Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Showing posts with label ගීතය. Show all posts
Showing posts with label ගීතය. Show all posts

Tuesday, August 5, 2014

දළදා පුදට ලියැවුණු ගී










බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප‍්‍රමාණ වූ බුදු ගුණයන් වෙනුවෙන් 

බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ පූජනීය ස්ථාන කීපයක් වේ. 

ඒවා අතර ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි සෙංකඩගලපුර දළදා මාලිගාව සුවිශේෂී වෙයි. ඒ හා අනුබද්ධ ජාතික චාරිත‍්‍ර ධර්ම අධ්‍යයනය කර බලන විට සුවිශේෂ වශයෙන් ඒ තුළ දක්නට ලැබෙන ජාතික හර පද්ධතිය හඳුනාගත හැකි වේ.

මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ වර්තමාන ගීත රචකයන් පූජනීය ස්ථානයක් වූ දළදා වහන්සේ ඇසුරු කර ගනිමින් බිහි කර ඇති නිර්මාණ පිළිබඳව අධ්‍යයනය කිරීමයි. ජාතික හදවත වූ දළදා වහන්සේගේ අතීත පුරාවෘත්තය දාඨාවංසය නම් වූ කෘතියේ අවධාරණය කරනු ලබන අතර වර්තමාන ගීත නිර්මාණකරුවන් විවිධ දෘෂ්ටි කෝණ වලින් මේ දෙස බලා තිබේ.

සුනිල් සරත් පෙරේරා අතින් රචනා වුණු සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ සංගීතය මුසුවූ ඔහු ගයන යට දැක්වෙන ගීතය මගින් ශ‍්‍රී ලංකාද්වීපයම දළදා වහන්සේගේ නායකත්වය යටතේ ගොනුවන බව පවසයි. දළදා වහන්සේගෙන් තොර ලංකා දිවයිනක් සිතීමටවත් අපහසුය.

 

මගේ රටට දළදා හිමි සෙවනයි

මගේ දැයට දළදා හිමි සරණයි

සැපතින් සපිරුණු නිවහල් දෙරණයි

උපතින් මා හට මේ සැප උරුමයි

රටද ජාතියද සැපතින් ආඪ්‍ය වී නිවහල් බවින් යුක්ත වූයේ දළදා වහන්සේ නිසාවෙනි. උපතින්ම මට උරුම වූ මේ අභිමානය මගේ පුණ්‍ය මහිමය නිසා සිදු වූවකි. දළදා හිමිගේ සෙවණ නිතර හිතට සැනසුමක් ලඟා කරවයි.

 

දළදා මැදුරේ රන්කොත මුදුනේ

මිණි කිරණින් මුළු රටම අවදිවේ

දෙදහස් වසරක මහරු අතීතය

සීහ තේජසින් යළි පිබිදේ

මේ හැම මේ දැන් එක ලෙස බැඳුණේ

සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ

වර්තමාන සමාජය තුළ මෙම ගීතය අතිශයින් ජනප‍්‍රිය වූවක් විය. සිංහල ජාතියේ අභිමානයද රටෙහි පෞඩත්වය කියාපාන මෙය මුළු රට අවදි වන්නෙ දළදා මැදුරේ රන්කොත මුදුනේ මිණි කිරුළින් බව කීම දළදාව හා බැඳුණු ජාතිකත්වය කෙබඳු ද යන්න වටහා ගත හැකි වේ.

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පද රචනයක්වන උත්තම මුණි දළදා ගීතය සනත් නන්දසිරිගේ සංගීත නිර්මාණයට ධර්මදාස වල්පොළ ගායනා කරනු ලබයි. එහි පළමු පදය මෙසේ දැක්විය හැකිය.

 

උත්තම මුණි දළදා වඩම්මන

මොක්පුර රන් නෞකා බලන් සකි

සත් සමුදුරු ගැඹරේ

උදේනි රජ පුත් දන්ත කුමරුවන්

උදේනි රජ දූ මාලි කුමරියන්

කෙස් කළඹේ සඟවා හිසින් ගෙන

උත්තම මුණි දළදා වඩම්මන

දළදා වහන්සේගේ අතීත පුරාවෘත්ත හා කෙමෙන් කෙමෙන් ස්ථාන මාරු වී ගිය අයුරුත් ගෞරවාන්විත පසුබිමක ලා විවරණය කරයි.

 

තඹවන් වැල්ලේ මල් වැහි වස්සන

නිසි කල රන්ගොයමේ කිරි වද්දන

යනාදී පද මගින් තම්බපන්නි දීපය අසිරිමත් දිවයිනක් බවට පත්වූයේද නිසි කළ කුඹුරු පිටි අස්වද්දන යායක් පිරුණේත් දළදා අනුහසින්බව කවියා කියයි. ආචාර්ය අජන්තා රණසිංහයන් දළදා මැදුර තේමා කරගෙන සුවිශේෂ ගීත රචනා කීපයක්ම රචනා කර ඇති බව පෙනේ.

රඹුකන සිද්ධාර්ථ හිමියන්ද දළදා මැදුර පිළිබඳව ගීත කීපයක් රචනා කරනු ලැබූහ. ඉන් එක ගීතයක තේමා වී ඇත්තේ ශ‍්‍රී දළදා මැදුරට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳවයි.

දළදා මැදුර යනු බෞද්ධ ප‍්‍රජාවගේ ආගමික හදවතය. දළදා මැදුරට හානියක් කිරීම පවා එබදු සිතිවිල්ලක් සිතට නගා ගැනීම පවා බෞද්ධ කෙනෙකුට අකැප සිතිවිල්ලක්ය. නමුත් එබඳු දෙයක් සිදු විය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන සමාජයේ උන් වහන්සේ මරණයට පත් කිරීම සඳහා ගල් පෙරලණු ලැබුවේ දේවදත්ත හිමියන් විසිනි. දුනුවායන් යෙදීම සහ නාලාගිරි ඇතා එවීම වැනි කි‍්‍රයාවන් පිළිබඳව මෙසේ සඳහන් වෙයි.


මැරුව මුණි මහතා - බුදු බව ලැබෙයි සිතා

කළ අනුවණ සිතා - ඇරවී නාලාගිරි මතැතා

දළදා මැදුරත් අපට බුදු හාමුදුරුවන් වගේය. දළදාවට යමෙක් හානියක් කරනවා නම් ඒ දේවදත්ත පරපුරේ කෙනෙක්ම විය යුතුය. මන්ද අන්‍ය කෙනෙකුගෙන් එබන්දක් සිදු විය නොහැකි නිසාය.

 

සිරි සම්බුද්ධ සාසනේ

වන්දනීය පූජනීය

දන්ත ධාතු රාජනේ

සමාවෙන්න දෙව්දතුන්ට යළිත් වරක්

වැරදීමක් වෙන්න ඇති අනේ

පද – රඹුකන සිද්ධාර්ථ හිමි

හඬ - සුනිල් එදිරිසිංහ

ස්වර - රෝහණ වීරසිංහ

සසර දනව්ව පිට – 45

මිනිසා විසින් තමන්ගේ කුරිරුකම නිසා මෙබඳු හිංසා පීඩා කරනු ලබයි. තමා සිදු කර ගනුලබන පාපයෙහි වරද ඔහුට නොවැටහෙයි. නොදැන කළාවූ වරද වෙනුවෙන් සමාවී වදාරණ සේක්වා. මෙම සාවද්‍ය කි‍්‍රයාව සිදුවී ඇත්තේ දේවදත්ත පරපුරේ කෙනෙකුගෙන් විය යුතුය. එදා බුදුන් දවස ද දේවදත් හට වැරදි සිදු වුණේය. මෙවරත් මේ සිදුවී ඇත්තේ එබඳුම කි‍්‍රයාකාරීත්වයකි. ගීතය පුරාම කියවෙන්නේ සාමාන්‍ය මිනිසා තුළ දළදා මාලිගාව පිළිබඳ ඇති ශ‍්‍රද්ධා භක්තියත් මේ සිදු වූ සංහාරයේ පාපතර කි‍්‍රයාවත් පිළිබඳවය. පූජනීය අර්ථයට වඩා ගීතය මගින් අවධාරිත වන්නේ සිදු වූ වරද වෙනුවෙන් සමාව අයැදීමය.

