Sri Lanka Broadcasting Corporation
The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.
Sinhala National Service
Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
Handa (SOUND) හඬ
Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA
Tuesday, August 5, 2014
Sunday, August 3, 2014
උසස් පෙළ විභාගය හෙට ඇරැඹේ
උසස් පෙළ විභාගය හෙට ඇරැඹේ
1959 - ජාතික රෝහලේ තොරතුරු
ජාතික රෝහලේ තොරතුරු 1959 ඇමතීමෙන්
මෙම තොරතුරු මධ්‍යස්ථානය මඟින් මහජනතාවට කඩිනමින් හා විශ්වාසදායක ලෙස අවම කාල සීමාවක් තුළ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.
මෙම තොරතුරු ඒකකය ජාතික රෝහලට වසර 150ක් පිරීම නිමිත්තෙන් පිහිටුවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසයි.
ඔබට අවශ්‍ය තොරතුරු 1959 දුරකථන අංකයට කථා කිරීමෙන් ලබා ගත හැකිය.
Friday, July 25, 2014
Dinamina City FM news broadcasting service
Dinamina City FM news broadcasting service launch today
දිනමිණ Fm
පත්තර මහ ගෙදර සිට කතා කරමි!
දිනමිණ සිටි FM හඬ ගුවනට මුදාහළ වගයි....
දිනමිණ සිටි FM ප්‍රවෘත්ති විකාශය ඊයේ (23) උදේ සුබ මොහොතින් ආරම්භ වූ අවස්ථාව. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ සහ ලේක්හවුස් සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහත්වරුන් විසින් ප්‍රථම ප්‍රවෘත්තිය ගුවනට මුසු කෙරුණු අවස්ථාව. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර මහත්වරු සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත වැලිවේරිය,
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී. ඩී. කේ. ඒ. ජයන්ත සහ ඉංජිනේරු වජිර ධර්මකීර්ති මහත්වරු මෙහි වෙති.
ඡායාරූපය - සුදත් මලවීර
Sunday, July 20, 2014
අපි කනබොන තැන්වල නටන්නේ නෑ
කලාකරු චිත්‍රසේන නව වැනි ගුණ සැමරුම
චිත්‍රසේනට නර්තනය පූජනීය දෙයක් වුණා
ශෘංගාරය මතු කරන්නේ නර්තනය නොදන්න අය
අපි කනබොන තැන්වල නටන්නේ නෑ
නර්තනයේ අපූර්ව මිනිසා
ආචාර්ය චිත්‍රසේනයන් විසින් උර දෙන ලද ඓතිහාසික කාර්යය වන්නේ අපේ දේශීය නැටුම්
කලාව වෙනස් වන සමාජ රටාවන්ට උචිත වන ආකාරයට එහි මුල් නොසිෙඳෙන සේ, නව ආරකින්
පවත්වාගෙන යාමේ අභියෝගයයි. කලාව මෙන්ම කලාකරුවාද ස්වාධීන විය යුතුය යන්න
චිත්‍රසේනයන් ඔප්පු කළේ භාවිතාවෙන්මය. මේ ගෙවෙන්නේ චිත්‍රසේනයන්ගෙන් තොර
නව වන වසරයි.
|
l චිත්‍රසේනයන් සිය රංගනයේ මෙහෙවර හැටියට සැලකුවේ කුමක්ද?
එයාට වුවමනා වුණේ අපේ නර්තනය වෙන කිසිම රටක තියෙන නර්තනයට දෙවෙනි නොවන උත්තම කලාවක් කියල පෙන්වන්නයි. චිත්‍රා, අපේ සම්ප්‍රදායික නර්තනයත් ඉන්දියාවට ගිහින් පෙරදිග නර්තනයත් හැදෑරුවා. ඊට පස්සේ ඒ දැනුම යොදාගෙන නව නිර්මාණ කළා.අපේ සම්ප්‍රදායික නර්තනය ගැන වගේම නැටුම් ගුරුවරුන් ගැනත් චිත්‍රාට විශාල කැක්කුමක් තිබුණා. ඔවුන් රැකගත යුතුයි කියලා එයා කල්පනා කළා. බලාපොරොත්තු තැබිය හැකි ගුරුවරුන් හා ශිල්පීන් හඳුනාගන්න එයාට හැකියාවක් තිබුණා. ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට උදව් කළා.
නර්තනය ඉගැන්වීම පිළිබඳ පුහුණු ක්‍රම දියුණු කිරීම ඔහුගෙන් ඉටුවූ තවත් මෙහෙවරක්. මේ සියල්ල අතරින් මම හිතන්නේ ඔහු නර්තනයට දැක්වූ ලොකුම උපහාරය තමයි එහි ගෞරවණීයත්වය ආරක්ෂා කිරීම. ඒ වගේම නර්තන ශිල්පීන්ට වෘත්තික පදනමක් ඇති කිරීම.
l චිත්‍රසේන නර්තන ආරම්භයේදි එයට පාරම්පරික ශිල්පීන්ගේ දායකත්වය ලබා ගත්තෙ කොහොමද?
