Sri Lanka Broadcasting Corporation
The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.
Sinhala National Service
Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
Handa (SOUND) හඬ
Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA
Saturday, August 16, 2014
Saturday, August 9, 2014
ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

"කගක්" - "ක. ග."
පියසේන කහඳගමගේ
මීට එකොළොස් වසරකට පෙරාතුව අවමඟුල් සභාවක දහස් සංඛ්‍යාත සංවේගික පිරිසක් අමතා මෘතකලේබරයක් හමුවේ මහාචාර්යතුමෙකු කළ ප්‍රකාශයකි ඒ. එදා එතුමා කළ එම ප්‍රකාශය මට මතකයෙන් යළි ඇහැරෙන්නේ අසීමිත දැනුම් සම්භාරයක් පොතපත තුළින් ජනගත කළ විරල ගණයේ ජනශ්‍රැතිවේදියකු වූ පියසේන කහඳගමගේ සූරීන් දැයෙන් සමුගත් අද වැනි දවසක වූ නිසාය. ඒ 2003 අගෝස්‌තු මස 16 දාය.
මීට දසක පහකට ආසන්න දිනයක එනම්, 1966 ජනවාරි මස 08 දා පියසේනයන් මට නමෝවිත්තියෙන්ම හමුවන්නේ හිඟුරක්‌ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාලයේදීය. එවකට ගුරු විදුහල්ගත අපි සියල්ලෝම ශිෂ්‍ය ගුරුවරු වීමු. එහි පුහුණුව ලැබූ දෙවසර පුරාවටම දයාදර ජනප්‍රිය ගුරු සොයුරෙකුව සිටි පියසේනයෝ දැයෙන් සමුගන්නා තෙක්‌ම මාගේ යාවජීව මිතුරෙක් ම වූහ. මාතර ඔහුත්, අනුරාධපුර මාත්, කයින් දුරස්‌ව සිටියත් සිතින් හා තොරතුරු ලිපි මගින් අපි සාකල්‍යයෙන්ම සහ සමීප වූවෝ වීමු.
කෙසේ නමුදු එදා ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් අප දෙවසරකින් අනතුරුව (1968) පිටවූ අතර පියසේනයන්ට පුහුණු ගුරුවරයෙකු ලෙස මුල් පත්වීම ලැබුණේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ මහඔය, උණුවතුර බුබුල නම් වූ විදුහලටය. අති දුෂ්කර වූ මෙම විද්‍යාලයේ අහිංසක දරු දැරියන්ගේ ශිල්ප පිපාසාව සංසිඳුවන රිසින්, පියසේන ගුරු සොයුරා නොගත් තැතක් නැති තරම්ය. ඒ නිසාවෙන්ම දොa "මඩපැහැ" ගැණුන "පරඬැල්වී" ගිය ඇඳුම්වලින් යාන්තම් විලි වසාගෙන පාසලට පැමිණෙන කොලු කුරුට්‌ටන්ගේ පමණක් නොව, කර්කශ ජීවන බරට උර කර දී හිරු සඳු සමඟ පොර බදමින් සිය දරු පැටවුන්ගේ හිස් කුස් යාන්තමින් හෝ පුරවාලීමට "නැඟෙන" දෙගුරුන්ගේද විද්‍යාලයීය ගුරු මඬුල්ලේද නොමඳ ගෞරවාදරයට පාත්‍ර වීමට තරම් පියසේනයෝ සමත් වූහ.
එසේම ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ පිරිස් අතර අම්පාර පුරා කැලෑගම් හි පාසල්වල විසිරී සිටින ගුරු භවතුන්ද සුවිශේෂ විය. ඊට හේතුව වූයේ පාසල් දරුවාගේ පමණක් නොව, එදා එක් වේලක් පමණක් හරිහමන් අයුරින් කුස පුරවා දෙවේලක් කුසගිනි වළඳන මේ දුෂ්කර පාසල් ගුරු භවතුන්ගේද ඕනෑ එපාකම් බලධරයන් හමුවේ එක එල්ලේ එඩිතරව කියා පෑමට තරම් පියසේන කහඳගමගේ ගුරු සොයුරා නිර්භීත වූ හෙයිනි.
මේ නිසාම ස්‌වකීය ගුරු සේවයේ නිරතවී කෙටි කලකදී ඔහු ගුරු සිත් දිනාගෙන ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රාදේශීය නායකත්වයට තේරී පත් විය. එතැන් පටන් ගුරු සේවාවේ ගෞරවය හා අභිමානය වෙනුවෙන් ඇප කැප වූ ක්‍රියාශීලී ප්‍රාදේශීය නායකයකු මෙන්ම අවංක නායකත්ව නියමුවෙකුව සිටි පියසේනයෝ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ජාතික තලයේ නායකත්වයෙන් ද පිදුම් ලැබූහ.
ගුරු විදුහල් වකවානුවේ සිටම කවියට ප්‍රියකරන, පුවත්පත් සඟරා ආදියෙන් කළඑළිබට පියසේනයන්ට විදුහල් ගුරු සොයුරන් ඇමතුවේ "කවියා" යන අන්වර්ථ නාමයෙනි. මේ කවිකම තව තවත් සුමට කරගනිමින් අම්පාර දිස්‌ත්‍රික් ගුරු භවතුන්ගේ "කවිතාව" නඟාසිටුවීමේ පරම ෙච්තනාවෙන් ම ඔහු "ගරු රැස" නමින් විකල්ප කාව්‍ය පත්‍රයක් ආරම්භ කර එහි සංස්‌කාරකවරයා ලෙස ද ක්‍රියා කළේය. එනයින් අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන් දේශයට ජනප්‍රිය කවි කිවිඳියන් බිහිවූ බව මෙහිලා සඳහන් කරනුයේ පියසේන කහඳගමගේ ගුරුතුමාට පිං පැමිණවීමක් වශයෙනි. එමෙන්ම කිරාවැටෙමින් තිබූ ඇතැම් වෘත්තිය සංගම් යළි අවධිකර යුක්‌තිය, සත්‍ය හා අයිතිවාසිකම් වෙනුවෙන් අවිහිංසාවාදී ජන අරගල නායකයකු ලෙස පෙරමුණ ගත් පියසේනයෝ බලවතුන්ගේ ගර්ජන, තර්ජන හා අසාධාරණකම් හමුවේ "කගක්" (අසිපතක්) සේ නැගී සිටියහ. ඒ ගාම්භීරකම නිසාවෙන්ම ඔහු රට පුරා ප්‍රචලිත වූයේ "ක. ග." යන නමිනිs.
නිරතුරුවම බුලත්විටෙන් රතුවූ දෙතොල් අතරින් පීදෙන අහිංසක සිනාවකින් කාහට වුවද ඔහු සංග්‍රහ කළේ මානව දයාදරවය. කාලයාගේ ඇවෑමෙන් මේ පුංචි මිනිසාගේ යුක්‌තිගරුක ප්‍රතිපත්ති විෂවූ ඇතැම් බලධාරීහු ඔහුට රිදවන්නට හැකි සෑම විටකම උත්සුක වූහ. ඒ අනුව ඔහුගේ සේවා කාලයෙන් හරි අඩකටත් වඩා ගෙවුණේ පිට පිටම ලැබුණු දුෂ්කර ස්‌ථානමාරු කන්දරාව නිසාමයි. තමාට ඇතැම් පාසල්වල සේවයට වාර්තාකර මසක් හෝ සේවයේ යෙදෙන්නට ඉඩහසර ඇහිරී ගියේ එකපිට එක ඔහු කරා ගලා ආ "වහාම ක්‍රියාත්මක ගුරුමාරු නියෝග" එල්ල වීමෙනි. කෙසේ නමුදු ලැබෙන සෑම ගුරු ස්‌ථාන මාරුවක්‌ම තමා ලද අමිල දායාදයන් ලෙස ඉතා මනාපයෙන් භාරගත් පියසේනයෝ තමා ආණ්‌ඩු මට්‌ටු කරන්නට බලවතුන් ස්‌ථාන මාරු හරහා දියත් කළ අසාධාරණ සටනට ඔහු අවිය කරගත්තේ පෑනය.