රඹුකන හිමියන් විසින් ලියන ලද යට දැක්වෙන ගීතය ද ලියවී ඇත්තේ දළදා වහන්සේ පිළිබඳව ඇති අනන්ත අප‍්‍රමාණ භක්තිය හෙළිදරව් වන ආකාරයටය. බෞද්ධයන්ට දළදා වහන්සේ දැකීම ජීවමාන බුදුහිමියන් දැකීම වැනි කි‍්‍රයාවකි. බුදුරදුන් දුටුවා සේ අචල භක්තියක් බෞද්ධයකු හට ඇති වන්නේ

 

සම්බුද්ධ රාජ ධර්ම මණ්ඩලේ සරනා

දන්ත කුමරු හේමමාලි සිහසුන වටිනා

මහපෙරහර දෙව්ලොව සිරි මිහිබට ලෙසිනා

බලන් ඇසල සඳපානේ

දළ ඇතු පිට දා කරඬුව බුදුරජ සේමා

පද – රඹුකන සිද්ධාර්ථ හිමි

ස්වර - රෝහණ වීරසිංහ

හඬ – කරුණාරත්න දිවුල්ගනේ සහ දිස්නා අතපත්තු

දළදා වහන්සේගේ අයිතිය පවතින්නේ කා සතුවද ලක්දිව රජකම ලැබෙන්නේද ඔහුටය යන මතයක් ශ‍්‍රී ලංකාව තුළ පවතී. වර්තමානයේ වුවද ජනපති පදවියට පත් වූ කෙනෙකු පත්තිරිප්පුවේ සිට ජනතාව අමතන්නේ එම අදහස පෙරදැරි කර ගෙනය. රජ කෙනෙකු සතු විය යුතු ධාර්මික රාජ්‍ය සංකල්පය ජනතාව පිළිගනු ලබන්නේ එම රජ පදවිය ලැබූ පුද්ගලයා දළදා වහන්සේට දක්වන සැලකිලි පුද සත්කාර අනුවය. යට දැක්වෙන ගීතය ද එකී සංස්කෘතික ප‍්‍රවාහය අනුව රචනා වූවකි. බෞද්ධ සිතක තැවුල් නිවී සුවපත් වන්නේ දළදා සෙවණෙහිය.

 

ගෞතම මුණි සිරි දළදා

හිමි නමදිමු සිත පහදා

බුදු රැස් සඳ කිරණ ගලාලා

තැවුල් නිවී සුවපත් වේවා

පද – මහින්ද දිසානායක

ස්වර - රොහණ වීරසිංහ

හඬ – කරුණාරත්න දිවුල්ගනේ

දළදා වහන්සේ ආරක්ෂා කරනු ලැබුවේ රාජ රාජ මහාමාත්‍යවරුන්ය. ලංකාවේ සිවු දිසාවෙන්ම පැතිරී ඇත්තේ දළදාවේ රශ්මී කිරණයි. යට දැක්වෙන මෑතක ලියවුණ දළදා ගීතය මගින් අවධාරණය වන්නේ මෑතක බිහි වූ රජෙකු විසින් දළදා සංස්කෘතිය නගා සිටුවීම සඳහා ගනු ලබන වෙහෙස මහන්සිය පිළිබඳවයි. මේ දේශයට එම රජුගේ සෙවන නිසා නිදහස් නිවහල් සුළඟ හමයි.ගීත බොහෝමයක් ලියා ඇති ප‍්‍රකට ගීත රචකයකු වන චන්න ජයනාත් විසින් ලියා ඇති මෙය එම රචකයා ලියූ නිර්මාණ අතර සුවිශේෂත්වයක් ගෙන එයි.

 

සිරි දළදා හිමි සරණයි

සිරි දළදා හිමි සරණයි

සෙංකඩගලපුර සිරි දළදා හිමි

සමිඳුගේ උත්තම සරණයි

උතුරින් දකුණට නැගෙනහිරට

බටහිර ට ගලා යන සුවඳයි

නිදහස් නිවහල් සුවඳයි

පද - චන්න ජයනාත්

ස්වර - ප‍්‍රියාන් පතිරණ

හඬ - දමිත් අසංක

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ බොහෝ ගීත වල දළදා මැදුර පිළිබඳ යම් යම් සංසිද්ධි ඇතුලත්ව ඇති බව පෙනෙයි.

‘ලේලිගේ නරක මිතුරන්’ ගීතයේ බෝගම්බර හිර ගෙදර දළදා මැදුරේ තේවා හඬ ඇහෙන බව කියයි. පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය ගීතයේ දළදා වැදීම පිණිස ගමේ චණ්ඩි ස්ටැන්ලිට යාළු නිලමෙලා දොර ඇදුරන් නිසා ඔහු ළඟටම ගොසින් දළදා වැන්ද බව කියයි. දළදාව බඳු උතුම් පූජනීය පරිසරයක වුවද සමාජ අසාධාරණය සිදු වන බව රචකයා දුටු අයුරු අසිරිමත්ය.



ප‍්‍රවීණ ගීත රචක

පාතේගම ඤාණිස්සර හිමි

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භික්ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුරය

http://www.dinamina.lk/2009/07/31/dalada/_art.asp?fn=d09073111&p=1

Sunday, May 4, 2014

මුළු ගතම වෙහෙසවා මී මැස්සා ඉගිල ගියේය


බිරිය ෆ්ලෝරන්ස් සිහිපත් කරයි
ජෝ BEE පෙරේරා
වසන්ත සමයේ දී ගහ වැල මල්පල ගැන්වී සිතට ශාන්ත බවක් ගෙන දුන්නත් ෆ්ලෝරන්ස්ට හා වරුණට නම් ඒ සුවය විඳින්නට අවකාශයක් නොවීය. අමල්ට ද තම රාජකාරි මධ්‍යයේ වුවද වසන්තයේ සිරි අසිරිය විඳින්නට අවස්ථාව නොලැබුණේ සිතට කිසිදු සහනයක් නොමැති නිසාවෙන්ය. ගයනි විදෙස් රටක සිටියත් තම සැමියා හා දරුවන් සමඟ ඒ සතුට බුක්ති විඳීමට නොහැකි වූයේ ඇය කෙරෙන් වූ අප්‍රමාණ පිය සෙනෙහස නිසාවෙනි. ඒ වසර තුනකට අධික කාලයක් රෝද පුටුවට වී රෝගාතුරව කාලය ගත කළ ගයනි, අමල් සහ වරුණ ගේ පියා සහ ෆ්ලොරන්ස් ගේ ආදරබර සැමියා වූ මේ ජනපි‍්‍රය කලාකරුවා නිසාය.
හැට හැත්තෑව දශකයන්හි දී මෙරට ජනතාව ආදරය කළ ජනපි‍්‍රය ගායන ශිල්පියකු වූ මේ සොඳුරු මිනිසා පසුගිය ජනවාරි මස දී තව තවත් ගිලන් බවට පත් වූයේ බටහිර වෙදකමත්, දේශීය වෙදකමත්, පවුලේ උදවිය ගේ හෙදකමත් උපරිම තලයක තිබිය දීය. ගායකයකු, වාදකයකු, තනු නිර්මාපකයකු වූ මේ සොඳුරු සිතැත්තාගේ නිර්මාණ දිවියට අඩසිය වසක් ගත වුණේ ද පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.
මෙම වසරේ වසන්ත මාසය උදාවූවා පමණි. ඔහුගේ රෝගී තත්ත්වය වඩ වඩාත් ඔහුට දැණිනි. එම නිසාම ඔහුට දරු මුනුපුරන් සියල්ලම එකට දැකබලා ගන්නට ආශාවක් ඇති විය. මේ කාරණය හේතුකොට ගෙන පසුගිය 19 වැනි සෙනසුරාදා අමල් සහ ඔහුගේ දරුවනුත්, වරුණත් සිය මෑණියන් වූ ෆ්ලොරන්ස් ඇතුළු පිරිසත් මේ කලාකරුවාගේ නිවස්නය වූ ගම්පහ උඩුගම්පොළ පිහිටි ‘වසන්තය’ නිවහනට එක්විය. ඊට සුළු මොහොතකට පසු විදෙස් රටක සිට ගයනි ද පැමිණියේ තම දියණිය ද කැටුවය. ගයනි ගම පියාට අප්‍රමාණ සෙනෙහසක් දැක්වූවාය. එම නිසාම තම පියාගේ රෝගී තත්ත්වය දුටු ඇයගේ නෙතට කඳුළක් එක් වූයේ ඈට ද නොදැනීය. පියා දකීවී යන බියෙන් යුතුව ගයනි තම කඳුළ වහ වහා සඟවා ගත්තාය. ගත වූයේ පැය කිහිපයකි. තම දරු මුනුපුරන් අවසන්වරට දැකගත් මේ සොඳුරු කලාකරුවා සියල්ලන්ම තනිකර දමා අවසන් සුසුම් පොද වාතලයට මුසු කළේ කිතු සමිදාණන්ගේ මරණයෙන් නැගිටීම හෙවත් උත්තානය වූ දිනට එක් දිනයක් ඉතිරි කරමිනි.
ජෝ බී. පෙරේරා, කම්මල්කරුවාගේ ගීතය හෙවත් ‘මුළු ගතම වෙහෙසුණා’ ගීතයෙන් රටක් නැළ වූ හෙතෙම රටක් හඬවා රහසේම සැඟව ගොස්ය. ඔහුගේ සොඳුරු මතකයන් සමඟ මෙවර ‘පිය සටහන්’ සමඟ එක්වන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වූ ෆ්ලොරන්ස් පෙරේරා, වැඩිමහල් දියණිය වූ ගයනි පෙරේරා, පුතුන් වූ අමල් සහ වරුණ යන පිරිසයි.
මේ ලිපිය ලියැවෙන විටත් ඔහු ජීවිත සයුරෙන් නික්ම ගොස් සතියක්වත් ඉක්මගොස් නැත. එම නිසාම ‘වසන්තය’ නිවෙසේ වූසේ දුක්බර ශෝකී පෙනුමකි. නිවෙසට පිවිසෙන ප්‍රධාන ගේට්ටුවට ඉහළින් ජෝ කලකට ඉහත දී ගිටාරයක් අතැතිව ගත් විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් සමඟ වූ ශෝක ප්‍රකාශයකි. එහි යනවිට අපව පිළිගත්තේ ගයනීය. ගයනි යනු ජෝ ගේ වැඩිමහල් දියණියයි. ජෝ ගේ දයාබර බිරිය පුත් වරුණ සමඟ පැමිණ ජෝ ගේ අතීත තොරතුරු එකිනෙක අප වෙත ගෙනහැර පෑහ. සිහින් සරින් හඬ අවදි කළ ෆ්ලෝරන්ස් ජෝගේ අතීතය සිහිපත් කළේ දුක සඟවා ගනිමිනි.
“ඒ 1960 දශකයේ අග කාලේ. මම ට්‍රේනිං කොලේජ් එකේ ඉගෙන ගන්නවා. දවසක් මගේ මිතුරියන් පිරිසක් සමඟ කටුනායක එයාර්පෝට් එකට ගියා. ඒ වෙනකොට ‘මී මැස්සෝ’ කියන සංගීත කණ්ඩායම හරිම ප්‍රසිද්ධයි. එහි නායකයා වූ ජෝ බී. පෙරේරාව ඒ ගමන නිසා හඳුනා ගත්තා. ටික කාලයක් යනකොට අපි මිතුරන් බවට පත්වුණා. අපි දෙන්නම කතෝලික ආගමේ එයා මීගමුවේ කුරන ප්‍රදේශයේ. එයා අපේ ගෙදරින් ඇවිත් ඇහුවා මාව විවාහ කර ගන්න. 1969 වසරෙ දි අපි විවාහ වුණා. පසුගිය සොඳුරු මතක සිහිකරමින් අතීත ස්මරණයක යෙදුනත් ඇගේ මුහුණෙන් දිස් වූයේ ශෝකාන්තයක සලකුණුය.
“1970 වසරෙ දී අපිට ගයනි දුවව ලැබුණා. ඒ වෙලාවේ ජෝ හිටියේ හරිම සතුටින්. මම ජීවිතේටවත් එයාගේ මුහුණෙන් ඒ සතුට දැකලා නැහැ. ඊට පස්සෙ 1975 අමල් හා 1977 වරුණ පුතාලා ලැබුණා. එයා එතකොට කලා කටයුතුවල නියැළුණත් ලංකා බැංකුවෙ සේවය කළා. මොන තරම් කාර්යබහුල වුණත් එයා මම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා. ඒ ‘සුදුමල්’ කියන ගීතය. ෆ්ලොරන්ස් එසේ පවසන විට ඇයටත් හොරා ඇගේ නෙතේ කඳුළු බිඳුවක් කොපුල් තලය දිගේ ගලාවිත් සිමෙන්ති පොළොව මතට වැටුණාය.
හදවතේ සඟවාගෙන සිටින දුක ගයනි ගේ මුහුණෙන් පෙණුනාය. මෙතෙක් වේලා නිහඬව සිටි ගයනි තම පියාගේ අතීත ස්මරණ අතරට අපව කැඳවාගෙන ගියේ දුක සඟවා ගනිමිනි.
