දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), ඊ.එල්. සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
Sri Lanka Broadcasting Corporation
The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.
Sinhala National Service
Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
Handa (SOUND) හඬ
Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA
Tuesday, August 5, 2014
තොරතුරු දැනගෙන හරබර... නරඹමු දළදා පෙරහැර...
අනතුරුව පොළොන්නරු රජ සමයේ පළමුවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1150 - 1186) විසින්ද දළදා පෙරහැර පවත්වන ලද බව ඉතිහාසයේ සඳහන්ය. තවද දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්‌ටේ යුගයන් හිදී ඇතු පිට රිදීමුවා, රන්මුවා, කරඬු වැඩම කළ බව පෙරහැර වංශකථාව පෙන්වා දෙයි.
පසුගිය 23 වැනිදා සිට 27 වැනිදා දක්‌වා කුඹල් පෙරහැර පැවැති අතර (පළමුවන දින කුඹල් පෙරහැර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ ඇස්‌වහ කටවහ දොස් දුරුවෙන බවට විශ්වාසයක් පවතී.) 28 වැනිදා සිට අගෝස්‌තු පළමුවැනිදා දක්‌වා රන්දෝලි පෙරහැර පැවැත්වෙයි. එයිනුත් අගෝස්‌තු පළමුවැනිදා පැවැත්වෙන පෙරහැර හඳුන්වනු ලබන්නේ මහා රන්දෝලි පෙරහැර ලෙසිනි.
එය නිමිතිකරගෙන ශ්‍රී දළදා මාළිගාව මගින් '1700 පෙරහරක පෙළහර' නමින් කෘතියක් නිකුත් කර තිබේ.
මල්වතු, අස්‌ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි ප්‍රදීප් නිලංග දැල දියවඩන නිළමේතුමන්ගේ මගපෙන්වීම යටතේ දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත හිස්‌සැල්ල මහතාගේ මෙහෙයවීමෙන් කිසිදු ව්‍යාපාරික අරමුණකින් තොරව මෙය නිකුත්කර තිබේ. ක්‍රිෂාන්ත දයානන්ද මහතා මෙහි ප්‍රධාන කර්තෘ පදවිය හොබවන අතර, මහින්ද කුමාර දළුපොත මහතා නියෝජ්‍ය කර්තෘ පදවිය උසුලයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ කේ. මීගහකුඹුර යන මහත්වරු සෙසු කර්තෘ මණ්‌ඩල සාමාජිකයෝය. මෙය වසර 10 - 15 ක පර්යේෂණාත්මක හා ග්‍රන්ථ පරිශීලනයක ප්‍රතිඵලයක් බව ඔවුහු කීහ. ගිය වසරේදී දළදා මාළිගාවෙන් මෙවැනි කෘතියක් නිකුත් කෙරිණි. එවැනි පසුබිමක් යටතේ යළිත් කෘතියක් නිකුත් කරන්නේ ඇයි දැයි අපි මෙහි ප්‍රධාන කර්තෘත්වය දරන ක්‍රිෂාන්ත දයානන්ද මහතාගෙන් විමසුවෙමු.
ඔහු "පෞද්ගලික මතවාදයන්" ලෙස වැකියක් සඳහන් කිරීම තරමක් සංකීර්ණය. එනිසා අපි ඒ ගැන යළි ප්‍රශ්න කෙරුවෙමු.
"ඇතැම් විද්වතුන් හා නොමේරූ දැනුමක් ඇති අය මෙම උතුම් සංස්‌කෘතිකාංගය ගැන තමන්ගේ පෞද්ගලික මතවාද සමාජගත කිරීම නිසා අද සියයට අසුවක් පමණ ඇත්තේ වැරැදි නිර්වචනයන්. ඔවුන් එක් එක් සංස්‌කෘතිකාංග ගැන තමන්ට හිතෙන දේවල් සමාජ ගත කර තිබෙනවා. නමුත් ඒවා දළදා සම්ප්‍රදායට අනුව ඇත්ත නෙවෙයි. ඒ වගේම විද්යුත් මාධ්‍යයන් හරහාත් මෙම සංස්‌කෘතිකාංගයන්ට වැරදි අර්ථකථන සපයනවා. මෙම තත්ත්වය වහාම නිවැරදි කර සැබෑ දළදා සාම්ප්‍රදාය අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත කිරීමත් අපේ අරමුණක්.
පෙරහැරට දායකත්වය දක්‌වන ශිල්පීන්ට වර්තමානයේදී නිවැරැදි ඇගයීමක් ලැබෙනවා ද යන්න සැකසහිතයි. ඒ නිසාම අලුත් පරපුර පරම්පරාවෙන් එන කලා උරුමයන් පසෙක ලා වෙනත් වෘත්තීන්ට යොමුවෙලා තිබෙනවා. මෙය ෙ€දනීය තත්ත්වයක්. එම නිසා ඒ ශිල්පීන්ට නිසි වටිනාකමක් දිය යුතුය යන සමාජ වටපිටාවක් ගොඩනැගීමත් අපේ අරමුණක්. මේ කෘතියට වැඩිහිටි සහ බාල පරම්පරාවේ ශිල්පීන්ගේ ඡායාරූප ඇතුළත් කර ඔවුන් දිරිමත් කර තිබෙනවා.
