Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Monday, April 21, 2014

ලොව්තුරු ගුරුවරයා

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ විසින් විරචිත මේ ලිපිය 1980 දිනමිණ වෙසක් කලාපයේ පළ විය. බුදුන් වහන්සේ මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනඥයා බව මේ ලිපියෙන් අවධාරණය වේ.
බුදුවරයින් ආචාර්යවරයින් පමණෙකැ යි යෙති. සැබැවි. ගෞතම බුදුන් වහන්සේ කිසිත් අයුරෙකින් නො දෙවැනි ආචාර්යවරයාණ කෙනෙක් වූ හ. බුද්ධත්වය ලැබීමෙන් පසු උන්වහන්සේ ම එසේ වදාළ හ. “අහං සත්තා අනුත්තරෝ” එහෙත්, බුදුන් උගත්තේ ගුරුවරයකු වෙතින් නො වේ. උන්වහන්සේ ලැබ ගත් දැනුම් සම්භාරය එක්රැස් වූයේ සංසාරයෙනි; පුන පුනා ලැබ ගත් භවයන් ආශ්‍රයෙනි. උන්වහන්සේ ප්‍රගුණ කොටැ ගත් අවබෝධය ලද්දේ භාවනාමය අධ්‍යයනයෙනි.
තමන් වහන්සේ සර්වඥ බව ලද ද, ධර්මය අනුනට උගැන්විය යුත්තක් ද යන්න පිළිබඳව එතුමෝ යම් සැක පළ කළ හ. ‘මෙම ධර්මය මා වටහා ගත්තේ අමාරුවෙනි. දැන් එය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවෙක් නො වේ. කාමයෙනුත් ද්වේශයෙනුත් ඇළැලී ගියවුනට මේ පහසුවෙන් නොවැටැහෙනු ඇත. මෝ අන්ධකාරයේ ගිලුනවුන් ධර්මය නොදකිනු ඇත.’ ධර්මය දේශනා කොට වදාරන්නැ යි සහම්පතී බ්‍රහ්මරාජයාණන් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ ලු.
බ්‍රහ්මයා ගේ පැමිණීම යනු බුදුන් වහන්සේ ගේ සිත තුළ සිට තර්ක – විතර්ක දැක්වීමේ සංකේතයක් දැ යි අපි නො දනිමු. කෙසේ වුවත්, ශ්‍රේෂ්ඨ ගුරුවරයාණ කෙනකු වූ බුදුන් මෙම ප්‍රශ්නය ගැන ගැඹුරින් සිතූ අයුරු යි. අවසනැ, තීරණයකට එළැඹි එතුමෝ වදාළ හ. “අමරණීයත්වයේ දොර ඔවුනට හැරී ඇත. දෙකන් ඇත්තෝ විශ්වාසී වැ අසා ගනිත්වා.” මෙසේ තීරණයක් ගැන්මෙහි ලා එතුමන් නිරත වූයේ ප්‍රතිග්‍රාහි ජනයාගේ් ගති ලක්ෂණ කවරේ දැ යි විග්‍රහ කිරීමෙන් පසුව ය. මින් සියවස් විසිපහකට පසු, අද, මේ ඉසෙට අධ්‍යාපනික මූලධර්මයක් යැ යි අපි මුර දෙමු!
පංචමහා විලෝකනය යනු හුදෙක් බුද්ධචරිත සිද්ධියක් පමණක් සේ නොගත මනා ය. එහි වැදගත් අධ්‍යාපනික මූල මූලධර්මයක් ගැබ් ව තිබෙනු වන්නට පිළිවන. පස්මහ බැලුමින් සිදු වූයේ අර්ථවත් අධ්‍යාපනික ක්‍රියාවලියක් දියත් කිරීම සඳහා උචිත වාතාවරණයක් වෙත් දැ යි උරගා බැලීමෙකි. බුදුන් වහන්සේ මෙලෝ ඉපැදීමට තෝරා ගත්තේ මෝහාන්ධකාරය ධර්මප්‍රදීපයෙක් පෙහෙළි කිරීමට අවශ්‍ය ව තිබුණු වකවානුවෙකි. බුදුන් වහන්සේ උපත ලද දේශය, අධ්‍යාත්මික දියුණු සඳහා වැර දැරුවන් ගහණ වූවෙකි. එතුමන් ලද රාජකීය සම්බන්ධය, එතුමන් පැහැයූ ඇතැම් මූලධර්මයනට පාදස්ථ විය. තමන් හිමිකම් දැරූ රාජ්‍යයක් පිටු අතින් වෙතින් ඉවත් නොකරන ලද නම්, “කම්මනා හෝති බ්‍රාහ්මණයෝ යැ යි එතුමන් කෙසේ දෙසන්නට ද?
ගුරුවරයකු වෙත තිබිය යුතු යැ යි යෙන භෞතික ලක්ෂණ සියල්ල බුදුන් වහන්සේ හට තිබිණැ යි පතළ ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්හි මේ සියල්ල ඇතුළත් වෙයි. හැරත් “මම් ලොවට අග වෙමි, දෙටු වෙමි, සෙට වෙම් මම් යි එතුමන් පැවැසූ හයි සඳහන් වේ. කෙතරම් දැඩි ආත්ම විශ්වාසයක් ඒ වචන තුළ ඇත් ද? ගුරු කමට පදනමයි ආත්ම විශ්වාසය.
තථාගතයින් වහන්සේ තුළ වූ ආත්ම විශ්වාසය එතුමන්ගේ හුදු පිරිසුදු බවින් මැ ජනිත වූ සේ ය. බුදුන් පසු පසැ අවි අමෝරා ගත් අඟුල්මල්හු දිවැ එන්නා හ. බුදුන් එක වනැ සිටිතත් උන්වහන්සේ දිවෙන සේ දකින සොරහු, පසු පසැ ලුහුබැඳැ හතියෙන් මුර දෙති “මහණ, සිටිනු” යි කියා වදාරති. බුදුහු “මම නැවතුනේ වෙමි” යි ඒ දහම පහදති උන්වහන්සේ.
සියල් සතුන් වෙතැ
කුරිරුකම් අත් හැරැලූ
මම් නැවතුණේ වෙම්
සසරේ පැතුම් බලයෙන්.
ඔබ ඔසොවති යුගත්
සෝවුරු ලෝ සතන් වෙත්
එබැවිනි ඔබ නොනැව තුණු
මම් සදා නැවැතුණු වෙම්”
කෙතරම් දෘඪ ආත්ම විශ්වාසයක් තුළින් නැඟුණු කියමනක් ද?
අධ්‍යයන අභිමතාර්ථ යනු අධ්‍යාපන විද්‍යා ක්ෂේත්‍රයේ අලුත් සංකල්පයක් ලු. එහෙත්, බුදුන් වහන්සේ එකලැ ම ඒ දුටු සැටි යි. උන්වහන්සේ ගේ අධ්‍යාපනික ක්‍රියාවලියෙහි පොදු පරමාර්ථය වූයේ නිර්වාණලාභය යි. ඒ පරමාර්ථය ළගා කැර ගැන්මට අවශ්‍ය වූ දැනුම් – හැකියා - ආකල්ප රටාව එතුමෝ ගැබ් කළ හ. චතුරාය¸ සත්‍ය සහ ආය¸ අෂ්ඨාංගික මාර්ග තුළ සසරින් මිදුමට නම්, දුක පිළිබඳ දැනුම අප තුළ තිබිය යුතුයි. දුකට හේතුව වටහා ගත යුතුයි. දුක නැති කිරීම පිළිබඳ ආකල්පය ස්ඵූට කර ගත යුතු යි. දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කර ගත යුතුයි. දුක නැති කිරීම සඳහා අවශ්‍ය වන හැකියා සමුද්‍රය යි ආය්‍ය¡ අෂ්ඨාංගික සමුද්‍රය මඟින් උගැන්වෙනුයේ. සියවස් විසිපහකට ද ඈත අතීතයේ දී නිර්මාණය කරන ලද්දක් බව සැලකෙත් ම, මෙම අධ්‍යාපන සැලැස්මේ මහඟු බව වැඩි වෙයි!
අධ්‍යාපනය සඳහා බුදුන් වහන්සේ යොදා ගත්තා වූ ක්‍රමෝපාය ද අතිශයින් විද්‍යාත්මක ය. රාහුල තෙරුනට, සත්‍යය පැවැසීමේ වැදගත්කම සනාථ කරනු සඳහා බුදුන් යොදා ගත් ක්‍ර‍්‍රමය ම කෙතරම් අනැඟි ද? කළයෙහි තිබි දියෙන් පා දොවා ගත් එතුමෝ, නැවැත කළය උඩු අතට හරවා, එහි රැඳී තිබී දිය සිඟිත්ත දක්වා, වදාළ හ මෙසේ: “අර බඳු වැ නොපළයැ රහුලනි, බොරු පවසන්නට තරම් නිර්ලජ්ජි වන්නන්ගේ මහණකම.” ඉතිරි දිය බිඳ ද ඉවත ලූ බුදුහු මෙසේ ද වදාළහ. “බොරු කීමට නිර්ලජ්ජි වූවන්ගේ මහණකම එසේ ඉවත්යැ රහුලනි.” අනතුරු ව කළය මුණින් නවා ලූ එතුමෝ එබන්දන්ගේ මහණ බව නොපිට හැරී” යැ යි වදාළෝය. අවසන් වශයෙන් හිස් කළයද නැවැත ද උඩු දෙසට හැරැවූ තථාගත ගුරුන් වහන්සේ දෙසූ හ: “බොරු පැවැසීමට තරම් නිර්ලජ්ජි වූවන්ගේ මහණකම මෙසේ ම හිස් ය, රහුලනි” කියා. මෙබඳු මූලධර්මයක් මීට ද වඩා පැහැදිලි ව කවුරු කෙසේ දක්වත් ද?
තමන් ගේ අධ්‍යාපනික අභිමතාර්ථයන් සඳහා අවශ්‍ය වූ දැනුම පමණක් තෝරා බේරා දීම ද බුදුන් ගේ ශ්‍රේෂ්ඨ ගුණයක් වූ සේ යි. “ලෝක විෂය අචින්තෙය්‍ය” යනුවෙනුත්, “සත්ව විෂය අචින්තෙය්‍ය” යනුවෙනුත් එතුමන් වදහළේ ඒ අධ්‍යාපනික මූලධර්මය පදනම් කොට වියැ යුතු යි. තමන් ගේ ම ඉගැන්වීමෙහි සීමාවන් දැක්වීමෙහි ලා එතුමන් උපයෝගී කැර ගත් ක්‍රමය අගනේ ය. කැලයෙන් කොළ මිට අතට ගත් එතුමෝ “සමණෙනි මෙතෙක් මා - ඔබ වෙත දැක්වූ දහම මෙ පත් මිට පමණි – අන් දැනුම් මේ වලැ පත්” යැ වදාරා තම මතය පහන් කළ හ.
අචිරවතී නදී තිරයෙහි බ්‍රාහ්මණයෙන් ජීවත් වූයේ ය. හේ් අවිද්‍යාවෙහි ගැලී සිටියෙකි. ඔහුට නිවන් මග පසක් කරන්නට සුදුසු අවස්ථාවක් යෙදෙන තුරු යි බුදුන් වහන්සේ කල් බැලුයේ.
එක් වසරෙක, අචිරවතිය දෙගොඩ තලා ගලා ගියේ ය; බ්‍රාහ්මණයා ගේ වතු පිටි විනාශ විණ. දුකින් බර වූ හේ කල්පනාවෙහි නිමග්න ව සිටියේ ය. බුදුන් දහම් දෙසුමට ලබා ගත් අවසරය එය විය. ප්‍රතිග්‍රාහී මනැසෙකින් යුත් වූ බ්‍රාහ්මණයා සෝථාපන්නයට පත් වී. අධ්‍යාපනයක් දීමට වූව, සුදුසු මානසික පසුබිමක් වියැ යුතු බැවු දත් හ සම්මා සම්බුදුහු.
අධ්‍යාපනඥයකු වශයෙන් තිලෝගුරුන් සියල්ලන් අභිබවා ගිය තැනෙකි, කාලාමයනට දේශනා කළ අවස්ථාව.
”ඇසූ දුටු පමණින්
නො අදහනු ලොවැ කිසි දේ
සමණකු වුව ද දෙසු
කම් නැහැ කාලාමයෙනි.
නැණැ’සින් දකිත් නම්
නිවරද සෙ විමැසෙත් නම්
දරනු අදහනු වනු
පිළිගෙනැ අනු වැ දිවි යනු”
ලෝරදුන් ගේ අධ්‍යාපන ක්‍රමෝපායෙහි ශ්‍රේෂ්ඨතම අදියරයි, ඉගැනීමේ ඵල නෙළීම පිළිබඳ ව උන්වහන්සේ දේශනා කළ අවස්ථාව. සද්ධර්මය මගින් ළැඟෙන ප්‍රතිඵලය වූ නිවන කවර දා ලැබ ගත හැකි වේ ද?
”නිවන ඔබ වෙත ඇත
අද, මෙහි මැ වේ ඔබ අතැ.
දිරිය යි යුතු පවන
කුමන දිඟු කරනු මෙසසර සත?”
එසේ නම්, තිලොවැ අසම වූ ගුරුන් ගේ අධ්‍යාපන ක්‍රමෝපාය සාර්ථක වී යැ යි අගැයිය හැකි ද? මෙතෙක් ඒ මඟැ ගොස් අජරාමර වූ සියල් සත්හු ඊට දෙස් දෙත්වා.