“පවුලේ වැඩිමහල් දරුවා විදියට තාත්තා මට ගොඩක් ආදරේ කළා. ඒ වගේම මල්ලිලා දෙන්නටත් එහෙමයි. මම පුංචි කාලේ තාත්තා ගුවන් විදුලියේ විකාශය වෙන මුවන් පැලැස්ස නාට්‍යය අහනවා. මම එයාගෙ ඔඩොක්කුවේ තියාගෙන එයා ඒක අහන්නේ. එතකොට විටින් විට මුවන් පැලැස්ස නාට්‍යයේ තේමා වාදනය යනකොට මම තාත්තිගෙන් අහනවා දැන් ඉවරද, දැන් ඉවරද කියලා. අදටත් මට ඒ සිදුවීම මැවිලා පෙනෙනවා. එයා අපි පොඩි කාලෙ ළඟට අරන් කතන්දර කියලා දෙනවා. විවිධ රටවල් ගැන තොරතුරු කියලා දෙනවා. අපි පල්ලියේ ගීතිකා කියනකොට එයා හරිම ආශාවෙන් බලාගෙන ඉන්නවා. තාත්තිගේ ආසාවක් තිබුණා අපේ කවුරු හරි තාත්ති වගේ සංගීතය පැත්තට යොමු වෙයි කියලා.
“පසුගිය කාලයේ මම විවාහ වෙලා විදෙස් රටක ජීවත් වුණේ. මට මුලින්ම ලැබුණේ පුතෙක්. එයාගේ නම ‘විනෝද්’ තාත්ති එයාගේ මුනුපුරාට කොච්චර ළෙන්ගතු ද කියනවා නම් එයාගේ අතීත තොරතුරු හැම එකක්ම එයාට කියලා දුන්නා. පසුගිය අවුරුදු තුන ඇතුළත තාත්ති ගොඩක් අසනීප වුණා. තාත්තා 1997 ලංකා බැංකුවෙන් විශ්‍රාම ගියා. ඊට පස්සෙ එයා සංගීත කටයුතුවල වැඩි වශයෙන් නියැළුණා. මීට අවුරුදු තුනකට විතර ඉස්සර වෙලා තාත්ති ගොඩක් අසනීප වුණා. ඊට ඉස්සරවෙලා ප්‍රසංග වේදිකාවේ ගීත ගයන්න ගියා. එයා වැඩියෙන්ම කැමැති ‘මුළු ගතම වෙහෙසුණා’ ගීතය ගායනා කරන්න. ඒ ගීතය නිර්මාණය වුණු හැටිත් මට තාත්ති කියලා දීලා තියෙනවා.
දවසක් ඔහු පොඩි කාලේ තුඩැල්ල කියන ගමේ ඔහුගේ සීයාගේ ගෙදර ගිය වෙලාවක කම්මලක් දැකලා තියෙනවා. ඒකේ කම්මල්කරුවා මහන්සිවෙලා යකඩ තලන හැටි, පිහි හදන හැටි දවස් ගාණක් තාත්ති දැකලා තියෙනවා. ඒක පොඩි කාලෙ තාත්තිගේ හිතට තදින්ම දැනිලා තියෙනවා. පසු කාලෙදි ඒ සිද්ධිය මතක් කරලා මුළු ගතම වෙහෙසුණා කියන කම්මල්කරුවා ගේ ගීතය නිර්මාණය කළා කියලා තාත්ති අපිට කියලා තියෙනවා.
මේ කතාබහ අතරේ බොහොම නිහඬව සිටි වරුණ ද කතාවට එක්වුණේ තම හද පත්ලේ ඇති සිය පියාගේ ආදරණීය මතකයන් අවදි කරමිනි.
“පසුගිය කාලෙම අයියාවත්, අක්කාවත් ළඟ නැති නිසා තාත්ති ළඟින්ම හිටියේ මමයි අම්මයි. තාත්තියි, මමයි කම්මැලිකම යන්නත් එක්ක අපේ ගෙදර ඉදිරිපිට පොඩි ග්‍රොසරි එකක් දැම්මා. අර පේන සෙන් පීටර්ස් ඉස්කෝලෙ ළමයි නිතරම කඩේට එනවා. තාත්ති ළමයින්ට හරිම ආදරෙයි. ඒ වගේම පුදුම මානව දයාවක් තියෙන්නේ. කාගෙවත් හිතක් රිදවන්න කැමැති නැහැ. ඒ වගේම මේ ලොකේ වෙන හැම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් ජීවත් වුණේ. එයා හැම වෙලේම ඉන්ටර්නෙට් එක භාවිත කළා. ෆේස් බුක් එකට ගියා. ස්කයිප්වලින් නිතරම අක්කට කතා කරනවා. අපේ රටේ වෙන දේවල් හැම දෙයක්ම අක්කට කියනවා. ඒ වගේම අක්කා ඉන්න රටේ මොනම වාතාවරණයක් තිබුණත් අක්කට ඉස්සරවෙලාම කියන්නේ තාත්ති. එයා මේ ලෝකෙ වෙන දේවල් ගැන පුදුම අවබෝධයකින් හිටියේ. වරුණ එලෙස පවසා නිහඬ වුණේ සිය පියා ගැන උපන් ශෝකයෙන් හදවත වෙලාගත් නිසාවෙනි.
තාත්ති නිතරම ෆේස් බුක් එකෙන්, ස්කයිප් එකෙන් අපිට කතා කරනවා. එයා ආසාවෙන් හිටියේ විනොද් එයා වගේ සිංදු කියයි කියලා. ඒත් ‘නිරුදි’ නම් සීයා වගේම සංගීතය පැත්තට ටිකක් දක්‍ෂකමක් දක්වනවා. ඒත් ඒවා දකින්න අද තාත්ති මේ ලෝකෙ නැහැනේ.
මේ කතාබහ දෙස නිහඬව බොහෝ වෙලා බලානසිටි ෆ්ලොරන්ස් නැවත ජෝගේ අතීත සැමැරුම් මඟ එක්වුණාය.
“එයාගේ නම හැදුනේ හරිම අපූරු විදියට. එයාගේ නම ජෝසප් බෙනඩික් පෙරේරා. පසු කාලීනව ජෝ බී. පෙරේරා වුණා. එයාගේ හොඳම යාළුවා වුණේ ලාල් හේවාපතිරණ. එයා කිව්වා බී කියන එක ‘ඕඥඥ’ අකුරුවලින් භාවිත කරන්න කියලා. එතකොට මී මැස්සෝ කියන සංගීත කණ්ඩායමේ නම සමඟත් ගැළපෙනවා නේ. එයාගේ සංගීත කණ්ඩායමේ ෂර්ලි බී. පෙරේරා, සිසිල් ජෝ පෙරේරා, ස්ටැන්ලි පෙරේරා යන පිරිවර හිටියා. එයා පසු ගිය කාලෙ වීල් චෙයාර් එකේ ගියේ. උදේම නැගිට්ට ගමන්ම යන්නේ කම්පියුටරේ ළඟට.
ගිහින් ඉන්ටර්නෙට් එකේ තමයි වැඩියෙන්ම ගත කරන්නේ. එයාගේ කලා ජීවිතේට වසර පනහක් පිරීමේ උත්සවෙත් තියන්න තිබුණේ පසුගිය දෙසැම්බර් මාසේ. අසනීප වුණු නිසා ඒකත් තියන්න බැරි වුණා. එයා අසනීප වුණාට පස්සෙ මෙල්රෝයි ධර්මරත්න, රජිව් සෙබස්තියන් වගේ කලාකරුවෝ නිතරම මෙහේ ආවා ගියා. රජිව් නෙළුම් පොකුණේ තිබුණ ෂෝ එකකට එයාට කතා කළා. එතකොට සිංදු කියන්න පුළුවන්. හැබැයි කිහිලි කරුවලින් ගියේ. ඒ නිසා ජෝ කිව්වා මම හොඳට වේදිකාවේ ෆර්ෆෝර්ම් කළ ගායකයෙක්. මාව මේ විදියට මගේ රසිකයන් දකිනවාට මම කැමැති නැහැ කියලා. එයා කිව්ව ගීත අතර සුදුමල්, මීගමු මී මැස්සෝ, ආදරය කරලා, සිරිපා ගමන, සඳ ගමන, මුළු ගතම වෙහෙසුණා අදටත් ජනපි‍්‍රයයි.
පසුගිය සිකුරාදා 18 අපේ ජේසු සාමිදාණන් කුරුසේ ඇණ ගහපු මහ සිකුරාදා ඊට පහු වෙනිදා සෙනසුරාදා අපි හිතපු නැති වෙලාවක අපිව මේ ලොකෙ තනි කරලා එයා ස්වර්ගස්ථ වුණා”. යනුවෙන් පවසමින් ඕ අප හට සමුදුන්නාය. ජෝ බී. පෙරේරා සමාදානයේ සදාකල් සැතපේවායි ‘සරසවිය’ මිතුරන් පතයි.