අනිත් කාරණය තමයි සංචාරක මගපෙන්වන්නන් මෙම උතුම් සංස්‌කෘතිකාංග ගැන විදේශිකයන්ට කරුණු කියන්නේ තමන් දන්නා සරල ඉංග්‍රීසියෙන්. එවිට ජාත්‍යන්තරයේ මේ ගැන හැදෙන්නේ විකෘති මතයක්. ඒ නිසා අපි කන්ද උඩරටට බැඳුණු වචනවලට ඉතාම සමීප අර්ථය දෙන ඉංග්‍රීසි වචන යොදාගෙන අදාළ පරිවර්තනයන් කර තිබෙනවා. මෙහිලා කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා දැක්‌වූ කැපකිරීම අගය කළ යුතුයි.
පසුගිය වසරවලදී අපි දුටුවා රූපවාහිනි නාළිකාවලින් පෙරහැර විකාශය කිරීමේදී නොගැළපෙන ලෙස සිද්ධීන් සම්බන්ධ කරන ආකාරයක්. ඒ නිසා මෙවර පෙරහැර රූපගත කරන්නේ දළදා මාළිගාවෙන්. එය රූපවාහිනී නාලිකාවලට නොමිලේ ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම පොත මුදලට අලෙවි නොකළත් දළදා වහන්සේ ගැන හැදෑරීමක් කරන ඕනෑම අයෙකුට මාළිගාව හා සම්බන්ධ වීමෙන් තමන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත හැකියි."
'දළදා පෙරහැරේ දියකැපීම' යන මතවාදය ගැනත් අපි ඔහුගෙන් ඇසුවෙමු.
මේක කරුණු පටලවා ගැනීමක්. බුදුන් උදෙසා කරන පූජාවන්ගේ දිය කැපීමක් නෑ. එය සිදු කෙරෙන්නේ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාලවලයි.
අපේ කෙරෙන්නේ මහා රන්දෝලි පෙරහැරෙන් පසු (මෙවර අගෝස්‌තු 1 දා අලුයම) කරඬුන් වහන්සේ මාළිගා පරිශ්‍රයට ගෙවදීමෙන් පසු දළදා වහන්සේ වැඩ සිටි කුටියේ තැන්පත් කර ගිලන්පස පූජාවක් පැවැත්වීමයි. පෙරහැර නිල වශයෙන් අවසන් වන්නේ එවිටයි. පසුව රාත්‍රි එකට පමණ ගෙඩිගෙය විහාරයට කරඬුවහන්සේ වඩම්මවා එහි පැය දොළහක් තැන්පත් කර තිබෙනවා. එසේ කරන්නේ දන්ත ධාතුන් වහන්සේ දෙල්ගමුවේ සිට නුවරට රහසිගතව වැඩම වූ පළමු දවසේ රෑ බෝවූ හෙයින් ආරක්‌ෂාව පිණිස එදා ගෙඩිගේ විහාරයේ රැය පහන්කර තිබෙන නිසයි. ඊට කෙරෙන ගෞරවයක් විදියටයි මෙය සිදු කෙරෙන්නේ. පසුදා දහවල් (මෙවර අගෝස්‌තු 2 දා) පෙරහැරකින් පැමිණ යළිත් කරඬුන් වහන්සේ දළදා මාළිගාව වෙත වඩම්වනවා. එයයි සම්ප්‍රදාය. මෙය හැඳින්වෙන්නේ දවල් පෙරහැර ලෙසයි.
"එතකොට පෙරහැර පෙළ ගැසෙන්නේ මොන විදියටද?" අපි දයානන්ද මහතාට අවසන් ප්‍රශ්නය යොමු කළෙමු.
පෙරහැර අවසර පැතීම (- පෙරහැර පිටත්වීමට පෙර මාළිගාවේ පෙරහැර හා සම්බන්ධ සියලුම නිලයන් දියවඩන නිලමේතුමාගෙන් අවසර ගත යුතුය. කාරියකෝරාළ, ගජනායක, කපුරාලවරු, ගම් දහයේ විදානේවරු, කංකානම්රාල, මොහොට්‌ටාල, සහ වට්‌ටෝරුරාළ, ඇතුළු සියලු නිලයන් දියවඩන නිළමේතුමාට වැඳ ආශිර්වාද ගෙන පෙරහැරට සහභාගිවීම සම්ප්‍රදාය වෙයි.
පෙරහැර වෙඩි හඬ (- දළදා පෙරහැර පිටත්වීමට පෙර වෙඩි හඬ තුනක් නිකුත් කරයි. පළමු වෙඩි හඬට සිව් මහා දේවාලවල පෙළ ගැසී සිටින පෙරහැරකරුවෝ මාළිගා පෙරහැරට එකතුවෙති. දෙවැනි වෙඩි හඬ නිකුත් කරන්නේ සාධාතුක කරඬුව, ඇතුපිට රැඳී රන්හිලිගේ තැන්පත් කළ බව කීමටය. තෙවැනි වෙඩි හඬත් සමඟ පෙරහැර ඇරැඹේ.
කසකරුවෝ (- දළදා පෙරහැරේ පළමුවෙන්ම දර්ශනය වන්නේ කසකරුවන්ය. කස වැනුමෙන් අහසේ ගිගුරුමද විදුලි කෙටීමද සංකේතවත් වෙයි.
බෞද්ධ කොඩිකරුවෝ (- කුඹල් පෙරහැර හා රන්දොaළි පෙරහැර බෞද්ධ පෙරහැරක් බව සිහිපත් කිරීමට බෞද්ධ කොඩි රැගෙන යනු ලබයි.