මේ ගුරුතුමා පාසල් කාලසීමාවෙන් අනතුරුව ඒ ඒ දුෂ්කර පාසල් අවට පිහිටි ගම්බිම් හා පාරිසරික සැබෑ තොරතුරු පර්යේෂණ මට්‌ටමින් ගමින් ගමට පයින්ම ගොස් උපයා, සපායාගෙන ප්‍රාදේශීය ජනවහර හා ජනශ්‍රැතීන් පිළිබඳව කරන ලද ගැඹුරු අධ්‍යයනයක නිරතවෙමින් දේශයේ අනන්‍යතාව හා ජාතියේ අභිමානය වෙනුවෙන් පර්යේෂණ පොත පත ජනගත කළේ අගනා වස්‌තු සම්භාරයක් ලෙසටය.
ඒ අනභිභවනීය කෘතීන් අතර මෙතුමාගේ කුළුදුල්ම කෘතිය වූයේ 1979 යේ ලියු "ඉබේම නැගවියන් පුතේ" නම් වූ කාව්‍ය සංග්‍රහය යි. ඉනික්‌බිතිව "බින්තැන්නේ විත්ති" ඇතුළු විත්ති සාහිත්‍ය කෘති දෙකක්‌ද, යොවුන් සාහිත්‍ය කෘති හයක්‌ද, නවකතා පහක්‌ද, ළමා කතා තුනක් ද, එදා මෙදා තුර වියතුන් අතර අත්පොත් සේ පරිශීලන කාර්යයට තුඩු දෙන "කමත" ඇතුළු ශාස්‌ත්‍රීය පර්යේෂණ කෘති හතක් ද වේ.
දේශයේ පිනට පහළවූ මෙම අපූරු ලේඛකයාගේ කෘතින් අතරින් "කමත (1992)", "දිගාමඩුලු ජනවහර (1995)", "වනතරණය (2002)" යන විශිෂ්ට ගණයේ කෘතීන් සඳහා එතුමෝ තෙවරක්‌ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ. එසේම ටෙලිනාට්‍ය ගතවූ "බැද්දේ සෙනෙහස" නම් වූ නවකතාව ඉතාම ජනප්‍රියත්වයට පාත්‍ර වූ අතර, මාර්ටින් වික්‍රමසිංහ සම්මානය, අධ්‍යාපන අමාත්‍යාංශ සම්මානය, විෙද්‍යාaදය සම්මානය හා ගොඩගේ සම්මානය ඇතුළු දේශයේ පිළිගත් සම්මාන ගණනාවක්‌ම උරුමවූයේ පියසේන කහඳගමගේ ජනශ්‍රැති වේදියාගේ අගනා කෘතීන්වලටය. ඊට අමතරව ජනප්‍රිය ළමා සාහිත්‍ය කෘතීන් කිහිපයක්‌ද, පාසල් දරු දැරියන්ට අතිරේක කියවීම් පොත් බහුතරයක්‌ද පියසේනයන්ගේ පෑන් තුඩින් ගෙත්තම්ව ජනගත විය.
මේ ආදී අති විශාල සාහිත්‍ය මෙහෙවරක් කළ පියසේන ගුරුතුමාට ද ලෝ දහම පරිදි උපත සමඟ උරුම වන විපත පොදු ධර්මතාවක්‌ම විය. එය පසක් කරමින් මෙතෙක් දේශයේ අනන්‍යතාව, ප්‍රෙෘඪත්වය, මානව හිතවාදිත්වය. මෙන්ම රැහේ ප්‍රබලත්වය හඬ නඟා ප්‍රකාශ කළ පියසේන කහඳගමගේ නම් වූ මේ යුග පුරුෂයාණෝ මුළු මහත් දේශයම හඬවමින් 2003.08.16 දින සදහටම අපෙන් සමුගත්හ.
සදාදර සහෘදයාණෙනි, ඔබ අප අතරින් වියෝ වී අදට එකළොස් වසරක් ගෙවී ගියද ඔබ කරන ලද අනුපමේය ජාතික මහා මෙහෙවර මනුස්‌මෘතියෙන් පමණක් නොව ඇළ දොළ ගහවැල සතා සිව්පාවා තුළින් ද සදාකල් ඇකී, මැකී නොයනු නියති. දැයක් සනසන, ලොවක් පුබුදන ඔබේ පොතපත තුළින් අපි සදාකල් ඔබ දකිමු. ඔබ වැනි දේශාභිමානනීය පුත්‍ර පුත්‍රිකාවෝ අප අතර යළි යළිත් මේ දේශයේ ජනිත විය යුත්තෝහුමය.
- කේ. බී. මානෑව
http://www.divaina.com/2014/08/10/nimna02.html
ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් අපේ විවාහයට බලපෑවේ නැහැ
ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් අපේ විවාහයට බලපෑවේ නැහැ
කළුඅච්චි ගමගේ ජයතිලක උපත ලබන්නේ 1926 වසරේ ජුනි 27 වැනිදාය. ඒ සියනෑ කෝරළයේ ගඟබඩපත්තුවේ රදාවාන පෝරුවේ කන්නිමහරදීය. ඔහුගේ පියා කළුඅච්චි ගමගේ අර්නෝලිස් අප්පුහාමිය. මව මද්දුමාගේ පොඩිනෝනා ය. දරුවන් නම දෙනකුගෙන් යුත් මෙම පවුලේ ජයතිලක උපදින්නේ තුන්වැනි දරුවා ලෙසටය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ රදාවානේ පිහිටි ආණ්‌ඩුවේ පිරිමි පාඨශාලාවෙනි. ර¹වානේ පාසලේ ඉගෙන ගත්තු කාලයේදී එම පාසලට පැමිණි මුනිදාස කුමාරතුංගයන් "බස රස කරන හැටි" මැයෙන් කළ දේශනය" ජයතිලකයන්ගේ ජීවිතයේ සදා නොමැකෙන සනිටුහනක් විය. එසේම ඔහුගේ සාහිත්‍ය රසයට එක් හේතුවක් ලෙස මවගේ ද පියාගේ ද ක්‍රියාකාරකම් බොහෝ සේ බලපෑ බව ජයතිලකයන් වරක් පුවත්පතකට පවසා තිබුණේa මෙලෙසිනි.
"මගේ පියා ඒ යුගයේ හැටියට උගත් කෙනෙක්. ඔහු පාසලේ අටවැන්න සමත්ව හිටියා. තාත්තා පැරණි සාහිත්‍ය පොත් මෙන්ම නවකතාත් කියෙව්වා. ඒ කාලේ තිබුණේ පියදාස සිරිසේනගේ නවකතා. සාමාන්‍යයෙන් නව කතා කියවීම ළමයිනට නොහොබිනා දෙයක් ලෙස ඒ කාලේදී පිළිගැනුණත් තාත්තා අපිට එවැනි තහනමක් පැනවූයේ නැහැ. ඒ කාලේ පොළවල්වල කූඩ දිගහැර ඒ යට ලස්‌සනට පොත් විකුණන වෙළෙන්දොa හිටියා. තාත්තා අපිට පොත් ගෙනැත් දුන්නේ ඒ වෙළෙන්දන්ගෙන්..... ·
ඒ වගේම තමයි මගේ අම්මා පැරණි ජනකතා රාශියක් දැනගෙන හිටියා. හැන්දැවට බත ඉදෙන තුරු ඇය ඒ ජන කතා අපට කියා දුන්නා. මගේ සාහිත්‍ය ජීවිතයේ පළමු පිබිදීම ඇති කළේ තාත්තා ගෙනත් දුන් පොත්පත් කියෑවීමෙන් හා අම්මා කියා දුන් ජනකතා ඇසීමෙන්.