Saturday, April 19, 2014

ලෝක ළමා පොත් දිනය වසර තිහක් අඛණ්ඩව සමරන වසන්ත ළමා කඳවුර

ලෝක ළමා පොත් දිනය වසර තිහක් අඛණ්ඩව සමරන වසන්ත ළමා කඳවුර

පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ වී ගොවීන්ට මෙදා කන්නය සාරය. අස්වැන්නත් හොඳය. වීවලට ද හොඳ මිලක් ලැබේ. ඒ සතුට අස්සේ අනාගතය පිළිබඳ සැක ශාංකාවක් ද ඔවුන්ගේ සිතෙහි ගුළිවී තිබුණි. මුළු ප්‍රදේශයටම වැස්සක් දිගු කාලයකින් වැටුණේ නැත. වැස්ස නොමැතිකම නිසා ලබන කන්නයට මහවැලි ජලය නොදෙන බවට රාවයක් තිබුණි. ලබන කන්නයට ගොවිතැන් කටයුතු කර ගැනීමට නොහැකි වුවහොත් ආදායමක් ලැබෙන්නේ නැත. එනිසා මෙදා කන්නයේ ආදායම පරිස්සමින් වියදම් කළ යුතුය.
මැදිරිගිරිය, දිවුලංකඩවල ගමේ ගොවි මහතුන් දුවා දරුවන් සෑම වසරකම, කොළඹ ළමා පොත් සංගමයෙන් පැවැත්වෙන වසන්ත ළමා කඳවුරට නොවරදවාම සහභාගි වෙති. මාපියන්ට ප්‍රශ්නයක් වූයේ වැසි නොමැතිව ඉදිරි කන්නයෙහි ගොවිතැන් කටයුතු කර ගැනීමට නොහැකිවුවහොත් විය පැහැදම් පියවා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවය. එවැනි තත්ත්වයක් යටතේ දරුවන්ට කොළඹ ගමනට දෙන මුදල ද ලොකු බරකි.
නමුත් පසුගිය බදාදා ගොම්මන් යාමයේ ඒ සියලු සැක සංකා පහ විය. මාස ගණනකට පසු ධාරාණිපාත වැස්සක් පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයට ඇද හැලුණි. ගොවි සිත්වල බර තරමක් ලිහිල් විය. පසු දින කොළඹ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේ පැවැත්වෙන වසන්ත ළමා කඳවුරට සහභාගිවන දුවා දරුවන් සිතුවේ එම වැස්ස තමන්ගේ මෙම ගමනට ස්වභාවධර්මය විසින් සිදුකළ ආසිරි පැතීමක් බවය. ශ්‍රී ලංකාවේ දසත පුරා ජීවත්වන දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් තිස්වන වරටත් සිදුවන වසන්ත ළමා කඳවුර මෙවර පැවැත්වුණේ කොළඹ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේදීය.
මැදිරිගිරිය දිවුලංකඩවල මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිල්මි ජයමාලී මෙයට පෙර වසර පහක්ම කොළඹ පැවැත්වුණ වසන්ත ළමා කඳවුරට සහභාගි වී ඇත. එහිදී පැවැත්වුණ තරගවලදී ඇය සහතික සහ තිළිණ ද දිනාගෙන ඇත. මෙවර ඇය අයත් වූයේ ආකිමිඩිස් කණ්ඩායමටය.
“අපි අයත් වන කණ්ඩායම මොකක්ද කියල අපිට කලින්ම කියල එවන නිසා අපි ඒ විද්‍යාඥයා ලේඛකයා ගැන ගොඩාක් තොරතුරු හොයාගෙන එනවා. ඒකට අපි හුඟාක් කියවන්න ඕන. එයින් අපේ දැනුම ඉබේම වර්ධනය වෙනවා” දිල්මි ජයමාලි පවසන්නේ වසන්ත ළමා කඳවුරට සහභාගිවීම නිසා දැනුම වර්ධනය වන එක් ආකාරයක් පිළිබඳවය.
“වසන්ත ළමා කඳවුරට සහභාගි වන සියලුම ළමයි වයස් හා පංති අනුව එක් එක් කණ්ඩායම්වලට බෙදල ඒ කණ්ඩායම් විද්‍යාඥයින්ගේ ලේඛකයින්ගේ නම්වලින් හඳුන්වන කණ්ඩායම්වලට ඇතුළු කරනවා” වසන්ත ළමා කඳවුරට සහභාගිවන විවිධ වයස් හා දැනුම මට්ටමේ දරුවන් කාණ්ඩ කරනා අන්දම විස්තර කරන්නේ, කොළඹ පොත් සමාජයේ මෙන්ම වසන්ත ළමා කඳවුරේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටියය.
වසර තිහක් පුරාවට අඛණ්ඩව වසන්ත ළමා කඳවුර පැවැත්වෙන්නේ ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය මහතාගේ අප්‍රතිහත කැපවීම හා පරිත්‍යාග නිසාය. තනි පුද්ගලයකුගේ මෙම ව්‍යායාම බොහෝ දෙනෙකු හඳුන්වන්නේ හාස්කමක් ලෙසය.
“මුල්ම වසන්ත ළමා කඳවුර අපි පැවැත්තුවෙ 1985 අප්‍රියෙල් දෙවැනිදා කොලඹ මහජන පුස්තකාලයේදීය. වැඩිපුරම ළමා පොත් ලියූ ඩෙන්මාක් ජාතික හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ උපන් දිනය අප්‍රියෙල් දෙක. එනිසා එදින ළමා පොත් දිනය ලෙස සලකනවා. කොහොම හරි ආසියාවෙ මුල් වරට ළමා පොත් දින උලෙළක් පැවැත්තුවෙ අපි. ඒ ශ්‍රී ලංකාවේ වසන්ත ළමා උලෙළේ අතීතය ගැන ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය පවසන්නේ අභිමානයෙනි.
මැදිරිගිරිය දිවුලංකඩවල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය හොබවන්නේ ගරු විහාරගම සිරිනන්ද හිමිපාණන්ය. ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කාව්‍ය බණ දේශනා කරන යතිවරයාණන් වහන්සේ නමක් වූ එතුමා දිවුලංකඩවල, විහාරගම, පුරාණ දක්ෂිණගිරි රජමහා විහාරයේ විහාරාධිපති වහන්සේය.
“මම පැවිදි වුණේ අවුරුදු දොළහෙදියි. එදා ඉඳලම මම කොළඹ පොත් සමාජයේ සාමාජිකයෙක්. වයස අවුරුදු දොළහෙ ඉඳල මම වසන්ත ළමා කඳවුරට එනවා. තවමත් එනවා”, අතිගරු විහාරගම සිරිනන්ද හිමියන් තමන් වහන්සේ ඈත කාලයක සිට වසන්ත ළමා කඳවුරට සහභාගි වන බව වදාරන්නේ මහත් ආඩම්බරයෙනි.
උන්වහන්සේ පවසන්නේ පසුකාලීනව උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ ලැබූ ජයග්‍රහණයන් බොහොමයකට පදනම වැටුණේ වසන්ත ළමා කඳවුරෙන් බවය. නායකත්වය, නිර්මාණශීලීත්වය වැනි ගතිගුණ උන්වහන්සේට ලැබී ඇත්තේ වසන්ත ළමා කඳවුරේදී ලැබූ පුහුණුවීම්වලදීය.
දිල්මි ජයමාලි දැරිය සිය පියා සමග
“කථිකත්වය නිසා මට කවි බණ කියන්න පුළුවන්කම ලැබුණා. ළමා පොත් කඳවුරේදී ලේඛන කටයුතුවලට සහභාගි වීමෙන් මට බණ පොත් ලියන්න හැකියාව ලැබුණා” විහාරගම සිරිනන්ද හිමිපාණෝ පවසති.
සිරිනන්ද හිමියන් පවසන පරිදි විද්‍යාපීඨ ගුරුවරයකු වශයෙන් බැඳීමට පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේදී වසන්ත ළමා කඳවුරේ පැවැති තරගවලට සහභාගි වී ලද ජාතික මට්ටමේ සහතිකවලට විශේෂ ලකුණු කීපයක් ලැබුණ බවය.
වසන්ත ළමා කඳවුරට සහභාගිවීමේදී තමන් අදාළ කුටියේ ලේඛකයා ගැන හෝ ලේඛකයාගේ නිර්මාණ හෝ ඔහු උපන් ගම නගරය ආදි තමන් කැමැති මාතෘකාවක් ගැන විනාඩි දෙකක කථාවක් පැවැත්විය යුතුය. එයට අමතරව වසන්ත ළමා කඳවුරට සහභාගි වන සෑම දරු දැරියක්ම, ගී සින්දු කවි විරිඳු රංගන, සංගීත භාණ්ඩ වාදන ආදි ඕනෑම කුසලතාවයක් විනාඩි දෙකක කාලය ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
ඒ සෑම නිර්මාණයකම තේමාව තමන් නියෝජනය කරන සාහිත්‍ය කුටියේ ලේඛකයාට කිසියම් ආකාරයකින් සම්බන්ධ විය යුතුය. නිර්මාණාත්මක කුසලතාවය ප්‍රකට කිරීම සඳහා කණ්ඩායම බිත්ති පුවත්පතක් නිර්මාණ කළ යුතුය. එහිදී ලේඛකයාගේ ඡායාරූප නිර්මාණ කොටස්, ජීවන තොරතුරු ඇතුළත් හැකිතරම් කරුණු ඉදිරිපත් කළ යුතුය. මෙම කරුණුවලින් සෑම සහභාගි වන අයෙකුටම ශ්‍රී ලාංකික හෝ විදේශ ලේඛකයකු පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් දැන ගැනීමට ලැබෙයි.
ලෝකයේ කිසිම රටක එකම දිනක එකම වේලාවක අති විශාල සිසු සිසුවියන් පිරිසක් ලේඛකයන් පනස් දෙනෙකු පිළිබඳව අධ්‍යයනයක යෙදෙන මොහොතක් ගැන වාර්තා වන්නේ නැත.
මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන අමාෂා තෙන්නකෝන්, තම අම්මාත් සමඟ වසන්ත ළමා කඳවුරට සහභාගි වීමට පැමිණියේ කඳවුර පවත්වන දිනට දින දෙකකට පෙරය. මහරගම පුංචි අම්මලාගේ නිවසේ නතර වූ ඔවුන් බ්‍රහස්පතින්දා උදෑසනින්ම පුංචි අම්මාත් සමඟ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලට පැමිණියහ. මෙම වසන්ත ළමා කඳවුර පුංචි අමාෂාට සුවිශේෂය. අමාෂාම ලියා ඇයම චිත්‍ර ඇන්ද “හොඳ ළමයා” පුංචි කතා පොත වසන්ත ළමා කඳවුර අවසානයේ දොරට වැඩීම සිදුවිය. පුංචි අමාෂාට ඒ ගැන ගොඩාක් සතුටුය.
මහව කෝන්වැව මහා විද්‍යාලයේ හයවන වසරේ ඉගෙනුම ලබන ටී. රූත් ප්‍රසාදිනීගේ ගම කෝන්වැවටත් කිලෝමීටර් දහයකටත් එහා කට්ටබුවාව හිය. දහවන වසරේ ඉගෙනුම ලබන තිලිනි ප්‍රියදර්ශනී අක්කා ද සමඟ වසන්ත ළමා කඳවුරට පැමිණියාය. මහව දුම්රිය පොළෙන් පාන්දර තුනහමාරේ කෝච්චියෙන් අම්මාත් සමඟ හිමිදිරි යාමයේ ඔවුන් මරදාන දුම්රිය පොළට පැමිණියහ.
විහාරගම සිරිනන්ද හිමි
ධම්මදේශ අම්බලම්පිටිය
“වසන්ත ළමා කඳවුරෙන් හුඟාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියල අහල තියෙනවා. නායකත්ව හැකියාවන් වර්ධනය කරගන්න අවස්ථාවන් ලැබෙනව කියල අහල තියෙනවා. ඒකයි ඈතම ඈත ඉඳල අමාරුවෙන් හරි ආවෙ”, මහව කට්ටබුවාවහි රූත් ප්‍රසාදිනි අසීරු ජීවිතය සාර්ථක කර ගැනීමට පෙරුම් පුරන්නේ එසේය.
බවින්ද පබසරා සමරනායක මොනරාගල රාජකීය ජාතික පාසලේ එක වසරේය. නාද්යා මෙලිශා ප්‍රනාන්දු එම පාසලේම තුන වසරේය. මේ දෙදෙනාගේම මවුවරු දෙදෙනා මිතුරියන්ය. පුවත් පතක දැන්වීමක් දුටු මේ අම්මාවරුන් දෙදෙනා ඈත මොනරාගල සිට මේ කුඩා දැරියන් දෙදෙනා කොළඹ වසන්ත ළමා කඳවුරට සහභාගි කරවීමට තීරණය කළහ.
පුංචි බවන්දි පබසරා චිත්‍රපට කිරීමට හැබෑවට ආශාය. නාද්යා මෙලිශා පොත් ගුල්ලියක්ය. මොනරාගල නගරයේ ඇති පුස්තකාල දෙකකම ඇය සාමාජිකත්වය දරන්නේ එම නිසාය. සිබිල් වෙත්තසිංහගේ කුමාරණතුංග මුනිදාසයන්ගේ ළමා කථා පොත් කියවීමට නාද්යා බොහෝ කැමැතිය.
“වසන්ත කඳවුරෙන් ළමයින්ට අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලැබෙන බව තේරුණා. ඒකයි මොනරාගල ඉඳල මේ පුංචි පැටික්කියො එක්කන් ආවෙ” බවින්දි පබසරාගේ සහ නාද්යා මෙලිශාගේ මවුවරුන් දෙදෙනා පැවසූහ.
මැදිරිගිරිය, දිවුලංකඩවල එම්. පී. රංජිත් ගුණවර්ධන දවසේ රුපියල් අටසියයේ පඩියට කුලී වැඩ කරන අයෙකි. දිවුලංකඩවල මහ විදුහලේ තුන වසරේ ඉගෙනුම ලබන මෙත්මි ප්‍රාර්ථනා ඔවුන්ගේ එකම දියණියය.
“ඉස්කෝලෙ ලොකු මහත්තයා රැස්වීමක් තියලා කිව්වා වසන්ත ළමා කඳවුරට සහභාගි වන එක ඉගෙන ගන්න එකට උදව්වක් කියලා. උගන්නපු දෙයක් විතරනේ ඉතුරු මහත්තයො. නැතිනම් අවුරුදු කටේ මේ ආවෙ සල්ලි තියෙන කමකට නෙවි” රංජිත් ගුණවර්ධන සේම බොහෝ මාපියන් තමන්ගේ දුවා දරුවන් වසන්ත ළමා කඳවුරට සහභාගි කළේ එම සිතුවිල්ල නිසාය.
“රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ඇතිව ත්‍රිවිධ හමුදාවෙම සහාය අපිට මේ වසන්ත ළමා කඳවුර සාර්ථක කරගන්න ලැබුණා. ඒ ගැන ඒ ඇත්තන්ට මම ස්තුති කරනවා” ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය මහතා පුන පුනා කීවේය.
http://www.silumina.lk/2014/04/20/_art.asp?fn=cr1404201