පළාත් කොඩිකරුවෝ (- මහනුවර රාජ්‍යයට අයත් පළාත්වල කොඩි පෙරහැරට එකතු කර තිබේ. ඒ ඒ පළාත් භාර නිලමේවරුන් විසින් හතර කෝරළය, සත්කෝරළය, මාතලේ, සබරගමුව, තුන්කෝරළය, ඌව වලපනේ, උඩරට පළාත් නියෝජනය කරන කොඩි මෙසේ රැගෙන ආ යුතුය.
අසිපත් ධාරියෝ (- ලක්‌බිමට වැඩම කළ දා පටන් දළදා හාමුදුරුවන් මහනුවර දළදා මන්දිර වඩා හිඳුවන තෙක් බොහෝ සතුරු කරදරවලට මුහුණ දුන් වග මින් සිහිපත් කෙරේ.
ගිනිබෝලකරුවෝ (- විදුලි කොටන විට නැගෙන ආලෝකය දළදා පෙරහැරේදී පෙන්නුම් කරන්නේ මෙමගිනි.
පෙරමුණේ රාළ (- දළදා පෙරහැරේ පළමු ඇතුපිට එන්නේ පෙරමුණේ රාළයි. දළදා වහන්සේ වෙනුවෙන් කළ යුතු වතාවත් ඇතුළත් ලේකම්මිටිය ඔහු අතට ඇත.
පළමු හේවිසිකරුවෝ පෙළ (- පෙරමුණේ රාළ පිටුපසින් නිත්‍ය හේවිසි කණ්‌ඩායම පැමිණේ. දළදා මාළිගාවේ සේවයේ නියුතු පනික්‌කියන් සිව් දෙනා මූලික හේවිසි කණ්‌ඩායමයි.
ගජනායක නිළමේ (- රජුගේ ඇත් පන්තිය භාර නිලය ගජනායක නිළමේය. එය සංකේතවත් කරමින් දළදා පෙරහැරේ සියලු අලිඇතුන් භාරව ගජනායක නිළමේ ගමන් කරයි.
බුලත්පදය (- "බුලත්පදය" ඉවහල් කර ගන්නේ දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කරන ආරාධනයක් ලෙසිනි.
ඇත්පන්ති (- ජන විශ්වාසය අනුව අලි ඇතුන් පෙරහැරේ ගමන් කරන විට කළු වැහි වළාකුළු සිහිගැන්වෙයි. එහෙයින් දළදා පෙරහැරේ තනිතණ්‌ඩලේ අලි ඇතුන් ගමන් කරවීම තහංචි වේ.
හොරණෑකරුවෝ (- හොරණෑව දළදා පෙරහැරේ නාද මාත්‍රාවයි. ඒ එම හඬින් ගජගා වන්නම් තාලය මුළු පෙරහැර පුරාවටම එක සේ සුසරවන බැවිනි.
කොතල පදය (- පැන් කොතලය සශ්‍රීකත්වයේ සංකේතයකි. පිරිත් පැන් කළය සිහි ගන්වමින් සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කෙරේ.
පොල්මල් නැට්‌ටුවෝ (- පොල්මල සශ්‍රීකත්වයේ සංකේතයකි. මෙම නැටුමේ අරමුණ රටට සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීමයි.
ගොයම් නැටුම (- කලට වැසි ලැබ කෙත් සශ්‍රීකවීමේ අභිමානයත් දළදා හාමුදුරුවන් වෙත දක්‌වන බැති සිතත් හඳුනා ගත හැක.
තම්මැට්‌ටම්කරුවෝ (- හේවාවිස්‌ස, යකාවෙල, ඇරැව්වාවල, උඩුනුවර සහ රිදීගම යන පරම්පරා දළදා පෙරහැරේ තම්මැට්‌ටම් වාද්‍යකරුවෝ ලෙස පැසසුම් ලබති.
තාලම්පොටකරුවෝ (- පෙරහැරේ රිද්මය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට අවශ්‍ය විධානය මින් ලබා දෙයි.
දවුල්කරුවෝ (- දවුල දළදා තේවාවන් සඳහා යොදා ගන්නා මෙවලමකි. එහෙත් පෙරහැරේදී එය රංගන මෙවලමකි. රන්දෝලි පෙරහැරට අතිවිශිෂ්ට දවුල්වාද්‍ය ශිල්පීහු පමණක් එක් වෙති.
රබන් නැට්‌ටුවෝ (- මෙය පත්තිනි පූජාවකි. දිගු කලක් ප්‍රගුණ කිරීමෙන් ලබාගතයුතු කුසලතාවකි. එහෙයින් දළදා පෙරහැරේ රබන් කැරකැවීම බුදුන්ට දක්‌වන පූජාවක් ලෙස සැලකෙයි.
චාමර නැට්‌ටුවෝ (- දළදා වහන්සේට චාමර සැලීම ගෞරවනීය පිළිවෙතකි. එම නිසා මෙය පෙරහැරේදී සධාතුක කරඬු වහන්සේට දක්‌වන හරසර පූජාවකි.
හවඩි දඟයා (- ඉන වටා වට කරකැවෙමින් හවඩි බැඳීමේ රටාව රංගන නර්ථනයකට යොදාගත් එකම අවස්‌ථාව හවඩි දඟයා නැටුමයි.
පතුරු නැට්‌ටුවෝ (- ලී කෙළි හා සමාන වුවද ලී පතුරු භාවිතා කිරීම නිසා පතුරු නැටුම ඊටම අනන්‍ය වූවකි.
