Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Showing posts with label ශාස්ත‍්‍රීය ලිපි. Show all posts
Showing posts with label ශාස්ත‍්‍රීය ලිපි. Show all posts

Thursday, July 31, 2014

ගුවන් විදුලියෙන් රටට දෙන 'හඬ' සිංහල ගීතයේ පරිණාමය විශේෂ කලාපය

සිංහල ගීතයේ පරිණාමය හෝ ක්‍රම විකාශනය පිළිබඳ බහුතර ගීත ශ්‍රාවකයන් දැනුවත් කිරීම හඬ සඟරාවේ යුතුකමකි. මන්ද යත් සිංහල ගීතයේ තිඹිරිගෙය 'ගීතාලය' හෙවත් නිර්මාණ මන්දිරය ගුවන් විදුලිය වන බැවිනි. වත්මන් සියලු විද්යුත් මාධ්‍ය යෑපෙන්නේ ඒ නිර්මාණ මන්දිරයේ නිෂ්පාදන වලින් වන බැවිනි."

ග්‍රැමෙµdaන් ගීතද නාට්‍ය ගීතද සරල ගීතද ශාස්‌ත්‍රීය ගීතද ජන රාශියක්‌ වෙත ගෙන ගිය එකම වාහනය ගුවන් විදුලිය විය. රසික ජනමනස හැදුවේද ගුවන් විදුලියයි. සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව, නන්දා මාලනි ප්‍රමුඛ අධ්‍යතන සුභාවිත ගායක ගායිකා පරපුර නිර්මාණය කළේද ජෝතිපාල, ලතා ධර්මදාස, මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, ඇන්ජලීන් ගුණතිලක, වික්‌ටර් රත්නායක, සනත් නන්දසිරි අමරසිරි පීරිස්‌, ක්‌ලැරන්ස්‌ ප්‍රමුඛ බැස නොයනා සුපිරි තරු නිර්මාණය කළේද ගුවන් විදුලියයි. (උපුටා ගැනීම 'හඬ' ගුවන් විදුලි සඟරාවේ කතුවැකිය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව පළකරන විශිෂ්ට නිර්මාණ සංග්‍රහයේ (එයට 'විශිෂ්ට' යන යෙදුම අප යොදනුයේ එම සඟරාව මෙතෙක්‌ ප්‍රකාශිත ගුවන් විදුලි සඟරා අතර විශ්ව කෝෂයක්‌ බඳු නිර්මාණ සාර සංග්‍රහයක්‌ වන හෙයින්) 2013-ජනවාරි-මාර්තු කලාපය ඉකුත් සතියේ අප අතට පත්විය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහයන්ගේ උපදේශකත්වයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන්ගේ නිර්මාණශීලි සංස්‌කරණ ප්‍රතිභාවෙන්ද ගුවන් විදුලියේ ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ කුමාරදාස සපුතන්ත්‍රීගේ අධීක්‍ෂණයෙන් ද 'හඬ' මුද්‍රණය කර ඇත්තේ µdස්‌ට්‌ ඇඩ්ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ් මගිනි.

ඉතා විරල ඡායාරූප රාශියක්‌ද අන්තර්ගත මෙවර හඬ සඟරාවට පැරණි සිංහල සංගීතය පිළිබඳ මූලාශ්‍ර (ආචාර්ය කේ. ඩී. පරණවිතාන) ග්‍රැමෙµdaන් ගීත (ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර) සිංහල කණ්‌ඩායම් සංගීතයේ ගී අවධිය (සම්පත් සල්පිටිකෝරාළ) ශාන්ති කර්ම හා කෝලම් නාටකයේ සංගීත භාවිතය (අරුණ ලොකුලියන) සිංහල සංගීතයේ දක්‍ෂිණ භාරතීය බලපෑම් (ප්‍රේමරත්න සමරනායක) නාඩගම් කලාවේ සංගීත භාවිතාව (සංජය කුමාර ජයලත්) ගුවන් විදුලිය ඇරඹුණේම ගීතයෙන් (ඒරානන්ද හෙට්‌ටිආරච්චි) සිංහල ගීතයේ තිඹිරිගෙය ගුවන් විදුලිය (ප්‍රේම රංජිත් විඡේවික්‍රම) ශාස්‌ත්‍රීය සංගීත - ප්‍රබෝධය (ආචාර්ය දයාරත්න රණතුංග) සුභාවිත ගීතයේ උල්පත ගුවන් විදුලි නාටක (රංජිත් විඡේසේකර) සිංහල ළමා ගීතය (මහින්ද අල්ගම) නූතන සිංහල නාට්‍ය සංගීතය (සංගීත විශාරද ජයන්ත අරවින්ද) ලංකේය ගීතයේ සාහිත්‍යමය හඬරාව (සේන නානායක්‌කාර) මානවවංශ සංගීත විද්‍යාව (රංජිත් ප්‍රනාන්දු) ටෙක්‌නිකල් කොලීජියෙන් ලලිත කලායතනයට (තිස්‌ස කාරියවසම්) ස්‌වර්ගීය පණ්‌ඩිත විෂ්ණු නාරයන භාත්ඛණ්‌ඩේ (කේ. ඒ. දයාරත්න) කර්තෘ භාග අභාගය (ආචාර්ය රෝහණ වීරසිංහ) සංගීත වින්දනය කායික සහ මනෝවිද්‍යාත්මක පදනම (රන්ජන් ඒ. අබේසිංහ) සංගීතය හා ජන කවි (එස්‌. එන්. රත්නජංකර් පඬිතුමා) සිංහල සංගීතය නංවන මහ (ආනන්ද සමරකෝන්) දේශීය සංගීතය (සුනිල් සාන්aත) සංගීතයේ භාෂාව (පණ්‌ඩිත් අමරදේව) ගැමි ගී යනු කුමක්‌ද (ඩබ්ලිව්. බී. මකුලොලුව) භාරතීය මහා සම්ප්‍රදායෙන් මිදීයා හැකිද මහාචාර්ය (එදිරවීර සරච්චන්ද්‍ර) විද්‍යා හා සිංහල සංගීතය (සංගීතඥ වින්සන්ට්‌ සෝමපාල) නූතන ගීතයේ නව ප්‍රවණතා (සංගීතඥ නදීක ගරුගේ සහ ගුවන් විදුලියේ නිර්මාතෘ විශේෂ ගීත ආදි විවිධ විශේෂාංග මෙහි මෙවර අන්තර්ගත කර ඇත. කෘතහස්‌ත මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන් 'හඬ' සංස්‌කරණය කර ඇති අති දක්‍ෂ ස්‌වභාවය දෙස බලන විට ඔහු වැන්නන්ට ජාතික මුද්‍රිත සන්නිවේදන මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළින් තවත් වටිනා මෙහෙවරයන් රැසක්‌ රටට කළ හැකි බව අපට යළි යළිත් පෙන්වාදෙන අතිශයෝක්‌තියක්‌ නොවන "සත්‍යයකි."

සිංහල ගීතයේ ඇරඹීම සිට වත්මන් භාතිය - සන්තුෂ් රසික පරපුර දක්‌වා විහිදෙන ගීතයේ පරිණාමය සියෑසින් දැක රසවිඳින සැමට 'හඬ' කර ඇති මෙහෙවර අපරිමිත බව අපේ හැඟීමය. ගීත සාහිත්‍ය හදාරන සැමට මෙන්ම අනාගත පරපුරටද මෙම 'හඬ' මහඟු දායාදයක්‌ තිළිණ කොට තිබේ. ඊට එක්‌වූවන්ටද අපේ ගෞරවය පුද කරමු. 2697497 වෙතින් 'හඬ' පිළිබඳව ඔබට තවත් යමක්‌ දැනගත හැකි වනු ඇත.

නාරද

http://www.divaina.com/2013/03/08/cineart04.html

Monday, July 14, 2014

බේරෙනවද...??? මැරෙනවද...??? 2014

ලංකාවේ නෙවෙයි මුළු මහත් ලෝකයේම දේශපාලනය යනු “බලය” කේන්ද්‍ර කරගත් “මර්ධනය” අවිය කරගත් “දූෂණය” ව්‍යාප්ත කරගත් අධම සමාජ තන්ත්‍රයක්. එහි විපාක දේශපාලකයාටවත් වළක්වා ගන්නට අපහසු බව ඔවුන්ම අද කියනවා. සමාජ පරිශෝධනය (social reformation) සඳහා මාක්සියානු දේශපාලන දර්ශනය ආභාස කොටගත් බ්‍රෙෂ්ට්ගේ නාටය කරණ භාවිතාවන් පෙරට පැමිණෙන්නේ මෙවන් කාල වකවානුවක. එය අමන දේශපාලනය හා ඔවුනගේ තකතීරු දේශපාලන ව්‍යාපාර නිරුවත් කරලන්නක්. දෙවැනුව සමාජ පරිශෝධන වාදී නාට්‍ය කලාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරලීමටත් බ්‍රෙෂ්ට් මේ දිවයිනට වැදගත් වෙනවා. එහෙත් එය පුනරුදය කර ගත යුතුව තිබෙන්නේ අතීතයේදී බ්‍රෙෂ්ට් හා ඔහුගේ නාටය කරණ සංකල්ප අපගේ ප්‍රවීණයින් විසින් අගතිගාමී හා ප්‍රතිගාමී ලෙස කාබාසිනියා කර තිබෙන නිසයි.


අද ගම්දනව් පුරා පැතිර යන මාරාන්තික උවදුරක් බවට පත්ව තිබේ. මේ විදිහට රට වෙලාගත් මාරාන්තික උවදුරක් බවට ඩෙංගු උවදුර  පත්වන්නේ ඕපපාතිකව නොවේ. මේ උවදුරටත් මාරාන්තික ඩෙංගු උවදුර පතුරුවන මදුරුවන්ගේ ජීවන චක්‍රය පවත්වාගෙන යාමට උදව් කරන්නන් බවට අපි පත්ව සිටිමු.
වෙනත් විදිහකට කියතොත් ඩෙංගු උවදුර උග්‍රවීමට මූලික වරදකරුවන් බවට පත්ව ඇත්තේ අපද ඇතුළත් සමාජයම සිදුකරනු ලබන වැරැදි චර්යා රටාය. මේ ඩෙංගු රෝගය මර්දනය කරන ආකාරය රෝගයේ ලක්ෂණ හා එයට ප්‍රතිකාර කළ යුතු ආකාරය ගැන ලියැවුණු ලිපියකි.
l ඩෙංගු යනු කුමක්ද?
ඩෙංගු යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාදිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි. ඩෙංගු රෝගය බෝකරන වෛරස වර්ග 4ක් ඇති අතර මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වුවත් රෝගය බෝකිරීමේ දී වෙනස් වෛරසයන් වශයෙන් ක්‍රියා කරයි. (DEN 1, DEN 2, DEN 3, DEN4)
l ඩෙංගු රෝග ලක්ෂණ
ඩෙංගු වෛරසය ආසාදනය වීම නිසා සමහර පුද්ගලයන් රෝග ලක්ෂණ නොපෙන්නන් අතර සමහර දෙනෙක් තුළ ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ ඇතිවිය හැක.
යම් රෝගියකුට තද උණට අමතරව පහත සඳහන් රෝග ලක්ෂණ කිහිපයක් හෝ ඇත්නම් ඩෙංගු රෝගියකු බවට සැක කළ යුතුය.
* හිසරදය සහ ඇස පිටුපස වේදනාව
* ඔක්කාරය සහ වමනය
* හන්දිවල හා පේශිවල වේදනාව
* ශරීරයේ රතු පැහැති පලු මතුවීම
* සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්ත්වයන් (විදුරුමසෙන්, නාසයෙන්)
* ඩෙංගු රෝගය ජානපදික ප්‍රදේශයක වාසය කිරීම හෝ සංචාරය කිරීම
ඩෙංගු උණ සහිත රෝගියෙක් සාමාන්‍යයෙන් දින කිහිපයකදී රෝගයෙන් සම්පූර්ණ සුවය ලබන අතර ඩෙංගු රක්තපාත උණ වැළඳුන රෝගීන් තුළ වඩාත් සංකීර්ණ රෝග ලක්ෂණ දැක ගත හැක. ඩෙංගු රක්තපාත උණ රෝගීන් තුළ පහත දැක්වෙන පරිදි රෝගයේ අවදි කීපයක් දැක ගත හැකිය.
* උණ සහිත අවදිය
*අවදානම් අවදිය (තරලය කාන්දුවන අවස්ථාව)
*සුවවන අවදිය
උණ සහිත අවදිය
* කල් පවතින තද උණ (බොහෝ විට 40C (104F)
* මුහුණ ප්‍රදේශය රත් පැහැයක් ගැනීම, ඔක්කාරය, වමනය, තදබල හිස කැක්කුම, හන්දි හා පේශිවල වේදනාව
* ඇ‍‍ඟේ පලු දැමීම (50% - 80% ක රෝගීන් සංඛ්‍යාවකගේ දක්නට ලැබේ)
* සමහර රෝගීන්ගේ උගුරේ අසාදන තත්ත්වයන්, ඇස් රතුවීම හා පාචන තත්ත්වයන් ද දැකිය හැක
*සුළු ලේ ගැලීමේ තත්ත්වයන්
අවදානම් අවස්ථාව (තරලය කාන්දුවන අවස්ථාව)
* අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ තරලය කාන්දුවීම පටන් ගැනීමත් සමඟය (සාමාන්‍යයෙන් 3 වන දිනයෙන් පසු උණ බැස යනවාත් සමඟය.
* එම අවස්ථාව ඉතා කෙටිකාලීන වන අතර බොහෝ විට පැය 24 – 48 අතර කාලසීමාවකට සීමා වේ
* සමහර රෝගියෙක් උණ පවතිද්දීම අවදානම් අවදියට පත්විය හැක.
* මෙම අවස්ථාවේදී රුධිර නාලිකා බිත්තිවල සිදුවෙන පාරගම්‍යතාවයේ වෙනසක් හේතුවෙන් රුධිර නාලිකාවලින් පිටතට තරලය කාන්දු වීමක් සිදුවේ. මෙම තරලය බොහෝ විට උරස් හා උදර කුහරය තුළ එකතු වේ.
* මෙසේ තරලය පිටතට කාන්දු වීම තුළින් රුධිරය උකු බවට පත්වී අත්‍යවශ්‍ය ඉන්ද්‍රීයයන්වලට රුධිරය ගලා යෑම අඩපණ වේ.
* තරලය කාන්දු වීම දිගටම සිදුවීම තුලින් ඩෙංගු කම්පන තත්ත්වය ඇතිවිය හැක. මෙම තත්ත්වය ඇතිවීමට පෙර බොහෝ විට අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
මරණ වැඩි සංඛ්‍යාවක් සිදුවන්නේ ඩෙංගු කම්පන තත්ත්වය නිසාය. නොනවත්වා පවතින වමනය සහ තදබල බඩේ කැක්කුම තරලය කාන්දු වීම ආරම්භ වීම පිළිබඳ ඉඟියක් ලබාදෙන අතර මෙම රෝග ලක්ෂණ රෝගියා කම්පන තත්ත්වය කරා යාමත් සමඟ තවදුරටත් වැඩිවේ.
l සුවවන අවස්ථාව
සුවවන අවස්ථාව, අවදානම් අවස්ථාව අවසානය සමඟ පටන් ගන්නා අතර සාමාන්‍යයෙන් දින 2 – 5 අතර කාලයක් පවතී.
*මේ අවස්ථාවේදී කාන්දු වූ තරලය නැවතත් රුධිරවාහිනී තුළට අවශෝෂණය වේ.
*රෝගියා සුවපත් භාවයක් පෙන්නුම් කරන අතර ආහාර රුචිය වැඩිවේ.
*සුව වීමේ පලු ඇතිවේ.
*ඇඟ පුර කැසීම ඇතිවන අතර මෙය අත්ලේ හා පතුල්වල වැඩි වශයෙන් දක්නට ලැබේ.
l රෝගය හඳුනා ගැනීම
රෝගයේ මූලික අවස්ථාවේ අනෙකුත් වෛරස රෝගවලින් වෙන්කර හඳුනා ගැනීම අපහසු වන අතර බොහෝ විට රෝගය හඳුනාගන්නේ සායනික රෝග ලක්ෂණවලිනි.
සැලකිය යුතු කරුණු
*උණ දින දෙකකට වඩා පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම.
*උණ වැළඳී තෙවන දිනයේ දී සම්පූර්ණ ලේ පරීක්ෂාවක් සිදුකිරීම.
*අවදානම් රෝග ලක්ෂණ ඇතිවුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම.
*රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසාවත් වෙහෙසකර භාවයට පත් නොකිරීම.
* වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම, කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් වර්ග මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. වතුර පමණක් පානය කිරීම සුදුසු නොවේ.
l ඩෙංගු මදුරුවා
ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් ජලය සහිත බඳුන්වල ජල මට්ටමට මදක් ඉහළින් තෙත සහිත පෘෂ්ටයේ බිත්තර අලවන අතර මෙම බිත්තර වතුර හා ගැටුන විට (වැස්ස නිසා හෝ වෙනත් ක්‍රමයකින් වතුර එකතුවීම මඟින්) බිත්තර පුපුරා කීට අවස්ථාව බවට පත්වේ.
මෙම මදුරු කීටයන් වතුරේ ඇති කාබනික ද්‍රව්‍ය හා කුඩා ක්ෂුද්‍ර ජීවීන් ආහාරයට ගනිමින් 1 වන කීට අවස්ථාවේ සිට 4 වන කීට අවස්ථාව වන තෙක් පැමිණේ. කීටයා අවශ්‍ය ශරීර ප්‍රමාණයට පැමිණීමෙන් හා අවශ්‍ය ශක්තිමත් භාවය ලබා ගැනීමෙන් අනතුරුව 4 වන කීට අවස්ථාවෙන් පිලවා අවස්ථාවට පත්වේ.
l ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන
1. ඉවතලන පහසුවෙන් දිරා ‍ෙනායන ද්‍රව්‍ය
ටයර්, පොලිතීන් දවටන, ප්ලාස්ටික් බඳුන්, මැටි මඳුන්, රිජි‍ෆෝම් පෙට්ටි, ඉවතලන බෝතල්, ටින්, සෙල්ලම් බඩු හා ඉවතලන අනෙකුත් ඝන අපද්‍රව්‍ය
2. වතුර රැඳිය හැකි පොල්කටු, තැඹිලි කෝම්බ,
3. වැහි ජලය රැඳිය හැකි ස්ථාන, අවහිර වූ වැහිපිහිලි සහ කොන්ක්‍රීට් වහල
4. ආවරණය නොකරන ලද ජලය එක්රැස් කරන බඳුන් හා ටැංකි
5. ජලය එක්රැස් විය හැකි ගෘහ අලංකරණය සඳහා යොදා ගන්නා විවිධ භාණ්ඩ හා විසිතුරු බඳුන්, පක්ෂි නාන තටාක, වතුර රැඳිය හැකි පිළිම, අත්හැර දැමූ පොකුණු, මල් පෝච්චි, මල් බඳුන්, මල් බඳුන් යට ඇති තැටි, මාළු නොමැති ටැංකි
පහත සඳහන් විශේෂිත කාණ්ඩවලට අයත් පුද්ගලයන් හට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක කරන විට මුල් අවදියේදීම රෝහල්ගත කිරීම ඉතාමත්ම වැදගත්ය.
1. වයස අවුරුද්දට අඩු ළදරුවන්
2. වයස 70 වැඩි පුද්ගලයින්
3. අධි බර සහිත රෝගීන්
4. ගර්භිණී මව්වරුන්
5. නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. එවැනි පුද්ගලයන් මුල් අවදියේදීම රෝහල්ගත කිරීම වඩාත් සුදුසු වේ.
රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වීමෙන් සහ ඒවා ඉක්මනින් හඳුනාගෙන වෛද්‍යවරයා වෙත යොමුවීමෙන් සංකූලතා අවම කර ජීවිත හානිය වළක්වා ගත හැකිය.
ඩෙංගු රෝගීන් විමර්ශනය කිරීමේ දී රෝගීන් බහුතරයක් රෝගී තත්ත්වයට පත්ව ඇත්තේ තම නිවෙස හා අවට බෝ වූ මදුරුවන්ගෙන් හෝ පාසලේ දී හෝ රාජකාරි ස්ථානයේ දී බෝවූ මදුරුවන්ගෙන්ය.
ඒ තත්ත්වය වළක්වා ගැනීමට ප්‍රජා දායකත්වය අත්‍යාවශ්‍ය සාධකයකි.
එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරන්තරව පරීක්ෂා කිරීමෙන් හා ඒවා විනාශ කිරීමෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කරගත හැක.
ඩෙංගු මදුරුවාට හිතකර මෙවන් පරිසරයක් නිර්මාණය කර දෙන්නේ අප විසින්මය. ඩෙංගු මදුරුවන් බහුතරයක් බෝවෙන්නේ ඉවතලන භාජනවල එක්වන වතුර මගින්ය.
ඊට අමතරව පාවිච්චියට ගන්නා ජලය එක්රැස් කරන භාජන, ටයර්, අලංකාරයට සාදා ඇති පොකුණු වැනි දේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය.
ඩෙංගු මර්දනයට සහාය වීම ඔබ අප සැමගේ සාමුහික වගකීමකි. පසුතැවිල්ලට ඉඩ නොතබමු. ඩෙංගු මදුරුවා පරිසරයෙන් තුරන් කරමු.

ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ප්‍රකාශනයකි

http://www.dinamina.lk/2014/07/11/_art.asp?fn=f1407113

ඈතට තල්ලුකර දැමුවේ ය.

මේ ඉතිහාස පොතේ පමණක් තිබූ චන්දන ගාමයද?
 

මහාචාර්ය රාජ් සෝමදේව
කල්තොට නිම්නයේ පුරාවිද්‍යා ගවේශන කටයුතු පසුගියදා සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ මානව පරිණාමය පිළිබඳ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය අඛණ්ඩව සිදු කරනු ලබන ගවේෂණයේ එක් අදියරක් ලෙස කල්තොට නිම්නයේ ගවේෂණයේ එක් අදියරක් ලෙස කල්තොට නිම්නයේ ගවේෂණ කටයුතු සිදු විය. ඒ පිළිබඳව මහාචාර්ය රාජ් සෝම දේව මහතා සමඟ සිළුමිණ කළ සාකච්ඡාවකි.
ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳ ලිඛිත ඉතිහාසයක් අප සතු ය. එහෙත් ඒ ඉතිහාස කතාවේ සැඟවී ගිය තැන් සොයා දිගින් දිගටම පුරාවිද්‍යාඥයෝ ගවේෂණ පර්යේෂණ හා කැණීම් සිදු කළහ. මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් අනුරාධපුර ගෙඩිගේ කැණීමෙන් ලත් තොරතුරු මත ලාංකේය මානවයා ක්‍රිස්තු පූර්ව 900 දී කෘෂි කර්මාන්තයෙහි යෙදුණු බව අනාවරණය කළේ ය. ලංකාවේ ස්වදේශීය ජනයා යකඩ භාවිතය වළං සැදීම වැනි ශිෂ්ටාචාරය සංස්කෘතික කටයුතු ක්‍රිස්තු පූර්වයෙන් 2400 දී පවා සිදුකළ බවට කාල නිර්ණය දත්ත මඟින් සනාථ කළ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ලංකා ඉතිහාසයේ කෘෂිකාර්මික යුගය අදින් වසර 2400 ඈතට තල්ලුකර දැමුවේ ය.
මහාචාර්ය රාජ් සෝමදේව විසින් පසුගිය වසර හයක් පුරා කරන ලද කැණීම් හා ගවේෂණවලදී වසර ලක්ෂයකට පෙර මෙරට ජීවත්වූ ප්‍රාග් ඓතිහාසික මිනිසා තමන්ගේ තාක්ෂණික සංස්කෘතිය වෙනස් කරගන්නට උත්සාහ ගත් අයුරු පැහැදිලි කරගනිමින් සිටී.
සංචාරක දඩයක්කරුවා ශාක ආහාර මත යැපීමේ ලක්ෂණ මධ්‍ය කඳුකරයේ දකුණු බෑවුමේදී හඳුනාගත හැකි‍ විය‍. ඒ සමඟම සකපෝරුව භාවිතය, මැටි වළං භාවිතය යකඩ උණුකිරීම පිළිබඳ සාක්ෂි මෙන් ම මානව සංස්කෘතියක විශේෂ අංගයක් වූ භෂ්මාවශේෂ තැන්පත් කිරීම ද ලංකාවේ ස්වදේශීය ජනයා විසින් ක්‍රි.පූ. දෙවැනි (2) සහශ්‍රක වර්ෂයේදී ද සිදුකර තිබේ.
හුනුගලා ගල කැණීම ආශ්‍රයෙන් අතීත මානවයාගේ යාතුකර්ම ස්ථානයක් (දේවාලයක්) ලෙස භාවිත කළ ස්ථානයක් කැණීමට ලක්කිරීමෙන් ස්ත්‍රි පුරුෂ ලිංග සංකේත වෙස් මුහුණු (ගලින් කළ) හඳුනාගෙන තිබේ. එතැනින් හමුවූ පුරාවස්තු අතර අතින් සාදා අව්වේ වේලා භාවිතයට ගත් වළං විශේෂ වේ. එම වළං පුලුස්සා නැත. අතින් සැකැසූ නොපිලිස්සූ වළං හමුවූ පළමු අවස්ථාව මෙය වේ. එහි කාල නිර්ණ වාර්තාව ලැබීමෙන් පසු ලංකාවේ ස්වදේශීය මානවයා ගේ කුඹල් කර්මාන්තයේ ඉතිහාසය හඳුනාගත හැකිවනු ඇත.
කල්තොට ලෙන් විහාර සංකීර්ණයෙන් හමු වූ සෙල් ලිපි සහ ගල් ලෙනක්...
ස්වදේශීය ජනයා කෘෂි සංස්කෘතියට පරිවර්තනය වූ කාලයේ භාවිත කළ ධාන්‍ය හා අනෙකුත් ආහාර, ආහාරයට ගත් සතුන් පිළිබඳ විමර්ශනය කිරීම කල්තොට සිට ඇරඹි ගවේෂණයේ අරමුණු වී තිබිණි. ශ්‍රී ලංකාව‍ට ‘වී වගාව’ ලැබුණේ ඉන්දියාවෙන්’ ය යන්න බොහෝ දෙනාගේ විශ්වාසය වුව ද, දිගුකලක් තිස්සේ පරිවර්තනයට ලක්වෙමින් ආ ස්වදේශීය දඩයක්කාරයා වී වගාව ගෘහාශ්‍රිතව සිදුකළ බව විශ්වාසයක් ගොඩනැඟී ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
ගල් යුගයෙන් කෘෂි යුගයට ක්‍රමයෙන් පරිවර්තනය වූ ස්වදේශීය ජනයා ඉතිහාසය හා වංශ කතා මඟින් හඳුන්වනු ලබන්නේ යක්ෂ දේව නාග යන ගෝත්‍ර නාමවලිනි. වංශ කතාවට අනුව ස්වදේශීය ජනයා විජයාගමනයෙන් පසු සමූල ඝාතනය කරන ලදී. එය කිසිසේත් විශ්වාස කළ නොහැකි ප්‍රබන්ධයකි. එලෙස රටක ජනයා සමූල ඝාතනය කිරීමේ හැකියාවක් නැත. එම ව්‍යාකූල වකවානුව පිළිබඳ විමර්ශනය කරමින් එම ජනයා රටේ ශිෂ්ටාචාරය සමඟ සම්බන්ධ වූයේ කෙසේද යන්න පිළිබඳ විමසීම වටී‍.
ඉන්දියාවෙන් ලංකාවට ආ නාවුක හා වෙළෙඳ කණ්ඩායමක් රැගෙන ආ පාලි සංස්කෘත භාෂා ස්වදේශීය ජනයා ඉතා ඕනෑකමින් වැලඳ ගත්හ. එහෙත් ස්වදේශීය කඳුකර ජනයා ගංමෝය ආශ්‍රිතව විසූ ජනයා සමඟ සම්මිශ්‍රණය වූයේ ද සමාන්තරව සිටියේ ද එසේත් නොමැති නම් ඔවුන්ගෙන් වෙන්ව සිටියේ ද යන්න තවදුරටත් විමසිය යුතුව ඇති බව මහාචාර්යවරයා පවසයි.
වර්තමානයේ දකින්න නැති ඓතිහාසික නිර්මාණවල හා වංශකතාවන්හි පමණක් වෙසෙන කඳුවලින් පහළට බැස ආ ස්වදේශීය ජනතාවට සිදුවූයේ කුමක්ද?
හල්දුම්මුල්ල වැල්මීතලාව කුරුගල වෑඑළිය තැනිතලාව හා බැ‍ඳෙන කල්තොට ෙමාහොර ප්‍රදේශයේ කිලෝ මීටර් 12 ක පමණ ප්‍රදේශයක පිහිටා ඇති ගුහා විහාර සංකීර්ණය විමසීමෙන් ස්වදේශීය මානවයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
ප්‍රදේශයේ කඳු බෑවුමේ ව‍ූ ගුහා විහාර සංකීර්ණයේ ගුහා 200 - 250 පමණ ඇති බව පවසන මහාචාර්යවරයා එම විහාර සංකීර්ණය නඩත්තු කිරීමට නම් ඒ ආසන්නයේ විශාල ජනාවාසයක් තිබිය යුතු වූ බව පවසයි. එම මතය තහවුරු කරමින් විශාල ජනාවාස දෙකක් කල්තොට හඳගිරියාය ප්‍රදේශයෙන් හමුවී ඇත. එසේ හමුවූ එක් ජනාවාසයක වළං කටු නියැදිය අක්කර 12 ක් පමණ විශාල බව හඳුනා ගෙන තිබේ.
රුහුණේ පැවැති විශාල ජනාවාස අතරින් එකක් කල්තොට තිබෙන්නට ඇති බව මහාචාර්යවරයා සඳහන් කරයි. ශ්‍රී මහ බෝධි ෙරා්පණයට ආරාධනා ලැබූ කුඹුක්කන් ඔය ආශ්‍රිතව විසූ කතරගම ක්ෂත්‍රියයන් හා චන්දන ගාම ක්ෂත්‍රියයන් ගැන ඉතිහාසයේ කියැවේ. බොහෝ විට මේ හමුවූ වළං කටු නියැදිය ඉතිහාස පොත්වල පමණක් සඳහන් චන්දන ගාම ක්ෂත්‍රියයන් ගේ ජනාවාසය වන්නට ඇත, යන්න මහාචාර්යවරයා ගේ මතයයි. එම මතය තහවුරු කිරීමට විමර්ශන, කැණීම් ද්‍රව්‍යමය සංස්කෘතික අධ්‍යයන හා කාල නිර්ණය වාර්තා සපයාගත යුතුව ඇත‍.
මෙම වැළලී ගිය ජනාවාසයේ විසූ ජනයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ඇති එක් සාක්ෂියක් ලෙස කල්තොට සිට වැලිගල් පොළ දක්වා විහිදී ඇති ගුහා විහාර සංකීර්ණ හඳුනාගෙන ඇත. එම ගල් ගුහාවන්හි අවකාශය, ව්‍යුහය හා සැකැස්ම නිරීක්ෂණය කරද්දී ඉතා පැරණි මෙන් ම මෑත කාලීනව සැකසූ ගුහා දක්නට ඇති බව පෙනී යයි. මෙම ලෙන් අතරින් ඇතැමක කටාරම් කොටා ඇත. තව සමහරක කටාරම් ‍බිඳ වැටී තිබේ. ඇතැම් ලෙන්හි කටාරම් කොටා නැත. ඒ අනුව මෙම ගුහා විහාර සමූහයේ ලෙන් අතර කාල පරතරයක් ඇති බව හඳුනාගෙන ඇත. මෙම ලෙන් විහාර සංකීර්ණයේ භාවිත තාක්ෂණය අනුව මෙම ලෙන් සමාජ සැකැස්ම ස්ථරිකරණ වීමට පෙර සකසන ලද ඒවා සහ සමාජය ස්තරිකරණය වූ පසු දියුණු තාක්ෂණය භාවිතයෙන් සැකැසූ ලෙන් ලෙස වෙන් කොට හඳුනාගත හැකිය යැයි මහාචාර්යවරයා පවසයි.
පැරණි ලෙන් විහාරයන්හි සෙල් ලිපි දැක ගත නොහැක. එහෙත් සෙල්ලිපි සහිත ලෙන් හි සඳහන් කරුණු විමසීමේදී පෙනීයන්නේ එකල විසූ ස්වදේශීය ජනයා බුදු දහම දැනගෙන ව්‍යවහාර සම්ප්‍රදායේ භාවිතයේ යෙදූ බවයි. බුදු දහමේ ප්‍රතිපත්ති පිළිබඳ එකල ජනයා අවධානය යොමු කළ බව ඇතැම් ලෙන් නම් කර ඇති අයුරු විමසීමෙන් පෙනේ. උදාහරණ ලෙස ‘පටිභාන කුටිය’ මෙහි විශේෂ ධර්ම කරුණු සැඟව ඇත. ප්‍රතිපත්තිය, ගැඹුරු බව, විදර්ශනාවක පිරිසිදු බව යන තේරුම් මෙමගින් ලබා දෙන බව මහාචාර්යවරයා පවසයි. ධර්මයේ ගැඹුරු කොටස් ජීවිතයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ජන කොටස් මෙහි විසූ බව ඉන් ප්‍රකට වේ. එක් සෙල් ලිපියක ‘අපරිමිත ලෝක ධාතුවේ මහා සංඝයා’ යන්න සටහන් වන බව ද, ඉන් මේ විශ්වය ඉක්මවූ වෙනත් විශ්වයක් පිළිබඳ විශ්වාසයක් එකල ජනයාට තිබූ බව ද සනාථ වේ.
‍එම සෙල් ලිපි හා බැඳී ඇති ‘නාග’ ‘දේව’ යන වදන් ද එම සෙල් ලිපිවල සඳහන් අශ්ව දේව, ශිව දෙව්, කෙර ආදී නාමයන් ද අතීත ලංකාවේ විසූ ස්වදේශීය මානවයා යක්ෂ නාග දේව යන ගෝත්‍රයන්ට අයත් බුදු දහම බුද්ධ කාලයේ සිට හඳුනාගත් ජන කොට්ඨාසයක් බව තහවුරු කරයි.‍
බුදුන්ගේ ලංකාගමනය හා බැඳී ඇති සිද්ධීන් විමසීමෙන් ද පරිපාලන ව්‍යුහයක් හා දියුණු සංස්කෘතික ලක්ෂණ සහිත සමාජයක් ලංකාවේ පැවැති බව සනාථ වෙයි. එයට අවශ්‍ය උදාහරණ වංශ කතාව (මහාවංශය) සපයා ඇත.‍
එහෙත් වංශ කතාකරුවා විසින් සඟවා ලූ ස්වදේශීය මානවයා සොයා යාමේ කටයුත්ත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් අරඹා ඇත. ඒ ගමනේ දී සෙල්ලිපි අතර තිබූ අක්ෂර රූපයන්ගේ වෙනස්කම් කෙරෙහි ද අවධානය යොමු කිරීමට අධ්‍යයන කණ්ඩායම උත්සාහ දරයි.
සමන්ත කූට වර්ණනාවට අනුව මහියංගණයට වැඩි බුදුන් දකින්නට ගිරි ශිඛරවල සිට පැමිණි යක්ෂයෝ මෙහි ස්වදේශීය ජනතාව බවත් මනා පරිපාලන ව්‍යුහයක් සහිත කැලණියට පැමිණ චූලෝදර මහෝදර නාග ගෝත්‍රික නායකයන්ට බුදුන් ධර්මය දේශනා කළ බවත් සමන් දිව්‍ය පුත්‍රයා (දේව) ගේ ආරාධනා වෙන් බුදුන් සමස්ත කූටයට වැඩම කළ බවත් කියැවෙන ඉතිහාසය ලියැවෙද්දී කාලීන සමාජ, සංස්කෘතික, දේශපාලන හේතූන් මත එදා යථාර්ථයක් වූ ස්වදේශීය ජනයා යටපත් කොට තබා ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරයි. ලංකාවේ ස්වදේශීය ජනයා බුදු දහම වන් ගැඹුරු දහමක් අවබෝධ කොට ප්‍රතිපත්තියෙහි නියැළුණු පිරිසකි යන්න යටපත් කිරීමට වංශ කතා කරුවා ගත් උත්සාහයක් මිස මෙය බුදු දහම පිළිබඳ ගැටලුවක් නොවේ ය යන්න මහාචාර්යවරයාගේ අදහසයි.
මහින්දාගමනය කල්පිතයක් නොවන බව රජගල මිහිඳු හිමියන් ගේ භෂ්මාවශේෂ සහිත ‍ෛචත්‍යය අසල ඇති සෙල් ලිපිය සනාථ කරයි.
මහින්දාගමනය සමඟ ලංකාෙව් දේශපාලනය, නීතිය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය යන සියලු අංශයන් මතට බුදු දහමේ ප්‍රතිබිම්බය වැටිණි.
මහින්දාගමනයට පෙර ලංකාවේ ස්වදේශීය ජනයා කෙසේ කොයි යම් ප්‍රමාණයකින් බුදු දහම භාවිත කළා ද වැලඳ ගෙන සිටියා ද යන්න විමසීම කල්තොට ලෙන් විහාර සංකීර්ණයේ ඉදිරි ගවේෂණ හා කැණීම් කටයුතු මගින් අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.
කල්තොට විහාර සංකීර්ණය නඩත්තු කළ එහි භික්ෂුන් හට සිව් පසයෙන් සංග්‍රහ කළ චන්දන ගාමයේ ජනයා පිළිබඳව තොරතුරු ද ඒ සමඟම අනාවරණය කරගත හැකි වනු ඇත.

Sunday, July 6, 2014

තමන් නොදුටු පුදුමසහගත නිර්මාණයන් ........