චිත්‍රා... පිට පළාත්වල තියෙන ශාන්ති කර්ම බලන්න යනවා. ඒවායේදි හමුවෙන දක්ෂ නර්තන ශිල්පීන් අපේ කණ්ඩායමට බඳවා ගත්තා. ජේ.ඊ. සේදරමන්, අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේ ඒ විදිහට අපේ කණ්ඩායමට සම්බන්ධ වූ සාමාජිකයින්.පහතරට නර්තනය අපේ නර්තන කණ්ඩායමට එක් කළේ ආරියපාල ගුරුන්නාන්සේ. සේදරමන් ගුරුන්නාන්සේගෙන් උඩරට නැටුම් ගැන නිපුණතාව ලැබුණා. ඔවුන් ප්‍රචලිත නැට්ටුවන්. ඒ විදිහට අපි සමඟ සම්බන්ධ වූ පාරම්පරික නර්තන ශිල්පීන්, ඔවුන්ගෙන් පසු පරම්පරාත් අප සමඟ වැඩ කළා. විදේශ සංචාරයන්ට සම්බන්ධ වුණා. එයින් ඔවුන්ගේ නම පිටරටවලත් ප්‍රසිද්ධ වුණා.
l මේ වන විට නර්තනය මුළුමනින්ම පාහේ ස්ත්‍රීන් නිරත වන කලාවක් බවට පත්වීම ගැන ඔබේ අදහස කුමක්ද?
ඒක දෛවයේ සරදමක්. ආරම්භයේදී නර්තනය ස්ත්‍රින්ට තහනම් කලාවක්. නර්තන ශිල්පිනියන් දිහා සමාජය බැලුවේ වපර ඇහින්. ඒ තත්ත්වය වෙනස් කරන්න අපේ දායකත්වයත් බලපාන්න ඇති. බාලිකා පාසල්වල නර්තනය විෂයක් හැටියට ඉගැන්නුවා තමයි.මමත් මුලින්ම නැටුම් ඉගෙන ගත්තේ කොල්ලුපිටිය මෙතෝදිස්ත පාසලෙන්. නර්තනය පාසැල්වල ඉගැන්වුවත් වෘත්තික නර්තන ශිල්පින්යන් වෙන් කවුරුවත් කල්පනා කළේ නැහැ. නර්තනයේ පුරුෂ පක්ෂයේ සම්මාදම නැත්නම් තාණ්ඩව ස්වභාවය මතු වෙන්නේ නැහැ. ඒනිසා නර්තනයේ පැවැත්මට නැට්ටුවන් බිහිවිය යුතුයි. මම හිතන්නේ නර්තනයට පිරිමි පක්ෂය සම්බන්ධ නොවීමට හේතුව ආර්ථික කාරණාවක්.
l මේ තත්ත්වය දිගටම තිබුණොත් පාරම්පරික නර්තනය පවත්වාගෙන යන්න දක්ෂ ශිල්පීන් නැතිවේවි. ඔවුන් නර්තනය තුළ රඳවා ගන්න කිසියම් වැඩපිළිවෙළක් අවශ්‍යයි කියලා ඔබ කල්පනා කරනවද?
ඒ වගේ වැඩපිළිවෙළක් අවශ්‍යයි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම අපි තරුණ දක්ෂ නිර්මාණකරුවන් ගොඩනඟා ගන්න හා ඔවුන් ආරක්ෂා කර ගන්න ‘ගිෆ්ට් ඔෆ් ඩාන්ස්’ හා ‘ප්‍රෙසව් ද ඩාන්ස්’ නමින් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනවා.l මේ වැඩසටහන යටතේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් තවදුරටත් චිත්‍රසේන පදනම සමඟ වැඩ කරනව කියලා එකඟතාවක් තියෙනවද?
l කාන්තාවන්ට වෙස් බැඳීම තවමත් සමාජයේ විවාදයට ලක්ව තිබෙන මාතෘකාවක්. එය තවදුරටත් තහනම් දෙයක් විය යුතුය කියලා ඔබ විශ්වාස කරනවාද?
ඒ කාලේ වුණත් ඒකට අභියෝග කරපු අය හිටියා. චන්ද්‍රලේඛා නාටිකාංගනාව වෙස් බැන්දා. නමුත් මම උඩරට නැටුම් ඉගෙන ගන්නට වෙස් බඳින්න ගියේ නැහැ. අපි වෙස් තට්ටුව වෙනුවට නලල් පටක් බැන්දා.l නර්තනය වර්තමානයේ ස්ත්‍රී ශෘංගාරය මතු කරන කලාවක් බවට පත්වීම ගැන ඔබ හිතන්නේ කුමක්ද?
ආරම්භයේ සිටම අපේ පරමාර්ථය වුණේ අපේ නර්තනය දියුණු කිරීම ගැනයි. සෙක්සි ඩාන්ස් පෙන්වලා මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න අපි කල්පනා කළේ නැහැ. ඇත්තටම ඒවා බාල උපක්‍රම.කලාවක නිපුණතාව නැති අය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න අවසානයේ පිහිට පතන්නේ විජ්ජාවල. ශෘංගාරය මතු කිරීමත් ඒ වගේ දෙයක්.
l නර්තනය වාණිජකරණය වීම ගැන ඔබේ අදහස කුමක්ද?
නර්තනය කියන්නේ පූජනීය දෙයක්. ඒක චිත්‍රසේනත් විශ්වාස කළා. ‘කන බොන තැන්වල නටන්නේ නැහැ’ කියන දේ චිත්‍රසේනගේ ප්‍රධාන ප්‍රතිපත්තියක්. අපි ඒක තදින්ම පිළිගන්නවා.l චිත්‍රසේන පදනම දේශීය වශයෙන්ම මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් දේශීය නර්තනය නියෝජනය කරමින් විවිධ රඟ දැක්වීම් කර තිබෙනවා. ඒ අතර සාද තිබුණේ නැද්ද?