* ඔබලා විවාහ වෙද්දී ඔහු ප්‍රසිද්ධ කෙනෙක්‌ද? අප නැවතත් සුමනා ජයතිලක මහත්මියගෙන් විමසුවෙමු.
නැහැ. කිසිම ප්‍රසිද්ධියක් ලබා තිබුණේ නැහැ. එහෙම වෙන්න කිසිම පොතක් පතක් ලියල තිබුණෙත් නැහැ. ඒ කාලෙදී තැපැල් මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ආයතන තිබුණා. මහත්තයත් තැපැල් මාධ්‍යයෙන් ළමයින්ට ඉගැන්වීම කරගෙන ගිය ගුරුවරයෙක්. ඔහු එයින් ලැබෙන වැටුප තමයි මාව විවාහ කරගන්න කොට අපේ තාත්තාට පෙන්නල තිබුණේ. මට මේ වැටුපෙන් පවුලක් රකින්න පුළුවන් කියලා. මගේ අම්මා මම පුංචි කාලෙදීම නැති වුණා. තාත්තා තමයි අපිව රැක බලා ගත්තේ. තාත්තාගේ නෑදෑයෝ මේ විවාහයට ටිකක් අකැමැත්තකුත් පෙන්නුවා.
* ඒ වෙද්දී ඔහු එතරම් ප්‍රසිද්ධ කෙනෙකුත් නෙමෙයි නම් ඔබ ඔහුට කැමැති වෙන්න තිබුණු හේතු මොනවාද?
මට එහෙම කිසිම හැඟීමක් තිබුණේ නැහැ. මගේ තාත්තා කිව්වේ මේ විවාහයට කැමැති වෙන්න කියලා. ඉතින් ඊට වඩා දෙයක් මට හිතන්න තිබුණේ නැහැ. අපිට ඕන ඕන විදිහට හිතුවක්‌කාර තීරණ ගන්න අවශ්‍යතාවක් වත් හැකියාවක්‌වත් ඒ කාලේ අපට තිබුණේ නැහැ. ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් මේ විවාහයට බලපෑවේ නැහැ.
* සැමියෙක් ලෙස ජයතිලකයන් තුළ තිබුණු ගුණ මොනවාද?
මේ කාලෙදිම තමයි, ඔහු මුලින්ම ලියන්න පටන් ගත්තෙත්. ඊට කලින් "වියෝ දසුන" කියල එක පොතක් ලියල තිබුණත් පළවෙලා තිබුණේ නැහැ.
* ඔහු ලේඛන කටයුතුත් සමග ගෘහ ජීවිතය පටලවා ගත්තේ නැද්ද?
සමහර වෙලාවට ජීවිතේ දුක හිතුණු අවස්‌ථාත් තිබුණා. මොකද එයාගේ ලියන කියන වැඩ නිසා අපි ට කතා කරන්නවත් විනෝදයෙන් ඉන්නවත් අවස්‌ථාවක් තිබුණේ නැහැ. එයාගෙ ලෝකයේ තමයි නිතරම එයා හිටියේ. පස්‌සේ මම තේරුම් ගත්තා. ඔහුට ඒ නිදහස ලබා දිය යුතුයි කියලා. අපි ඒවට අකුල් හෙළුවොත් ඒ කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි බව මම තේරුම් ගත්තා.
ළමයි එහෙම ලැබිලා ටිකක් කල් යනකොට මාස තුනකට විතර සැරයක් අපි කොහේ හරි ඇවිදින්න යන්න පුරුදු වුණා. හැබැයි ඒ ගමන්වලදීත් කාරෙකේ යනකොට වැඩිය කෑගහනවට එහෙම කැමැති නැහැ. ඒ වෙලාවට "ඔය කච කෙච්" නවත්තගන්න කියනවා.
* ඇයි දූ දරුවෝ කිසිවෙක් ලේඛන කටයුතුවලට සම්බන්ධ නූනේ·
ඔහු කවදාවත් ඒ කාටවත් කිසිම දෙයකට බල කළේ නැහැ. කරන දේ හරියටම උපරිමයෙන් කරන්න කියල තමයි නිතරම කිව්වේ.
* ඔහු ජීවිතය ඉතා අසීරුවෙන් ජයගත්ත කෙනෙක්. ඒ ගැන මොනවද ඔබ සමග කියල තියෙන්නේ?
* ලියන කියන දේ පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කළාද?
කවදාවත් කිසිම විදිහකින්වත් එයා ලියන කියන දෙයක් කාටවත් පෙන්නුවේ නැහැ. පොත් ලියල මුද්‍රණය කරල අරගෙන ඇවිත් මට පේන තැනකින් තියල තියෙනවා. එතකොට මම කියනවා මොකක්‌ද අනේ මේ අලුත් පොතක් ගහල තියෙනවා. මම දන්නේවත් නැහැනේ." මේක ලියනකොට මටත් ටිකක් පෙන්නන්න තිබුණනේ කියලා." ඕක ඔයාට පෙන්නුවනම් වෙන අය වගේ නෙමෙයි ඔයා කරන කියන විවේචන ඊට වඩා ප්‍රබලයි. ඒව ඇහුවොත් මේක මුද්‍රණය කරන්න හිතෙන්නෙත් නැහැ කියල කියනවා. එයා ගෙදරදී පොත් ලිව්වෙත් නැහැ. ඒ හැම දෙයක්‌ම ලිව්වේ අලුත්කඩේ උසාවිය ළඟ තියෙන පුංචි කාර්යාලයේ ඉඳගෙනම තමයි. එතැනට කවුරු හරි ඇවිත් ලියන කියන දේවල් ගැන සාහිත්‍ය ගැන කතා කරනවට එයා හරි කැමැතියි.
* පොතපතින් එහාට ඔහු සතුටක් ලැබුවේ මොනවායින්ද?
දරුවන්ට උගන්වන එක තමයි ඔහු ලැබුව ලොකුම සතුට. දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඒ තරම්ම සොයා බැලුවා. දවසක් මම දූල දෙන්නට ලස්‌සන මැහුම් මෝස්‌තරයකින් ගවුම් දෙකක් මහල දුන්නා. ඒ අය තාත්තා ළඟට ගිහින් ලස්‌සනද කියා ඇහුවම මගේ පැත්ත හැරිල "ඔව් ලස්‌සනයි" කියල ළමයින්ට කිව්වේ මම මීට වඩා කැමැතියි ඔයාල කවදහරි හොඳට ඉගෙන ගෙන ලොකු තැන්වලට ගිහින් ඉන්නකොට තියෙන ලස්‌සන බලන්න කියලා. දරුවෝ හතරදෙනාම අධ්‍යාපනික වශයෙන් යම් දියුණුවක් ලැබුවා නම් ඒ පසුපස සිsටියේ මම නෙමෙයි ඔහුයි.
* ඔහු ජීවිතයේ කලකිරීමෙන් සිටි අවස්‌ථා තිබුණාද?
කවුරු හරි වංචාවක් බොරුවක් කළොත් ඔහු හරියට දුක්‌වෙනවා. ඒ දේ වෙන කාට හරි වුණත් එහෙමයි. කවුරු කාවවත් රවට්‌ටනවට එයා කැමැති නැහැ.
* කේන්ති ගන්න කෙනෙක්‌ද?