රිජ්වේ ගේ කැඳවීම අනුව එම්.එස්. ආවේය.

“කියලා වැඩක් නෑ”

ගායන ශිල්පි ටී.එම්. ගුවන් විදුලියේ කොරිඩෝවක් දිගේ යමින් සිටියේය. අතරමගදී මුණ ගැසුණු නිලධාරියෙක් “අද සරල ගී වලට මේ ගීතය ගයන්නැයි ගී පදවැලක් ඔහු අත තබා යන්නට ගියේය. එය රචනා කොට තිබුණේ විමලා කාන්ති පීරිස් නමැත්තියක විසිනි. ටී.එම්. එදින සරල ගී වැඩසටහන සඳහා ඒ ගීතය ගායනා කළේය.
“ඔබ හා මෙමා
අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා”
එය අතිශයින් ම ජනප්‍රිය ගීතයක් බවට පත්විය. මින් වසර ගණනාවකට පෙර නිර්මාණය වූ ඒ ගීතය අදටත් බොහෝ ජනප්‍රිය එකකි.
ටී.එම්. එවැනි ගී ඔස්සේ ජනාදරයට පත්වූ ගායකයෙක් බවට පත්විය. එහෙත් විමලා කාන්ති පීරිස් ඒ අයුරින්ම ජනප්‍රිය ගීත රචිකාවක වූයේ නැත. ඉන්පසු ඇගෙන් බිහිවූවා නම් ඒ නිර්මාණ එකක් හෝ දෙකක් පමණි.
විමලා කාන්ති පීරිස් යන නම කාට කාටත් අමතකව ගියේය. එහෙත් ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගයේ සභාපතිවරයා වූ රිජ්වේ තිලකරත්න මහතා වියෝ වූ පසු ටී.එම්. ට යළිත් විමලා කාන්ති පීරිස් මතක් විය. ඒ අනෙකක් නිසා නොව විමලාකාන්ති පීරිස් නමින් ඒ ගීතය ලියුවේ රිජ්වේ තිලකරත්න බව දැනගන්නට ලැබුණු නිසාය.
මේ සුන්දර සිද්ධිය ඇතැම් අය මින් පෙර අසා ඇති එකක් විය හැකිය. එහෙත් මා එය මුල්වරට ඇසුවේ පසුගියදා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ “සංහිඳ” වැඩසටහන මගිනි.
ඒ “සංහිඳ” මම රාත්‍රි දොළහවන තෙක්ම නැරඹ‍ුවෙමි. රෑ මැදියම ද ළඟා වනතෙක් රූපවාහිනි යන්ත්‍රයක් දෙස බලා සිටි දවසක් ගැන මට මතකක් නැත. එහෙත් මුළු ගෙදරම නොව “මුළු නුවර ම නිදිගත් මොහොතක” මම සංහිඳත් සමඟ අවදිව සිටියෙමි.
රිජිවේ තිලකරත්න නම් වූ විශිෂ්ට පරිපාලකයා තම කුශාග්‍ර බුද්ධියෙන් ගුවන් විදුලියේ හැඩරුව වෙනස්කොට එය ගුවන් විදුලි ඉතිහාසයේ ස්වර්ණමය යුගය බවට පත් කළ අපූරුව සංහි‍ඳෙන් මොනවට පැහැදිලිකර ලීය.
ප්‍රඥාවන්ත පරිපාලකයකු තුළ තිබිය යුතු විශිෂ්ට ගුණාංග රිජ්වේ තිලකරත්නයන් අතින් වඩාත් ඔපමට්ටම් වී දිදුලන තත්ත්වයට පත්වූ අයුරු ඉන්ද්‍රකීර්ති සුරවීර විසින් සිය වාග් මාලාව ඔස්සේ අපට කදිමට කියා දුන්නේය.
එවකට ගුවන් විදුලියේ ස්වදේශීය සේවය සාහිත්‍ය ශාස්ත්‍රීය වැඩසටහන් මෙන් ම සුභාවිත ගීතය මගින් වර්ණවත්කරද්දී වෙළෙඳ සේවය මුදලාලිකරණය වී තිබිණි. හින්දි සහ හින්දි කොපි ගීත වලින් වෙළෙඳ සේවය පිරී තිබුණේය. ගීතමය වැඩසටහන් සඳහා ගීත තේරුවේ මුදලාලිගේ අභිමතය පරිදිය.
“මීට පස්සෙ අපට ඕනැ ගීත තමයි තෝරන්නෙ. මුදලාලි අකමැති නම් ඒ ගොල්ලන්ගෙ දැන්වීම් ටිකත් අරගෙන යන්ඩ කියන්ඩ.”
රිජ්වේ තිලකරත්න මහතාගේ හඬ සිංහනාදයක් බඳු වීය. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය නිර්මාණය වූයේ නිර්මාණශීලිත්වය, ප්‍රඥාවන්ත බව මෙන්ම මේ ආදීනත්වය ද නිසා බැව් එදා සංහිඳට සහභාගි වූ නිව්ටන්, අසෝක, වික්ටර්, ටී.එම්, බුද්ධි වැනි වියත්තු සැමදෙනම කියා පෑහ.
“එම්.එස්. ට එන්ඩ කියන්ඩ” රිජ්වේ ගේ කැඳවීම අනුව එම්.එස්. ආවේය.
“පැය භාගයක සරල ගී වැඩසටහනක් දෙනවා... ඔබට”
එම්.එස්. උඩ ගියේ ය. බයිලා ගායකයකු වූ තමාට ගුවන් විදුලියේ පැය භාගයක වැඩසටහනක්...! සිතන්නටවත් නොහැකි ය. ඒ රිජ්වේ ගේ චින්තනයේ හැටිය. “බෝල බෝල මැටි එක එක ගෙනෙනවා” යන ගීතය එම්.එස්. ගායනා කළේ ඒ වැඩසටහනටය.
සංහිඳ මේ සියල්ල අපූරුවට පෙළගස්වා මැදියම් රැය අපටත් නොදැනීම එනතෙක් හරබරව, මනහරව, රසබරව ඉදිරිපත් විය.
අදටත් අප අතර වැඩිපුර රැඳී ඇත්තේ ඒ යුගයේ නිර්මාණය වූ ගීත නොවෙදැයි ටී.එම්, වික්ටර්, සනත්, සෝමතිලක, නීලා, මාලිනී වැන්නවුන්ගේ ගී ඇසෙනවිට මට සිතේ.
රිජ්වේ අසාමාන්‍ය පරිපාලකයෙක් මෙන් ම අසාමාන්‍ය රසිකයකු ද වූ නිසා ගුවන් විදුලියේ අසාමාන්‍ය යුගයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි විය. මේ අසාමාන්‍ය එනම් ස්වර්ණමය යුගයේදී ගුවන් විදුලි කොරිඩෝව හරහා බොහෝ වාරයක් ගමන් කිරීමට මට ද වාසනාවක් ලැබිණි. ඒ සුගත් අයියාගේ (සුගතපාල ද සිල්වා) ගුවන් විදුලි රඟමඩලට සහ කෙටිකතාවට පිටපත් රචනයෙන් දායක වූ බැවිනි.
වැඩසටහන පටිගත කොට අවසානයේ පරිප්පු වඩේ එකක් කා ප්ලෙන්ටියක් බොන්නට ගුවන් විදුලි කැන්ටිමට යන අතරමගදි, රිජ්වේ තිලකරත්නයන් විසින් මතුකර ගත් දැවැන්ත ගුවන් විදුලි නිෂ්පාදකවරුන් බොහොමයක් සමඟ වචනයක් දෙකක් කතා කිරීමේ වාසනාව ද බොහෝ තරුණ වියේදීම මට ලබාගත හැකි විය.
ඩෝල්ටන් ගේ ශාන්ත ස්වරය ද ප්‍රේමකීර්තිගේ උපහාස ‍ස්වරය ද දයානන්ද විදග්ධ ගැඹුරු ස්වරය ද එච්.එම්. ගේ බොහෝ ළෙන්ගතු ස්වරය ද මට දැනුදු දැනෙන්නාක් මෙනි.
සංහිඳ වැඩසටහන දෙස මැදියම් රැය වන තෙක් ම බලා සිටියේ රිජ්වේ තිලකරත්න නම් වූ යුග පුරුෂයා පිළිබඳව ඓතිහාසික කරුණු දැනගැනීම පිණිසම නොවේ. එම වැඩසටහන නීරස වී නම් දහයමාර එකොළහ වනවිට යහන් ගතවන්නෙමි. එහෙත් එදා මම අවදිව සිටියෙමි. මන්ද යත් “සංහිඳ” ඒ තරමට රසවත් වූ බැවිනි. ඒ ගැන පවසන්නට ඇත්තේ මෙපමණකි.
“කියලා වැඩක් නෑ...

