Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Sunday, July 6, 2014

ජාතික පුරා විද්‍යා සතිය අද ඇරැඹේ

ජාතික පුරා විද්‍යා සතිය අද ඇරැඹේ

ජාතික පුරා විද්‍යා සතියක් අද (7) සිට ආරම්භ කෙරෙයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කරන පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවය අද දින පෙරවරු 9 ට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මෙහෙයවන "2014 ජාතික පුරා විද්‍යා සතිය යි.
ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම පාසල් ළමයින් සඳහා පුරා විද්‍යා සම්මන්ත්‍රණ මාලාවක් මේ දිනවල පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
මෙරට පුරා විද්‍යාත්මක උරුමයන් රැක ගැනීම පිළිබඳව වත්මන් පරපුරට විධිමත් අවබෝධයක් ලබාදීම අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන්වල අරමුණ බව අමාත්‍යවරයා පවසයි. මේ සමුළුවට සමගාමීව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල වැඩසටහන් සහ දේශන පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. එදිනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 124 ක් ද සපිරෙනු ඇත.

http://www.dinamina.lk/2014/07/07/_art.asp?fn=n1407075

ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල කුමක්‌ද?

ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල කුමක්‌ද?

අද මුළු මහත් ශ්‍රී ලංකාව පුරාම දහම් පාසල් අධ්‍යාපනය විවිධ මට්‌ටමින් දියුණු වී ඇත.

ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනයේ මුල්ම දහම් පාසල කවරේද යත් දැනගැනීම අපට ඉතාමත් වැදගත් වන්නේය.

ශ්‍රී ලංකාවේ මුල්ම දහම් පාසල කවරක්‌ද යන්න පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. 1970 වර්ෂයේ සංස්‌කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ පරීක්‍ෂණයට අනුව සමස්‌ත ලංකා දහම් පාසල් දිනය වශයෙන් අගෝස්‌තු 03 වැනි දින සම්මත කරගන්නා ලද්දේ 1895 අගෝස්‌තු 03 වැනිදා ගාල්ලේ විජයානන්ද දහම් පාසලේ ආරම්භ දිනය වශයෙන් සලකාය.

ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්aකොට්‌තුමන් සහ රුසියානු ජාතික හෙලේනා පැට්‌ට්‍රොව්නා බ්ලැවැස්‌කි මැතිනියත් යන පරම විඥනාර්ථවාදී පුරෝගාමීන් දෙදෙනා 1880 මැයි 17 වැනි දින ගාලු වරායෙන් දිවයිනට පැමිණ මැයි 19 වැනි දින ගාල්aලේ විජයානන්ද විහාරස්‌ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අක්‌මීමන ධර්මාරාම හිමියන් වෙතින් තිසරණ සහිත පන්සිල් සමාදන්ව බෞද්ධයන් වූහ.

ඕල්කොට්‌තුමාගේ පුරෝගාමිත්වයෙන් මෙරට ඇති වූ බෞද්ධ අධ්‍යාපනයේ එක්‌ ප්‍රමුඛ අංශයක්‌ වූයේ ඉරු දින දහම් පාසල් සේවාවයි.

1980 කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සංගමය පළ කළ සියවස්‌ සැමරුමේ සඳහන් වන්නේ 1881 පෙබරවාරි 13 වැනිදා මැලිබන් වීදියේ නො. 54 දරන නිවසේ පළමු දහම් පාසල ආරම්භ කළ බවකි. එහෙත් ගුරුවරුන්ගේ හිඟය නිසා මෙය වැඩිකල් පවත්වාගත නොහැකි විය.

1884 සී. ඩබ්ලිව්. ලෙඩ්පීටර් මහතා හා සී. දොන් බස්‌තියන් යන දෙදෙනා එක්‌ ඉරිදා දහම් පාසල් ව්‍යාපාරය කරගෙන ගියද එයද අඛණ්‌ඩව කරගත නොහැකි විය.

1978 දී කොළඹ ආනන්ද විද්‍යාලය මගින් පළ කළ 'ආනන්ද' නම් කලාපයේ සඳහන් වන්නේ '1886 නොවැම්බර් 01 දා මැලිබන් වීදියේ නො. 61 දරන ස්‌ථානයේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ආරම්භ කළ බවයි. අද එය ආනන්දයයි. සී. ඩබ්ලිව්. ලෙඩ් පීටර් මහතා ප්‍රථම විදුහල්පති විය. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 37 කි. මෙහි ගුරුවරුන්ට බුද්ධ ධර්මය ඉගැන්වීය." දක්‌වන ලද සියල්ලම අද පවත්නා ඉරු දින දහම් පාසල් සේවාව වැන්නක්‌ නොවේ.

1991 දී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පළ කළ ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාගේ සංස්‌කාරකත්වයෙන් පළ කළ "ධර්මපාල ප්‍රතිරාවය" 356 පිටුවේ මෙසේ සඳහන් වේ.

"මම සෙන්පතිතුමාගේ රියෙන් බටහිර පළාතේ ගමින් ගමට යමින් අධ්‍යාපන ව්‍යාපාරය ජනප්‍රිය කරවීම සඳහා දේශනා පැවැත්වීමි. මේ වන විට ලෙඩ් පීටර් මහතා සිය ඉරුදින පාසල් කොළඹ අරඹා තිබිණි.

මෙහි එන ධර්මපාල තුමාගේ කියමනේ ද පැහැදිලි වන්නේ දහම් පාසල් සේවාවේ ආරම්භය නොව ආනන්ද විHdලයේ ආරම්භය ගැනයි.

1893 ජුනි මස 8 වැනි දින "ලක්‌මිණි පහන" පුවත්පතේ පුවත් සිරස්‌තලය සඳහන් වූයේ බුද්ධාගම ඉගැන්වීම ගැනය. "කුඩා දරුවන්ට ඉරිදා දිනවල බුද්ධාගම ඉගැන්වීම පිණිස කොළඹ හැරිසන් මහතා උස්‌තැන්නේ නිවසේම පිහිටුවන ලද පාඨශාලාව මේ 9 ඉරිදා පිහිටුවන අපරභාගයේ පවත්වනු ලැබේ. මේ සඳහා අවස්‌ථාව හික්‌කඩුවේ නායක හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ සහභාගි වන බවයි."

දැනට වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ විධිමත් මුල්ම ඉරුදින දහම් පාසල වන්නේ 1895 අගෝස්‌තු 03 දා ඇරඹි විජයානන්ද දහම් පාසල බව තහවුරු වේ.

දහම් පාසල් සේවාවද ඕල්කට්‌තුමා ඇතුළු පිරිස මෙරටට ඇති කළ බෞද්ධ පුනර්ජීවනයේම එක්‌ අංගයකි. මෙකල පළ වූ "ලක්‌මිණි පහන", "සරසවි සඳරැස්‌" ආදී පුවත්පත් පරීක්‍ෂා කරන විට ඕල්කොට්‌තුමා, ධර්මපාල ආදීන් නොයෙකුත් තාඩන පීඩන මැද ගෙන ගිය අරගලය මනාව පැහැදිලි වේ.

ඕල්කොට්‌තුමාගේ දිනපොතේ 143 පිටුවේ මෙවැනි සඳහනක්‌ ඇත.

"මගේ සිතට වැදගත් අදහසක්‌ පහළ විය. බෞද්ධ ළමයින් ඔවුන්ගේ හැම විහාරස්‌ථානයකම විශේෂ දිනවල බෞද්ධාගම උගත යුතුය. ක්‍රිස්‌තියානිවරු තම දරුවන්ට පල්ලියේ තම ආගම උගන්වන සේ බෞද්ධයන් එසේ නොකරන්නේ මන්ද?

ඉරු දින දහම් පාසල් ඇතිකිරීමේ චින්තන පදනම ඕල්කොට්‌තුමාගේ චින්තනයේ හරය වූ බව පෙනේ. ගාල්ලේ විජයානන්ද දහම් පාසල 1895 අගෝස්‌තු 03 වැනි දින ඇරඹි නමුත් එය අඛණ්‌ඩව පවත්වාගෙන යැම සඳහා "විජයානන්ද සභාව" නමින් සභාවක්‌ ඇතිකරන ලදී.

1889 ඇරඹි විජයානන්ද දහම් පාසල විහාරාධිපති පයාගල සිරිසුමනතිස්‌ස හිමියන්ගේ අභාවයත් දහම් පාසල ඇරඹූ ඩී. කේ. සුබසිංහ මහතා කොළඹට මාරු කිරීමත් නිසා දහම් පාසල නවතා දමන ලදී.

පසුව 1895 අගෝස්‌තු 03 වැනි දින විහාරාධිපති පූජ්‍ය ඇගුලපොල ජිනරතන ස්‌වාමීන්වහන්සේ විසින් නැවතත් දහම් පාසල ආරම්භ කරන ලදී.

ආරම්භයේදී සිසුන් 75 ක්‌ පමණ සිටි දහම් පාසල ක්‍රමයෙන් 15 දක්‌වා අඩු විය. මේ සම්බන්ධයෙන් කලකිරුණු විහාරාධිපති හිමියන් සහ ක්‍රියාකාරීන් සාකච්ඡා කොට රැස්‌වීමක්‌ කැඳවීය. එහිදී "විජයානන්ද" නමින් සභාව පිහිටුවිය. ප්‍රධාන අනුශාසක ධුරයට පූජ්‍ය ඇහැලේපොළ ජිනේරය හිමි ද සභාපති ධුරයට එස්‌. ඒ. ජයසුන්දර ලේකම් ජී. සමරකෝන්, උපලේකම් ඊ. එච්. තෙබේරිස්‌ සිල්වා ද 10 දෙනකුගෙන් යුත් කාරක සභාවක්‌ ද පත්කර ගන්නා ලදී.

මෙසේ ඇරඹි දහම් පාසල ක්‍රම ක්‍රමයෙන් දියුණු විය. මුලදී ගුරුවරු 4 දෙනකු ඉගැන්වීමේ කටයුතු කළ අතර සිසුන් 40-50 අතර ප්‍රමාණයක්‌ විය. ඉරිදා දින උදේ 8 සිට 10 දක්‌වා බුද්ධ ධර්මය සිසු අවබෝධය ආදි ගෝලයන් ඉගැන්වීම් කරන ලදී. වසරින් වසර ප්‍රභාවය කරා ගිය දහම් පාසල විවිධ ප්‍රභූන් විසින් ආධාර උපකාර කරනවා වූ අතර දරුවන්ට ත්‍යාග දීම විවිධ තරග පමණක්‌ නොව විභාග පරීක්‍ෂණ ද පවා පැවැත්විණි. වාර්තාවල සඳහන් වන පරිදි විවිධ පංති යටතේ ඉගැන්වීම් කෙරුණු අතර ළමුන් 700ක්‌ පමණ දහම් පාසලට සහභාගි වූ බව දැක්‌වේ.

විජයානන්ද සභාව ක්‍රම ක්‍රමයෙන් පුළුල් සංවිධානයක්‌ බවට පත්විය. බොහෝ දෙනා එයට සම්බන්ධ වීමට පෙලඹිණි.

ඉතා ක්‍රමානුකූල මුදල් පාලනයක්‌ හා විධිමත් බව නිසා විජයානන්ද සභාව ශක්‌තිමත් වූ අතර ඒ නිසාම විජයානන්ද දහම් පාසල ද දියුණුවෙන් දියුණුවට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ 1895 දී ඇරඹි විජයානන්ද දහම් පාසල මවු දහම් පාසල ලෙස සලකා ශාඛා දහම් පාසල් 04 ක්‌ පිහිටුවීමයි. 1901 වර්ෂය වන විට ඒවා නම්,

1. දේවතුර මාගල්ලේ සුධර්මාරාම දහම් පාසල

2. මිනුවන්ගොඩ පරමානන්ද දහම් පාසල

3. ගල්වඩුගොඩ පරම විඥන දහම් පාසල

4. මාතලේ කූඹියන්ගොඩ විද්‍යානන්ද දහම් පාසල වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධිමත් ඉරු දින දහම් පාසල වූ ගාල්ලේ විජයානන්ද ඉරුදින දහම් පාසලේ ප්‍රධානාචාර්යවරු පිළිබඳ සටහනක්‌ තබමි.

1. ඩී. ඡේ. සුබසිංහ මහතා - 1889 සිට වසර කිsහිපයක්‌

2. බදුල්ලේ ඥානවිලාන හිsමි - 1895-1914 දක්‌වා

3. බී. ජී. පියදාස සිරිසේන මහතා - 1915-1934 දක්‌වා

4. ඩී. ජයසිංහ මහතා - 1935-1949 දක්‌වා

5. එච්. ජයසිංහ මහතා - 1950-1962 දක්‌වා

6. පණ්‌ඩිත ගාල්ලේ ඥණානන්ද නාහිමි - 1963-1983 දක්‌වා

7. ශාස්‌ත්‍රපති නාකියාදෙනියේ ඥනතිස්‌ස හිමි - 1963 සිට

ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවර කරන ලද්දේ අක්‌මීමන ධර්මාරාම හිමි, පයාගල සිරි සුමනතිස්‌ස හිමි, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඇහැලේපොල ජාකොරොස්‌ හිමි, සෙන්පති හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌, අනගාරික ධර්මපාලතුමා ආදී ප්‍රභූන් රැසක්‌ මුල් වී ක්‍රියා කළ බව සඳහන් කරමි.

කේ. ඒ. චින්තක පෙරේරා


http://www.divaina.com/2014/07/07/mano02.html

තමන් නොදුටු පුදුමසහගත නිර්මාණයන් ........