කවුරු හරි එයාව හෙලාතලා කතා කළොත් එයාව ගණන් ගන්නේ නැත්නම් ටිකක් කේන්ති ගන්නවා. අපේ ගෙදර හැම තැනම තියෙන්නේ පොත්. කෑම කන තැනයි සාලෙයි, නිදාගන්න ඇඳ උඩයි තියෙන්නෙත් පොත්. ඒකට කිසි පිළිවෙළක් නැහැ. මම ඉතින් ඒව පිළිවෙළකට අස් කළොත් කේන්ති යනවා. ඒ වෙලාවට "මේ ගෙදර මිනිස්‌සු මොනව කරනවද මන්දා" කියලා කියනවා. පොත්වල කොල නවනවටත් එයා හරි අකැමැතියි.
ඒ මොන දේ වුණත් අපි දෙන්න එකිනෙකාට ගරු කළා. එක්‌කෙනෙක්‌වත් දෙවෙනිය කියන සිතුවිල්ල අපි ළඟ තිබුණේ නැහැ එතකොට දරුවන්ට අමුතුවෙන් උගන්වන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔවුන් ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඔවුන්ට ඉබේම අම්මා තාත්තාගේ අගය දැනෙන්න පටන් ගන්නවා. අපි හැම දෙයක් ගැනම සාකච්ඡා කළා. ඒ තුළින් ම විසඳුම් සොයා ගත්තා.
* ඔහු මත්පැන් බිව්වද?
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා, සරච්චන්ද්‍ර මහත්තය වගේ එයාගේ හිතමිතුරන් හමුවන ඇතැම් අවස්‌ථාවලදී බොහෝ ම ස්‌වල්ප වශයෙන් මත්පැන් පානය කළා. නමුත් කවදාවත් සීමාව ඉක්‌මවා ගියේ නැහැ.
* ගෘහ ජීවිතයට ප්‍රිය කළාද?
විවේකයක් තියෙන හැමවෙලාවකම ගෙදර ඉන්න තමයි කැමැති. නොයෙකුත් තැන්වල ඇවිදින්න යන්න කැලෑවල යන්න එහෙමත් කැමැත්තක් තිබුණා.
* ඇයි ඔහු ඔබව තෝරාගත්තේ?
මම ජීවත්වෙන විදියට හා මගේ ගති ස්‌වභාවයට එයා කැමැති වෙන්න ඇති.
* ජීවිතේ කියන දේ දැක්‌කේ කොහොමද?
ජීවිතේ කියන දෙය ඉතා පුළුල් ලෙස දැක්‌කා. අසීමිත බලාපොරොත්තු හෝ කිසිවක් පොදිගසා ගැනීමේ ආසාවක් තිබුණේ නැහැ. දැන් හැමදේම ඇති ජීවත් වුණා දැන් ඇති, කියන හැඟීම තමයි, අවසාන කාලයේදී ඔහුගේ හිතේ තිබුණේ.
රංග විදානේ
ඡායාරූප :
සමන් අබේසිරිවර්ධන
Friday, August 8, 2014
ග්‍රැපල් කමුද?
Tuesday, August 5, 2014
දළදා පුදට ලියැවුණු ගී
බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප‍්‍රමාණ වූ බුදු ගුණයන් වෙනුවෙන්
බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ පූජනීය ස්ථාන කීපයක් වේ.
ඒවා අතර ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි සෙංකඩගලපුර දළදා මාලිගාව සුවිශේෂී වෙයි. ඒ හා අනුබද්ධ ජාතික චාරිත‍්‍ර ධර්ම අධ්‍යයනය කර බලන විට සුවිශේෂ වශයෙන් ඒ තුළ දක්නට ලැබෙන ජාතික හර පද්ධතිය හඳුනාගත හැකි වේ.
මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ වර්තමාන ගීත රචකයන් පූජනීය ස්ථානයක් වූ දළදා වහන්සේ ඇසුරු කර ගනිමින් බිහි කර ඇති නිර්මාණ පිළිබඳව අධ්‍යයනය කිරීමයි. ජාතික හදවත වූ දළදා වහන්සේගේ අතීත පුරාවෘත්තය දාඨාවංසය නම් වූ කෘතියේ අවධාරණය කරනු ලබන අතර වර්තමාන ගීත නිර්මාණකරුවන් විවිධ දෘෂ්ටි කෝණ වලින් මේ දෙස බලා තිබේ.
සුනිල් සරත් පෙරේරා අතින් රචනා වුණු සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ සංගීතය මුසුවූ ඔහු ගයන යට දැක්වෙන ගීතය මගින් ශ‍්‍රී ලංකාද්වීපයම දළදා වහන්සේගේ නායකත්වය යටතේ ගොනුවන බව පවසයි. දළදා වහන්සේගෙන් තොර ලංකා දිවයිනක් සිතීමටවත් අපහසුය.
මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ සැප උරුමයි
රටද ජාතියද සැපතින් ආඪ්‍ය වී නිවහල් බවින් යුක්ත වූයේ දළදා වහන්සේ නිසාවෙනි. උපතින්ම මට උරුම වූ මේ අභිමානය මගේ පුණ්‍ය මහිමය නිසා සිදු වූවකි. දළදා හිමිගේ සෙවණ නිතර හිතට සැනසුමක් ලඟා කරවයි.
දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදිවේ
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ
මේ හැම මේ දැන් එක ලෙස බැඳුණේ
සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ
වර්තමාන සමාජය තුළ මෙම ගීතය අතිශයින් ජනප‍්‍රිය වූවක් විය. සිංහල ජාතියේ අභිමානයද රටෙහි පෞඩත්වය කියාපාන මෙය මුළු රට අවදි වන්නෙ දළදා මැදුරේ රන්කොත මුදුනේ මිණි කිරුළින් බව කීම දළදාව හා බැඳුණු ජාතිකත්වය කෙබඳු ද යන්න වටහා ගත හැකි වේ.
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පද රචනයක්වන උත්තම මුණි දළදා ගීතය සනත් නන්දසිරිගේ සංගීත නිර්මාණයට ධර්මදාස වල්පොළ ගායනා කරනු ලබයි. එහි පළමු පදය මෙසේ දැක්විය හැකිය.
උත්තම මුණි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ
උදේනි රජ පුත් දන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන්
කෙස් කළඹේ සඟවා හිසින් ගෙන
උත්තම මුණි දළදා වඩම්මන
දළදා වහන්සේගේ අතීත පුරාවෘත්ත හා කෙමෙන් කෙමෙන් ස්ථාන මාරු වී ගිය අයුරුත් ගෞරවාන්විත පසුබිමක ලා විවරණය කරයි.
තඹවන් වැල්ලේ මල් වැහි වස්සන
නිසි කල රන්ගොයමේ කිරි වද්දන
යනාදී පද මගින් තම්බපන්නි දීපය අසිරිමත් දිවයිනක් බවට පත්වූයේද නිසි කළ කුඹුරු පිටි අස්වද්දන යායක් පිරුණේත් දළදා අනුහසින්බව කවියා කියයි. ආචාර්ය අජන්තා රණසිංහයන් දළදා මැදුර තේමා කරගෙන සුවිශේෂ ගීත රචනා කීපයක්ම රචනා කර ඇති බව පෙනේ.
රඹුකන සිද්ධාර්ථ හිමියන්ද දළදා මැදුර පිළිබඳව ගීත කීපයක් රචනා කරනු ලැබූහ. ඉන් එක ගීතයක තේමා වී ඇත්තේ ශ‍්‍රී දළදා මැදුරට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳවයි.
