සම්මානිත මහාචාර්ය
කේ. එන්. ඕ. ධර්මදාස
ප්‍රධාන කර්තෘ, සිංහල විශ්ව කෝෂය
ප්රකාශනය( සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම
ශ්‍රී ලංකාව අසහාය සංස්කෘතික උරුමයක් දායාද කොට ගත් දේශයකි. එම සංස්කෘතිය තුළ ජනකතා, ජනකවි, ජන යාතුකර්ම ආදී වශයෙන් පුළුල් වූ ජන සංස්කෘතිය ලෙස හැඳින්විය හැකි ක්ෂේත්රයක් වේ. එය සම්භාව්‍ය සාහිත්‍යය, වාස්තු විද්‍යාත්මක හා චිත්‍ර මූර්ති ආදී වශයෙන් වන විදග්ධ සංස්කෘතිය හා සමග උරින්උර ගැටෙමින් පැවත ආවකි. අපේ විදග්ධ සංස්කෘතික උරුමය ගැන මෙන්ම ජන සංස්කෘතික උරුමය ගැනද ලොවට හෙළි කිරීමට පුරෝගාමීවූවෝ බ්‍රිතාන්‍ය යටත්විජිත අවධියෙහි මෙහි සේවයට පැමිණි උගත් තරුණ නිලධාරීහුය. එබඳු නම් කීපයක් සඳහන් කළ හොත් අපේ මහාවංසය ලොවට හඳුන්වා දෙමින් එය ඉංග්‍රීසියට පරිවර්තනය කළ ජෝර්ඡ් ටර්නර්, ජයශ්රැතිය හා සම්බන්ධ තොරතුරු එක්රැස් කරමින් ට්රැප්රොබේනියන් නම් සඟරාව පළ කළා වූද ජනකාව්‍ය අන්තර්ගත පුස්කොළ පොත් දෙදහසක් පමණ සංරක්ෂණය කළ හියූ නෙවිල්, ලක්දිව පරිපාලන සේවයේ යෙදී සිටියදී බුදුසමය ගැන පැහැදී පාලි භාෂාව මැනවින් හදාරා ආපසු එංගලන්තයට ගිය විට පාලි ග්රන්ථ ප්‍රකාශක සංගමය පිහිටුවා ගෙන සමස්ත ත්‍රිපිටකය පමණක් නොව අටුවා පවා ඉංගී්රසියට පරිවර්තනය කිරීමට පුරෝගාමී වූ රීස් ඩේවිඩ්ස් ආදීහු වෙසෙසින් සඳහන් කළ යුත්තෝ වෙති. ඒ ගණයටම වැටෙන තරුණ නිලධාරියෙක් වූ හෙන්රි පාකර් සිය 24 වැනි වියේදී ලක්දිවට පැමිණියේ සිය වෘත්තීය ක්ෂේත්රය වූ ඉංජිනේරු ශිල්පය අනුව වයඹ, උතුරු මැද හා දකුණු පළාත්වල පුරාණ වාරි කර්මාන්ත පිළිබඳ ගවේෂණයක නිරතවීම පිණිසය. එහෙත් එදා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයන්හි දෙන ලද පුළුල් පුහුණුව නිසා අප ඉහත නම් සඳහන් කළ අයගේ මෙන් මොහුගේ ද අභිලාෂයෝ අතිශයින් පුථුල වූහ. ඒ ඉතිහාසය, පුරාවිද්‍යාව, මානව විද්‍යාව, ජනශ්රැති අධ්‍යයනය ආදී ක්ෂේත්‍ර කෙරේ විහිද ගියෙන් තම නිල රාජකාරියේ යෙදෙන අතර, ලක්දිව ග්‍රාමීය ජනතාව හා සමග ගොඩනඟාගත් සබඳතා ඔහු මෙම ආකර්ෂණීය ක්ෂේත්‍ර කෙරේ ද විහිදුවීය. වර්ෂ 1873 දී මෙරටට පැමිණ 31 වසරක් සේවය කිරීමෙන් පසු 1904 දී පෙරළා සිය රටට ගිය පාකර් අතින් විශිෂ්ට ග්රන්ථ දෙකක් බිහි වුණි. එකක් නම් ලක්දිව පැරණි ඉතිහාසය හා පුරාවිද්‍යාව මෙන්ම ජන ඇදහිලි විශ්වාස ගැනද කෝෂ ග්රන්ථයක් බඳු Ancient Ceylon (පුරාතන ලංකාව, 1909) ය. අනෙක වෙළුම් තුනකින් සමන්විත Village Folk Tales of Ceylon (ලංකාවේ ගැමි ජනකතා, 1910) ය.