අපි නැටුවේ නැටුමට ගෞරවයක් ලැබෙන අපිට ගෞරවයක් ලැබෙන තැන්වල පමණයි. අපි කවදාවත් ‘කන බොන තැන්වල නටලා නැහැ’.නේරු, චෝ එන්ලායි, ඉන්දිරා ගාන්ධි වගේ රාජ්‍ය නායකයන් පැමිණි අවස්ථාවල බණ්ඩාරනායක අගමැතිතුමා නර්තන ඉදිරිපත් කරන්න අපිට ආරාධනා කළා. අපි ඒ අවස්ථාවලදී අරලියගහ මන්දිරයේ වෙනම මණ්ඩපයක වේදිකාවක් මත නර්තන ඉදිරිපත් කළා. ඒක නර්තන දර්ශනයක්.
ෂෝ එකෙන් පස්සේ වෙනත් තැනක අමුත්තන්ට ආහාර ගැනීමට පහසුකම් සලසා තිබුණා. අපි සාද අතර නටන්න නොගියෙ එයින් කලාවෙ ගෞරවය නැති වෙන නිසයි.
l ප්‍රභූන් පිළිගැනීම සඳහා නර්තනය යොදා ගැනීම ගැනත් ඔබ දරන්නේ ඒ අදහසම ද?
චිත්‍රසේනත් කවදාවත් ඒ වගේ දේවල් කළේ නැහැ. මම වුණත් ඒක අනුමත කරන්නේ නැහැ. අපි හැමදාම නැටුවේ වේදිකාව මත පමණයි. තාමත් යන්නේ ඒ පිළිවෙළටම තමයි. සල්ලි කීයක් දෙනවයි කිව්වත් අපි කවදාවත් ‘කන බොන තැන්වල’ නටන්නේ නෑ. ඒ වගේම ‘උපහාර පෙරහැර’ සඳහා නර්තනය යොදා ගන්නෙත් නැහැ.l චිත්‍රසේන වජිරා පදනම මෙරට ඉහළම වෘත්තික නර්තන කණ්ඩායම හැටියට විදේශ සංචාරවලදී ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබුණා නේද?
එවැනි ඉඩක් තිබුණා. නමුත් අපි මුල් තැන දුන්නේ මුදල් ඉපැයීමට නෙවෙයි. අපි නර්තන දර්ශන පැවැත්වුවේ නොමිලේ කියලා මම කියන්නේ නැහැ. අපි මුදල් අය කළා. ඒත් ඒක ඉහළ මිලක් නෙවෙයි. චිත්‍රාවත් මමවත් කවදාවත් නර්තනයෙන් හම්බ කළේ නැහැ. අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් කවදාවත් රංගනයට දීමනා ලැබුණේ නැහැ. අපි ඒවා ගැන හිතුවා නම් මේ කාර්යය කරන්න ලැබෙන්නේ නැහැ.l චිත්‍රසේන කලායතනය විවිධ දේශීය රංග සම්ප්‍රදායන් ඒකරාශී කොට නව නිර්මාණ බිහි කිරීමට උනන්දුවක් දැක්වූවත් වෙනත් රංග කණ්ඩායම් සමඟ හවුල් නිර්මාණ කිරීම සඳහා උනන්දුවක් දැක්වූයේ නැත්තේ ඇයි?
එකතුවීම සමානයත් සමඟ විය යුතු දෙයක්. අපි ඒ විදිහට සමාන අදහස් දරන අයත් එක්ක එකතුව වැඩ කරලා තියෙනවා. ඉන්දියාවේ නේත්‍රග්‍රාම් නාට්‍ය කණ්ඩායම සමඟ එකතුව අපි දැනටත් නිර්මාණ කරනවා. ඔවුන් විශේෂිත ගුරුකුලයක්. ඒ අය වාණිජ පරමාර්ථ සමඟ නර්තනය පටලවා ගන්නේ නැහැ. එහි සාමාජිකයන් ග්‍රාමය තුළම ජීවත් වෙමින් නර්තනයේ යෙදෙනවා.අපි ඔවුන් එක්ක වැඩ කරන්න අනිත් හේතුව තමයි ඔවුන් නියෝජනය කරන නර්තන සම්ප්‍රදාය. නේත්‍රාග්‍රාම් නර්තන කණ්ඩායම වැඩ කරන්නේ ඔරිස්සා රංග සම්ප්‍රදායත් එක්කයි. ඒ නැටුම් ශිල්පය හරියට උඩරට නැටුමේ ස්ත්‍රී නැටුම කියන්න පුළුවන්. ඉතින් අපිට තේරුම් ගියා ඔවුන්ගේ නැටුමත් අපේ නැටුමත් සම්මිශ්‍රණය කිරීම ඵලදායි කියලා.
අපේ දක්ෂ ශිල්පීන් නේත්‍රාග්‍රාම්වලට ගිහින් ඉගෙන ගන්නවා. නවාතැන් පහසුකම් වියදම් ඔවුන් දරනවා. අපි වරකට මේ වැඩසටහන සඳහා යොමු කරන්නේ 7 - 8 දෙනෙක්. මොකද ඒ මිනිස්සුත් වැඩ කරන්නේ දුෂ්කරතා මධ්‍යයේ. කරදර කරන එක හරි නෑනේ.