දළදා මැදුර යනු බෞද්ධ ප‍්‍රජාවගේ ආගමික හදවතය. දළදා මැදුරට හානියක් කිරීම පවා එබදු සිතිවිල්ලක් සිතට නගා ගැනීම පවා බෞද්ධ කෙනෙකුට අකැප සිතිවිල්ලක්ය. නමුත් එබඳු දෙයක් සිදු විය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන සමාජයේ උන් වහන්සේ මරණයට පත් කිරීම සඳහා ගල් පෙරලණු ලැබුවේ දේවදත්ත හිමියන් විසිනි. දුනුවායන් යෙදීම සහ නාලාගිරි ඇතා එවීම වැනි කි‍්‍රයාවන් පිළිබඳව මෙසේ සඳහන් වෙයි.
මැරුව මුණි මහතා - බුදු බව ලැබෙයි සිතා
කළ අනුවණ සිතා - ඇරවී නාලාගිරි මතැතා
දළදා මැදුරත් අපට බුදු හාමුදුරුවන් වගේය. දළදාවට යමෙක් හානියක් කරනවා නම් ඒ දේවදත්ත පරපුරේ කෙනෙක්ම විය යුතුය. මන්ද අන්‍ය කෙනෙකුගෙන් එබන්දක් සිදු විය නොහැකි නිසාය.
සිරි සම්බුද්ධ සාසනේ
වන්දනීය පූජනීය
දන්ත ධාතු රාජනේ
සමාවෙන්න දෙව්දතුන්ට යළිත් වරක්
වැරදීමක් වෙන්න ඇති අනේ
පද – රඹුකන සිද්ධාර්ථ හිමි
හඬ - සුනිල් එදිරිසිංහ
ස්වර - රෝහණ වීරසිංහ
සසර දනව්ව පිට – 45
මිනිසා විසින් තමන්ගේ කුරිරුකම නිසා මෙබඳු හිංසා පීඩා කරනු ලබයි. තමා සිදු කර ගනුලබන පාපයෙහි වරද ඔහුට නොවැටහෙයි. නොදැන කළාවූ වරද වෙනුවෙන් සමාවී වදාරණ සේක්වා. මෙම සාවද්‍ය කි‍්‍රයාව සිදුවී ඇත්තේ දේවදත්ත පරපුරේ කෙනෙකුගෙන් විය යුතුය. එදා බුදුන් දවස ද දේවදත් හට වැරදි සිදු වුණේය. මෙවරත් මේ සිදුවී ඇත්තේ එබඳුම කි‍්‍රයාකාරීත්වයකි. ගීතය පුරාම කියවෙන්නේ සාමාන්‍ය මිනිසා තුළ දළදා මාලිගාව පිළිබඳ ඇති ශ‍්‍රද්ධා භක්තියත් මේ සිදු වූ සංහාරයේ පාපතර කි‍්‍රයාවත් පිළිබඳවය. පූජනීය අර්ථයට වඩා ගීතය මගින් අවධාරිත වන්නේ සිදු වූ වරද වෙනුවෙන් සමාව අයැදීමය.
රඹුකන හිමියන් විසින් ලියන ලද යට දැක්වෙන ගීතය ද ලියවී ඇත්තේ දළදා වහන්සේ පිළිබඳව ඇති අනන්ත අප‍්‍රමාණ භක්තිය හෙළිදරව් වන ආකාරයටය. බෞද්ධයන්ට දළදා වහන්සේ දැකීම ජීවමාන බුදුහිමියන් දැකීම වැනි කි‍්‍රයාවකි. බුදුරදුන් දුටුවා සේ අචල භක්තියක් බෞද්ධයකු හට ඇති වන්නේ
සම්බුද්ධ රාජ ධර්ම මණ්ඩලේ සරනා
දන්ත කුමරු හේමමාලි සිහසුන වටිනා
මහපෙරහර දෙව්ලොව සිරි මිහිබට ලෙසිනා
බලන් ඇසල සඳපානේ
දළ ඇතු පිට දා කරඬුව බුදුරජ සේමා
පද – රඹුකන සිද්ධාර්ථ හිමි
ස්වර - රෝහණ වීරසිංහ
හඬ – කරුණාරත්න දිවුල්ගනේ සහ දිස්නා අතපත්තු
දළදා වහන්සේගේ අයිතිය පවතින්නේ කා සතුවද ලක්දිව රජකම ලැබෙන්නේද ඔහුටය යන මතයක් ශ‍්‍රී ලංකාව තුළ පවතී. වර්තමානයේ වුවද ජනපති පදවියට පත් වූ කෙනෙකු පත්තිරිප්පුවේ සිට ජනතාව අමතන්නේ එම අදහස පෙරදැරි කර ගෙනය. රජ කෙනෙකු සතු විය යුතු ධාර්මික රාජ්‍ය සංකල්පය ජනතාව පිළිගනු ලබන්නේ එම රජ පදවිය ලැබූ පුද්ගලයා දළදා වහන්සේට දක්වන සැලකිලි පුද සත්කාර අනුවය. යට දැක්වෙන ගීතය ද එකී සංස්කෘතික ප‍්‍රවාහය අනුව රචනා වූවකි. බෞද්ධ සිතක තැවුල් නිවී සුවපත් වන්නේ දළදා සෙවණෙහිය.
ගෞතම මුණි සිරි දළදා
හිමි නමදිමු සිත පහදා
බුදු රැස් සඳ කිරණ ගලාලා
තැවුල් නිවී සුවපත් වේවා
පද – මහින්ද දිසානායක
ස්වර - රොහණ වීරසිංහ
හඬ – කරුණාරත්න දිවුල්ගනේ
දළදා වහන්සේ ආරක්ෂා කරනු ලැබුවේ රාජ රාජ මහාමාත්‍යවරුන්ය. ලංකාවේ සිවු දිසාවෙන්ම පැතිරී ඇත්තේ දළදාවේ රශ්මී කිරණයි. යට දැක්වෙන මෑතක ලියවුණ දළදා ගීතය මගින් අවධාරණය වන්නේ මෑතක බිහි වූ රජෙකු විසින් දළදා සංස්කෘතිය නගා සිටුවීම සඳහා ගනු ලබන වෙහෙස මහන්සිය පිළිබඳවයි. මේ දේශයට එම රජුගේ සෙවන නිසා නිදහස් නිවහල් සුළඟ හමයි.ගීත බොහෝමයක් ලියා ඇති ප‍්‍රකට ගීත රචකයකු වන චන්න ජයනාත් විසින් ලියා ඇති මෙය එම රචකයා ලියූ නිර්මාණ අතර සුවිශේෂත්වයක් ගෙන එයි.
සිරි දළදා හිමි සරණයි
සිරි දළදා හිමි සරණයි
සෙංකඩගලපුර සිරි දළදා හිමි
සමිඳුගේ උත්තම සරණයි
උතුරින් දකුණට නැගෙනහිරට
බටහිර ට ගලා යන සුවඳයි
නිදහස් නිවහල් සුවඳයි
පද - චන්න ජයනාත්
ස්වර - ප‍්‍රියාන් පතිරණ
හඬ - දමිත් අසංක
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ බොහෝ ගීත වල දළදා මැදුර පිළිබඳ යම් යම් සංසිද්ධි ඇතුලත්ව ඇති බව පෙනෙයි.
‘ලේලිගේ නරක මිතුරන්’ ගීතයේ බෝගම්බර හිර ගෙදර දළදා මැදුරේ තේවා හඬ ඇහෙන බව කියයි. පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය ගීතයේ දළදා වැදීම පිණිස ගමේ චණ්ඩි ස්ටැන්ලිට යාළු නිලමෙලා දොර ඇදුරන් නිසා ඔහු ළඟටම ගොසින් දළදා වැන්ද බව කියයි. දළදාව බඳු උතුම් පූජනීය පරිසරයක වුවද සමාජ අසාධාරණය සිදු වන බව රචකයා දුටු අයුරු අසිරිමත්ය.