ගුණතුංග කේ. ලියනගේ

යුග දෙකක්‌ එක්‌කළ ප්‍රවීණ නිවේදක
ගුණතුංග කේ. ලියනගේ

මේ ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයයි. පනහ දශකයේ මුල් භාගයේ සිට ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් එසේ ශ්‍රාවකයන් ඇමතූ ඒ හඬ එදා ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ නිවේදක ගුණතුංග කේ. ලියනගේ මහතාගේය. මේ වන විට ඔහු එම සේවයෙන් විශ්‍රාම ගොසිනි. ඔහු විශ්‍රාම ගන්නා විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවේ ස්‌වදේශීය හා වෙළෙඳ සේවයෙහි වැඩසටහන් ඉදිරිපත් කරන ඒකක භාර, අංශ ප්‍රධානී තනතුර හෙබවීය. ස්‌වකීය දිවි මඟෙහි හැත්තෑනව වැනි ජයටැඹ පසුකරන ලියනගේ මහතා නියත වශයෙන්ම පෙරකී යුගයේ කැපී පෙනෙන සංධිස්‌ථානයක්‌ වනු නොඅනුමානය. තවත් පසෙකින් ඔහු යුග දෙකක්‌ ඈඳන පුරුකක්‌ ලෙසද හැඳින්විය හැකිය.

1933 නොවැම්බර් මස 08 දින කළුතර දිස්‌ත්‍රික්‌කයේ බෝඹුවල නම් අති සුන්දර ගම්පියසේ ජන්ම ලාභය ලද ලියනගේ මහතා, කොළඹ කොටහේන කුමාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේ සිට ගුවන්විදුලියට සම්බන්ධ වූ අයෙකි. එවකට ගුවන් විදුලියේ ස්‌වදේශීය සේවයෙන් පැවැත්වූ පාඨශාලාන්තර "පැන පොඩි" ප්‍රශ්න විචාරාත්මක වැඩසහටනට එම විද්‍යාලයේ ළමුන් කණ්‌ඩායමක්‌ සමග මෙම අයද සහභාගි විය. ඉදිරි වැඩසටහන් පැවැත්වෙන වේලාවට ඒවා නැරැඹීම සඳහා ගුවන්විදුලි මැදිරියට යැම පුරුද්දක්‌ කරගෙන තිබිණි. අවසාන වැඩසටහන පැවැත්වූ දිනයේ එදා මහ වැස්‌සේ තෙමි තෙමී ගුවන්විදුලියට පැමිණ එදා තරගකරුවන්ට උත්තර දෙන්නට නොහැකි වූ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නරඹන්නෙක්‌ විදියටය. එවකට ගුවන් විදුලියේ සිංහල අංශයේ ප්‍රධානියාව සිටි චිත්‍රපට නළු ලැඩී රණසිංහ සහ බලධාරියාව සිටි ක්‌ලිµඩ් ආර්. ඩොටි යන මහතුන් මෙම අයගේ දැනුම ගැන පැහැදී දිගටම ගුවන්විදුලියට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

පැන පොඩි දැනුම මිනුම කණ්‌ඩායමට එකතුවෙන ගමන් ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදනය කරන හැටි නිවේදන කටයුතු කෙරෙන හැටි, ප්‍රවෘත්ති තොරතුරු රැස්‌කර ගන්නා හැටි වැනි බොහෝ දේවල් ඉගෙන ගෙන ඒ අතර පාසලෙන් අස්‌වූ පසු ගුවන් විදුලියට නොයෙක්‌ අයුරින් සම්බන්ධ විය. ඒ අතර කටහඬ පරීක්‌ෂණ ඇතුළු අනෙකුත් විවිධ වැඩසටහන් හා පරීක්‌ෂණවලට මුහුණදී 1956 පෙබරවාරි 06 වැනි දින එහි මුල්ම සහන නිවේදක තනතුරට පත්විය. වසර තුනකටවත් වැඩි කාලයක්‌ එම තනතුර හොබවා තිබිණි.

එතෙක්‌ සිටි සහන නිවේදකයන් වෙනුවට පසු කලෙක ස්‌ථිර නිවේදකයකු සිටීමේ අවශ්‍යතාව පැන නැගුණි. ඒ පිළිබඳව ගුවන්විදුලියෙන් පුවත්පත්වලින් "තරංගනී" ගුවන්විදුලි සඟරාවෙන් දුන් ප්‍රචාරය අනුව ඉල්ලුම්පත් දහස්‌ ගණනකින් වරින් වර පැවැත්වූ ලිත හා වාචික පරීක්‌ෂණවලින් පසුව අවසාන පරීක්‌ෂණයෙන් සමත් වී 1959 මැයි 18 වැනිදා වෙළෙඳ සේවයේ ස්‌ථිර නිවේදකයා වීමේ භාග්‍ය ලියනගේ මහතාට ලැබිණි.

1950/60/70 දශක ලංකා ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ ස්‌වර්ණමය යුගය ලෙසින් හැඳින්වීමෙහි කිසිදු වරදක්‌ නැත. ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ ආරම්භය හා ගුණතුංග කේ. ලියනගේ මහතාගේ මාධ්‍ය දිවියේ ආරම්භයද එකවර සිදු වූවකි. එබැවින් වෙළෙඳ සේවය හා ගුණතුංග කේ. යන්න දෙකක්‌ නොව එකක්‌ ලෙස ශ්‍රාවකයන්ට දැනෙන්නට විය.

එවකට වෙළෙඳ සේවය මුහුණපෑ ප්‍රධානතම ගැටලුව වූයේ අවශ්‍ය පමණ සිංහල ගීත තැටි නොතිබීමයි. ඒ වන විට මෙතුමා කළේ අවශ්‍ය ගී තැටි ස්‌වදේශීය සේවයෙන් ණය පදනම මත ලබාගෙන ප්‍රචාරය කිරීමය. ක්‍රම ක්‍රමයෙන් ඒ සම්බන්ධයෙන් ගැටලු මතුවන්නට වූ නිසා ස්‌වදේශීය සේවය ඒවා ලබාදීම කැමැත්තෙන් නොකරන නිසා එම තත්ත්වය මත හින්දි ගීත වැඩියෙන් ප්‍රචාරය කිරීමට නැඹුරු විය. ස්‌වදේශීය සේවයෙන් අවශ්‍ය වේලාවට අවශ්‍ය පමණ ගීත තැටි ලබාගැනීමේ දුෂ්කරතා පිළිබඳව අංශ ප්‍රධානියා වූ ශ්‍රීපාලි වයමන් මහතාට දැනුම් දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධ්‍යක්‌ෂතුමා හමුවී යෝජනා කිරීමෙන් පසු අපේම ගී තැටි හඳුන්වාදීමට පියවර ගත්තේය.

වෙළෙඳ සේවයේ ජනප්‍රියත්වයට පත්වූ මුල්ම වැඩසටහන වූ "කෝපි කඩේ" කොටස්‌ 200 ක්‌ පමණ ලියා එහි ප්‍රධාන චරිතය වන ගබ්රියෙල් ගේ චරිතයට පණ දුන්නේ ලියනගේ මහතායි. වෙළෙඳ සේවා විකාශනය ඔස්‌සේ ප්‍රචාරය කෙරුණු "සිව් දිගින් - සත් මුහුදින්", "අපේ කතා", "ගමේ විත්ති" වැනි නාට්‍ය නිෂ්පාදනය කොට ඉදිරිපත් කිරීමේ භාග්‍යය ලියනගේ මහතාට හිමිවිය.

මෙතුමා නිෂ්පාදනය කොට ඉදිරිපත් කරන ලද "ප්‍රසන්න ලංකා" වැඩසටහන එංගලන්තය, යුරෝපය, දකුණු ආසියාව, මැදපෙරදිග, රුසියාව යන රටවල විකාශනය කෙරුණ ප්‍රථම සිංහල ගුවන්විදුලි වැඩසටහනය. ප්‍රවෘත්ති, සිංහල ගීත, සුබපැතුම් ඇතුළත් එම වැඩසටහන ඉරිදා දිනවල රාත්‍රී 9.00 සිට 9.30 දක්‌වා විකාශනය කෙරිණි. මෙම වැඩසටහන ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය බව ලතා මංගේශ්කර් නමැති භාරත ගීත කෝකිලාවිය හමුවේදී පවසා ඇත. මෙම වැඩසටහනින් ශ්‍රී ලංකාවෙන් පිට සිටි අසන්නන්ට මෙරට තොරතුරු දැන ගැනීමට කදිම මාර්ගයක්‌ විය. මෙම වැඩසටහනේ සාර්ථක බව නිසාම වසර 15 ක්‌ පමණ නොකඩවා ප්‍රචාරය විය.

සමස්‌තයක්‌ වශයෙන් බලන කල මෙම අය වැඩියෙන්ම සම්බන්ධව කටයුතු කළේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වලටය. සංඛ්‍යාව අනුව එය දෙදහසකට අධික සංඛ්‍යාවක්‌ විය. "තරග කවය", "බී.සී.සී. පවුල් හවුල් පැන විසඳුම්", "පාඨශාලාන්තර දැනුම මිනුම", "විසිපැන", "වාසනා උදාව", "වාසනාවෙන් වාසනාව"ආදී වැඩසටහන් මේ අතර විය.

1972 වසරේ දී පාලක ඉදිරිපත් කිරීමේ තනතුර ලැබීම, 1978 වසරේ දී ස්‌වදේශීය හා වෙළඳ සේවා යන අංශ දෙකෙහිම වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ඒකකයේ කටයුතු භාර අංශ ප්‍රධානි තනතුර ලැබීම ලියනගේ මහතාගේ මාධ්‍ය ජීවිතයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ වේ. 1979 වසරේ දී ගුවන් විදුලියෙන් සමුගත් ලියනගේ මහතා 1996 දක්‌වා ගුවන්විදුලි වැඩසටහන්වලටද සම්බන්ධ විය. ඉන්පසුව වුවද ඔහුගේ ජීවිතයේ ඇති අවිවේකී ස්‌වභාවයේ වෙනස්‌ වීමක්‌ පෙනෙන්නට නැත. ඒ ඔහු දැනට ඔහුගේම "සැන්සු" වෙළෙඳ ප්‍රචාරක ආයතනයේ සභාපති වශයෙන් අතිවිශාල වගකීම් සමුදායක බැඳී සිටින බැවිනි. ලියනගේ මහතාගේ එකම පුතු වන සම්පත් ලියනගේ සහ ලේලිය ලක්‌මිණි ලියනගේ එම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරුන් වෙයි. ගුණතුංගයන්ගේ ආදර බිරිඳ මාලි සෙනෙවිරත්න එදා මෙන්ම අදත් ඔහුගේ සෙවණැල්ල සේ සියලු කාර්යයන්හිදී ඔහුට ශක්‌තිය, ධෛර්යය හා අනුබල දෙන්නීය. ඇය මෝස්‌තර නිර්මාණ ලොවේ ප්‍රමුඛ ශිල්පිනියකි. එකම දියණිය සුභානී ලියනගේ දැනට ඇමෙරිකාවේ පදිංවිව සිටියි.

