Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

Saturday, August 9, 2014

ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් අපේ විවාහයට බලපෑවේ නැහැ

ඔහු ලියන කිසිදෙයක්‌ කාටවත් පෙන්නුවෙ නෑ

ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් අපේ විවාහයට බලපෑවේ නැහැ


මට ජයතිලක මහත්තයව මුලින්ම දකින්න ලැබුණේ මියුසියස්‌ පුහුණු පාසලේ ඉගෙන ගන්න කාලයේදී අපි ගිය විනෝද චාරිකාවකදීයි. එහිදී අපි යාපනය, නාගදීපය ආදී ප්‍රදේශවල දින දෙක තුනක්‌ සංචාරයේ යෙදුණා. මේ ගමනේදී එයා මා පිළිබඳව විමසිල්ලෙන් ඉඳල තියෙනවා. මට මතකයි යාපනයේදී මටයි මගේ යහළුවන්ටයි එයා මිදි මල්ලක්‌ ගෙනැත් දුන්නා. ඒත් මට වෙනසක්‌ තේරුණේ නැහැ. ආදරයක්‌ කියන දේ තේරුම් ගන්න පුළුවන් කමකුත් ඒ වෙද්දී අපට තිබුණේ නැහැ. කොහොම නමුත් පසුව අපේ පාසලේ මුල් ගුරුතුමියගේ මාර්ගයෙන් තාත්තට දන්වල මා ගැන අහල තිබුණා. ගෙවල්වලිනුත් එතරම් විරුද්ධත්වයක්‌ තිබුණේ නැහැ. ඒ නිසා අධ්‍යාපනය ලබන අතරවාරයේදීම තමයි අපේ විවාහය ලියාපදිංචි කළේ. ඒ 1954 පෙබරවාරි 9 වැනිදා. ඒ අවුරුද්දේම මැයි මාසේ 24 වැනිදා පුංචි උත්සවයක්‌ ගත්තා. ඒ වෙද්දී නාවල පැත්තේ පුංචි ඇනෙක්‌සියක්‌ අරගෙන තිබුණා. අපි දෙන්න මුලින්ම පදිංචියට ගියේ එහෙට. එතකොට මට අවුරුදු දහ අටක්‌ විතර ඇති. ජයතිලක මහත්තයත් විසි දෙකක්‌ තුනක්‌ විතර වයසක තමයි හිටියේ.
ඇය කේ. ජයතිලකයන් ව හමුවීමේ සිට විවාහය දක්‌වා පැමිණි අතීතය රසවත් ලෙස අප සමග මෙනෙහි කළාය.

කළුඅච්චි ගමගේ ජයතිලක උපත ලබන්නේ 1926 වසරේ ජුනි 27 වැනිදාය. ඒ සියනෑ කෝරළයේ ගඟබඩපත්තුවේ රදාවාන පෝරුවේ කන්නිමහරදීය. ඔහුගේ පියා කළුඅච්චි ගමගේ අර්නෝලිස්‌ අප්පුහාමිය. මව මද්දුමාගේ පොඩිනෝනා ය. දරුවන් නම දෙනකුගෙන් යුත් මෙම පවුලේ ජයතිලක උපදින්නේ තුන්වැනි දරුවා ලෙසටය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ රදාවානේ පිහිටි ආණ්‌ඩුවේ පිරිමි පාඨශාලාවෙනි. ර¹වානේ පාසලේ ඉගෙන ගත්තු කාලයේදී එම පාසලට පැමිණි මුනිදාස කුමාරතුංගයන් "බස රස කරන හැටි" මැයෙන් කළ දේශනය" ජයතිලකයන්ගේ ජීවිතයේ සදා නොමැකෙන සනිටුහනක්‌ විය. එසේම ඔහුගේ සාහිත්‍ය රසයට එක්‌ හේතුවක්‌ ලෙස මවගේ ද පියාගේ ද ක්‍රියාකාරකම් බොහෝ සේ බලපෑ බව ජයතිලකයන් වරක්‌ පුවත්පතකට පවසා තිබුණේa මෙලෙසිනි.

"මගේ පියා ඒ යුගයේ හැටියට උගත් කෙනෙක්‌. ඔහු පාසලේ අටවැන්න සමත්ව හිටියා. තාත්තා පැරණි සාහිත්‍ය පොත් මෙන්ම නවකතාත් කියෙව්වා. ඒ කාලේ තිබුණේ පියදාස සිරිසේනගේ නවකතා. සාමාන්‍යයෙන් නව කතා කියවීම ළමයිනට නොහොබිනා දෙයක්‌ ලෙස ඒ කාලේදී පිළිගැනුණත් තාත්තා අපිට එවැනි තහනමක්‌ පැනවූයේ නැහැ. ඒ කාලේ පොළවල්වල කූඩ දිගහැර ඒ යට ලස්‌සනට පොත් විකුණන වෙළෙන්දොa හිටියා. තාත්තා අපිට පොත් ගෙනැත් දුන්නේ ඒ වෙළෙන්දන්ගෙන්..... ·

ඒ වගේම තමයි මගේ අම්මා පැරණි ජනකතා රාශියක්‌ දැනගෙන හිටියා. හැන්දැවට බත ඉදෙන තුරු ඇය ඒ ජන කතා අපට කියා දුන්නා. මගේ සාහිත්‍ය ජීවිතයේ පළමු පිබිදීම ඇති කළේ තාත්තා ගෙනත් දුන් පොත්පත් කියෑවීමෙන් හා අම්මා කියා දුන් ජනකතා ඇසීමෙන්.

* ඔබලා විවාහ වෙද්දී ඔහු ප්‍රසිද්ධ කෙනෙක්‌ද? අප නැවතත් සුමනා ජයතිලක මහත්මියගෙන් විමසුවෙමු.

නැහැ. කිසිම ප්‍රසිද්ධියක්‌ ලබා තිබුණේ නැහැ. එහෙම වෙන්න කිසිම පොතක්‌ පතක්‌ ලියල තිබුණෙත් නැහැ. ඒ කාලෙදී තැපැල් මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ආයතන තිබුණා. මහත්තයත් තැපැල් මාධ්‍යයෙන් ළමයින්ට ඉගැන්වීම කරගෙන ගිය ගුරුවරයෙක්‌. ඔහු එයින් ලැබෙන වැටුප තමයි මාව විවාහ කරගන්න කොට අපේ තාත්තාට පෙන්නල තිබුණේ. මට මේ වැටුපෙන් පවුලක්‌ රකින්න පුළුවන් කියලා. මගේ අම්මා මම පුංචි කාලෙදීම නැති වුණා. තාත්තා තමයි අපිව රැක බලා ගත්තේ. තාත්තාගේ නෑදෑයෝ මේ විවාහයට ටිකක්‌ අකැමැත්තකුත් පෙන්නුවා.

* ඒ වෙද්දී ඔහු එතරම් ප්‍රසිද්ධ කෙනෙකුත් නෙමෙයි නම් ඔබ ඔහුට කැමැති වෙන්න තිබුණු හේතු මොනවාද?

මට එහෙම කිසිම හැඟීමක්‌ තිබුණේ නැහැ. මගේ තාත්තා කිව්වේ මේ විවාහයට කැමැති වෙන්න කියලා. ඉතින් ඊට වඩා දෙයක්‌ මට හිතන්න තිබුණේ නැහැ. අපිට ඕන ඕන විදිහට හිතුවක්‌කාර තීරණ ගන්න අවශ්‍යතාවක්‌ වත් හැකියාවක්‌වත් ඒ කාලේ අපට තිබුණේ නැහැ. ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් මේ විවාහයට බලපෑවේ නැහැ.

* සැමියෙක්‌ ලෙස ජයතිලකයන් තුළ තිබුණු ගුණ මොනවාද?

ඇත්තටම ඔහු ඉතාමත් ගුණයහපත් කෙනෙක්‌. හැම දෙයක්‌ම මට කියා දුන්නේ ආදරෙන්. කවදාවත් සැරවැර වුයේ නැහැ. සමහර දේවල් මම සෙල්ලක්‌කාරකමට කරපු අවස්‌ථාවලදී එහෙම කරන්න එපා. මෙහෙම කරන්න කියල මට ආදරෙන් පහදල දීල තියෙනවා. අපි විවාහවෙලා පළමු අවුරුද්ද ගෙවෙන කොටම මට පුතෙක්‌ ලැබුණා. ඒ නිසා අඩු වයසකදී වුණත් මම ඉක්‌මනින් අම්මා කෙනෙක්‌ ලෙස තලත්තෑනි තත්ත්වයට පත් වුණා. වගකීම් කියන දේ මාහට පැවරුණා. ඒ වගේම ජීවත් වෙන්න අවශ්‍ය කරන හැම සැප පහසුකමක්‌ම මා වෙනුවෙන් ඔහු ළඟා කරල දුන්නා. අද තරුණ අඹුසැමියන් අතර තියෙන බැඳීම් නෙමෙයි එදා අපි අතර තිබුණේ. මට හිතෙන්නේ ඒක ඉතා ගෞරවනීය දෙයක්‌ කියලයි.

මේ කාලෙදිම තමයි, ඔහු මුලින්ම ලියන්න පටන් ගත්තෙත්. ඊට කලින් "වියෝ දසුන" කියල එක පොතක්‌ ලියල තිබුණත් පළවෙලා තිබුණේ නැහැ.

* ඔහු ලේඛන කටයුතුත් සමග ගෘහ ජීවිතය පටලවා ගත්තේ නැද්ද?

සමහර වෙලාවට ජීවිතේ දුක හිතුණු අවස්‌ථාත් තිබුණා. මොකද එයාගේ ලියන කියන වැඩ නිසා අපි ට කතා කරන්නවත් විනෝදයෙන් ඉන්නවත් අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. එයාගෙ ලෝකයේ තමයි නිතරම එයා හිටියේ. පස්‌සේ මම තේරුම් ගත්තා. ඔහුට ඒ නිදහස ලබා දිය යුතුයි කියලා. අපි ඒවට අකුල් හෙළුවොත් ඒ කිසිවක්‌ සාර්ථක කර ගැනීමට නොහැකි බව මම තේරුම් ගත්තා.

ළමයි එහෙම ලැබිලා ටිකක්‌ කල් යනකොට මාස තුනකට විතර සැරයක්‌ අපි කොහේ හරි ඇවිදින්න යන්න පුරුදු වුණා. හැබැයි ඒ ගමන්වලදීත් කාරෙකේ යනකොට වැඩිය කෑගහනවට එහෙම කැමැති නැහැ. ඒ වෙලාවට "ඔය කච කෙච්" නවත්තගන්න කියනවා.

* ඇයි දූ දරුවෝ කිසිවෙක්‌ ලේඛන කටයුතුවලට සම්බන්ධ නූනේ·

ඔහු කවදාවත් ඒ කාටවත් කිසිම දෙයකට බල කළේ නැහැ. කරන දේ හරියටම උපරිමයෙන් කරන්න කියල තමයි නිතරම කිව්වේ.

* ඔහු ජීවිතය ඉතා අසීරුවෙන් ජයගත්ත කෙනෙක්‌. ඒ ගැන මොනවද ඔබ සමග කියල තියෙන්නේ?

ජයතිලක මහත්තයා ගමෙන් ඇවිත් බොහොම අමාරුවෙන් තමයි ඉහළට ආවේ. ඒ නිසාම ඔහු අනිත් අයටත් උනන්දුවෙන් අත දුන්නා. එයාගේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලුවා. කොළඹ හිටියත් අපි මාසෙකට වරක්‌ ගමට ගියා. ඔහු ගමට ගොඩක්‌ ආදරේ කළා. ලේඛන කටයුතුවලට උනන්දු අලුත් ළමයින්ට උදව් කළා. පොත්පත් දුන්නා. ඒ නිසාම තමයි, මිය යන්න වසර හයකට පමණ ප්‍රථම ඔහුගේ මහ ගෙදර පුස්‌තකාලයක්‌ බවට පත්කෙරුවේ. ඔහු ඒ දේ කළේ සියනෑ කෝරළේ දරුවන් වෙනුවෙන් කරන යුතුකමක්‌ ලෙස හිතලයි.

* ලියන කියන දේ පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කළාද?

කවදාවත් කිසිම විදිහකින්වත් එයා ලියන කියන දෙයක්‌ කාටවත් පෙන්නුවේ නැහැ. පොත් ලියල මුද්‍රණය කරල අරගෙන ඇවිත් මට පේන තැනකින් තියල තියෙනවා. එතකොට මම කියනවා මොකක්‌ද අනේ මේ අලුත් පොතක්‌ ගහල තියෙනවා. මම දන්නේවත් නැහැනේ." මේක ලියනකොට මටත් ටිකක්‌ පෙන්නන්න තිබුණනේ කියලා." ඕක ඔයාට පෙන්නුවනම් වෙන අය වගේ නෙමෙයි ඔයා කරන කියන විවේචන ඊට වඩා ප්‍රබලයි. ඒව ඇහුවොත් මේක මුද්‍රණය කරන්න හිතෙන්නෙත් නැහැ කියල කියනවා. එයා ගෙදරදී පොත් ලිව්වෙත් නැහැ. ඒ හැම දෙයක්‌ම ලිව්වේ අලුත්කඩේ උසාවිය ළඟ තියෙන පුංචි කාර්යාලයේ ඉඳගෙනම තමයි. එතැනට කවුරු හරි ඇවිත් ලියන කියන දේවල් ගැන සාහිත්‍ය ගැන කතා කරනවට එයා හරි කැමැතියි.