ප‍්‍රවීණ ගීත රචක
පාතේගම ඤාණිස්සර හිමි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භික්ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුරය
http://www.dinamina.lk/2009/07/31/dalada/_art.asp?fn=d09073111&p=1
තොරතුරු දැනගෙන හරබර... නරඹමු දළදා පෙරහැර...
අනතුරුව පොළොන්නරු රජ සමයේ පළමුවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1150 - 1186) විසින්ද දළදා පෙරහැර පවත්වන ලද බව ඉතිහාසයේ සඳහන්ය. තවද දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්‌ටේ යුගයන් හිදී ඇතු පිට රිදීමුවා, රන්මුවා, කරඬු වැඩම කළ බව පෙරහැර වංශකථාව පෙන්වා දෙයි.
පසුගිය 23 වැනිදා සිට 27 වැනිදා දක්‌වා කුඹල් පෙරහැර පැවැති අතර (පළමුවන දින කුඹල් පෙරහැර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ ඇස්‌වහ කටවහ දොස් දුරුවෙන බවට විශ්වාසයක් පවතී.) 28 වැනිදා සිට අගෝස්‌තු පළමුවැනිදා දක්‌වා රන්දෝලි පෙරහැර පැවැත්වෙයි. එයිනුත් අගෝස්‌තු පළමුවැනිදා පැවැත්වෙන පෙරහැර හඳුන්වනු ලබන්නේ මහා රන්දෝලි පෙරහැර ලෙසිනි.
එය නිමිතිකරගෙන ශ්‍රී දළදා මාළිගාව මගින් '1700 පෙරහරක පෙළහර' නමින් කෘතියක් නිකුත් කර තිබේ.
මල්වතු, අස්‌ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි ප්‍රදීප් නිලංග දැල දියවඩන නිළමේතුමන්ගේ මගපෙන්වීම යටතේ දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත හිස්‌සැල්ල මහතාගේ මෙහෙයවීමෙන් කිසිදු ව්‍යාපාරික අරමුණකින් තොරව මෙය නිකුත්කර තිබේ. ක්‍රිෂාන්ත දයානන්ද මහතා මෙහි ප්‍රධාන කර්තෘ පදවිය හොබවන අතර, මහින්ද කුමාර දළුපොත මහතා නියෝජ්‍ය කර්තෘ පදවිය උසුලයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ කේ. මීගහකුඹුර යන මහත්වරු සෙසු කර්තෘ මණ්‌ඩල සාමාජිකයෝය. මෙය වසර 10 - 15 ක පර්යේෂණාත්මක හා ග්‍රන්ථ පරිශීලනයක ප්‍රතිඵලයක් බව ඔවුහු කීහ. ගිය වසරේදී දළදා මාළිගාවෙන් මෙවැනි කෘතියක් නිකුත් කෙරිණි. එවැනි පසුබිමක් යටතේ යළිත් කෘතියක් නිකුත් කරන්නේ ඇයි දැයි අපි මෙහි ප්‍රධාන කර්තෘත්වය දරන ක්‍රිෂාන්ත දයානන්ද මහතාගෙන් විමසුවෙමු.
ඔහු "පෞද්ගලික මතවාදයන්" ලෙස වැකියක් සඳහන් කිරීම තරමක් සංකීර්ණය. එනිසා අපි ඒ ගැන යළි ප්‍රශ්න කෙරුවෙමු.
"ඇතැම් විද්වතුන් හා නොමේරූ දැනුමක් ඇති අය මෙම උතුම් සංස්‌කෘතිකාංගය ගැන තමන්ගේ පෞද්ගලික මතවාද සමාජගත කිරීම නිසා අද සියයට අසුවක් පමණ ඇත්තේ වැරැදි නිර්වචනයන්. ඔවුන් එක් එක් සංස්‌කෘතිකාංග ගැන තමන්ට හිතෙන දේවල් සමාජ ගත කර තිබෙනවා. නමුත් ඒවා දළදා සම්ප්‍රදායට අනුව ඇත්ත නෙවෙයි. ඒ වගේම විද්යුත් මාධ්‍යයන් හරහාත් මෙම සංස්‌කෘතිකාංගයන්ට වැරදි අර්ථකථන සපයනවා. මෙම තත්ත්වය වහාම නිවැරදි කර සැබෑ දළදා සාම්ප්‍රදාය අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත කිරීමත් අපේ අරමුණක්.
පෙරහැරට දායකත්වය දක්‌වන ශිල්පීන්ට වර්තමානයේදී නිවැරැදි ඇගයීමක් ලැබෙනවා ද යන්න සැකසහිතයි. ඒ නිසාම අලුත් පරපුර පරම්පරාවෙන් එන කලා උරුමයන් පසෙක ලා වෙනත් වෘත්තීන්ට යොමුවෙලා තිබෙනවා. මෙය ෙ€දනීය තත්ත්වයක්. එම නිසා ඒ ශිල්පීන්ට නිසි වටිනාකමක් දිය යුතුය යන සමාජ වටපිටාවක් ගොඩනැගීමත් අපේ අරමුණක්. මේ කෘතියට වැඩිහිටි සහ බාල පරම්පරාවේ ශිල්පීන්ගේ ඡායාරූප ඇතුළත් කර ඔවුන් දිරිමත් කර තිබෙනවා.
අනිත් කාරණය තමයි සංචාරක මගපෙන්වන්නන් මෙම උතුම් සංස්‌කෘතිකාංග ගැන විදේශිකයන්ට කරුණු කියන්නේ තමන් දන්නා සරල ඉංග්‍රීසියෙන්. එවිට ජාත්‍යන්තරයේ මේ ගැන හැදෙන්නේ විකෘති මතයක්. ඒ නිසා අපි කන්ද උඩරටට බැඳුණු වචනවලට ඉතාම සමීප අර්ථය දෙන ඉංග්‍රීසි වචන යොදාගෙන අදාළ පරිවර්තනයන් කර තිබෙනවා. මෙහිලා කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා දැක්‌වූ කැපකිරීම අගය කළ යුතුයි.
පසුගිය වසරවලදී අපි දුටුවා රූපවාහිනි නාළිකාවලින් පෙරහැර විකාශය කිරීමේදී නොගැළපෙන ලෙස සිද්ධීන් සම්බන්ධ කරන ආකාරයක්. ඒ නිසා මෙවර පෙරහැර රූපගත කරන්නේ දළදා මාළිගාවෙන්. එය රූපවාහිනී නාලිකාවලට නොමිලේ ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම පොත මුදලට අලෙවි නොකළත් දළදා වහන්සේ ගැන හැදෑරීමක් කරන ඕනෑම අයෙකුට මාළිගාව හා සම්බන්ධ වීමෙන් තමන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත හැකියි."
'දළදා පෙරහැරේ දියකැපීම' යන මතවාදය ගැනත් අපි ඔහුගෙන් ඇසුවෙමු.
මේක කරුණු පටලවා ගැනීමක්. බුදුන් උදෙසා කරන පූජාවන්ගේ දිය කැපීමක් නෑ. එය සිදු කෙරෙන්නේ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාලවලයි.