නොවැම්බර් මස 08 වැනි දිනට යෙදෙන මෙම සුන්දරතම මානව හිතවාදියාගේ හැත්තෑනව වැනි ජන්ම දිනයේදී අපි එතුමාට නිදුක්‌ නිරෝගී සුවය හා චිරාත් කාලයක්‌ ජීවත් වීමේ භාග්‍ය උදාවේවායි ඉත සිතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

ඒ. වී. කරුණාදාස
බංගලාවත්ත, පූගොඩ


http://www.divaina.com/2012/11/09/cineart04.html

ගුවන් විදුලි ගීත නාට්‍යයට යළි මුල පුරයි

ගුවන් විදුලි ගීත නාට්‍යයට යළි මුල පුරයි

බෞද්ධ හා ජන සාහිත්‍යයේ ආභාෂයෙන් විරචිත ප්‍රභාවාත්මක නව සංවාද රූපී ගීත නාටකය ‘හිමගත වරුණ - ශ්‍රී පාද පුරාණය’ ලබන අප්‍රේල් 14 වැනිදා පස්වරු 6.30 සිට 7.00 දක්වා සිටි එෆ් එම් සේවය ඔස්සේ හා එදිනම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා සිංහල ස්වදේශීය සේවය ඔස්සේත් ප්‍රචාරය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ අනුග්‍රහයෙන් මෙම ගීත නාටකය ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය ශිල්පී සංගමය ඉදිරිපත් කරයි. නිර්මාණශීලී අධ්‍යක්ෂණය රෝහණ සිරිවර්ධන, ගේය නිර්මාණ සහ පිටපත ජයම්පති අල්ගම, සංගීත නිර්මාණය විශාරද උපාලි අමරනායක, නිෂ්පාදනය තුෂාර බැද්දගේ, නාද සටහන නලින් අලුත්ගේ විසිනි.
ආචාර්ය දයාරත්න රණතුංග, විජේරත්න වරකාගොඩ, කුසුම් පීරිස්, උරේෂා රවිහාරි, ගීතාකාන්ති ජයකොඩි, සීලරත්න සෙනරත්, ලාල් සරත් කුමාර, සන්ධ්‍යා රඹුක්කනගේ, රත්නා සමරසිංහ, පුණ්‍යා කත්‍රිආරච්චි ඇතුළු ගුවන් විදුලි ශිල්පීන් රැසකගේ හඬින් මෙය අලංකාර කෙරේ.

ලැම්බට් පෙම්මාවඩු (Lambert Pemmawadu)

ලැම්බට් පෙම්මාවඩු (Lambert Pemmawadu)

ජීවන තොරතුරු
ලැම්බට් පෙම්මාවඩු නම් වූ ඒ අපූරු චරිතය පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “හඳමාමා“ ළමා වැඩසටහනේ හඳමාමා කීවොත් නිවැරදිය. මොහු අප දන්නා පරිදි ගුවන් විදුලි නිවේදකයෙකි. ලැම්බට් පෙම්මාවඩු නම් වූ ඒ අපූරු කලාකරුවා උපත ලැබු‍වේ අම්බලන්ගොඩ නම් වූ ඒ සුන්දර රමණීය ප්‍රදේශයේ වතුගෙදර කියන ගම් පියසේදීය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් මාතාවගේ තුරුලේ පෝෂණය වෙමින් සිය හැකියාවන්, දක්‍ෂතාවයන් දියුණුකර ගනිමින් ඉදිරියට ඒමට සමත් වූ ඉතා දක්‍ෂ ශිෂ්‍ය යෙකු බව කිව හැක. මෙතුමා පාසල් වියේදී ළමා ලේඛකයෙකු වශයෙන් පුවත්පත් සඟරා යනාදියට ලිපි සපයමින්, ගුවන් විදුලි ළමා පිටියේ ළමා ශිල්පියෙකු ලෙසත්, විරිඳු ශිල්පියෙකු ලෙසත් තම දස්කම් පෙන්නන්නට විය.
පාසල් අධ්‍යාපනය අවසන්වීමත් සමගම විශ්ව විද්‍යාල ප්‍රවේශය වැට මායිමේ තිබියදී රජයේ ලිපිකරු විභාගයෙන් සමත් වී ලිපිකරුවකු ලෙස කොළඹ රෝහල් අධිකාරි කාර්යාලයේ පත්වීමක් ලැබිණ. මේ නිසා මොහුට ගුවන් විදුලියට සම්බන්ධ වීමේ ඉඩකඩ වඩාත් වැඩි විය. මේ ආකාරයෙන් බාහිර ගුවන් විදුලි ශිල්පියෙකු ලෙස විවිධ වැඩසටහන් වලට සහභාගි වූ ලැම්බට් පෙම්මාවඩු ගුවන් විදුලි සහන නිවේදක පරීක්‍ෂණයෙන් සමත් වී වෙළඳ සේවයේ සහන නිවේදකයෙකු 1967-10-01 දින සිට පත්වීම ලැබීය. ප්‍රකට ගායක ගායිකාවන්, නිවේදකයින්, විද්වතුන් රැසක් රටට හඳුන්වා දුන්නේ මොහු ඉදිරිපත් කළ “හඳ මාමා“ ළමා වැඩසටහනින් බව ප්‍රකට කරුණකි. මොහු සුමනා ජයතිලක මහත්මියගෙ සමඟ ඉදිරිපත් කරන “හඳ මාමා“ ළමා වැඩසටහන මේ වන විට වසර 47 කට අධික කාලයක් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ළමා වැඩසටහන් ඔස්සේ අදත් ප්‍රචාරය වෙයි. “හඳ මාමා“ ළමා වැඩසටහන ළමයින්ගේ සිත් ගන්නා අයුරින් දරුවන්ගේ විවිධ දක්‍ෂතා ඉදිරිපත් කරමින් ගවනට එක් කරන්නට මේ දෙපළ සමත් වූ බව පුන පුන කිව යුක්තක් නොවේ. මොහුගේ කුසලතා දුටු උසස් නිලධාරීන් මොහු විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ලෙස ද පත් කරගනු ලැබීය.
1968 දී වෙළෙඳ සේවයේ කාර්යාලීය වැඩසටහන් අතර අසන්නන් සහභාගි කර ගනිමින් මොහු කරන ලද “අසන්නෙක් සමඟ“ වැඩසටහන අසන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. 1977 වසරේදී ගුවන් විදුලි සංස්ථාවෙන් නිකුත් කළ ගුවන් විදුලි සඟරාවේ “ගුවන් විදුලි ළමා සමාජය“ නම් වූ විශේෂිත පිටුවද මොහුගේ සුවශේෂ කාර්යයක් ලෙස සඳහන් කළ හැකිය. මේ හැරුණු විට මෙම කාල පරිච්ඡේදය තුළ වෙළෙඳ හා ස්වදේශීය සේවය ඔස්සේ විවිධ කාර්යාලීය වැඩසටහන්, බාහිර පටිගත කරන ලද පාඨශාලාන්තර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, විකට වැඩසටහන්, වෙළෙඳ වැඩසටහන්, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම්, සම්මුඛ සාකච්ඡා බාහිර ප්‍රචාර, විවිධ විචිත්‍රාංග ආදී වැඩසටහන් රැසක් සම්පාදනය කොට ඉදිරිපත් කර ඇත. මෙයට අමතරව ගුවන් විදුලි විරිඳු ශිල්පියෙකු ලෙසද විරිඳු ගායනා රාශියක් ඉදිරිපත් කර ඇති අතර, රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ හඬ කැවීම් ශිල්පියෙකු වශයෙන්ද ළමා වැඩසටහන් කීපයකටම හඬ මුසු කර ඇත.
මාධ්‍ය සම්බන්ධ එතෙර මෙතෙර පුහුණුව
ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාව (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)
වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය (ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය)
ප්‍රමිතිකරණය හා අදාල ප්‍රචාරක වැඩසටහන් පිළිබඳ එතෙර පුහුණුව (මැලේසියාව)
ඉදිරිපත් කරන ලද ගුවන් විදුලි වැඩසටහන් - ( කාර්යාලීය වැඩසටහන් කීපයක්)
සොඳුරු සෙවන                                    (ස්වදේශීය සේවය)
සෞඛ්‍ය පීඨය - තක්සලාව                     (ස්වදේශීය සේවය)
සුව සම්පත                               (ස්වදේශීය සේවය)
පාරිභෝගික හමුව                    (ස්වදේශීය සේවය)
මධු මාධවී කවි සඟරාව             (වෙළෙඳ සේවය)
අසන්නෙක් සමග                                 (වෙළෙඳ සේවය)
ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම් (වෙළෙඳ සේවය)
හඳ මාමා                                  (වෙළෙඳ සේවය)
වියන් සංසද                              (විදුල ගුවන් විදුලිය)
වෙළඳ වැඩසටහන් කීපයක්     
කුරේ ‍රසධාරා ඔබයි ගීතය
ආසිරි මී බිංදු
සේකර්ස් ස්වර්ණ මාලිගා
නිහාල් ගීත මාලා
සතියේ ආසිරි පැතුම්
තිස්ස රිදී සීනු ආධුනික ගීත ප්‍රසංගය
ඒ.ටී.සී. විනෝද වටය
ඔබයා ප්‍රමිතියයි
දැනුම වැඩුම ප්‍රශ්න විචාරාත්මක තරගය
ඩොලර් සංගීත මේලා ආධුනික ගීත ප්‍රසංගය
ස්වර්ණ රේඛා
විජය ගී හඬ
රේඛා ආසිරි පැතුම්
කාන්ති ගීත කුසුම්
ආසිරි මී බිංදු
සේකර්ස් රසික හමුව
මිහිරි සුබ ප්‍රාර්ථනා
සේකර්ස් ආසිරි ප්‍රාර්ථනා
සුපර්ෂයින් රිදී සීනු
මිහිරි රංගධාරා
දක්‍ෂිණ ලංකා ස්වර්ණ පැතුම්
විජේරත්න සංගීත සාදය
සුව සවිය දැනුම මිනුම තරගය
නයින් හාට්ස් සතියේ මනාලිය
සමාජ සේවා
බොරලැස්ගමුව ග්‍රාමයේ උපන් සීතා පුස්සැල්ල මහත්මිය ආදරණීය බිරිඳයි. වැඩිමහල් දියණිය රසිකා. දියණියන් දෙදෙනෙකුගේ සුරතල් බලන මද්දුම දියණිය කොළඹ ජාතික රෝහලේ අතුරු වෛද්‍ය සේවය නිලධාරිනියකි. බාල දියණිය සුරංගා, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳ උපාධිව ලබා ඇත. ඇයද විවාහකයි.
ලබා ඇති සම්මාන
1998 - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයෙන් පවත්වන ලද “ඔබේ කටහඬ තාම මතකයි“ නිවේදක ප්‍රණාම උළෙලේදී කටහඬින් කරන ලද අනූපම මෙහෙවර වෙනුවෙන් උපහාර තිළිනයකින් පිදුම් ලැබීම.
1999 - මුළු දිවයිනටම බලපාන අන්දමින් සාම විනිසුරුවරයෙකු ලෙස පත් කර ඇත.
2000 - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන විධායක නිලධාරින්ගේ සංගමයට කරන ලද මෙහෙවර වෙනුවෙන් උපහාර තිළිණයකින් පිදුම් ලැබීය.
2001 – “ලේ පරිත්‍යාගශිලීන්ගේ ඉල්ලීම්“ වැඩසටහන වසර 30 කට අධික කාලයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරමින් ජාතික ලේ දීමේ සේවයට කරන ලද අමිල සේවය වෙනුවෙන් බොරලැස්ගමුව එකමුතු තරුණ කැළ උපහාර පිරිනැමීම.
2002 – “හඳ මාමා“ ළමා වැඩසටහන වසර 42 ක් පිරීම නිමිත්තෙන් උපහාර සම්මානයකින් පිදුම් ලැබීම.
2003 - ටවර් හෝල් රඟහල පදනම මගින් කලා ශිල්පීන් සඳහා වූ විශේෂ හැඳුනුම්පත පිරිනැමීම.
2004 - අංක 1948 දරණ බොරලැස්ගමුව ධර්මරාජිකාශ්‍රම විහාරස්ථ මුතුහර ළමා සමාජයට කරන ලද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් උපහාර තිළිණයකින් පිදුම් ලැබීම.
2004 – “දේශ ප්‍රසාද මාධ්‍ය කලා කීර්ති“ සම්මානයෙන් පිදුම් ලැබීම සහ 40 වසරක් “හඳ මාමා“ ළමා වැඩසටහනින් දරුවන්ට ආලෝකයක් ලබා දීම වෙනුවෙන් බොරලැස්ගමුව ධර්මරාජකාශ්‍රම විහාරස්ථ දායක සභාව උපහාර තිළිණයක් පිරිනැමීම.
2004 - සංස්කෘතික අමාත්‍යාංශය ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හා ඒකාබද්ධව කලා ශිල්පීන් සඳහා පිරිනමනු ලබන “ප්‍රතිභා ප්‍රණාම“ රක්‍ෂණ ඔප්පු පිරිනැමීම.
2004 - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස මාධ්‍ය ක්‍ෂේත්‍රය තුල දක්වන කුසලතා හේතුවෙන් විද්‍යාලයට ගෙන දුන් කීර්තිය වෙනුවෙන් විශිෂ්ට කුසලතා සම්මානයකින් පිදුම් ලැබීම.
2004 - සංස්කෘතික දෙපාර්තුමේන්තුව පිරිනමන “කලාභූෂණ“ සම්මානයෙන් පිදුම් ලැබීම.
2004 – ජයවර්ධනපුර ගුණ සමරු පදනමින් “දේශ ප්‍රසාද මාධ්‍ය කලා කීර්ති“ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීම.
2006 - ශ්‍රී ලංකා ජනමාධ්‍ය පදනම “ප්‍රවීන ගුවන් විදුලි ශිල්පි“ ගෞරව සම්මානය පිරිනැමීම.
2007 - කොළඹ ආනන්ද විද්‍යාලීය ප්‍රවෘත්ති විකාශන ඒකකය, ජනමාධ්‍ය උන්නතිය උදෙසා කරන ලද මෙහෙවර වෙනුවෙන් උපහාර පිරිනැමීම.
2009 - ශ්‍රී ලංකා විශ්ව සමාධි සාම පදනම “දේශබන්දු“ ගෞරව සම්මානය පිරිනැමීම.
ප්‍රශංසාත්මක ලිපි
1969 - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශය කරනු ලැබූ ඇපලෝ - 11 විස්තර ප්‍රචාරය සම්බන්ධව එවකට අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි නෙවිල් ජයවීර මහතා විසින් නිකුත් කරන ලද ප්‍රශංසාත්මක ලිපිය.
1979 - ජාතික ලේ දන් දීමේ සේවයට කරන ලද සේවය අගයමින් එහි අධ්‍යක්‍ෂක තුමිය විසින් නිකුතු කරන ලද ප්‍රශංසාත්මක ලිපියග
1982 – 1982 ලෝක ප්‍රමිති දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව තුල කරන ලද ප්‍රචාරක කටයුතු අගයමින් ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයේ මහජන සම්බන්ධතා නිලධාරී විසින් නිකුත් කරන ලද ප්‍රශංසාත්මක ලිපිය
1983 - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වනු ලැබූ දැනුම වැඩුම පාඨශාලාන්තර ප්‍රශ්න විචාරාත්මක ගුවන් විදුලි / රූපවාහිනි තරග විශිෂ්ට අන්දමින් ඉදිරිපත් කිරීම අගයමින් එවකට අධ්‍යක්‍ෂක ජනරාල්ව සිටි ආචාර්ය එන්. ආර් ද සිල්වා මහතා විසින් නිකුත් කරන ලද ප්‍රශංසාත්මක ලිපිය.
1985 – “හඳ මාමා“ ළමා වැඩසටහන දීර්ඝ කාලයක් ඉදිරිපත් කිරීම අගයමින් එහි රජත ජයන්තිය නිමිත්තෙන් එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි ආචාර්ය නන්දන කරුණානායක මහතා විසින් නිකුත් කරන ලද ප්‍රශංසාත්මක ලිපිය.
http://www.rupavahini.lk/vinividawiki/artists/drama-cinema-artists-in-sri-lanka/64-lambert-pemmawadu.html