පුරාවිද්‍යාවට සරසවි දායකත්වය 

ද්‍රව්‍යාත්මක අවශේෂ මඟින් අතීතය වර්තමානය තුළ ප්‍රතිනිර්මාණය කරමින් අනාගතය වෙත දායාද කිරීම පුරාවිද්‍යාව තුළින් සිදුවේ. ශ්‍රී ලංකාව සාඩම්බර අතීතයකට උරුමකම් කියන සුවිශේෂී බිම්කඩක්‌ ලෙස ගෝලීය ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීම සඳහා පුරාවිද්‍යා විෂය සුවිශේෂී කාර්යභාරයක්‌ ඉටු කරනු ලබයි. යටත්විජිත සමය වන විට මෙරට පැවති අතීත සංස්‌කෘතික දායාද දුටු විදේශීය ජාතීන් මවිතයට පත් වූවා සේම, විශේෂයෙන් ඉංග්‍රීසීන් විසින් යුරෝපයේ දී උත්පාදනය වී ක්‍රමයෙන් වර්ධනය වූ පුරාවිද්‍යාව (Archaeology) නම් වූ ශික්‍ෂණයේ ප්‍රායෝගික අභ්‍යාස අත්හදා බලන්නට කදිම තෝතැන්නක්‌ වශයෙන් තෝරා ගත් බව ද නොරහසකි. මෙරට උරුමය තුළ පුරාවිද්‍යාව ගැළපීමේ ආරම්භයක්‌ හෝ අවසානයක්‌ පිළිබඳ ස්‌ථිර අවබෝධයක්‌ නොවූ ඔවුන් මතුපිට වස්‌තු වාර්තාකරණයෙන් මෙරට පුරාවිද්‍යා කටයුතු ආරම්භ කරන ලදී. 1890 දී පුරාවිද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව (Department of Archaeological Survey) පිහිටුවා එහි ප්‍රථම කොමසාරිස්‌වරයා බවට හෙන්රි චාර්ල්ස්‌ පර්වියස්‌ බෙල් මහතා පත් වෙයි. ඔහුගෙන් ඇරඹි මෙම කාර්යය එඩ්වඩ් රසල් අයර්ටන්, ආතර් මයුරිස්‌ හොකාර්ට්‌, රිචඩ් ලෙස්‌ලි බ්‍රොaහියර්, ෙ-ම්ස්‌ ජී. ස්‌මිදර් වැන්නවුන් විසින් යථාවත් කරන ලදී. එඩ්වර්ඩ් සයින් පෙන්වා දෙන ආකාරයට මෙකල සිදු වූයේ තමන් නොදුටු පුදුමසහගත නිර්මාණයන් සටහන් කිරීමයි. ඒ අතර ගයිගර්, සී. ඩබ්. නිකලස්‌ වැන්නවුන් මෙරට පැරණි සාහිත්‍ය ලෝකය දෙස එබී බලන්නට ද විය.

පශ්චාත් යටත්විජිත සමයේ නැගී ආ බෞද්ධ පුනරුද ව්‍යාපාරය හා වෙනත් ජාතිකත්ව ව්‍යාපාර ඔස්‌සේ ශ්‍රී ලංකාවේ අතීත පෞරාණික උරුමය සම්බන්ධයෙන් ජනතා අවධානය ප්‍රබල වශයෙන් යොමු කරවන ලදී. වලිසිංහ හරිශ්චන්ද්‍ර, අනගාරික ධර්මපාල, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, නාරංවිට සුමනසාර වැනි විද්වතුන් ජාතික ව්‍යාපාර ශක්‌තිමක්‌ කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළහ. මොවුන් විසින් මෙරට අතීතයේ තීරණාත්මක වාස්‌තුවිද්‍යාත්මක නිමැවුම් හා ඒ අවට කලාපයේ බලපෑම් පිළිබඳව අවධානය යොමු කොට විස්‌තරාත්මක වාර්තා ඉදිරිපත් කරන ලදී. වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ "සිතියම් සහිත පුරාවිද්‍යාව" කෘතිය මේ සඳහා කදිම නිදර්ශනයකි.

1960-1980 කාලයේ දී ගෝලීය මට්‌ටමේ තත්ත්වය විමසීමේ දී ක්‍රමයෙන් සාම්ප්‍රදායික ක්‍රම ඔස්‌සේ අතීතය විමර්ශනය කිරීමේ තත්ත්වය (Traditional Archaeology) හීන වී ගොස්‌ නව පුරාවිද්‍යාවේ (Processual Archaeology) ආගමනය සිදු වී තිබේ. මේ යුගයේ සුවිශේෂත්වය නම් දත්ත විශ්ලේෂණය කොට අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමයි. ගෝලීය සන්දර්භය තුළ තත්ත්වය එසේ වෙත්ම නව පුරාවිද්‍යා කාල පරාසයේ දී මෙරට සිදු වූ වැදගත්ම කාර්යයභාරය නම් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය හා පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය අන්තර් සබඳතා පැවැත්වීමයි.

1980 දී සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ ආරම්භයත් සමඟ මෙරට පුරාවිද්‍යාත්මක ස්‌ථාන දේශීය මෙන්ම ගෝලීය ප්‍රජාව වෙනුවෙන් විවර වූවා සේම විශ්වවිද්‍යාලයන් තුළ අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන්ට මෙම ආයතනය ඔස්‌සේ අතීතයේ සැඟවුණ තැන් මතු කර ගැනීම සඳහා විවිධ පර්යේෂණයන් සිදු කිරීමටත්, ක්‍ෂේත්‍ර පුහුණුව ලබා ගැනීමටත් අවස්‌ථාව උදාවුණි. මේ කාලය වන විට පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය යන විශ්වවිද්‍යාලයන්හි "පුරාවිද්‍යාව"අධ්‍යයන පාඨමාලාවක්‌ ලෙස ආරම්භ කර තිබුණි. සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භයෙන් පසු එහි ප්‍රධාන වැඩබිම් වූ අභයගිරිය, ෙ-තවනාරාමය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර යන ව්‍යාපෘති පුරාවිද්‍යා විශේෂවේදී සිසුන්ගේ ක්‍ෂේත්‍ර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයීය මට්‌ටමින් පවරා දීමට කටයුතු කරන ලදී.

වගුව 01; මධ්‍යම සංස්‌කෘතික අරමුදල පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා විශ්වවිද්‍යාල දායක කර ගැනීම

1986 වර්ෂයේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කොළඹ බෞද්ධාලෝක මාවතෙහි ආරම්භ විය. එය එදා පටන් මේ දක්‌වා මෙරට පුරාවිද්‍යා පර්යේෂකයන්ගේ පශ්චාත් උපාධි අධ්‍යයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙනම ආයතනයක්‌ ලෙස ක්‍රියාත්මක වේ. 1988 දී එම ආයතනය මඟින් සීගිරිය - දඹුල්ල ප්‍රදේශ ඉලක්‌ක කර ගනිමින් අතීත ජනාවාසකරණයේ ස්‌වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියක්‌ (SIDA-SAREC) ආරම්භ කරන ලද හෙයින් විශ්වවිද්‍යාලයීය සිසුන්ට ද එහි පර්යේෂණ කටයුතුවල නිරත වීමට හැකියාව ලැබිණි. මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක, ස්‌වීඩන් පුරාවිද්‍යා කමිටුවක්‌ හා එක්‌ව 1988-1992 කාලය තුළ දියත් කරන ලද මෙම වැඩමුළුව ප්‍රශස්‌ත පුහුණු පාඨමාලාවක්‌ බවට ද පත් විය. මෙහි දී පුරාවිද්‍යාත්මක ගවේෂණයේ සිට වාර්තාකරණය දක්‌වා සියලු කටයුතු පිළිබඳව හා විශේෂයෙන්ම මිනුම්කරණය, කැණීම්, ගවේෂණයන්ගේ නවීන ක්‍රම අත්හදා බැලීමට ද අවස්‌ථාව උදාවිය.

පුරාවිද්‍යාව හුදෙක්‌ තනි විෂයයක්‌ ලෙස නොව බහු විෂයාත්මක ශික්‍ෂණයක්‌ ලෙසින් පෙනී සිටියි. එනිසාම අතීතයට අයත් බොහෝ දේ විවිධ විෂයය පරාසයන් ඔස්‌සේ අර්ථ ගන්වමින් වර්තමාන ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යාඥයා කටයුතු කරයි. අතීතය වැදගත් වන්නේ තලු මරමින් රස විඳීමට නොව, වර්තමානය හා අනාගතය වෙනුවෙන් මෙහෙය වීමටය. එනිසා පුරාවිද්‍යාව විෂයයෙහි අත්‍යන්තයෙන්ම ඇත්තේ ජාතික වටිනාකමකි. අනෙක්‌ පාර්ශ්වයෙන්, මානව සංහතියේ ප්‍රගමනය පිණිස මෙන්ම ශුභසිද්ධිය උදෙසා කටයුතු කරන ආයතන ලෙස විශ්වවිද්‍යාල පෙන්වා දිය හැකිය. නව සොයා ගැනීම් පිළිබඳ විශ්වය දැනුවත් වන්නේත්, විශ්වීය දැනුම හුවමාරු වන්නේත් විශ්වවිද්‍යාල හරහාය. එනිසා විශ්වවිද්‍යාල තුළින් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්‌ටමේ වටිනාකමක්‌ ප්‍රකාශ කරයි.

1951 පසු පරණවිතාන මහතා පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එකතු වීම ඉහත පෙන්වා දුන් වටිනාකම් තීව්‍ර වූ අවස්‌ථාවක්‌ ලෙස පෙන්වා දිය හැකිය. එය එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයට නව ජීවයක්‌ එක්‌ කළ කරුණකි. කෙසේ වෙතත් මුලදී ඉතිහාස අධ්‍යයනාංශය තුළ ක්‍රියාත්මක වූ පුරාවිද්‍යා විෂය 1976 දී වෙනම අධ්‍යයනාංශයක්‌ යටතේ මෙහෙයවන විෂය ධාරාවක්‌ විය. ඒ අනුව ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යයනාංශය බිහිකිරීමේ පමණක්‌ නොව පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය පිරිනැමීමේ ගෞරවය ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය හිමිකර ගත්තේය. මෙහි මුල්ම අංශාධිපතිවරයා වූයේ මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලකයන් ය. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල, කේ. එච්. ජයතිලක වැනි විද්වතුන් මෙහි ආචාර්යවරුන් ලෙස කටයුතු කරන ලදී. යුනෙස්‌කෝ සංවිධානය මෙම අධ්‍යයනාංශය හා එකතුව පොළොන්නරු ආලාහන පිරිවෙන් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. සංස්‌කෘතික ත්‍රිකෝණයට අයත් මහනුවර වැඩබිම අධ්‍යයනාංශය තුළින් නඩත්තු කිරීම සිදුවිය. ෙ-තවන ව්‍යාපෘතියට හා අනුරාධපුර ඇතුලු නුවර ව්‍යාපෘතියට සම්බන්ධ වී කටයුතු කිsරීමට ද ඔවුනට අවස්‌ථාව උදාවිය. 1997 දී යාපහුවට නුදුරු පිංවැව ගල්සොහොන් කනත්ත පුරාවිද්‍යා ව්‍යාපෘතියට සම්බන්ධ වීමේ භාග්‍යය ද ඔවුන්ට ලැබුණි. මෙහි දී ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලකයන්ගේ සහයෝගය ද ලැබීමෙන් විද්‍යාත්මක පසුබිමක හිඳිමින් මෙම ව්‍යාපෘතියේ දත්ත විග්‍රහ කිරීමට හැකි විය. ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයක පිහිටුවන ලද පුරාවිද්‍යා පර්යේෂණ කෞතුකාගාරයක්‌ ආරම්භ කරන්නේ ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයයි. මෙම පර්යේෂණ කෞතු=කාගාරය, ආනන්ද කුමාරස්‌වාමි මහතාට හා පී. එල්. ප්‍රේමතිලක මහතාට අයත් කෞතුක වස්‌තු එකතූන් මෙන්ම අග්‍රගණ්‍ය ඇත් දළ භාණ්‌ඩ එකතුවකින් ද පොහොසත් ය. එංගලන්කය, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය යන රටවලින් පැමිණි පුරාවිද්‍යා අධ්‍යයන කණ්‌ඩායම් කිහිපයක්‌ සමඟද මෙම විශ්වවිද්‍යාලය කටයුතු කර ඇත. මෙහි ක්‍රියාත්මක පුරාවිද්‍යා සංගමය විසින් 'විකල්ප පුරා තත්ත්ව' යන සඟරාව නිර්මාණය කිරීම අද දක්‌වාම සිදුවෙයි. විද්‍යාර්ථයන්ගේ ප්‍රකාශනයන් එළිදැක්‌වීම මෙහි අරමුණයි.

විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය ලෙස මුල් කාලීනව ව්‍යවහාර කරනු ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානවශාස්‌ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය තුළ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය ස්‌ථාපිතව ඇත. මෙය මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ මුල්ම ඉතිහාස හා පුරාවිද්‍යා උපාධි ප්‍රදානය කළ අධ්‍යයනාංශයයි. මහාචාර්ය එස්‌. බී. හෙට්‌ටිආරච්චි, මහාචාර්ය චනද්‍රා වික්‍රමගමගේ, මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, මහාචාර්ය ඩී. ඇල්. අබේවර්ධනය, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය ටී. ජී. කුලතුංග ආදී විද්වතුන් මෑත ඉතිහාසයේ ද, මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල, මහාචාර්ය කරුණාසේන හෙට්‌ටිආරච්චි සහ මහාචාර්ය පත්මසිරි කන්නංගර වැනි විද්වතුන් වර්තමානයේ ද මෙම අධ්‍යයනාංශයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව විෂයයන් නගා සිටු වීමෙහි පුරෝගාමී වූහ.

තව කොටසක්‌ හෙට පත්‍රයේ....

ඩී.එම්. දුමින්ද ලක්‌සිරි කුමාර,
සිව්වැනි වසර
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
මිහින්තලේ.


http://www.divaina.com/2014/07/07/feature01.html

Thursday, July 3, 2014

“රැගෙන අවි මමද එමි”

සමාජ පරිශෝධනවාදී නාට්‍ය කලාවක් ලංකාවේ ස්ථාපිත කරන්න බ්‍රෙෂ්ට් අවශ්‍යයි!
 