* පොතපතින් එහාට ඔහු සතුටක්‌ ලැබුවේ මොනවායින්ද?

දරුවන්ට උගන්වන එක තමයි ඔහු ලැබුව ලොකුම සතුට. දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඒ තරම්ම සොයා බැලුවා. දවසක්‌ මම දූල දෙන්නට ලස්‌සන මැහුම් මෝස්‌තරයකින් ගවුම් දෙකක්‌ මහල දුන්නා. ඒ අය තාත්තා ළඟට ගිහින් ලස්‌සනද කියා ඇහුවම මගේ පැත්ත හැරිල "ඔව් ලස්‌සනයි" කියල ළමයින්ට කිව්වේ මම මීට වඩා කැමැතියි ඔයාල කවදහරි හොඳට ඉගෙන ගෙන ලොකු තැන්වලට ගිහින් ඉන්නකොට තියෙන ලස්‌සන බලන්න කියලා. දරුවෝ හතරදෙනාම අධ්‍යාපනික වශයෙන් යම් දියුණුවක්‌ ලැබුවා නම් ඒ පසුපස සිsටියේ මම නෙමෙයි ඔහුයි.

* ඔහු ජීවිතයේ කලකිරීමෙන් සිටි අවස්‌ථා තිබුණාද?

කවුරු හරි වංචාවක්‌ බොරුවක්‌ කළොත් ඔහු හරියට දුක්‌වෙනවා. ඒ දේ වෙන කාට හරි වුණත් එහෙමයි. කවුරු කාවවත් රවට්‌ටනවට එයා කැමැති නැහැ.

* කේන්ති ගන්න කෙනෙක්‌ද?

කවුරු හරි එයාව හෙලාතලා කතා කළොත් එයාව ගණන් ගන්නේ නැත්නම් ටිකක්‌ කේන්ති ගන්නවා. අපේ ගෙදර හැම තැනම තියෙන්නේ පොත්. කෑම කන තැනයි සාලෙයි, නිදාගන්න ඇඳ උඩයි තියෙන්නෙත් පොත්. ඒකට කිසි පිළිවෙළක්‌ නැහැ. මම ඉතින් ඒව පිළිවෙළකට අස්‌ කළොත් කේන්ති යනවා. ඒ වෙලාවට "මේ ගෙදර මිනිස්‌සු මොනව කරනවද මන්දා" කියලා කියනවා. පොත්වල කොල නවනවටත් එයා හරි අකැමැතියි.

ඒ මොන දේ වුණත් අපි දෙන්න එකිනෙකාට ගරු කළා. එක්‌කෙනෙක්‌වත් දෙවෙනිය කියන සිතුවිල්ල අපි ළඟ තිබුණේ නැහැ එතකොට දරුවන්ට අමුතුවෙන් උගන්වන්න දෙයක්‌ ඉතුරු වෙන්නේ නැහැ. ඔවුන් ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඔවුන්ට ඉබේම අම්මා තාත්තාගේ අගය දැනෙන්න පටන් ගන්නවා. අපි හැම දෙයක්‌ ගැනම සාකච්ඡා කළා. ඒ තුළින් ම විසඳුම් සොයා ගත්තා.

* ඔහු මත්පැන් බිව්වද?

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා, සරච්චන්ද්‍ර මහත්තය වගේ එයාගේ හිතමිතුරන් හමුවන ඇතැම් අවස්‌ථාවලදී බොහෝ ම ස්‌වල්ප වශයෙන් මත්පැන් පානය කළා. නමුත් කවදාවත් සීමාව ඉක්‌මවා ගියේ නැහැ.

* ගෘහ ජීවිතයට ප්‍රිය කළාද?

විවේකයක්‌ තියෙන හැමවෙලාවකම ගෙදර ඉන්න තමයි කැමැති. නොයෙකුත් තැන්වල ඇවිදින්න යන්න කැලෑවල යන්න එහෙමත් කැමැත්තක්‌ තිබුණා.

* ඇයි ඔහු ඔබව තෝරාගත්තේ?

මම ජීවත්වෙන විදියට හා මගේ ගති ස්‌වභාවයට එයා කැමැති වෙන්න ඇති.

* ජීවිතේ කියන දේ දැක්‌කේ කොහොමද?

ජීවිතේ කියන දෙය ඉතා පුළුල් ලෙස දැක්‌කා. අසීමිත බලාපොරොත්තු හෝ කිසිවක්‌ පොදිගසා ගැනීමේ ආසාවක්‌ තිබුණේ නැහැ. දැන් හැමදේම ඇති ජීවත් වුණා දැන් ඇති, කියන හැඟීම තමයි, අවසාන කාලයේදී ඔහුගේ හිතේ තිබුණේ.

රංග විදානේ
ඡායාරූප :
සමන් අබේසිරිවර්ධන

http://www.divaina.com/2014/08/10/feature01.html

Thursday, July 31, 2014

ගුවන් විදුලියෙන් රටට දෙන 'හඬ' සිංහල ගීතයේ පරිණාමය විශේෂ කලාපය

සිංහල ගීතයේ පරිණාමය හෝ ක්‍රම විකාශනය පිළිබඳ බහුතර ගීත ශ්‍රාවකයන් දැනුවත් කිරීම හඬ සඟරාවේ යුතුකමකි. මන්ද යත් සිංහල ගීතයේ තිඹිරිගෙය 'ගීතාලය' හෙවත් නිර්මාණ මන්දිරය ගුවන් විදුලිය වන බැවිනි. වත්මන් සියලු විද්යුත් මාධ්‍ය යෑපෙන්නේ ඒ නිර්මාණ මන්දිරයේ නිෂ්පාදන වලින් වන බැවිනි."

ග්‍රැමෙµdaන් ගීතද නාට්‍ය ගීතද සරල ගීතද ශාස්‌ත්‍රීය ගීතද ජන රාශියක්‌ වෙත ගෙන ගිය එකම වාහනය ගුවන් විදුලිය විය. රසික ජනමනස හැදුවේද ගුවන් විදුලියයි. සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව, නන්දා මාලනි ප්‍රමුඛ අධ්‍යතන සුභාවිත ගායක ගායිකා පරපුර නිර්මාණය කළේද ජෝතිපාල, ලතා ධර්මදාස, මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, ඇන්ජලීන් ගුණතිලක, වික්‌ටර් රත්නායක, සනත් නන්දසිරි අමරසිරි පීරිස්‌, ක්‌ලැරන්ස්‌ ප්‍රමුඛ බැස නොයනා සුපිරි තරු නිර්මාණය කළේද ගුවන් විදුලියයි. (උපුටා ගැනීම 'හඬ' ගුවන් විදුලි සඟරාවේ කතුවැකිය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව පළකරන විශිෂ්ට නිර්මාණ සංග්‍රහයේ (එයට 'විශිෂ්ට' යන යෙදුම අප යොදනුයේ එම සඟරාව මෙතෙක්‌ ප්‍රකාශිත ගුවන් විදුලි සඟරා අතර විශ්ව කෝෂයක්‌ බඳු නිර්මාණ සාර සංග්‍රහයක්‌ වන හෙයින්) 2013-ජනවාරි-මාර්තු කලාපය ඉකුත් සතියේ අප අතට පත්විය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහයන්ගේ උපදේශකත්වයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන්ගේ නිර්මාණශීලි සංස්‌කරණ ප්‍රතිභාවෙන්ද ගුවන් විදුලියේ ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ කුමාරදාස සපුතන්ත්‍රීගේ අධීක්‍ෂණයෙන් ද 'හඬ' මුද්‍රණය කර ඇත්තේ µdස්‌ට්‌ ඇඩ්ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ් මගිනි.

ඉතා විරල ඡායාරූප රාශියක්‌ද අන්තර්ගත මෙවර හඬ සඟරාවට පැරණි සිංහල සංගීතය පිළිබඳ මූලාශ්‍ර (ආචාර්ය කේ. ඩී. පරණවිතාන) ග්‍රැමෙµdaන් ගීත (ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර) සිංහල කණ්‌ඩායම් සංගීතයේ ගී අවධිය (සම්පත් සල්පිටිකෝරාළ) ශාන්ති කර්ම හා කෝලම් නාටකයේ සංගීත භාවිතය (අරුණ ලොකුලියන) සිංහල සංගීතයේ දක්‍ෂිණ භාරතීය බලපෑම් (ප්‍රේමරත්න සමරනායක) නාඩගම් කලාවේ සංගීත භාවිතාව (සංජය කුමාර ජයලත්) ගුවන් විදුලිය ඇරඹුණේම ගීතයෙන් (ඒරානන්ද හෙට්‌ටිආරච්චි) සිංහල ගීතයේ තිඹිරිගෙය ගුවන් විදුලිය (ප්‍රේම රංජිත් විඡේවික්‍රම) ශාස්‌ත්‍රීය සංගීත - ප්‍රබෝධය (ආචාර්ය දයාරත්න රණතුංග) සුභාවිත ගීතයේ උල්පත ගුවන් විදුලි නාටක (රංජිත් විඡේසේකර) සිංහල ළමා ගීතය (මහින්ද අල්ගම) නූතන සිංහල නාට්‍ය සංගීතය (සංගීත විශාරද ජයන්ත අරවින්ද) ලංකේය ගීතයේ සාහිත්‍යමය හඬරාව (සේන නානායක්‌කාර) මානවවංශ සංගීත විද්‍යාව (රංජිත් ප්‍රනාන්දු) ටෙක්‌නිකල් කොලීජියෙන් ලලිත කලායතනයට (තිස්‌ස කාරියවසම්) ස්‌වර්ගීය පණ්‌ඩිත විෂ්ණු නාරයන භාත්ඛණ්‌ඩේ (කේ. ඒ. දයාරත්න) කර්තෘ භාග අභාගය (ආචාර්ය රෝහණ වීරසිංහ) සංගීත වින්දනය කායික සහ මනෝවිද්‍යාත්මක පදනම (රන්ජන් ඒ. අබේසිංහ) සංගීතය හා ජන කවි (එස්‌. එන්. රත්නජංකර් පඬිතුමා) සිංහල සංගීතය නංවන මහ (ආනන්ද සමරකෝන්) දේශීය සංගීතය (සුනිල් සාන්aත) සංගීතයේ භාෂාව (පණ්‌ඩිත් අමරදේව) ගැමි ගී යනු කුමක්‌ද (ඩබ්ලිව්. බී. මකුලොලුව) භාරතීය මහා සම්ප්‍රදායෙන් මිදීයා හැකිද මහාචාර්ය (එදිරවීර සරච්චන්ද්‍ර) විද්‍යා හා සිංහල සංගීතය (සංගීතඥ වින්සන්ට්‌ සෝමපාල) නූතන ගීතයේ නව ප්‍රවණතා (සංගීතඥ නදීක ගරුගේ සහ ගුවන් විදුලියේ නිර්මාතෘ විශේෂ ගීත ආදි විවිධ විශේෂාංග මෙහි මෙවර අන්තර්ගත කර ඇත. කෘතහස්‌ත මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන් 'හඬ' සංස්‌කරණය කර ඇති අති දක්‍ෂ ස්‌වභාවය දෙස බලන විට ඔහු වැන්නන්ට ජාතික මුද්‍රිත සන්නිවේදන මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළින් තවත් වටිනා මෙහෙවරයන් රැසක්‌ රටට කළ හැකි බව අපට යළි යළිත් පෙන්වාදෙන අතිශයෝක්‌තියක්‌ නොවන "සත්‍යයකි."

සිංහල ගීතයේ ඇරඹීම සිට වත්මන් භාතිය - සන්තුෂ් රසික පරපුර දක්‌වා විහිදෙන ගීතයේ පරිණාමය සියෑසින් දැක රසවිඳින සැමට 'හඬ' කර ඇති මෙහෙවර අපරිමිත බව අපේ හැඟීමය. ගීත සාහිත්‍ය හදාරන සැමට මෙන්ම අනාගත පරපුරටද මෙම 'හඬ' මහඟු දායාදයක්‌ තිළිණ කොට තිබේ. ඊට එක්‌වූවන්ටද අපේ ගෞරවය පුද කරමු. 2697497 වෙතින් 'හඬ' පිළිබඳව ඔබට තවත් යමක්‌ දැනගත හැකි වනු ඇත.

නාරද

http://www.divaina.com/2013/03/08/cineart04.html

Sunday, June 22, 2014

මේ පොත් දෙක දෙවිදියක, ඒත් අපූරු පොත් දෙකක්.