නර්තනයේ අනාගතය
පරපුරු තුනක් වජිරා - උපේකා - උමදන්ති
ඡායාරූපය - ලක්ෂ්මන් නඩරාජා
|
චිත්‍රසේන කලායතනය, චිත්‍රසේන නර්තන සංසදය පාලනය කරනු ලබන්නේ 1982 සමාගම් පනත යටතේ ලියාපදිංචි පුණ්‍ය ආයතනයක් වන චිත්‍රසේන වජිරා පදනම මඟිනි.
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තනය අන්තර්ජාතික වශයෙන් සම්භාවනීයත්වයට පත් කලා මාධ්‍යයක් බවට පත්කිරීම සඳහා වෙහෙසුණු මෙම දෙපළගේ මඟපෙන්වීම යටතේ නර්තනයේ විශිෂ්ටත්වයට පත් ශිල්පීන් දහස් ගණනක් ඉකුත් දශක හත තුළ බිහිව ඇත. පදනම විසින් ලබා දෙන ලද නිවැරැදි මඟපෙන්වීම යටතේ පෝෂිත වූ ඔවුන් සංස්කෘතික තානාපතිවරුන් බවට පත්ව ශ්‍රී ලාංකේය නර්තනයේ අභිමානය දසත රැගෙන යාමේ භාරදූර කාර්යයෙහි නියැලෙති.
චිත්‍රසේන උරුමය
ශ්‍රී ලාංකීය දේශයේ නර්තන කලාවේ උරුමය සොයා පාදා ගැනීමේ පුරෝගාමී කටයුත්තට මුලික වූයේ ආචාර්ය චිත්‍රසේනයන්ය. එතුමන්ගේ දැක්මට අනුප්‍රාණයක් වු වජිරාවන්ගේ හා දියණියන් වන උපේකා හා අංජලිකාගේද මිණිබිරියන් වන හේෂ්මා හා උමි, තාජිගේ කැපවීම මත චිත්‍රසේන පදනම සිය මෙහෙවර අභිමානවත් ලෙස සිව්වන පරපුර දක්වා ද රැගෙන යාමට සමත්ව ඇත. සප්ත දශකයක් ඉක්මවා ගිය එම මෙහෙවර චිත්‍රසේන ලේ උරුමයෙන් ඔබ්බට ගෙන යාමේ අවශ්‍යතාව චිත්‍රසේනයන්ගේ අනුප්‍රාප්තිකයන් හඳුනා ගැනීම සම්ප්‍රදායික නර්තනයේ ආයුෂ තවත් කලකට සහතික කරවයි.නර්තනයේ ඉදිරි පැවැත්ම අරභයා මතුව ඇති අභියෝග ගැඹුරින් වටහාගත් චිත්‍රසේන දෙවන හා තෙවන පරපුර නර්තනය ව්‍යාප්ත කිරීම සඳහා සිය මෙහෙවර පුළුල් කොට ඇත.
“නර්තන සුරක්ෂාව” වැඩසටහන
මෙරටට අනන්‍ය සම්ප්‍රදායික නර්තනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම මනාව වටහාගත් චිත්‍රසේන පදනම ඒ සඳහා නව පරපුර නර්තන ක්ෂේත්‍රයට යොමුවීමේ අවශ්‍යතාව හැඳින ගනී. නව පරපුර නර්තනයට යොමුවීමට නම් එය ඔවුන්ට සුරක්ෂිත වෘත්තියක් බවට පත්විය යුතුය. නිපුන ශිල්පියෙක් බිහිකිරීම දින හෝ සති අනුව තීරණය වන කාර්යයක් නොවන හෙයින් ඒ සඳහා වසර ගණනාවක දුෂ්කර ව්‍යායාමයක යෙදිය යුතුය. ශිල්ප ඥානය සොයා යාමේ දැඩි කැපවීමකින් පැවැති තරුණ තරුණියන් සොයා ගොස් ඔවුන්ට නොමිලේ නර්තන දායාදය ලබා දෙන අතරම පුහුණු කාලය තුළ සුරක්ෂිත ආර්ථික පදනමක් ඇති කිරීමටද චිත්‍රසේන පදනම අදහස් කරයි. මේ යටතේ දැනට සිසුන් දස දෙනෙක් තෝරාගෙන පුහුණුව ලබා දෙන අතර ඔවුන්ට වසර දෙකක (2) පුහුණු කාලය සඳහා මසකට 3000 ක දීමනාවක් ලබා දේ.“නර්තන දායාදය” වැඩසටහන
වෘත්තික නර්තන ශිල්පීන් ලෙස හා ගුරුවරුන් ලෙස කටයුතු කිරීමට අදහස් කරන ශිල්පීන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහිදී සතියට දින 03ක් නර්තනය හා බෙර වාදනය ඉගැන්වෙන අතර වසර දෙකක අධ්‍යයන කාලයකින් යුක්තය. පුහුණු කාලයේ දී ඔවුන්ට මසකට 10,000ක දීමනාවක් ලබාදේ. පුහුණුවෙන් පසු පදනමට සම්බන්ධව කටයුතු කළ හැකි අතර සිය කැමැත්ත අනුව ස්වාධීන ශිල්පීන් ලෙස නිර්මාණකරණයෙහි යෙදීමේ අවස්ථාවද හිමිවේ.මෙම වැඩසටහන් සඳහා සම්බන්ධවීමට ද එය පවත්වාගෙන යාම සඳහා ද නර්තන හිතෙෂීන්ගෙන් චිත්‍රසේන වජිරා පදනම සහය බලාපොරොත්තු වෙයි.