“රැගෙන අවි මමද එමි” සමඟ එන ධර්මජිත් පුනර්ජීව
“බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය” විසින් මැයි මස 10 දින බ්‍රෙෂ්ට් ගේ “Senora Carrar's Rifles” නාට්‍යයේ සිංහල පරිවර්තනය “රැගෙන අවි මමද එමි” නමින් රඟ දක්වන්නට යෙදුණි. හමුදා පාලනය, කැරළිකාරිත්වය අතරමැද “මධ්‍යස්ථව” හිඳිමින් ජීවත් විය හැකි ද යන්න සංවාදයට බදුන් කරණ තේමාවක් රැගත් මෙම නාට්‍යය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු විසිනි. අධ්‍යක්ෂණය ධර්මජිත් පුණර්ජීව යි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය කරණ ක්‍රියාදාමය පිළිබඳව “බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය” පිළිබඳවත් අධ්‍යක්ෂ ධර්මජිත් පුණර්ජීව සමඟ සිළුමිණ වෙනුවෙන් මෙම සංවාදය පවත්වනු ලැබූවේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි විසිනි.
Drama නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙන බව අප කවුරුත් දන්නවා. මෙමඟින් ආසියාතික නාට්‍ය සම්ප්‍රදාය වඩාත් ශෛලිගත ආකෘතියකින් සෞන්දර්යයට ළං කරනු ලබන අතර බටහිර හා යුරෝපීය සම්ප්‍රදාය සෞන්දර්යයට වඩා යථාර්ථයට ළං කරනු ලබනවා. මේ ප්‍රවර්ග පිළිබඳව මුලින්ම හැඳින්වීමක් කළොත්...?
මිනිස් ශිෂ්ටාචාරය ම්ලේච්ඡත්වයෙන් ගෝත්‍රික යුගයටත් ඉන් අනතුරුව කර්මාන්ත හා විද්‍යා යුගයටත් පිවිසීමේ දී ආගම හා විශ්වාස පද්ධති මිනිසාගේ සිත තුළ ක්‍රියා කර ඇති ආකාරය හුවා දක්වන නාට්‍යමය ආකෘති දෙක හැටියටයි නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී ප්‍රවර්ග මා හඳුනා ගන්නේ. ග්‍රීක නාට්‍යයේ සම්භවය ඉතිහාසමය මූලාශ්‍ර සැපයුවත් මහා භාරතීය දේව පුරාණය හා බැඳී යාග හෝම වසර දහස් ගණනක් දිව යන බවයි මගේ විශ්වාසය. එය සභ්‍යත්වය අතින් ග්‍රීසියේ හා චීනයේ වැදි ජනතාව අතර ඇති වුණු ප්‍රාරම්භක නාට්‍ය අබිබවා යන්නක්. ඉතිහාසමය වශයෙන් මේ රටවල් තුනේම උත්පත්තිය ආගමික උත්සව පූජා කර්ම වලින් ඇති වුවත් මහා භාරතීය දේව සංකල්ප නාට්‍ය කලාව ශාස්ත්‍රයක් සේ විදාරණය වූ බවට ඇති සාක්ෂි එමටයි. නාට්‍ය ශාස්ත්‍රයේ එන “නෘත්ත” හා “නෘත්‍ය” (එනම් නර්තනය හෙවත් ශරීරයේ ලාලිත්‍ය ප්‍රකාශනය) නාට්‍ය නමැති චතුර්විධ අභිනයෙන් යුතු ප්‍රකාශනය ප්‍රභවය වන නර්තනය ඊට හොඳම නිදසුනයි.
නෘත්ත - ගාත්‍රවික්ෂේපමත්‍රන් තු සර්වාභිනයවර්ජිතම්
ආණ්ගිකොක්තප්‍රකාරෙන නෘත්තන් නෘත්තවිදෝ විදු
නෘත්‍ය - ආන්ගිකාභිනයෙරෙව භාවනේව ව්‍යනක්ති යත්
තන්නෘත්යං මාර්ග ශබ්දෙන ප්‍රසිද්ධන් නෘත්‍ය වේදිනම් (භරතමුනි ගේ නාට්‍ය ශාස්ත්‍රයෙන්)
ආසියාතික නාට්‍ය සම්ප්‍රදාය වඩාත් ශෛලීගත ආකෘතියකින් යුක්ත වන්නේ මෙවන් ඓතිහාසික පසුබිමක යි. එසේම ග්‍රීසියේ විසු ඇරිස්ටෝටල් පඬිවරයාගේ න්‍යාය ග්‍රන්ථයක් වන කාව්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය වූ කලී කිසියම් කාර්යයක් “අනුකරණය” කිරීම යනුවෙන් විග්‍රහ කළා. අති සම්භාවනීය යථාර්ථවාදී කලාවක් හැටියට වර්තමානයේ සලකන ග්‍රීක නාට්‍ය කලාව සොෆොක්ලීස්, ඊස්කිලස්, යුරිපිඩීස් බිහි කරන්නේ සමාජ දේශපාලන සංවාද කව ඔස්සේ. බටහිර යථාර්ථවාදී නාට්‍ය රීතිය බිහි වන්නේත් ග්‍රීක නාට්‍ය ඔස්සේ. ඒ අතර ආසියානු නාට්‍ය පෝෂණය වන්නේ දෙවියන් ඇසුරේ.
නැටුම්, ගැයුම්, වැයුම් සංයුක්ත කළ ආසියානු නාට්‍ය කලාව, සමාජ යථාර්ථය / සමකාලීන දේශපාලනික සන්දර්භය ප්‍රකාශ කළ නොහැකි සෞන්දර්ය වේදයට පමණක් අයිති නාට්‍ය කුලකයක් වන්නේ ද?
ආකෘතිමය වශයෙන් “මනමේ”, “සිංහබාහු” නාට්‍ය ප්‍රකාශනය අපගේ ජනශ්‍රැතියේ නූතන පරිභාවිතාව යි. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නැටුම, ගැයුම, වැයුමේ ආකෘතිය එහි අන්තර්ගත යි. සරච්චන්ද්‍ර ඒ නිසාම මෙය හැඳින්වූයේ “ශෛලීගත නාට්‍ය” කියලයි. ඓතිහාසික නැටුම්, ගැයුම්, වැයුම්, ආකෘති ඇසුරේ සමාජ දේශපාලනික සන්දර්භයන් සාකච්ඡා කළ නොහැකි ය යන පැනය ගොඩ නැඟුවේ විචාරකයින් විසින්. සරච්චන්ද්‍ර පවා මේ පැනයේදී නිරුත්තර වී කියා සිටියේ මගේ ආකෘතිය තුළ මා සකච්ඡාවට බඳුන් කරන්නේ විශ්ව සම්මත / සනාතන ධර්මතා කියලයි.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
මයිකල් ප්‍රනාන්දු
මම නම් හිතන්නේ ප්‍රාසාංගික කලාවේ නූතන සංස්කෘතික මානවයා සරච්චන්ද්‍ර කියලයි. එය ඔහු මහත් අභිරුචියකින් හිතා මතා එල්බ ගත් මතයක හිඳිමින් කළ දෙයක්. ඒ නිසාමයි ඓතිහාසික නාඩගම් ගී තනු සිය ගණනක් ඇසුරු කරන ඔහු ඉන් වඩාත් සෞන්දර්යයෙන් පිරි ජනප්‍රිය ගී තෝරාගෙන ඒ ගී ආකෘති තුළට සාහිත්‍යමය රසයෙන් පිරි ගී රචනා කරන්නේ. ඔහුට කිසි සේත්ම සමාජ දේශපාලන යථාර්ථය සෞන්දර්ය පරයා ගෙන එන්නට වුවමනාවක් තිබු බවක් පෙනෙන්නට නැහැ. එමෙන්ම එය සරච්චන්ද්‍ර ගේ අඩුපාඩුවක් හැටියටත් මම දකින්නේ නැහැ. ඒ තමයි සරච්චන්ද්‍රගේ ඓතිහාසික භූමිකාව.
සිංහබාහු සරච්චන්ද්‍රගේ විශිෂ්ටම පෙළ රචනාව හැටියට අප හඳුනාගෙන එය අධ්‍යක්ෂණය කරන විට පැන නැ‍ඟෙන උභතෝකෝටිකය “සරච්චන්ද්‍රට එරෙහිව සරච්චන්ද්‍ර” යන ද්වන්ද්වාත්මක පසුතලයක් නිර්මාණය කරනවා. මෙතරම් ප්‍රබල සමාජ දේශපාලන ආකෘතියකින් “සනාතන පිය යුතු ගැටුම” ලෙස අර්ථකථනය කිරීම, ප්‍රධාන චරිතය සිංහයකු (තිරිසන් සත්ත්වයකු) ලෙස ආකෘති ගත කිරීම, සුප්පා දේවිය අහිංසක මාතාවක් ලෙස අර්ථකථනය කිරීම, අවසන් ගැටුමට සිංහබාහු පමණක් (යුද්ධ හමුදාවක් රාජ්‍ය සතුව සිටියදී) සිංහයා අභිමුවට යෑම, මෙත් බලය නිසා පළමු හා දෙවන හි පහරවල් සිරුර පසාරු කරගෙන නොයෙන නමුත් සිංහයා කෝප ගත් විට තුන් වෙනි හී සැරය සිංහයාට වදින බව කීමත් ගත හැකියි.
මෙම කරුණු වලින් මා පෙන්වා දීමට තැත් කරන්නේ “මනමේ” තුළින් “නූතන නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍ය කරුවා” වීමේ සුරත්වය හිමි කර ගත්තා සේම “සමාජ දේශපාලන යථාර්ථවාදයේ විප්ලවීය නාට්‍ය කරුවා” වීමේ වීරත්වය සරච්චන්ද්‍ර “සිංහබාහු” නාට්‍යයේ දී අහිමි කර ගත්තා කියන එකයි.
2008 දී “සිංහබාහු” පෙළ රචනාව මහාචාර්ය ඈෂ්ලි හල්පේ ගේ මැදිහත් වීමෙන් මවිසින් පවරාගෙන එය ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් නිෂ්පාදනය කළා. එහිදී මේ සම්ප්‍රදායික හා ගතානුගතික ආකෘති සියල්ල මවිසින් පුපුරුවා හැර එහි සමාජ දේශපාලන සන්දර්භය මැනැවින් මතුවන සේ ප්‍රසංග කළා. එය ද්වී භාෂා උගතුන්ගේ රසිකත්වය පුළුල් කරන සංස්කෘතික වෑයමක්.
සම්භාව්‍ය නාට්‍ය කරුවකු හා ප්‍රභූ නාට්‍ය කරුවකු හැටියට කීර්තිමත් විලියම් ශේක්ෂ්පියර් ගේ පෙළ රචනා සාහිත්‍යමය ආකෘතිය අතින් පොසොන් බැවු හැම දෙනාම දන්නා සත්‍යයක්. එහෙත් එකී සාහිත්‍යමය ආකෘතිය අතරේ “දේශපාලන තේමාවක් - Political Theme” කුළු ගැන්වීමෙහි ලා ශේක්ෂ්පියර් සූරයකු ලෙස නැගී සිටින බවයි මගේ පිළිගැනීම. (විශේෂයෙන්ම මැක්බත් හා හැම්ලට් තුළ) කාල් මාක්ස් බිහි වුණේ ශේක්ෂ්පියර්ට වඩා සෑහෙන කලකින් පසුව. එහෙත් මාක්ස් වාදයට පදනම් වුණු සමාජ දේශපාලනික ගිනි පුපුරු මාක්ස් ගේ න්‍යායාත්මක ලියැවිලි මඟින් ඇති කළ සමාජ විප්ලවයට මඟ පෙන්වීමක් ඇති කළා. සරච්චන්ද්‍රගෙන් ගිලිහුණු සමාජ දේශපාලනික යථාර්ථය සඳහා නාට්‍ය ආකෘතිය භාවිත කිරීම කියන “ක්‍රියාන්විතය” භාර ගත්, ඒ සඳහා දායක වුණු නාට්‍ය කරුවන් හා කලාකරුවන් පිළිබඳව ආවර්ජනය කළ හැකි ද...?
දීර්ඝ අධ්‍යයනයක් හා සංවාදයක් ඇති කරවන නාටය කරුවන් කිහිප දෙනෙක් ඉදිරිපත් කිරීමට මම කැමැතියි. එහි ඉදිරියෙන් සිටින්නේ සුගතපාල ද සිල්වා. ඊට නොදෙවැනි ලෙස සිටින්නේ කෝලම් නාට්‍ය කරුවකු වන ජුවන් වඩුගේ ආරියපාල ගුරුන්නාන්සේ. මේ දෙදෙනා හා කරට කරට සිටින්නේ ආර්. ආර්. සමරකෝන්.
මේ තිදෙනාම පුද්ගලයන් හැටියට ජන සම්මත ගතව තිබෙන අවනීතිගත සමාජ දේශපාලනික චක්‍රයන්ට එරෙහි අසාමාන්‍ය පෞරුෂයක් නාට්‍ය කලාව තුළින් ප්‍රකට කරන ලද්දා වූ ආනුභාව සම්පන්න පුද්ගලයින්. එසේම අසාමාන්‍ය පරිකල්පන ශක්තියෙන් හෙබි එඩිතර විප්ලවකරුවන්. ඔවුනගේ නිර්මාණ, ලේඛන හා ප්‍රතිභාව ඊට දෙස් දෙනවා. විශේෂයෙන් මා කිව යුතුයි ඉහත සඳහන් කෝලම් නාට්‍ය කලාකරුවා පිළිබඳවත් ඔහු නියෝජනය කරන කෝලම් නාට්‍ය කලාව පිළිබඳවත්. සම්ප්‍රදායික ශාස්ත්‍ර ගවේෂණයේදී “කෝලම්” යනු අභාවයට ගිය ගැමි හා අවිදග්ධ නාට්‍ය කලාවක් හැටියටයි අද අර්ථ දක්වන්නේ. එහෙත් මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාර සහ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ තර්කානුකූලව පෙන්වා දී තිබෙනවා “කෝලම්” නාට්‍ය විශේෂය ශාස්ත්‍රීය හා සම්භාව්‍ය නාට්‍ය ප්‍රභේදයක් බව. එහි එක ගුරු කුලයක් නියෝජනය කරන නාටය කරුවකු හැටියට ආරියපාල ගුරුන්නාන්සේ හැඳින්වෙන්නේ. ඔහුගේ ගුරුකුලය තවත් පරම්පරා තුන හතරක් ඉහළටත් පහළටත් විහිද තිබෙනවා. බන්ධු විජේසූරිය එකී කලාවේ අන්තර්ජාතික ව්‍යාප්ත ධාරියා හැටියට හඳුන්වන්නට පිළිවන්.
නාට්‍ය කලාවෙන් ඔබ්බට ගිය විට සිනමාවේදී අපට ධර්මසේන පතිරාජ හමුවෙනවා. සංගීතයේදී ප්‍රේමසිරි කේමදාස. විචාර කලාවේදී සුචරිත ගම්ලත්.
රැගෙන අවි මම ද එමි”
නාට්‍ය ආකෘතිය හරහා සමාජ දේශපාලන යථාර්ථ්‍ය කියැවීම යන දෘෂ්ටිවාදය පතළ කළ පුරෝගාමී පරිපූර්ණ නාට්‍ය කරුවා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්. ඔහු පරිපූර්ණත්වයට පත් වන්නේ ඕනෑම බහුභූත නාට්‍යයකට වුවත් ආකෘතියක් තිබිය හැක්කා සේම ඕනෑම නාට්‍ය නරඹන්නකුට වුවත් ඒ හරහා සමාජ දේශපාලන යථාර්ථයක් හෝ ඕනෑම බහුභූතයක් කියැවිය හැකි වුවත් බ්‍රෙෂ්ට් සම්බන්ධයෙන් එය නිසැකවම ලෝක දේශපාලනය නිරුවත් කරන ආකෘති හා ඒ තුළින් කියවන නාට්‍ය රචනා බිහි කළ නාට්‍ය කරුවකු ලෙසිනි. එකී කාර්යාවලිය කෙතරම් ප්‍රබල ද කියතොත් බ්‍රෙෂ්ට් ගේ ආකෘති හා නාට්‍ය රචනා වලින් කිසිඳු දූෂිත දේශපාලකයකු හට බේරී සිටීමට නොහැකි ලෙස ඔවුන් නිරුවත් වන අන්දමේ විප්ලවීය භාවිතාවක් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ආගමනය සිදු වුණේ කොහොම ද?
බ්‍රෙෂ්ට් ගේ ඓතිහාසික ජගත්කරණ නාට්‍ය භාවිතාව පළමු සහ දෙවන ලෝක යුද සංග්‍රාමය හා හිට්ලර් ප්‍රමුඛ නාට්සි වාදය නිමිති කරගෙන ව්‍යාප්ත කරණ ලද නාට්‍ය දෘෂ්ටියක්. එහෙත් අප වරදවා වටහා ගත යුතු නැහැ ඔහු හිට්ලර්ට හෝ නාට්සිවාදයට එරෙහිව තම නාට්‍ය භාවිතාවේ නියැළුණු නාට්‍ය කරුවකු හැටියට. හිට්ලර් ප්‍රමුඛ නාට්සි හමුදා බලයට පත් 1933 පෙබරවාරි 27 දා මුලින්ම සිදු කරන්නේ ජර්මන් පාර්ලිමේන්තුවට ගිනි තබා විනාශ කිරීමයි. බ්‍රෙෂ්ට් සිදු කරන්නේ ඉන් පසු දාම ජර්මනියෙන් පළා යෑමයි. නැවත ඔහු 1949 බර්ලීනයට පැමිණෙන තුරුම වාසය කරන්නේ ස්වීඩනය, රුසියාව, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංසය ආදි රටවලයි.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය කලාවේ දිශාවන් තුනක් තිබෙනවා. පළමු යුගය ඇරිස්ටෝටලියානු ක්‍රමවේදයන්ට අනුකූලව ලෝකයේ මතුපිට ස්වරූපය, ලෞකික ලෝකය, ආස්වාදජනක රස මිහිරෙන් පිරි අර්ධ කාංසිය දනවන නාට්‍ය රචනා භාවිතය. දෙවන යුගය උපදේශ, අණ පනත් සහිත නාටය භාවිතාවේ නියැළීම හා තුන්වැනි යුගය වඩාත් පරිපාකයට පත් සංකීර්ණ, නාට්‍යමය ප්‍රයෝග වලින් අඩු එහෙත් සමාජ පරිශෝධනය ගැබ් වූ ආඛ්‍යාන නාට්‍ය (Epic Plays) භාවිතාව.
මේ පරිණාමයට ඔහු තුළ මාක්සියානු දේශපාලන දර්ශනයත්, එහි ඇතැම් ආකෘතිමය සංකල්පත්, පෙරදිග නාට්‍ය භාවිතාවන්ගේ මූලයන් හා විශේෂයෙන් ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ආකෘති නව්‍ය කරණයට බඳුන් කිරීමත් බලපෑවා.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලංකාවට අවශ්‍ය වන්නේ ඇයි...?
ලංකාවේ නෙවෙයි මුළු මහත් ලෝකයේම දේශපාලනය යනු “බලය” කේන්ද්‍ර කරගත් “මර්ධනය” අවිය කරගත් “දූෂණය” ව්‍යාප්ත කරගත් අධම සමාජ තන්ත්‍රයක්. එහි විපාක දේශපාලකයාටවත් වළක්වා ගන්නට අපහසු බව ඔවුන්ම අද කියනවා. සමාජ පරිශෝධනය (social reformation) සඳහා මාක්සියානු දේශපාලන දර්ශනය ආභාස කොටගත් බ්‍රෙෂ්ට්ගේ නාටය කරණ භාවිතාවන් පෙරට පැමිණෙන්නේ මෙවන් කාල වකවානුවක. එය අමන දේශපාලනය හා ඔවුනගේ තකතීරු දේශපාලන ව්‍යාපාර නිරුවත් කරලන්නක්. දෙවැනුව සමාජ පරිශෝධන වාදී නාට්‍ය කලාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරලීමටත් බ්‍රෙෂ්ට් මේ දිවයිනට වැදගත් වෙනවා. එහෙත් එය පුනරුදය කර ගත යුතුව තිබෙන්නේ අතීතයේදී බ්‍රෙෂ්ට් හා ඔහුගේ නාටය කරණ සංකල්ප අපගේ ප්‍රවීණයින් විසින් අගතිගාමී හා ප්‍රතිගාමී ලෙස කාබාසිනියා කර තිබෙන නිසයි.
“බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය” හරහා සිදු කරමින් සිටින කාර්ය පැහැදිලි කළොත්...?
මේ පර්ෂදය පිහිටුවන්නේ 2012 වසරේදී. මුලින්ම අප “The Exception and The Rule - අසම්මතය හා සම්මතය” නමින් වේදිකාවට ගෙන ආවා. පසුගිය දා “senora carrar's Rifles - රැගෙන අවි මම ද එමි” නමින් රංග ගත කළා. බ්‍රෙෂ්ට්ගේ න්‍යායාත්මක හරයන් සහිත ලිපි ලේඛන සිංහල භාෂාවෙන් පාඨකයාට ලබාදීමත් එක අරමුණක්. ලංකාවේ දැනට බ්‍රෙෂ්ට් පිළිබඳව උගත් ආචාර්ය මයිකල් එක්ව අනාගත වැඩපිළිවෙළක් යටතේ තව තවත් ශාස්ත්‍රීය කටයුතු ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයි.


http://www.silumina.lk/2014/06/29/_art.asp?fn=cr1406291

Thursday, June 19, 2014

නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ

නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ

නේපාලය බුදු හිමි උපන් දේශය වුවද එකම හින්දු රාජ්‍ය බවට පත්වීමත් සමඟම මෙහි විසූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නොයෙක් හිරිහැරවලට මුහුණ පෑමට සිදුවිය. නේපාලයේ ථෙරවාද බෞද්ධ තත්ත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සාසන හිතකාමී භික්ෂු පරපුරෙන් නිහඬ සේවයක් සිදු වී ඇත.
1946දී පමණ නේපාල පාලකයෝ ථෙරවාදී භික්ෂුන් එරටින් නෙරපනු ලැබූහ. එවිට මෙරට බෞද්ධ දූත පිරිසක් එහි පාලකයන් හමුවී කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට නේපාල භික්ෂූන්ට සිය මවුබිමේ යළි ධර්ම ප්‍රචාර කටයුතු කිරීමට ඉඩකඩ සැලසිණ. වෙසක් දිනය නිවාඩු දවසක් ලෙස නම් කරනු ලැබුවේ ද නාරද හිමියන්ගේ උනන්දුව නිසාය.
1951 නේපාල ජාතික අග්ගධම්ම භික්ෂූන්වහන්සේ සමඟ නේපාලය බලා වැඩම කළ මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණෝ නේපාල අගනුවරට කත්මන්ඩුවට වැඩම කර ආනන්ද කුටියෙහි ලැගුම් ගත්හ. 1951 ජනවාරි 22 අග්ගධම්ම, විවේකානන්ද යන තෙරණුන් දෙදෙන මහලු පැවිද්දෙහි පිහිටවූහ. මෙම කටයුත්තට උවදැවුවෝ නේපාල ජාතික කර්මශීල මහ ස්ථවරයෝ ය.
නේපාලයේ ලලිත් පුරයට වැඩම කළ මඩිහේ නාහිමියෝ එහි පැවති “යං මංගල විහාර” නමින්වූ පන්සලේ නම සිරි සුමංගල විහාරයයි, වෙනස් කර පන්සල් බිම සඟසතු කර 1951 මාර්තු 4 වෙනිදා මෙහි සීමාවක් සම්මත කළහ. මෙගමනෙහිදී නේපාලයෙහි ත්‍රිභුවන වීර වික්‍රම ගෘහදෙව රජතුමා හමුවූ බවක්ද වාර්තාවෙයි.
1956 අවුරුද්දේ නේපාලයෙහි කත්මණ්ඩු නුවර පැවැත්වුණු බුද්ධ ජයන්ති උත්සවයටද නේපාල ජාතික අමතානන්ද හිමිගේ ඇරියුම පරිදි මඩිහේ මහා නාහිමියෝ වැඩම කළහ. ලක්දිව භික්ෂු සමාජය එක්සත් කිරීමට මඩිහේ නාහිමියෝ නිතර ප්‍රයත්න දැරූහ. එමෙන්ම නේපාලයෙන් නෙරපා හරිනු ලැබූ ථෙරවාදී භික්ෂුන් වහන්සේලා තායිලන්තය, බුරුමය, ලංකාව ආදී කුමන රටක ඉගෙනීම කර ආපසු නේපාලයට වැඩම කළද නේපාල සංඝයා වශයෙන් වාසය කළ යුතු බවට සම්මුතියක් මඩිහේ නාහිමියෝ ඇති කළහ.
නේපාල දේශයෙහි වැඩම කළ භික්ෂූන් වහන්සේගේ පුහුණුවට වජිරාරාමයෙන් නොමද පිටුබලයක් ලැබුණි.
පැලෑනේ නාහිමියන්ගේ සිසු පිරිසට නේපාල් ජාතික භික්ෂූන් කීප නමක්ම ඇතුළත්වූහ. නේපාලී අමතානන්ද, නේපාලී සුබොධානන්ද, නේපාලී විමලානන්ද ආදී හිමිවරු මේ අතර කැපී පෙනෙයි.
අපවත්වී වදාළ ආචාර්ය ලබුදූවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ විසින් ආරම්භ කරන ලද එක් ශාසනික මෙහෙවරක් වූ ධර්මචක්‍ර විද්‍යාපීඨ පශ්චාත් උපාධි ආයතනය වත්මන් නේපාල බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමට ප්‍රබල පදනමක් දැමීය. ධර්ම චක්‍ර විද්‍යාපීඨ ආයතනයේ ඉගෙනීම සඳහා නේපාල ජාතික හිමිනමක් පළමුව වැඩම කළ අතර පසුකලෙක ධර්මචක්‍ර විද්‍යාපීඨයේම ශාඛාවක් වශයෙන් ආරම්භ කළ සාමනේර පුහුණු පාඨමාලාවට මුලින්ම ඇතුළත් කරගන්නා ලද්දේ නේපාල ජාතික සාමනේරවරු පස්නමකි. පොල්ලමුරේ සෝරත නාහිමි නේපාල දේශයේ සිට ධර්මචක්‍ර විද්‍යාපීඨයේ ඉගෙනීමට පැමිණි නේපාලයේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ සමඟ නේපාල දේශයට වැඩම කළ වන්දනාගමනක දී මතුවූ අදහසක් අනුව නේපාලයේ බෞද්ධ පවුල්වලින් තෝරා ගෙනවිත් කුලදරුවන් නේපාල දේශයේදීම පැවිදි කරවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළහ. පසුව නේපාලයේ පැවිදි කළ භික්ෂුන් වහන්සේ ලක්දිවට වැඩම කරවා සුදුසු අධ්‍යාපන ආයතනවලට යොමු කිරී‍ෙම් වැඩ පිළිවෙළක්ද පොල්ලමුරේ ‍සෝරත මහා හිමියෝ ආරම්භ කළහ.
පසුගිය කාලය තුළ වරින්වර ලක්දිවට පැමිණ කොළඹ විදුදය, විද්‍යාලංකාර, මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය මහරගම ධර්මායතනය ආදී විද්‍යාස්ථානවල අධ්‍යාපනය ලද නේපාල ජාතික භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවකි. ශාසනික සේවයද වෙසෙසින් අවධානයට පාත්‍රවිය යුත්තකි.
මෙලෙස සුසීල, ගුණධර වියත් නේපාල ජාතික භික්ෂු පරපුරක් ඇති කොට එරට නූතන බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට මඩිහේ පඤ්ඤාසීහ මාහිමි ඇතුළු ශ්‍රී ලාංකික සඟ පරපුරෙන් ලැබුණ දායකත්වය සුවිශේෂය.
.