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.
ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...
සයිමන් නවගත්තේගමගේ ‘සංසාරණ්‍ය අසබඩ'. මේ පොතේ බොහොම ගැඹුරු දර්ශනයක් දිවෙනවා. අනික ඔහු තමයි ලංකාවේ ප්‍රබන්ධ සාහිත්‍යයට, ගැමි සාහිත්‍යය එකතු ‍කළේ.
ප්‍රබන්ධ නොවන කෘතිය...
මම අතට අහුවෙන පත්තර කෑල්ලෙ ඉඳලා හැම වර්ගයක ම පොත් කියවන කෙනෙක්. ඒ නිසා ‍මගේ තෝරා ගැනීමට සීමාවක් නැහැ. ප්‍රබන්ධ නොවන කෘති කියලා මට විශේෂයක් නැත්තේ ඒ නිසා.
මේ දිනවල ඔබ කියවන්නේ...
මම පොත් දෙකක් කියවනවා. එකක් තමයි, ශ්‍යාම් සෙල්වදොරේගේ ‘ෆනි බෝයි’ මුල් කෘත‍ියෙන් සුගපාල ද සිල්වා පරිවර්තනය කළ ‘අමුතු ඉලන්දාරියා'. අනික තමයි, ගාමිණී වියන්ගොඩගේ ‘මායා බන්ධන'.
මේ පොත් දෙක දෙවිදියක, ඒත් අපූරු පොත් දෙකක්.
කෙනකුට කියවන්න යැයි ඔබ නිර්දේශකරන කෘතීන් තුනක්...
මට එහෙම පොත් තුනකට සීමා වෙන්න බැහැ. අතට අහුවෙන පත්තර කෑල්ලෙ ඉඳලා ලැබෙන හැම පොතක් ම කියවන්න කියලයි මම කියන්නේ. මොකද මමත් එහෙම කියවන කෙනෙක්. හොඳයි නරකයි කියා පොත් වෙන් කරන්නේ නැතිව එහෙම කියවද්දියි, ඒ හොඳ සහ නරක පිළිබඳ වෙනස අත්දකින්නත් පුළුවන් වෙන්නේ.
පොතක ඔබ වඩා වැදගත්කොට සලකන්නේ රචනා ශෛලියද... අන්තර්ගතයද... නැතිනම් අවසානයද...
ඔය කාරණා තුන වගේම ආකෘතියත් මට වැදගත්. ඕනෑ ම පොතක් සාර්ථක වෙන්න නම් ඔය කාරණා සියල්ල සම්පූර්ණ විය යුතුයි. ග්‍රන්ථ ලේඛන කලාවේ නිරත වන සෑම කෙනෙකු ම එය තරයේ සැලකිය යුතු කාරණාවක් ලෙසයි මා දකින්නේ.
ඔබ ළමා කාලයේ කියැවූ හොඳම පොත...
පුෂ්පා රම්ලිනි රත්නායකගේ ‘අම්මා මගේ රත්තරන්'. ඔය පොත කියවද්දි මට
අවුරුදු 10 ක් ඇති. අදත් මතක් වෙද්දි හරිම ආසයි.
ඊටත් පොඩි කාලේ කියවපු පව්ලෝ නම් රුසියානු ලේඛකයාගේ පොතකින් දැදිගම ඒ.වී. රොද්‍රිගූ පරිවර්තනය කළ ‘පිංතූර කතා’ පොතත් මට කවදාවත් අමතක වෙන්නෑ.
ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක පොත් තිබෙනවාද...
අතට අහුවෙන හැම පොතක් ම කියැවීම මගේ පුරුද්ද වුණාට ඉතිහාසය, පුරාවිද්‍යාව මෙන් ම විද්‍යා පොත් කියවන්න මං හුඟක් කැමැතියි.
මෙතෙක් කියැවූ පොත් වලින් ඔබේ ජීවිතයට ලැබුණු දේ...
බෞද්ධයෙක් විදියට ජීවිතය පිළිබඳ ගැඹුරු දර්ශනයක් ලැබුණේ පොත් කියැවීමේ පුරුද්ද නිසා. ඒ විතරක් නෙවෙයි, ජීවිතේ හුදෙකලාව, පාළුව, දුක, තනිකම... වගේ ඔය කොයි හැඟීමෙදිත් මගේ ළඟින් හිටියේ පොතක්. ඒ අතින් පොත් කියන්නේ මගේ ළඟම හිතවතෙක්. මිත්‍රයෙක්, ඥාතියෙක්.
ලෝකය පිළිබඳ අවබෝධය පුළුල් වුණා වගේ ම සන්සුන් මනසකින් ජීවිතය දකින්න පුළුවන් වුණෙත් පොත් කියැවීමේ පුරුද්ද නිසයි.
ඔබට අනුව පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය...
මහගම සේකරයන්ගේ ‘තුංමං හන්දිය'. සේකර ඒ පොත ලියුවේ තමනුත් ඒ පොතේ චරිතයක් බවට පත්වෙමින්. සේකර හොඳ චිත්‍ර ශිල්පියෙක්.
පොත ලියද්දි ඔහුගේ හිතේ මැවුණු චිත්‍රය ඔහු, හරි අපූරුවට සිනමාරූපීව මතු කළා. එහෙම කරන්න පුළුවන් වුණේ, ඔහුම ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ නිසා. පොතෙන් එන දේ ඊටත් වඩා මනරම්ව සහ සාර්ථකව චිත්‍රපටියෙන් අපි දුටුවෙත් ඒ නිසයි.
ඔබ ඉහළින් ම අගයන කතුවරයා...
කුමාරතුංග මුණිදාසයන්. සිංහල සාහිත්‍ය සංස්කෘතිය සහ භාෂාව අභාවයට යමින් තිබූ යුගයෙක පුරාතන පද්‍යයෙන් අපේ සාහිත්‍යයට ප්‍රබෝධයක් ගෙනාවේ ඔහු. පෝෂණය කළේ ඔහු. මේ සියල්ල තරම් වැදගත්, ඔහු සාහිත්‍යයට එක් කළ හර බර ගැඹුර.
ඔබේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...
ධම්ම පදය. අපේ ජීවිත දර්ශනය මෙය විය යුතු යැයි පහදා දෙන ධම්ම පදය මා හඳුන්වන්නේ ‘බෞද්ධයන්ගේ බයිබලය’ ලෙසයි. ජීවිතයට අවශ්‍ය ඕනැම මොහොතක් පිළිබඳ පණිවුඩය එහි තිබෙනවා.
ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...
ලියෝ ටෝල්ස්ටෝයිගේ මුල් කෘතියෙන් සිරිල් සී. පෙරේරා පරිවර්තනය කළ ‘යුද්ධය සහ සාමය'.
ඒ පොත මට නම්, මුළු ලෝකයේ ම මිනිස් ජීවිතවල හරස්කඩක්.

ජාති, ආගම්, කුලබේද මුලින් ම මතුවන්නේ පවුල නමැති කුඩා ඒකකය තුළය.

‘කැලේ ගස’ 24 වැනිදා දොරට වඩී

රාජ්‍ය සම්මාන දිනූ ‘කුමාරිහාමි’ සහ ‘කිරිගෙදර’, ‘නෙරළු උයන’, ‘උරචක්‍රමාලය’, ‘ස්වර්ණ වර්ණ’, ‘රූබර දෝණි’, වැනි ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ ජයකොඩි සෙනෙවිරත්න මහතා ලියූ ‘කැලේ ගස’ අලුත් ම නවකතාව ‍ෙම් මස 24 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාග‍මයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.
ජාති, ආගම්, කුලබේද මුලින් ම මතුවන්නේ පවුල නමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ පෝෂණය ද ලබමින් මේවා සමාජය පුරා විහිදී යයි. මෙය සමාජයේ සාමයට හා සහජීවනයට බෙහෙවින් හානි පමුණුවන බවට අපි අප්‍රමාණ අත්දැකීම් ලබා ඇත්තෙමු. දැනුදු ලබන්නෙමු. ‘කැලේ ගස’ නවකතාවේ පවුල් ඒකකයන් තුළින් මෙම බේද ඉස්මතු වන අයුරු විමසා බලන්නට ජයකොඩි සෙනෙවිරත්න සූරීන් උත්සාහ කොට ඇත.
ජයකොඩි සෙනෙවිරත්න මහතාගේ ‘කැලේ ගස’ නවකතාව එදින විශේෂ අඩු මිලකට පාඨකයන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා පවසයි.


Sunday, May 4, 2014

ජාතික පුස්‌තකාලයේ සංවත්සරය නිමිත්තෙන් මැයි 6 - 9 අධ්‍යාපනික ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් රැසක්‌


ජාතික පුස්‌තකාලයේ 24 වැනි සංවත්සරය නිමිත්තෙන් ලබන මස 6 වැනිදා සිට 9 වැනිදා දක්‌වා අධ්‍යාපනික ප්‍රදර්ශනයක්‌ ඇතුළු වැඩසටහන් මාලාවක්‌ පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

මෙම ප්‍රදර්ශනයෙන් ජාතික පුස්‌තකාලයේ සම්පත් හා සේවා ප්‍රදර්ශනය කිරීමට අමතරව සෙසු රාජ්‍ය ආයතනවල හා පොත් ප්‍රකාශකයන්ගේ ප්‍රදර්ශන කුටිද සංවිධානය කර තිබේ.

කොළඹ 7, නිදහස්‌ මාවතේ පිහිටි පුස්‌තකාල පරිශ්‍රයේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ජාතික ලේඛනාරක්‍ෂක, කෞතුකාගාර, පුරාවිද්‍යා, අධ්‍යාපන ප්‍රකාශන හා රාජ්‍ය භාෂා යන දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන රැසක්‌ ද පොත් ප්‍රකාශන ආයතන ද සම්බන්ධ වෙයි.

සෑම දිනකම උදේ 9 සිට සවස 5 දක්‌වා පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාවට පුස්‌තකාල ක්‍ෂේත්‍රයට අදාළ සම්මන්ත්‍රණ මාලාවක්‌ ද අයත්ය.

ජාතික පුස්‌තකාලයේ ජාතික කාර්යභාරය

http://www.whatsupcolombo.lk/Images/UploadedImages/Business/Full/929.jpg


උසස්‌ මට්‌ටමේ පුස්‌තකාල හා තොරතුරු සේවා පද්ධතියක්‌ පැවැතීම රටක සංවර්ධනය පෙන්නුම් කරන එක්‌ සාධකයකි. වත්මන් සමාජයේ ඕනෑම ක්‍රියාවලියක්‌ සඳහා තොරතුරු සම්බන්ධ කර ගැනීමට සිදුවේ. අධ්‍යාපනය, ආර්ථික කටයුතු, සමාජ සංවර්ධනය, විනෝදාස්‌වාදය ආදී සෑම මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ සඳහාම තොරතුරු අවශ්‍යවේ. එබැවින් ඵලදායි තොරතුරු කළමනාකරණය රටක සංවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වේ.

රටක පුස්‌තකාල හා තොරතුරු සේවාවන්හි කේන්ද්‍රස්‌ථානය වන්නේ එම රටේ ජාතික පුස්‌තකාලයයි. රටක ජාතික පුස්‌තකාලයකට විශාල ජාතික වගකීමක්‌ පැවරේ. ඒ යටතේ ඕනෑම රටක ජාතික පුස්‌තකාලයකට පැවරෙන කාර්යයන් ගණනාවක්‌ ඇත. එම කාර්යයන් පහත සඳහන් පරිදි දැක්‌විය හැකියි.

1. රටතුළ පළවන ප්‍රකාශනවල ජාතික සංචිතයක්‌ පවත්වාගෙන යැම.

2. අප්‍රකාශිත අත්පිටපත් (මබචමඉකසියෑd ප්බමිජරසචඑs) වල තැන්පතුවක්‌ පවත්වාගෙන යැම.

3. විදේශ ප්‍රකාශන එකතුවක්‌ පවත්වාගෙන යැම.

4. රටේ පුස්‌තකාල හා තොරතුරු විද්‍යා කටයුතු සඳහා ජාතික නායකත්වය ලබාදීම.

5. රටේ පුස්‌තකාලයාධිපතිත්වයේ කේන්ද්‍රස්‌ථානය ලෙස කටයුතු කිරීම හා රටේ පුස්‌තකාල පද්ධතිය සංවර්ධනය කර මෙහෙය වන්නා ලෙස කටයුතු කිරීම.

6. ජාතික හා පෞද්ගලික මට්‌ටමින් ආර්ථික හා සමාජ සංවර්ධනය පහසු කිරීම සඳහා ජාතික තොරතුරු පද්ධතියක්‌ ලබා දීම.

7. නීත්‍යනුකූල තැන්පතු නීතිය යටතේ පිටපත් ලබා ගැනීම.

8. රටතුළ පළවන ග්‍රන්ථ සම්භාරය ලේඛන ගත කිරීම හෙවත් ග්‍රන්ථ විඥපන සේවා පවත්වාගෙන යැම.

9. ජාතියේ ලේඛන උරුමය සංරක්‍ෂණය කිරීම.