ලාංකේය මුද්‍රා නාට්‍යයේ චිත්‍රසේන මුද්‍රාව
රබින්ද්‍රනාත් තාගෝර්යන්ගේ නෘත්‍ය නාටකය වූ “ශාප්මෝචන්” ඔස්සේ ඇති වූ නෘත්‍ය නාටක පිළිබඳ ප්‍රබෝධය ලාංකේය මුද්‍රානාට්‍ය කලාවක් සඳහා පසුබිම සකස් කළේය. මුද්‍රානාට්‍ය කලාව මෙරට ස්ථාපිත වීමටත්, ප්‍රචලිතවීමටත් හේතු වුෙය් චිත්‍රසේන වජිරා දෙපළ කළ නිර්මාණයන්ය. දශක හතක් ඉක්මවා යන ඔවුන්ගේ නිර්මාණ මුද්‍රාවේ ඉසියුම් තැන් කිහිපයක් මෙසේ දක්වමු.විදුර - 1943 දී ප්‍රදර්ශනය විය. චිත්‍රසේනගේ මුල්කාලීන මුද්‍රා නාට්‍යයකි. විදුර ජාතකය ඇසුරින් සකස් වූවකි. ඉන්දියානු නෘත්‍ය නාටක හා භාරතීය නර්තනයේ බලපෑම දක්නට ඇත.
චණ්ඩාලි - චණ්ඩාලි කුලියේ තරුණියක් ආනන්ද හිමියන්ට ප්‍රේම කිරීම හා එයින් ඇතිවන ගැටුම මුල් කරගත් බෞද්ධ පුරා වෘත්තය ඇසුරින් නිර්මිත මුද්‍රා නාට්‍යයකි. චිත්‍රසේනයන්ගේ මුල් කාලීන (1952) නිර්මාණයකි. එහි නව නිෂ්පාදනය 1996 දී වජිරා විසින් කරන ලදී.
නල දමයන්ති - චිත්‍රසේනයන්ගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූහ. පරිනත නිර්මාණය මෙයයි. මහාභාරතයේ පෙම්කතාව මෙයට පාදකව ඇත. 1951 දී මුල්වරට නිෂ්පාදනය කළ අතර එහි නව නිෂ්පාදන කිහිපයක්ද බිහිව ඇත.
සාම විජය - විදේශ රටක රඟ දක්වනු ලැබූ ප්‍රථම ලාංකේය මුද්‍රා නාට්‍ය නිර්මාණය මෙයය. රුසියාවේ හා චෙකොස්ලෝවැකියාවේ රඟ දක්වා ඇත. පිටපත තේජා ගුණවර්ධනයෝය. ලෝක සාමය තේමා කරගත් මෙම නිර්මාණයෙන් මුල්ම මිනිසා හා ගැහැනියගේ සිට ලෝකය විකාශය වූ අයුරුත් මිනිසාගේ බල තණ්හාව නිසා යුදවාදී තත්ත්වය මත න්‍යෂ්ටික විනාශයක අභිමුවට ජගත් ප්‍රජාව පත්ව ඇති අයුරුත් මෙම නිර්මාණයෙන් කියවේ.
කරදිය - ශ්‍රී ලාංකික අනන්‍යතාව ප්‍රබල ලෙස නිරූපණය කෙරෙන නිර්මාණය මෙන්ම දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ වේදිකාගත වූත් අතිශයින්ම ජනප්‍රිය වූ නිර්මාණය කරදියය. ධීවර ජීවිතයේ ඛේදජනක තත්ත්වය මෙයින් නිරූපිතය. රුසියාවේ “බොල්ෂෝයි” රඟහල ඇතුළු විදේශීය රඟහල ගණනාවක ප්‍රදර්ශනය කෙරී ඇත. අවස්ථා කිහිපයකදී නව නිෂ්පාදන බිහිව ඇත.
කිංකිණි කෝලම - ජන නාට්‍ය ලක්ෂණ සහ ලාංකික නර්තන උඩ, පහතරට නර්තන සම්ප්‍රදායන්ගේ ලක්ෂණ මනාව උකහාගත් උපහාස මුද්‍රා නාට්‍යයකි. නාට්‍යමය ඉදිරිපත් කිරීම අතින් ඉදිරිගාමී උත්සාහයකි. දුරස්ථිකරණ ලක්ෂණ යොදා ගෙන ඇත. කුල භේදය පිළිබඳ ගැටලුව සාකච්ඡාවට ලක් කෙරෙන මෙම චිත්‍රසේන නිර්මාණය මුල්වරට වේදිකාගත වූයේ 1975 දීය.
මේ කතාවටත් කන් දෙන්න!
ජපන් ජාතික මහාචාර්යවරයකු වන ෂිබුයා තොෂිඕ ශ්‍රී ලංකාව ගැන පොතක් ලියා තිබේ. මේ පොතට ඇතුළත් වී ඇත්තේ අපේ සංස්කෘතිය තුළ පවත්නා හර පද්ධතිය යි. ජපානය භෞතික වශයෙන් ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන ඇති’මුත් සාංස්කෘතික වශයෙන් කඩාවැටීමකට ලක් වී ඇතැ’යි මහාචාර්යවරයා පැහැදිලි කරයි. එම සංස්කෘතික සෝදාපාළුව තුළ හුදෙකලා ජපනකු බිහි වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි. හැබෑවට ම ෂිබුයා මහතා උත්සාහ දරා ඇත්තේ ශ්‍රී ලංකාව සංස්කෘතිය අතින් උසස් රාජ්‍යයක් ලෙස පෙන්වා දීමට ය.