Sunday, May 4, 2014

අහස කඩා වැටෙයි - ජය ශ්‍රී ඇමති තුමනි,

සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ
නන්දසේන රත්නපාල ලකුණ

80 වන ජන්ම දින සැමරුම නිමිත්තෙනි.
සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයට මෙන් ම, සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අනල්ප සේවාවක් කළ විද්වතකු වශයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාලයන් හැඳින්විය හැකි ය. එතුමා 1935 මැයි මස 19 වෙනි දින ඌව පළාතේ, බණ්ඩාරවෙල, කුරුකුදේ නම් පිටිසර ගම්මානයේ උපත ලැබුවේ ය. රත්නපාලයන්ගේ පියා කුරුකුදේ රජයේ පාසලේ විදුහල්පතිවරයා වූ අතර මව ඒ පාසලේ ගුරුවරියක් වූවා ය. රත්නපාල මහතා පවුලේ වැඩිමහල් දරුවා වූ අතර ඔහුට බාල සහෝදරයෝ දෙදෙනෙක් ද, සහෝදරියෝ තිදෙනෙක් ද වූහ.
 රත්නපාල ශිෂ්‍යයා මූලික අධ්‍යාපනය ලැබුවේ කුරුකුදේ රජයේ පාසලෙනි. මේ පාසල සතු කුඩා පුස්තකාලයේ තිබුණ සියලු ම පතපොත පරිශීලනය කිරීමට රත්නපාලට අවස්ථාව ලැබිණි. පසුව රත්නපාල ශිෂ්‍යයා උසස් අධ්‍යාපනය හැදෑරීමට පාණදුරේ ශාන්ත ජෝන් විදුහලටත්, අනතුරුව කොළඹ රාජකීය විදුහලටත් ඇතුළු වෙයි. 1955 වර්ෂයේ දී හේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සරසවි පිවිසුම් පෙළ උසස් ලෙස සමත් වී පේරාදෙණිය සරසවියට ඇතුළු වන්නේ ය.
සරසවියේ ඉගෙනුම ලබමින් සිටි අවධියේ රත්නපාල සිසුන් අතර දීප්තිමත් තරුවක් විය. 1955 වර්ෂයේ දී විශ්වවිද්‍යාලයේ පැවැත් වූ කථික තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා රත්නපාල තරුණයාට රන් පදක්කමක් හිමි වෙයි. මීට අමතරව, ඒ වර්ෂයේ දී ම විශ්වවිද්‍යාලයේ පැවැත් වූ කෙටිකතා තරගයෙන් එතුමාගේ “බළල් පවුල” නමැති කෙටිකතාව ප්‍රථම ස්ථානය දිනා ගන්නේ ය. ඔහු සරසවියේ ඉගෙනුම ලබන අවධියේ බෞද්ධ සංගමයේ සභාපති ධුරය ද දැරුවේ ය.
පේරාදෙණිය සරසවියේ දී සිංහල විශේෂ උපාධිය හැදෑරූ රත්නපාල මහතා දෙවෙනි පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිත ව උපාධිය සමත් වේ. 1959 වර්ෂයේ දී පේරාදෙණිය සරසවියේ සිංහල අංශයේ සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කිරීමට රත්නපාලට අවස්ථාව උදාවෙයි. ඒ විශ්වවිද්‍යාලයේ ඉතා කෙටි කලක් කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ තරුණ රත්නපාල 1960 වර්ෂයේ ජනවාරි 01 වෙනි දා සිට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කිරීමට භාග්‍යය උදාකර ගනී.
එතුමාට එහි නූතන සිංහල අංශයේ ප්‍රධානත්වය ලැබෙයි. නොබෝ කලකින් නූතන සිංහල සාහිත්‍යයේ උන්නතිය උදෙසා රත්නපාලයෝ විශාල සාහිත්‍ය සේවාවක් කළහ. 1960 - 1963 දක්වා කාලය තුළ නූතන සිංහල අංශය ඉතා ජනපි‍්‍රය ස්ථානයක් බවට පත්වන්නේ රත්නපාලයන්ගේ අප්‍රහිත ධෛර්යය හා නොපසුබට උත්සාහය නිසා ය. එහෙත් එතුමා තුළ තිබුණ දක්ෂතාව නො ඉවසූ ඇතැම් උගත් ගැටමාන්නලාගේ කූට උපක්‍රම නිසා නූතන සිංහල අංශය 1963 දී වැසෙයි. මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්. ඒ. උපාධිය ද රත්නපාල මහතා සමත් වී සිටියේ ය. නූතන සිංහල අංශය වසා දැමීම නිසා බලවත් ලෙස කලකිරෙන තරුණ රත්නපාල ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ජර්මනිය බලා පිටත් වෙයි.
1966 වර්ෂයේ දී ආචාර්ය උපාධිය දිනාගෙන දිවයිනට පැමිණෙන රත්නපාල මහතා වසර කිහිපයක් සිංහල අංශයේ සේවය කළේ ය. 1972 වර්ෂයේ දී එතුමා සිංහල අංශයෙන් සමාජ විද්‍යා අංශයට අනුයුක්ත කෙරේ. අනතුරුව සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා එතුමාගෙන් විශාල සේවාවක් සිදු වේ.
රත්නපාල මහතාගෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදුවූ සේවාව පමණක් සාකච්ඡා කිරීමට මේ ලිපියෙන් අපේක්ෂා කෙරේ. එතුමාගෙන් සිංහල කෙටිකතා ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා සුවිශාල සේවාවක් සිදුවිය. රත්නපාල කෙටිකතා සංග්‍රහ තුනක් පළ කළේ ය. “නොලියූ පොත (1955)” එතුමා විසින් රචිත ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. අනතුරු ව හෙතෙම රිදී පෝරු (1969) හා ඒඩ්ස් සහ තවත් කතා (1992) පළ කළේ ය. මොහු විසින් තරුණ අවධියේ දී පළ කරන ලද “කෙටිකතා විචාර මූලධර්ම” නමැති විචාර ග්‍රන්ථය කෙටිකතා ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා මහත් සේ දායක විය.
රත්නපාල මහතාගෙන් සිංහල නවකතා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ද සුවිශාල සේවාවක් සිදුවේ. 1972 දී රත්නපාලයන් විසින් රචිත “නොදනිමි කාගෙ දොසා” නමැති නවකතාව ඔහුගේ ප්‍රථම නවකතා නිර්මාණයයි. පසුව උදා හිරු, අහස කඩා වැටෙයි, ජය ශ්‍රී ඇමති තුමනි, සයිමන් බාස් සහ බිරින්දෑවරු හා ඇවිලෙන ගිනිදැල් යන නවකතා රත්නපාලයෝ පළ කරති. මේ නවකතාවලින් වත්මන් සමාජය කදිමට ප්‍රතිනිර්මාණය කෙරෙයි.
රත්නපාලයන් විසින් සිංහල පද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ද සැලකිය යුතු සේවාවක් කර තිබේ. එතුමා 1960 දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන “මරණින් එහා” පළ කළේ ය. අනතුරු ව 1973 දී “ආන්ත්‍රාවයි” නමින් කාව්‍ය සංග්‍රහයක් හේ රචනා කරයි. රත්නපාලයන් විසින් රචිත අවසාන නිර්මාණය වන්නේ “කලවානේ දී ලියු කවි” නමැති කාව්‍ය සංග්‍රහයයි. මෙය තවමත් ප්‍රකාශයට පත්කර නැත.
රත්නපාලයන්ගෙන් සාහිත්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට මෙන් ම, සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට ද සුවිශාල සේවාවක් සිදුවිය. “ග්‍රන්ථ විචාර” නමැති සඟරාව ඒ අතරින් මුල් තැනක් ගනී. “සිංහල පද්‍ය විචාරය” “කුංකුම චන්දන” ඔහු ෂසින් රචිත සාහිත්‍ය විචාර ග්‍රන්ථවලින් කිහිපයකි. මේ ලේඛකයා අ.පො.ස (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) සිංහල විෂය නිර්දේශ අනුව පතපොත ලියමින් ද සිසුනට අතිමහත් සේවාවක් කළේ ය.
සිංහල සාහිත්‍යය, භාෂාව, සමාජ විද්‍යාව, ජනශ්‍රැති විද්‍යාව, මානව විද්‍යාව හා අපරාධ විද්‍යාව යන විවිධ අංශයන්ට කැපී පෙනෙන සේවාවක් කළ මහාචාර්ය නන්දසේන රත්නපාල 2007 අගෝස්තු මස 07 වෙනි දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමාගේ අභාවයෙන් පසු ඇතිවූ හිදැස පිරවීමට සමත් විද්වතකු තවමත් සාහිත්‍ය හා සමාජ විද්‍යා ක්ෂේත්‍රවලින් පහළ වී නැත.