පුරාවිද්‍යාවට සරසවි දායකත්වය 

ද්‍රව්‍යාත්මක අවශේෂ මඟින් අතීතය වර්තමානය තුළ ප්‍රතිනිර්මාණය කරමින් අනාගතය වෙත දායාද කිරීම පුරාවිද්‍යාව තුළින් සිදුවේ. ශ්‍රී ලංකාව සාඩම්බර අතීතයකට උරුමකම් කියන සුවිශේෂී බිම්කඩක්‌ ලෙස ගෝලීය ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීම සඳහා පුරාවිද්‍යා විෂය සුවිශේෂී කාර්යභාරයක්‌ ඉටු කරනු ලබයි. යටත්විජිත සමය වන විට මෙරට පැවති අතීත සංස්‌කෘතික දායාද දුටු විදේශීය ජාතීන් මවිතයට පත් වූවා සේම, විශේෂයෙන් ඉංග්‍රීසීන් විසින් යුරෝපයේ දී උත්පාදනය වී ක්‍රමයෙන් වර්ධනය වූ පුරාවිද්‍යාව (Archaeology) නම් වූ ශික්‍ෂණයේ ප්‍රායෝගික අභ්‍යාස අත්හදා බලන්නට කදිම තෝතැන්නක්‌ වශයෙන් තෝරා ගත් බව ද නොරහසකි. මෙරට උරුමය තුළ පුරාවිද්‍යාව ගැළපීමේ ආරම්භයක්‌ හෝ අවසානයක්‌ පිළිබඳ ස්‌ථිර අවබෝධයක්‌ නොවූ ඔවුන් මතුපිට වස්‌තු වාර්තාකරණයෙන් මෙරට පුරාවිද්‍යා කටයුතු ආරම්භ කරන ලදී. 1890 දී පුරාවිද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව (Department of Archaeological Survey) පිහිටුවා එහි ප්‍රථම කොමසාරිස්‌වරයා බවට හෙන්රි චාර්ල්ස්‌ පර්වියස්‌ බෙල් මහතා පත් වෙයි. ඔහුගෙන් ඇරඹි මෙම කාර්යය එඩ්වඩ් රසල් අයර්ටන්, ආතර් මයුරිස්‌ හොකාර්ට්‌, රිචඩ් ලෙස්‌ලි බ්‍රොaහියර්, ෙ-ම්ස්‌ ජී. ස්‌මිදර් වැන්නවුන් විසින් යථාවත් කරන ලදී. එඩ්වර්ඩ් සයින් පෙන්වා දෙන ආකාරයට මෙකල සිදු වූයේ තමන් නොදුටු පුදුමසහගත නිර්මාණයන් සටහන් කිරීමයි. ඒ අතර ගයිගර්, සී. ඩබ්. නිකලස්‌ වැන්නවුන් මෙරට පැරණි සාහිත්‍ය ලෝකය දෙස එබී බලන්නට ද විය.

පශ්චාත් යටත්විජිත සමයේ නැගී ආ බෞද්ධ පුනරුද ව්‍යාපාරය හා වෙනත් ජාතිකත්ව ව්‍යාපාර ඔස්‌සේ ශ්‍රී ලංකාවේ අතීත පෞරාණික උරුමය සම්බන්ධයෙන් ජනතා අවධානය ප්‍රබල වශයෙන් යොමු කරවන ලදී. වලිසිංහ හරිශ්චන්ද්‍ර, අනගාරික ධර්මපාල, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, නාරංවිට සුමනසාර වැනි විද්වතුන් ජාතික ව්‍යාපාර ශක්‌තිමක්‌ කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළහ. මොවුන් විසින් මෙරට අතීතයේ තීරණාත්මක වාස්‌තුවිද්‍යාත්මක නිමැවුම් හා ඒ අවට කලාපයේ බලපෑම් පිළිබඳව අවධානය යොමු කොට විස්‌තරාත්මක වාර්තා ඉදිරිපත් කරන ලදී. වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ "සිතියම් සහිත පුරාවිද්‍යාව" කෘතිය මේ සඳහා කදිම නිදර්ශනයකි.

1960-1980 කාලයේ දී ගෝලීය මට්‌ටමේ තත්ත්වය විමසීමේ දී ක්‍රමයෙන් සාම්ප්‍රදායික ක්‍රම ඔස්‌සේ අතීතය විමර්ශනය කිරීමේ තත්ත්වය (Traditional Archaeology) හීන වී ගොස්‌ නව පුරාවිද්‍යාවේ (Processual Archaeology) ආගමනය සිදු වී තිබේ. මේ යුගයේ සුවිශේෂත්වය නම් දත්ත විශ්ලේෂණය කොට අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමයි. ගෝලීය සන්දර්භය තුළ තත්ත්වය එසේ වෙත්ම නව පුරාවිද්‍යා කාල පරාසයේ දී මෙරට සිදු වූ වැදගත්ම කාර්යයභාරය නම් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය හා පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය අන්තර් සබඳතා පැවැත්වීමයි.

1980 දී සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ ආරම්භයත් සමඟ මෙරට පුරාවිද්‍යාත්මක ස්‌ථාන දේශීය මෙන්ම ගෝලීය ප්‍රජාව වෙනුවෙන් විවර වූවා සේම විශ්වවිද්‍යාලයන් තුළ අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන්ට මෙම ආයතනය ඔස්‌සේ අතීතයේ සැඟවුණ තැන් මතු කර ගැනීම සඳහා විවිධ පර්යේෂණයන් සිදු කිරීමටත්, ක්‍ෂේත්‍ර පුහුණුව ලබා ගැනීමටත් අවස්‌ථාව උදාවුණි. මේ කාලය වන විට පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය යන විශ්වවිද්‍යාලයන්හි "පුරාවිද්‍යාව"අධ්‍යයන පාඨමාලාවක්‌ ලෙස ආරම්භ කර තිබුණි. සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භයෙන් පසු එහි ප්‍රධාන වැඩබිම් වූ අභයගිරිය, ෙ-තවනාරාමය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර යන ව්‍යාපෘති පුරාවිද්‍යා විශේෂවේදී සිසුන්ගේ ක්‍ෂේත්‍ර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයීය මට්‌ටමින් පවරා දීමට කටයුතු කරන ලදී.

වගුව 01; මධ්‍යම සංස්‌කෘතික අරමුදල පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා විශ්වවිද්‍යාල දායක කර ගැනීම

1986 වර්ෂයේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කොළඹ බෞද්ධාලෝක මාවතෙහි ආරම්භ විය. එය එදා පටන් මේ දක්‌වා මෙරට පුරාවිද්‍යා පර්යේෂකයන්ගේ පශ්චාත් උපාධි අධ්‍යයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙනම ආයතනයක්‌ ලෙස ක්‍රියාත්මක වේ. 1988 දී එම ආයතනය මඟින් සීගිරිය - දඹුල්ල ප්‍රදේශ ඉලක්‌ක කර ගනිමින් අතීත ජනාවාසකරණයේ ස්‌වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියක්‌ (SIDA-SAREC) ආරම්භ කරන ලද හෙයින් විශ්වවිද්‍යාලයීය සිසුන්ට ද එහි පර්යේෂණ කටයුතුවල නිරත වීමට හැකියාව ලැබිණි. මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක, ස්‌වීඩන් පුරාවිද්‍යා කමිටුවක්‌ හා එක්‌ව 1988-1992 කාලය තුළ දියත් කරන ලද මෙම වැඩමුළුව ප්‍රශස්‌ත පුහුණු පාඨමාලාවක්‌ බවට ද පත් විය. මෙහි දී පුරාවිද්‍යාත්මක ගවේෂණයේ සිට වාර්තාකරණය දක්‌වා සියලු කටයුතු පිළිබඳව හා විශේෂයෙන්ම මිනුම්කරණය, කැණීම්, ගවේෂණයන්ගේ නවීන ක්‍රම අත්හදා බැලීමට ද අවස්‌ථාව උදාවිය.

පුරාවිද්‍යාව හුදෙක්‌ තනි විෂයයක්‌ ලෙස නොව බහු විෂයාත්මක ශික්‍ෂණයක්‌ ලෙසින් පෙනී සිටියි. එනිසාම අතීතයට අයත් බොහෝ දේ විවිධ විෂයය පරාසයන් ඔස්‌සේ අර්ථ ගන්වමින් වර්තමාන ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යාඥයා කටයුතු කරයි. අතීතය වැදගත් වන්නේ තලු මරමින් රස විඳීමට නොව, වර්තමානය හා අනාගතය වෙනුවෙන් මෙහෙය වීමටය. එනිසා පුරාවිද්‍යාව විෂයයෙහි අත්‍යන්තයෙන්ම ඇත්තේ ජාතික වටිනාකමකි. අනෙක්‌ පාර්ශ්වයෙන්, මානව සංහතියේ ප්‍රගමනය පිණිස මෙන්ම ශුභසිද්ධිය උදෙසා කටයුතු කරන ආයතන ලෙස විශ්වවිද්‍යාල පෙන්වා දිය හැකිය. නව සොයා ගැනීම් පිළිබඳ විශ්වය දැනුවත් වන්නේත්, විශ්වීය දැනුම හුවමාරු වන්නේත් විශ්වවිද්‍යාල හරහාය. එනිසා විශ්වවිද්‍යාල තුළින් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්‌ටමේ වටිනාකමක්‌ ප්‍රකාශ කරයි.

1951 පසු පරණවිතාන මහතා පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එකතු වීම ඉහත පෙන්වා දුන් වටිනාකම් තීව්‍ර වූ අවස්‌ථාවක්‌ ලෙස පෙන්වා දිය හැකිය. එය එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයට නව ජීවයක්‌ එක්‌ කළ කරුණකි. කෙසේ වෙතත් මුලදී ඉතිහාස අධ්‍යයනාංශය තුළ ක්‍රියාත්මක වූ පුරාවිද්‍යා විෂය 1976 දී වෙනම අධ්‍යයනාංශයක්‌ යටතේ මෙහෙයවන විෂය ධාරාවක්‌ විය. ඒ අනුව ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යයනාංශය බිහිකිරීමේ පමණක්‌ නොව පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය පිරිනැමීමේ ගෞරවය ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය හිමිකර ගත්තේය. මෙහි මුල්ම අංශාධිපතිවරයා වූයේ මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලකයන් ය. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල, කේ. එච්. ජයතිලක වැනි විද්වතුන් මෙහි ආචාර්යවරුන් ලෙස කටයුතු කරන ලදී. යුනෙස්‌කෝ සංවිධානය මෙම අධ්‍යයනාංශය හා එකතුව පොළොන්නරු ආලාහන පිරිවෙන් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. සංස්‌කෘතික ත්‍රිකෝණයට අයත් මහනුවර වැඩබිම අධ්‍යයනාංශය තුළින් නඩත්තු කිරීම සිදුවිය. ෙ-තවන ව්‍යාපෘතියට හා අනුරාධපුර ඇතුලු නුවර ව්‍යාපෘතියට සම්බන්ධ වී කටයුතු කිsරීමට ද ඔවුනට අවස්‌ථාව උදාවිය. 1997 දී යාපහුවට නුදුරු පිංවැව ගල්සොහොන් කනත්ත පුරාවිද්‍යා ව්‍යාපෘතියට සම්බන්ධ වීමේ භාග්‍යය ද ඔවුන්ට ලැබුණි. මෙහි දී ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලකයන්ගේ සහයෝගය ද ලැබීමෙන් විද්‍යාත්මක පසුබිමක හිඳිමින් මෙම ව්‍යාපෘතියේ දත්ත විග්‍රහ කිරීමට හැකි විය. ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයක පිහිටුවන ලද පුරාවිද්‍යා පර්යේෂණ කෞතුකාගාරයක්‌ ආරම්භ කරන්නේ ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයයි. මෙම පර්යේෂණ කෞතු=කාගාරය, ආනන්ද කුමාරස්‌වාමි මහතාට හා පී. එල්. ප්‍රේමතිලක මහතාට අයත් කෞතුක වස්‌තු එකතූන් මෙන්ම අග්‍රගණ්‍ය ඇත් දළ භාණ්‌ඩ එකතුවකින් ද පොහොසත් ය. එංගලන්කය, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය යන රටවලින් පැමිණි පුරාවිද්‍යා අධ්‍යයන කණ්‌ඩායම් කිහිපයක්‌ සමඟද මෙම විශ්වවිද්‍යාලය කටයුතු කර ඇත. මෙහි ක්‍රියාත්මක පුරාවිද්‍යා සංගමය විසින් 'විකල්ප පුරා තත්ත්ව' යන සඟරාව නිර්මාණය කිරීම අද දක්‌වාම සිදුවෙයි. විද්‍යාර්ථයන්ගේ ප්‍රකාශනයන් එළිදැක්‌වීම මෙහි අරමුණයි.

විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය ලෙස මුල් කාලීනව ව්‍යවහාර කරනු ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානවශාස්‌ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය තුළ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය ස්‌ථාපිතව ඇත. මෙය මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ මුල්ම ඉතිහාස හා පුරාවිද්‍යා උපාධි ප්‍රදානය කළ අධ්‍යයනාංශයයි. මහාචාර්ය එස්‌. බී. හෙට්‌ටිආරච්චි, මහාචාර්ය චනද්‍රා වික්‍රමගමගේ, මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, මහාචාර්ය ඩී. ඇල්. අබේවර්ධනය, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය ටී. ජී. කුලතුංග ආදී විද්වතුන් මෑත ඉතිහාසයේ ද, මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල, මහාචාර්ය කරුණාසේන හෙට්‌ටිආරච්චි සහ මහාචාර්ය පත්මසිරි කන්නංගර වැනි විද්වතුන් වර්තමානයේ ද මෙම අධ්‍යයනාංශයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව විෂයයන් නගා සිටු වීමෙහි පුරෝගාමී වූහ.