සංස්කෘතිය මෙතරම් දියුණු නම්; රටේ අපරාධ වැඩි වන්නේ මන්දැ’යි කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. කුඩු ජාවාරම්කාරයන් මෙතරම් කොටු වන්නේ මන්දැ’යි තවත් කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. එසේ ප්‍රශ්න කිරීම සාධාරණ ය. හේතුව අපරාධවල වර්ධනයක් සේ ම ඒවා රස කරමින් වාර්තා කිරීමක් ද දකින්නට ලැබෙන බැවිනි. අපරාධයක් පසුපස යමින් එය නිරූපණය කොට දැක්වීමේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් මීට වසර කිහිපයකට පෙර විකාශය විය. විශාල ආකර්ෂණයක් දිනාගත් මේ වැඩසටහන නිසා අපරාධ වර්ධනය වූ බව එහි නිෂ්පාදකයෝ ම අද පිළිගනිති.
ඉන්දියාව ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් රාජ්‍යයෙකි. විශ්වවිද්‍යාල මට්ටමේ ජනමාධ්‍ය පාසල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් එහි පවතී. වසරකට දහස් ගණනක් ජනමාධ්‍ය උපාධි ලබති. ඉන්දියාවේ ජනමාධ්‍ය කලාව, ලෝක සන්නිවේදන ජාලයේ එක්තරා ශෛලියක් ලෙස ද පිළිගැනේ. එහි ජනමාධ්‍ය පිළිබඳ මහාචාර්යවරයකුගෙන් ප්‍රවෘත්ති යනු කවරේදැ’යි කෙනෙක් විමසූහ. මහාචාර්යවරයා ගත් කටට ම කියා සිටියේ ප්‍රවෘත්ති යනු ලිංගිකත්වය, අපරාධ හා මුදල් ගනුදෙනු යන්න ය. මේ නිර්වචනය වෙළෙඳාම සම්බන්ධයෙන් නිවැරැදිය. එහෙත් සංස්කෘතිය සම්බන්ධයෙන් අතිශයින් ම වැරැදිය.
රටේ ප්‍රමුඛ පෙළෙහි භික්ෂූන් වහන්සේ පිරිසක් මීට මාස ගණනකට ඉහත දී ජනාධිපතිවරයාට සන්දේශයක් භාර දුන්හ. එහි සඳහන් වූයේ පුවත්පත් මඟින් ඉතා රසවත් කොට අපරාධ වාර්තා කිරීම නිසා අපරාධ සාමාන්‍යකරණයට ලක් වී එය අත්හදා බලන පිරිස වැඩි වී ඇති බව ය. එබැවින් ජනමාධ්‍ය වාර්තාකරණයට නීති පනවන්නැ’යි උන්වහන්සේලා ඉල්ලා සිටියහ. ජනමාධ්‍යයට වාරණ පැනැවීම අසීරු කටයුත්තකි. එය තවත් ගැටලු සමුදායක ආරම්භයක් වන්නට ද පුළුවන. ජනාධිපතිවරයා ජනමාධ්‍ය ප්‍රධානීන් කැඳවා මේ පිළිබඳ උපදේශනයක් ලබා දුන්න ද වාර්තාකරණයෙහි වෙනසක් දකින්නට නැත.
මේ පසුබිම තුළ ම විමැසිය යුතු තවත් අංශ දෙකක් තිබේ. පළමුවන්න අපරාධ මර්දනය සඳහා ආණ්ඩුව ගෙන ඇති පියවර ය. විවිධ අපරාධ මර්දනය සඳහා ආණ්ඩුව වෙනදාට වඩා උනන්දුවක් හා සැලැකිල්ලක් දක්වා තිබේ. විශේෂ පොලිස් ඒකක ගණනාවක් ද ඒ සඳහා අලුතෙන් පිහිටුවා ඇත. රාජ්‍ය ප්‍රධානීන්ගේ අවධානය ද ඒ කෙරෙහි දැඩි ව එල්ල වී ඇත. දෙවන්න අපරාධකරුවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම ය. බන්ධනාගාර තුළ පවා එම වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක වෙයි. මේ හේතු - සාධක නිසා අපරාධ සම්බන්ධිත පුළුල් සංවාදයක් රට තුළ පවතී. එය ඇතැම් දෙනා වැරැදි ලෙස අර්ථ දක්වති.
අප මේ තීරුව ආරම්භ කළ තැනට යළි ප්‍රවේශ වුවහොත් ජපානය වැනි රටකට වඩා ගැඹුරු සාංස්කෘතික පසුබිමක් අපට ඇතැ’යි කියන්නට පුළුවන. ලෝකයේ මුල් ම ශිෂ්ටාචාර සමඟ යම් යම් සාදෘශභාවයක් රටේ ඉතිහාසය තුළ පවතී. පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් ද ඒ බව සනාථ වේ. මහවැලි ගඟ දෙපස පැවැති ඉපැරැණි ශිෂ්ටාචාරයක් ගැන ද ඉතිහාසඥයන් අතර කතාබහක් පවතී. කුමක් වුව විදේශීය ආක්‍රමණ නිසා එම ශිෂ්ටාචාරයේ හර පද්ධතිය විනාශ වූ බව පිළිගත යුතු ය. එය වඩාත් විනාශකාරී ලෙස බලපාන්නට වූයේ 1977 න් පසුව ය.