10. පුස්‌තකාල හා විඥපන ක්‍ෂේත්‍රයේ පර්යේෂණ පැවැත්වීම.

11. ආබාධිත අය සඳහා තොරතුරු සේවා ලබා දීම.

12. ජනතාවගේ කියවීම වර්ධනය කිරීම.

ලෝකයේ ඕනෑම රටක ජාතික පුස්‌තකාලයකට පොදුවූ මෙම මූලික කාර්යයන් ශ්‍රී ලංකාවේ ජාතික පුස්‌තකාලයද දැනට ඉටුකරමින් පවතී. ශ්‍රී ලංකාවේ පළවන ප්‍රකාශන සම්භාරය ඒකරාශි කිරීම ජාතික පුස්‌තකාලයට පැවරෙන ප්‍රධාන වගකීම වන අතර මෙම ප්‍රකාශන ඒකරාශි කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කෙරේ. පොත් මිලදී ගැනීම, පරිත්‍යාග වශයෙන් ලබාගැනීම හා නීත්‍යනුකූල තැන්පතු පිටපත් ලබා ගැනීම ප්‍රධාන ක්‍රමවේ. නීත්‍යනුකූල තැන්පතු පිටපත් ලැබීම ජාතික පුස්‌තකාල එකතුව වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. නීත්‍යානුකූල තැන්පතු නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසිනි. එම නීතිය අනුව ශ්‍රී ලංකාවේ පළ කරන සෑම ප්‍රකාශනයකම පිටපත් පහක්‌ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කළ යුතුවේ. මෙය නීතිමය අවශ්‍යතාවයකි. මෙම පිටපත් පහෙන් එක්‌ පිටපතක්‌ ජාතික පුස්‌තකාලයට ලැබේ.

ජාතික පුස්‌තකාලය සතු විවිධ එකතූන් රාශියකි. ශ්‍රී ලංකා එකතුව, විමර්ශන එකතුව, පුවත්පත් එකතුව, රජයේ ප්‍රකාශන එකතුව, නීත්‍යනුකූල තැන්පතු එකතුව, විද්‍යා හා තාක්‍ෂණ එකතුව, පුස්‌තකාල හා විඥපන විද්‍යා එකතුව, සිතියම් එකතුව, ශ්‍රව්‍ය දෘෂ්‍ය එකතුව, විද්යුත් මාධ්‍ය එකතුව, පුස්‌කොළ පොත් එකතුව, යුනෙස්‌කෝ එකතුව, සූක්‍ෂම සේයා පට එකතුව, නාට්‍ය අත්පිටපත් එකතුව, ජනශ්‍රැති එකතුව මෙම එකතූන් වේ. ජාතික පුස්‌තකාලය මගින් ලබා දෙන සේවාවන් ද රාශියකි. විමසීම් සේවය, විමර්ශන සේවය, පාඨක අධ්‍යාපන සේවය, ඡායාපිටපත් සේවය, අන්තර් ජාල සේවය, අන්තර් පුස්‌තකාල පිරුළු සේවය, ප්‍රවර්තන සාවධාන සේවය, තොරතුරු ප්‍රති ඇහිරීමේ සේවය මෙම සේවාවන් වේ.

ජාතික පුස්‌තකාල සාමාජිකත්වය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුටම ලබාගත හැකිය. දෛනික සාමාජිකත්වය, ස්‌ථිර සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වය (ඛසෙe පැපඉeරියසච) ආයතනික සාමාජිකත්වය (ෂබිඑසඑමඑසදබ්ක පැපඉeරියසච) ආදී වශයෙන් සාමාජිකත්ව වර්ග කිහිපයකි. රටතුළ පළවන ප්‍රකාශන ලේඛනගත කිරීම හෙවත් ග්‍රන්ථ විඥපන සේවා පවත්වාගෙන යැම ද ජාතික පුස්‌තකාලයේ කාර්යයකි. මේ යටතේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ නාමාවලිය (Sරස ඛ්බන් භ්එසදබ්ක ඊසඉකසදටර්චයහ) පළ කෙරේ. මෙය මාසික ප්‍රකාශනයක්‌ වශයෙන් පළ කරන අතර ශ්‍රී ලංකාවේ පළවන නවතම ප්‍රකාශන පිළිබඳ තොරතුරු මෙන්ම ඉදිරියේ දී පළවීමට නියමිත ප්‍රකාශන පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් වේ. රටතුළ පළවන ප්‍රකාශන පිළිබඳ තොරතුරු සොයන පාඨකයන්ට විද්වතුන්ට මෙන්ම පුස්‌තකාලයාධිපතිවරුන්ට ද මෙය ප්‍රයෝජනවත් මූලාශ්‍රයකි. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය ආරම්භ කරන ලද්දේ 1962 වර්ෂයේ දීය. මුද්‍රණ කර්මාන්තයේ ආරම්භයේ සිට 1962 දක්‌වා පළවූ ප්‍රකාශන පිළිබඳ තොරතුරු ඇතුළත් කර ශ්‍රී ලංකා පූර්වකාලීන ජාතික ග්‍රන්ථ නාමාවලිය (Reඑරදිචැජඑසඩැ භ්එසදබ්ක ඊසඉකසදටර්චයහ) සම්පාදනය කර ඇත. පාඨක ප්‍රජාවගේ තොරතුරු ගවේශනය පහසු කිරීම සඳහා ප්‍රලේඛන සේවා (Dදජමපැබඒඑසදබ Seරඩසජැs) ගණනාවක්‌ ද ජාතික පුස්‌තකාලය පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකා පුවත්පත් ලිපි අනුක්‍රමණිකාව, පශ්චාත් උපාධි නිබන්ධන අනුක්‍රමණිකාව, ජාතික ඒකාබද්ධ සූචිය, ශ්‍රී ලංකා සමුළු අනුක්‍රමණිකාව, ජන වාර්ගික ගැටළුව පිළිබඳ දත්ත පදනම ප්‍රධාන ප්‍රලේඛන මූලාශ්‍ර වන අතර මෙම දත්ත පදනම් අන්තර්ජාලය මගින් ගවේශනය කිරීමේ පහසුකම් සලසා ඇත.අඅඅගබ්එකසඉගකන වෙබ් අඩවිය ඔස්‌සේ මෙම දත්ත පදනම් ගවේශනය කළ හැකිය. මීට අමතරව රජයේ ප්‍රකාශන නාමාවලිය ශ්‍රී ලංකාවේ පර්යේෂණ වාර්තා පිළිබඳ අනුක්‍රමණිකාව වැනි මුද්‍රිත මූලාශ්‍ර ද සම්පාදනය කෙරේ. ජාතික පුස්‌තකාලයක්‌ මගින් ඉටු කළ යුතු යයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික මට්‌ටමේ පුස්‌තකාල හා තොරතුරු සේවා සංවර්ධන කාර්යයන් ගණනාවක්‌ ද ජාතික පුස්‌තකාලය ඉටු කරයි. 

ජාතික පුස්‌තකාලයක්‌ විසින් ඉටු කළ යුතු යයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සෑම කාර්යයක්‌ම ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලය දැනට ඉටු කරයි. ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලය පසුගිය වසර විසි තුන තුළත් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය පසුගිය වසර හතළිස්‌ තුන තුළත් ශ්‍රී ලංකාවේ පුස්‌තකාල හා තොරතුරු සේවා සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇත. මේ තුළින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා දායක වී ඇත.
ජී. ඩී. අමරසිරි
අධ්‍යක්‍ෂ
ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය


http://www.divaina.com/2013/04/23/feature02.html

Thursday, May 1, 2014

ශ්‍රව්‍ය හා දෘශ්‍ය ආකෘති, අන්තර්ගත හා පිටපත් රචනය

කර්තෘ - සාලිය කුලරත්න
ප්‍රකාශනය - ඇස්.ගොඩගේ සහෝදරයා
මිල - 250/-
වර්තමානයේ ජනසන්නිවේදන විෂයය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි ඉගැන්වෙන ප්‍රකට විෂයයක් බවට පත්වී තිබේ. මේ විෂයය සම්බන්ධයෙන් විවිධ ලේඛකයන් මේ වන විට පොත්පත් රාශියක් පළකර ඇත. මේ අතරින් ”ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය ආකෘති, අන්තර්ගත හා පිටපත් රචනය” යන කෘතිය මේ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෑතකදී ප්‍රකාශයට පත්කර තිබෙන තවත් වටිනා ග්‍රන්ථයකි. මෙහි කතුවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපති සාලිය කුලරත්න මහතා වේ.
ලේඛකයාගේ මේ කෘතිය වැදගත් වන්නේ මූලික වශයෙන් කරුණු දෙකක් හේතුවෙති. එක් අතකින් මේ කෘතිය ජනසන්නිවේදන මූලිකාංග හා විෂය කරුණු සම්බන්ධයෙන් ආධුනිකයකුට වුවද මූලික අවබෝධයක් ලබාගැනීමට උපකාරී වේ. අනෙක් අතට ගුවන්විදුලියට හෝ රූපවාහිනියට සකස් කළ යුතු නිර්මාණාත්මක පිටපතක ස්වරූපය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ද මේ කෘතිය පරිශීලනයෙන් හැකිවේ. පරිච්ඡේද පහක් මෙන් ම, උපග්‍රන්ථයක් ද ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය ආකෘති, අන්තර්ගතය හා පිටපත් රචනය කෘතියෙහි අඩංගු වේ.
කතුවරයා ප්‍රථම පරිච්ඡේදයෙන් සන්නිවේදනයෙහි හා ජනමාධ්‍යයෙහි ඉතිහාසය සම්බන්ධයෙන් වටිනා කරුණු රැසක් අප ඉදිරියෙහි තබයි. සන්නිවේදනයේ ඉතිහාසය ආරම්භ වී තිබෙන්නේ ප්‍රවෘත්ති වාර්තා කිරීම හා ප්‍රවෘත්ති සෙවීම පිළිබඳ කුතුහලය නිසා බව පෙනේ. මේ පරිච්ඡේදයේ මිනිසා කාලයෙන් කාලයට පාවිච්චි කළ සන්නිවේදන උපක්‍රම සම්බන්ධයෙන් සංක්ෂිප්ත ව සාකච්ඡා කර ඇත. අනතුරුව මේ ලේඛකයා ජන මාධ්‍යයේ ඉතිහාසය පිළිබඳ ක්‍රමානුකූලව හා කෙටියෙන් කරුණු අප වෙත ගෙන එයි. ජනමාධ්‍ය අතරෙන් ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙන්නේ මුද්‍රිත මාධ්‍යම බව මේ පරිච්ඡේදයෙන් ගම්‍ය වන්නේ ය.
දෙවැනි පරිච්ඡේදයෙහි ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය පිළිබඳ විමර්ශනයක් කර ඇත. ජනප්‍රිය සංස්කෘතිය යන්න ජන සංස්කෘතියෙන් පෝෂණය වී තිබෙන බව පෙනේ. 1970 ගණන්වලදී ජනප්‍රිය සංස්කෘතිය යන වචනය අපේ සමාජයට ආගමනය වූ ආකාරය මෙහි සාකච්ඡා කර තිබේ. මීට අමතරව විශිෂ්ට සංස්කෘතිය, වෙළඳ සංස්කෘතිය යන සංකල්ප පිළිබඳව ද කෙටියෙන් විමර්ශනය කෙරේ. මෙහි ඇති විශේෂත්වය නම් 1970 පටන් අපේ රටේ ඇතිවූ ජනප්‍රිය සාහිත්‍ය පිළිබඳ විමර්ශනයක් කර තිබීමය. කෙසේ වෙතත් මේ පරිච්ඡේදයේ දී සංස්කෘතිය යන්න පිළිබඳ ඉදිරිපත් වී තිබෙන විවිධ නිර්වචන හා එහි අඩංගු විය යුතු අංග ඉදිරිපත් කර පසුව අනෙකුත් උප සංස්කෘතික අංග ඉදිරිපත් කළේ නම් වඩාත් සුදුසු යයි මට හැඟේ.
මේ පරිච්ඡේදයෙහි මාධ්‍ය සංස්කෘතිය ගැන ද අවධානය යොමුකර තිබේ. රූපවාහිනී මාධ්‍ය මෙහි දී ප්‍රමුඛස්ථානයක් ගනී. කතුවරයා රූපවාහිනී මාධ්‍යයේ තිබෙන ධනාත්මක මෙන් ම, සෘණාත්මක අංශ දෙස සිය අවධානය යොමු කරයි. ජනප්‍රිය සංස්කෘතිය වර්ධනය වීමට වත්මන් රූපවාහිනිය සැලකිය යුතු අන්දමෙන් බලපා ඇති ආකාරය ලේඛකයා මෙහි දී විමර්ශනය කරන්නේ ය. වත්මන් රූපවාහිනී නාලිකා මෙහෙයවන බලධාරීනට, රූපවාහිනිය ගුණාත්මක ව භාවිත කළ යුතු අන්දම ගැන හොඳ වැටහීමක් ලබාගැනීමට මේ පොත පරිශීලනය කිරීමෙන් හැකිවනු ඇත.
ගුවන්විදුලි නාට්‍යය හා ගුවන්විදුලි සංස්කෘතිය පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා තෙවැනි පරිච්ඡේදය වෙන්කර තිබේ.
ගුවන්විදුලිය ආරම්භ වූ යුගයේ සිංහල ගුවන්විදුලි නාට්‍ය නොතිබුණ බවත්, 1947න් පසු ඒවා ප්‍රචාරය වීමට පටන්ගත් බවත් සඳහන් වේ.
වේදිකා හා රූපවාහිනී නාට්‍යවලට වඩා ගුවන්විදුලි නාට්‍ය වෙනස්වන ආකාරය මේ පොතේ අපූරුවට පෙන්වා දී ඇත. ප්‍රේක්ෂකයන් ජනමාධ්‍ය කරා ඇදගැනීමට නිර්මාණාත්මක සන්නිවේදනය ඉවහල් වන ආකාරය ද කෙටියෙන් විමර්ශනය කර තිබේ.
මෙහි සිව්වැනි පරිච්ඡේදයෙන් නිර්මාණ රචනය හා මාධ්‍ය ආකෘති ගැන විමර්ශනයක යෙදේ. ගුවන් විදුලි වැඩසටහන් හා ආකෘති පිළිබඳ මේ පරිච්ඡේදයේ විවරණයක් කර ඇත. මේ ග්‍රන්ථයේ පස්වැනි පරිච්ඡේදයෙන් රූපවාහිනී නාට්‍ය විචාර සම්බන්ධයෙන් කතුවරයාගේ අදහස් දැක්වේ. ටෙලිනාට්‍ය විචාරයේ දී සාහිත්‍ය විචාර මූලධර්මවලට අමතර ව, සංගීතය, නර්තනය, ගායනය ආදිය පිළිබඳ ව ද අවධානය යොමුකළ යුතු බව මේ පොතෙන් හෙළි වේ. මේ කෘතියේ උපග්‍රන්ථයේ තිබෙන ගුවන්විදුලි මාධ්‍යයෙන් ඉදිරිපත් වූ වැඩසටහන් කිහිපයක ආදර්ශ පිටපත් සන්නිවේදනය හදාරන නවකයන්ටත්, පිටපත් රචකයන්ටත් මඟපෙන්වීමක් වශයෙන් ඉතා වැදගත් ය.
මේ ග්‍රන්ථයේ දෝෂයන් කිහිපයක් ද තිබෙන බව පෙනේ. මෙහි කතුවරයා නිරන්තරයෙන් ම වෙනත් ලේඛකයන්ගේ අදහස් අප වෙත ඉදිරිපත් කරයි. එහෙත් ඒවා පිළිබඳ තමා දරන අදහස් ඉදිරිපත් කරන්නේ ඉතා කලාතුරකිනි. එය කෘතියේ තිබෙන එක් දෝෂයකි. අනෙක් අතට මේ කෘතියේ ගුවන්විදුලිය, රූපවාහිනිය යන මාධ්‍යයන් ගැන පමණක් අවධානය යොමු කර තිබීම ප්‍රමාණවත් නොවේ යයි හැඟේ. සන්නිවේදනයේ ප්‍රබල මාධ්‍යයක් වන චිත්‍රපට කලාව සඳහා ද පරිච්ඡේදයක් වෙන්කර තිබුණේ නම් ඉතා අගනේ ය. කෙසේ වෙතත් මේ කෘතිය සන්නිවේදනය සම්බන්ධයෙන් කර ඇති වටිනා ඥාන ගවේෂණයකි.
මෙහි දක්වා ඇති පාදක සටහන් නිසා පාඨකයාට අවශ්‍ය නම් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පාදක සටහන්වල සඳහන් ග්‍රන්ථ ද කියවා මේ විෂයය සම්බන්ධයෙන් දැනට පවතින දැනුම තවදුරටත් පුළුල් කරගැනීමට හැකි වනු ඇත. මෙහි කතුවරයා යොදාගෙන තිබෙන ලේඛන ශෛලිය ද පාඨකයන් ඇදගැනීමට සමත් වේ. එබැවින් ආධුනිකයන්ට මෙන් ම, ප්‍රවීණයන්ට මේ ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් නවදැනුමක් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