පන්තේරුකරුවෝ (- පන්තේරුව කවිකාර මඩුවේ නිත්‍ය වාද්‍ය මෙවලමකි. එය රවුම් හැඩැති පිත්තල භාණ්‌ඩ මෙවලමකි.
ලීකෙළිකරුවෝ (- මනා පෞරුෂයක් විදහා දක්‌වන මෙය උඩරට ශිල්ප පරම්පරාවන්ගේ අනන්‍යතාවකි.
වේවැල් වියන්නෝ (- එක් අයෙක් වේවැල් කඳ ලෙස හඳුන්වන වේවැල් බඳ තිබෙන කොටස අල්ලා ගත යුතුයි. ඔහු වටා අනිත් ශිල්පීහු දුවති. ඒ දුවන රටාවේ හැඩතල කීපයක් දැකගත හැක.
උඩැක්‌කිකරුවෝ (- පෙරහැරේ උඩැක්‌කිකරුවන් ගමන් කරන්නේ කවි ගායනා කරමින්, තාලයට උඩැක්‌කිය වාදනය කරමිනි. දළදා පෙරහැරට එක්‌වීමට නම් පාරම්පරික නිසි උරුමය ලත් ශිල්පියකුගෙන් ශාස්‌ත්‍රය හදාරා තිබිය යුතුය.
ගැටබෙරකරුවෝ (- දළදා පෙරහැරට ගැට බෙරය යොදා ගන්නේ පූජාවක් ලෙසිනි.
නෛයණ්‌ඩි නැට්‌ටුවෝ (- හිස් වෙස් තට්‌ටුවෙන් තොරව අලංකාර ලෙස හිස ඔලියල් බැඳගෙන අවුල්හැරයෙන් අලංකාර ලෙස උඩුකය වසාගත් නෛයණ්‌ඩි නැට්‌ටුවෝ වූ කලී ජව සම්පන්න උද්වේගකර නැට්‌ටුවෝම වෙති.
කාරිය කෝරාළ (- සධාතුක කරඬුව රැගෙන එන ඇතු පැමිණීමට පෙර කාරියකෝරාළ පෙරහැරේ ගමන් කරයි. හෙතෙම දියවඩන නිළමේතුමාට පසුව සිටින දළදා මාළිගාවේ භාරකාරයාය.
දෑලේ ඇත්තු (- පෙරහැර කරඬුවේ ආරක්‌ෂාව පිණිස දෑලේ ඇත්තු ගමන් කරති. එම ඇතුන් සද්ධන්ත කුලයේ විය යුතුයි.
නාගසිංහම් වාද්‍යවෘන්දය (- පෙරහැර කරඬුව වීදි සරන විට එයට ශබ්ද පූජාවන් පැවැත්වීම සම්ප්‍රදායකි. මේ සඳහා නාගසිංහම් වාදනය පෙරහැර කරඬුව වඩිනා ඉදිරිපිට වාදනය කෙරේ.
පාවඩ එළීම (- පෙරහැර කරඬුව සමඟ ඇතු මගට බසිනුයේ පාවඩය මතිනි. මේ පාවඩ එළීම දළදා මාළිගා භූමියේ සිටම සිදුවන්නකි.
මංගල හස්‌තිරාජයා (- දළදා පෙරහැරේ කරඬුව වැඩමකරවීමේ භාග්‍ය හිමි ඇතාය. මංගල හස්‌තිරාජයා සරසනු ලබන ඇඳුම් ආයිත්තම් වෙනත් කිසිම ඇතකුට හිමිවන්නේ නැත.
රන්හිලිගේ (- මංගල හස්‌තිරාජයාගේ කුඹතලය මත කරඬුව තැන්පත් කරන්නේ රන්හිලිගේ තුළය. මෙය රන්කමින් අලංකෘතය.
කවිකාරමඩුව (- කරඬුව වඩමවන ඇතුට පසුව දළදා මාළිගාවේ කවිකාර මඩුව ගමන් කරයි. දළදා ගුණ ගයමින් ආශිර්වාද කිරීම පෙරහැර සම්ප්‍රදායකි.
වෙස් නැට්‌ටුවෝ (- හිස ඔටුන්න හැර සියලු රජවෙස් දැරීම වෙස් නැට්‌ටුවන් සතු බව පිළිගත් මතයකි. මංගල හස්‌තිරාජයා පිටුපසින් දෙපෙළ සැදී වෙස් නැට්‌ටුවෝ පැමිණෙති.
දියවඩන නිලමේ (- දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හිමි දියවඩන නිළමේටය. වීදි බැස දළදාවහන්සේ පෙරහැරේ ගමන් ගන්නා විට ඒ පසුපසින් යන්නේද දළදා හිමි රැක ගැනීමේ උත්තම අපේක්‌ෂාවෙනි.
මුතුකුඩකරුවා (- දළදා මාළිගාවේ රාජකාරි ඇඳුමෙන් සැරසී දියවඩන නිළමේතුමාට මුතුකුඩය ඇල්ලීම මාළිගාවෙන් පිවිසි තැන පටන් යළි ගෙවදින තෙක් කළ යුතුය.
මුරායුධකරුවෝ (- දියවඩන නිලමේතුමා රැක ගැනීම පැවරී ඇත. දියවඩන නිළමේතුමා පෙරහැරේ ගමන් ගන්නා විට මග දෙපසින් ආරක්‌ෂක වැටක් සේ මුරායුධ ඔසවාගෙන ආරක්‌ෂකයන් ලෙස පැමිණෙති.