ශ්‍රී ලංකාව තුළ බලවත් ආර්ථික කැරැල්ලක් ක්‍රියාත්මක වූයේ 1977 න් පසුව ය. එය ආර්ථික ආක්‍රමණයක් ලෙසත් සාංස්කෘතික විනාශයක් ලෙසත් හඳුන්වා දෙන්නට පුළුවන. රටක ආර්ථිකය සැලැසුම් කළ යුත්තේ රටේ ඉතිහාසය, මිනිසුන්ගේ චින්තනය, දේශීය රටාව හා රටේ සම්පත් ද සැලැකිල්ලට ගනිමින් ය. විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ සියල්ල උඩු -යටිකුරු කළේ ය. සාහිත්‍යය, ඉතිහාසය වැනි මානව ශාස්ත්‍ර විෂයයන් අධ්‍යාපනයෙන් අතුගා දැමිය යුතු යැයි ඔහු කල්පනා කළේ ය. ඒ වෙනුවට තාක්ෂණයෙන් දරුවන්ගේ ඔළු ගෙඩි පුරවා දැමිය යුතු යැයි ද ඔහු කල්පනා කළේය. මේ ක්‍රමය ඔස්සේ බිහිවුණේ බල්ලන් මරා හෝ සල්ලි හොයන මිනිසුන් ය.
කවුරු කුමන විග්‍රහ ඉදිරිපත් කළ ද 1977 න් පසු අපේ ආර්ථිකය හෝ සංස්කෘතිය හෝ පිළිගත හැකි සංවර්ධනයක් ලැබුවේ නැත. මිනිසුන් ස්වල්ප දෙනකු අත මුදල් ගැවසුන ද, ජාවාරම් අධික විය. දූෂණ අධික විය. දුප්පතුන් වඩාත් දුප්පත් වූ අතර පොහොසතුන් ස්වල්ප දෙනකු වඩාත් පොහොසත් වන බව දකින්නට ලැබිණි. මිනිසුන්ගේ චින්තනය වෙනස් වීම නිසා තරගය අධික විය. එකිනෙකාට වෛර කරන සමාජයක් බිහි විය. මිනිස් ජීවිත ශත පහකට ගණන් නො ගැනිණි. එහි ප්‍රතිඵලය වූයේ සාමූහිකත්වය බිඳී යෑම ය. මෙය වක්‍රාකාරයෙන් අපරාධ වර්ධනයට රුකුලක් විය.
රටේ පවතින අපරාධ ගැන කතා කරන හා ඒවා විවේචනය කරන අයගේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් තිබේ. සංචාරක කර්මාන්තය නිසා සංස්කෘතිය විනාශ වන්නේ නැත. සංස්කෘතිය විනාශ න්නේ චින්තනය විකෘති කිරීමෙන් ය. චින්තනය විකෘති කිරීමට මඟ පෑදුණේ විවෘත ආර්ථික සම්ප්‍රදායයෙන් ය. එහෙත් අද එය කළමනාකරණයට ලක්කර තිබේ. දේශීය චින්තනයට හා අපේ උරුමයට මුල් තැන ලැබී තිබේ. උගතුන් ඒ ගැනත් කතා කළ යුතු ය.
http://www.dinamina.lk/2014/07/19/_art.asp?fn=e140719
Monday, July 14, 2014
උපදින්නේ 1936 - මිය යන්නේ 1987
ජෝතිපාල ජනමූල ගායකයෙක්
“ග්රෑම් 200”....??? 200 gm...???
පලතුරු පරිභෝජනය ඉහළ නංවන්න ඉතිහාසයේ ප්‍රථම වරට පලතුරු ප්‍රවර්ධන සතියක්
Sunday, July 13, 2014
‘ආකේඩ්-නිදහස් චතුරස්‍රය’ ජනපති අතින් ජනතා අයිතියට
කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යවත් නගරය බවට පත්කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ තුළ හමුවන තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන මේ ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කැර තිබෙන අතර ඒ වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 500 කි.
කොළඹ නගරයේ ප්‍රධානතම වාණිජ ස්ථානයක් වශයෙන් සංවර්ධනය කළ "ආකේඩ් - නිදහස්
චතුරස්‍රය" ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13)
පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණු අතර එම මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගේ
නිරීක්ෂණයට ලක්වූ අයුරු. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක හා
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එම අමාත්‍යාංශ සේවා
වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්ම මහත්මීන් ද මෙහි වෙති. ඡායාරූපය
- සුදත් සිල්වා
|
මේ නව සාප්පු සංකීර්ණය තුළ ලොව ප්‍රකට වෙළෙඳ නාමාවලියෙන් යුත් පාරිභෝගික භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඟලුම් විලාසිතා, ආභරණ හා ක්‍රීඩා භාණ්ඩවලින් සමන්විත සාප්පු 40කින් සමන්විත වන අතර ඊට අමතරව සුපිරි තත්ත්වයේ අවන්හල් වලින් ද අති නවීන තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාවකින් ද සමන්විත වෙයි .