Thursday, May 1, 2014

පිරිත සංගීතවත් කිරීම වැරැදි ක්‍රියාවක්

ආචාර්ය කොටපිටියේ රාහුල හිමි
බෞද්ධ දර්ශනය යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයයි. එය ඇතැමුන් විසින් ආගමක් යැයි හුවා දැක්වීමට උත්සාහ කළ ද ආගමක මූලික ලක්ෂණවලින් ඔබ්බට ගිය ආකාරයක් එහි ගැබ් ව තිබේ.
ඉංග්‍රීසි බසින් ආගම (Religion) යන අදහසට බාහිර ව දර්ශනය (Philosophy) යන තේරුමින් එය හැඳින්වීම වඩා නිවැරැදි ය. එයට හේතුව ඒ දර්ශනය කිසියම් සමාජයක් හෝ ජන සමූහයක් හෝ යහ මඟ යැවීමට තරම් ගැඹුරු වීමයි.
කිසිදු බෙදීමක්, පෞද්ගලිකත්වයක් නොමැති ව ලෝකය දෙස, මනුෂ්‍යයා, සත්ත්වයන් මෙන් ම විශ්වය දෙස දාර්ශනික ව බලා කරන ලද විශ්ලේෂණයක් ලෙස ද බුදු දහම හැඳින්විය හැකි ය.
මෙහි ඉතා වැදගත් අංගයක් වන්නේ සංස්කෘතියයි. එය කොටස් දෙකකි.
1. නාම, එනම් සිතුම් පැතුම් හා මානසික වශයෙන් සලකන දෑ
2. රූප, එනම් භෞතිකව පෙනෙන ගොඩනැඟුණු ‘ශරීරය’ වශයෙනි.
මේ නාම හා රූප යන අංශ දෙක කෙරෙහි ම බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහමේ මූලික හරය මෙසේ දැක්විය හැකි ය.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං
මෙහි පළමු වැනි පදයෙන් අදහස් වන්නේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වන්නේ සියලු පාප ක්‍රියාවන්ගෙන් වෙන්වීමයි. එහි සරල අරුත නම් මානසික මට්ටම පහත වැටෙන ක්‍රියාවන්ගෙන් වැළකීම ය. මනසින් උසස් මිනිසුන් යම් ක්‍රියාවකින් පහත වැටේ නම් එයින් වැළකෙන්න යන්නයි.
කුසලස්ස උපසම්පදා - මනස හැකිතාක් දුරට උසස් මට්ටමින් දක්ෂ ලෙස පවත්වාගෙන යෑම ය. එනම් ස්වාභාවික ව අප මනස පුහුදුන් වැරැදිවල යෙදීමට පෙලැඹෙයි. එය දක්ෂ ලෙස වළක්වාගෙන, සිතෙන, සිතෙන දේ කිරීමෙන් වැළකී සිත පාලනය කරගත යුතුයි.
මෙහිදී අප මතක තබාගත යුත්තේ ආහාර, නිද්‍රා භය, මෛථුන්‍ය ආදී පොදු අවශ්‍යතා මිනිසුන්ට මෙන් ම අනෙක් ජීවීන්ගේ ද අවශ්‍යතා වන බවයි. එහෙත් තිරිසනුන් මෙන් වේලාව අවේලාව තැන නොතැන නොබලා කටයුතු කිරීමෙන් මිනිසා වැළකී සිටියි.
ධර්මෝ හි තේ ශාම් අධිකෝ විශේෂා (තිරිසනුන් ආදී සතුන් ගෙන් මිනිසා විශේෂ වන්නේ ධර්මානුකූල ව සුදුසු නුසුදුසුතා බලා ක්‍රියාවේ යෙදීම පාලනය කළ හැකි නිසා ය) වශයෙන් කියා ඇත්තේ එයයි.
පස් පව් සඳහා සිත යොමුවන විට ශීලාචාර බව, ලැජ්ජාව, යුක්ති ධර්මය, සමාජ අපකීර්තිය වැනි දේ නිසා මනස පහත වැටීමට නොදී, පාලනය කර උසස් දේම යොමු කිරීමෙන් කුසල් රැස් කිරීමට යොමුවේ.
සචිත්ත පරියෝ දපනං - මිනිසාගේ සිත සංවරකර ගැනීම බුදු දහමේ මූලික හරයයි. ඒ හරය තහවුරු කිරීම සඳහා දේශනා කළ ඉතා සාධාරණ තර්කානුකූ®ල න්‍යාය නම් හේතුඵල වාදයයි. එසේ ම චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය කර්මය, පුනර්භවය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය මගින් ඒ හරය තවදුරටත් අවබෝධ කර ගැනීම පහසු කරවයි.
විශේෂයෙන් ම මූලික සත්‍ය වූ චතුරාර්ය සත්‍යය මගින් යමක පවතින ස්වරූපය හෙවත් දුඞඛ සත්‍ය ද එයට හේතුව කුමක්ද යන්න සොයා ගන්නා සමුදය සත්‍යය ද, ඒ හේතුව නැති කිරීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵලය කුමක්ද යන්න නිරෝධ සත්‍යය ද ඒ සඳහා යා යුතු මග හෝ ක්‍රමවේදය ‘මග්ග‘ සත්‍ය මගින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ.
බෞද්ධ දර්ශනය යන්නෙහි වැදගත්කම වන්නේ කෙලෙස් ප්‍රහීන කර නිර්වාණය ලබා ගැනීමට මෙන් ම එදිනෙදා ජීවිතයේ උද්ගතවන ගැටලු නිරාකරණය කර ගැනීමට ඉතාම සුදුසු මාර්ගෝපදේශය එයින් සැපයීමයි.
මෙවැනි උතුම් වූ දර්ශනයක් වසර දෙදහස් පන්සියයකට වැඩි කලක් ථෙරවාදී භික්ෂූන් වහන්සේ විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන ආවේ ඉතිහාසයේ විවිධ යුගවල ඇති වූ විවිධ බලපෑම් හා ගැටලු බෞද්ධ දර්ශනයට ම අනුකූලව අවබෝධ කර ගනිමින් ඒවා විසඳමින් ය. එහි යම් බැරෑරුම් අවස්ථා උද්ගත වූයේ ත්‍රිපිටකයේ ගැටලු සහගත තැන් ඇතැයි ඇතැම් උගතුන් ප්‍රකාශ කිරීමත් සමඟිනි.
සූත්‍ර හා විනය පිටකය පිළිබඳ ඇතැම් ගැටලු ඉදිරිපත් වුව ද, සමස්තයක් ලෙස ගත් කල මුල් බුදු දහම එහි පවතින බව පැහැදිලි කරුණකි. අභිධර්ම පිටකය බුදු දහම තවදුරටත් අර්ථකථනය කිරීමෙන් අපට ලැබුණු සාහිත්‍යයක් ලෙස සැලකිය හැකි ය.
එනිසා ථේරවාදී බුදු දහම පිළිගන්නේ අභිධර්මය යනු බුද්ධ වචනය ලෙස ය. එහි ගැටලු සහගත තැන් බුද්ධ කාලයේ ම විවරණය කොට ඒවා බුදු රජාණන් වහන්සේ විසින් ඇතැම් අවස්ථාවල අනුමත කරන ලද බවට ද සාක්ෂ්‍ය තිබේ.
නිදසුනක් ලෙස සැරියුත් මහ තෙරණුන් ධම්මදින්නා භික්ෂූනින් වැනි අය වෙත ගොස් තමන්ට අපැහැදිලි තැන් අවබෝධ කරගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඇතැම් පිරිස් ඔවුන් වෙත යැවූ බවත් එහිදී කළ විශ්ලේෂණ උන්වහන්සේ අනුමත කිරීමෙන් බුද්ධ වචනය ලෙස තහවුරු වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. ඒ නිසා ම ඇතැම් උගතුන් ගේ සැකය සාධාරණ ද යන සැකයක් මතුවේ.
එවන් වූ මූලික ත්‍රිපිටකය ඇසුරින් බුද්ධ ඝෝෂ හිමිගේ කාලයේ අට්ඨ කථා, ලියැවුණේ ධර්මය අවබෝධ කරගැනීමට අපහසු අයගේ පහසුව පිණිස ඉතා ම ක්‍රමානුකූ®ල ව කරන ලද විවරණ ලෙසිනි. ත්‍රිපිටකයේ මෙන් ම අට්ඨ කථාවල ද ගැටලු ඇති බව කීව ද බුදුන්ගේ දේශනා අනුව යමින් සැකැසූ දාර්ශනික සාහිත්‍යයක් සහ ඒ දර්ශනය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමෙන් ගොඩනැගුණු සමාජ සංස්කෘතික ලක්ෂණ පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසින් පසු ව මෙය නිර්මාණය වුණු අටුවා, ප්‍රකරණ, ටීකා සහ ඒ ආශ්‍රිත ව පාලි භාෂාව ඇසුරින් පෝෂණය වූ සාහිත්‍යයක් ද විය. එක් අතකින් පැහැදිලි දහමක් ද අනෙක් අතින් ඒ දහම ඇසුරින් සුපෝෂිත දියුණු සමාජයක් ද අපට ලැබුණේ එමඟිනි.
ඒ සංස්කෘතිය සරල ව ම තේරුම් ගත හැක්කේ වැවයි - දාගැබයි යන්නෙනි. ‘වැව‘ යනු භෞතික දියුණුවයි. එනම් ලෞකික සශ්‍රීකත්වයයි. ‘දාගැබ’ යනු ආධ්‍යාත්මික සශ්‍රීකත්වයයි. අපේ සමාජය තුළ ලෞකික මෙන් ම ආධ්‍යාත්මික සශ්‍රීකත්වය පැවැතුණු බවට ඇති හොඳ ම සාධකය ද එයයි.
1505 න් පසු පරදේසක්කාරයන් බුදු දහමට විවිධ බලපෑම් තර්ජන එල්ල කළේ ද සත්‍යාවබෝධය නිසා හික්මුණු මනසින් යුත් අපේ සංස්කෘතියේ ලක්ෂණ වූ ශීලාචාරකම, ඒකීයත්වය සහෝදරත්වය ඔවුන්ගේ පාලනයට මහත් බාධාවක් වූ නිසා ය. කෙසේ වෙතත් එවක රටේ බිහිවුණු ගිහි පැවිදි පිරිස මේ තත්ත්වයෙන් රට ගොඩගන්නට මහත් සේ කැපවුණු බව ද නොකියා ම බැරි ය.
එසේ බේරාගත් අපේ මෙන් ම ලෝකයේ උරුමයක් වූ බෞද්ධ සංස්කෘතියට නූතනයේ එල්ල වී ඇති බලපෑම විටෙක එදාටත් වඩා දරුණු යැයි සිතිය හැකි ය. ඊට පළමු වැනි හේතුව වන්නේ ඒ ඒ ආගම්වලට අද තම තමන්ගේ අනන්‍යතාව රැක ගැනීමට නොහැකි ව පසුවීම යි.
වසර දහස් ගණනක් අඛණ්ඩ ව ආරක්ෂා කරගත් දර්ශනය හා සංස්කෘතියට, එමෙන් ම ලොව ම පිළිගන්නා පුරාවිද්‍යාත්මක සාධක, සාහිත්‍යය හා ඉතිහාසාත්මක සාධක මෙන් ම ත්‍රිපිටකය වැනි ලිඛිත සාධකවලට අද අභියෝග එල්ල කරන්නේ අපේ ම පිරිස් වීම මෙහි කනගාටුවට කරුණයි.
එමඟින් සාමාන්‍ය ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කරන සැකය මගින් බෞද්ධ දර්ශනය කෙරෙහි ඇති ගෞරවය හීන කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. බුද්ධ දේශනය හා අභිධර්මය පිළිබඳ නිවරැදි දැක්මක් නැති අර්ථකථන සැපයීමෙන් ඇතැම් පිරිස් ඒ බව සනාථ කිරීමට උත්සාහ දරයි.
නිදසුනක් ලෙස ‘අසපු’ යනු පෙරදිග සංස්කෘතියේ හින්දු ක්‍රමය අනුව සංගීත, වෛද්‍ය, ආදී බෞද්ධ නොවන යම් ලෞකිකත්වයක් තුළ රැඳුණු ආකල්පයකි. පන්සල හා සම්බන්ධ වන්නේ පන්නසාලා, විහාර ආරාම, පරිවේණ ආදිය වේ.
ඒ හැරුණු කොට මෙතෙක් බෞද්ධ සංස්කෘතිය තුළ බුදුන්ගේ කාලයේ හෝ අටුවා කාලයේ හෝ 20 වැනි ශත වර්ෂය දක්වා ම බෞද්ධාරාමවලට අසපු යන්න භාවිත වී නැත. එය සොයා කළ පර්යේෂණවලදී හමු වූයේ The word is not found anywhere in the cannon. යනුවෙනි. එනම් බෞද්ධ අර්ථථයෙන් භික්‍ෂුන් වහන්සේ හට අසපු නැත. එය වෙනස් වූ සංස්කෘතියක වින්දනාත්මක පැතිකඩක් පමණකි.
නමුත් පන්සල තෙරුවන් වැඩි තැන් ය. ආරාම, අධ්‍යාත්මයට ඇලෙන තැන් ය. විහාර, තෙරුවන් වැඩ සිටින, සරලත්වය අගයන, සිත හික්මවීමට මෙහෙය වන තැන් ය.
දෙවැනි කරුණ නම් මෙතෙක් පැවැති බෞද්ධ සංස්කෘතියේ ඇතැම් සිරිත් විරිත්, දානමාන පින්කම්, පිරිත් පින්කම්, ධර්ම දේශනා, සත් දවසේ දානය, අට පිරිකර පූජාව ආදිය පිළිබඳ ඒ පැවැති සංස්කෘතික රාමුවෙන් බොහෝ ඔබ්බට ගොස් විවේචනය කරමින්, එයට වාණිජ අරමුණු සපයමින් ජනපි‍්‍රය කරවීම ය.
තෙවැනුව පිරිත් දේශනය පිළිබඳ ජනතාව තුළ ඇති කිරීමට උත්සහ ගන්නා වැරදි මතයයි. පිරිත යනු බුද්ධ ධර්මයේ ඇතැම් සූත්‍ර දේශනා ගෙන ඒවා නිසි ලෙස ශබ්ද උච්චාරණය කරමින් ස්වර ව්‍යංජන යම් රිද්මයකට හසුරුවමින් මෛත්‍රියේ බලය හා සත්‍යයේ බලය ගොඩනැඟීමයි.
එය පාලි භාෂාවෙන් කරන ලද ක්‍රමානුකූල බන්ධනයකි. එහි බණ වරක අකුරු 8000 බැගින් බණවර හතර සඳහා අකුරු 32000 ක් නිශ්චිත ව ම ගණ පිහිටවා ඡන්දස් අලංකාරවලට අනුව ගොඩනැඟූ සාහිත්‍යයකි.
එවන් වූ වටිනා පිරිත අද ක්‍රම දෙකකින් “බාල්දු” වෙමින් පවතී. පළමුවැන්න පිරිතට සංගීතය සැපැයීමයි. මෙය ලෝක විනාශයක් බඳුයැයි කීවද නිවැරදි ය. හේතුව සංගීතය හා පිරිත යනු ආකාර දෙකකින් බැලිය යුතු අංශ දෙකක් වන නිසා ය. පිරිතෙන් මනස එක් ආකාරයකින් පාලනය කෙරේ. එයට සංගීතය මුසු කිරීම යනු පිරිතේ නිර්මලත්වය පළුදු කිරීමකි.
දෙවැනි ව පාලිය ළාමක වචනවලට යොදමින් සිංහලෙන් පිරිත් කීම ය. එමඟින් සිදු වන්නේ පිරිතකින් ලැබිය යුතු ප්‍රතිඵල නොලැබී යාමයි. මෙහිදී අවධාරණය කළ යුත්තේ අප කුමනාකාරයේ නව නිර්මාණයක් කළ ද යම් දෙයක මූල බීජයට හානි නොකළ යුතු බව ය.
තවත් ආකාරයකින් බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට ගන්නා උත්සාහයක් ලෙස දැකිය හැක්කේ මෙතෙක් පන්සලෙන් පිටත්වන බෞද්ධ පෙරහැර වෙනුවට බෝධි සත්ත්ව පෙරහැර, මාතෘ පෙරහැර, දේව පෙරහැර ආදිය උත්සව ශ්‍රීයෙන් පිටත් කිරීමයි.
අදටත් අපේ පන්සලකින් පිටත්වන පෙරහැරක මූලිකත්වය දිය යුත්තේ බුදු රජාණන්වහන්සේට ය. බුදුන් බුදුගෙයි තබා දෙවියන් පෙරහැරේ වැඩමවන රටක් බවට ක්‍රමයෙන් පත්වීම බෞද්ධ සංස්කෘතියට මහත් හානියකි.
එසේ අවශ්‍ය නම් කළ යුත්තේ දළදා පෙරහැරේ මෙන් මූලික ගෞරවය නිසි ලෙස බුදු හිමියන්ට ලබාදී පසුව දෙවිවරුන් පෙරහැරට එක් කිරීමයි.
මව්වරුන්ට සැලකීම පිළිබඳ ඉතා නිවැරදි ව දක්වා ඇත්තේ බුදු දහමේ ය. එය “මරිය මාතා” උත්සවයක් මෙන් ජන මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරමින් අපේ සංස්කෘතිය ක්‍රමයෙන් වෙනස් කිරීමට දරන උත්සාහය ද නුසුදුසු එකක් වග සැබෑ බෞද්ධයෝ පිළිගනිති.
ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට සිදු ව ඇත්තේ ද එවැනි ම අකටයුත්තකි. බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමිපාණන් වැලිවිට සෝරත ස්ථවිරයන් වැනි පණ්ඩිත හාමුදුරුවරුන් පනස් නමක් පමණ වසර 32 ක් පුරා මහන්සියෙන් කරන ලද සංස්කරණය පිරිසිදු සිංහල සහ ධර්මය අඩංගු කර තිබියදී ඇතැම් අය තමන්ට වැටහෙන පරිදි අභිධර්මය පවා පරිවර්තනය කිරීමට පෙලඹී තිබේ.
බුදු රජුන්ගේ කාලයෙන් පසු විවිධ නිකාය ඇතිවීමට ද හේතුව මෙවැනි ම විවිධ වූ අර්ථකථන ධර්මයට ලබා දීමයි. කෙසේ වුවද අද වනවිටත් වාසනාවකට මෙන් මෙරට නිකාය භේදය විහිලුවක් පමණක් වී තිබේ.
කනගාටුවට කරුණ නම් වර්තමානයේ ද එදා මෙන් නිසරු අර්ථකථන නිසා දර්ශනය විකෘති වීමේ තත්ත්වයකට මග පෑදීමයි. එයින් සිදුවන තවත් විශාල හානියක් වන්නේ බුදු දහමෙන් පෝෂණය වන අපේ සාහිත්‍යය ආදී අංග ද විකෘති අයුරින් ගොඩනැඟීමට ඇති ඉඩකඩ වැඩිවීම ය.
ආගමික අනන්‍යතාව රැක ගැනීම ඒ ඒ ලබ්ධිකයන් විසින් නිසි අවබෝධයෙන් යුතුව කළ යුත්තකි. බෞද්ධයන් අන්‍ය ආගමික සංස්කෘතීන් “කොපි” නොකළ යුතුවාක් මෙන්ම අනන්‍යයන් ද බෞද්ධ සංස්කෘතිය අනුකරණය කිරීමෙන් සිදුවන්නේ අදාළ ආගමික සංස්කෘතික වටිනාකම් බිඳ වැටීමයි.
මූලික ආගම්වල පිරිස් පවා මේ සිදුවීම හෙළා දකිනු නියත ය. එයට හේතුව ඒ ඒ ආගම් නිසා ඇතිවූ සමාජ සංස්කෘතීන් හා ඒවා උරුම කරගත් භාෂා ලක්‍ෂණ, වචන, සාහිත්‍යය ආදිය වෙනස්වීම නිසා තම අනන්‍යතාවට හානි වීමයි.
වෙසෙසින් ම බොදු සමාජයේ බිහිවන බොහෝ ගද්‍ය පද්‍ය ආදිය පමණක් නොව සිතුම් පැතුම්වල පවා, උපතේ සිට මරණය දක්වා ම බෞද්ධ දර්ශනය හා බැඳුණු සිරිත්විරිත්වල බලපෑම දක්නට ලැබේ.
ඒ සාහිත්‍යය තුළ ශාස්ත්‍රිය පැතිකඩ මෙන් ම ඉන් බාහිර වූ ජන ජීවිතය පවා හෙළි කරයි. නමුත් සාහිත්‍යයේ පවා අද යම් පසුබෑමක් වේ නම් එයට හේතුව ද අපේ සමාජ සංස්කෘතියට එල්ල වූ බලපෑම් හා විකෘති කිරීම් යැයි සඳහන් කිරීම වරදක් නොවේ.
ඒ සංස්කෘතිය කෙතරම් වටනේ ද යත් අපේ ඇත්තන් අත්තනෝමතික ව ක්‍රියා කරන අතර බටහිර සමාජය බෞද්ධ දර්ශනය හා අදාළ කරුණු තම ජීවිතයට අදාළ කර ගැනීමට දරන උත්සාහය සතුටුදායක මට්ටමින් වර්ධනය වී තිබේ.
මෙවැනි තත්ත්වයක් ඇති ව තිබෙන්නේ බෞද්ධාගමික සංස්කෘතිය තුළ අන්‍යාගම් පහත් සේ සැලකීමක් හෝ හෙළා දැකීමක් සිදු නොවීමයි. ආගමික සහනශීලීත්වය ඉහළින්ම පවතින දර්ශනය බෞද්ධ ධර්මය ලෙස පැවැසීමේ කිසිදු වරදක් නොවේ.
එනිසා ම බරපතළ සංස්කෘතික ගැටුමක් ඇති කරමින් බෞද්ධ දර්ශනය හා බැඳුණු සංස්කෘතියට එල්ල කිරීම මාන බලන බලපෑම මර්දනය කිරීම සඳහා සැබෑ බෞද්ධයන් පෙළගැසිය යුතු කාලය එළැඹ ඇත.