මෙය දැන් සිංහල පාඨකයන් අතට පත් වී ඇත්තේ ප්‍රවීණ ලේඛක චන්ද්‍ර ශ්‍රී රණසිංහයන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසටය. මුද්‍රිත පිටු 1500 කින් සමන්විත මෙම වෙළුම් තුන අපේ ජනශ්රැති අධ්‍යයනය සඳහා වන අසහාය මූලාශ්‍රයක් බව නොවලහා පැවසිය යුතුය. ලංකාවේ ගැමි ජනකතා පළමු වෙළුම 2011 දී ද දෙවන වෙළුම 2012 දී ද දැන් තුන් වන වෙළුම 2013 දී ද පළ වී ඇත. මෙම තුන්වන වෙළුම විශේෂ වන්නේ " කතුවරයා සහ කතාන්දර පිළිබඳ ලුහුඬු විමසුමක්" යනුවෙන් පරිවර්තකයා ඉදිරිපත් කරන සාරගර්භ සමාලෝචන ලිපිය නිසාත්, වෙළුම් තුනටම අයත් අතිරේක සටහන් සහ නිවැරදි කිරීම් ඇතුළත් දීර්ඝ උප ග්‍රන්ථය නිසාත්ය.
පළමුව පාකර්ගේ සුවිශේෂ ශාස්ත්‍රීය දායකත්වය වූ අපේ ජනකතා ලෝකයේ තවත් ජනකතා සම්ප්රදායයන් හා සමග සසඳා බැලෙන ආකාරය විමසා බලමු. වෙළුම් තුනකින් සහ පිටු 1500 කින් සමන්විත මෙම කෘතියෙහි පාකර් අපේ ජනකතා 374 ක් ඇතුළත් කර තිබේ. එහිදී ඔහු කරන්නේ හුදෙක් කතාව ඉදිරිපත් කිරීම පමණක් නොවේ. එම කතා අන්‍ය සම්ප්රදායයන් සමග තුලනාත්මකව සලකා බැලීමක් ද ඔහු සිදු කර ඇත. උදාහරණ වශයෙන්, අංක 183 වන "මිතුරන් කෙට වූ හැටි'' කතාව සලකා බලමු. මෙහි එන්නේ මිතුදමින් වෙලී සිටින සිංහයා සහ ගොනා අතර මිත්රභේදයක් කොට ඒ දෙදෙනාටම මරු කැඳවු නරියෙකු පිළිබඳ කතාවකි. එම කතාව ඉදිරිපත් කිරීමෙන් පසු කතුවරයා පළමුව ජාතක කතා පොතේ මීට සමාන කතාව ද එය භාර්හුට්හි ස්තූපය ආශ්රිත කැටයමක නිරූපිත ආකාරය ද දක්වා කථාවේ අති පෞරාණික භාවය කෙරේද අප අවධානය යොමු කරවයි. ඉන් පසු සංස්කෘත හිතෝපදේශයේ එන ඒ හා සමාන කතාවද, ඈත පෙරදිග කතා ඇතුළත් Sagas from the Far East කෘතියෙහි එම ප්‍රදේශයෙහි ද මීට සමාන කථා ඇතුළත් අයුරු පෙන්වා දෙනු ලැබේ. ටිබැට් රටේ කතාවක එන පරිදි සිද්ධිමාලාව වෙනස් අයුරින් ද දැක්ක හැකි බව පෙන්වා දී තිබේ. එනම්, නරියාගේ කේලාම් කීම ගැන උරණ වූ සිංහයා විසින් ඌ මරා දමනු ලැබේ.