තව කොටසක්‌ හෙට පත්‍රයේ....

ඩී.එම්. දුමින්ද ලක්‌සිරි කුමාර,
සිව්වැනි වසර
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
මිහින්තලේ.


http://www.divaina.com/2014/07/07/feature01.html

'යහපත් මහරජ' ජුලි 7 වැනිදා සිට

'යහපත් මහරජ' ජුලි 7 වැනිදා සිට
ජාතික රූපවාහිනියෙන්...

ශ්‍රී ලාංකික රූපවාහිනි ප්‍රේක්‍ෂකයින්ට කවදත් හරවත් සහ ගුණවත් වැඩසටහන් ගෙන ආ ජාතික රූපවාහිනිය, තවත් මාලා නාටකයක රුව ගුණ රැගෙන "යහපත් මහරජ" විකාශය ඇරැඹීමට සූදානමින් පසුවෙයි.

"ලී සන් (වින්ඩ් ඔµa ද පැලස්‌) කොරියානු ටෙලි නාටක පෙළ සිංහල දෙබසින් රසකර "යහපත් මහරජ" නමින් හැඩ ගැන්වී අතුල රන්සිරිලාල් මහතාගේ හඬ කැවීම් අදියුරු උපදෙසින්, තේමා ගී නිර්මාණයෙන් සහ සංස්‌කරණයෙන්ද ප්‍රති නිර්මාණය වූ මේ මාලා නාටක පෙළ ගැස්‌ම දැන් විකාශය වන "අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි" නාට්‍යයේ අවසානයත් සමග ජූලි මස 7 වැනිදා සඳුදා සිට සිකුරාදා දක්‌වා පස්‌වරු 6.30 ට විකාශය ඇරැඹීමට නියමිතය.

"යහපත් මහරජ" කොරියානු දේශයේ ජෝසෝන් අධිරාජ්‍යයේ 22 වන රජු වන "ජොංජෝ" රජු පිළිබඳව සැබෑ ජීවන වියමනකි. මෙය ජාතික රූපවාහිනියේ විකාශය නිමාව දුටු "අභීත දියණිය" කතා මාලාවේ දොංයීගේ පුතුගේ රාජ්‍ය පාලන සමය පිළිබඳ කතාවයි. වසර 500ක්‌ පමණ දිගු කලක්‌ පැවැති ජෝසෝන් අධිරාජ්‍යයේ බොහෝ අර්බුද සහ ගැටුම් පැවැති කාලසීමාව වූයේද ජොංජෝ රජුගේ පාලන සමයයි. එවන් තීරණාත්මක යුගයක තම රාජ්‍යයේ උන්නතිය උදෙසා කැපවෙමින් ඔහු ලද ජයග්‍රහණ විඳීමට සිදුවූ දුක්‌ ගැහැට මෙම කතා මාලාව තුළින් මනාවට නිරූපිත වෙයි. ජොංජෝ රජු සිය අධිරාජ්‍යයේ පැවැති ගැටුම් සමතයකට පත් කරමින් රට සශ්‍රීක කෙරුමට අපමණ වූ වෙහෙසක්‌ ගත් එම යුගයේ පරමාදර්ශී යහපත් පාලකයකු වූ අයුරු "යහපත් මහරජ" විද්‍යාමාන කරයි.

"සුජාත දියණිය" සහ "ඉසිවරු වෙදැදුරු" ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්‍ෂණය කළ, ලී බියොන්ග් හුන්ග්, "ලී සන්" (වින්ඩ් ඔෆ් ද පැලස්‌) නැතහොත් "යහපත් මහරජ" හී ද අධ්‍යක්‍ෂවරයායි. එසේම "අභීත දියණිය" සහ "ඉසිවර වෙදැදුරු" තිර රචනය කළ කිම් යි යන්ග් මෙහි ද තිර රචකයායි. "ලී සන්" හෙවත් "ජෝන් ජෝ" රජුගේ ප්‍රධාන චරිතයට ජීවය මුසු කරනුයේ ඊසෝ ජින් නම් කොරියානු රංගන ශිල්පියායි. 2007 වසරේදී එම්.බී.සී. නාලිකාවේ විකාශය ඇරඹුණු මෙම නාටක මාලාව, උසස්‌ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයනට නතුව සම්මාන රැසකටද උරුමකම් කීය.

"යහපත් මහරජ" ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂක රසවතුනට සමීප කරලීම වෙනුවෙන් හඬ නළුව වෙමින්, සීලරතන සෙනරත්, කරුණාරත්න අමරසිංහ, රත්නා ලාලනී, පරාක්‍රම පෙරේරා, රෝහණ සිරිවර්ධන, උලපනේ ගුණසේකර, ප්‍රසන්න ෙµdන්සේකා, රවීන්ද්‍ර කෝදාගොඩ, සමීර ගුණතිලක, තිලාන් වර්ණජිත්, ලාල් සරත් කුමාර, විනෝෂා මාලියද්දේ, නලීන් ප්‍රියදර්ශන, ජයනි රංජනා, ලක්‌මාලී වෙලගෙදර, කසුන් කල්හාර, හිරුණි හඳපාන්ගොඩ, ඇතුළු දෙසියයකට වැඩි ශිල්පීන් පිරිසක්‌ දායකත්වය සපයති. අමාලි විඡේසේකර, තුසිත විදානපතිරණ, හඬ කැවීම් අදියුරුවෙන්ද, බුද්ධික සම්පත්, අසංක කුමාරපේලි හඬ සටහනින් හා මුසුවෙන්ද, සංගීතය හා තේමා ගී තනු ආචාර්ය රෝහණ වීරසිංහයන්ද, තේමා ගී ගැයුම ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ජලින් ගුණතිලකද, සම්බන්ධීකරණයෙන් පුෂ්පිකා පීරිස්‌ සහ අරුණි පතිරාජාද, නම්පෙළ නිමැවුම අයේෂ් රුශන්ත සහ අනිල් සුසන්, නිපැයුම් මෙහෙයුම අනුර ධර්මසේන සහ රංජිත් ද සිල්වා ද එක්‌ව සිටින "යහපත් මහරජ" නවතම මාලා නාටකයේ හඬ කැවීම් අදියුරු උපදෙස්‌, තේමා ගී නිර්මාණය සහ සැකසුම අතුල රන්සිරිලාල් ගෙනි.

සුජීව තත්සර
 

http://www.divaina.com/2014/07/04/cineart05.html

Saturday, July 5, 2014

වංචනික ව්‍යාපාරිකයන් විසින් බිහිකර ඇති ප්‍රචාරවලට අහුවෙන්න එපා!

බොරු විටමින් වර්ග ගැන සාවද්‍ය ප්‍රචාරවලට අහුවෙන්න එපා!

මෙහෙම විටමින් ඇත්තේම නැහැ

විටමින් ගැන අප බොහෝ දෙනෙකු තුළ ඇත්තේ පුදුම විශ්වාසයකි. විටමින් අහුරක් ගිල්ල විට සියලු රෝග දුරින් දුරුවී යන බවට ඇති මතය මිථයාවකි. එහෙත් මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ සත්‍ය වශයෙන්ම පවතින ඉතා සුළු ප්‍රශ්නයන්ගෙන් අපට අවශ්‍ය, ශරීරය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන විටමින් ගැන නොවේ. තම විවිධ නිෂ්පාදන අලෙවිකර ගැනීම සඳහා මුසාවාද ප්‍රචාර, දැන්වීම් හා වෙනත් ප්‍රචාරක මාධ්‍ය උපයෝගී කරගෙන අහිංසක පාරිභෝගිකයන් රැවටීමට වෙර දරන වංචනික ව්‍යාපාරිකයන් විසින් බිහිකර ඇති විටමින් වර්ග ගැනය. ඒවා කිහිපයක් මෙසේය.
විටමින් F
විවිධ එළවළු තෙල් තුළ අඩංගු අසංතෘප්ත මේද අම්ල සමඟ ඇතැම් අය පවසන විටමින් එෆ් භාවිතය හිස කෙස් හැලීම වළක්වා ගැනීමට, ආරතයිටීස් (පර්වදාහය) සුවපත් කිරීමට සහ සමේ ඇතිවන එක්සීමා තත්ත්වයන් (රක්තවාත තත්ත්වයන්) ට ගුණදායක බවට ප්‍රලාපයක් පළ කරයි.
විටමින් O
විටමින් O ලෙස පැවසෙන්නේ සිසිල් බීම එනම් කාබන්ඩයොක්සයිඩ් වායුව එක් කළ පැණි බීම මෙන් පෙන බුබුළු නඟන ලුණු රැසැති පානයක පවතින “O” නම් විටමිනය තුළ අතිරේක ඔක්සිජන් අණු පවතින බව ප්‍රචාරය කරමින් අහිංසකයන් විශේෂයෙන් තරුණ තරුණියන් ඇතුළු ජනතාව රවටති.
විටමින් “O” මඟින් හෘද වේදනාව (ඇන්ජයිනා), නිරක්තිය සහ පෙනහලු ගැටලු සඳහා ගුණදායක තත්ත්වයන් ඇති කරන බව පළකර ඇතත් කිසිදු ආයතනයක් මඟින් එය සනාථ කර නැත.
විටමින් P
විටමින් පී ලෙස නිෂ්පාදනයන් හඳුන්වා දෙන්නේ ප්‍රකෘති රසායනික ගුණයට ගැනෙන “බයොෆ්ලේවෝනොයිඩ්ස්” ය. දෙපාවල ඇතිවන කෙණ්ඩා පෙරලීම වැළැක්වීමට හා සුවපත් කිරීමට මෙන්ම රුධිර සංසරණය විධිමත් කිරීමට ද විටමින් පී සමත් බවට ව්‍යාජ ප්‍රචාරයන් සිදුවෙයි.
විටමින් T
විටමින් ටී සතු හැකියාව ලෙස ප්‍රචාරය වනුයේ රුධිරයේ අඩංගු එක් රුධිර සෛල වර්ගයක් වන රතු රුධිර සෛල ශක්තිමත් කිරීමට එය සමත් බවයි. විටමින් ටී සතු තවත් හැකියාවක් ලෙස ප්‍රචාරය වන්නේ නීරක්තිය හෙවත් ශරීරයේ ලේ අඩුකම (රක්තහීනතාව/ ඇතිමියාව) නැති කිරීමට සමත් බව හුවා දැක්වීමය.
විටමින් U
ගෝවා යුෂ තුළ අඩංගු විටමිනයක් ලෙස ප්‍රචාරය කරන යූ විටමිනය මඟින් ආහාර මාර්ගයේ උදරය හා අන්ත්‍රයන්හී ඇතිවන වණ සහ බඩදැවිල්ල සුවපත් කිරීමට සමත් බවය. ලෝකයේ බෙහෝ දෙනෙකු “ගැස්ට්‍රයිටීස්” රෝග තත්ත්වයෙන් එනම් ආමාශ පටල ප්‍රදාහයෙන් පෙළෙන බැවින් මෙම ප්‍රචාර සඳහා සෑහෙන ඉල්ලුමක් ඉපදවීමට හැකියාව ලැබී ඇත.
විටමින් B-17
B ගණයට විවිධ විටමින තරම් සාවද්‍ය ප්‍රචාරයන්ගෙන් බැටකන වෙනත් විටමිනයක් නොමැති තරම්ය. මේ අතර මේ ලෝකයේ තවම සොයාගෙන නැති බී 17 නම් විටමිනයක් පිළිකා රෝගීන්ට සුවය දෙන බවට වංචනික ප්‍රචාර සිදුවෙමින් පවතියි. විටමින් එෆ්, විටමින් පී, විටමින් ටී, විටමින් යූ, විටමින් බී -17 ආදී බොරු විටමින් ගැන ප්‍රචාර බොහෝවිට පැතිරෙන්නේ නව මාධ්‍ය ලෙස සැලකෙන “ඉන්ටර්නෙට්” හෙවත් අන්තර්ජාලය හරහාය.
පරිගණක මොනිටර් තිරයේ දිස්වෙන ඕනෑම දෙයක් පරම සත්‍යය ලෙස පිළිගන්නා අය ඕනෑ තරම් මේ සමාජයෙහි සිටින නිසා විිවිධ ජාවාරම්කරුවන් ඉන් ප්‍රයෝජන ලබන බව හොඳින් පෙනෙයි. ව්‍යාජ විටමින් හඳුනාගැනීමට නම් විද්‍යාත්මකව පිළිගත්, අපගේ සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍ය වන “සත්‍ය” විටමින් ගැන දැනසිටීමට විටමින් ඒ, ඩී, ඊ සහ කේ යන මේදයෙහි දියවන විටමින් ලෙස හැඳින්වෙන විටමින් හතරක්, විටමින් B ගණයට අයත් විටමින සමූහය තයමීන් හෙවත් විටමින් B-1, රිබොෆ්ලේමින් හෙවත් විටමින් B-2, නිකොටනික් අම්ලය (නයැසින්) හෙවත් විටමින් බී-3, ෆෝලික් අම්ලය, පැන්ටතොනික් අම්ලය හෙවත් විටමින් බී-5, පරිචොක්සින් හෙවත් විටමින් බී-6, බයෝටීන් සහ සයනකොබලමින් හෙවත් විටමින් බි-12 සහ සී විටමිනය යන ජලයෙහි දියවන විටමින ගොන්නය.
මේ විටමින බොහොමයක් අප ගන්නා ආහාර පාන හරහාය. යම් ඌනතාවයක් ඇති වූ විට මල්ටි විටමින් පෙති හෝ පැණි මඟින් ඒවා ලබා ගැනීමට පුළුවන. විටමින් ඩී සහ විටමින් කේ ශරීරය තුළ නිපදවා ගැනීමට ද හැකිය.

හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ නැවතත් සමාජ ගතවියයුතු වන්නේ ඇයි?

හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ නැවතත් සමාජ
ගතවියයුතු වන්නේ ඇයි?

තව තෙසතියකින් එළි දැක්‌වීමට නියමිත උපාලි පුවත්පත් සමාගමේ නවතම ප්‍රකාශයවන "සිත්තරු" චිත්‍ර කතා පත්‍රය පිළිබඳව කෙරෙන විග්‍රහයකි.

ඒ අපූර්ව සමයේ චිත්‍රකතා පත්‍ර සමූහයක්‌ විවිධ වූ නම් දරමින් ලාංකික ජනසමාජයේ නගරබද, ගම්බද මෙන්ම අහුමුලු අතර සැඟව සිටි භද්‍රයෞවනයේ මනුෂ්‍යයෝ පමණක්‌ නොව හයහතර තේරෙන දරුවාගේ සිට වියපත් ස්‌ත්‍රී පුරුෂ මානවයන්ගේද සිත්සතන් තුළ වින්දනීය තෘප්තියක්‌ ඇති කරමින් මහත්වූ සමාජ සංකල්ප පෙරළියක්‌ කරමින් පැවතිණි.

එහෙත් විද්යුත් මාධ්‍යය දියුණුව නිසා පැමිණි රූපවාහිනිය සහ ටෙලි නාට්‍ය නිසාදෝ... කොම්පියුටර් සහ ජංගම දුරකථන නිසාදෝ... මුද්‍රණ වියදම් අධිකවූ නිසාදෝ... වෙනත් මොක මොකක්‌ නිසාදෝ...යි මානම් නොදනිමි. මීට බොහෝ කලක සිට ඒ වින්දනීය අහිංසක චිත්‍රකතා මාධ්‍ය ශ්‍රී ලංකාවෙන් අතුරුදන්ව ඇති බව පමණක්‌ නම් මා දනිමි.

ඉල්ලුමක්‌ තිබියදීම අතුරුදන්වූ හෝ බලහත්කාරයෙන් අතුරුදන් කළ මේ වින්දනීය චිත්‍ර කතා මාධ්‍ය වෙනුවට පාඨකයාගේ විනෝදාංශ සඳහා වැළඳ ගැනීමට ලැබුණු වෙනත් ආදේශකයන් තුළින් චිත්‍රකතා පත්‍රයකින් ලැබූ තෘප්තිය ලැබෙනවාද යන්න පාඨකයාම සිතා බලන බව නම් කිව යුතුමය.

ප්‍රශ්න ගස්‌ පිටින් ඔලුවේ හිටවන ටෙලි නාට්‍ය මෙන්ම හරසුන් චිත්‍රපටද මෙලෝ රහක්‌ නැති ගීතද දිගින් දිගටම බලහත් කාරයෙන් සමාජ ගත කිරීම නිසා මානසික තෘප්තියට වඩා මානසික වෙහෙසට පත්ව සිටින කුණුරස සහ පැණිරස හොඳින් හඳුනන පාඨකයා නැවතත් හොඳ චිත්‍ර කතා පත්‍රයක්‌ මුද්‍රණය වන්නේ නම් මේ ගතවන්නේ ඊට හොඳම කාලය බව දිගින් දිගටම පවසන්නේ විශ්වාසාත්මක බලා පොරොත්තු සහිතවය.

තත්ත්වය මෙසේ පවතිත්දී ශ්‍රී ලංකාවේ සුපිරි ගනයේ චිත්‍ර කතා රජවරුන්ද, පතාක යෝධයන්ද, දක්‍ෂයන් සහ අති දක්‍ෂයන් සියලු දෙනාගේම එකතුවෙන් පවුලේ හැමෝටම එකට සිට කියවිය හැකි අපූරු චිත්‍රකතා පත්‍රයක්‌ එළි දැක්‌වීම පිණිස සීමාසහිත උපාලි පුවත්පත් සමාගම මේ වන විට සූදානමින් සිටී.

මුද්‍රිත මාධ්‍ය තුළ හොඳ චිත්‍රකතා පත්තරයකට ඉතා හොඳ ඉඩක්‌ අද වනවිට නිර්මාණය වී ඇති බැවින් උපාලි පුවත්පත් සමාගමේ නවතම ප්‍රකාශය වන "සිත්තරු" චිත්‍ර කතා පත්‍රය පිළිබඳව සහ හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ නැවතත් සමාජගත විය යුත්තේ ඇයි ද යන ප්‍රශ්නයටත් පිළිතුරු ලබා ගැනීම පිණිස අප සුප්‍රසිද්ධ අග්‍රගණයේ චිත්‍ර කතා ශිල්පීන් කිහිප දෙනෙකු සමග කතා බහ කළෙමු. (මෙහි පළවන්නේ එම සාකච්ඡා තුලින් ලබා ගත් කෙටි අදහස්‌ කීපයකි.)

චිත්‍ර කතා ලෝකයේ රජෙකු ලෙස සලකන ජාතික චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ සභාපති අති ප්‍රවීණ චිත්‍ර ශිල්පී දයා රාජපක්‍ෂ මහතා පළ කළේ මෙවන් අදහසක්‌.

මේ වනවිට මුද්‍රිත මාධ්‍ය වෙළෙඳපොළේ චිත්‍ර කතා පත්තරයක්‌ නොමැතිකම නම් ඇති විශාල අඩු පාඩුවක්‌.

මෙම අඩුව වහාම පිරවිය යුතුයි. හොඳ චිත්‍ර කතා පත්‍රයක්‌ නැවතත් පාඨකයාට ලබාදීමෙන් ඉතා වැදගත් සේවාවන් දෙකක්‌ සිදු වෙනවා. එනම් චිත්‍රකතා පත්‍ර කියවීමෙන් වින්දනයක්‌ ලබාගත් පැරැණි පාඨකයාට නැවතත් එම වින්දනය ලබාදීම සහ චිත්‍ර ශිල්පීන්ට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට මාධ්‍යයක්‌ ලබා දීමත් යන කරුණු දෙක විශේෂයෙන් වැදගත් වනවා. ඒ වගේම අලුත් පරම්පරාවල උදවිය චිත්‍ර කතා මාර්ගයෙන් කියවීමට හුරු වීමත්, චිත්‍ර ඇඳීමට හුරුවීමත් නිර්මාණශීලී වීමත් ඇතුළු ගුණාත්මක වර්ධනයක්‌ සමාජය තුළ ස්‌ථාපිත වීම නැවතත් සිදු වේවි.

ජාතික චිත්‍ර ශිල්පීන්ගේ පදනමේ සභාපතිවරයා හැටියට මම ඉතාමත් සතුටු වෙනවා, මහා සමාජ සත්කාරයක්‌ කළහැකි ඉතාම සංයමයකින් යුතු චිත්‍ර කතා පත්‍රයක්‌ නැවතත් වෙළෙඳපොළට පැමිණීම පිළිබඳව.

විශ්ව සාහිත්‍ය කෘති 200 කට ආසන්න ප්‍රමාණයකුත් ජාතක කතා 40 කට ආසන්න ප්‍රමාණයකුත් සමාජයට වැදගත් වන විවිධ කතා රාශියකුත් චිත්‍රකතාවට නවමින් අනුපමේය සේවාවක්‌ කළ චිත්‍ර කතා ලෝකයේ දැවැන්ත ප්‍රතිරූපයක්‌ ගොඩනඟාගත් බන්දුල හරිස්‌චන්ද්‍රයන්ද අපට අදහස්‌ දැක්‌විය.

මම චිත්‍ර කතා ඇඳීම නවත්වල වසර ගණනාවක්‌ වෙනවා. ඒත් උපාලි පුවත්පත් සමාගමේ නවතම ප්‍රකාශය වන "සිත්තරු" පත්‍රයට චිත්‍ර කතාවක්‌ ඇඳීම සඳහා මට කළ ආරාධනාව මම සතුටින් පිළිගත්තා. ඇත්තෙන්ම චිත්‍ර කතා පත්‍රයක අඩුව අද විශාල ලෙස තිබෙනවා.

ආදරය ප්‍රේමය ත්‍රාසය විශ්මය සහ වීරත්වය ඇතුළු සියලු අංශයන් නියෝජනය වන පරිදි කාම කතාවලින් තොර හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ එළි දැක්‌වේවි කියන විශ්වාසය මට තියෙනවා.

ඒවගේම චිත්‍ර කතා පත්‍රයක්‌ නැවත පැමිණීමෙන් සමාජය තුළ අලුත් වෙනසක්‌ ඇති කරාවි. පැරැණි චිත්‍රකතා පාඨකයන් වියපත් අය වුවත් තවමත් ඒ අය චිත්‍ර කතා පත්තර ඉල්ලනවා. ඒ වගේම අලුත් සමාජයත් මේ අලුත් චිත්‍ර කතා පත්තරය සතුටින් වැළඳ ගනීවී කියන විශ්වාසය මට තිබෙනවා.

උපාලි පුවත්පත් ආයතනයත් සමග පැරැණි ප්‍රවීන චිත්‍ර ශිල්පීන් මෙන්ම නැගී එන චිත්‍ර ශිල්පීනුත් සම්බන්ධ වී සිටීම මෙම "සිත්තරු" පත්‍රය ජනප්‍රිය වීමට හේතුවේවි.

චිත්‍ර කතා ලෝකයේ පතාක යෝධයකු ලෙස අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකි තවත් ප්‍රබල චරිතයකි ජනක රත්නායක මහතා. අපි එතුමා ගෙන්ද චිත්‍රකතා පත්‍රයක්‌ අද අවශ්‍යව ඇත්තේ ඇයි යන ප්‍රශ්නයම නැඟුවා.

අද අනිවාර්යයෙන්ම චිත්‍රකතා පත්තරයක අඩුව බරපතළවම රටට දැනෙනවා. චිත්‍ර කතා පත්තර තියෙන කාලේ ලංකාවෙ හැම පවුලකම එක්‌කෙනෙක්‌ හරි චිත්‍ර ඇඳීම පිළිබඳව උනන්දුවක්‌ දැක්‌වූවා. ඒ කියන්නේ පවුලක එක්‌කෙනෙක්‌ හරි චිත්‍ර ශිල්පියෙක්‌. චිත්‍ර ශිල්පියෙක්‌ කියන්නේ නිර්මාණකරුවෙක්‌.

වර්තමානයේ කම්පියුටරයක්‌ සමග චිත්‍ර අඳින ග්‍රැෆික්‌ ආටිස්‌ලා කරන්නෙත් චිත්‍ර ඇඳීමක්‌ තමයි. ඒත් කී බෝඩ් එකත් මවුස්‌ එකත් සමග කම්පියුටරේ අඳින චිත්‍රයට වඩා පැන්සලත් පින්සලත් සමග අතින් අඳින චිත්‍රයේ තිබෙන සජීවී බව සහ ප්‍රාණවත් බව වැඩියි. ඉදිරියටත් මෙවැනි චිත්‍ර ශිල්පීන් බිහිවීමට චිත්‍රකතා පත්තර අනිවාර්ය සාධකයක්‌ වෙනවා.

හොඳ චිත්‍ර ශිල්පීන් බිහිවීමටත් ඔවුන්ගේ අනාගතය ගැන විශ්වාසය තැබීමටත් ඔවුන්ගේ නිර්මාණ සමාජගත කිරීමටත් තැනක්‌ තිබිය යුතුයි. චිත්‍ර කතා පත්තරයක්‌ කියන්නේ ඊට ඉතාම හොඳ තැනක්‌. මේ වනවිට චිත්‍ර ශිල්පීන් ලෙස අප කිහිප දෙනයි රැකී තිබෙන්නේ. බහුතරයක්‌ චිත්‍රශිල්පීන් වෙනත් වෘත්තීන් තෝරාගෙන තිබෙනවා චිත්‍ර ශිල්පීන්ට අනාගතයක්‌ අපේ රටේ නැතැයි කියන ස්‌ථාවරය මත.... ඒ සියල්ලටම හොඳම විසඳුමක්‌ තමයි හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ වෙළෙඳපොළට පැමිණීම.

බටහිර වේගවත් චිත්‍රකතා ශෛලියට චිත්‍ර කතා අඳින ලංකාවේ දැනට සිටින එකම අති දක්‍ෂ ප්‍රවීණතම චිත්‍ර ශිල්පියා ලෙසට සැලකෙන ඇන්ටන් බී. පෙරේරා මහතා සමගද මා කතා කළා.

චිත්‍ර කතා මාධ්‍ය ලංකාවේ පටන් ගත්තේ

එක්‌දහස්‌ නවසිය හතළිස්‌ ගණන්වල. ඒ තමයි එකල පළවූ එක්‌තරා පුවත්පතක ජී. එස්‌. ප්‍රනාන්දු මහත්තයා ඇඳපු "නීලා" කියන චිත්‍ර කතාව.