Saturday, May 3, 2014

බෞද්ධ ගේය පද රචනා විමසීමක්

මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීර සොබාව සාමාන්‍ය මිනිසාට වඩා වෙනස් වූවකි. උන්වහන්සේගේ ශරීරය සාමාන්‍ය මිනිස් ශරීර ඉක්මවා ගිය මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත ය. ශ්‍රී සම්බුද්ධ ශරීරය තිස් දෙකක් වූ මහා පුරුෂ ලක්ෂණවලින් හා අසීති අනුව්‍යංජනවලින් යුක්ත ය. උන්වහන්සේ කථා කරන විට කටහඬෙහි සුවිශේෂ ලක්ෂණ පිහිටියේ ය. සමාජය වෙනුවෙන් කළ උදාර සේවය බොහෝ ජනතා හිතසුව පිණිස පැවතියේ ය.
මෙකී ස්වභාවය නිසා ම පද්‍ය රචකයන් කල්පනා කරනු ලැබුවේ පද්‍ය රචනා කරනු ලබන්නේනම් ඒ තුළ තිබුය යුත්තේ බුදු ගුණ පමණකි ය කියා ය. “පෙදෙන් බුදුසිරිත ඈ” යනුවෙන් කියූයේ එයයි. එසේම යම් කිසි ප්‍රස්තුතයක් වර්ණනා කරනු ලබන්නේ ද එසේ කරන්නා වූ ඒ ප්‍රස්තුතය බුදු ගුණ ම විය යුතු ය. වැනීම, තැනීම, දීම, දිනීම යන අංශ පිළිබඳ සලකන විට බෞද්ධ සංස්කෘතියක හැදුණු වැඩුණු කෙනකු නම් කෙසේ විය යුතු දැයි චිරන්තන කවියා කීවේ ය. ඒ අනුව
වැණුවානම් බුදු ගුණ වැණුවාමයි
තැනුවානම් තම සිත තැනුවාමය
දෙනුවානම් දන් පින් දෙනුවාමය
දිනුවානම් පරලොව දිනුවාමය
යනුවෙන් කීවේ ය. වර්ණනා කිරීමක් කරනවානම් ඒ බුදු ගුණ පිළිබඳ ව විය යුතුයි තනා සකස් කොට ගනු ලබන්නේ නම් ඒ සිත තනා ගැන්ම විය යුතුය. යමක් දෙනවානම් විය යුත්තේ දන් දීම හා පින් දීම ය. යමෙක් දිනන්නේ නම් වැදගත් වන්නේ පරලොව දිනීම ය.
පැරණි කවියා විසින් බෞද්ධ සන්නිවේදනය ජනතාවට ලබා දෙනු ලැබුවේ මෙපරිදි ය. ඒ ඔස්සේ සියලු බෞද්ධ ප්‍රජාව කටයුතු කරන්නට විය. චිරන්තන සාහිත්‍ය නිර්මාණ ආරම්භයේ දී ම බුදුන් වැඳීම තෙරුවන් වැඳීම දැකිය හැකිය. වීදාගම මෛත්‍රිය හිමියන් රචනා කරනු ලැබු ලෝවැඩ සඟරාව ඇරැඹෙන්නේ යට දැක්වෙන කවියෙන් ය.
සෙත් සිරි දෙන මහ ගුණ මුහු දාණන්
සත් හට වන බව දුකට වෙදාණන්
සිත් ගණ දුරු දුර ලන මුනිදාණන්
සිත් සතොසින් නම දිම් මුනිදාණන්
බුදු රජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ මහිමය මහා සාගරයේ ජලය හා සමානයි, මහ පොළවේ වැලිකැට හා සමාන ය සත්ත්වයාගේ භව දුකට වෙදැදුරුණන් වූයේ උන්වහන්සේ ය. මිසදිටුවන්ගේ මිථ්‍යා අන්ධකාරය දුරු කරවන වෙදැදුරු උන්වහන්සේ ය. එසේ වූ බුදුරජාණන් වහන්සේ බැතියෙන් වඳිමි. ගුත්තිල කාව්‍යය, සුභාෂිතය, බුදුගුණ අලංකාරය, ආදි වූ සෑම නිර්මාණ ග්‍රන්ථයකම මෙකී සාධනීය ලක්ෂණ දැකිය හැකිය. පද්‍ය කෘති පමණක් නොව ගද්‍ය ග්‍රන්ථවල පවා මෙය දැකිය හැකිය. යම් සද්කාර්යයක් ආරම්භ කරන විට තෙරුවන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගැනීම අද ඊයේ ඇති වූවක් නොවේ. එය ඈත අතීතයේ සිට පැවත එන්නකි.
ක්‍රි. ව. 1870 දශකයේ පමණ කාව්‍ය සම්ප්‍රදායට නවාංගයක් එකතු වනු දැකිය හැකිය. එනම්; ගීතය නමැති සාහිත්‍ය සංකල්පයයි. සංගීතය ද සමඟ ඉමිහිරි තනුවකට ගැයෙන මෙය දෘශ්‍ය ගෝචර ස්වභාවයෙන් මිදී ශ්‍රව්‍ය ගෝචර බවක් පෙන්නුම් කරයි. ගී කාව්‍ය යුගය විවිධ ආකාරයෙන් පෝෂණය ලැබුවේ පදවැල, සංගීතය හා කටහඬ එකතු වීමෙනි. මේ ක්‍රමය ඉතා ඉක්මනින් ශ්‍රාවකයන් අතර ජනපි‍්‍රය වන්නට විය. බුදු හිමියන් සැමරීම පිණිස ද ගීත නිර්මාණය විය. මුල් වකවානුවල නාඩගම්, නූර්ති ග්‍රැමෆෝන් චිත්‍රපට ආදියේ ආධාර ලබමින් පෝෂණය වී පසුව එය ගුවන්විදුලිය, වේදිකාව, කැසට්පටිය, සංයුක්ත තැටිය ආදි විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රාවකයා වෙතට ප්‍රවේශ වන්නට විය.
බුදුගුණ ගීත සාහිත්‍යය පිළිබඳ ව කරනු ලබන විමසීමකදී ඒවා අංශ කීපයකලා අවධානයට ලක් කළ හැකි ආකාරය පෙනේ. එනම්; බුදුරජාණන් වහන්සේගේ රූපකාය වර්ණනා කරනු ලබන ගීත, බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය වර්ණනා කරනු ලබන ගීත, බෞද්ධ පදනමක සිට ගැයෙන විරෝධාකල්ප ගීත, භක්තිය හා ආගමික ආශ්‍රය පළ කරන ගීත වශයෙනි. ප්‍රාරම්භක යුගයේ සිට වර්තමානය දක්වා විකාශනය වූ බෞද්ධ ගීත සාහිත්‍යය පිළිබඳ ව විමසා බැලීමේදී දක්නට ලැබෙන්නේ භක්තිය හා ආගමික ආශ්‍රය පළ කරන ගීත බහුල වශයෙන් මුල් යුගවල රචනා වී ඇති බවයි. බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිකර ගැනීම මූලික කරගෙන ඒ ගීත රචනා වී තිබේ.
1870 දශකයේ ගීත රචනා කරනු ලැබු අය අතර ‘පිලිප්පු සිඤ්ඤො නමැති රචකයාට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඔහුගේ රචනයක් ලෙස යට දැක්වෙන ගීතය දැක්විය හැකිය. බුදු හිමියන් කෙරෙහි ගෞරව දැක්විය යුතු බව හා බුද්ධත්වය ලැබීමේදී උන්වහන්සේ මාර සෙනග පරදා කළ වික්‍රමය මෙහිදී දක්වා තිබේ. එහි පද පෙළ මෙසේ ය.
නිමල මොක්ෂ ප්‍රකාශ තෛ‍්‍රලෝක්‍ය
බඹළුවා බුදු ඒ සුගතින්දු
ප්‍රබල සතුරු මාර ප්‍රාක්‍රම, ජයගත් ඒ බල සමිඳු
සතුරුමාර සෙනගට කිපි - හෙණ හඬ
ගුගුරණ විලසට
ගිනිජල් මාලා සහශ්‍ර - හරිමින්