නාථ දේවාල පෙරහැර (- දළදා මාළිගා පෙරහැරෙන් අනතුරුව සිව්මහ දේවාල පෙරහැර අතුරින් පළමුව පැමිණෙන්නේ නාථ දේවාල පෙරහැරයි.
විෂ්ණු දේවාල පෙරහැර (- දළදා පෙරහැරේ දෙවැනි දේවාල පෙරහැරයි.
කතරගම දේවාල පෙරහැර (- දළදා පෙරහැර සතු වාද්‍ය අනන්‍යතාව එකවර වෙනස් වන්නේ කතරගම දේවාල පෙරහැර පැමිණෙන විටය. එමගින් මෘදංග හා නාගස්‌වරම් හඬ ඉස්‌මතු වෙයි.
පත්තිනි දේවාල පෙරහැර (- දළදා පෙරහැරේ අවසාන දේවාල පෙරහැරයි. එහි නර්තනයන්ද නර්තන ශිල්පීන්ද වෙනස්‌ය.
රන්දෝලි (- දළදා මාළිගා පෙරහැර අවසන් වන්නේ දොaලා ගෙන යැමෙනි. මේ ආකාරයට "දොaලා" පෙරහැරට එක්‌කර ඇත්තේ වැලිවිට සරණංකර සංඝරාජ සමයේදීය. ඊට පෙරාතුව රජුගේ අගමෙහෙසිය ගමන් කළ අතර අද වන විට ඊට ගෞරවයක් ලෙස දොaලා පමණක් පෙරහැරේ ගෙනයනු ලැබේ.
Sunday, August 3, 2014
ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද
Sunday, July 20, 2014
දේවෝ වස්සතු කාලේන.....!!!
දෙවනුව, එය පාරම්පරික කලාකරුවන්ගේ කලා කුසලතා උත්කර්ෂවත් ආකාරයෙන් පෙන්නුම් කරයි. කාලාන්තරයක් තිස්සේ උඩරට පෙදෙසේ ගුරුකුල වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ආ නැටුම් ගැයුම්, වැයුම් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. රජ දවස කලාකරුවන්ට මේ සඳහා කුලී නොගෙවිණ, ඉඩකඩම් ලැබිණි.
තෙවනුව, එය රජතුමා සතු දේශපාලන බල මහිමය ජනතාව හමුවේ පෙන්නුම් කරයි. රජතුමාගේ රාජධානියට අයත් විවිධ කොට්ඨාස පාලනය කරන දිසාවේවරු හා නිලමේවරු මෙදාට මහනුවරට ඇවිත් පෙරහැරේ ගමන් කරමින් සිය රාජ පාක්‍ෂිකභාවය දක්වති. ඒ ඒ පළාත්වල කොඩි මෙහි දී ප්‍රදර්ශනය කෙරේ.
සිව්වනුව, එය වැස්ස අනුකරණය කරයි. වැස්ස ලබා ගැනීමට නම් වැස්ස අනුකරණය කළ යුතු යැයි පැරැන්නෝ සිතූහ. වැස්ස වහින්නට කලින් එන අකුණු ගැසීම්, විදුලිය කෙටීම්, වැහි වළාකුළු ආදිය මේ පෙරහැරේ දක්නට ලැබේ. මේ පෙරහැර අවසන් වන්නේ වැසි පොද වැටෙන පරිදි දිය කැපීමේ මංගල්‍යයකිනි.
|
නිහාල් සඟබෝ ඩයස්ගේ සිතුවමකි |
ඉන් පසුව එන්නේ ‘රන්දෝළි පෙරහැර’යි. ‘රන්දෝළි’ යනු දේවාලවලට අයත් දෝළා යි. ඒ ඒ දේවාලවලට අයත් රන් කෙණ්ඩිත් රන් කඩුත් මේවායෙහි ගෙන යනු ලැබේ. ‘රන් දෝළිය’ යන්නෙන් රජුගේ අග බිසොවත් හැඟවුණු නිසා එදා මේ දෝළා සමඟ රජ කුමරියන් ද වෙනත් ආර්යාවන් ද ගිය බවක් ද කියවේ.
පෙරහැර වර්ෂාව අනුකරණය කරන නිසා එහි මුලින් ම එන්නේ හෙණ හඬ සංකේතවත් කරන කසකාරයා යි.අනතුරුව එන පන්දම්කාරයන්ගේ කොප්පරා පන්දම් වලින් නිකුත් වන්නේ වරින් වර අඩු වැඩි වෙමින් විහිදෙන විදුලියට සමාන එළියකි. අඳුරු පැහැයෙන් යුක්ත අලි ඇත්තු වැසි වළාකුළු වැන්න.
වැසි වළාකුළු වැනි ඇත්තු
අකුණු හඬටත් විදුලිය කෙටීමටත් පසුව එන්නේ වැසි වළාකුළු යි. අඳුරු පැහැති වළාකුළු හෙමින් සීරුවේ අහස පුරා පැතිර යයි. පෙරහැරේ හෙමින් සීරුවේ ගමන් කරන ඇත්තු ද වැසි වළාකුළු වැන්න. වැසි වලාවන් වැඩි වන තරමට වැස්ස සරු ය. අලි ඇතුන් වැඩි වන තරමට පෙරහැරේ අසිරියත් වැඩි වේ.මේ අලි ඇතුන් අතුරින් මහේශාක්‍ය හස්තියා සේ සැලකෙන්නේ දළදා කරඬුව හෙවත් ‘රන් හිලිගේ’ ගෙන යන ඇතායි. තිරිසන් සතෙකු වූවත් තමා කෙරෙහි පැවරී ඇති වගකීම තේරුම් ගත්තාක් සේ මාලිගාවේ ඇතා ද මහත් අභිමානයෙන් සුදු පාවාඩ මතින් උඩු වියන් යටින් ගමන් කරයි.