එදා පටන් ගත් චිත්‍ර කතා විකාශනය ඉන්පසු සුසිල් ප්‍රේමරත්න, තලංගම ජයසිංහ, බන්දුල හරිස්‌චන්ද්‍ර (ඒ ඒ යුග නියෝජනය කළ ප්‍රධානීන්) වැනි දක්‍ෂ චිත්‍ර ශිල්පීන් චිත්‍රකතා මාධ්‍ය දිගටම රැගෙන ආවා.

1972 දී ඉතා පළල් විකාශනයක්‌ සහිතව නැඟී ආ චිත්‍ර කතා මාධ්‍ය හරහා අලුත් චිත්‍ර ශිල්පීන් කාටුන් ශිල්පීන් මෙන්ම විශාල චිත්‍ර කතා රසිකයන් සංඛ්‍යාවක්‌ද බිහිකළා.

මම අංකුර චිත්‍රශිල්පියෙක්‌ හැටියට 1975 දී ටෝරස්‌ කියන කතාව චිත්‍ර කතා පත්‍රයකට අඳිමින් ආරම්භ කළ ගමන තමයි මේ යන්නේ.

මගේ බටහිර වේගවත් චිත්‍ර කතා ශෛලිය නිසා මාව ලොස්‌ ඇන්ජලීස්‌වල ප්‍රකාශනය වන ඉංග්‍රීසි චිත්‍රකතා පත්‍රයක චිත්‍ර ශිල්පියෙක්‌ හැටියට තෝරාගෙන තිබෙනවා. මම ඒ පත්තරයටත් කතා අඳිනවා.

අපේ රටේ චිත්‍ර කතා පත්තර නොමැති වී බිහිවීමට සිටි චිත්‍ර ශිල්පීන් විශාල පිරිසකට සහ පාඨකයන්ට වුණු අසාධාරණයක්‌ හැටියටයි මම දකින්නේ.

කොහොම වුණත් උපාලි පුවත්පත් අයතනය මගේ මවු ආයතනයයි. එනිසා මම ඉතාම සතුටින් "සිත්තරු" සමග එකතුව වැඩ කරනවා. මම විශ්වාස කරනවා වර්තමානයේ සියලු පාඨකයන්ට ගැලපෙන රසවත් චිත්‍රකතා පෙලක්‌ සහිත පත්තරයක්‌ බවට "සිත්තරු" පත්වේවි කියා.

රාම-සීතා, සාලිය-අශෝකමාලා ගාමිණි - උන්මාදචිත්‍රා වැනි පැරැණි ප්‍රේම වෘත්තාන්තවලට දේදුනු කැලුම් නමැති අලුත් පෙම් යුවළත් එකතු කරමින් චිත්‍ර කතා ආදර ලෝකය උඩුයටිකුරු කළ අසහාය දැවැන්තයකු ලෙස විරුදාවලිය ලත් බලංගොඩ සරත් මධු නම් අති ප්‍රවීණ චිත්‍ර ශිල්පියාගෙන්ද මම චිත්‍ර කතා පත්තරයක්‌ නැවත පැමිණීමේ අවශ්‍යතාවය පිළිබඳ විමසුවෙමි.

චිත්‍ර කතා පත්තර තියෙන කාලෙ ඒව බලළ පාසල් ලමයි චිත්‍ර අඳින්න හුරු වුණා දැන් ඉන්න දරුවන් වැඩි පිරිසකට හරියට මානව රූපයක්‌ අඳින්න හැකියාව නැහැ. ඒකට ප්‍රධානම හේතුවක්‌ තමයි නිතර චිත්‍ර ඇස නොගැටීම. චිත්‍ර කතා පත්තරයක්‌ තියෙනවා නම් නිතර නිතර ඇස ගැටෙන නිසා චිත්‍ර ඇඳීමේ හැකියාව වර්ධනය කර ගන්න පුළුවන්. ඒක ඉතා වැදගත් දෙයක්‌.

එදා අපේ චිත්‍ර බලාගෙන ඇඳලා චිත්‍ර අඳින්න බොහෝ අය පුරුදු වුණා. ඊට පසු චිත්‍ර කතා පත්තර නැවතීමත් සමගම බිහිවීමට සිටි අලුත් චිත්‍ර ශිල්පීන් විශාල පිරිසක්‌ රටට අහිමි වුණා.

හොඳ වින්දනයක්‌ සහිත සරල දෘෂ්‍ය මාධ්‍යයක්‌ වන චිත්‍ර කතා පත්තර නැවත වෙළෙඳපොළට පැමිණීමෙන් පවත්නා සමාජ වින්දනීය අවශ්‍යතාවලට හොඳ විසඳුමක්‌ වේවියි මා සිතනවා.

චිත්‍රකතා පත්තරයකට අද හොඳ ඉඩක්‌ තිබෙනවා. හැබැයි ඒ "හොඳ" චිත්‍ර කතා පත්තරයකට.

චිත්‍රකතා මාධ්‍ය තුළ පාඨකයා රඳවාගැනීම පිණිස අදටත් දැවැන්ත මෙහෙවරක යෙදෙන චිත්‍ර කතා ලෝකයේ පතාක යෝධයන් අතර නොසැලී සිටින අනුර ශ්‍රීනාත් අති දක්‍ෂ ප්‍රවීණ චිත්‍ර ශිල්පියා සමග කළ සංවාදයේ සටහනයි මේ.

මම දැනටත් සතියකට චිත්‍ර කතා 06 ක්‌ අනිවාර්යයෙන් අඳිනවා. ඒක ඉතා වෙහෙසකර කාර්යයක්‌. නමුත් තෘප්තිමත්.

පසුගිය කාලේ චිත්‍ර කතා පත්තර රටේ නැතිව තිබුණේ. ඒත් මම ටෝක්‌ ඇන්ඩ් ජෝක්‌ නමින් චිත්‍රකතා සඟරාවක්‌ නිකුත් කළා මාසිකව. ප්‍රවීන චිත්‍ර ශිල්පීන් රාශියක්‌ මාසමග මගේ සඟරාවේ වැඩ කළා. ඊට හොඳ ඉල්ලුමක්‌ තිබුණා. නමුත් බෙදාහැරීමේ ගැටලු නිසා එය නවතා දැමීමට සිදුවුණා.

මම ලද ඒ අත්දැකීමෙන් දන්නවා අද චිත්‍ර කතා පත්‍රයකට ඇති ඉල්ලුම කොතරම්ද කියා. මිනිසුන්ගේ වින්දනය පිණිස එදා රූපවාහිනිය හොඳ දේවල් කළා. ඒත් අද තියෙන්නේ නිතර අඬාවැලිපිලි සහ ප්‍රශ්න පත්තර පිටින් තියෙන ටෙලි නාට්‍ය වැනි දේවල්. ජනතාව ඒ තුළින් වින්දනයක්‌ ලබනවා ද කියන එක ප්‍රශ්නයක්‌. ඒ කියන්නෙ මිනිසුන් වින්දනීය අඩු පාඩු සහිතව ඉන්න පිරිසක්‌ බවට පත්වෙලා..

එදා පාඨකයන් ආදරයෙන් වැළඳගත් චිත්‍රකතා පත්තර නැතිව යැමට බලපෑ කරුණු ලෙස මම වෙනත් මාධ්‍යවලට පමණක්‌ චෝදනා කරන්නේ නැහැ. එහි වගකීම චිත්‍රකතා ශිල්පීනුත් භාරගත යුතුයි. මුදල් ලබා ගැනීම පිණිස මුදලාලිලාට අවශ්‍ය දේ පමණක්‌ ඇඳ දීම චිත්‍රකතා ඇඳීම නොවෙයි. තමන්ගේ පෞරුෂය රැකගෙන මුදලට වඩා ආත්මගරුත්වයට ගරු කරගනිමින් චිත්‍රකතා අඳිනවා නම් චිත්‍රකතා පත්‍රයක්‌ තුළින් හොඳ දිගු ගමනක්‌ ඕනෑම චිත්‍ර ශිල්පියෙකුට යා හැකියි මා විශ්වාස කරනවා.

ඔහුගේ චිත්‍රකතා ඉතා අපූරු මෙන්ම විශ්ෂ්ට නිර්මාණයන් විය. මිට දශක 03 කට පෙර ඔහුගේ චිත්‍ර කතා තුළින් අද දවස පාඨකයාට පෙන්නුවේය. අද පවතින නවීකරණය වූ නගර අධිවේගී මාර්ග, මෙන්ම අති නවීන සුපර්මාර්කට්‌, යෞවන යෞවනියන්ගේ අද පවතින කොණ්‌ඩා සහ ඇඳුම් විලාසිතා ඔහුගේ චිත්‍රකතාවල එදා අපූරුවට ඇඳ තිබිණි. විශිෂ්ට ගනයේ චිත්‍ර කතා ශිල්පියෙකු වූද ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රධාන සංවිධායකවරයා වූ ද ජූඩ් ශ්‍රීමාල් සමගද අප කතා බහ කළෙමු.

උපාලි පුවත්පත් ආයතනය කියන්නේ මා ඇතුළු විශාල චිත්‍ර ශිල්පීන් පිරිසකගේ මහ ගෙදර කියන එක සත්‍ය කාරණයක්‌. මම "සිත්තරු" පත්‍රය මගේ දායකත්වයත් සමග ලංකාවේ ඉතාම ප්‍රවීණ දක්‍ෂ චිත්‍ර ශිල්පීන් විශාල පිරිසකගේ එකතුවෙන් නිමැවෙන චිත්‍ර කතා පත්තරයක්‌. හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ වුවත් ඉතා හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ ලෙස "සිත්තරු" පාඨකයා අතරට යෑවීමට අපි විශාල කැප කිරීමක්‌ කරනවා.

අපිට හොඳට මතකයි, එදා ලංකාවේ චිත්‍ර කතාවලට තිබූ ඉල්ලුම පිළිබඳව. මුලින්ම හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ දෙකක්‌ බිහිවුණා. ඊට දායක වූවන් ලංකාවේ හොඳම චිත්‍ර ශිල්පීන්.

එදා චිත්‍ර කතා පත්තර අච්චුගහනකොට කිව්වේ සල්ලි අච්චුගහනවා කියලයි. ඒතරමටම හොඳ වෙළෙඳපොළක්‌ තිබුණා. නමුත් අවාසනාවට ලී මුදලාලිලයි, තෙල් මුදලාලිලයි. බේකරි මුදලාලිලයි වගේ උදවිය චිත්‍රකතා පත්තර හැම තැනින්ම පටන් ගත්තා. සීමා සහිතව හිටපු චිත්‍ර ශිල්පීන්ට විශාල ලෙස මුදල් ගෙවා තමන්ගේ චිත්‍ර කතා පත්තරයට චිත්‍රකතා අන්දවා ගත්තා. ඉල්ලුම වැඩි නිසාම හොඳ චිත්‍ර කතා වෙනුවට මොනවා හරි උඩින් පල්ලෙන් ඇඳලා සල්ලි හොයන්න සමහර චිත්‍ර කතා ශිල්පියෝ පුරුදු වුණා. ආදර කතා වෙනුවට කාම කතා අඳින්න පටන් ගත්තා. කිසිම සුන්දරත්වයක්‌ නැති විකාර කතා අදින්නට පටන් ගත්තා. ඉතාම පිරිසිදුව රසවත් ලෙස ගලා ගිය චිත්‍ර කතා කලාව විනාශ වෙන්න පටන් ගත්තා.

ජනතාවත් ටිකෙන් ටික චිත්‍ර කතා පත්තරවලින් ඈත් වෙන්න පටන් ගත්තා. ඊට මුද්‍රණ වියදම් අධික වීමත් යම් බලපෑමක්‌ නොවුණාම නොවෙයි. ඒත් මිල වැඩිකර හෝ විකිණීමට තිබූ හැකියාව නැතිව ගියා හතු පිපෙන්නා සේ බිහිවූ චිත්‍ර කතා පත්තර නිසා.

මම විශ්වාස කරනවා, නැවතත් එවන් තත්ත්වයක්‌ උදාවෙන එකක්‌ නැහැ කියලා.

මේ මස අවසාන වන විට "සිත්තරු" චිත්‍ර කතා පත්‍රය වෙළෙඳපළට පැමිණෙනු ඇත. කලකට පසු චිත්‍රකතා පත්තරයකින් ලැබිය හැකි උපරිම වින්දනය පාඨකයාට නැවතත් ලැබෙනු ඇත.

කෙසේ වුවද කල්වේලා ඇතිව පත්‍රයක්‌ වෙන්කරවා ගැනීමෙන් ඔබට "සිත්තරු" පත්‍රයක්‌ සොයා ඒ මේ අත දිවීමේ අපහසුතාවයෙන් ගැලවීමට හැකිsවනු ඇත.

අමරසිංහ මාලගේ


http://www.divaina.com/2014/07/06/feature15.html

Thursday, July 3, 2014

හස්‌ත කර්මාන්ත කලාකරුවන්ගෙන් ගැමි ආර්ථිකය නංවන්න ඉහළ දායකත්වයක්‌


ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් හස්‌ත කර්මාන්ත නිර්මාණයක්‌ පරික්‌ෂා කරන අයුරු....