කට හැර ගොරවන
සිරිසඟබෝ නාට්‍යය රචනා වූයේ ක්‍රි. ව. 1903 දී පමණය. එය ජෝන් ද සිල්වා ශූරීන්ගේ රචනයක් වන අතර එහි ගැයුණු ගීත ද ඔහුම රචනා කරනු ලැබීය. බුදුගුණ හා බුදු බැතිය වඩවන අයුරින් සැකසුනු මේ ගීතය බෞද්ධ ගීත අතර සුවිශේෂ වෙයි. මෙය නූර්ති ගීතයකි. නාට්‍යයේ චරිත රඟපෑ සංඝතිස්ස, සංඝබෝධි සහ ගෝඨාභය නමැති සහෝදර කුමාරවරුන් තිදෙනා අනාවැකි කිව හැකි අන්ධ බමුණකු අසලින් වැටී ඇති මාවතක යමින් සිටියි. එම අවස්ථාවේ අනුරාධපුර නගරයේ ශ්‍රී විභූතිය පළ කෙරෙන මෙම යට දැක්වෙන ගීතය ද ගායනා කරති. ශතවර්ෂාධික කාලයක් තිස්සේ ජන මනසේ ජනපි‍්‍රය භාවයට පැමිණි මේ ගීතය වර්තමානයේ ද එසේ ම පවතී.
දන්නෝ බුදුන්ගේ ශි‍්‍ර ධර්මස්ඛන්ධා
පේවී රකිති සොද සීලෙ නිබන්දා
ක්ලේෂ නස්නාවූ භික්‍ෂු ඇත්තේය බොහෝ
රහතුන් නිවස්නා පායා ප්‍රකාශේ...
බුදු ගුණ ගීත රචනයෙහි දී ඇතැම් රචකයෝ බුදු ගුණ හා බොදු බැතිය වඩවන අනෙකුත් ආගමික සිද්ධස්ථාන ගැන ගී ලියූහ. ලුම්බිනි බුද්ධගයා කුසිනාරා වැනි බුදු තෙමඟුල සිදුවූ ස්ථානද යොදා ගෙන තිබේ. ග්‍රැමර්ෆොන් ගීතයක් ලෙස දැක්වෙන මතු සඳහන් ගීතය බාල තරුණ මහලු බේදයකින් තොරව අද පවා ජනපි‍්‍රය තලයේ පවතින එකකි. ”සිරි බුද්ධගයා විහාරේ” නම් වූ මේ ගීතය සී. වීරසේකර නම් රචකයා ලියූවකි. එච්.ඩබ්. රූපසිංහ සහ රුක්මණී දේවි නැමති ප්‍රවීණ ශිල්පීන් විසින් ගායනා කරනු ලැබූ අතර ඉන්දියානු තනුවකට ගැයී තිබේ. 1940 පමණ ශ්‍රාවකයන් අතරට පැමිණ මෙහි පද පෙළ මෙසේ ය.
සිරි බුද්ධගයා විහාරේ -
වඳිනෙමු මොක්‍ෂ පතාලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
මරඟනන් පරදාලා - සිරි බුද්ධ ගයා විහාරේ
බුදුගුණ හා බුද්ධාලම්බන පී‍්‍රතිය ඇති වන අයුරින් සිහි කෙරෙන අනෙකුත් පූජනීය ස්ථාන පිළිබඳ සිහිපත් කෙරෙන මේ ගීතය එදා මෛදා තුර අතිශයින් ම ජනපි‍්‍රය ගීතයක් බවට පත්වී තිබේ. සාමාන්‍යයෙන් බාල මහලු, තරුණ ආදී කිසිදු බේදයකින් තොර ව සැකසුණු මෙය දේව ගනයෙන් ආරම්භ වූ යහපත් ගීතයක් ලෙස සැලකේ. වර්තමානයේ ලියවුණු බොදු ගුණ ගීත පරදා ජනතා රුචිකත්වය මේ කෙරෙහි ඇදී යයි.
බොදු බැතිය වඩවන ගීත අතර සිරිපාදය පිළිබඳ ව යූ.ඩී. පෙරේරා ලියූ ග්‍රේටා ජෙනට් ද සිල්වා ඇතුළු පිරිස ගායනා කරන ග්‍රැමර්ෆෝන් යුගය සිහිකර වන එකකි. මේ ගීතය තුළ සිරි සමනොළ කඳු තරණයේහි හමුවන සුවිශේෂ ස්ථාන ද දක්නට ලැබේ. එනම්; ලීණි පොල් හා ඒ අසල ඇති අම්බලම, ධර්මරාජ ගල, ගෙත්තම් පාන, සීත ගඟුල හැරමිටි පාන, ආදී ස්ථාන වෙයි. ගීතයේ පද පෙළ මෙසේ ය.
මුනි නන්දන සිරි පාද වඳිමි
සමනොළ කන්දේ
විහිදෙන මොක්‍ෂ සුගන්දේ
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා - පිහිටෙන් සුමන සුරින්දේ
සිත් පැහැදී
මුල් යුගයේ ගීත පිළිබඳ ව අධ්‍යයනය කර බලද්දී දක්නට ලැබෙන කාරණය වන්නේ බුදු ගුණ පමණක් නොව බුදුහිමියන් ගේ පහස ලැබූ ස්ථාන පවා බෞද්ධ ප්‍රබෝධයෙන් යුතුව වර්ණනා කරනු ලැබ ඇති බවයි. පූජනීය ස්ථාන වර්ණනා කිරීම ද බුද්ධා ලම්බන පී‍්‍රතිය වඩවන කරුණක් විය. නුර්ති ග්‍රැමර්ෆෝන් ගී පමණක් නොව පැරණි සෑම චිත්‍රපටියක ම පාහේ බුදුගුණ ගීත එකක් හෝ ඊට වැඩි ගණනක් දක්නට ලැබිණ.
මුල් යුගවල බෞද්ධ ගීත පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයකදී දක්නට ලැබෙන ප්‍රධාන කාර්යය වන්නේ අන්‍යාගමික සංගීත ශිල්පීන් ගායක ගායිකාවන් මෙන් ම ගීත රචකයන් ද එකී කාර්යය සිදුකරනු ලැබ ඇති බවයි. ඒ අතර ගායනය හා සංගීත නිර්මාණය සුවිශේෂ වෙයි. ශිල්පියා සිය ආගමික නිර්මාණය කිරීමට වඩා බෞද්ධාගමික අදහස්වලට ප්‍රමුඛ ස්ථානය දීමට කටයුතු කරනු ලැබ ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න විමසා බැලීම කළ යුතුය. නිර්මාණ ශිල්පීන් අදහස් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලාංකික සමාජයේ බහුතරය වඩාත් පිළිගත් ආගම පිළිබඳ ව විය යුතුය. නිර්මාණය රස විඳිනු ලබන්නේ බෞද්ධයන් වන නිසාම එබඳු ගීත එළි දැක්වීම වඩාත් සුදුසු ලෙස කල්පනා කරන්නට ඇත.
මුල් යුගයේ බෞද්ධ ගීතවල අන්තර්ගතය විමසා බැලීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්‍ෂණය වන්නේ බුද්ධකාය පිළිබඳ වර්ණනා කිරීමට වඩා බුද්ධාගම ඇසුරින් සකස්වූ බෞද්ධ සමාජය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට වැඩි තැනක් දක්වා තිබෙන බවයි. සිරි බුද්ධ ගයා විහාරේ, සමනල කන්ද, තනිවයි උපන්නේ, වෙසතුර, මහ රජිදා ආදී ගීත තුළින් ඒ බව පැහැදිලි වෙයි.
”රොඩී කෙල්ල” නැමති ටීටර් ගීයක් ලෙස පතළ “කවාලා විළඳ ජාති” නැමති ගීතයෙහි අන්තර්ගත ව ඇත්තේ බෞද්ධාගමික අදහස්ය. 1936 වර්ෂයේදී ගායනය වූ මේ ගීතය ඉනදියානු තනුවක් සඳහා නිර්මාණය කරනු ලැබූවකි. “පතාලා ලොවතුරා ශි‍්‍ර බුද්ධ රාජ්ජේ” යනුවෙන් වූ ගීතයක් ද ග්‍රැමර්ෆෝන් ගීත අතර වෙයි. එයද පෙරකී ඉන්දියානු තනුවට අනුව රචනා වූවකි. ගීතයේ පද පෙළ මෙසේය.