තුලනාත්මකව බලන විට විචිත්‍රතාවෙන් යුත් තවත් කතාවක් වන්නේ අංක 225 දරන " ඉටි අස්සයා" කතාවය. මෙම දිග කතාවේ වැදගත් සිද්ධිය වන්නේ අභාග්‍ය සම්පන්න හේතුවකින් තම මවගෙන් වෙන්ව හැදුණු වැඩුණු කුමාරයෙක් වැඩිවිය පත් වූ කල ( තම මව බව නොදැන) එම කාන්තාව සමග විවාහ වීමට තැත් දැරීමත් පසුව සත්‍යය හෙළිදරව් වී ප්රශ්නය සුබ අයුරින් විසඳී යාමත් පිළිබඳ පුවතකි. කතුවරයා මේ පුවත භාරතයේ " මදන කාම රාජ" කතාව හා සමගත්, කතා කෝෂය කෘතියෙහි එන විද්යාධරයෙකු විසින් පැහැර ගෙන ගොස් හදාවඩා ගත් කුමරාගේ කතාවත්, කාශ්මීර ජනකතාවක් වන ඒ අයුරින්ම කුඩා වියේ දී මවගෙන් වෙන්ව වැඩුණු කුමරෙකු මව බැව් නොදැන එම ස්ත්‍රීය හා විවාහ වීමට තැත් දැරීමත් යන කතා හා සසඳා තිබේ. මේ අතර එම ඉටි අශ්වයා පිට නැගී දුරු රටකට ගිය කුමාරයාට සිදු වූ තවත් අත්දැකීමක් මේ කතාවේ දැක්වේ. එනම් ඔහු ඉටි අශ්වයා පිටේ නැගී දුරුරටකට ගොස් එහි තනි මාළිගයක විසූ කුමරියක් සමග වාසය කරන අතර ඇගේ බර දිනපතා කිරන චාරිත්‍රයක් නිසා ඔවුන්ගේ සහවාසයෙන් කුමරිය ගැබ්බර වූ බව හෙළිදරව් වීමය. ඉටි අශ්වයා කතාවේ ඇති මේ බර කිරීමේ චාරිත්‍රය තේමාව ගත් තවත් කතා කීපයක් මීළගට කතුවරයා විවිධ රටවලින් උපුටා දක්වයි. ඉටි අශ්වයා කතාවේ එන අශ්වයා පිට නැගී ඈතට පියාඹා යාමේ තේමාව ගත් කතා කීපයක් ඊළඟට උපුටා දක්වා ඇත. පියාඹන අශ්වයන් පිළිබඳ තේමාව පුරාණ ඉන්දු ආර්ය ශිෂ්ටාචාරයේ ඇති ආකාරය සෘග්වේදයෙහි එය සඳහන් වන තැන් කීපයක් මගින් පෙන්වා දී ඇත. ඒ අනුව එම සංකල්පය ක්‍රි. පූ. 3000 පමණ ඈතට විහිදෙන්නක් බව පාකර්ගේ අදහසය. පෞරාණික බැබිලෝනියාවේද පියාඹන අශ්ව සංකල්පය පැවතුණු ආකාරයත් මෙහිදී සඳහන් කරන කතුවරයා එය ඉන්දු ආර්යයන් අතරට එන්නට ඇත්තේ බැබිලෝනියාවෙන් විය හැකි යෑයි ද සඳහන් කොට ඇත.
