඳගෙන ආ ඇඳුම්වලින්ම ස්නානය කරන බවය.
තූත්තුකුඩිය තුෂාරයේ අප ස්වාමි දූගේ බැසිලිකාව සමීපයේ ඇති එක් මාර්ගයක් දෙපසම පිරී ඇත්තේ බාබර් සාප්පුවලිනි.
“සමහර අය පල්ලියට ඇවිල්ල එක් එක් භාරහාරවලට හිස සම්පූර්ණයෙන් මුඩු කරන සිරිතක් එහි තියෙනවා. පල්ලිය ඇතුළෙ මිනිස්සු දාහක් හිටියොත් අඩු ගණනෙ තිහ හතළිහක්වත් හිසකේ සම්පූර්ණයෙන් මුඩු කළ අය ඉන්නවා.” අපේ සංචාරකයා මේ විස්තර කරන්නේ අපේ රටේ දක්නට නොලැබෙන නමුත් එහිදී දක්නට ලැබෙන අපූරු භාරහාර වීමක් පිළිබඳවය. මෙලෙස පල්ලියට ගිය එක් අවස්ථාවකදී මංගල ඇඳුමෙන්ම පැමිණි මනාලියක් ඇයගේ හිසකේ සම්පූර්ණයෙන් මුඩුකර පල්ලිය ඇතුළු වූ විලාශය දුටු බවය.
වන්දනාකරුවෝ
ඉටිපන්දම් පත්තු කරන ස්ථානය සමීපයෙහි තඹවලින් නිර්මාණය කළ කුඩා මිනිස්
සිරුරු, කුඩා කකුල්, කුඩා අත් වැනි දේවල් දක්නට ලැබෙන බව ඇන්ටනි ජයකොඩි පවසයි.“ඇඟට ඇඟක්, කකුලට කකුලක්, අතට අතක් භාරවෙන සිරිතක් ඔවුන්ගේ තියෙනව. කකුලක ආබාධයක් තිබුණම එය සනීප වෙන්න කකුලට කකුලක් බාර වෙනවා. කුඩා තඹ කකුලක් පූජා කරල තමයි ඔවුන් එය ඔප්පු කරන්නෙ. පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ඡායාරූපත් ඒ බාරහාර වෙන තැන එල්ලා තියෙනවා මම දැක්කා. මම කෙනෙකුගෙන් අහපුවම කීවෙ අතුරුදන් වුණ අයගෙ ඡායාරූප එහෙම එල්ලන්නෙ ඔවුන් සොයා දෙන්න කියලයි”, ඇන්ටනි ජයකොඩි නොනවත්වාම විස්තර කරන්නේ තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමිදූගේ පල්ලියේදී දක්නට ලැබෙන අපූරු ආගමික වත් පිළිවෙත් පිළිබඳවය.
පල්ලියට නුදුරින් ඇති එක් මාර්ගයක දෙපස පිහිටා ඇති කඩ හාරසියයකට වැඩි ප්‍රමාණයක් පිරී ඇත්තේ ඉස්තරම්ම වර්ගයේ සුදු යකඩ, තඹ, පිත්තල හට්ටි මුට්ටි වළං ආදියෙනි.
“තූත්තුකුඩි යන අපේ වන්දනාකාරයො බොහෝ විට මේ භාජන මිලදී ගන්නවා. එයට අමතරව ඉස්තරම්ම සඳුන් තෙල්, රත් හඳුන්, සුදු හඳුන්, ඇඟේ තවරන කහ කුට්ටි තූත්තුකුඩියෙන් මිලදී ගන්න පුළුවන්.”
ඇන්ටනි ජයකොඩි පවසන ලෙස තූත්තුකුඩියෙහි ඇති ආපන ශාලාවල ඇති ආහාර ඉතා රසවත්ය. ආපන ශාලා සමීපයෙන් යන විට ද එහි ඇති ආහාරවලින් නික්මෙන කුළුබඩු සුවඳින් නැහැපුඬු පිරී යයි. එහි ආහාර පිළියෙල කිරීමේදී මිරිස් වැඩිපුර භාවිත වන්නේ නැහැ. නමුත් සූදුරු, මාදුරු, කොත්තමල්ලි වැනි කුළුබඩු යහමින් භාවිත වෙයි.