ගුවන් විදුලි සංස්ථාව විරිඳු සුරල් යළි අරඹයි

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශය විසින් කාලයක් තිස්සේ ජනයා අතර ජනප‍්‍රියව පැවති දැන් ක‍්‍රමයෙන් අභාවයට යමින් පවතින විරිදු ගායනා කලාවට පුනර්ජීවයක් ලබා දීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
රට පුරා විසිරී සිටින දක්ෂ විරිදු ගායක ගායිකාවන් හඬ පරීක්ෂණයක් මගින් තෝරා ගෙන එම ගායක ගායිකාවන්ට ගුවන් විදුලියේ වැඩ සටහන් ලබා දීමට මේ වැඩ පිළිවෙළ යටතේ ගුවන් විදුලි සංගීත අංශය අපේක්ෂා කරයි.
විරිදු ශිල්පී පරීක්ෂණය, නිෂ්පාදක, විරිදු සුරල් සංගීත අංශය, ගුවන් විදුලි සංස්ථාව යන ලිපිනය ඔස්සේ විරිදු ගායනයෙහි දක්ෂතා ඇති අයට විරිදු ශිල්පී පරීක්ෂණයට ඉල්ලූම් කළ හැකි බව එම සංස්ථාව පවසයි.

අද ගුවන් විදුලි නාට්‍ය නැද්ද?

ගුවන්විදුලි නාට්‍ය අතිරේකයට එහි වත්මන් පාලකගෙන් පිළිතුරක්

පසුගිය ජූලි 28 වැනි ඉරිදා ‘සිළුමිණ’ පුන්කලසේ පළවූ (ගුවන්විදුලි නාට්‍ය පිළිබඳ කෙරෙන ප්‍රාමාණික විග්‍රහයක් ලෙස සඳහන් කෙරුණ) සංවාද මණ්ඩපය දැකීමෙන්, කියවීමෙන් පුදුමයට පත් වූ රංගන ශිල්පීන්, රචකයන් මෙන් ම ඇතැම් ශ්‍රාවකයෝ ද දුරකථනයෙන් මා ඇමතූහ.
ඔවුන් විමසා සිටියේ වර්තමාන ගුවන්විදුලි නාට්‍ය පිළිබඳ කිසිදු සඳහනක්, නියෝජනයක් එහි නො වූයේ මන්දැයි කියා ය. එවැනි ප්‍රශ්නයකට පිළිතුරක් සැපයීම කළ යුත්තේ් පුන්කලසේ සංස්කාරක මිස අප විසින් නොවේ. එහෙත් මෙහිදී වර්තමාන ගුවන්විදුලි නාට්‍යය අඛණ්ඩව පවත්වා ගෙන යන ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී දරදිය අදින ශිල්පීන්, රචකයන් බොහෝ දෙනෙකුගේ විමතියත්, සංවේගයත් වෙනුවෙන් මෙවැනි සටහනක් හෝ ලිවීම මගේ යුතුකමකි යි මට සිතිණ. ඒ වර්තමානයේ ගුවන්විදුලියේ ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වන “ගුවන්විදුලි රඟමඬල”, “බෞද්ධ නාට්‍යය”, ‘විශ්ව සාහිත්‍යයෙන්”, “මහා වංශය” (ඓතිහාසික නාට්‍යය) “ත්‍රාසජනක නාට්‍ය”, (කෙටිකතාව ද සමඟ) ඇතුළු නාට්‍ය ගණනාවක්ම නිෂ්පාදනය කරන්නේ් මා වන නිසා ය.
වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් අතරේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව ගැන සාකච්ඡා කෙරෙන පුවත්පත් අතිරේකයක දී ඒ ගැන සාමාන්‍යයෙන් විමසා සිටින්නේ එදා ක්‍රීඩා කෙරූ බන්ධුල වර්ණපුරගෙන් හෝ රෝයි ඩයස්ගෙන් නො වේ. අවශ්‍ය තැනදී ගෞරවනීය ලෙස ඔවුන්ගේ ඓතිහාසික කාර්යභාරය ගැන සඳහන් කළ යුතු වෙතත් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව ගැන අදහස් දැක්විය යුත්තේ අද දවසේ සක්‍රිය ව ක්ෂේත්‍රය තුළ සිටින්නන්ම මිස අතීත ක්‍රීඩකයන් නොවේ. මෙවැනි කාර්යයක් කළ යුතු වන්නේ අතීතකාමයක් තුළ සිරගත ව සිටිමින් ද නො වේ.
අතිරේකයක් කිරීමේ දී මුඛ්‍ය කාර්ය විය යුත්තේ අදාළ ක්‍ෂේත්‍රයේ සක්‍රිය දායකත්වය සිදුවන්නේ කොතැනින් ද, කාගෙන් ද යන්න සොයා බැලීමයි. පූර්වගාමීන්ගේ අදහස් හා කැපකිරීම් පිළිබඳව ද ඊට ඇතුළත් වීම වරදක් නොවෙතත් තාක්ෂණය ද මාධ්‍ය කොටගත් ගුවන්විදුලි නාට්‍යයට සක්‍රියව දායක වන කාර්මික ශිල්පියා ද මෙහිදී වැදගත් වන බවය අපගේ වැටහීම වන්නේ.
ගුවන්විදුලි නාට්‍ය ගැන කතාකරද්දී මෙවැනි කරුණු පුන්කලසට මුළුමනින් ම අමතක වූයේ කෙසේ දැයි අපි නොදනිමු. එය නොදැන නොසිතා කෙරුවක් ද, සිතාමතා කරන ලද්දක් දැයි ඇතැමෙක් අපගෙන් විමසා සිටී. ඒ වර්තමානයේ ස්වදේශීය සේවය ඔස්සේ ගුවන්විදුලි නාට්‍ය ශ්‍රාවකයාට තිළිණ කරන කාර්යයෙහි නියැළී සිටින නිෂ්පාදකවරුන්, පිටපත් රචකයන්, හඬ ශිල්පීන් පිරිසක් ද ඇති හෙයිනි.
ඉතා දැඩි වෙහෙසක් දරා පැය ගණනාවක් මුළුල්ලේ පුහුණුවීම් කටයුතු කොට ගුවන්විදුලි නාට්‍යයක් පටිගත කිරීමත්, නිෂ්පාදනය කිරීමත් සඳහා වර්තමාන ශිල්පීන් දරන වෙහෙස, ඔවුන්ගේ කැපවීම ගැන දන්නේ ගුවන්විදුලියේ සිටින්නන්ය. ගුවන්විදුලියේ කාර්යාල කාර්ය සහායකයාට පවා මෙය රහසක් නොවේ. අනිත් අතට මේ නාට්‍යවල අගය ගැන කතාකරන සාමාන්‍ය ශ්‍රාවකයෝ මෙන්ම විදග්ධයෝ ද සිටිති. අද දවසේ නාට්‍ය පිටපත් රචනා කරන්නේ අල්පශ්‍රැතයන් හෝ ආධුනිකයන් ද නො වේ.
ගුවන්විදුලි නාට්‍යයට සක්‍රියව දායක වීම කෙසේ වෙතත් අද දවසේ ගුවන්විදුලි නාට්‍ය ශ්‍රවණය කිරීම හෝ නොකරන්නකුට ගුවන්විදුලි නාට්‍ය පිළිබඳ අදහස් දැක්වීමට සදාචාර සම්පන්න අයිතියක් ඇද්දැයි අපි නොදනිමු.
ඕනෑම දෙයක් සමාජගත කළ හැක්කේ කාලානුරූපවය. ගුවන්විදුලි නාට්‍ය සම්බන්ධයෙන් ද වලංගු වන්නේ් මේ ඇත්තයි. අද දවසේ දී ‘මුවන් පැලැස්ස’ හෝ ‘මොණරතැන්න’ සමාජගත කළ හැකි නම්, නූතන ශ්‍රාවකයා ඒවා ඉල්ලා සිටින්නේ නම් එය කළ හැකිය. එහෙත් එසේ කිරීම අර්ථසම්පන්නද?
මෙහිදී ගුවන්විදුලි නාට්‍ය ගැන කතාබහකර තිබුණේ ගුවන්විදුලි නාට්‍ය ජනතාව අතර වඩාත් ආකර්ෂණයක් දිනාගත් යුගයේ ගුවන්විදුලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ නොමැකෙන සනිටුහන් තැබූ පුද්ගලයන් යයි ද සඳහන් ව තිබිණ. මේ යුගය කුමක්ද? එෆ්.එම්. චැනල හෝ රූපමාධ්‍ය නොතිබූ යුගයක ශ්‍රාවකයාට තෝරාගත හැකි වෙනත් විකල්පයක් නොතිබූ යුගයක ඒ නිසා ම අසන්නට ඉතිරිව ඇති එකම ගුවන්විදුලි සේවයේ නාට්‍ය සඳහා ශ්‍රාවකයා ආකර්ෂණය වීමේ අරුමයක් ඇත්තේ ද? අරුමය වන්නේ එසේ නොවන අභියෝගකාරී යුගයක ගුවන්විදුලි නාට්‍යයකට ශ්‍රාවකයා ඒකරාශී කරගැනීම නොවන්නේ ද?
අද දවසේ ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ නාට්‍ය අංශයෙන් සිදුවන සේවය ගැන දන්නෝ දනිති. මේ නාට්‍ය රචනා වන්නේ, නිෂ්පාදනය වන්නේ කාලානුරූපීව ගැඹුරු සංවාදයක් සඳහා මං පෙත් විවර කරදෙන අයුරින් බව ප්‍රබුද්ධ ශ්‍රාවකයා මැනවින් දනී. එවැනි නාට්‍ය පිටපත් අපූර්වාකාරයෙන් නිෂ්පාදනය වන ආකාරයත් නූතන යුගයේ අතිදක්ෂ ශිල්පීන් විසින් ඒවාට අපූර්වාකාරයෙන් ජීවය ලබා දෙන සැටිත් ඔවුහු දනිති. සෘජු ශ්‍රාවක ප්‍රතිචාර ලබාගැනිමේ ක්‍රමවේදයක් නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් මේ බව සහේතුක ව ඔප්පු කිරීමට ද ඉඩ සැලසෙනු ඇත.
එකල නිෂ්පාදකවරුන් ගුවන්විදුලි නාට්‍යය කෙරෙහි කළ කැපවීම මෙකල නිෂ්පාදකවරුන් විසින් පැහැර හරිනු ලැබ ඇද්දැයි විමසිය යුත්තේ ඉතා අඩු තරමින් ගුවන්විදුලි නාට්‍ය අසන ශ්‍රාවකයාගෙනි. නොඑසේම කාලාන්තරයක් මුළුල්ලේ ගුවන්විදුලි නාට්‍යයක් ශ්‍රවණය නො කළ අතීතයේ සැරිසරන්නකුගෙන් නොවේ.
අද වෙනකොට පුහුණුවීම් කරන්නේ එය පටිගතවීමට මොහොතකට පෙර යැයි මේ අතිරේකයට අදහස් දැක්වූ එක් ලේඛකයෙක් කියා තිබිණ. එහෙත් ස්වදේශීය සේවයේ නාට්‍යය පුහුණුවීම් සඳහා දැනට වැය කෙරෙන කාලය බොහෝ වැඩි යැයි චෝදනා කරන විශාල පිරිසක් ද සිටින බව දන්නේ අද දවසේ නිතර දෙවේලේ ගුවන්විදුලියේ පස්පාගන පුද්ගලයින්ම පමණකි.
මේ තත්ත්වය අසන දකින අපට මතක් වන්නේ පෙරහරේ යන අලි හා කොටන් අදින අලි පිළිබඳ උපමාව ය. කෙසේ වුවද වර්තමානය මුළුමනින්ම අමතක කොට වසර විස්සකින් මෙපිට මෑතකාලීන ගුවන්විදුලි නාට්‍ය ඉතිහාසය හෝ නොවිමසා මෙසේ කිරීම යුක්ති සහගත නොවන බවය අපගේ වැටහීම වන්නේ. මීට සාක්ෂි දරන්නේ ගුවන්විදුලි ශිල්පීන් හා ශ්‍රාවකයන්ම මිස අන් කිසිවෙක්ම නොවේ.
(කිසිදු වෙනසක් නොකොට පළ කරන ලදී)