අපේ කෙරෙන්නේ මහා රන්දෝලි පෙරහැරෙන් පසු (මෙවර අගෝස්‌තු 1 දා අලුයම) කරඬුන් වහන්සේ මාළිගා පරිශ්‍රයට ගෙවදීමෙන් පසු දළදා වහන්සේ වැඩ සිටි කුටියේ තැන්පත් කර ගිලන්පස පූජාවක් පැවැත්වීමයි. පෙරහැර නිල වශයෙන් අවසන් වන්නේ එවිටයි. පසුව රාත්‍රි එකට පමණ ගෙඩිගෙය විහාරයට කරඬුවහන්සේ වඩම්මවා එහි පැය දොළහක් තැන්පත් කර තිබෙනවා. එසේ කරන්නේ දන්ත ධාතුන් වහන්සේ දෙල්ගමුවේ සිට නුවරට රහසිගතව වැඩම වූ පළමු දවසේ රෑ බෝවූ හෙයින් ආරක්‌ෂාව පිණිස එදා ගෙඩිගේ විහාරයේ රැය පහන්කර තිබෙන නිසයි. ඊට කෙරෙන ගෞරවයක් විදියටයි මෙය සිදු කෙරෙන්නේ. පසුදා දහවල් (මෙවර අගෝස්‌තු 2 දා) පෙරහැරකින් පැමිණ යළිත් කරඬුන් වහන්සේ දළදා මාළිගාව වෙත වඩම්වනවා. එයයි සම්ප්‍රදාය. මෙය හැඳින්වෙන්නේ දවල් පෙරහැර ලෙසයි.
"එතකොට පෙරහැර පෙළ ගැසෙන්නේ මොන විදියටද?" අපි දයානන්ද මහතාට අවසන් ප්‍රශ්නය යොමු කළෙමු.
පෙරහැර අවසර පැතීම (- පෙරහැර පිටත්වීමට පෙර මාළිගාවේ පෙරහැර හා සම්බන්ධ සියලුම නිලයන් දියවඩන නිලමේතුමාගෙන් අවසර ගත යුතුය. කාරියකෝරාළ, ගජනායක, කපුරාලවරු, ගම් දහයේ විදානේවරු, කංකානම්රාල, මොහොට්‌ටාල, සහ වට්‌ටෝරුරාළ, ඇතුළු සියලු නිලයන් දියවඩන නිළමේතුමාට වැඳ ආශිර්වාද ගෙන පෙරහැරට සහභාගිවීම සම්ප්‍රදාය වෙයි.
පෙරහැර වෙඩි හඬ (- දළදා පෙරහැර පිටත්වීමට පෙර වෙඩි හඬ තුනක් නිකුත් කරයි. පළමු වෙඩි හඬට සිව් මහා දේවාලවල පෙළ ගැසී සිටින පෙරහැරකරුවෝ මාළිගා පෙරහැරට එකතුවෙති. දෙවැනි වෙඩි හඬ නිකුත් කරන්නේ සාධාතුක කරඬුව, ඇතුපිට රැඳී රන්හිලිගේ තැන්පත් කළ බව කීමටය. තෙවැනි වෙඩි හඬත් සමඟ පෙරහැර ඇරැඹේ.
කසකරුවෝ (- දළදා පෙරහැරේ පළමුවෙන්ම දර්ශනය වන්නේ කසකරුවන්ය. කස වැනුමෙන් අහසේ ගිගුරුමද විදුලි කෙටීමද සංකේතවත් වෙයි.
බෞද්ධ කොඩිකරුවෝ (- කුඹල් පෙරහැර හා රන්දොaළි පෙරහැර බෞද්ධ පෙරහැරක් බව සිහිපත් කිරීමට බෞද්ධ කොඩි රැගෙන යනු ලබයි.
පළාත් කොඩිකරුවෝ (- මහනුවර රාජ්‍යයට අයත් පළාත්වල කොඩි පෙරහැරට එකතු කර තිබේ. ඒ ඒ පළාත් භාර නිලමේවරුන් විසින් හතර කෝරළය, සත්කෝරළය, මාතලේ, සබරගමුව, තුන්කෝරළය, ඌව වලපනේ, උඩරට පළාත් නියෝජනය කරන කොඩි මෙසේ රැගෙන ආ යුතුය.
අසිපත් ධාරියෝ (- ලක්‌බිමට වැඩම කළ දා පටන් දළදා හාමුදුරුවන් මහනුවර දළදා මන්දිර වඩා හිඳුවන තෙක් බොහෝ සතුරු කරදරවලට මුහුණ දුන් වග මින් සිහිපත් කෙරේ.
ගිනිබෝලකරුවෝ (- විදුලි කොටන විට නැගෙන ආලෝකය දළදා පෙරහැරේදී පෙන්නුම් කරන්නේ මෙමගිනි.
පෙරමුණේ රාළ (- දළදා පෙරහැරේ පළමු ඇතුපිට එන්නේ පෙරමුණේ රාළයි. දළදා වහන්සේ වෙනුවෙන් කළ යුතු වතාවත් ඇතුළත් ලේකම්මිටිය ඔහු අතට ඇත.
පළමු හේවිසිකරුවෝ පෙළ (- පෙරමුණේ රාළ පිටුපසින් නිත්‍ය හේවිසි කණ්‌ඩායම පැමිණේ. දළදා මාළිගාවේ සේවයේ නියුතු පනික්‌කියන් සිව් දෙනා මූලික හේවිසි කණ්‌ඩායමයි.
ගජනායක නිළමේ (- රජුගේ ඇත් පන්තිය භාර නිලය ගජනායක නිළමේය. එය සංකේතවත් කරමින් දළදා පෙරහැරේ සියලු අලිඇතුන් භාරව ගජනායක නිළමේ ගමන් කරයි.
බුලත්පදය (- "බුලත්පදය" ඉවහල් කර ගන්නේ දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කරන ආරාධනයක් ලෙසිනි.
ඇත්පන්ති (- ජන විශ්වාසය අනුව අලි ඇතුන් පෙරහැරේ ගමන් කරන විට කළු වැහි වළාකුළු සිහිගැන්වෙයි. එහෙයින් දළදා පෙරහැරේ තනිතණ්‌ඩලේ අලි ඇතුන් ගමන් කරවීම තහංචි වේ.
හොරණෑකරුවෝ (- හොරණෑව දළදා පෙරහැරේ නාද මාත්‍රාවයි. ඒ එම හඬින් ගජගා වන්නම් තාලය මුළු පෙරහැර පුරාවටම එක සේ සුසරවන බැවිනි.
කොතල පදය (- පැන් කොතලය සශ්‍රීකත්වයේ සංකේතයකි. පිරිත් පැන් කළය සිහි ගන්වමින් සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කෙරේ.
පොල්මල් නැට්‌ටුවෝ (- පොල්මල සශ්‍රීකත්වයේ සංකේතයකි. මෙම නැටුමේ අරමුණ රටට සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීමයි.
ගොයම් නැටුම (- කලට වැසි ලැබ කෙත් සශ්‍රීකවීමේ අභිමානයත් දළදා හාමුදුරුවන් වෙත දක්‌වන බැති සිතත් හඳුනා ගත හැක.
තම්මැට්‌ටම්කරුවෝ (- හේවාවිස්‌ස, යකාවෙල, ඇරැව්වාවල, උඩුනුවර සහ රිදීගම යන පරම්පරා දළදා පෙරහැරේ තම්මැට්‌ටම් වාද්‍යකරුවෝ ලෙස පැසසුම් ලබති.
තාලම්පොටකරුවෝ (- පෙරහැරේ රිද්මය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට අවශ්‍ය විධානය මින් ලබා දෙයි.
දවුල්කරුවෝ (- දවුල දළදා තේවාවන් සඳහා යොදා ගන්නා මෙවලමකි. එහෙත් පෙරහැරේදී එය රංගන මෙවලමකි. රන්දෝලි පෙරහැරට අතිවිශිෂ්ට දවුල්වාද්‍ය ශිල්පීහු පමණක් එක් වෙති.
රබන් නැට්‌ටුවෝ (- මෙය පත්තිනි පූජාවකි. දිගු කලක් ප්‍රගුණ කිරීමෙන් ලබාගතයුතු කුසලතාවකි. එහෙයින් දළදා පෙරහැරේ රබන් කැරකැවීම බුදුන්ට දක්‌වන පූජාවක් ලෙස සැලකෙයි.