කුළුබඩු සුවඳ
“කෑමට එළවළු දෙකකුයි මාළුයි බත් එකකට ලැබෙනවා. අඟල් දෙකයි, තුනේ මාළු කෑල්ලක් ග්‍රෑම් එකසිය පනහක් විතර බරයි. පොල් කිරි දාන්නෙ නැහැ. ඒත් කෑමට මුදවපු කිරි, එළඟි තෙල්, තල තෙල් ආදිය දානවා. එළගි තෙලුයි කුළුබඩුයි දාපු මුරුංගා හොද්ද යෝගට් එකක් වගේ මිදිලා.ඇඟිලි දෙකෙන් හොදි අරගෙන කෑවැකි” ඇන්ටනි ජයකොඩි වැඩිදුරටත් පවසන ලෙස එවැනි ආහාර වේලකදී සමහර ආපන ශාලාවකදී අඟල් තුනක් පමණ දිග අලුවා කෑල්ලක හැඩයට කපන ලද පොල් කෑල්ලක් ද ලැබෙයි. ඒ තෙලෙන් බදින ලද මිරිස් කරල් සමඟ හපා කෑමටය. මෙවැනි ආහාර වේලකට ගෙවිය යුත්තේ ඉන්දියානු රුපියල් විසිපහක් පමණි.
තූත්තුකුඩියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි විවාහ වී අලුතෙන් ජීවිතය ඇරැඹු පරවර ජනතාව ඔවුන්ගේ ආගමික විශ්වාසය මෙහිදී ඇරඹූහ. එයින් සමහර දෙනෙකු මීගමුව පෙරියමුල්ල තුෂාරයේ අපි ස්වාමිදූගේ දේවස්ථානයක් ඉඳිකළහ. කොළඹ අවට ජීවත්වන එම ජනතාව පිටකොටුව පිලිප්නේරි පල්ලියේදී අගෝස්තු පස්වන දින තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍ය පැවැත්වීමට පුරුදු වූහ.
“තූත්තුකුඩියට කෙළින්ම ඥාතිකම් තිබුණ මුල් කාලයේ හුඟාක් දෙනා ලංකාවෙන් තූත්තුකුඩිය මංගල්‍යයට ගියා. ඔවුන්ගේ දරු මුනුපුරන් දැන් ඉස්සර වගේම යනවා අඩුයි. ඒත් ධීවර යාත්‍රිකයන් සමහර දෙනා තවමත් තූත්තුකුඩියෙට යනව තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍යයට සහභාගිවීමට” ඇන්ටනි ජයකොඩි වත්මන් තත්ත්වය එසේ විස්තර කරයි.
Sunday, July 20, 2014
මේ කතාවටත් කන් දෙන්න!
ජපන් ජාතික මහාචාර්යවරයකු වන ෂිබුයා තොෂිඕ ශ්‍රී ලංකාව ගැන පොතක් ලියා තිබේ. මේ පොතට ඇතුළත් වී ඇත්තේ අපේ සංස්කෘතිය තුළ පවත්නා හර පද්ධතිය යි. ජපානය භෞතික වශයෙන් ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන ඇති’මුත් සාංස්කෘතික වශයෙන් කඩාවැටීමකට ලක් වී ඇතැ’යි මහාචාර්යවරයා පැහැදිලි කරයි. එම සංස්කෘතික සෝදාපාළුව තුළ හුදෙකලා ජපනකු බිහි වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි. හැබෑවට ම ෂිබුයා මහතා උත්සාහ දරා ඇත්තේ ශ්‍රී ලංකාව සංස්කෘතිය අතින් උසස් රාජ්‍යයක් ලෙස පෙන්වා දීමට ය.
සංස්කෘතිය මෙතරම් දියුණු නම්; රටේ අපරාධ වැඩි වන්නේ මන්දැ’යි කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. කුඩු ජාවාරම්කාරයන් මෙතරම් කොටු වන්නේ මන්දැ’යි තවත් කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. එසේ ප්‍රශ්න කිරීම සාධාරණ ය. හේතුව අපරාධවල වර්ධනයක් සේ ම ඒවා රස කරමින් වාර්තා කිරීමක් ද දකින්නට ලැබෙන බැවිනි. අපරාධයක් පසුපස යමින් එය නිරූපණය කොට දැක්වීමේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් මීට වසර කිහිපයකට පෙර විකාශය විය. විශාල ආකර්ෂණයක් දිනාගත් මේ වැඩසටහන නිසා අපරාධ වර්ධනය වූ බව එහි නිෂ්පාදකයෝ ම අද පිළිගනිති.