මාලිගාවේ ඇතාට අමතර ව තවත් ඇත්තු සතර දෙනෙක් දේවාභරණ සහිත කරඬු වඩම්වා ගෙන පෙරහැරේ යති. ඒ සතර දේවාලවලට අයත් ඇත්තු ය. කරඬුවක් ගෙන යන ඇතෙකු දෙපසින් තවත් ඇත්තු දෙදෙනෙක් ගමන් කරති. ඒ ඇතුන් පිට සිටින්නෝ කරඬුවට පවන් සලමින් යති.
තවත් සමහර ඇතුන් පිට යන්නේ පෙරහැර හා සම්බන්ධ විශේෂ වැඩ කටයුතු භාර නිලමෙලා ය. පෙරහැරේ මුලින් ම යන්නේ ‘පෙරමුණේ රාලයි’ ඔහුගේ දෑතේ පුස් කොළ පොතකි. එය ‘ලේකම් මිටිය’ නමින් හැඳින්වේ. දළදා මාලිගාවේ රාජකාරි ගැන විස්තරත් පෙරහැර කළ යුතු ආකාරය ගැන විස්තරත් එහි ලියා තිබේ.
දෙවනුව යන්නේ ‘ගජ නායක නිලමේ’ රැගත් ඇතා යි. ‘ගජ’ යනු ඇතාට කියන තවත් නමකි. රජ වාසල ඇතුන් භාර ව සිටින මේ නිලධාරියා පෙරහැරේ යන්නේ දෑතින් ගත් අංකුසයක් හෙවත් හෙණ්ඩුවක් ඇතිවය. අලි ඇතුන් හසුරුවන්නේ හෙණ්ඩුවේ ආධාරයෙනි.
ඇත්තු ඉතා අලංකාර වස්ත්‍රාභරණයෙන් සරසවනු ලැබෙති. හීලෑ කරන ලද අලි ඇතුන් හැඳින්වීමට නම් ද ඇත. සෑහෙන කාලයක් තිස්සේ දළදා කරඬුව ගෙන ගිය ‘රාජා’ නමැති ඇතාගේ මළ සිරුර දැන් මහජන ප්‍රදර්ශනය සඳහා මාලිගාවට යාබද වෙන ම කුටියක තබා ඇත.
පෙරහැර සමය
ඇසළ මහේ දී පෙරහැර සමය ආරම්භ වන්නේ සුබ නැකත් බලා ය. ඒ ඒ දවස් වලට පෙරහැර ආරම්භ වන්නේ ද සුබ මොහොතකිනි. මේ සුබ නැකත් වේලාවන් දළදා මාලිගාවට දන්වා සිටින්නේ ‘නැකත් මොහොට්ටාලා’ නම් නිලධාරියෙකු විසිනි. මොහු රජතුමා විසින් ම පත් කරනු ලැබූවෙකි.පෙරහැර සමය ආරම්භ වන්නේ ‘කප් හිටවීම’ නම් චාම් උත්සවයකිනි. ‘කප්’ යනු සියලු සම්පත් ලබා දෙන දිව්‍ය වෘක්‍ෂයක් වන ‘කල්ප වෘක්‍ෂය’ හෙවත් ‘කප් රුක’ සංකේතවත් කරන්නකි. පෙරහැර හොඳින් පවත්වා ගන්නට දෙවි දේවතාවන්ගේ පිහිට ලබා ගැනීමට භාරහාර වීම කප් හිටවීමේ අරමුණයි.
මෙය කරන්නේ ඇසළ මස අමාවක පෝය දා එළඹෙන සුබ නැකතකට ය. එදාට සතර දේවාලයේ කපු මහත්වරු කිරි ගසක් වන කොස් ගසක් වෙතට ගොස් ඒ වටා පහන් දල්වා සුවඳ දුම් අල්ලා එහි අත්තක් කපන්නට සූදානම් වෙති. ඒ අත්ත කැපීමේ වගකීම පැවරෙන්නේ විෂ්ණු දේවාලයේ කපු මහතාට යි. මේ කපු මහතා ඉස් සෝදා නහා සුදු වතින් සැරසී හොඳට මේරූ කොස් අත්තක් සතරට කපා දේවාල සතරට භාර දෙයි. කපු මහත්වරු ඒ කොටස් තම තමන්ගේ දේවාලවලට හේවිසි හඬ මැද්දේ ගෙන ගොස් සිටුවති. කප් රුක සියලු සිතුම් පැතුම් ලබා දේ. මේ සිටු වන කපෙන් ද සියල්ල ඉටු වනු ඇත.
පෙරහැර සමය අවසාන වන්නේත් එක්තරා සාම්ප්‍රදායික මංගල්ලයකිනි. එය හැඳින්වෙන්නේ ‘වලි යක් මංගල්ලෙ’ හෝ ‘වලි යක් නැටුම’ යන නමිනි. මෙය පැවැත්වෙන්නේ විෂ්ණු දේවාල භූමියෙහි ය. එය සතියක් මුළුල්ලේ පැවැත්වේ. පෙරහැරේ ගිය නිලමෙලා ඇතුළු හැම දෙන ම මීට සහභාගි වෙති.