Saturday, April 19, 2014

ලෝක ළමා පොත් දිනය වසර තිහක් අඛණ්ඩව සමරන වසන්ත ළමා කඳවුර

ලෝක ළමා පොත් දිනය වසර තිහක් අඛණ්ඩව සමරන වසන්ත ළමා කඳවුර

පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ වී ගොවීන්ට මෙදා කන්නය සාරය. අස්වැන්නත් හොඳය. වීවලට ද හොඳ මිලක් ලැබේ. ඒ සතුට අස්සේ අනාගතය පිළිබඳ සැක ශාංකාවක් ද ඔවුන්ගේ සිතෙහි ගුළිවී තිබුණි. මුළු ප්‍රදේශයටම වැස්සක් දිගු කාලයකින් වැටුණේ නැත. වැස්ස නොමැතිකම නිසා ලබන කන්නයට මහවැලි ජලය නොදෙන බවට රාවයක් තිබුණි. ලබන කන්නයට ගොවිතැන් කටයුතු කර ගැනීමට නොහැකි වුවහොත් ආදායමක් ලැබෙන්නේ නැත. එනිසා මෙදා කන්නයේ ආදායම පරිස්සමින් වියදම් කළ යුතුය.
මැදිරිගිරිය, දිවුලංකඩවල ගමේ ගොවි මහතුන් දුවා දරුවන් සෑම වසරකම, කොළඹ ළමා පොත් සංගමයෙන් පැවැත්වෙන වසන්ත ළමා කඳවුරට නොවරදවාම සහභාගි වෙති. මාපියන්ට ප්‍රශ්නයක් වූයේ වැසි නොමැතිව ඉදිරි කන්නයෙහි ගොවිතැන් කටයුතු කර ගැනීමට නොහැකිවුවහොත් විය පැහැදම් පියවා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවය. එවැනි තත්ත්වයක් යටතේ දරුවන්ට කොළඹ ගමනට දෙන මුදල ද ලොකු බරකි.
නමුත් පසුගිය බදාදා ගොම්මන් යාමයේ ඒ සියලු සැක සංකා පහ විය. මාස ගණනකට පසු ධාරාණිපාත වැස්සක් පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයට ඇද හැලුණි. ගොවි සිත්වල බර තරමක් ලිහිල් විය. පසු දින කොළඹ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේ පැවැත්වෙන වසන්ත ළමා කඳවුරට සහභාගිවන දුවා දරුවන් සිතුවේ එම වැස්ස තමන්ගේ මෙම ගමනට ස්වභාවධර්මය විසින් සිදුකළ ආසිරි පැතීමක් බවය. ශ්‍රී ලංකාවේ දසත පුරා ජීවත්වන දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් තිස්වන වරටත් සිදුවන වසන්ත ළමා කඳවුර මෙවර පැවැත්වුණේ කොළඹ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේදීය.
මැදිරිගිරිය දිවුලංකඩවල මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිල්මි ජයමාලී මෙයට පෙර වසර පහක්ම කොළඹ පැවැත්වුණ වසන්ත ළමා කඳවුරට සහභාගි වී ඇත. එහිදී පැවැත්වුණ තරගවලදී ඇය සහතික සහ තිළිණ ද දිනාගෙන ඇත. මෙවර ඇය අයත් වූයේ ආකිමිඩිස් කණ්ඩායමටය.
“අපි අයත් වන කණ්ඩායම මොකක්ද කියල අපිට කලින්ම කියල එවන නිසා අපි ඒ විද්‍යාඥයා ලේඛකයා ගැන ගොඩාක් තොරතුරු හොයාගෙන එනවා. ඒකට අපි හුඟාක් කියවන්න ඕන. එයින් අපේ දැනුම ඉබේම වර්ධනය වෙනවා” දිල්මි ජයමාලි පවසන්නේ වසන්ත ළමා කඳවුරට සහභාගිවීම නිසා දැනුම වර්ධනය වන එක් ආකාරයක් පිළිබඳවය.
“වසන්ත ළමා කඳවුරට සහභාගි වන සියලුම ළමයි වයස් හා පංති අනුව එක් එක් කණ්ඩායම්වලට බෙදල ඒ කණ්ඩායම් විද්‍යාඥයින්ගේ ලේඛකයින්ගේ නම්වලින් හඳුන්වන කණ්ඩායම්වලට ඇතුළු කරනවා” වසන්ත ළමා කඳවුරට සහභාගිවන විවිධ වයස් හා දැනුම මට්ටමේ දරුවන් කාණ්ඩ කරනා අන්දම විස්තර කරන්නේ, කොළඹ පොත් සමාජයේ මෙන්ම වසන්ත ළමා කඳවුරේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටියය.
වසර තිහක් පුරාවට අඛණ්ඩව වසන්ත ළමා කඳවුර පැවැත්වෙන්නේ ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය මහතාගේ අප්‍රතිහත කැපවීම හා පරිත්‍යාග නිසාය. තනි පුද්ගලයකුගේ මෙම ව්‍යායාම බොහෝ දෙනෙකු හඳුන්වන්නේ හාස්කමක් ලෙසය.
“මුල්ම වසන්ත ළමා කඳවුර අපි පැවැත්තුවෙ 1985 අප්‍රියෙල් දෙවැනිදා කොලඹ මහජන පුස්තකාලයේදීය. වැඩිපුරම ළමා පොත් ලියූ ඩෙන්මාක් ජාතික හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ උපන් දිනය අප්‍රියෙල් දෙක. එනිසා එදින ළමා පොත් දිනය ලෙස සලකනවා. කොහොම හරි ආසියාවෙ මුල් වරට ළමා පොත් දින උලෙළක් පැවැත්තුවෙ අපි. ඒ ශ්‍රී ලංකාවේ වසන්ත ළමා උලෙළේ අතීතය ගැන ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය පවසන්නේ අභිමානයෙනි.
මැදිරිගිරිය දිවුලංකඩවල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය හොබවන්නේ ගරු විහාරගම සිරිනන්ද හිමිපාණන්ය. ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කාව්‍ය බණ දේශනා කරන යතිවරයාණන් වහන්සේ නමක් වූ එතුමා දිවුලංකඩවල, විහාරගම, පුරාණ දක්ෂිණගිරි රජමහා විහාරයේ විහාරාධිපති වහන්සේය.
“මම පැවිදි වුණේ අවුරුදු දොළහෙදියි. එදා ඉඳලම මම කොළඹ පොත් සමාජයේ සාමාජිකයෙක්. වයස අවුරුදු දොළහෙ ඉඳල මම වසන්ත ළමා කඳවුරට එනවා. තවමත් එනවා”, අතිගරු විහාරගම සිරිනන්ද හිමියන් තමන් වහන්සේ ඈත කාලයක සිට වසන්ත ළමා කඳවුරට සහභාගි වන බව වදාරන්නේ මහත් ආඩම්බරයෙනි.
උන්වහන්සේ පවසන්නේ පසුකාලීනව උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ ලැබූ ජයග්‍රහණයන් බොහොමයකට පදනම වැටුණේ වසන්ත ළමා කඳවුරෙන් බවය. නායකත්වය, නිර්මාණශීලීත්වය වැනි ගතිගුණ උන්වහන්සේට ලැබී ඇත්තේ වසන්ත ළමා කඳවුරේදී ලැබූ පුහුණුවීම්වලදීය.
දිල්මි ජයමාලි දැරිය සිය පියා සමග
“කථිකත්වය නිසා මට කවි බණ කියන්න පුළුවන්කම ලැබුණා. ළමා පොත් කඳවුරේදී ලේඛන කටයුතුවලට සහභාගි වීමෙන් මට බණ පොත් ලියන්න හැකියාව ලැබුණා” විහාරගම සිරිනන්ද හිමිපාණෝ පවසති.
සිරිනන්ද හිමියන් පවසන පරිදි විද්‍යාපීඨ ගුරුවරයකු වශයෙන් බැඳීමට පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේදී වසන්ත ළමා කඳවුරේ පැවැති තරගවලට සහභාගි වී ලද ජාතික මට්ටමේ සහතිකවලට විශේෂ ලකුණු කීපයක් ලැබුණ බවය.
වසන්ත ළමා කඳවුරට සහභාගිවීමේදී තමන් අදාළ කුටියේ ලේඛකයා ගැන හෝ ලේඛකයාගේ නිර්මාණ හෝ ඔහු උපන් ගම නගරය ආදි තමන් කැමැති මාතෘකාවක් ගැන විනාඩි දෙකක කථාවක් පැවැත්විය යුතුය. එයට අමතරව වසන්ත ළමා කඳවුරට සහභාගි වන සෑම දරු දැරියක්ම, ගී සින්දු කවි විරිඳු රංගන, සංගීත භාණ්ඩ වාදන ආදි ඕනෑම කුසලතාවයක් විනාඩි දෙකක කාලය ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
ඒ සෑම නිර්මාණයකම තේමාව තමන් නියෝජනය කරන සාහිත්‍ය කුටියේ ලේඛකයාට කිසියම් ආකාරයකින් සම්බන්ධ විය යුතුය. නිර්මාණාත්මක කුසලතාවය ප්‍රකට කිරීම සඳහා කණ්ඩායම බිත්ති පුවත්පතක් නිර්මාණ කළ යුතුය. එහිදී ලේඛකයාගේ ඡායාරූප නිර්මාණ කොටස්, ජීවන තොරතුරු ඇතුළත් හැකිතරම් කරුණු ඉදිරිපත් කළ යුතුය. මෙම කරුණුවලින් සෑම සහභාගි වන අයෙකුටම ශ්‍රී ලාංකික හෝ විදේශ ලේඛකයකු පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් දැන ගැනීමට ලැබෙයි.
ලෝකයේ කිසිම රටක එකම දිනක එකම වේලාවක අති විශාල සිසු සිසුවියන් පිරිසක් ලේඛකයන් පනස් දෙනෙකු පිළිබඳව අධ්‍යයනයක යෙදෙන මොහොතක් ගැන වාර්තා වන්නේ නැත.
මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන අමාෂා තෙන්නකෝන්, තම අම්මාත් සමඟ වසන්ත ළමා කඳවුරට සහභාගි වීමට පැමිණියේ කඳවුර පවත්වන දිනට දින දෙකකට පෙරය. මහරගම පුංචි අම්මලාගේ නිවසේ නතර වූ ඔවුන් බ්‍රහස්පතින්දා උදෑසනින්ම පුංචි අම්මාත් සමඟ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලට පැමිණියහ. මෙම වසන්ත ළමා කඳවුර පුංචි අමාෂාට සුවිශේෂය. අමාෂාම ලියා ඇයම චිත්‍ර ඇන්ද “හොඳ ළමයා” පුංචි කතා පොත වසන්ත ළමා කඳවුර අවසානයේ දොරට වැඩීම සිදුවිය. පුංචි අමාෂාට ඒ ගැන ගොඩාක් සතුටුය.
මහව කෝන්වැව මහා විද්‍යාලයේ හයවන වසරේ ඉගෙනුම ලබන ටී. රූත් ප්‍රසාදිනීගේ ගම කෝන්වැවටත් කිලෝමීටර් දහයකටත් එහා කට්ටබුවාව හිය. දහවන වසරේ ඉගෙනුම ලබන තිලිනි ප්‍රියදර්ශනී අක්කා ද සමඟ වසන්ත ළමා කඳවුරට පැමිණියාය. මහව දුම්රිය පොළෙන් පාන්දර තුනහමාරේ කෝච්චියෙන් අම්මාත් සමඟ හිමිදිරි යාමයේ ඔවුන් මරදාන දුම්රිය පොළට පැමිණියහ.
විහාරගම සිරිනන්ද හිමි
ධම්මදේශ අම්බලම්පිටිය
“වසන්ත ළමා කඳවුරෙන් හුඟාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියල අහල තියෙනවා. නායකත්ව හැකියාවන් වර්ධනය කරගන්න අවස්ථාවන් ලැබෙනව කියල අහල තියෙනවා. ඒකයි ඈතම ඈත ඉඳල අමාරුවෙන් හරි ආවෙ”, මහව කට්ටබුවාවහි රූත් ප්‍රසාදිනි අසීරු ජීවිතය සාර්ථක කර ගැනීමට පෙරුම් පුරන්නේ එසේය.
බවින්ද පබසරා සමරනායක මොනරාගල රාජකීය ජාතික පාසලේ එක වසරේය. නාද්යා මෙලිශා ප්‍රනාන්දු එම පාසලේම තුන වසරේය. මේ දෙදෙනාගේම මවුවරු දෙදෙනා මිතුරියන්ය. පුවත් පතක දැන්වීමක් දුටු මේ අම්මාවරුන් දෙදෙනා ඈත මොනරාගල සිට මේ කුඩා දැරියන් දෙදෙනා කොළඹ වසන්ත ළමා කඳවුරට සහභාගි කරවීමට තීරණය කළහ.
පුංචි බවන්දි පබසරා චිත්‍රපට කිරීමට හැබෑවට ආශාය. නාද්යා මෙලිශා පොත් ගුල්ලියක්ය. මොනරාගල නගරයේ ඇති පුස්තකාල දෙකකම ඇය සාමාජිකත්වය දරන්නේ එම නිසාය. සිබිල් වෙත්තසිංහගේ කුමාරණතුංග මුනිදාසයන්ගේ ළමා කථා පොත් කියවීමට නාද්යා බොහෝ කැමැතිය.
“වසන්ත කඳවුරෙන් ළමයින්ට අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලැබෙන බව තේරුණා. ඒකයි මොනරාගල ඉඳල මේ පුංචි පැටික්කියො එක්කන් ආවෙ” බවින්දි පබසරාගේ සහ නාද්යා මෙලිශාගේ මවුවරුන් දෙදෙනා පැවසූහ.
මැදිරිගිරිය, දිවුලංකඩවල එම්. පී. රංජිත් ගුණවර්ධන දවසේ රුපියල් අටසියයේ පඩියට කුලී වැඩ කරන අයෙකි. දිවුලංකඩවල මහ විදුහලේ තුන වසරේ ඉගෙනුම ලබන මෙත්මි ප්‍රාර්ථනා ඔවුන්ගේ එකම දියණියය.
“ඉස්කෝලෙ ලොකු මහත්තයා රැස්වීමක් තියලා කිව්වා වසන්ත ළමා කඳවුරට සහභාගි වන එක ඉගෙන ගන්න එකට උදව්වක් කියලා. උගන්නපු දෙයක් විතරනේ ඉතුරු මහත්තයො. නැතිනම් අවුරුදු කටේ මේ ආවෙ සල්ලි තියෙන කමකට නෙවි” රංජිත් ගුණවර්ධන සේම බොහෝ මාපියන් තමන්ගේ දුවා දරුවන් වසන්ත ළමා කඳවුරට සහභාගි කළේ එම සිතුවිල්ල නිසාය.
“රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ඇතිව ත්‍රිවිධ හමුදාවෙම සහාය අපිට මේ වසන්ත ළමා කඳවුර සාර්ථක කරගන්න ලැබුණා. ඒ ගැන ඒ ඇත්තන්ට මම ස්තුති කරනවා” ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය මහතා පුන පුනා කීවේය.
http://www.silumina.lk/2014/04/20/_art.asp?fn=cr1404201