විශ්මිත ගල්වඩුවන්, ලී වඩුවන් පමණක්‌ද.... අතීතයේ විසූ අපේ මුතුන්මිත්තන් අතර සිටි ශ්‍රේෂ්ඨ කලාකරුවන් රැසක්‌ එදා කළ විස්‌කම් නිමැවුම්... අදත් අප රට ජාත්‍යන්තර තලයේ රැව් දෙන්නට හේතුවී තිබේ.

සීගිරිය, ඉසුරුමුණිය... ඇම්බැක්‌ක පමණක්‌ නොව අනුරාධපුර පොළොන්නරු මහා වෙහෙර විහාර... ගල් පිළිම ඊට නිදසුන් කිහිපයකි.

එදා ඒ දස්‌කම් විස්‌කම් පෑ කලාකරුවන්ගෙන් පැවැත එන්නේ අදත් අපේ රටේ තැන් තැන්හි සිටි නෙක විසිතුරු නිර්මාණ සිය දැතේ වීරියෙන් නිමකර..... දෙස්‌ විදෙස්‌ රසකාමීන්ගේ ඇගයුමට පැසසුමට පාත්‍රවෙමින් සිටිති.

අපේ රටේ සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්තකරුවන්ද එවන් පරපුරකින් පැවැත එන්නෝ වෙති. ඔවුන්ගේ දැතින් නිමවන ලී කැටයම්, මැහුම් ගෙතුම්, නෙලූ පිළිම, ඇඳුම් ආයිත්තම්, පිත්තල නිර්මාණ මෙන්ම නොයෙක්‌ නොයෙක්‌ විසිතුරු භාණ්‌ඩ... මෙරට පමණක්‌ නොව පිටරැටියන්ගේද සිත් ගන්නේ... වචනයේ පරිසමාප්ත අරුතින්ම ඒවා විශිෂ්ට කලා නිර්මාණයන් වීම නිසාම පමණක්‌ද... නැත...... ඒවායෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවද පිළිබිඹු වන නිසාය.

ජාතික ශිල්ප සභාව මේ හස්‌ත කර්මාන්ත කරුවන්ට යම් වටිනාකමක්‌ ලබාදෙමින් ඔවුන් සිටින තැනින් ඉහළට ඔසොවා තබන්නට මැදිහත්ව සිටින රජයේ ආයතනයයි.

මෙකී කලාකරුවන්ගේ අගය, වටිනාකම මැනවින් වටහා ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා... ඔවුනට සිය නිර්මාණ වඩාත් හොඳින් කරගැනීම සඳහා පහසුකම් සපයන්නට 2013 අයවැයේදීත්, 2014 අයවැයේදීත් සැලකිය යුතු මුදලක්‌ වෙන් කළේය. මෙම මුදල් වැය කරමින් ජාතික ශිල්ප සභාව, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්‌ව සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහනක්‌ දියත් කරමින් සිටී.

ගාල්ල බෝපෙ පෝද්දල සාම්ප්‍රදායික ලී කැටයම් ගම්මානයද එවැනි සංවර්ධනය වූ ගම්මානයකි. මේ ලී කැටයම් ගම්මානයේ පහසුකම් ශිල්පීන් වෙත පැවරීමේ උත්සවය අද (04දා) පෙරවරු 11.30 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස්‌ දේවානන්දා මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.

මේ ගම්මානය සංවර්ධනය කළේ ජාතික ශිල්ප සභාව, සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන පිළිබඳ අපි ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන මහතා සමඟ කතා කළෙමු. මතු දැක්‌වෙන්නේ ඒ කතාබහේ සටහන්ය.

මෙම වැඩසටහන ආරම්භ වූයේ කෙසේද?

අපේ රටේ සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මානවල ඉන්නා ශිල්පීන්ගේ තත්ත්වය නඟා සිටුවන්න ජනාධිපතිතුමා තීරණය කළේ 2011 දී. ඒ අනුව තමයි එතුමා 2012 දී ඉදිරිපත් කළ අයවැයෙන් රුපියල් කෝටි 10 ක්‌ වෙන් කළේ.

ඒ මුදල මගින් කළ වැඩසටහන් මොනවාද?

අපි 2013 වසරේදී ගම්මාන හතකට පහසුකම් ලබාදුන්නා. ගාල්ල බෝපේ පෝද්දල අද ජනතාව අතට පහසුකම් ලබාදෙන ලී කැටයම් ගම්මානය. ඒ වගේම මාතර හිත්තැටිය සංගීත භාණ්‌ඩ ගම්මානය, මාතලේ උණපේරුව සේසත් ගම්මානය සහ පහළ හපුවිද ලාක්‍ෂා ගම්මානය මහනුවර හීලවිල ස්‌වර්ණාභරණ ගම්මානය සහ කුරගල සංගීත භාණ්‌ඩ ගම්මානය, කළුතර බණ්‌ඩාරවත්ත බටුවිට වෙස්‌ මුහුණු ගම්මානය, මේ ගම්මාන හත තුළ අපි වැඩමුළු, වැඩමඬු වගේම විදුලි පහසුකම්, උපකරණ, අමුද්‍රව්‍ය පොදු පහසුකම් මධ්‍යස්‌ථාන ඉදිකිරීම ආදිය ලබා දුන්නා. මේ ගම්මානවල කලාකරුවන් සංචාරක ක්‍ෂේත්‍රයට බද්ධ වන පරිදි ප්‍රචාරක වැඩසටහන්, නාම පුවරු, අත්පත්‍රිකා සකස්‌ කර ප්‍රචාරණ වැඩසටහන් සකස්‌ කළා. 2013 වසර අවසන් වෙද්දී ඒ ගම්මානවල සංවර්ධන වැඩසටහන් නිම කළා.

මේ වැඩසටහන ඔස්‌සේ ප්‍රතිලාභ ලබන අය පිළිබඳ කතා කළොත්?

ඔව්... ඔය කලින් සඳහන් කළ ගම්මාන හත හරහා පවුල් 306 කට ප්‍රතිලාභ ලැබෙනවා. අදාළ බෝපෙ පෝද්දල ජනතා අයිතියට පවතින ලී කැටයම් ගම්මානය තුළින් පවුල් 132 ක්‌ සඳහා පහසුකම් සැලසෙනවා. මේ අනුව ඔවුන්ගේ නිෂ්පාදන පහසුකම් දිරිමත් කිරීම, අලෙවි කටයුතු දිරිමත් කිරීම, නව මෝස්‌තර සැලසුම් කිරීම් ආදී කටයුතු ශක්‌තිමත් කෙරෙනවා. ඒ වගේම දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා මේ ගම්මානවල දොරටු විවෘත වෙනවා.

හොඳ වෙළෙඳපොළක්‌.... මේ කලාකරුවන්ට තිබෙන විශාලම ගැටළුව නේද?

හස්‌ත කර්මාන්ත ශිල්පීන්ට තිබෙන විශාලම ගැටලුව තමයි තමන්ගේ නිර්මාණ සඳහා හොඳ මිලක්‌ නැතිකම. වෙළෙඳපොළේ ඉහළ මිලක්‌ ලැබෙනවා. නමුත් ඒ මුදල ලැබෙන්නේ ශිල්පියාට නොවේ. අතරමැදියන්ට. එනිසා අපේ උත්සාහය තමයි මේ නිර්මාණ ශිල්පීන්ගේ නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයා අතට පත්කිරීමට අවස්‌ථාව සලසාදීම. එය මේ හස්‌ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ යෙදී සිටින තිස්‌ දහසකට අධික පිරිසට ලැබෙන හොඳ අවස්‌ථාවක්‌. අතරමැදියන්ගෙන් තොරව තම නිර්මාණ අලෙවි කර ගත හැකිනම් ශිල්පියාට ඉහළ මිලක්‌ ලබා ගත හැකියි.

මේ සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන අඛණ්‌ඩව ඉදිරියට ගෙන යනවාද?

ඔව්... ජනාධිපතිතුමා 2013 දී අයවැය ඉදිරිපත් කරමින් 2014 වසර සඳහාත් මේ වෙනුවෙන් රුපියල් කෝටි හතරකට වැඩි මුදලක්‌ වෙන්කළා. අපි ඒ මුදලින් තවත් ගම්මාන 11 ක්‌ සංවර්ධනය කරමින් ඉන්නේ. ඒ අනුව මැටිගම්මාන, සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මාන හා ව්‍යවසායකත්ව ගම්මාන ලෙස ගම් එකොළහක්‌ දැනට සංවර්ධනය කෙරෙනවා. අපේ අමාත්‍යාංශය වගේම කාර්මික සංවර්ධන මණ්‌ඩලය, ජාතික මෝස්‌තර මධ්‍යස්‌ථානයත් මේ සඳහා එක්‌ව සිටිනවා. පළාත් සහ දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් කටයුතු කරන ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් මේ ශිල්පීන් නඟා සිටුවීමට දැවැන්ත කැපවීමක්‌ සිදුකරනවා. සාම්ප්‍රදායක කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස්‌ දේවානන්දා මහතාත්, ලේකම් පී. සිවඥාණසෝති මහතාත් ඇතුළු නිලධාරීන්ගේ සහාය ඇතිව මේ ව්‍යාපෘතිය දැනට සාර්ථක ලෙස සිදුකෙරෙනවා. 2015 වසරේදීත් මෙවැනිම සභා මීටත් වඩා පුළුල් සංවර්ධන වැඩසටහන් ගණනාවක්‌ මුල්කර ගනිමින් ගම්මාන 15 ක්‌ සංවර්ධනය කරන්නයි අපේ බලාපොරොත්තුව. ජනාධිපතිතුමාට අවශ්‍යයි මේ හස්‌ත කර්මාන්ත ක්‍ෂේත්‍රය නඟා සිටුවන්න. මෙතරම් මුදලක්‌ ඒ සඳහා වෙන්කළ පළමු අවස්‌ථාව මෙයයි. අපේ රටේ කෘෂිකර්මයේ යෙදී සිටින පිරිසට පසු වැඩිම දායකත්වයක්‌ ග්‍රාමීය ආර්ථිකයට ලබාදෙන්නේ හස්‌ත කර්මාන්ත ශිල්පීන්. මේ ශිල්පීන් ඉතා සංවේදී, දක්‍ෂ හැකියාවන්ගෙන් පිරි, කුසලතා පූර්ණ පිරිසක්‌. ඔවුන් නිහඬව කරන සේවය අගය කළ යුතුයි. පොහොර සහනාධාරය, ඉන්ධන සහනාධාරය ඉල්ලා පාර තොටේ උද්ඝෝෂණය කරන අය සිටියත් අපේ මේ හස්‌ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අය සියලු ප්‍රශ්න ඉවසාගෙන මේ ක්‍ෂේත්‍රයට කරන දැවැන්ත මෙහෙය අගය කළ යුතුයි. රටේ සංස්‌කෘතිය, ජාතිකත්වය කිර්තිය ලොවට පෙන්වන මේ අයට ජනාධිපතිතුමා තවදුරටත් ශක්‌තිය ලබාදෙන බව විශ්වාසයි.

අජිත් අලහකෝන්

http://www.divaina.com/2014/07/04/index.htm

“රැගෙන අවි මමද එමි”

සමාජ පරිශෝධනවාදී නාට්‍ය කලාවක් ලංකාවේ ස්ථාපිත කරන්න බ්‍රෙෂ්ට් අවශ්‍යයි!
 