Monday, April 21, 2014

ලොව්තුරු ගුරුවරයා

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ විසින් විරචිත මේ ලිපිය 1980 දිනමිණ වෙසක් කලාපයේ පළ විය. බුදුන් වහන්සේ මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනඥයා බව මේ ලිපියෙන් අවධාරණය වේ.
බුදුවරයින් ආචාර්යවරයින් පමණෙකැ යි යෙති. සැබැවි. ගෞතම බුදුන් වහන්සේ කිසිත් අයුරෙකින් නො දෙවැනි ආචාර්යවරයාණ කෙනෙක් වූ හ. බුද්ධත්වය ලැබීමෙන් පසු උන්වහන්සේ ම එසේ වදාළ හ. “අහං සත්තා අනුත්තරෝ” එහෙත්, බුදුන් උගත්තේ ගුරුවරයකු වෙතින් නො වේ. උන්වහන්සේ ලැබ ගත් දැනුම් සම්භාරය එක්රැස් වූයේ සංසාරයෙනි; පුන පුනා ලැබ ගත් භවයන් ආශ්‍රයෙනි. උන්වහන්සේ ප්‍රගුණ කොටැ ගත් අවබෝධය ලද්දේ භාවනාමය අධ්‍යයනයෙනි.
තමන් වහන්සේ සර්වඥ බව ලද ද, ධර්මය අනුනට උගැන්විය යුත්තක් ද යන්න පිළිබඳව එතුමෝ යම් සැක පළ කළ හ. ‘මෙම ධර්මය මා වටහා ගත්තේ අමාරුවෙනි. දැන් එය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවෙක් නො වේ. කාමයෙනුත් ද්වේශයෙනුත් ඇළැලී ගියවුනට මේ පහසුවෙන් නොවැටැහෙනු ඇත. මෝ අන්ධකාරයේ ගිලුනවුන් ධර්මය නොදකිනු ඇත.’ ධර්මය දේශනා කොට වදාරන්නැ යි සහම්පතී බ්‍රහ්මරාජයාණන් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ ලු.
බ්‍රහ්මයා ගේ පැමිණීම යනු බුදුන් වහන්සේ ගේ සිත තුළ සිට තර්ක – විතර්ක දැක්වීමේ සංකේතයක් දැ යි අපි නො දනිමු. කෙසේ වුවත්, ශ්‍රේෂ්ඨ ගුරුවරයාණ කෙනකු වූ බුදුන් මෙම ප්‍රශ්නය ගැන ගැඹුරින් සිතූ අයුරු යි. අවසනැ, තීරණයකට එළැඹි එතුමෝ වදාළ හ. “අමරණීයත්වයේ දොර ඔවුනට හැරී ඇත. දෙකන් ඇත්තෝ විශ්වාසී වැ අසා ගනිත්වා.” මෙසේ තීරණයක් ගැන්මෙහි ලා එතුමන් නිරත වූයේ ප්‍රතිග්‍රාහි ජනයාගේ් ගති ලක්ෂණ කවරේ දැ යි විග්‍රහ කිරීමෙන් පසුව ය. මින් සියවස් විසිපහකට පසු, අද, මේ ඉසෙට අධ්‍යාපනික මූලධර්මයක් යැ යි අපි මුර දෙමු!
පංචමහා විලෝකනය යනු හුදෙක් බුද්ධචරිත සිද්ධියක් පමණක් සේ නොගත මනා ය. එහි වැදගත් අධ්‍යාපනික මූල මූලධර්මයක් ගැබ් ව තිබෙනු වන්නට පිළිවන. පස්මහ බැලුමින් සිදු වූයේ අර්ථවත් අධ්‍යාපනික ක්‍රියාවලියක් දියත් කිරීම සඳහා උචිත වාතාවරණයක් වෙත් දැ යි උරගා බැලීමෙකි. බුදුන් වහන්සේ මෙලෝ ඉපැදීමට තෝරා ගත්තේ මෝහාන්ධකාරය ධර්මප්‍රදීපයෙක් පෙහෙළි කිරීමට අවශ්‍ය ව තිබුණු වකවානුවෙකි. බුදුන් වහන්සේ උපත ලද දේශය, අධ්‍යාත්මික දියුණු සඳහා වැර දැරුවන් ගහණ වූවෙකි. එතුමන් ලද රාජකීය සම්බන්ධය, එතුමන් පැහැයූ ඇතැම් මූලධර්මයනට පාදස්ථ විය. තමන් හිමිකම් දැරූ රාජ්‍යයක් පිටු අතින් වෙතින් ඉවත් නොකරන ලද නම්, “කම්මනා හෝති බ්‍රාහ්මණයෝ යැ යි එතුමන් කෙසේ දෙසන්නට ද?
ගුරුවරයකු වෙත තිබිය යුතු යැ යි යෙන භෞතික ලක්ෂණ සියල්ල බුදුන් වහන්සේ හට තිබිණැ යි පතළ ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්හි මේ සියල්ල ඇතුළත් වෙයි. හැරත් “මම් ලොවට අග වෙමි, දෙටු වෙමි, සෙට වෙම් මම් යි එතුමන් පැවැසූ හයි සඳහන් වේ. කෙතරම් දැඩි ආත්ම විශ්වාසයක් ඒ වචන තුළ ඇත් ද? ගුරු කමට පදනමයි ආත්ම විශ්වාසය.
තථාගතයින් වහන්සේ තුළ වූ ආත්ම විශ්වාසය එතුමන්ගේ හුදු පිරිසුදු බවින් මැ ජනිත වූ සේ ය. බුදුන් පසු පසැ අවි අමෝරා ගත් අඟුල්මල්හු දිවැ එන්නා හ. බුදුන් එක වනැ සිටිතත් උන්වහන්සේ දිවෙන සේ දකින සොරහු, පසු පසැ ලුහුබැඳැ හතියෙන් මුර දෙති “මහණ, සිටිනු” යි කියා වදාරති. බුදුහු “මම නැවතුනේ වෙමි” යි ඒ දහම පහදති උන්වහන්සේ.
සියල් සතුන් වෙතැ
කුරිරුකම් අත් හැරැලූ
මම් නැවතුණේ වෙම්
සසරේ පැතුම් බලයෙන්.
ඔබ ඔසොවති යුගත්
සෝවුරු ලෝ සතන් වෙත්
එබැවිනි ඔබ නොනැව තුණු
මම් සදා නැවැතුණු වෙම්”
කෙතරම් දෘඪ ආත්ම විශ්වාසයක් තුළින් නැඟුණු කියමනක් ද?
අධ්‍යයන අභිමතාර්ථ යනු අධ්‍යාපන විද්‍යා ක්ෂේත්‍රයේ අලුත් සංකල්පයක් ලු. එහෙත්, බුදුන් වහන්සේ එකලැ ම ඒ දුටු සැටි යි. උන්වහන්සේ ගේ අධ්‍යාපනික ක්‍රියාවලියෙහි පොදු පරමාර්ථය වූයේ නිර්වාණලාභය යි. ඒ පරමාර්ථය ළගා කැර ගැන්මට අවශ්‍ය වූ දැනුම් – හැකියා - ආකල්ප රටාව එතුමෝ ගැබ් කළ හ. චතුරාය¸ සත්‍ය සහ ආය¸ අෂ්ඨාංගික මාර්ග තුළ සසරින් මිදුමට නම්, දුක පිළිබඳ දැනුම අප තුළ තිබිය යුතුයි. දුකට හේතුව වටහා ගත යුතුයි. දුක නැති කිරීම පිළිබඳ ආකල්පය ස්ඵූට කර ගත යුතු යි. දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කර ගත යුතුයි. දුක නැති කිරීම සඳහා අවශ්‍ය වන හැකියා සමුද්‍රය යි ආය්‍ය¡ අෂ්ඨාංගික සමුද්‍රය මඟින් උගැන්වෙනුයේ. සියවස් විසිපහකට ද ඈත අතීතයේ දී නිර්මාණය කරන ලද්දක් බව සැලකෙත් ම, මෙම අධ්‍යාපන සැලැස්මේ මහඟු බව වැඩි වෙයි!
අධ්‍යාපනය සඳහා බුදුන් වහන්සේ යොදා ගත්තා වූ ක්‍රමෝපාය ද අතිශයින් විද්‍යාත්මක ය. රාහුල තෙරුනට, සත්‍යය පැවැසීමේ වැදගත්කම සනාථ කරනු සඳහා බුදුන් යොදා ගත් ක්‍ර‍්‍රමය ම කෙතරම් අනැඟි ද? කළයෙහි තිබි දියෙන් පා දොවා ගත් එතුමෝ, නැවැත කළය උඩු අතට හරවා, එහි රැඳී තිබී දිය සිඟිත්ත දක්වා, වදාළ හ මෙසේ: “අර බඳු වැ නොපළයැ රහුලනි, බොරු පවසන්නට තරම් නිර්ලජ්ජි වන්නන්ගේ මහණකම.” ඉතිරි දිය බිඳ ද ඉවත ලූ බුදුහු මෙසේ ද වදාළහ. “බොරු කීමට නිර්ලජ්ජි වූවන්ගේ මහණකම එසේ ඉවත්යැ රහුලනි.” අනතුරු ව කළය මුණින් නවා ලූ එතුමෝ එබන්දන්ගේ මහණ බව නොපිට හැරී” යැ යි වදාළෝය. අවසන් වශයෙන් හිස් කළයද නැවැත ද උඩු දෙසට හැරැවූ තථාගත ගුරුන් වහන්සේ දෙසූ හ: “බොරු පැවැසීමට තරම් නිර්ලජ්ජි වූවන්ගේ මහණකම මෙසේ ම හිස් ය, රහුලනි” කියා. මෙබඳු මූලධර්මයක් මීට ද වඩා පැහැදිලි ව කවුරු කෙසේ දක්වත් ද?
තමන් ගේ අධ්‍යාපනික අභිමතාර්ථයන් සඳහා අවශ්‍ය වූ දැනුම පමණක් තෝරා බේරා දීම ද බුදුන් ගේ ශ්‍රේෂ්ඨ ගුණයක් වූ සේ යි. “ලෝක විෂය අචින්තෙය්‍ය” යනුවෙනුත්, “සත්ව විෂය අචින්තෙය්‍ය” යනුවෙනුත් එතුමන් වදහළේ ඒ අධ්‍යාපනික මූලධර්මය පදනම් කොට වියැ යුතු යි. තමන් ගේ ම ඉගැන්වීමෙහි සීමාවන් දැක්වීමෙහි ලා එතුමන් උපයෝගී කැර ගත් ක්‍රමය අගනේ ය. කැලයෙන් කොළ මිට අතට ගත් එතුමෝ “සමණෙනි මෙතෙක් මා - ඔබ වෙත දැක්වූ දහම මෙ පත් මිට පමණි – අන් දැනුම් මේ වලැ පත්” යැ වදාරා තම මතය පහන් කළ හ.
අචිරවතී නදී තිරයෙහි බ්‍රාහ්මණයෙන් ජීවත් වූයේ ය. හේ් අවිද්‍යාවෙහි ගැලී සිටියෙකි. ඔහුට නිවන් මග පසක් කරන්නට සුදුසු අවස්ථාවක් යෙදෙන තුරු යි බුදුන් වහන්සේ කල් බැලුයේ.
එක් වසරෙක, අචිරවතිය දෙගොඩ තලා ගලා ගියේ ය; බ්‍රාහ්මණයා ගේ වතු පිටි විනාශ විණ. දුකින් බර වූ හේ කල්පනාවෙහි නිමග්න ව සිටියේ ය. බුදුන් දහම් දෙසුමට ලබා ගත් අවසරය එය විය. ප්‍රතිග්‍රාහී මනැසෙකින් යුත් වූ බ්‍රාහ්මණයා සෝථාපන්නයට පත් වී. අධ්‍යාපනයක් දීමට වූව, සුදුසු මානසික පසුබිමක් වියැ යුතු බැවු දත් හ සම්මා සම්බුදුහු.
අධ්‍යාපනඥයකු වශයෙන් තිලෝගුරුන් සියල්ලන් අභිබවා ගිය තැනෙකි, කාලාමයනට දේශනා කළ අවස්ථාව.
”ඇසූ දුටු පමණින්
නො අදහනු ලොවැ කිසි දේ
සමණකු වුව ද දෙසු
කම් නැහැ කාලාමයෙනි.
නැණැ’සින් දකිත් නම්
නිවරද සෙ විමැසෙත් නම්
දරනු අදහනු වනු
පිළිගෙනැ අනු වැ දිවි යනු”
ලෝරදුන් ගේ අධ්‍යාපන ක්‍රමෝපායෙහි ශ්‍රේෂ්ඨතම අදියරයි, ඉගැනීමේ ඵල නෙළීම පිළිබඳ ව උන්වහන්සේ දේශනා කළ අවස්ථාව. සද්ධර්මය මගින් ළැඟෙන ප්‍රතිඵලය වූ නිවන කවර දා ලැබ ගත හැකි වේ ද?
”නිවන ඔබ වෙත ඇත
අද, මෙහි මැ වේ ඔබ අතැ.
දිරිය යි යුතු පවන
කුමන දිඟු කරනු මෙසසර සත?”
එසේ නම්, තිලොවැ අසම වූ ගුරුන් ගේ අධ්‍යාපන ක්‍රමෝපාය සාර්ථක වී යැ යි අගැයිය හැකි ද? මෙතෙක් ඒ මඟැ ගොස් අජරාමර වූ සියල් සත්හු ඊට දෙස් දෙත්වා.

Thursday, January 9, 2014

මනමේ නාටකය, සංස්‌කෘතික ඉතිහාසය හා සංස්‌කෘතික විචාරය

මනමේ නාටකය, සංස්‌කෘතික ඉතිහාසය හා සංස්‌කෘතික විචාරය

ලියනගේ අමරකීර්ති

මනමේ ප්‍රත්‍යාවලෝකනය නමින් ප්‍රයෝජනවත් කරුණු සහිත ග්‍රන්ථයක්‌ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ පී. බී. ගලහිටියාව යන වියතුන් විසින් සංස්‌කරණය කෙරිණ. මනමේ නම් කලා කෘතියේ පමණක්‌ නොව එම සංස්‌කෘතික වස්‌තුවේ වැදගත්කම වටහා ගැනීමේදී ප්‍රයෝජනවත් වන ලිපි එකතුවක්‌ එහි වෙයි. මනමේ වැනි විශිෂ්ට කලා කෘති හුදෙක්‌ කලා කෘති පමණක්‌ නොව සිංහල සංස්‌කෘතික ඉතිහාසයේ ස්‌ථම්භකයන් වන සංස්‌කෘතික වස්‌තුද වෙයි. මෙම රචනය එම මනමේ ප්‍රත්‍යාවලෝකනය කෘතිය දොරට වැඩිදා මා කළ දේශනය ඇසුරින් සැකසුණකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ නාටකය පිළිබඳ ප්‍රත්‍යවලෝකනයක යෙදෙන විට ප්‍රවේශ කිහිපයක්‌ ගත හැකිය. මෙහිදී මා ගන්නේ සංස්‌කෘතික විචාරකයාගේ ප්‍රවේශයයි. මනමේ නම් සංස්‌කෘතික වස්‌තුව විසි එක්‌ වැනි සිය වස සඳහා අලුතින් වටහා ගන්නේ කෙසේද? එහි එන තේමාත්මක හරයත්, ඒ කෘතිය නිර්මාණය වූ ඓතිහාසික පසුබිමත් ඇසුරින් වර්තමානයේ අපට ඉගෙනගැනීමට ඇති දේ මොනවාද යන ප්‍රශ්න අප විසින් අලුතින් සිතා බැලිය යුතුය.

මනමේ නාට්‍ය ඇතුළු සරච්චන්ද්‍රගේ නාට්‍ය කලාව ගැන කතා කරන විට බොහෝ දෙනෙක්‌ එහි භාෂා විශිෂ්ටතාව ආදිය ගැන කතා කරති. මෑත ඉතිහාසයේ අපට සිටි වදනිසුරු බවින් අගතැන්පත් ලේඛකයෙකු වන ඔහුගේ කලාව ගැන කතා කරන විට ඔහුගේ කවීත්වය ගැන කතා නොකර බැරිය. එහෙත් මේ රචනයේදී මා ඒ අංශය ගැන කතා කරන්නේ මඳ වශයෙනි. සිංහල කාව්‍ය සම්ප්‍රදාය නම් කෘතියේදී ගුණදාස අමරසේකර විසින් සරච්චන්ද්‍ර හැඳින්වෙන්නේ විසි වැනි සියවසේ සිටි විශිෂ්ටතම කවියෙකු වශයෙනි. එය ඒත්තු යන තර්කයකි. කිසිම කවි පොතක්‌ නොලියූ සරච්චන්ද්‍රයන්ට විශිෂ්ට කවියෙකු වන අමරසේකර විසින් පිදෙන එම ගෞරවය අප විසින්ද පුදනු ලැබිය යුතුය. එහිලා මෙම රචනයේදී මම තරමක්‌ වෙනස්‌ ප්‍රවේශයක්‌ ගනිමි.

සංස්‌කෘතිය හා කලාව

ඕනෑම යුගයක විශිෂ්ට කලාව ඒ කෘතිය පහළ වන සංස්‌කෘතිය සම්බන්ධයෙන් ප්‍රවේශ දෙකක්‌ ගත යුතුය. එකක්‌ නම් සංස්‌කෘතික සංරක්‌ෂණයයි. අනෙක සංස්‌කෘතික සංස්‌කරණයයි. මනමේ නාටකය මේ කාරණය සම්බන්ධයෙන් විශිෂ්ට නිදර්ශනයකි.

එය සංස්‌කෘතික සංරක්‌ෂණය කරන්නේ කෙසේද? එය ආකාර කිහිපයකින් සිදු වේ. මනමේ නාටකයකට විෂය වන්නේ ජාතක කතාවකි. එය චුල්ලධනුද්ධර ජාතකය නම් වේ. එමගින් සරච්චන්ද්‍ර ජාතක කතාව නම් සංස්‌කෘතික උරුමය සංරක්‌ෂණය කරයි. එනම් ජාතක කතාව විසිවැනි සියවස කරා ගෙනැවිත් ඊට නව අදාළත්වයක්‌ ලබා දෙයි. ජාතක කතාව අලුත් යුගයක්‌ වෙත කතා කරවයි. ජාතක කතාව නම් ශානරය (genre) තුළ අඩංගු වන අර්ථමය හා ආඛ්‍යානමය විභවතා අලුත් පරම්පරාවක්‌ වෙත විවෘත කරයි. එමගින් අපේ සංස්‌කෘතියේ වැදගත් උරුමයක්‌ වන ජාතක සාහිත්‍යය සංසරක්‌ෂණය කරයි. විශිෂ්ට කවියෙකු වන සරච්චන්ද්‍ර සිය නාට්‍ය සඳහා ජාතක කතා පදනම් කර නොගත්තේ යෑයි මොහොතකට සිතන්න. එසේ වී නම් ජාතක කතාව නම් සාහිත්‍යයට අපේ නූතන සාහිත්‍ය ඉතිහාසය තුළ හිමි වන වැදගත්කම කෙසේ වෙනු ඇද්ද? මට නම් සිතෙන්නේ සරච්චන්ද්‍ර නිසා සිංහල ජාතක කතාවට නව වැදගත්කමක්‌ ලැබුණ බවයි. යම් පැරණි යුගයකට සාහිත්‍ය ශානරයකට නව යුගයකදී නව වැදගත්කමක්‌ ලැබීමට නම් ඒ අලුත් යුගයේ සිටින විශිෂ්ටතම කලාකරුවන් ඒ පැරණි ශානරය උරුම කර ගත යුතුය. සිංහල ජාතක කතාවට සරච්චන්ද්‍ර වෙසින් මුණ ගැසෙන්නේ විසි වෙනි සියවසේ විශිෂ්ටතම සාහිත්‍යකරුවෙකි. ඒ අතින් සරච්චන්ද්‍ර ජාතක කතාවට කළ මෙහෙය සදාතනික එකකි.

කෝට්‌ටේ කවි බස

ජාතක කතාවට අමතරව සරච්චන්ද්‍ර විසින් සිංහලයේ එක කාව්‍ය භාෂා ධාරාවකටද විසි වැනි සියවසේදී නව අදාළත්වයක්‌ දෙයි. ශ්‍රී රාහුල හිමියන්ගේ කවි බස හා කවි යෙදුම් එහෙම පිටින්ම පාහේ සරච්චන්ද්‍රගේ නාට්‍යවල එන බව ප්‍රකට කරුණකි. සැලළිහිණියේ එන ඇතැම් යෙදුම් (ලප නොමවන් සඳ") මනමේ නාටකයෙහි එලෙසින්ම දැකිය හැකිය. ශ්‍රී රාහුල හිමිගේ වචන පමණක්‌ නොව රූපකාර්ථවත් යෙදුම්ද සරච්චන්ද්‍ර අලුත් අර්ථදීම සඳහා භාවිත කරයි. එමගින් ඔහු කෝට්‌ටේ යුගයේ කවි බසට විසි වැනි සියවසේදී නව අදාළත්වයක්‌ දෙයි. මේ වූකලී සංස්‌කෘතික සංරක්‌ෂණයකි. විශිෂ්ට කලාකරුවන් සංස්‌කෘතිය රකින්නේ නව සංස්‌කෘතියක්‌ නිර්මාණයේලා පැරණි සංස්‌කෘතික උරුමය භාවිතයෙනි. එමගින් අර සංස්‌කෘතික උරුමයට නව මුවහතක්‌ද ලැබේ.

එසේම "නාඩගම" නම් ගැමි නාටක විශේෂයද සරච්චන්ද්‍ර ඉතා නිර්මාණශීලී ලෙස විසි වෙනි සියවස කරා ගෙන එයි. එමගින් නාඩගම නම් නාට්‍ය විශේෂයද නාඩගම් සංගීතයද අපේ යුගය වෙත එයි. ශ්‍රී රාහුල හිමිගේ කවි බසත් ගැමි නාටක විශේෂයක්‌ වන නාඩගමත් විසි වෙනි සියවසේදී විශිෂ්ට කලාවක්‌ නිර්මාණයට දායක කරගන්නා නිසා සරච්චන්ද්‍ර අතින් විදග්ධ සාහිත්‍ය සම්ප්‍රදාය සේම ජනකලා සම්ප්‍රදායත් විසි වෙනි සියවසේදී සංරක්‌ෂණය වේ. මේ වූකලි කලාකරුවෙකුට තමන්ගේ සංස්‌කෘතිය සම්බන්ධයෙන් දැක්‌විය හැකි හොඳම ප්‍රතිචාරයයි.

සංස්‌කෘතික සංස්‌කරණය

විශිෂ්ට කලාව ඒ කලාව බිහි වන සංස්‌කෘතිය සංස්‌කරණය කරන්නටද දායක වේ. එය සිදුවන්නේ කෙසේද? මනමේ නාටකයට ජාතක කතාවක්‌ විෂය කරගත්තද සරච්චන්ද්‍ර ඒ ජාතක කතාවේ හරයෙහි එන එක වැදගත් අංගයක්‌ ප්‍රශ්න කරයි. ජාතක කතාව වූකලි ස්‌ත්‍රිය යනු ස්‌වභාවයෙන්ම පාපයට නැඹුරු කෙනෙකිය යන දෘෂ්ටිවාදය දරන්නකි. සරච්චන්ද්‍රයෝ මේ දෘෂ්ටිවාදය ප්‍රතික්‌ෂේප කරති. මනමේ නාටකයේ එන හැටියට මනමේ කුමරිය වැද්දා ඝාතනය කිsරීමට කඩුව නොදෙන්නේ ඇය වැද්දා කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්‌ත වන නිසා නොවේ. ඇය කරන්නේ ආචාරධාර්මික තර්කනයකි. හොඳ-නරක විනිශ්චයකි. තම ගෝලයන් ලවා මනමේ කුමරා පහසුවෙන්ම ඝාතනය කර දමන්නට හැකියාව තිබියදී වැදි නායකයා තනියම සටනට එළඹුණේ යුද වැදීම හා සටන් කලාව පිළිබඳ නිශ්චිත ආචාරධර්ම පද්ධතියක ඔහු පිහිටා සිටින හෙයිනි. ඔහු සතුරා අත්අඩංගුවට ගෙන වධදී මරා නොදමයි. ඒ නිසා ඔහු ශිෂ්ට නායකයෙකි. වනාන්තරයේ සිටියත් ඔහු රකින මේ ආචාරධර්ම පද්ධතිය මනමේ කුමරියගේ ප්‍රසාදයට හේතු වේ. ඇය සිය සැමියාට පෙන්වා දෙන්නට තැත් කරන්නේ වැද්දාගේ ආචාරධාර්මික බවයිs.

එහෙත් ස්‌ත්‍රිය යනු පිරිමි දෘෂ්ටිවාදයම පුනරුච්චාරණය කරන කෙනෙකු මිස තමාගේම ස්‌වාධීනත්වය හා ස්‌වච්ඡන්දතාව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති කෙනෙකු හැටියට මනමේ කුමරාට නොපෙනේ. ඔහු හැදී වැඩී ඇති දෘෂ්ටිවාදී ලෝකයත් ඔහු විසින් අන්තරීකරණය කරගෙන ඇති දෘෂ්ටිවාදත් නිසා මනමේ කුමරාට කුමරියගේ ප්‍රකාශය ආචාරධාර්මික තර්කනයක්‌ ලෙස වටහා ගත නොහැකිය. ඔහුට එහිලා ඇති එකම විවරණය ස්‌ත්‍රිය ස්‌වභාවයෙන්ම චපලය යන ගතානුගතික තර්කනය පමණය. මනෙම කුමරා පමණක්‌ නොව විසි වෙනි සියවසේ මැද ලංකාවේ විසූ පිරිමින් වැඩිදෙනෙකුද මෙවැනි දෘෂ්ටිවාදය අඩුවැඩි වශයෙන් අන්තරීකරණය කරගෙන සිටියේ යෑයි අනුමාන කළ හැකිය. ලෝක ස්‌ත්‍රීවාදී ව්‍යාපාරය නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවලට කරන ලද යහපත් එකතු කිරීම් අනන්තය. ඒවා නොදන්නා අල්පශ්‍රැතයෝ ස්‌ත්‍රීවාදය යන වචනයට පවා ගරහති. ඒ නිසා සරච්චන්ද්‍ර සිය මනමේ කුමරිය පිරිමියාගේ ඕනෑම දෘෂ්ටිවාදයක සුවච කීකරු සේවිකාවක නොකර තමාගේම වූ අදහස්‌ දරන්නියක බවට පත් කිරීම ප්‍රගතිශීලී කාර්යයකි. සරච්චන්ද්‍රගේ මනමේ කුමාරිය යනු කාරක ශක්‌තිය ඇත්තියකි. ඇය තමාම ක්‍රියා කරන්නියකි. බලගතු පිරිමින් අනුකරණය කරන්නියක නොවේ. තමාගේම ස්‌වච්ඡන්දතාව ක්‍රියාවට නගන්නියකි.