සංවාදයට විවෘතයි
ගුවන් විදුලි නාට්‍ය සහ අප අතර අවියෝජනීය සබඳතාවක් පවතී. ඒ පාසල් වියේ සිට ම අප ගුවන්විදුලි නාට්‍ය රසිකයන් ලෙසින් ලැබූ ආස්වාදය නිසා ය. සාකච්ඡා කළ යුතු බොහෝ විෂය පථ තිබිය දී ගුවන්විදුලි නාට්‍ය ගැන කතිකාවක් ගොඩනඟන්නට සිත් වූයේ ඒ ආකර්ෂණය හා ගෞරවනීය සබඳතාව නිසා ය. එවැනි පසුබිමක් මත ගුවන්විදුලි නාට්‍ය පාලකවරයාගේ ප්‍රතිචාරය අතිශයින් ම කනගාටුදායක බැව් සටහන් කරන්නට සිදු ව ඇත.
ගුවන්විදුලි නාට්‍ය මතු නොව නිෂ්පාදන සහ නිවේදන කාර්යයෙහි ලා ස්වර්ණමය යුගයක් තිබූ බව අපි එකහෙළා පිළිගන්නෙමු. ගුවන්විදුලියට මතු නොව සෑම කලා ක්‍ෂේත්‍රයකට ම ස්වර්ණමය යුගයක් පවතී. ඒ ස්වර්ණමය යුගය ගැන සිහිපත් කරමින් මේ අතිරේකය සකස් කරන්නට අප ගත් තීන්දුව නිවැරදි බව අපට ලැබෙන පාඨක ප්‍රතිචාරවලින් මනාව සනාථ වේ. ඒ සඳහා සම්පත් දායකයන් කවුරුන්දැයි තෝරාගැනීමේ පූර්ණ අයිතිය ඇත්තේ අපට ය.
පුවත්පතේ පළවන ඕනෑ ම මතවාදයක් සංවාදය සඳහා විවෘත ය. එබැවින් පාඨකයන් කළ යුතු ව තිබුණේ නාට්‍ය අංශයේ පාලකවරයාට සෘණාත්මක චෝදනා දැක්වීම නොව පළ වූ අදහස්වලට විකල්ප අදහස් තිබුණේ නම් අප වෙත දන්වා එවීම ය. ඒ විවෘතභාවය තවමත් තිබේ. පුවත්පතක එක් අරමුණක් වන්නේ මෙවැනි මතවාද, සංවාද සඳහා මණ්ඩපයක් බවට පත්වීම ය. එබැවින් චෝදනා ස්වරූපයෙන් ප්‍රකාශ නිකුත් නොකොට විකල්ප මතවාද ඇත්නම් ලියා එවන්නැයි අපි ඔබට ආරාධනය කරමු.
සංස්කාරිකා
http://www.silumina.lk/punkalasa/20130818/_art.asp?fn=ar13081810

එදා ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් වෙන්න ශ්‍රේණි තුනක්වත් සමත් වෙන්න ඕනෑ

එදා ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් වෙන්න ශ්‍රේණි තුනක්වත් සමත් වෙන්න ඕනෑ

සුමනා ජයතිලක
ගුවන් විදුලිය හා මගේ තියෙන්නෙ ආත්ම ගණනක ඉඳල තියෙන සම්බන්ධයක් කියලයි මට හිතෙන්නෙ. මගේ ජීවිතය ම ගුවන් විදුලියයි. එය එදා වගේම අදත් එහෙමයි. ගුවන් විදුලියෙන් තොර ජීවිතයක් මට නැහැ. මගෙ ගුවන් විදුලි නාටක ඉතිහාසය පිළිබඳ මතකය අවදි කරනකොට එය පනහ දශකය තරම් ඈත කාලවකවානුවකට දිව යනව. ගුවන් විදුලියෙ හඬ පරීක්ෂණයෙන් මා විශිෂ්ට ශ්‍රේණියට පත් වුණායින් පසුව 1957 හෝ 1958 වසරෙදි මම මගේ පළමු ගුවන් විදුලි නාටකයට සම්බන්ධ වෙනවා. ඒ නාට්‍යය තමයි කුලසිරි අමරතුංග මහතා නිෂ්පාදනය කරන ලද “නෝරාගෙ සෙල්ලම් ගෙදර” ගුවන් විදුලි නාටකයෙ ප්‍රධාන චරිතය වන “නෝරා” ගෙ භූමිකාව. එය ඉතාම ජනපි‍්‍රය ගුවන් විදුලි නාට්‍යයක් වුණා. එහි සාර්ථකත්වය නිසා ඊට පස්සෙ ගුවන් විදුලි නාටක ගණනාවකටම මට සම්බන්ධ වෙන්න ලැබුණා.
ඒ අතර අමතක නොවන නාටකයක් තමයි සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ “වැල්ලට ගිය ගැහැනිය” ගුවන් විදුලි නාටකය. එහි වැල්ලට ගිය ගැහැනියගෙ ප්‍රධාන චරිතය කළේ මම. ඒ නාට්‍යය පිළිබඳ අදත් කතා වෙනව. ඒ නාට්‍යය මට වගේම සුගතපාල ද සිල්වාටත් ඉතා වැදගත් වෙනව. ඔහු ගුවන් විදුලි නාටක ඉතා විශාල ප්‍රමාණයක් රචනා කළ, නිෂ්පාදනය කළ ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙක්. ඔහුගේ සෑම නාට්‍යයක් ම පාහේ එකසේ වැදගත් වුණත් “වැල්ලට ගිය ගැහැනිය” නාටකය පිළිබඳ තිබෙන මතකය බොහෝ දෙනෙක්ගෙන් තාම පහවී ගිහින් නැහැ. එවැනි සාර්ථකත්වයන් ට ප්‍රධාන හේතුව වුණේ එකල නිෂ්පාදකවරුන් වගේ ම ශිල්පීන් ඒ සඳහා කරනු ලැබූ කැප කිරීම. ඔවුන් නිවැරදි වෙලාවට, නිවැරදි දිනයට පුහුණුවීම් වලට ආවා. බොහෝ විට පුහුණුවීම් තියෙන්නෙ එක දවසක, පටිගත කිරීම් තියෙන්නෙ තව දවසක. නමුත් කිසිම කෙනෙක් එය කරදරයක් කොට සිතුවෙ නැහැ.
ඔවුන් ඒ සඳහා කැපවී සිටියා. අද තත්වයට ඊට හාත්පසින්ම වෙනස්. ගුවන්විදුලි නාට්‍ය ක්ෂේත්‍රයෙ නියැළිලා ඉන්නෙත් ඉතා සීමිත පිරිසක්. ඔවුන් පවා අතිශය කාර්ය බහුල තත්වයකට පත්වෙලා. පුහුණුවීම් සඳහා බොහෝ විට එන්නෙ නැහැ. හැම දෙයකටම ඉන්නෙ ඉතාම සුළු පිරිසක් කියා ඔවුන්ව නිසි වෙලාවට ගෙන්න ගන්න බැරි තත්වයකට පත්වෙලා. මෙය ඔවුනට පමණක් හිමි වූ ලක්ෂණයක් නොවේ. ජීවත් වීමේ අරගලය මත සිදුවන්නක්. එයට අපට දොස් කියන්න බැරි වුණත් නිර්මාණ කටයුත්තක් එසේ සිදු කරන්න බැහැ. ඒ සඳහා කැපවීමක් පෙර සූදානමක් අනිවාර්යෙන් ම තිබිය යුතුයි. නෙතලි නානායක්කාර, රත්නාවලී කැකුණවල වගෙ අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සියලු දෙනාහටම එම කැපවීම තිබුණා. ඒ කාලෙත් අපි හැමටම ප්‍රශ්න නොතිබුණා නොවේ. නමුත් වැඩක් බාරගත්තට පස්සෙ එම කටයුත්තට කැපවීම අපි සියලු දෙනා ළඟ ම තිබුණා. ඒ නිසා තමයි තාමත් අපිව ශ්‍රාවකයො අඳුනන්නෙ. අපේ කට හඬ ඇහෙන කොට තාම මිනිස්සු දන්නව ඒ හඬ කාගෙද කියල. අපේ ගුවන්විදුලි රඟමඬලෙ වාදනය යනකොට දන්නව ඒ ගුවන් විදුලි රඟමඬල කියල. ‘හඳ මාමා’ වැඩසටහන වුණත් එහෙමයි.
ඒ කාලෙ ගුවන් විදුලියෙ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න ඉතා අමාරුයි. පරීක්ෂණ තුනක් තියල එයින් සමත් වුණොත් පමණයි තෝර ගන්නෙ. ඒ නිසා ඒ කාලෙ බිහිවුණ ශිල්පියො, ශිල්පිනියො සැබෑ දක්ෂතා ඇති අය. ගුවන් විදුලි නාටකයකට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ල ඔවුන් හැම දෙනාටම නිවැරදිව වචන උච්චාරණය කරන ආකාරය පිළිබඳ මනා වැටහීමක් ලබාදෙනව. ඕනම වචනයක් විවිධ අරුත් දෙන ආකාරයට උච්චාරණය කළ හැකියි. නමුත් අවශ්‍ය උච්චාරණය ඒ ආකාරයට නොලැබී ගියහොත් ඉන් නාටකයෙ අර්ථයට සිද්ධවෙන්නෙ විශාල වරදක්. ඒ නිසා ඉතා කුඩා වචනයක, අකුරක, නැවතීමක තියෙන සැබෑ අර්ථය මතු කර ගැනීමට අවශ්‍ය දැනුම ඒ කාලෙ නිෂ්පාදකවරු හරහා අපට ලැබුණා.
නමුත් දැන් එවැනි දේ ගැන බරපතල ලෙස සිතන්නෙ නැති බව පෙනී යනව. ඒ දවස්වල නාට්‍ය පිටපත් වලට අවශ්‍ය පදෙස් දෙන්න දයානන්ද ගුණවර්ධන වැනි අය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු වූවා. ඒ වගේම සරත් විමලවීර, සුගතපාල ද සිල්වා, නන්ද්‍ර ජයමාන්න වගෙ ක්ෂේත්‍රය පිළිබඳ හොඳ දැනුමක් තිබුණ නිෂ්පාදකවරු හිටිය. ඒ හැම කෙනෙක් එක්කම වැඩ කරපු කාලය හරිම රසවත්. ශ්‍රාවකයො එක සතියක නාට්‍යය අහල ඊගාව කොටස අහනකං ඒ දවස්ණල හිටියෙ නොඉවසිල්ලෙන්. නමුත් අද ගුවන් විදුලි නාට්‍ය ගැන එවැනි අවබෝධයක් නැහැ. හොඳ ගුවන් විදුලි නාට්‍ය ප්‍රචාරය වනවා නම් අදත් ඒව අහන්න පිරිස ඉන්නව. නමුත් අද එවැනි දේ ගැන ප්‍රමාණවත් ප්‍රචාරයක් ලැබෙන්නෙ නැහැ. මිනිස්සු රූපවාහිනියට වහල් වීම ද තවත් දකින්න පුළුවන් ලක්ෂණයක්. අද සමාජෙට අවශ්‍ය වෙලා තියෙන්නෙ හරවත් දෙයකට වඩා එවෙලෙ හිනාවෙලා බලන්න පුළුවන් දේ විතරයි. එහෙත් එවැනි දේ හරහා ඔවුන් ඔවුන්ට ම සිනාසෙන බව දන්නෙ නැහැ.
http://www.silumina.lk/punkalasa/20130728/_art.asp?fn=ar1307286