“රැගෙන අවි මමද එමි” සමඟ එන ධර්මජිත් පුනර්ජීව
“බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය” විසින් මැයි මස 10 දින බ්‍රෙෂ්ට් ගේ “Senora Carrar's Rifles” නාට්‍යයේ සිංහල පරිවර්තනය “රැගෙන අවි මමද එමි” නමින් රඟ දක්වන්නට යෙදුණි. හමුදා පාලනය, කැරළිකාරිත්වය අතරමැද “මධ්‍යස්ථව” හිඳිමින් ජීවත් විය හැකි ද යන්න සංවාදයට බදුන් කරණ තේමාවක් රැගත් මෙම නාට්‍යය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු විසිනි. අධ්‍යක්ෂණය ධර්මජිත් පුණර්ජීව යි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය කරණ ක්‍රියාදාමය පිළිබඳව “බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය” පිළිබඳවත් අධ්‍යක්ෂ ධර්මජිත් පුණර්ජීව සමඟ සිළුමිණ වෙනුවෙන් මෙම සංවාදය පවත්වනු ලැබූවේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි විසිනි.
Drama නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙන බව අප කවුරුත් දන්නවා. මෙමඟින් ආසියාතික නාට්‍ය සම්ප්‍රදාය වඩාත් ශෛලිගත ආකෘතියකින් සෞන්දර්යයට ළං කරනු ලබන අතර බටහිර හා යුරෝපීය සම්ප්‍රදාය සෞන්දර්යයට වඩා යථාර්ථයට ළං කරනු ලබනවා. මේ ප්‍රවර්ග පිළිබඳව මුලින්ම හැඳින්වීමක් කළොත්...?
මිනිස් ශිෂ්ටාචාරය ම්ලේච්ඡත්වයෙන් ගෝත්‍රික යුගයටත් ඉන් අනතුරුව කර්මාන්ත හා විද්‍යා යුගයටත් පිවිසීමේ දී ආගම හා විශ්වාස පද්ධති මිනිසාගේ සිත තුළ ක්‍රියා කර ඇති ආකාරය හුවා දක්වන නාට්‍යමය ආකෘති දෙක හැටියටයි නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී ප්‍රවර්ග මා හඳුනා ගන්නේ. ග්‍රීක නාට්‍යයේ සම්භවය ඉතිහාසමය මූලාශ්‍ර සැපයුවත් මහා භාරතීය දේව පුරාණය හා බැඳී යාග හෝම වසර දහස් ගණනක් දිව යන බවයි මගේ විශ්වාසය. එය සභ්‍යත්වය අතින් ග්‍රීසියේ හා චීනයේ වැදි ජනතාව අතර ඇති වුණු ප්‍රාරම්භක නාට්‍ය අබිබවා යන්නක්. ඉතිහාසමය වශයෙන් මේ රටවල් තුනේම උත්පත්තිය ආගමික උත්සව පූජා කර්ම වලින් ඇති වුවත් මහා භාරතීය දේව සංකල්ප නාට්‍ය කලාව ශාස්ත්‍රයක් සේ විදාරණය වූ බවට ඇති සාක්ෂි එමටයි. නාට්‍ය ශාස්ත්‍රයේ එන “නෘත්ත” හා “නෘත්‍ය” (එනම් නර්තනය හෙවත් ශරීරයේ ලාලිත්‍ය ප්‍රකාශනය) නාට්‍ය නමැති චතුර්විධ අභිනයෙන් යුතු ප්‍රකාශනය ප්‍රභවය වන නර්තනය ඊට හොඳම නිදසුනයි.
නෘත්ත - ගාත්‍රවික්ෂේපමත්‍රන් තු සර්වාභිනයවර්ජිතම්
ආණ්ගිකොක්තප්‍රකාරෙන නෘත්තන් නෘත්තවිදෝ විදු
නෘත්‍ය - ආන්ගිකාභිනයෙරෙව භාවනේව ව්‍යනක්ති යත්
තන්නෘත්යං මාර්ග ශබ්දෙන ප්‍රසිද්ධන් නෘත්‍ය වේදිනම් (භරතමුනි ගේ නාට්‍ය ශාස්ත්‍රයෙන්)
ආසියාතික නාට්‍ය සම්ප්‍රදාය වඩාත් ශෛලීගත ආකෘතියකින් යුක්ත වන්නේ මෙවන් ඓතිහාසික පසුබිමක යි. එසේම ග්‍රීසියේ විසු ඇරිස්ටෝටල් පඬිවරයාගේ න්‍යාය ග්‍රන්ථයක් වන කාව්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය වූ කලී කිසියම් කාර්යයක් “අනුකරණය” කිරීම යනුවෙන් විග්‍රහ කළා. අති සම්භාවනීය යථාර්ථවාදී කලාවක් හැටියට වර්තමානයේ සලකන ග්‍රීක නාට්‍ය කලාව සොෆොක්ලීස්, ඊස්කිලස්, යුරිපිඩීස් බිහි කරන්නේ සමාජ දේශපාලන සංවාද කව ඔස්සේ. බටහිර යථාර්ථවාදී නාට්‍ය රීතිය බිහි වන්නේත් ග්‍රීක නාට්‍ය ඔස්සේ. ඒ අතර ආසියානු නාට්‍ය පෝෂණය වන්නේ දෙවියන් ඇසුරේ.
නැටුම්, ගැයුම්, වැයුම් සංයුක්ත කළ ආසියානු නාට්‍ය කලාව, සමාජ යථාර්ථය / සමකාලීන දේශපාලනික සන්දර්භය ප්‍රකාශ කළ නොහැකි සෞන්දර්ය වේදයට පමණක් අයිති නාට්‍ය කුලකයක් වන්නේ ද?
ආකෘතිමය වශයෙන් “මනමේ”, “සිංහබාහු” නාට්‍ය ප්‍රකාශනය අපගේ ජනශ්‍රැතියේ නූතන පරිභාවිතාව යි. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නැටුම, ගැයුම, වැයුමේ ආකෘතිය එහි අන්තර්ගත යි. සරච්චන්ද්‍ර ඒ නිසාම මෙය හැඳින්වූයේ “ශෛලීගත නාට්‍ය” කියලයි. ඓතිහාසික නැටුම්, ගැයුම්, වැයුම්, ආකෘති ඇසුරේ සමාජ දේශපාලනික සන්දර්භයන් සාකච්ඡා කළ නොහැකි ය යන පැනය ගොඩ නැඟුවේ විචාරකයින් විසින්. සරච්චන්ද්‍ර පවා මේ පැනයේදී නිරුත්තර වී කියා සිටියේ මගේ ආකෘතිය තුළ මා සකච්ඡාවට බඳුන් කරන්නේ විශ්ව සම්මත / සනාතන ධර්මතා කියලයි.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
මයිකල් ප්‍රනාන්දු
මම නම් හිතන්නේ ප්‍රාසාංගික කලාවේ නූතන සංස්කෘතික මානවයා සරච්චන්ද්‍ර කියලයි. එය ඔහු මහත් අභිරුචියකින් හිතා මතා එල්බ ගත් මතයක හිඳිමින් කළ දෙයක්. ඒ නිසාමයි ඓතිහාසික නාඩගම් ගී තනු සිය ගණනක් ඇසුරු කරන ඔහු ඉන් වඩාත් සෞන්දර්යයෙන් පිරි ජනප්‍රිය ගී තෝරාගෙන ඒ ගී ආකෘති තුළට සාහිත්‍යමය රසයෙන් පිරි ගී රචනා කරන්නේ. ඔහුට කිසි සේත්ම සමාජ දේශපාලන යථාර්ථය සෞන්දර්ය පරයා ගෙන එන්නට වුවමනාවක් තිබු බවක් පෙනෙන්නට නැහැ. එමෙන්ම එය සරච්චන්ද්‍ර ගේ අඩුපාඩුවක් හැටියටත් මම දකින්නේ නැහැ. ඒ තමයි සරච්චන්ද්‍රගේ ඓතිහාසික භූමිකාව.
සිංහබාහු සරච්චන්ද්‍රගේ විශිෂ්ටම පෙළ රචනාව හැටියට අප හඳුනාගෙන එය අධ්‍යක්ෂණය කරන විට පැන නැ‍ඟෙන උභතෝකෝටිකය “සරච්චන්ද්‍රට එරෙහිව සරච්චන්ද්‍ර” යන ද්වන්ද්වාත්මක පසුතලයක් නිර්මාණය කරනවා. මෙතරම් ප්‍රබල සමාජ දේශපාලන ආකෘතියකින් “සනාතන පිය යුතු ගැටුම” ලෙස අර්ථකථනය කිරීම, ප්‍රධාන චරිතය සිංහයකු (තිරිසන් සත්ත්වයකු) ලෙස ආකෘති ගත කිරීම, සුප්පා දේවිය අහිංසක මාතාවක් ලෙස අර්ථකථනය කිරීම, අවසන් ගැටුමට සිංහබාහු පමණක් (යුද්ධ හමුදාවක් රාජ්‍ය සතුව සිටියදී) සිංහයා අභිමුවට යෑම, මෙත් බලය නිසා පළමු හා දෙවන හි පහරවල් සිරුර පසාරු කරගෙන නොයෙන නමුත් සිංහයා කෝප ගත් විට තුන් වෙනි හී සැරය සිංහයාට වදින බව කීමත් ගත හැකියි.
මෙම කරුණු වලින් මා පෙන්වා දීමට තැත් කරන්නේ “මනමේ” තුළින් “නූතන නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍ය කරුවා” වීමේ සුරත්වය හිමි කර ගත්තා සේම “සමාජ දේශපාලන යථාර්ථවාදයේ විප්ලවීය නාට්‍ය කරුවා” වීමේ වීරත්වය සරච්චන්ද්‍ර “සිංහබාහු” නාට්‍යයේ දී අහිමි කර ගත්තා කියන එකයි.
2008 දී “සිංහබාහු” පෙළ රචනාව මහාචාර්ය ඈෂ්ලි හල්පේ ගේ මැදිහත් වීමෙන් මවිසින් පවරාගෙන එය ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් නිෂ්පාදනය කළා. එහිදී මේ සම්ප්‍රදායික හා ගතානුගතික ආකෘති සියල්ල මවිසින් පුපුරුවා හැර එහි සමාජ දේශපාලන සන්දර්භය මැනැවින් මතුවන සේ ප්‍රසංග කළා. එය ද්වී භාෂා උගතුන්ගේ රසිකත්වය පුළුල් කරන සංස්කෘතික වෑයමක්.
සම්භාව්‍ය නාට්‍ය කරුවකු හා ප්‍රභූ නාට්‍ය කරුවකු හැටියට කීර්තිමත් විලියම් ශේක්ෂ්පියර් ගේ පෙළ රචනා සාහිත්‍යමය ආකෘතිය අතින් පොසොන් බැවු හැම දෙනාම දන්නා සත්‍යයක්. එහෙත් එකී සාහිත්‍යමය ආකෘතිය අතරේ “දේශපාලන තේමාවක් - Political Theme” කුළු ගැන්වීමෙහි ලා ශේක්ෂ්පියර් සූරයකු ලෙස නැගී සිටින බවයි මගේ පිළිගැනීම. (විශේෂයෙන්ම මැක්බත් හා හැම්ලට් තුළ) කාල් මාක්ස් බිහි වුණේ ශේක්ෂ්පියර්ට වඩා සෑහෙන කලකින් පසුව. එහෙත් මාක්ස් වාදයට පදනම් වුණු සමාජ දේශපාලනික ගිනි පුපුරු මාක්ස් ගේ න්‍යායාත්මක ලියැවිලි මඟින් ඇති කළ සමාජ විප්ලවයට මඟ පෙන්වීමක් ඇති කළා. සරච්චන්ද්‍රගෙන් ගිලිහුණු සමාජ දේශපාලනික යථාර්ථය සඳහා නාට්‍ය ආකෘතිය භාවිත කිරීම කියන “ක්‍රියාන්විතය” භාර ගත්, ඒ සඳහා දායක වුණු නාට්‍ය කරුවන් හා කලාකරුවන් පිළිබඳව ආවර්ජනය කළ හැකි ද...?
දීර්ඝ අධ්‍යයනයක් හා සංවාදයක් ඇති කරවන නාටය කරුවන් කිහිප දෙනෙක් ඉදිරිපත් කිරීමට මම කැමැතියි. එහි ඉදිරියෙන් සිටින්නේ සුගතපාල ද සිල්වා. ඊට නොදෙවැනි ලෙස සිටින්නේ කෝලම් නාට්‍ය කරුවකු වන ජුවන් වඩුගේ ආරියපාල ගුරුන්නාන්සේ. මේ දෙදෙනා හා කරට කරට සිටින්නේ ආර්. ආර්. සමරකෝන්.
මේ තිදෙනාම පුද්ගලයන් හැටියට ජන සම්මත ගතව තිබෙන අවනීතිගත සමාජ දේශපාලනික චක්‍රයන්ට එරෙහි අසාමාන්‍ය පෞරුෂයක් නාට්‍ය කලාව තුළින් ප්‍රකට කරන ලද්දා වූ ආනුභාව සම්පන්න පුද්ගලයින්. එසේම අසාමාන්‍ය පරිකල්පන ශක්තියෙන් හෙබි එඩිතර විප්ලවකරුවන්. ඔවුනගේ නිර්මාණ, ලේඛන හා ප්‍රතිභාව ඊට දෙස් දෙනවා. විශේෂයෙන් මා කිව යුතුයි ඉහත සඳහන් කෝලම් නාට්‍ය කලාකරුවා පිළිබඳවත් ඔහු නියෝජනය කරන කෝලම් නාට්‍ය කලාව පිළිබඳවත්. සම්ප්‍රදායික ශාස්ත්‍ර ගවේෂණයේදී “කෝලම්” යනු අභාවයට ගිය ගැමි හා අවිදග්ධ නාට්‍ය කලාවක් හැටියටයි අද අර්ථ දක්වන්නේ. එහෙත් මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාර සහ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ තර්කානුකූලව පෙන්වා දී තිබෙනවා “කෝලම්” නාට්‍ය විශේෂය ශාස්ත්‍රීය හා සම්භාව්‍ය නාට්‍ය ප්‍රභේදයක් බව. එහි එක ගුරු කුලයක් නියෝජනය කරන නාටය කරුවකු හැටියට ආරියපාල ගුරුන්නාන්සේ හැඳින්වෙන්නේ. ඔහුගේ ගුරුකුලය තවත් පරම්පරා තුන හතරක් ඉහළටත් පහළටත් විහිද තිබෙනවා. බන්ධු විජේසූරිය එකී කලාවේ අන්තර්ජාතික ව්‍යාප්ත ධාරියා හැටියට හඳුන්වන්නට පිළිවන්.
නාට්‍ය කලාවෙන් ඔබ්බට ගිය විට සිනමාවේදී අපට ධර්මසේන පතිරාජ හමුවෙනවා. සංගීතයේදී ප්‍රේමසිරි කේමදාස. විචාර කලාවේදී සුචරිත ගම්ලත්.
රැගෙන අවි මම ද එමි”
නාට්‍ය ආකෘතිය හරහා සමාජ දේශපාලන යථාර්ථ්‍ය කියැවීම යන දෘෂ්ටිවාදය පතළ කළ පුරෝගාමී පරිපූර්ණ නාට්‍ය කරුවා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්. ඔහු පරිපූර්ණත්වයට පත් වන්නේ ඕනෑම බහුභූත නාට්‍යයකට වුවත් ආකෘතියක් තිබිය හැක්කා සේම ඕනෑම නාට්‍ය නරඹන්නකුට වුවත් ඒ හරහා සමාජ දේශපාලන යථාර්ථයක් හෝ ඕනෑම බහුභූතයක් කියැවිය හැකි වුවත් බ්‍රෙෂ්ට් සම්බන්ධයෙන් එය නිසැකවම ලෝක දේශපාලනය නිරුවත් කරන ආකෘති හා ඒ තුළින් කියවන නාට්‍ය රචනා බිහි කළ නාට්‍ය කරුවකු ලෙසිනි. එකී කාර්යාවලිය කෙතරම් ප්‍රබල ද කියතොත් බ්‍රෙෂ්ට් ගේ ආකෘති හා නාට්‍ය රචනා වලින් කිසිඳු දූෂිත දේශපාලකයකු හට බේරී සිටීමට නොහැකි ලෙස ඔවුන් නිරුවත් වන අන්දමේ විප්ලවීය භාවිතාවක් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ආගමනය සිදු වුණේ කොහොම ද?
බ්‍රෙෂ්ට් ගේ ඓතිහාසික ජගත්කරණ නාට්‍ය භාවිතාව පළමු සහ දෙවන ලෝක යුද සංග්‍රාමය හා හිට්ලර් ප්‍රමුඛ නාට්සි වාදය නිමිති කරගෙන ව්‍යාප්ත කරණ ලද නාට්‍ය දෘෂ්ටියක්. එහෙත් අප වරදවා වටහා ගත යුතු නැහැ ඔහු හිට්ලර්ට හෝ නාට්සිවාදයට එරෙහිව තම නාට්‍ය භාවිතාවේ නියැළුණු නාට්‍ය කරුවකු හැටියට. හිට්ලර් ප්‍රමුඛ නාට්සි හමුදා බලයට පත් 1933 පෙබරවාරි 27 දා මුලින්ම සිදු කරන්නේ ජර්මන් පාර්ලිමේන්තුවට ගිනි තබා විනාශ කිරීමයි. බ්‍රෙෂ්ට් සිදු කරන්නේ ඉන් පසු දාම ජර්මනියෙන් පළා යෑමයි. නැවත ඔහු 1949 බර්ලීනයට පැමිණෙන තුරුම වාසය කරන්නේ ස්වීඩනය, රුසියාව, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංසය ආදි රටවලයි.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය කලාවේ දිශාවන් තුනක් තිබෙනවා. පළමු යුගය ඇරිස්ටෝටලියානු ක්‍රමවේදයන්ට අනුකූලව ලෝකයේ මතුපිට ස්වරූපය, ලෞකික ලෝකය, ආස්වාදජනක රස මිහිරෙන් පිරි අර්ධ කාංසිය දනවන නාට්‍ය රචනා භාවිතය. දෙවන යුගය උපදේශ, අණ පනත් සහිත නාටය භාවිතාවේ නියැළීම හා තුන්වැනි යුගය වඩාත් පරිපාකයට පත් සංකීර්ණ, නාට්‍යමය ප්‍රයෝග වලින් අඩු එහෙත් සමාජ පරිශෝධනය ගැබ් වූ ආඛ්‍යාන නාට්‍ය (Epic Plays) භාවිතාව.
මේ පරිණාමයට ඔහු තුළ මාක්සියානු දේශපාලන දර්ශනයත්, එහි ඇතැම් ආකෘතිමය සංකල්පත්, පෙරදිග නාට්‍ය භාවිතාවන්ගේ මූලයන් හා විශේෂයෙන් ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ආකෘති නව්‍ය කරණයට බඳුන් කිරීමත් බලපෑවා.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලංකාවට අවශ්‍ය වන්නේ ඇයි...?
ලංකාවේ නෙවෙයි මුළු මහත් ලෝකයේම දේශපාලනය යනු “බලය” කේන්ද්‍ර කරගත් “මර්ධනය” අවිය කරගත් “දූෂණය” ව්‍යාප්ත කරගත් අධම සමාජ තන්ත්‍රයක්. එහි විපාක දේශපාලකයාටවත් වළක්වා ගන්නට අපහසු බව ඔවුන්ම අද කියනවා. සමාජ පරිශෝධනය (social reformation) සඳහා මාක්සියානු දේශපාලන දර්ශනය ආභාස කොටගත් බ්‍රෙෂ්ට්ගේ නාටය කරණ භාවිතාවන් පෙරට පැමිණෙන්නේ මෙවන් කාල වකවානුවක. එය අමන දේශපාලනය හා ඔවුනගේ තකතීරු දේශපාලන ව්‍යාපාර නිරුවත් කරලන්නක්. දෙවැනුව සමාජ පරිශෝධන වාදී නාට්‍ය කලාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරලීමටත් බ්‍රෙෂ්ට් මේ දිවයිනට වැදගත් වෙනවා. එහෙත් එය පුනරුදය කර ගත යුතුව තිබෙන්නේ අතීතයේදී බ්‍රෙෂ්ට් හා ඔහුගේ නාටය කරණ සංකල්ප අපගේ ප්‍රවීණයින් විසින් අගතිගාමී හා ප්‍රතිගාමී ලෙස කාබාසිනියා කර තිබෙන නිසයි.
“බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය” හරහා සිදු කරමින් සිටින කාර්ය පැහැදිලි කළොත්...?
මේ පර්ෂදය පිහිටුවන්නේ 2012 වසරේදී. මුලින්ම අප “The Exception and The Rule - අසම්මතය හා සම්මතය” නමින් වේදිකාවට ගෙන ආවා. පසුගිය දා “senora carrar's Rifles - රැගෙන අවි මම ද එමි” නමින් රංග ගත කළා. බ්‍රෙෂ්ට්ගේ න්‍යායාත්මක හරයන් සහිත ලිපි ලේඛන සිංහල භාෂාවෙන් පාඨකයාට ලබාදීමත් එක අරමුණක්. ලංකාවේ දැනට බ්‍රෙෂ්ට් පිළිබඳව උගත් ආචාර්ය මයිකල් එක්ව අනාගත වැඩපිළිවෙළක් යටතේ තව තවත් ශාස්ත්‍රීය කටයුතු ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයි.