කවාලා විළඳ ජාති
ඇති කළත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව්දිදී ලබනා සෙවණ සැපතා...
සිරිසේන විමලවීරයන් රචනා කරනු ලැබූ මේ ගීතය කලින් කල බොහෝ දෙනා ගායනා කරනු ලැබූහ. බුදු දහමෙහි උගන්වන අටලෝදහම සමසේ විඳදරා ගත යුතු බව ගීතයෙන් අවධාරණය කරනු ලබයි.
බෞද්ධ ගීත පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයකදී හමුවන විශේෂ අවස්ථාවක් හැටියට ප්‍රකට චරිත පිළිබඳ ලියැවුණු ගීත දැක්විය හැකි ය. ඒ අතර “සෝමාදේවි සහ තොටගමුවේ ශි‍්‍ර රාහුල හිමි පිළිබඳ ව ලියවුණු ගීත දැක්විය හැකිය. බෞද්ධ ගීත අතර මුල් යුගවල ගැයුණු මෙම ගීත මිනිසුන් අතර අතිශයින් ජනපි‍්‍රය වී ගියේ ය.
මතු දැක්වෙන ගීතය සෝමාදේවිය පිළිබඳ ව රචනා වූවකි. මෙහි පද රචනය යූ.ඩී. පෙරේරා ය. 1940 දශකයේ නිර්මාණයක් ලෙස සැලකෙන මෙය ග්‍රැමර්ෆෝන් ගීතයකි. ගායනය කරනු ලැබුවේ ද යූ.ඩී. පෙරේරා ඇතුළු පිරිසයි. එහි පද පෙළ මෙසේ ය.
රුවින් සුරම් ගුණෙන් උතුම්
සෝමා දේවී
සෝමා දේවී ඒ ප්‍රේම පි‍්‍රයාවී
සෝමා දේවිය කළ උදාර ක්‍රියාව ගීතයෙන් කියවෙයි. රට දැය වෙනුවෙන් රජු කළ සටනට සෝමා දේවියගේ කැපවීම අගේ කොට දක්වා තිබේ.
ග්‍රැමර්ෆෝන් ගීතයක් ලෙස ප්‍රකට එම්.ඩබ්.එන්.එස්. විජයසිරි රචනා කළ එච්.ඩබ්. රූපසිංහ ගායනා කළ “ශ්‍රී රාහුල හිමිගේ නාමේ” නැමති ගීතයද 1940 දශකය තුළ මුල් වරට ගැයුනු ගීතයකි. ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශි‍්‍ර රාහුල හිමියන්ගේ උදාරත්වය ගීතයෙන් වර්ණනාවට ලක් කරනු ලබයි. එහි පද පෙළ මෙසේ ය.
ශි‍්‍ර රාහුල හිමිගේ නාමේ
සුදිලේ ලංකා ඉතිහාසේ හී
ශි‍්‍ර රාහුල හිමිගේ නාමේ...
1940 දශකයට අයත් බෞද්ධාගමික අදහස් රැගත් ගීතයක් ලෙස වින්සන්ට් සෝමපාල රචනා කරනු ලැබූ එච්.ඩබ්. රූපසිංහ සහ කෝකිලදේවී වීරතුංග ගායනා කළ මවුපිය ආදී සොඳුරු සමාජේ යන්න දැක්විය හැකිය. මෙය ග්‍රැමර්ෆෝන් ගීතයකි. එහි පද පෙළ මෙසේ ය.
මවු පිය ආදී සොඳුරු සමාජේ
කුල දෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රෙමෙහී
ගෞරවයෙන් පිදුමා කළ යුතු වේ....
ගීතයෙන් කියවෙන්නේ මවුපියන් සහ කුලදෙටුවන්ට සැලකීම වැඳුම් පිදුම් කිරීම කළ යුතු බවය.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් පද රචනා කොට සංගීත නිර්මාණය කර ගායනා කරනුලැබූ ‘වඳිමු සුගත සාක්‍යසිංහ’ නැමති ගීතය ද 1940 දශකයට අයත් වූවක් ලෙස සැලකේ. ගීතයට ඇත්තේ ස්වාධීන තනුවකි. එහි පද පෙළ මෙසේ ය.
වඳිමු සුගත සාක්‍ය සිංහ
සසර දිනූ බුදු පියා
රමණීය මන්දාර කුසුම්
කරමින පූජා
බැතියෙන මේ ගී ගයා...
බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව භක්ති ප්‍රණාමය ගීතය පුරා දක්නට ලැබේ. සංසාරය දිනූ සාක්‍යසිංහ සුගතයන් වහන්සේ විඳිමු යැයි ගීතයෙන් කියයි. ස්වාධීන තනු නිර්මාණය වූ අමරදේවයන්ගේ මේ ගීතය වර්තමානයේ ද ප්‍රකට ව පවතී.
ආටිගල සරත්චÁද්‍ර රචනා කළ ජී.ඇස්.බී. රාණි පෙරේරා තනු හා සංගීත නිර්මාණය කළ වින්සන් ද පෝල් පීරිස් ගායනා කරනු ලැබූ ‘සිරිපාදේ සමනොළ කන්ද පෙනේ’ නම් වූ ගීතය ද බෞද්ධ ගීත අතර විශේෂ වෙයි. එහි පද පෙළ මෙසේය,
සිරිපාදේ සමනොළ කන්ද පෙනේ
ආලෝකය සමන් කුලේ
හඳ පානේ මහ වන දිහා බලා
සුදු රිදී කඳන් හමුවේ...
සිංහල චිත්‍රපට ගීත අතර බෞද්ධාගමික අදහස් රැගත් ගීතයක් මුලින් ම දක්නට ලැබෙන්නේ “කැලෑහඳ” චිත්‍රපටියේ ය. එය තිරගත වූයේ 1953 වර්ෂයේදී ය. ඇස්.ඇස්. වේදා නැමති ඉන්දියානු ජාතික ශිල්පියකු විසින් සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලැබූ අතර ගීත රචනා කරනු ලැබුවෙ හර්බට් ඇම්. සෙනෙවිරත්න විසිනි. ගීත පද රචනා වූයේ හින්දි තනු අනුවයි. ‘බයිජු බව්රා’ චිත්‍රපටියේ ගීතයක තනුව ඇසුරින් ලියවුණු ගීතයක් ලෙස ඒ චිත්‍රපටියට මොහිදින් බෙග් ගායනා කරනු ලැබූ මතු දැක්වෙන ගීතය සඳහන් කළ හැකිය. එහි පද පෙළ මෙසේ ය.
මායා මායා මායා මායා
කෝ සැපතා මේ සංසාරේ
දුක කෙළවර වේ නිර්වානේ...
මේ ගීතය මඟින් මිනිස් මනසට සංසාරය පිළිබඳ වූ හැඟීම මතු කරවන්නට රචකයා උත්සාහ ගෙන තිබේ. මිනිසා, රාගය, ද්වේෂය හා මෝහය නැමති අන්ධකාරයේ ගිලි සැබෑ ලෝකය නොදකින බව අවධාරණය කරයි. ලෝක යථාර්ථය මායාවක් බව මිනිසා තේරුම් ගත යුතු බවද ඉඟි කරවනු ලබයි.
බුදු දහමේ ලෝකය තුළ පවතින ධර්මතා අටක් පිළිබඳ ව දක්වයි. එය චක්‍රාකාර වූවක් ලෙස සඳහන් කරනු ලැබ ඇති අතර සැම පුද්ගලයා ම එයට නතුවන බවත් මිනිසා සිතන දෙය එලෙසින් ම ඉටු නොවන බවත් දහමෙහි උගන්වනු ලබන අදහස ගීතයකට කැටිවී අසන්නට ලැබෙන්නේ 1954 වර්ෂයේ තිරගතවූ ‘අංහකාර ස්ත්‍රි’ චිත්‍රපටියේය. කේ. හියුගෝ ප්‍රනාන්දු මේ චිත්‍රපටියේ ගීත රචනා කරනු ලැබූ අතර ආර්. මුත්තුසාමි සංගීත අධ්‍යක්‍ෂණය කරනුලැබීය. එහි පද පෙළ මෙසේ ය.
ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි
මරුවා ළඟා වෙනවා