ගුවන් විදුලි නාට්‍යකරණය වෘත්තීය මට්ටමට ගෙන ආ යුතුයි

ගුවන් විදුලි නාට්‍යකරණය වෘත්තීය මට්ටමට ගෙන ආ යුතුයි

සමන් අතාවුදහෙට්ටි
ගුවන් විදුලි නාටකය ඍජුව ම සම්බන්ධ වන්නෙ ශ්‍රාවකයා සමඟ. ශ්‍රාවකයා ගුවන් විදුලි නාටක රස වින්දෙ නැත්නම් එය ක්‍රම ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත් වී යනවා. ගුවන් විදුලි සංස්ථාව 1950 දශකයේ පමණ පටන් ඒ ශ්‍රාවක සම්බන්ධතාව වර්ධනය වන ආකාරයේ නාට්‍ය රැසක් නිර්මාණය කිරීමටත් එයට අමතර ව ඍජු ශ්‍රාවක ප්‍රතිචාර ලබා ගැනීමේ නිවැරදි ක්‍රමවේදයක් ද ගොඩනඟා ගෙන තිබුණා. ඒ නිසා මුල් කාලයෙ පටන් දශක තුනක් පමණ යනකම් ගුවන් විදුලි නාට්‍යය සඳහා තිබුණේ ඉතා ඉහළ ඉල්ලුමක්. ඒ වගේ ම ඉතා විශාල වටිනාකමක්. එයට ප්‍රධාන හේතුව වන්නෙ එකිනෙක යුගයට ගැළපෙන ආකාරයෙන් ගුවන් විදුලි නාට්‍යය නිර්මාණය කිරීමට එවක නිෂ්පාදකවරුන් සතු ව තිබූ නිර්මාණාත්මක ප්‍රතිභාව. උදාහරණයක් වශයෙන් “කුරුලුබැද්ද” “මුවන් පැලැස්ස” “මොණරතැන්න” “වජිරා” යන චිත්‍රපට සඳහා පාදක වුණේ ඒ නම් වලින්ම ප්‍රචාරය වුණු ගුවන් විදුලි නාට්‍යය.
ඒ චිත්‍රපට ආදායම් අතින් සාර්ථකත්වයක් ලැබුවනං එහි පිටුපස තියෙන්නෙ ශ්‍රාවකයන් පළමුව රස වින්ද ගුවන් විදුලි නාට්‍යයයි. ඒ නිසා එකල ගුවන් විදුලි නාටකය සතු වූයේ ඉතා ප්‍රබල ශක්තියක්. අද එය ඒ ආකාරයෙන් ම සිදු වෙනවා දැයි ගැටලුවක් තිබෙනව. එය එසේ සිදු නොවීම නිර්මාණ ශිල්පීන්ගේවත්, රචකයන්ගේවත් වරදක් නොවේ. එය බලධාරීන්ගෙ වගකීමක්. ඒ අතරම මාධ්‍යයන්ගෙ ප්‍රසාරණය වීමක් ද දක්නට ලැබෙනව. ඒ වුණත් ප්‍රමාණාත්මක වශයෙන් එහි වර්ධනයක් දැකිය හැකි වුවද ගුණාත්මක බව වර්ධනය වීමක් සිදු වී නැහැ. ඒ නිසා හරවත් ගුවන් විදුලි නාට්‍යය මඟින් තවමත් ඒ අඩුව පුරවාලිය හැකියි. නමුත් අද වෙලා තියෙන්නෙ ශ්‍රාවක ප්‍රතිචාර වැඩියෙන් තිබෙන වෙලාවල් යැ යි වෙළඳුන් තීරණය කරන වෙලාවල් තුළ අප සිරවී සිටීමයි. වර්තමාන Rating ක්‍රමයට අනව සිද්ධ වෙන්නෙ එය වෙළඳුන්ගෙ බඩු ටික විකුණගන්න හොඳ ම වෙලාව වුණත් ජනයාගෙ රස විඳීම පිළිබඳ කෙරෙන සැබෑ වෙලාවක් නෙමේ. මේවා තනිකර ම කෘතිම දේවල්. නමුත් මුල් කාලීන ගුවන් විදුලිය සතු ව තිබූ නිවැරදි ක්‍රමවේදය නිසා නිවැරදි ලෙස සාර්ථක ශ්‍රාවක ප්‍රතිචාර ලබා ගන්න හැකි වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලි නාටකය ද ගුණාත්මක බවින් පෝෂණය වුණා. 1960 යුගයෙ ගුවන් විදුලිය බිහි කිරීමට සමත් වුණු නාටක මාලාව මෙයට දැක්විය හැකි ප්‍රබල උදාහරණයක්. ඒ යුගයෙ සුගතපාල ද සිල්වා නිර්මාණකරුවා ගුවන් විදුලි නාටකය ඉතා වැදගත් සංදිස්ථානයකට රැගෙන ආව. ඒ හරහා ශිල්පීන් වශයෙන් අපට ද ශ්‍රාවකයන්ට ද ගැඹුරු පරිකල්පන ශක්තියක් සහිත ගුණාත්මක බවින් පොහොසත් එමෙන් ම රසවත් නාටක ගණනාවක් ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබුණා. සුගතපාල ද සිල්වා ගුවන් විදුලිය තුළ අලුත් මිනිසෙක් බිහිකළා. අලුත් මනසක් බිහි කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අප වැනි පුද්ගලයන් පසු කාලයේ ගුවන් විදුලි නිර්මාණකරණයට පිවිසෙන්නෙ.
ඒ වගේම තමයි ඒ යුගය තුළ තිබුණු වෘත්තිමය පසුබිම අදට වඩා ඉතාම ඉහළයි. ගුවන් විදුලි නාටක සඳහාම පමණක් පුහුණු වූ පිරිසක් ද සිටියා. නාට්‍යයක් පටිගත කිරීමට පෙර ඒ සඳහා පෙර පුහුණුවීමක් කරනවා. එය සමහරවිට එක දවසකින් නිම කරන්න බැරිවෙන අවස්ථා තිබෙනවා. ඒ වුණත් ඊළඟ දිනයේදි පවා හැම ශිල්පියෙක් ම නැවත පුහුණුවීම් වලට එනවා. එතරම් දුරට වෘත්තිය කැපවීමක් ඒ කාලෙ තිබුණා. හැත්තෑව දශකය වන විටත් ඒ තත්ත්වය එසේම තිබුණා. නමුත් ඉන්පස්සෙ ඒ ක්‍රමවේදය ටිකෙන්ටික නැතිවෙලා ගියා. අද වෙනකොට පුහුණුවීම් කෙරෙන්නෙ එය පටිගත කිරීමට මොහොතකට පෙරයි. ඒ නිසා නැවත ඒ වෘත්තිමය තත්ත්වය ඇති කරන්න පුළුවන් නම් ඉතා සාර්ථක ගුවන් විදුලි නාටක බිහිවිය හැකියි. ඒ වගේම තමයි කොපමණ නිර්මාණශීලී වුවත් ශ්‍රාවක තත්වය සතුටුදායක නොවේ නම් එයින් එතරම් වැඩක් නැහැ. ඒ අනුව නිර්මාණශීලිත්වය වගේම තාක්ෂණික අංශය ද එකසේ දියුණු කළ යුතුයි.
මේ මොන ගැටලු තිබුණත් ගුවන් විදුලියට මම තවම ආදරෙයි. ගුවන් විදුලිය තමයි මගේ අධ්‍යාත්මය පෝෂණය කරවන්නෙ. අපි කුමන කුමන ආකාරයෙ විවිධ වැඩසටහන් කළත් ගුවන් විදුලි නිර්මාණයකින් තරම් සතුටක් ලබන්න බැහැ. අපේ ජීවිතෙ හොඳ ම කාලෙ ගෙවුණෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ. අපි ඒ තුළ විවිධ වැඩසටහන් නිර්මාණය කළා. විවිධ දේ පිළිබඳ අත්හදා බැලීම් කළා. ගුවන් විදුලි නාටකය පවා විවිධ වයස් කණ්ඩායම්වලට, ජන කණ්ඩායම්වලට ගැළපෙන පරිදි නිෂ්පාදනය කළා. ඒ වැඩසටහන් ශ්‍රවණය කරන ලද, ඒ ගුවන් විදුලි නාටක රස විඳි බොහෝ දෙනෙක් ගෙ මතකයේ තවමත් එම නාට්‍ය සම්බන්ධව හොඳ මතකයක් තියෙනව. “ගුවන්විදුලි රඟ මඬල” “ළමා රංග පීඨය” ඇතුළු සතිපතා ප්‍රචාරය වුණු සෑම ගුවන්විදුලි නාටකයක් ම ශ්‍රාවකයන්ට ගෙන ආවේ පුදුමාකාර වින්දනයක්. එවැනි නිර්මාණ සඳහා දායක වීමෙන් අප විශාල පුණ්‍යකර්මයක් සිදු කළ බව ද හැඟී යනව.

http://www.silumina.lk/punkalasa/20130728/_art.asp?fn=ar1307286