http://www.silumina.lk/2014/06/29/_art.asp?fn=cr1406291

46 වැනි පොල් තාක්ෂණික සමුළුව 7දා BMICH හිදී

46 වැනි පොල් තාක්ෂණික සමුළුව 7දා BMICH හිදී

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය ආසියානු ශාන්තිකර පොල් ප්‍රජාව එක්ව පවත්වන 46 වැනි පොල් තාක්ෂණික සමුළුව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 07 වැනි දින පෙරවරු 10.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
මේ ජාත්‍යන්තර තාක්ෂණික පොල් සමුළුව සඳහා රටවල් විසිහතක සාමාජිකයන් 156 දෙනකු සහභාගිවනු ඇතැයි පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්ප කුමාර මහතා පවසයි.
ඇමැතිවරයා මේ අදහස් පළකළේ ‍ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී අදහස් දැක්වු ඇමැතිවරයා, පොල් ක්ෂේත්‍රයේ පැවැත්වෙන විශාලතම සමුළුව මෙයයි.ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 46වැනි සමුළුවට ආසියානු ශාන්තිකර කලාපයේ නියෝජිතයන් රැසක් සහභාගිවීමට නියමිතය.
සුරම්‍ය හා තිරසාර පොල්කර්මාන්තයක් යන තේමාව යටතේ පැවැත්වෙන මේ සමුළුව මේ මස 07 දින සිට 11 දින දක්වා පැවැත්වේ. මේ සමුළුවට ආසියානු ශාන්තිකර කලාපවල පොල් ප්‍රජාව සහභාගිවීම විශේෂත්වයක්. මෙම සමුළුවේ දී නව වගාක්‍රම, නැවත වගා, නව ප්‍රබෝධ නිපදවීම, පලිබෝධ නාශකය,පොල් ආශ්‍රිත නිෂ්පාදන අගය කිරීම,ලෝ‍කයේ පොල් නිෂ්පාදනයට දේශගුනික හා කාලගුන විපර්යාස බලපාන ආකාරය,පොල් ක්ෂේත්‍රයේ නව තාක්ෂණයන් පිළිබඳව සාකච්ජා කිරීම මේ සමුළුවේදී සිදු කෙරෙනු ඇතැයිද පැවසීය.
ලෝකයේ පොල් නිෂ්පාදනය කරන රටවල් අතරින් හතර වැනි තැන අපට හිමිවී ‍තිබෙනවා.පොල් රෝගය බොහෝ රටවල පැතිර යද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටැන්සානියා සංචාරයේදී ටැන්සානියා රජය පොල් වගාව තිරසාරව කරගෙන යාම සදහා එතුමාගෙන් සහාය ඉල්ලුවා.
අප අවබෝධතා ගිවිසුමකට අනුව ඒ සඳහා තාක්ෂණය හුවමාරු කරගැනීමට එකගවුවා. කෙන්යානු සංචාරයේදී ඒ රජයත් ජනාධිපතිතුමාගෙන් පොල්කර්මාන්තය නඟා සිටුවීම සඳහා සහාය ඉල්ලුවා. ඒ රජය සමඟද සහාය ලබාදීමට එකඟවු බවද පැවසීය. අදාළ රටවල් හා සසදා බැලීමේ දී පොල් ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාව බවද පුෂ්ප කුමාර ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, අතිරේක ලේකම් ඩී.එම්.එල් බන්ඩාරනායක, පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සරත් කීර්තිරත්න පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ඒ.ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගිවුහ.
http://www.dinamina.lk/2014/07/03/_art.asp?fn=n14070315

හමුදා මාධ්‍ය ප්‍රකාශක කරුණු හෙළි කරයි

බොදුබල සේනා සමඟ සම්බන්ධ බව ඔප්පු කළොත් තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා

* ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර පතුරනවා
* රජයට මඩ ගැසීම ඔවුන්ගේ අරමුණයි
හමුදා මාධ්‍ය ප්‍රකාශක කරුණු හෙළි කරයි
බොදු බලසේනා සංවිධානයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුග්‍රහය දක්වන බවට ඇතැම් පිරිස් කරන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් රජයට සහ ආරක්ෂක ලේකම්වරයාට මඩ ගැසීමේ අරමුණින් එම ප්‍රචාරය සිදුකරනබව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතදී ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් කරමින් තමා බොදු බලසේනා හෝ වෙනත් කිසිම සංවිධානයකට අනුග්‍රහයක් නොදක්වන අතර එවැනි සබඳතාවක් ඇති බවට යමකු විසින් ඔප්පු කළහොත් තම තනතුරුවලින් ඉල්ලා අස්වීමට පවා සූදානම් බවද ප්‍රකාශ කර ඇති බව බ්‍රිගේඩියර් වනිගසූරිය මහතා පැවසීය.
බොදු බල සේනා සංවිධානය ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහයකින් ක්‍රියාත්මක වෙන බවට ඇතැම් කණ්ඩායම් විසින් වෙබ් අඩෙවි ගණනාවක පළ කර තිබේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බොදුබල සේනා සංවිධානයට අනුග්‍රහය දක්වන බවට අසත්‍ය මතයක් ගොඩනැගීම සඳහා වෙබ්අඩෙවි මගින් ප්‍රචාරය කර ඇති ඡායාරූප...
අලුත්ගම සිද්ධියටද එම කණ්ඩායම ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධතාව ඇති බවට අසත්‍ය තොරතුරු පළ කර ඇත.
ඒ අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ කිරම විමලජෝති හිමියන්ගේ ආරාධනාවකට අනුව “මෙත්සෙවණ” නමින් අධ්‍යාත්මික සුව මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ගත් ඡායාරූප ද වෙබ් අඩෙවිවල පළකර බොදුබල සේනා සංවිධානය ඒ මහතාගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බවට දක්වන මතය ඉන් තහවුරු කිරීමට උත්සාහ කර තිබේ.
බ්‍රිගේඩියර් වනිගසූරිය මහතා ප්‍රකාශ කළේ ජර්මන් ජාතික J.A. kretmeir නමැති පුද්ගලයා විසින් අධ්‍යාත්මික සුව මධ්‍යස්ථානය පරිත්‍යාග කර තිබූ අතර එය විවෘත කිරීමේ අවස්ථාවට ඒ මහතා සහභාගි වූයේ කිරම විමලජෝති හිමිගේ සහ පල්ලත්තර සුමනජෝති හිමිගේ ආරාධනාවක් නිසා බවයි.
එම අවස්ථාවට බොදු බල සේනා සංවිධානයේ හිමිවරුද සහභාගි වී සිට ඇත.
මෙවැනි අධ්‍යාත්මික සුව මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ජර්මන් ජාතික මහතකු දැක්වූ අනුග්‍රහය ගැන එදා එහිදී ප්‍රසංශා කළ ආරක්ෂක ලේකම්වරයා අධ්‍යාත්මික සුවය ලැබීමේ වටිනාකම පිළිබඳවද එම උත්සව සභාව අමතා කතාකරමින් කියා තිබේ.
ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහයෙන් බොදු බල සේනා සංවිධානය ක්‍රියාත්මක නොවන බව පැවසීම තුළින් කිසිසේත් එම සංවිධානය හෙළා දැකීමක් නොවන බවත් මේ රට තුළ විවිධ ආගම්, ජාතීන් විසින් පිහිටුවාගත් සංවිධාන විශාල පිරිසක් ඇත. එම සෑම සංවිධානයකටම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය යටතේ කටයුතු කිරීමේ අදහස් හුවමාරු කිරීමේ අයිතියක් ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය මහතා පවසයි.

http://www.dinamina.lk/2014/07/03/_art.asp?fn=n1407031