බුදුගුණ අලංකාරය

දහම්ගැට මාලාව, හංස සන්දේශය, ලෝවැඩ සඟරාව, කව්ලකුණු මිණිමල්දම වැනි විවිධ ප්‍රස්තුත රැගත් පද්‍ය කෘති රචනා කළ වීදාගම මහානේත්‍රප්‍රාසාදමූළ මෛත්‍රෙය මාහිමිපාණන් විසින් ලියන ලද තවත් කෘතියක් ලෙස බුදුගුණ අලංකාරය දකින්නට පිළිවන. බුදුරජාණන් වහන්සේ ගේ ගුණ කදම්භයේ සෞන්දර්යයාත්මක භාවය යන අර්ථයෙන් මේ කෘතිය නම් වී තිබේ. එබැවින් කතුවරයාණන්ගේ අභිප්‍රායය වී ඇත්තේ බුද්ධ ගුණය වර්ණනා කිරීම බව පැහැදිලි ය.
‘කියනුව දිවා රැය, කියම් බුදුගුණ අලංකාරය’ යන පැවැසුමෙන් කතුවරයාණන් මෙයට තැබූ නාමය මෙය ම බවත් දිවා රාත්‍රියේ බුදුගුණ කියවනු පිණිස මෙය කරන ලද බවත් ප්‍රකාශ වේ. බුදුගුණත් බුදුබණත් ප්‍රකාශ කිරීම උදෙසා මෙයට පෙර පද්‍ය රචකයන් බෙහෙවින් තේමා කොට ගත්තේ ජාතක කථා වස්තුවන් ය. එහෙත් මේ කතුවරයා නව මඟක යමින් බුදුරජාණන් වහන්සේ ධරමාන අවදියේ ම සිදු වූ පුවතක් මේ සඳහා තෝරාගෙන තිබේ. එනම්, දඹදිව විසාලා මහ නුවරට එදවස යෙදුණු තුන් බිය දුරු කිරීම් වස් රතන සූත්‍රය දේශනා කිරීමේ සිද්ධිය යි.
බුදුගුණ අලංකාරයේ කර්තෘ සහ රචිත කාලය ගැන පැහැදිලි තොරතුරු ග්‍රන්ථාවසාන කර්තෘ නිර්දේශ කව් තුනෙන් අනාවරණය වේ. ‘බබළන සොඳුරු වීදාගම මහ වෙහෙර, මෙත් මහ නෙත්පාමුළ මහ තෙරිඳු සඳ’ යන පදවලින් රචකයාණන් වහන්සේ වීදාගම විහාරයේ වැඩ විසූ බවත් මෙවක මහ තෙර පදවි ලබා සිටි බවත් පැහැදිලි ය.
බුදුගුණ අලංකාරය පද්‍ය 611 කින් සමන්විත වූ මහ පරිමාණයේ ප්‍රබන්ධයකි. එහෙත් මෙය ගැනෙන්නේ කාව්‍ය වර්ග අතුරෙහි ඛණ්ඩ කාව්‍ය ගණයට ය. කතු හිමියෝ මෙය සර්ග බන්ධනයෙන් යුක්ත ව මහා කාව්‍යයක් ලෙසින් රචනා කිරීමේ උත්සාහයක් ගෙන නැත්තාහ. තෙරුවන් නැමදීම සහ අරමුණ හැඳින්වීමත් සමග ‘පවර නුවරෙක් වී විසාලා’ යනුවෙන් සෘජු ව ම කතුවරයා කථා ප්‍රවෘත්තියට ප්‍රවේශ වේ. මේ රචනය සඳහා තෝරා ගෙන ඇත්තේ කෙටි පද සහිත වූ සිව්පද වෘත්තයකි. ඉඳහිට දිග පද සහිත සිව්පද වෘත්ත ද ඇසුරු කරනු දකිත හැකි වුවත් තත්කාලයෙහි බහුල ව භාවිතයෙහි යෙදුණු සමුද්‍රඝෝෂ වෘත්තයට ගැති වීමක් දකින්නට නොමැත.
විසාලා මහ නුවර සහ එපුර රජුන් වර්ණනයෙන් අනතුරු ව එපුරට යෙදුණු ව්‍යසනය පිළිබඳ කරුණු ගෙන හැර පාන මේ කතුවරයාණෝ කතා පුවතේ විකාශනය උදෙසා මනා ආරම්භයක් ද එසේ ම ශූර ලෙස කරුණු පෙළගැස්වීමක් ද කිරීමෙහි සාමාර්ථය පිළිබිඹු කරති. බුදුගුණ ප්‍රකාශ කිරීමේ කාර්යයට කතුවරයා මුල පුරනුයේ පළමු ව මිථ්‍යා දෘෂ්ටික ශාස්තෘවරුන්ගේ ද විශේෂයෙන් දෙවියන්ගේ ද දෝෂ ගෙන හැර පාමිනි. මෙහි දී ලිච්චවි රාජ සභාවේ මන්ත්‍රීවරුන්ගේ මුවට නංවමින් ඒ කරුණු විග්‍රහ කිරීමේ උපක්‍රමය කතුවරයා භාවිත කොට තිබේ. බුදුගුණ වැනීමේ අභිලාෂය මෙන් ම දේවවාදයට දැඩි ලෙස පහර දීමේ අරමුණ ද කතුවරයා වෙත පැවති වග මෙහි පැහැදිලි ව දැකිය හැකි ලක්ෂණයකි. කෙතරම් තියුණු ලෙස එකී ප්‍රහාර එල්ල වී ඇද්ද යන්න මෙසේ දකින්නට පිළිවන.
‘නරලොව දෙන පුදට - රිසි වන දොරින් දොර සිට
සුරනැයි යනු කුමට - දුගී යාචකයනට එනිවට’
‘වඳුරකු පිනු මුහුද - එතෙර ව යා නො හී ඉඳ
ගියෙ ල රම් හේ බැඳ - මෙසේ වෙ ද මෙලොව දෙවියන් තෙද’
දෙවියන් පමණක් නො ව බ්‍රාහ්මණ පූජකයන් සහ යාගහෝම, පුදපූජා, ශාන්තිකර්ම ආදිය ද කතුවරයාගේ කර්කෂ විවේචනයට ලක්වනු දැකිය හැකි වේ. මෙතරම් නිර්භය ලෙසත් තර්කානුකූල වත් උද්වේගකාරී වත් කරුණු ඉදිරිපත් කෙරෙන වෙනත් කෘතියක් සිංහල සාහිත්‍යාවලියෙහි නොමැත. මෙවක ජන සමාජයේ දේව භක්තිය උග්‍ර ව පැතිරෙමින් පැවැති බව ද එයින් ජන මනස මුදා ගැනීමට මේ කතු හිමියන් වෑයම් ගත් බව ද සිතන්නට පිළිවන. තත් කාලීන වෙනත් කෘතිවල තෙරුවන් නැමදීමෙන් අනතුරු ව දේව වන්දනය ද කෙරෙනු දැකිය හැකි වුවත් මුන් වහන්සේ විසින් රචිත දහම්ගැට මාලය, ලෝවැඩ සඟරාව, කව්ලකුණු මිණිමල්දම වැනි කෘතිවල පවා දෙවියන්ට එවැනි ඉඩකඩක් නො තිබුණු බව මෙහි දී සිහිපත් වේ.
පැරැණි සිංහල පද්‍ය කාව්‍යවල බුදුගුණ වර්ණනා එමට සඳහන් වුව ද බුදුගුණ අලංකාර කතුවරයාණන් තරම් හපන්කමක් ඒ කිසිවකු වෙතින් ප්‍රකට නො වේ. මේ කෘතිය පුරා ම බුදුරදුන් උදෙසා වූ ශ්‍රද්ධා භක්තිය උතුරා යන පරිද්දෙන් කතුවරයාණන් බුදුගුණ පද්‍ය රචනා කොට තිබේ. එහිදී පැරැණි සිංහල ගද්‍ය කාව්‍යයන්හි ආ වර්ණනාවල ආභාසය නො මඳ ව ලබා ගෙන තිබේ. බුත්සරණ, ධර්ම ප්‍රදීපිකාව, පූජාවලිය එසේ ආශ්‍රය වී ඇති කෘතීහු වෙති.
බුදුගුණ අලංකාරයේ පුර වර්ණනය වැනි තැන්හි සාම්ප්‍රදායයික කාව්‍යකරණයේ ගති ලක්ෂණ පෙනෙන්නට තිබුණ ද කතුවරයා අනෙක් තැන්වල දී ස්වාධීන ප්‍රතිභා ශක්තිය මැනවින් ප්‍රකට කර යි. ලිච්චවී රාජ වර්ණනාවෙහි දී පැරැණි රාජ වර්ණනා පිළිවෙත් පසෙක ලා නව මඟක ගමන් කරනු දැකිය හැකි ය. එහි දී රාජාණ්ඩු ලක්ෂණ නො ව ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග හුවා දක්වන ආකාරය මෙන් ම රජුන්ගේ තේජාන්විත භාවය නො ව ගුණවන්ත භාවය වඩාත් ඉස්මතු කොට දක්වනු පැහැදිලි ව පෙනෙන්නට ඇත.
මේ කතුවරයාණන් එම රචනා රීතියෙහි දී සරල මටසිලිටි භාෂා විලාසයක් අනුගමනය කරනු කෘතිය පුරා ම දිස්වන අපූර්වත්වයකි. කතුවරයා වෙත නිරායාසයෙන් ම වදන් ගලා එන ආකාරය මෙන් ම සුඛනම්‍ය ලෙස ඒවා හසුරුවා ඇති ආකාරය ද පළපුරුදු කවීත්වයට දෙස් දේ. කුංචනාද, විජ්ජාචරණ, මනෝරංජන ආදි වචන පවා කතුවරයා රිසි සේ පද්‍ය රචනයට හසු කොට ගෙන තිබේ. ඒවායින් කාව්‍ය බන්ධනයේ නව අත්හදා බැලීම්වල ලක්ෂණ පිළිබිඹු වනුයේ සිදත් සඟරා වර්ණ මාලාවේ නො එන ‘ච’ යන්න පවා භාවිතයට ගෙන ඇති බැවිනි. ලෝකවිදූ, අනුත්තර, අනුවෑංජන, පුරිසදම්සාරතී, මක්ඛලි ගෝසාල වැනි වදන් ද මේ පද්‍යවලට ඇතුළත් ව තිබේ.
අදහස් ප්‍රකාශනය උදෙසා උපමාවන් බහුල ලෙස උපකාරී කොට ගෙන තිබීම ද බුදුගුණ අලංකාරයේ දැකිය හැකි විශේෂිත ගුණාංගයකි. ඇතැම් වර්ණනාවල දී කවියෙන් කවියට උපමා පිරුළු ආදිය භාවිත කොට තිබෙනු දකින්නට පිළිවන. ඒ බෙහෙවින් ම පරිසරයෙන්, සමාජයෙන් උපුටා ගත් ඒවා වීම ද විශේෂිත ය.
‘පල ගත් අතු නසා - පල කන්නවුන් විලසා’
‘පුතු වෙත සෙනෙහසේ - පසව ඉවසන මව සේ’
‘සුවඳ හැල් උදුරා - රකිනෙව් වරා ඉඳුරා’
‘කළ පිරුණු තෙල් ඇති - රකිනෙව් නිසල කොට නිති’
‘හිරු නැගෙතුදු කෙසේ - රකිනඳුරු ගිරි ලෙන සේ’
‘වෙන වෙන කරල දුටු - වී ගෙන පුරන මෙන් අටු’
කතුවරයාණන් ඇතැම් කවිවලින් යහපත් රාජ්‍ය පාලනය, අය බදු අය කිරීම, පාලකයන් පිහිටා සිටිය යුතු ප්‍රතිපත්ති ආදි කරුණු පවා සියුම් ලෙස වටහා දෙන ආකාරය ද මේ කෘතියෙහි පිළිබිඹු වේ. එසේ ම තත්කාලීන සමාජ තොරතුරු ද මෙහි තැන තැන විද්‍යමාන වන කාරණා වලින් උකහා ගත හැකි වේ.
අනෙකුත් බොහෝ කවියන් මෙන් නො ව පොදුජන සමාජය දෙස සදය කරුණාවෙන් එබී බැලීමක් ද මේ කතුවරයා වෙතින් ඉටු වී තිබේ.
සමස්තයක් සේ ගත් කල්හි බුදුගුණ අලංකාරය යනු එක ම භක්ති කාව්‍යයකි. නැතහොත් එක ම බුදුගුණ ගීතයකි. ශ්‍රද්ධා භක්තිය නො මඳ ව උතුරා යන පරිද්දෙන් බුදුගුණය මෙතරම් විචිත්‍රවත් ලෙස මවා පෑමට වෙනත් කිසිදු කවියෙක් සමත් වී නැතැයි කිව හැකි ය. මේ කිවිවරයාණන් ‘බුදුගුණ මුහුදින් බිඳක් දැක්වීමේ’ අභිලාෂය සිත් පුරා ඉටු කොට ගෙන තිබේ.
සිංහල පද්‍ය සාහිත්‍ය කෘති අතුරෙහි පෙරළිකාරී කෘතියක් ලෙසින් ද පද්‍ය කාව්‍ය අතර වඩාත් රසවත් හරවත් නිර්මාණයක් ලෙසින් ද කෝට්ටේ සාහිත්‍යය පමණක් නො ව සිංහල පද්‍ය සාහිත්‍යය ම බබළවන එහි පෝෂණයට ඉවහල් වූ මහඟු ප්‍රබන්ධයක් ලෙසින් ද බුදුගුණ අලංකාරය අගේ කළ හැකි ය.