පෙරහැර පැවැත්වීමේ දී යම් කිසි අත්වැරැද්දක් නිසා දෙව් දේවතාවන්ගේ සිත් රිදුණේ නම් ඊට සමාව ගැනීම ද ඇස්වහ කටවහ ආදී වස් දොස් ආදිය ඇතිවිණි නම් ඒවා දුරු කර ගැනීම ද මේ මංගල්ලේ අරමුණයි. වලි යක් මංගල්ලෙ අවසන් වනවාත් සමඟම ඇසළ මහේ පෙරහැර සමය ද නිමාවට පත් වේ.
දිය කැපීමේ මංගල්ලය
රන්දෝළි පෙරහැර දවස් පහක් පැවැත්වේ. මහ පෙරහැර පැවැත්වෙන අවසාන රාත්‍රිය මහනුවර ඇසළ පෙරහැරේ අලංකාරවත් ම රාත්‍රියයි. දළදා කරඬුව පසු දා පහන් වන තෙක් අස්ගිරි විහාරබද ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කෙරේ. පසු දා උදේ තුනට පමණ සතර දේවාලවල කපු මහත්වරු පේරාදෙණිය අසල ගැටඹේ තොට බලා පෙරහැරින් පිටත් වෙති. අරුණලු නැඟෙද්දී ගැටඹේ තොටට එන ඔවුහු කලින් අවුරුද්දේ මෙහි දී පුරවා ගත් දිය සහිත රන් කෙණ්ඩි හා රන් කඩු ගෙන සුදු කඩතුරාවකින් වැසූ පාරුවකින් ගඟ මැදට යති.ඔවුහු කඩතුරාවට මුවා වී කෙණ්ඩිවල දිය හිස් කරන අතරතුර ම ඒවා නැවත පුරවා ගනිති. එසේ පුරවා ගන්නා විට ඒ දිය රන් කඩුවකින් කැපීම සිරිතකි. එබැවින් මේ සිරිත ‘දිය කපනවා’ යනුවෙන් හැඳීන්වේ. දිය පුරවා ගැනීමට ‘දිය කපනවා’ යැයි කියන්නේ ඇයි? කපන්නේ ඝන ද්‍රව්‍යයක් මිස දියරක් නොවේ. වැස්ස නොවසින්නේ අහසේ එක් රැස් වී ඇති ජලය එක ම දිය කඳක් සේ ඝන ව ඇති හෙයිනැයි පැරැන්නෝ සිතූහ. එසේ නම් වැසි පොද වැටෙන්නට සලස්වා ගත හැක්කේ මේ දිය කඳ කැපීමෙනි. එහෙත් මේ දිය කඳ කැපීමට අහසට යෑමට කිසිවෙකුට නුපුළුවන.
අපට කළ හැක්කේ අපට යා හැකි තැනක දී දිය කැපීම අනුකරණය කිරීම යි. මහවැලි ගඟට බැස රන් කඩුවෙන් දිය කැපීමෙන් අනුකරණය කෙරෙන්නේ වැසි පොද ලබා ගැනීමට දිය කඳක් කැපීමයි. දිය කපන මොහොතේ දී නිසැක ව ම වැසි පොද වැටෙන බව බෞද්ධයෝ තරයේ විශ්වාස කරති.
මල් වැසි මෙන් වැටෙන මේ වැසි පොද මහා ධාරානිපාත වර්ෂාවක පෙර නිමිත්තක් පමණකි. 1826 දී ඉංගී‍්‍රසි ආණ්ඩුව දළදා පෙරහැර නැවැත්වූයෙන් තුන් අවුරුද්දක් ම වැසි නොවැටිණ. කෙත් වතු පාළු විණ. වැස්ස නැත්තේ පෙරහැර නැති නිසා යැයි උඩරැටියෝ එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරයාට පැමිණිලි කළහ.ආණ්ඩුකාරයා අකමැත්තෙන් වුවත් පෙරහර පැවැත්වීමට ඉඩ දුන්නේ ය. එවර දිය කපන දා වැටුණු වැස්ස කෙළවර වූයේ මහා ගංවතුරකිනි. එය ‘දළදා වතුර’ යන නමින් බෞද්ධයෝ හැඳින්වූහ. එවක ලියවුණු ‘දළදා වතුර’ නම් ජන කාව්‍යයක් රාජ්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඇත. පැන් පුරවා ගත් රන් කෙණ්ඩි රැගත් දේවාල පෙරහරට දළදා පෙරහැර ද එක් වීමෙන් පසුව ‘දවල් පෙරහැරක්’ සැදේ. ඒ ඒ පෙරහැරවල් මාලිගාවටත් දේවාලවලටත් ගෙවදිත්ම මහනුවර පැවැත්වෙන ඇසළ පෙරහැර නිමාවට පත් වේ. පෙරහැර නිමා වෙත්ම වැසි කාලය ආරම්භ වේ.
දිය කපන දා වැටෙන වැස්සත් සමඟ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ ‘වස්සාන කාලය’ ද ඇරඹෙයි. උන්වහන්සේලා තුන් මසක් ම පන්සල් වල රැඳෙමින් වස් වසති.’අයං වස්සාන කාලෝ’ (මේ වැසි කාලයයි) යැයි කියමින් වැසි කල් උදා වුණු බව කියන්නට බෞද්ධයන්ට පුළුවන් වන්නේ ඇසළ පෝයට පෙරහැර පවත්වා වැස්ස වස්සා ගන්නට පුළුවන් වන නිසා ය.