ඉන්දියාව ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් රාජ්‍යයෙකි. විශ්වවිද්‍යාල මට්ටමේ ජනමාධ්‍ය පාසල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් එහි පවතී. වසරකට දහස් ගණනක් ජනමාධ්‍ය උපාධි ලබති. ඉන්දියාවේ ජනමාධ්‍ය කලාව, ලෝක සන්නිවේදන ජාලයේ එක්තරා ශෛලියක් ලෙස ද පිළිගැනේ. එහි ජනමාධ්‍ය පිළිබඳ මහාචාර්යවරයකුගෙන් ප්‍රවෘත්ති යනු කවරේදැ’යි කෙනෙක් විමසූහ. මහාචාර්යවරයා ගත් කටට ම කියා සිටියේ ප්‍රවෘත්ති යනු ලිංගිකත්වය, අපරාධ හා මුදල් ගනුදෙනු යන්න ය. මේ නිර්වචනය වෙළෙඳාම සම්බන්ධයෙන් නිවැරැදිය. එහෙත් සංස්කෘතිය සම්බන්ධයෙන් අතිශයින් ම වැරැදිය.
රටේ ප්‍රමුඛ පෙළෙහි භික්ෂූන් වහන්සේ පිරිසක් මීට මාස ගණනකට ඉහත දී ජනාධිපතිවරයාට සන්දේශයක් භාර දුන්හ. එහි සඳහන් වූයේ පුවත්පත් මඟින් ඉතා රසවත් කොට අපරාධ වාර්තා කිරීම නිසා අපරාධ සාමාන්‍යකරණයට ලක් වී එය අත්හදා බලන පිරිස වැඩි වී ඇති බව ය. එබැවින් ජනමාධ්‍ය වාර්තාකරණයට නීති පනවන්නැ’යි උන්වහන්සේලා ඉල්ලා සිටියහ. ජනමාධ්‍යයට වාරණ පැනැවීම අසීරු කටයුත්තකි. එය තවත් ගැටලු සමුදායක ආරම්භයක් වන්නට ද පුළුවන. ජනාධිපතිවරයා ජනමාධ්‍ය ප්‍රධානීන් කැඳවා මේ පිළිබඳ උපදේශනයක් ලබා දුන්න ද වාර්තාකරණයෙහි වෙනසක් දකින්නට නැත.
මේ පසුබිම තුළ ම විමැසිය යුතු තවත් අංශ දෙකක් තිබේ. පළමුවන්න අපරාධ මර්දනය සඳහා ආණ්ඩුව ගෙන ඇති පියවර ය. විවිධ අපරාධ මර්දනය සඳහා ආණ්ඩුව වෙනදාට වඩා උනන්දුවක් හා සැලැකිල්ලක් දක්වා තිබේ. විශේෂ පොලිස් ඒකක ගණනාවක් ද ඒ සඳහා අලුතෙන් පිහිටුවා ඇත. රාජ්‍ය ප්‍රධානීන්ගේ අවධානය ද ඒ කෙරෙහි දැඩි ව එල්ල වී ඇත. දෙවන්න අපරාධකරුවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම ය. බන්ධනාගාර තුළ පවා එම වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක වෙයි. මේ හේතු - සාධක නිසා අපරාධ සම්බන්ධිත පුළුල් සංවාදයක් රට තුළ පවතී. එය ඇතැම් දෙනා වැරැදි ලෙස අර්ථ දක්වති.
අප මේ තීරුව ආරම්භ කළ තැනට යළි ප්‍රවේශ වුවහොත් ජපානය වැනි රටකට වඩා ගැඹුරු සාංස්කෘතික පසුබිමක් අපට ඇතැ’යි කියන්නට පුළුවන. ලෝකයේ මුල් ම ශිෂ්ටාචාර සමඟ යම් යම් සාදෘශභාවයක් රටේ ඉතිහාසය තුළ පවතී. පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් ද ඒ බව සනාථ වේ. මහවැලි ගඟ දෙපස පැවැති ඉපැරැණි ශිෂ්ටාචාරයක් ගැන ද ඉතිහාසඥයන් අතර කතාබහක් පවතී. කුමක් වුව විදේශීය ආක්‍රමණ නිසා එම ශිෂ්ටාචාරයේ හර පද්ධතිය විනාශ වූ බව පිළිගත යුතු ය. එය වඩාත් විනාශකාරී ලෙස බලපාන්නට වූයේ 1977 න් පසුව ය.