සාහිත්‍යසූරී ඩබ්ලියු.ඒ.අබේසිංහ

ලේඛනය කලාවක් ලෙස යොදා ගන්නේ ලේඛකයා ය. තමාට ම ආවේණික වූ අනන්‍ය වූ ලේඛන ශෛලියක් හඳුනාගැනීම සහ එසේ හඳුනා ගොඩ නඟාගත් ශෛලිය නිර්මාණාත්මක ලෙස භාවිතා කිරීම ද මහත් සේ වැදගත් වෙයි.
අප රටේ ලේඛකයෝ බොහෝ වෙති. ඒ අය අතරින් කලාවක් ලෙස ලේඛනය හසුරුවන, භාවිතා කරන අය සංඛ්‍යාත්මක ව මහ ගොඩක් ඇත්තේ නැත. ඔවුන් අතරින් ද බස නිවැරැදි ලෙස තමන්ට ම අනන්‍ය වූ රටාවකට, ශෛලියකට හසුරුවන්නන් ඇත්තේ ද සීමිත ගණනකි. අප මේ සඳහන් කරන්නට යන්නේ මේ මාර්තු 31 දින ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ වයඹ මණ්ඩපය මඟින් සාහිත්‍ය සූරී ගෞරව උපාධියෙන් පිදුම් ලැබූ අධිනීතිඥ ඩබ්ලියු.ඒ.අබේසිංහ නම් වූ ලේඛකයා, දේශකයා, සාහිත්‍යධරයා පිළිබඳ ව ය.
අප දන්නා බොහෝ විද්වතුන් කිසියම් විෂය ක්‍ෂේත්‍රයකට සීමා වූ විෂය ප්‍රවීණයන් බව අපගේ අත්දැකීමයි. ඒ අතර තවත් අය නොදන්නා විෂයයක් කලාවක්, විද්‍යාවක් නැති ලෙස උදුම්මවා ගත් හිස් ඇති ව මාධ්‍ය ඔස්සේ තම දක්ෂතා ගැන පුරසාරම් දොඩති. එවන් ඇතැම් අය දන්නා දෙයක් ද නැති නොදන්නා දෙයක් ද නැති අය ලෙස හඳුනා ගනු වටී. අබේසිංහයන් ද සියල්ල දත් අයකු ලෙස හඳුන්වාදීමට යාම විහිළුවකි. එහෙත් ඔහු සිය ජීවිතයට බද්ධ කරගෙන ඇති කලාව හා සාහිත්‍යය ක්‍ෂේත්‍රයේ පුළුල් අවබෝධයක් ලබාගෙන ඇතුවා පමණක් නො ව පසුගිය දසක හතර හමාරක කාලය තුළ ඒවා භාවිතයට ගෙන සමාජගත කර ඇති බව ද පැහැදිලි ය.
පළමුකොට අබේසිංහයන් පිළිබඳ ව බොහෝදෙනා දන්නේ ගීත රචකයකු හැටියට ය. එය සත්‍යයකි. අපගේ ගීත සාහිත්‍යය ගැන විමසා බලන විට එහි විශිෂ්ටතම ගීත රචකයන් කීපදෙනා අතර අබේසිංහ නම ද ගැනෙයි. පණ්ඩිත් අමරදේවයන් ගයන අඩවන් වූ දෙනෙතින් ගලනා.... විශාරද නන්දා මාලිනිය ගයන මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා... වික්ටර් රත්නායකයන් ගයන සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැදි නෙරිය ලතාවයි..., ටී.එම්.ජයරත්නයන් ගයන ජනප්‍රිය ප්‍රබුද්ධ ගීතයක් වූ පාවී පාවී මේ එන්නේ... අතීතයේ සිට එන සුළඟයි.. වැනි ගීත කෙතරම් සමාජගත වූ ගීත දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ හැරුණුකොට ප්‍රකට ගායක ගායිකාවන් ගැයූ ගීත විශාල සංඛ්‍යාවක් ඔහුගේ ගීත සාහිත්‍ය නිර්මාණ අතරලා වැදගත් කොට සැලැකෙයි. කුලියාපිටිය මැදි විදුහල සිය තක්සලාව ලෙස සලකන අබේසිංහයන් තම පාසල් මාතාව පිදීමට ලියූ සාහිත පැරකුම් කිවි නැණ පහනින.. ආදී වූ කුලියාපිටිය මැදි විදුහලේ වත්මන් පාසල් ගීතය වෙනත් කිසිදු පාසල් ගීයක දක්නා නොලැබෙන අපූර්ව ගීතයක් බව අවිවාදිතය.
අබේසිංහයන් ගේ සාහිත්‍යය පිළිබඳ ව වූ දැනුම තුළින් මතුකර ගන්නා ප්‍රතිභාව සිය සාහිත්‍ය කලා මාධ්‍ය කීපයක් පුරා පතුරුවා හරියි. අනන්‍ය වූ බසක් සහිත කවියකු, කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, සාහිත්‍ය කෘති අනුවාදකයකු, නාට්‍ය පිටපත් රචකයකු, දේශකයකු, ව්‍යක්ත කථිකයකු මේ ආදී වශයෙන් වූ බොහෝ නම්වලින් හඳුන්වමින් කවුරුත් අන්තිමට කතා කරන්නේ සියල්ලෙන්ම පෝෂිත යහපත් මිනිසකු පිළිබඳ ව ය.
අබේසිංහයන්ගේ අපූරු නිහතමානී පැවැත්ම හා බැඳී පවතින ආකර්ශනීය වූ සුන්දර පෙනුමයි. මේ පුංචි සුන්දර මිනිසාට ඒ සුන්දරත්වය ලැබෙන්නේ ජාතික හා ජාත්‍යන්තර තලයේ වූ කලා හා සාහිත්‍ය සේවනය සමඟ වූ පුළුල් සුවිශාල අත්දැකීම් සම්භාරයයි.
කෙතරම් ඉහළ තනතුරු ඔහු දැරුවත් ඊට ඉහළින් එන අණකිරීම්, බලකිරීම්, ඔහුට හිතට එකඟ නො වූ විට ඔහු ඊට එරෙහි වෙයි. ඉහළින් දෙන නියෝග ක්‍රියාත්මක කරන එහෙයියකු වී තනතුර ආරක්ෂා කරගෙන පැවැත්මට කුමක් හෝ කරන්නට ඔහු කටයුතු නො කළේය. ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ හා උපදේශක තනතුරේ සිටියදී අබේසිංහයන් ජනාධිපති චන්ද්‍රිකාට ද අවනත වූයේ නැති බව ප්‍රකට කරුණකි. ඒකාලයේ එක් දිනක් මම ලේක්හවුසියේ ඔහුගේ රාජකාරි කරන කාමරයට ගියෙමි. අප විනාඩි කීපයක් කතාකරමින් සිටින අතර එක්තරා පුවත්පතක සංස්කාරකවරයකු ඔහු වෙත ලිපියක් රැගෙන ආවේය.
“සර් මේ ලිපිය ... ඇමැතිතුමා එවල තියෙන්නෙ දාන්න ම කියල .. අනුමත කර දෙන්න... වෙනව...” සංස්කාරකවරයා ඉල්ලුවේය.
”ආ.. ඌ මහා මැරයෙක්නෙ.. මොකක්ද තියෙන්නෙ ඕකෙ.. වැඩක් ඇති ඒවා නො වෙයිනෙ... අල්ලල වීසි කරනවා.. මොකට මෙහෙ ගේන්නෙ...” අබේසිංහයන් බැණගෙන බැණගෙන ගියේ ය.
”නෑ සර්.. නො දැම්මොත් ප්‍රශ්නයක් වෙයි”
”මොන ප්‍රශ්නයක්ද? ප්‍රශ්න වෙනව කියල මිනිස්සුන්ට කියවන්න පත්තරවල දාන්න ඕනෑ ඔය එක එකාගෙ බහුබූත කුණු කන්දල් ද?...” සංස්කාරකවරයා ආපසු පිටවී ගියද වහා යළිත් පැමිණියේ ය.
”සර්.. මේක නොදා බෑ.. කොහොම හරි දාන්න වෙනවා... ඇමතිතුමා...” සංස්කාරකවරයා හෙමින් මිමිණුවේ ය.
”දැන් සැරයක් කිව්වනෙ මම.. අල්ල විසිකරන්ඩයි කිව්වෙ.. ඔය කුණු කන්දල්වලින් පත්තරේ පුරෝල පුළුවන්ද, උන්ට තේරෙනව ද පත්තරයක යන්න ඕන මිනිසුන්ට වැඩක් ඇති දෙයක් ගැන කියල.. ඕව උන්ට තේරුම් කර කර ඉන්ඩ ඕනැ නෑ. කාලෙ නාස්ති කරන්ඩ ...”, අබේසිංහයන් කෝපයෙන් කෑගැසූ හැටි මට මතකය. මෙවැනි නාහෙට අහන් නැති වැඩ නිසා දිගු කලක් තම තනතුර දරා සිටීම පහසු නැත.
තම පාසල් මව වන අප මධ්‍ය විද්‍යාලයට ඔහු ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන්නේ මහත් අභිමානවත් හැඟීමකිනි. මෑතකදී ආරම්භ වූ උසස් පෙළ ව්‍යාපෘති ඇසුරින් පාසල් භූමියේ නොයෙකුත් අලුත් අලුත් සංවර්ධන වැඩ කෙරීගෙන යන අතර දිනක් ඔහු මට කතා කළේ තරමක කෝපයෙනි.