තම සංස්‌කෘතියෙන් ගත් ජාතක කතාවේ අන්තර්ගත ගතානුගතික දෘෂ්ටිවාදය මෙසේ ප්‍රශ්න කිරීම ඒ සංස්‌කෘතිය සංස්‌කරණය කිරීමකි. සංස්‌කෘතිය යනු එසේ සංස්‌කරණයෙන් වැඩෙන්නකි. යම් යුගයක විශිෂ්ට කලාකරුවෝ ඒ සංස්‌කෘතික සංස්‌කරණයට හෙවත් සංස්‌කෘතිය අලුතින් නිර්මාණයට දායක වෙති. විශිෂ්ට කලාව සංස්‌කෘතික සංරක්‌ෂණය සහ සංස්‌කෘතික සංස්‌කරණය යන කාර්යන් දෙකම එකවර කරයි. මෙකල ප්‍රධාන ධාරාවේ කලාකරුවන් කරන්නේ සංස්‌කෘතිය යෑයි තමන් හඳුනාගන්නා දේ සංරක්‌ෂණය පමණය. ඒ අය සරච්චන්ද්‍රගේ කලාවෙන් උගත යුතු වැදගත්ම පාඩම නූගත් චූල කලාකරුවෝ වෙති.

ස්‌ත්‍රිය සහ ද්‍රව්‍යකරණය

විසි වැනි සියවසේ මුලදී ලංකාවේ ලියවෙන හා නිෂ්පාදනය වන මනමේ නාටකය ස්‌ත්‍රිය සහ නූතන සමාජය පිළිබඳ ලෝක ව්‍යාප්ත නූතන කතිකාවෙන් ආභාසය ලැබූ බව අපට පෙනේ. ජාතක කතාව නාට්‍යයක්‌ බවට පත් කිරීමේදී සරච්ච්න්ද්‍ර ලිබරල් මානවවාදී චින්තනයෙන් ආභාසය ලැබූ බව පෙනේ. එය න්‍යායිකව මානවවාදී දර්ශනයෙන් ආභාසය ලැබීමක්‌ද එකල ප්‍රකටව පැවැති ලෝක කලාව ඔස්‌සේ ඔහු වෙත සම්ප්‍රේෂණය වූ අවබෝධයක්‌ද යන්න නිශ්චිතව කිව නොහැකිය. එහෙත් ස්‌ත්‍රිය සහ නූතනත්වය පිළිබඳ හෙන්රික්‌ ඉබ්සන් වැනි නාට්‍යකරුවන් කළ නිර්මාණද යුරෝපීය විශිෂ්ට නවකතාවද ඔස්‌සේ සරච්චන්ද්‍ර මේ චින්තනය උරා ගත්තේය. ඉබ්සන්ගේ සෙල්ලම් ගෙයහි නෝරාත් මනමේ කුමරියත් යනු එකම අන්දමේ නූතන සංවේදීතා ප්‍රකාශ කරන සාහිත්යික සහෝදරියෝ වෙති. ඇනා කැරනිනා, එමා බොවාරි ආදී ප්‍රකට ප්‍රබන්ධ චරිතයෝ මනමේ කුමරියගේ ඥාති සහෝදරියෝ වෙති. නැතෑනියෙල් හෝර්තෝන්ගේ 'ස්‌කාලට්‌ ලෙටර්' නවකතාවේ හෙස්‌ටර් ප්‍රයින්, සෝරා නීල් හර්ස්‌ටන්ගේ 'දෙයා අයිස්‌ වර් වොචින් ගොඩ්' නවකතාවේ ජැනී ක්‍රෝෙෆdaර්ඩ්, හාපර් ලීගේ 'ටු කිල් අ මොකින් බර්ඩ්' නවකතාවේ ස්‌කවුට්‌ වැනි ප්‍රබන්ධමය ස්‌ත්‍රී චරිතද මනමේ කුමරියගේම ඥාති සහෝදරියෝ හෝ ගමන් සගයෝ වෙතියි මට සිතේ.

ස්‌ත්‍රිය පිරිමි දෘෂ්ටිවාද ඉදිරියේ හුදු ද්‍රව්‍යයක්‌ සේ මිස මනුෂ්‍යයෙකු නොවන සේ සැලකීම ද්‍රව්‍යකරණය යෑයි හඳුන්වමු. ස්‌ත්‍රිය ද්‍රව්‍යකරණය වන සැටි නොඑසේ නම් කාරක ශක්‌තියක්‌ නැති කෙනෙකු සේ සලකනු ලබන සැටි මනමේ නාටකයේ පිරිමි චරිත සියල්ලම මනමේ කුමරියට සලකන සැටියෙන් අඩු වැඩි වශයෙන් පෙනේ. එය වඩාත් අශිෂ්ට ලෙස පෙනෙන්නේ වැදි රජු කියන කියමනකිනි. "තාගේ අඹුව මෙහි නවත්වා වහා මෙතනින් යන්නට සැරසෙව"යි ඔහු කියයි. ස්‌ත්‍රිය යනු ඇය යම් මොහොතක සිටින රාජ්‍යයට හෝ එහි නායකයාට අයිති වස්‌තුවකියි යන අදහස ඉන් ප්‍රකාශ වේ. අවසරයෙන් හෝ අනවසරයෙන් සිය සැමියා සමග වැදි රජුගේ අඩවියට ඇතුළු වන ඇය ඒ නිසාම තමාට අයිතිවේය යන්න පිළිබඳ වැදිරජුට කිසිම සැකයක්‌ නැත. වැදි රජුගේ මේ පුරුෂෝත්තමවාදය අනික්‌ පිරිමින් තුළත් හීලෑ කරන ලද හා අලංකාර කරන ලද ස්‌වරූපයෙන් නොපවතී යෑයි කිව හැකිද?

මනමේ නිර්මාණය වූ සංදර්භය හා එහි ඓතිහාසිකත්වය

යම් සංස්‌කෘතියක විශිෂ්ට කලාකෘති අලුත් පරම්පරවාක්‌ විසින් උරුම කරගනු ලබද්දී ඒ කෘති බිහි වූ ඓතිහාසික සංදර්භය හා ඒ ආශ්‍රිත කතිකාවන් ගැන ඉතිහාසය හැදෑරිය යුතුය. මනමේ ඇතුළු සරච්චන්ද්‍ර කලාව මෙරට පනස්‌ හයේ දරුවන්ට විශාල සංස්‌කෘතික ප්‍රාග්ධනයක්‌ සැපයූ බව නොරහසකි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදුණු වැඩුණු මධ්‍යම පන්තියට විදග්ධ කලා උරුමයක්‌ ගොඩ නගා දීම සරච්චන්ද්‍ර ඇතුළු මුල් යුගයේ කලාකරුවන් අතින් කෙරුණු විශිෂ්ට සේවයකි. ඒ අලුත් පන්තිය සංස්‌කෘතිකමය වශයෙන් බලගැන්වීම අත්‍යවශ්‍ය දෙයක්‌ද විය. මේ නිසාම මනමේ නාටකය සැලකෙන්නේ නූතන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සංකේතයක්‌ ලෙසය. මධ්‍යම පාන්තික සිංහලයා මනමේ වැනි නාට්‍ය නිසා ලබන ජාතික ආඩම්බරය හා ස්‌වෝත්තම හැ`ගීම විවිධ අවස්‌ථාවලදී ප්‍රකාශයට පත් වේ.

එහෙත් මනමේ බිහිවූයේ එවැනි පටු ජාතිකවාදී පසුබිමකින් නොවේ. සරච්චන්ද්‍ර යනු ලෝකය වෙත ඇස්‌ ඇරුණු මිනිසෙකි. සැබවින්ම ද්විභාෂික උගතෙකු වූ ඔහු පෞද්ගලික ජීවිතයේදීත් ශාස්‌ත්‍රීය ජීවිතයේදී සර්වභෞමික ජීවිතයක්‌ ගෙවූ කෙනෙකි. ඔහුගේ කාලයේ විශ්ව සාහිත්‍ය හා න්‍යායික ප්‍රවණතා ගැන ඔහු අවධානයෙන් උන්නේය. ඔහුගේ මුල් කාලීන සාහිත්‍ය න්‍යායික අදහස්‌ ඇමරිකානු නව විචාරකයන්ට හෙවත් නිව් ක්‍රිටික්‌ස්‌ ගුරුකුලයට නෑකම් කියන බව මහාචාර්ය රංජනී ඔබේසේකර සිය ආචාර්ය උපාධි නිබන්ධනයෙන් පෙන්වා දුන්නාය. නව විචාරකයන්ගේ අදහස්‌ද පෙරදිග සාහිත්‍ය න්‍යාය සමග මිශ්‍ර කොට නූතන සාහිත්‍ය විද්‍යාවක්‌ නිර්මාණය කිරීමට සරච්චන්ද්‍ර සමත් වූ බව ඔබේසේකර මහත්මිය පෙන්වා දෙයි. එය නිවැරැදි නිගමනයක්‌ බව අදටත් කෙනෙකුට පරීක්‌ෂා කළ හැකිය.

එපමණක්‌ නොව මනමේ නාට්‍ය නිර්මාණය කරන කාලයේදී පවා ලයනල් වෙන්ඩ් වැනි විදග්ධ වූද විශ්ව කලාව සමග ගනුදෙනු කළා වූද උගත්තු සරච්චන්ද්‍ර ඇසුරු කළෝය. නාට්‍ය හැදෑරීම පිණිස ඇමරිකාව සහ ජපානය ඇතුළු රටවල සංචාරයට රොකෙෆලර් ශිෂ්‍යත්වයක්‌ ලැබුණේද එහි ඵලයක්‌ වශයෙනි. මේ විස්‌තර 'පිං ඇති සරසවි වරමක්‌ දෙන්නේ' කෘතියෙහි දැකිය හැකිය. එසේම ලංකා විශ්වවිද්‍යාලයේදී ලින් ලුඩොවයික්‌ වැනි ඉංග්‍රීසි මහාචාර්යවරුන්ගේ ඇසුරද සරච්චන්ද්‍රගේ චින්තනය පෝෂණය කළේය. පේරාදෙණියේ සිට නාට්‍යකරණයේ යෙදෙන විට ඔහු ඇසුරු කළ ආචාර්ය සිරි ගුණසිංහ වැනි අය පටු ජාතිකවාදියෝ නොවූහ. ඔහු යුරෝපීය නූතනවාදී සාහිත්‍ය කතිකාව මැනවින් වටහා ගත් කෙනෙකි. එසේම මනමේ නාට්‍යයෙහි අගය මුලින්ම දැක ඉංග්‍රීසි බසින් එය අගය කළ රෙජී සිරිවර්ධනද පටු ළිං මැඩි චින්තකයෙක්‌ නොවේ. ඔහු විශ්වීය චින්තකයෙකි. එමපණක්‌ නොව මනමේ මුල් නිෂ්පාදනයට හවුල් වූ සරසවි ශිෂ්‍ය පිරිස පවා පේරාදෙණියෙහි උගත්තත් ලෝක පුරවැසියන් සේ සිතන්නට ශක්‌තිය හා පසුබිම ඇති පිරිසක්‌ වූහ. මනමේ ප්‍රත්‍යාවලෝකනය කෘතියට ලිපි සපයන බොහෝ අයද විශ්වීය මිනිස්‌ ජීවිතයක්‌ වෙත පේරාදෙණියේදීම ඇස්‌ ඇරුණු අය වෙති.

අනෙක්‌ අතට නාඩගම යන ගැමි නාටක විශේෂය දකුණු ඉන්දියාව දක්‌වා සංස්‌කෘතික මුල් ඇත්තකි. එසේම මනමේ නාට්‍ය මත රෂෝමාන් චිත්‍රපටයේ හෙවනැල්ල නොමැකිය හැකි සේ වැටී ඇත. ඒ නිසා මනමේ නාට්‍ය අප විසින් වටහා ගත යුත්තේ පටු ජාතිකවාදී ලෝකයකින් මතු වූවක්‌ නොව ලෝකයේ විවිධ දේශවලට සංස්‌කෘතික නහර විහිදුණු නිර්මාණයක්‌ ලෙසය. ඒ නිසා මනමේ උරුම කරගන්නා අලුත් පරම්පරාවක්‌, විශේෂයෙන් විසි එක්‌ වැනි සියවසේ පරම්පරාවක්‌ මේ වටිනා සංස්‌කෘතික වස්‌තුව වටහා ගත යුත්තේ සර්වභෞමික (cosmopolitan) චින්තනයකින් යුතු කලාකරුවෙකුගේ නිර්මාණයක්‌ ලෙසය. එය එසේ නොදකින පටු ජාතිකවාදියෝ ඒ විශිෂ්ට කලාකෘතියට කරන්නේ දරුණු හිංසනයකි.

බුද්ධිමය ඉතිහාසය සහ මනමේ නම් නාටකය

මනමේ වැනි සංස්‌කෘතික නිෂ්පාදනයක නියම ඉතිහාසය නිවැරැදිව වටහා ගැනීමට අලුත් පරම්පරාවට අවකාශ නැත්තේ අපට බුද්ධිමය ඉතිහාසය (intellectual history) නිවැරැදිව හදාරන්න අවකාශ නැති නිසාද විය හැකිය. ලෝකයේ දියුණු විශ්වවිද්‍යාලවල බුද්ධිමය ඉතිහාසය නම් විෂයයක්‌ ඇත. ඉන් අධ්‍යයනය කෙරෙන්නේ යම් යම් අදහස්‌ එක්‌ සංස්‌කෘතියකින් තව සංස්‌කෘතියකට ගමන් කොට ඒ දෙවැනි සංස්‌කෘතියෙහි බලපෑම් සහගත වෙනස්‌කම් ඇති කරන ආකාරය පිළිබඳවය. සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිවශයෙන් දැකිය හැකි දේශපාලන හෝ ආර්ථික ඉතිහාසයන්ය.
ඒවාද බොහෝ විට රාජ්‍ය කේන්ද්‍රකරගත් ඒවාය. බුද්ධිමය ඉතිහාසය හැදෑරීමේදී හුදෙක්‌ රාජ්‍ය හෝ දේශපාලන බලකේන්ද්‍ර ගැන අවධානය යොමු කිරිම අවශ්‍ය නොවේ. සාමාන්‍ය මිනිස්‌සුද සංස්‌කෘතියෙන් සංස්‌කෘතියට අදහස්‌ රැගෙන යති. අපට නිදහස්‌ පද්‍ය පිළිබඳ අදහස රැගෙන ආවේ නිල ශාස්‌ත්‍රාලය අසලකවත් නොසිටි ජී. බී. සේනානායකය. මනමේ වැනි සංස්‌කෘතික වස්‌තු අධ්‍යයනයේ අප එළඹිය යුත්තේ බුද්ධිමය ඉතිහාසය ගවේෂණය කරන්නාගේ ප්‍රවේශයෙනි. සරච්චන්ද්‍ර ලංකාවට කළ සේවය නියම වශයෙන් වටහා ගත හැක්‌කේද එවන් ප්‍රවේශයකිනි.

බුද්ධිමය ඉතිහාසය පිළිබඳ සිත්ගන්නා නිදර්ශනයක්‌ අහිංසාවාදී දේශලපාලන ක්‍රියාකාරිත්වය ඇසුරින් අපට වටහා ගත හැකිය. අහිංසාවාදය යන්න ඉන්දියාවට සම්බන්ධ අදහසක්‌ වුවද පසු කලෙක මහත්මා යනුවෙන් හැඳින්වෙන ගාන්ධි අහිංසාවාදය දේශපාලන භාවිතයක්‌ බවට පෙරලීමට ආභාසය ලැබුවේ මහා රුසියානු ලේඛක ලියෝ ටොල්ස්‌ටෝයි ගෙනි. ගාන්ධි ගැටවරයෙකු කල ටොල්ස්‌ටෝයි සමග ලියුම්ද හුවමාරු කර ගත්තේය. අහිංසාවාදය දේශපාලනිකව භාවිත කිරීම මගින් ගාන්ධි ලෝක පරිමාණව බලපෑම් සහගත ක්‍රියාවක යෙදුණේය. ඔහුගේ ඒ ක්‍රියාවෙන් සහා ගාන්ධියේ බුද්ධිමය ව්‍යායාමයෙන් ඇමරිකාවේ විසූ කළු ජාතික තරුණයෙකු ආභාසය ලැබුවේය. ඒ ක්‍රිස්‌තියානු පූජකවරයෙකු වූ මාටින් ලූතර් කිංග්ය. ටොල්ස්‌ටෝයිගෙන් ගාන්ධිටත් ගාන්ධිගෙන් ලූතර් කිංග්ටත් ගමන් කළ බුද්ධිමය උරුමය වර්තමාන ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේත් ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේත් කළ වෙනස්‌කම් පුදුම සහගතය. බුද්ධිමය ඉතිහාස අධ්‍යයනය මගින් ගවේෂණය කෙරෙන්නේ මිනිස්‌ බුද්ධිමය ව්‍යායමයන්ගේ එවැනි ප්‍රතිඵලය. සරච්චන්ද්‍රගේ නාට්‍ය කලාව අලුත් පරම්පරාවක්‌ විසින් හදාරනු ලැබීය යුත්තේද එසේය.

එවැනි හැදෑරීමක්‌ මගින් සරච්චන්ද්‍ර නම් විශිෂ්ට කලාකරුවා නිවැරැදිව වටහා ගන්නට අපට හැකියාව ලැබෙන්නේය. ඕනෑම සංස්‌කෘතියක විශිෂ්ට කලාව බිහිවන්නේ ලෝකයේ විවිධ ස්‌ථානවල ඇති මිනිස්‌ සංස්‌කෘතික විශිෂ්ටතාව වෙත විවෘත මනසින්ද සමබර මනසින්ද බලන්නට හැකියාව ඇති කලාකරුවන් අතිනි. ලෝකයේ ඇති හොඳම දේ හෝ පැරණිම දේ හෝ අප වෙත ඇතැයි සිතාගෙන තමාගේම සංස්‌කෘතිය තුළ හිර වී දෑස්‌ වසා ගත්තවුන්ට විශිෂ්ට කලාව නිර්මාණය කළ නොහැකි බව සරච්චන්ද්‍ර අපට කියාදුන් විශිෂ්ටම පාඩමයි. එය සරච්චන්ද්‍රගෙන් අප වෙත පිදෙන වැදගත්ම උරුමයයි. ඒ උරුමය අත්පත් කරගෙන අනාගතය වෙත රැගෙන යමු.

( මෙම ලිපිය තරමක්‌ වෙනස්‌ ස්‌වරූපයකින් ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩලයෙන් පළ කෙරෙන ප්‍රලේඛා ස`ගරාවෙහිද පළ විය)