ශ්‍රී ලංකාව තුළ බලවත් ආර්ථික කැරැල්ලක් ක්‍රියාත්මක වූයේ 1977 න් පසුව ය. එය ආර්ථික ආක්‍රමණයක් ලෙසත් සාංස්කෘතික විනාශයක් ලෙසත් හඳුන්වා දෙන්නට පුළුවන. රටක ආර්ථිකය සැලැසුම් කළ යුත්තේ රටේ ඉතිහාසය, මිනිසුන්ගේ චින්තනය, දේශීය රටාව හා රටේ සම්පත් ද සැලැකිල්ලට ගනිමින් ය. විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ සියල්ල උඩු -යටිකුරු කළේ ය. සාහිත්‍යය, ඉතිහාසය වැනි මානව ශාස්ත්‍ර විෂයයන් අධ්‍යාපනයෙන් අතුගා දැමිය යුතු යැයි ඔහු කල්පනා කළේ ය. ඒ වෙනුවට තාක්ෂණයෙන් දරුවන්ගේ ඔළු ගෙඩි පුරවා දැමිය යුතු යැයි ද ඔහු කල්පනා කළේය. මේ ක්‍රමය ඔස්සේ බිහිවුණේ බල්ලන් මරා හෝ සල්ලි හොයන මිනිසුන් ය.
කවුරු කුමන විග්‍රහ ඉදිරිපත් කළ ද 1977 න් පසු අපේ ආර්ථිකය හෝ සංස්කෘතිය හෝ පිළිගත හැකි සංවර්ධනයක් ලැබුවේ නැත. මිනිසුන් ස්වල්ප දෙනකු අත මුදල් ගැවසුන ද, ජාවාරම් අධික විය. දූෂණ අධික විය. දුප්පතුන් වඩාත් දුප්පත් වූ අතර පොහොසතුන් ස්වල්ප දෙනකු වඩාත් පොහොසත් වන බව දකින්නට ලැබිණි. මිනිසුන්ගේ චින්තනය වෙනස් වීම නිසා තරගය අධික විය. එකිනෙකාට වෛර කරන සමාජයක් බිහි විය. මිනිස් ජීවිත ශත පහකට ගණන් නො ගැනිණි. එහි ප්‍රතිඵලය වූයේ සාමූහිකත්වය බිඳී යෑම ය. මෙය වක්‍රාකාරයෙන් අපරාධ වර්ධනයට රුකුලක් විය.
රටේ පවතින අපරාධ ගැන කතා කරන හා ඒවා විවේචනය කරන අයගේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් තිබේ. සංචාරක කර්මාන්තය නිසා සංස්කෘතිය විනාශ වන්නේ නැත. සංස්කෘතිය විනාශ න්නේ චින්තනය විකෘති කිරීමෙන් ය. චින්තනය විකෘති කිරීමට මඟ පෑදුණේ විවෘත ආර්ථික සම්ප්‍රදායයෙන් ය. එහෙත් අද එය කළමනාකරණයට ලක්කර තිබේ. දේශීය චින්තනයට හා අපේ උරුමයට මුල් තැන ලැබී තිබේ. උගතුන් ඒ ගැනත් කතා කළ යුතු ය.
http://www.dinamina.lk/2014/07/19/_art.asp?fn=e140719
Tuesday, July 15, 2014
"හිස් ටින්"ද...? හිස්ට‍්‍රි රිංග්ද...? "History Ring"
එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් |
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි
ඒ වුණත්
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අපට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි
ඒ වුණත්
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා
ඇත්ත නේන්නම්...
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
කිසි වාසියක් නෑ හාං...
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
ගායනය - එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
ගී පද - සිරිල් ඒ. සීලවිමල
දැන් මතකද චිත්‍රපටියෙන්
Monday, July 14, 2014
බේරෙනවද...??? මැරෙනවද...??? 2014
අද ගම්දනව් පුරා පැතිර යන මාරාන්තික උවදුරක් බවට පත්ව තිබේ. මේ විදිහට රට වෙලාගත් මාරාන්තික උවදුරක් බවට ඩෙංගු උවදුර පත්වන්නේ ඕපපාතිකව නොවේ. මේ උවදුරටත් මාරාන්තික ඩෙංගු උවදුර පතුරුවන මදුරුවන්ගේ ජීවන චක්‍රය පවත්වාගෙන යාමට උදව් කරන්නන් බවට අපි පත්ව සිටිමු.
l ඩෙංගු යනු කුමක්ද?
l ඩෙංගු රෝග ලක්ෂණ
ඩෙංගු උණ සහිත රෝගියෙක් සාමාන්‍යයෙන් දින කිහිපයකදී රෝගයෙන් සම්පූර්ණ සුවය ලබන අතර ඩෙංගු රක්තපාත උණ වැළඳුන රෝගීන් තුළ වඩාත් සංකීර්ණ රෝග ලක්ෂණ දැක ගත හැක. ඩෙංගු රක්තපාත උණ රෝගීන් තුළ පහත දැක්වෙන පරිදි රෝගයේ අවදි කීපයක් දැක ගත හැකිය.