සිතු දේ නොමවෙයි - නොසිතු දෙයක් වෙයි
ලෝදම් කැර කෙනවා...
ඒ.ඇම්. රාජා ගැයූ මේ චිත්‍රපට ගීතය බෞද්ධ සමාජය තුළ බුදු දහමේ සමාජ පණිවිඩය සාමාන්‍ය ප්‍රජාව වෙත අරගෙන ගිය එකක් ලෙස දැක්විය හැකි ය.
1955 වර්ෂයේ තිරගතවූ “සුරංගනී” චිත්‍රපටයට ඇතුළත් වූ සිරීපාද ප්‍රජා භූමිය පිළිබඳ ව වූ ගීතය ද බෞද්ධ ගීත අතර සුවිශේෂ වෙයි. ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා රචනා කරනු ලැබූ මේ ගීතය ටී.ආර්. පාපා නැමති ඉන්දියානු ජාතික අධ්‍යක්‍ෂවරයකුගේ සංගීතයට ගායනා කරනු ලැබුවේ ජී.එස්.බී. රාණි පෙරේරා ය. එහි පද පෙළ මෙසේ ය.
ඕ සෑසී ලෝනා මාගේ
සම්බුදු සිරිපාදේ
දිලෙනා වූ බුදු රශ්මි විහිදමිනේ
බුදු සිරිපාදේ බුදු සිරි පාදේ
වඳනා ලෙසින් යමු සමනළයේ...
සිංහල බෞද්ධ ගීත වැඩි ම ප්‍රමාණයක් ගායනා කරනු ලැබූ අන්‍යාගමිකයකු ලෙස ප්‍රවීණ ගායන ශිල්පී මොහිදින් බෙග් දැක්විය හැකි ය. ඔහු විසින් ගායනා කරන ලද “තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ” නැමති ගීතය සුවිශේෂ වෙයි. 1955 වර්ෂයේදී තිරගතවූ “අශෝකා” චිත්‍රපටියට ඇතුළත් වූ මේ ගීතය ජී.එල්.ඒ. සෝමපාලයන්ගේ සංගීතයට ද කරුණාරත්න අබේසේකරගේ පද රචනයද සහිත විය. එහි පද පෙළ මෙසේය.
තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ...
බුද්ධාගමේ උගන්වනු ලබන උපත හා විපත පිළිබඳ ව වන විග්‍රහයන් ගීතයට පාදක වී තිබේ. පුද්ගලයා විවිධ ආකාරයෙන් ජීවිතය ගත කරනු ලැබුවද ඔහුට මරණයෙන් මිදී සිටිය නොහැකිය. ඊර්ෂ්‍යාව පුද්ගල මනස හා චරිතය අපවිත්‍ර කර දමන්නක් මිස ඉන් අර්ථයක් සැලසෙන්නේ නැත. මේ ගීතය සිංහල බෞද්ධ ගීත අතර සුවිශේෂතාවයකින් යුතු වූවකි.
1956 වර්ෂයේදී තිරගත වූ “දුප්පතාගේ දුක” චිත්‍රපටියෙහි ද බෞද්ධාගමික අදහස් රැගත් ගීතයක් ඇතුළත් විය. එනම්; “වෙසතුරු මහ රජිඳා” නැමති ගීතයයි. ඉන්දියන් ජාතික ඇස් දක්‍ෂිණ මූර්ති සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලැබූ මේ ගීතයේ පද පෙළ ආනන්ද සමරකෝන් ගෙනි. ගායනා කරනු ලැබුවේ මොහිදින් බෙග් විසිනි. එහි පද පෙළ මෙසේ ය.
වෙසතුරු මහ රජිඳා
පිරූ දාන පාරමී සපුරා මතු
බුදු බව ලබනා අභිලාෂේ
තම සතු වස්තුව කිරුළද දන්දී
තපසට නික්ම ගියෙ...
1950 දශකය සිංහල චිත්‍රපටියේ ද සුවිශේෂතාවක් පෙන්නුම් කරන දශකයකි. සිංහල ගීතය තුළ ද එකී අනන්‍යතාවය පෙන්නුම් කරනු ලබයි. ‘රේඛාව‘ චිත්‍රපටිය තිරගත වන්නේ ද 1956 වර්ෂයේ ය. ඒ චිත්‍රපටිය සඳහා ගීත නිර්මාණය කරනු ලැබුවේ මර්සලීන් ජයකොඩි පියනමයි. ඔහු විසින් රචනා කරනු ලැබූ “වෙසක් කැකුළු” නැමති ගීතය ද බෞද්ධාගමික අදහස් රැගත් ගීත රචනා කලාවේ සුවිශේෂතාවකි. එනම්; අන්‍ය ආගමික පූජකතුමකු ලියූ ප්‍රථම බෞද්ධ ගීතය වීමයි. ස්වාධීන තනු නිර්මාණයකින් යුතුව ගායනා කෙරුණු මෙහි තනුව නිර්මාණය කරනු ලැබුවේ සුනිල් ශාන්ත විසිනි. ගායනය, ඉන්ද්‍රානි විජය බණ්ඩාර විසිනි. ගීතයේ පද පෙළ මෙසේ ය.
වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ
ඉරෙන් හඳෙන් සිරි විඳ විඳ රඟන විලාසේ
පියලි සලාලා - රේණු හලාලා...
ගීතය පුරා යන සමස්ත අර්ථය බෞද්ධාගමික අදහස් නොවූවද ගීතය බෞද්ධ අදහස්වලට සමීප වූවකි.
සිංහල ගීතයෙහි දක්නට ලැබෙන බෞද්ධාගමික අදහස් රැගත් පද රචනා පිළිබඳ ව මෙහිලා අධ්‍යයනයක් සිදු කොට තිබේ. නාඩගම්, නූර්ති ටීටර්, ග්‍රැමෆෝන්, චිත්‍රපට, නාට්‍ය ආදී විවිධ අංශ විෂයෙහි මෙහිලා අවධානය දක්වන ලදී.
මූලික බලාපොරොත්තුව වූයේ සිංහල බෞද්ධ ගීතය පිළිබඳ නිවැරදි අධ්‍යයනයක යෙදීම සඳහා මංපෙත් විවර කර ගැනීමය. මෙහිලා සාකච්ඡා කරනු ලැබුවේ 1950 දශකයේ අවසාන භාගය දක්වා වූ ගීත පිළිබඳව පමණක් වන අතර ඉන් ඉදිරි දශක පිළිබඳ කිසිවක් මෙහිලා සාකච්ඡා කරනු ලැබුවේ නැත.
මෙම අධ්‍යයනයේදී දැකගත හැකි වූ ලක්‍ෂණ කීපයක් වෙයි. ඒවා අතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ කඳ පිළිබඳ ව සිදු කෙරුණු ගායනා, බුදු දහමෙහි උගන්වනු ලබන කරුණු ඇතුළත්වූ ගායනා, බෞද්ධ ආගමික පූජනීය ස්ථාන පිළිබඳව ගැයුණු ගායනා, ඓතිහාසික චරිත පිළිබඳව ගැයුණු ගායනා ආදී වශයෙනි. ගීත රචනා කරනු ලැබූවන් හැටියට, අන්‍යාගමිකයන් සහ අන්‍යාගමික පූජකයන් ද බෞද්ධාගමිකයන් ද දක්නට ලැබිණ. ගීත ගායනයෙහිද අන්‍යාගමික පිරිස් වැඩි වශයෙන් ද බෞද්ධාගමික පිරිස් අඩු වශයෙන් ද දක්නට ලැබේ.
ගීත තනු ඉන්දීය තනු වලට වචන යෙදීම සහ දේශීය තනු නිර්මාණ දැකිය හැකිය. සිංහල බෞද්ධ ගීතය 1950 දශකය පසුකරනු ලබන්නේ එහි කිසියම් වර්ධනීය අවස්ථාවක් ද පෙන්නුම් කරමින් ය. සිංහල බෞද්ධ ගීතයට දේශීය තනු නිර්මාණය ඇතුළත් වීම ඉන් එකකි. ගීත අන්තර්ගතය සාහිත්‍යාත්මක ස්වරූපයෙන් තොරවූ අවස්ථා බහුල වශයෙන් දැකිය හැකි අතර බෞද්ධ ගීත සඳහා එකී පද රචනා ක්‍රමය වඩාත් සාර්ථක වූවක් බවද කිව යුතුය.

http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar11051515