”කරුණෝ... ඔයාලගෙ ඇස් පේන්නෙ නැද්ද? මේ ඉස්කෝලෙ වත්තෙ ගහල තියන බෝඩ්වල, වැරදි කොච්චර තියනවද? අක්ෂර වින්‍යාසය ගැන ළමයින්ට උගන්වන්නෙ ඔහොමද? දන්නෙ නැත්තං මට ගෙනත් දෙන්ඩ ඕව ගලවල... මං හදල දෙන්නම්... තේරෙන් නැද්ද ළමයි තුන්දහක් විතර නිතර ගැවසෙන තැනක වැරදි අකුරක් තිබුණොත් ඒකෙ බලපෑම කොච්චරද? ළමයි කියන්නෙ අනුකරණය කරන්ඩ කැමැති පෙලැඹෙන අය... පොතක තියනවටත් වඩා මේක එන යන හැම දෙනාට ම පේන තැනක් නිසා මේක බරපතළයි.” අබේසිංහ නො නවතා කියාගෙන ගියේ දැඩි දෝෂාරෝපණයක් අප වෙත එල්ල කරමිනි.
දේශපාලනය පිළිබඳ පොතපත හිඟ අවධියේ ඒ විෂයය පිළිබඳ විමර්ශනාත්මක ලිපි ඇතුළත් පොත් පෙළ එකල විභාග අපේක්ෂක ගුරු සිසු සැමට ම මහත් ඵලදායී විය. දසක හතර හමාරක පමණ කාලය තුළ සියතින් ලියූ පොත් සංඛ්‍යාව 156කි. මෙයින් 12ක් කාව්‍ය සහ ගීත පිළිබඳ ව ය. ඉන් නවකතා සහ කෙටිකතා ද 14ක් පරිවර්තන ද 24ක් සාහිත්‍ය විචාරද, 11ක් විවරණ සහ සංස්කරණ ද, 9ක් ශාස්ත්‍රීය (දේශපාලන හා ආණ්ඩුක්‍රම නීතිය) ද, 8ක් විවිධ ලෙස ද, වෙනත් නිර්මාණ ලෙස 2ක් ද, යෞවන සාහිත්‍ය හා යෞවන සාහිත්‍ය අනුවාද 7ක් ද ළමා සාහිත්‍ය කෘති 65ක් ද වෙයි.
ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍යවලින් ද මුද්‍රිත මාධ්‍ය වලින් ද ඔහුගේ ගීත පිළිබඳ ව කතා බහ කිරීම කෙසේ වෙතත් ඉහත සඳහන් කෙරුණු පොත් පත් 156 පිළිබඳ ව ප්‍රමාණවත් විමසුමකට භාජන වී ඇත්දැයි ප්‍රශ්නයකි. කොටින් ම කීවොත් අබේසිංහ ගැන කතා කරනවාට වඩා ඔහුගේ නිර්මාණ පිළිබඳ ව සාකච්ඡා කිරීම, විමසුම අපගේ සාහිත්‍ය ගැන කතා කිරීමේ දී වැදගත් වනු ඇත.
1938.09.13 දින උපත ලද අබේසිංහයන් මුලින් ඉංග්‍රීසි ගුරුවරයෙකි. විශේෂ ඉංග්‍රීසි පුහුණුවත්, උපාධියත්, හැරුණුකොට අධිනීතිඥවරයකු ලෙස වෘත්තිය වෙනස් කළ ද විටින් විට බොහෝ තනතුරු දරමින් පුළුල් අත්දැකීම් රැසක් ලැබුවේ ය. නොසැලී සිටීමට පන්නරය ලැබුණේ ඒ අත්දැකීම්වලිනි. දිනමිණ, ඇත්ත, සිරිලක වැනි පුවත්පත්වල උපකර්තෘ, විශේෂාංග කර්තෘ වැනි ධූරවලද ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රචාරක ආයතනයක විධායක තනතුර ද, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල උපදේශක හා අධ්‍යක්ෂ ධූර ද ඉසිලී ය.
ආසියා බෞද්ධ සාම සම්මේලනයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති වැනි තනතුරුවල වරින් වර කටයුතු කළේ ය.
වයඹ පළාත් කලාපති තනතුරින් පිදුම් ලැබුවේ 1990 දී ය. ළමා සාහිත්‍ය කෘතීන් සඳහා 1980, 1990, සහ 1997 වසරවල රාජ්‍ය සම්මාන ලැබුවේ ය. අබේසිංහ සූරීන් ජාත්‍යන්තර වශයෙන් සහභාගිවූ සම්මන්ත්‍රණ කීපයක් ද සඳහන් නොකර ම බැරි ය. මෙයින් 1966 දී සෝවියට් දේශයේ පැවැති ආසියා අප්‍රිකා ලේඛක සම්මන්ත්‍රණය 1967 දී ලෙබනනයේ පැවැති ලේඛක සම්මේලනය 1969 දී සයිප්‍රස් හි පැවැති ලෝක සාම සම්මේලනය, 1988 දී ඉන්දියාවේ පැවැති කවිතා ඒෂියා කාව්‍ය මංගල්‍යය ද, මොස්කව්, මොන්ගෝලියාව, දිල්ලිය යන නගරවල රටවල 1978 සහ 1984 වසරවල පැවැති ආසියා බෞද්ධ මහා සම්මේලනය ද නියෝජනය කිරීම වැදගත් වෙයි.
ජාතික සහ ජාත්‍යන්තර තලයේ අත්දැකීම් බහුල ව්‍යක්ත කථිකයකු, දේශකයකු, ලේඛකයකු... මේ ආදී විවිධ ආකාරයට හැඳින්විය හැකි අධිනීතිඥ ඩබ්ලියු.ඒ. අබේසිංහයන් විෂයය ක්‍ෂේත්‍ර ගණනාවක දස්කම් පෙන්වා, භාවිත කර, සමාජගත කර තිබීමත් ඊට කෘතවේදී ව වයඹ සරසවිය මඟින් ම ගෞරව බහුමානයට ලක්කිරීමත් කෙතරම් නම් ප්‍රශංසනීය ද?

Wednesday, January 8, 2014

සක්විති කිත් රැස අරීසෙන් අහුබුදු ගී සරණිය

සක්විති කිත් රැස
අරීසෙන් අහුබුදු ගී සරණිය
 

සැකසුම - ශ්‍රීනාත් ගනේවත්ත
මිල - රු. 1500
ප්‍රකාශනය - අරිසෙන් අහුබුදු පදනම
සිංහල සුභාවිත ගීතයේ පුරෝගාමි රචකයකු වූ කලාසූරී අරීසෙන් අහුබදුවන් විසින් රචිත ගීත රැසක එකතුවකි. එතුමා ලියූ ගුවන් විදුලි ගීත කාව්‍ය ගීත ආයතන තේමා ගී ආදී විවිධ ගීත හත්සිය පණහකට අධික සංඛ්‍යාවක් මෙයට ඇතුළත්ව ඇත. මෙතෙක් කිසිදු මාධ්‍යයකින් එළි නොදැක්වුණු ගීත රැසක් මීට ඇතුළත්වීම විශේෂයකි. ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා විසින් ලියන ලද විචාර ලිපියක් ද මීට ඇතුළත් ය.

රාජ්‍ය සේවය පිණිසයි - 2

රාජ්‍ය සේවය පිණිසයි - 2
 

කර්තෘ - ලලිත් හීන්ගම
මිල - රු. 300
ප්‍රකාශනය - නැණිල ප්‍රකාශකයෝ
පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ කතුවරයා රාජ්‍ය සේවය පිළිබඳව ලිපි ගණනාවක් පුවත්පත්වලට ලියා ඇත. මේ ඒ ලිපිවලින් ලිපි සියයක් අඩංගු දෙවෙනි කෘතියයි. මෙමගින් රාජ්‍ය සේවයේ අඩුපාඩු, කළයුතු නොකළ යුතු දේ පිළිබඳව ඉස්මතු කර පෙන්වයි.



සිහින එපා කල් දැමුවා


සිහින එපා කල් දැමුවා
 

කර්තෘ - නිමල් ජයරත්න
මිල - රු. 325
කර්තෘ ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.
නිර්මාණශීලී මේ කාව්‍ය සංග්‍රහය ඉතා ගැඹුරින් රසවිදිය හැකි කවි සිතිවිලි රාශියක් ඇත. විවිධ මාන ඔස්සේ යමින් කවියා සිය කවි මානය සොයා ගනී. අංකුර කවියෙකුගේ මේ කාව්‍ය සංග්‍රහය තුළ ඉතා කෙටි කවියකින් පුළුල් අරුතක් ගොඩනඟන නිර්මාණ රැසක් ඇත.



මනස සසර සහ නිවන

මනස සසර සහ නිවන
 

කර්තෘ - පූජ්‍ය තළල්ඇල්ලේ සාගර හිමි
මිල - රු. 160/=
ප්‍රකාශනය - සී/ස සදීපා ප්‍රකාශකයෝ
සංසාරිකත්වය මෙන් ම සංසාර නිරෝධය ඇති කරවන හේතු සාධක පුද්ගලයාගේ මනසින් පරිබාහිරව සම්භවය නොවේ. පුද්ගලයා කියන කරන දෙය මානසික චින්තනයට අනුකූලව මනස පෙරටු කරගෙන සිදුවන්නකි. මේ පිළිබඳව ගැඹුරින් හැදෑරීමක් සිදු ‍කරන මේ කෘතිය මගින් සසර හෝ නිවන දෙසට මනස යොමුවන අයුරු බුදුදහමට අනුව මනාව විග්‍රහකර ඇත්තේ සරල අයුරිනි.