උණ සහිත අවදිය
අවදානම් අවස්ථාව (තරලය කාන්දුවන අවස්ථාව)
l සුවවන අවස්ථාව
l රෝගය හඳුනා ගැනීම
l ඩෙංගු මදුරුවා
l ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන
පහත සඳහන් විශේෂිත කාණ්ඩවලට අයත් පුද්ගලයන් හට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක කරන විට මුල් අවදියේදීම රෝහල්ගත කිරීම ඉතාමත්ම වැදගත්ය.
Monday, June 30, 2014
ඔබ මේ දෑස් දුටුවාද?
ඔබ මේ දෑස් දුටුවාද?
Saturday, June 7, 2014
අලුත් වෙලත් නෑ වෙනස් වෙලත් නෑ ඒත් පරෙස්සම වැදගත්
ඩෙංගු ඩෙංගුමයි
Saturday, May 3, 2014
බෞද්ධ ගේය පද රචනා විමසීමක්
තැනුවානම් තම සිත තැනුවාමය
දෙනුවානම් දන් පින් දෙනුවාමය
දිනුවානම් පරලොව දිනුවාමය
සත් හට වන බව දුකට වෙදාණන්
සිත් ගණ දුරු දුර ලන මුනිදාණන්
සිත් සතොසින් නම දිම් මුනිදාණන්
බඹළුවා බුදු ඒ සුගතින්දු
ප්‍රබල සතුරු මාර ප්‍රාක්‍රම, ජයගත් ඒ බල සමිඳු
සතුරුමාර සෙනගට කිපි - හෙණ හඬ
ගුගුරණ විලසට
ගිනිජල් මාලා සහශ්‍ර - හරිමින්
කට හැර ගොරවන
පේවී රකිති සොද සීලෙ නිබන්දා
ක්ලේෂ නස්නාවූ භික්‍ෂු ඇත්තේය බොහෝ
රහතුන් නිවස්නා පායා ප්‍රකාශේ...
වඳිනෙමු මොක්‍ෂ පතාලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
මරඟනන් පරදාලා - සිරි බුද්ධ ගයා විහාරේ
සමනොළ කන්දේ
විහිදෙන මොක්‍ෂ සුගන්දේ
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා - පිහිටෙන් සුමන සුරින්දේ
සිත් පැහැදී
ඇති කළත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව්දිදී ලබනා සෙවණ සැපතා...
සෝමා දේවී
සෝමා දේවී ඒ ප්‍රේම පි‍්‍රයාවී
සුදිලේ ලංකා ඉතිහාසේ හී
ශි‍්‍ර රාහුල හිමිගේ නාමේ...
කුල දෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රෙමෙහී
ගෞරවයෙන් පිදුමා කළ යුතු වේ....
සසර දිනූ බුදු පියා
රමණීය මන්දාර කුසුම්
කරමින පූජා
බැතියෙන මේ ගී ගයා...
ආලෝකය සමන් කුලේ
හඳ පානේ මහ වන දිහා බලා
සුදු රිදී කඳන් හමුවේ...
කෝ සැපතා මේ සංසාරේ
දුක කෙළවර වේ නිර්වානේ...
මරුවා ළඟා වෙනවා
සිතු දේ නොමවෙයි - නොසිතු දෙයක් වෙයි
ලෝදම් කැර කෙනවා...
සම්බුදු සිරිපාදේ
දිලෙනා වූ බුදු රශ්මි විහිදමිනේ
බුදු සිරිපාදේ බුදු සිරි පාදේ
වඳනා ලෙසින් යමු සමනළයේ...
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ...
පිරූ දාන පාරමී සපුරා මතු
බුදු බව ලබනා අභිලාෂේ
තම සතු වස්තුව කිරුළද දන්දී
තපසට නික්ම ගියෙ...
ඉරෙන් හඳෙන් සිරි විඳ විඳ රඟන විලාසේ
පියලි සලාලා - රේණු හලාලා...

