පෙරහැර නිමා වූ වගයි
දවල් පෙරහැර නිමා වූ වහා ම ඒ බව රජතුමාට වාර්තා කිරීම පැරණි සිරිත විය. එහෙත් අද රජෙකු නැති බැවින් ඒ බව දැන් වාර්තා කරනු ලබන්නේ රටේ දේශපාලන නායකයා වන ජනාධිපතිතුමාට ය. මේ සඳහා ජනාධිපතිතුමා නොවරදවා ම මහනුවර පිහිටි රජ ගෙදරට පැමිණෙයි. එතැනට එන දියවඩන නිලමේතුමාත් දේවාලවල බස්නායකවරුත් පෙරහැර හොඳින් පැවැත් වූ බව ජනාධිපතිතුමාට දන්වා සිටිති.
සියලු බෞද්ධයන්ගේ ප්‍රාර්ථනය මෙසේ ය.
“දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ”
“කලට වැසී වසී වා
කෙත් වතු සාර වේ වා
ලොව සතුටු වේ වා
නිරිඳු සැම කල් දැහැමි වේ වා”
‘දේවෝ වස්සතු කාලේන’ යන පැතුමෙහි එන ‘දේවෝ’ යන පාලි පදයෙහි අර්ථ දෙකකි. එකක් ‘දෙවියන්’ යන්නයි.
‘දෙවියනි, කලට වැසි වස්සන්න’
දෙවෙනි තේරුම ‘වැසි වලාව‘ යන්නයි.
‘වැසි වලාවනි, කලට වැසි වස්සන්න’
ගොවිතැනින් ජීවත් වන ජනතාවකට වැසි වලාවට වැඩි දෙවියෙක් කොයින්ද?
(දළදා පෙරහර කෘතියෙනි.)
http://www.lakehouse.lk/budusarana/2009/08/05/tmp.asp?ID=fea04
Thursday, June 19, 2014
නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ
නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ
Saturday, May 3, 2014
බෞද්ධ ගේය පද රචනා විමසීමක්
තැනුවානම් තම සිත තැනුවාමය
දෙනුවානම් දන් පින් දෙනුවාමය
දිනුවානම් පරලොව දිනුවාමය
සත් හට වන බව දුකට වෙදාණන්
සිත් ගණ දුරු දුර ලන මුනිදාණන්
සිත් සතොසින් නම දිම් මුනිදාණන්
බඹළුවා බුදු ඒ සුගතින්දු
ප්‍රබල සතුරු මාර ප්‍රාක්‍රම, ජයගත් ඒ බල සමිඳු
සතුරුමාර සෙනගට කිපි - හෙණ හඬ
ගුගුරණ විලසට
ගිනිජල් මාලා සහශ්‍ර - හරිමින්
කට හැර ගොරවන
පේවී රකිති සොද සීලෙ නිබන්දා
ක්ලේෂ නස්නාවූ භික්‍ෂු ඇත්තේය බොහෝ
රහතුන් නිවස්නා පායා ප්‍රකාශේ...
වඳිනෙමු මොක්‍ෂ පතාලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
මරඟනන් පරදාලා - සිරි බුද්ධ ගයා විහාරේ
සමනොළ කන්දේ
විහිදෙන මොක්‍ෂ සුගන්දේ
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා - පිහිටෙන් සුමන සුරින්දේ
සිත් පැහැදී
ඇති කළත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව්දිදී ලබනා සෙවණ සැපතා...
සෝමා දේවී
සෝමා දේවී ඒ ප්‍රේම පි‍්‍රයාවී
සුදිලේ ලංකා ඉතිහාසේ හී
ශි‍්‍ර රාහුල හිමිගේ නාමේ...
කුල දෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රෙමෙහී
ගෞරවයෙන් පිදුමා කළ යුතු වේ....
සසර දිනූ බුදු පියා
රමණීය මන්දාර කුසුම්
කරමින පූජා
බැතියෙන මේ ගී ගයා...
ආලෝකය සමන් කුලේ
හඳ පානේ මහ වන දිහා බලා
සුදු රිදී කඳන් හමුවේ...
කෝ සැපතා මේ සංසාරේ
දුක කෙළවර වේ නිර්වානේ...
මරුවා ළඟා වෙනවා
සිතු දේ නොමවෙයි - නොසිතු දෙයක් වෙයි
ලෝදම් කැර කෙනවා...
සම්බුදු සිරිපාදේ
දිලෙනා වූ බුදු රශ්මි විහිදමිනේ
බුදු සිරිපාදේ බුදු සිරි පාදේ
වඳනා ලෙසින් යමු සමනළයේ...
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ...
පිරූ දාන පාරමී සපුරා මතු
බුදු බව ලබනා අභිලාෂේ
තම සතු වස්තුව කිරුළද දන්දී
තපසට නික්ම ගියෙ...
ඉරෙන් හඳෙන් සිරි විඳ විඳ රඟන විලාසේ
පියලි සලාලා - රේණු හලාලා...
Thursday, May 1, 2014
පිරිත සංගීතවත් කිරීම වැරැදි ක්‍රියාවක්
2. රූප, එනම් භෞතිකව පෙනෙන ගොඩනැඟුණු ‘ශරීරය’ වශයෙනි.
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං
