චාමර නැට්‌ටුවෝ (- දළදා වහන්සේට චාමර සැලීම ගෞරවනීය පිළිවෙතකි. එම නිසා මෙය පෙරහැරේදී සධාතුක කරඬු වහන්සේට දක්‌වන හරසර පූජාවකි.
හවඩි දඟයා (- ඉන වටා වට කරකැවෙමින් හවඩි බැඳීමේ රටාව රංගන නර්ථනයකට යොදාගත් එකම අවස්‌ථාව හවඩි දඟයා නැටුමයි.
පතුරු නැට්‌ටුවෝ (- ලී කෙළි හා සමාන වුවද ලී පතුරු භාවිතා කිරීම නිසා පතුරු නැටුම ඊටම අනන්‍ය වූවකි.
පන්තේරුකරුවෝ (- පන්තේරුව කවිකාර මඩුවේ නිත්‍ය වාද්‍ය මෙවලමකි. එය රවුම් හැඩැති පිත්තල භාණ්‌ඩ මෙවලමකි.
ලීකෙළිකරුවෝ (- මනා පෞරුෂයක් විදහා දක්‌වන මෙය උඩරට ශිල්ප පරම්පරාවන්ගේ අනන්‍යතාවකි.
වේවැල් වියන්නෝ (- එක් අයෙක් වේවැල් කඳ ලෙස හඳුන්වන වේවැල් බඳ තිබෙන කොටස අල්ලා ගත යුතුයි. ඔහු වටා අනිත් ශිල්පීහු දුවති. ඒ දුවන රටාවේ හැඩතල කීපයක් දැකගත හැක.
උඩැක්‌කිකරුවෝ (- පෙරහැරේ උඩැක්‌කිකරුවන් ගමන් කරන්නේ කවි ගායනා කරමින්, තාලයට උඩැක්‌කිය වාදනය කරමිනි. දළදා පෙරහැරට එක්‌වීමට නම් පාරම්පරික නිසි උරුමය ලත් ශිල්පියකුගෙන් ශාස්‌ත්‍රය හදාරා තිබිය යුතුය.
ගැටබෙරකරුවෝ (- දළදා පෙරහැරට ගැට බෙරය යොදා ගන්නේ පූජාවක් ලෙසිනි.
නෛයණ්‌ඩි නැට්‌ටුවෝ (- හිස් වෙස් තට්‌ටුවෙන් තොරව අලංකාර ලෙස හිස ඔලියල් බැඳගෙන අවුල්හැරයෙන් අලංකාර ලෙස උඩුකය වසාගත් නෛයණ්‌ඩි නැට්‌ටුවෝ වූ කලී ජව සම්පන්න උද්වේගකර නැට්‌ටුවෝම වෙති.
කාරිය කෝරාළ (- සධාතුක කරඬුව රැගෙන එන ඇතු පැමිණීමට පෙර කාරියකෝරාළ පෙරහැරේ ගමන් කරයි. හෙතෙම දියවඩන නිළමේතුමාට පසුව සිටින දළදා මාළිගාවේ භාරකාරයාය.
දෑලේ ඇත්තු (- පෙරහැර කරඬුවේ ආරක්‌ෂාව පිණිස දෑලේ ඇත්තු ගමන් කරති. එම ඇතුන් සද්ධන්ත කුලයේ විය යුතුයි.
නාගසිංහම් වාද්‍යවෘන්දය (- පෙරහැර කරඬුව වීදි සරන විට එයට ශබ්ද පූජාවන් පැවැත්වීම සම්ප්‍රදායකි. මේ සඳහා නාගසිංහම් වාදනය පෙරහැර කරඬුව වඩිනා ඉදිරිපිට වාදනය කෙරේ.
පාවඩ එළීම (- පෙරහැර කරඬුව සමඟ ඇතු මගට බසිනුයේ පාවඩය මතිනි. මේ පාවඩ එළීම දළදා මාළිගා භූමියේ සිටම සිදුවන්නකි.
මංගල හස්‌තිරාජයා (- දළදා පෙරහැරේ කරඬුව වැඩමකරවීමේ භාග්‍ය හිමි ඇතාය. මංගල හස්‌තිරාජයා සරසනු ලබන ඇඳුම් ආයිත්තම් වෙනත් කිසිම ඇතකුට හිමිවන්නේ නැත.
රන්හිලිගේ (- මංගල හස්‌තිරාජයාගේ කුඹතලය මත කරඬුව තැන්පත් කරන්නේ රන්හිලිගේ තුළය. මෙය රන්කමින් අලංකෘතය.
කවිකාරමඩුව (- කරඬුව වඩමවන ඇතුට පසුව දළදා මාළිගාවේ කවිකාර මඩුව ගමන් කරයි. දළදා ගුණ ගයමින් ආශිර්වාද කිරීම පෙරහැර සම්ප්‍රදායකි.
වෙස් නැට්‌ටුවෝ (- හිස ඔටුන්න හැර සියලු රජවෙස් දැරීම වෙස් නැට්‌ටුවන් සතු බව පිළිගත් මතයකි. මංගල හස්‌තිරාජයා පිටුපසින් දෙපෙළ සැදී වෙස් නැට්‌ටුවෝ පැමිණෙති.
දියවඩන නිලමේ (- දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හිමි දියවඩන නිළමේටය. වීදි බැස දළදාවහන්සේ පෙරහැරේ ගමන් ගන්නා විට ඒ පසුපසින් යන්නේද දළදා හිමි රැක ගැනීමේ උත්තම අපේක්‌ෂාවෙනි.
මුතුකුඩකරුවා (- දළදා මාළිගාවේ රාජකාරි ඇඳුමෙන් සැරසී දියවඩන නිළමේතුමාට මුතුකුඩය ඇල්ලීම මාළිගාවෙන් පිවිසි තැන පටන් යළි ගෙවදින තෙක් කළ යුතුය.
මුරායුධකරුවෝ (- දියවඩන නිලමේතුමා රැක ගැනීම පැවරී ඇත. දියවඩන නිළමේතුමා පෙරහැරේ ගමන් ගන්නා විට මග දෙපසින් ආරක්‌ෂක වැටක් සේ මුරායුධ ඔසවාගෙන ආරක්‌ෂකයන් ලෙස පැමිණෙති.
නාථ දේවාල පෙරහැර (- දළදා මාළිගා පෙරහැරෙන් අනතුරුව සිව්මහ දේවාල පෙරහැර අතුරින් පළමුව පැමිණෙන්නේ නාථ දේවාල පෙරහැරයි.
විෂ්ණු දේවාල පෙරහැර (- දළදා පෙරහැරේ දෙවැනි දේවාල පෙරහැරයි.
කතරගම දේවාල පෙරහැර (- දළදා පෙරහැර සතු වාද්‍ය අනන්‍යතාව එකවර වෙනස් වන්නේ කතරගම දේවාල පෙරහැර පැමිණෙන විටය. එමගින් මෘදංග හා නාගස්‌වරම් හඬ ඉස්‌මතු වෙයි.
පත්තිනි දේවාල පෙරහැර (- දළදා පෙරහැරේ අවසාන දේවාල පෙරහැරයි. එහි නර්තනයන්ද නර්තන ශිල්පීන්ද වෙනස්‌ය.
රන්දෝලි (- දළදා මාළිගා පෙරහැර අවසන් වන්නේ දොaලා ගෙන යැමෙනි. මේ ආකාරයට "දොaලා" පෙරහැරට එක්‌කර ඇත්තේ වැලිවිට සරණංකර සංඝරාජ සමයේදීය. ඊට පෙරාතුව රජුගේ අගමෙහෙසිය ගමන් කළ අතර අද වන විට ඊට ගෞරවයක් ලෙස දොaලා පමණක් පෙරහැරේ ගෙනයනු ලැබේ.

