අසංවිධිත සංවර්ධනයකට සහ අව භාවිතයට යොමුවී තිබු නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය මෙම ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි තුරඟ තරග පිටිය සංවර්ධනය කොට භූමි දර්ශන අලංකාර කොට නැවත මහජනතාව අතට පත්කිරීමට පියවර ගෙන තිබෙන අතර කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වඩාත් දර්ශනීය, නිදහස්, මෙන්ම හරිත නගරයක් බවට පත්කිරීමේ අරමුණ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකැර තිබේ. ඒ අනුව අගනගරය ජාතික අභිමානයකින් හා විවෘත භාවයකින් යුත්, නිදහස්, පිරිසිදු, දර්ශනීය මෙන්ම වඩාත් ආරක්ෂිත ආසියාවේ අනෙක් අගනගරවලට නොදෙවෙනි නගරයක් බවටපත් කිරීම රජයේ අරමුණ වී තිබේ.
ජනතා අයිතියට පැවරුණු මෙම "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" වාණිජ මධ්‍යස්ථානය වර්ග අඩි 90,000ක පමණ විශාලත්වයකින් යුතුවන අතර එයින් වර්ග අඩි 40,000ක පමණ ප්‍රමාණයක් සාප්පු සංකීර්ණ අවන්හල් ඇතුළු වාණිජ කටයුතු වෙනුවෙන් විවිධ ආයතන සඳහා බදු පදනම මත ලබා දී ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ප්‍රතිනිර්මාණය වූ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව ලබාදී තිබෙන අතර එය ජනතා අයිතියට පත් කිරීමත් සමඟ මෙහි පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් වෙනුවෙන් වඩාත් ආරක්ෂාකාරී ආකර්ෂණීය පරිසරයක් සහිත විවේකය තවත් නිදහසේ ගත කිරීමට හැකි පරිසරයක් ලෙස නිර්මාණය කැර තිබේ.
කොළඹ, ටොරින්ටන්හි පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පැවති ගොඩනැඟිලි සහ එම භූමිය - කොළඹ නිදහස් චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" නමින් වාණිජමය ගොඩනැඟිලි සංකීර්ණයක් බවට මෙලෙස සංවර්ධනය කර තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයටත් පෙර ඉදිකරන ලද මෙම ගොඩනැඟිලි ලන්දේසි පාලන සමයේ මානසික රෝහලක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර පසුව විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් පරිහරණය කොට ඇත. අවසාන වශයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහා භාවිත කරන ලද අතර එයින් අනතුරුව මෙම දේපෙළ නාගරික සංවර්ධන අධිකාරියට පවරගන්නා විට ඉතාම අබලන් මෙන්ම ජරාජීර්ණ තත්ත්වයකට පත්ව පැවතිණි. මෙයට යාබද භූමිය වන තුරඟ තරග පිටිය (Race Course) ද පැවතියේ මෙයට නොදෙවෙනි මට්ටමකය.
ලෝක යුධ සමයේ යුද ගුවන්යානා ගොඩබැස්සවීමට භාවිත කරන ලද මෙම පිටිය පසුව බ්‍රිතාන්‍යයින් කුඩා සහ විශාල වශයෙන් ප්‍රේක්ෂකාගාර (Grand Stand) දෙකකින් යුක්තව තුරඟ තරග පැවැත්වීම සඳහා යොදා ගන්නා ලද අතර ඉතාම ජරාජීර්ණව අභාවයට යමින් පැවති එම ගොඩනැඟිලි අද වනවිට සංරක්ෂණය හා සංවර්ධනය කොට සංචාරක ආකර්ෂණය සහිත වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්කොට ඇත.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම් ෆවුසි, ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, එස්.බී දිසානායක, මහාචාර්ය ජී.එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, වෛද්‍ය රාජිත සේනාරත්න, ඩග්ලස් දේවානන්දා, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ඩුලිප් විජේසේකර, ෆයිසර් මුස්තාෆා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, එම්.එච්.එම් අෂ්වර්, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග, ආණ්ඩුකාර අලෙවි මවුලානා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරයේ සභාපති නිමල් පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර
http://dinamina.lk/2014/07/14/_art.asp?fn=n14071412
Sunday, July 6, 2014
මල්ගුඩියේ ස්වාමි සොයා . . .
මල්ගුඩියේ ස්වාමි සොයා . . .
මංජුනාත් නායකර්
|
ආව්! මගේ කන
|
අත්තම්මා මේ බලන්නකෝ
|
රාජම් පරිස්සමෙන්
|
ආර්.කේ නාරායන්
|
ජාතික පුරා විද්‍යා සතිය අද ඇරැඹේ
ජාතික පුරා විද්‍යා සතිය අද ඇරැඹේ
Saturday, July 5, 2014
වංචනික ව්‍යාපාරිකයන් විසින් බිහිකර ඇති ප්‍රචාරවලට අහුවෙන්න එපා!
බොරු විටමින් වර්ග ගැන සාවද්‍ය ප්‍රචාරවලට අහුවෙන්න එපා!
මෙහෙම විටමින් ඇත්තේම නැහැ
Thursday, July 3, 2014
හමුදා මාධ්‍ය ප්‍රකාශක කරුණු හෙළි කරයි
බොදුබල සේනා සමඟ සම්බන්ධ බව ඔප්පු කළොත් තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බොදුබල සේනා සංවිධානයට අනුග්‍රහය දක්වන බවට අසත්‍ය මතයක් ගොඩනැගීම සඳහා වෙබ්අඩෙවි මගින් ප්‍රචාරය කර ඇති ඡායාරූප...
|