ඒ ආකාර තුලනාත්මක අධ්‍යයනයක නිරත වන කතුවරයා ජනශ්රැති අධ්‍යයනය සඳහා සපයන මූලද්‍රව්‍ය ඉතා අගනේය. ජනකතාවල එන විවිධාකාර තේමා අතර ඇති සමාන අසමානතා හා එකම තේමාවේ විවිධ ස්වරූප ආදිය කෙරේ අවධානය යොමු කරමින් මානව ශිෂ්ටාචාරයන්හි විවිධත්වය මධ්‍යයේ දැකිය හැකි පොදු ගුණාංග කෙරෙහිත් ඔහු අප අවධානය යොමු කරවයි. අපට මෙහිදී ඉතා වැදගත් කරුණ නම් හෙන්රි පාකර් මේ ආකාර අභ්‍යාසයක යෙදෙන්නේ ජනශ්රැතිය නම් ශාස්ත්‍රීය අධ්‍යයන ක්ෂේත්රය පහළවීමට බොහෝ කලකට පෙරාතුව වීමය.
පාකර්ගේ ලංකාවේ ගැමි ජනකතා කෘතියෙහි තවත් වැදගත් ලක්ෂණ කීපයක් ඇත. එකක් නම් එම කතා එකතු කිරීමේ දී ඔහු සමාජ ධුරාවලියේ ඇති කුලභේදය කෙරේ විශේෂ අවධානයක් දක්වා තිබීමය. කුල පීඩනය මෙන්ම උසස් පහත් භේදය ඇතැම්විට හාස්‍ය ජනක ආකාරයේ සිද්ධීන්ට තුඩුදුන් ආකාරයද අකුටිලව මේ කතාවලින් පැවසී ඇත. එසේම පාකර් දැන සිටි සමාජයේ " පිටස්තරයන්" වශයෙන් ඉන්දීය සම්භවය ඇති " හෙට්ටිවරු" සහ " තම්බිලා" ද පෙනී සිටිති. බොහෝ විට ඔවුහු උපහාසයට භාජන වෙයි. ඒ බහුතරයේ අයගෙන් පැවැසෙන කතාවලය. ඒ අතරම සමාජයේ ඇගැයීම් පිළිබඳ සංවේදීතාවක් පාකර් තුළ තිබු බව අශ්ලීල හෝ අසභ්‍ය යෑයි හැඟුණු තැන් ඔහු තම කතාවලට ඇතුළත් කර නොගැනීමෙන් පෙනේ. සමස්තයක් වශයෙන් ගත් කල මෙම කතා එකතුව විදග්ධයෙකුගේ නිර්මාණයකි. එය සිංහල පාඨකයන් අතට පත් වීම මහත් භාග්‍යයක් වන්නේ මානව විද්‍යාව, ජනශ්රැතිය වැනි විෂයයන් මෙකල අප උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ වැදගත් අංග බවට පත්ව ඇති හෙයිනි. කතාන්දරවල යටි අරුතද මැනවින් සකස් කර ගනිමින් මෙබඳු අගනා කෘතියක් සිංහල පාඨකයා හමුවට පත් කිරීමෙන් චන්ද්‍රශ්‍රී රණසිංහ සූරීන් විසින් කර ඇති සේවය බෙහෙවින් අගය කළ යුත්තකි.
http://www.divaina.com/2014/01/09/sarasavi%203.html











මනමේ ප්‍රත්‍යාවලෝකනය නමින් ප්‍රයෝජනවත් කරුණු සහිත ග්රන්ථයක් මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ පී. බී. ගලහිටියාව යන වියතුන් විසින් සංස්කරණය කෙරිණ. මනමේ නම් කලා කෘතියේ පමණක් නොව එම සංස්කෘතික වස්තුවේ වැදගත්කම වටහා ගැනීමේදී ප්‍රයෝජනවත් වන ලිපි එකතුවක් එහි වෙයි. මනමේ වැනි විශිෂ්ට කලා කෘති හුදෙක් කලා කෘති පමණක් නොව සිංහල සංස්කෘතික ඉතිහාසයේ ස්ථම්භකයන් වන සංස්කෘතික වස්තුද වෙයි. මෙම රචනය එම මනමේ ප්‍රත්‍යාවලෝකනය කෘතිය දොරට වැඩිදා මා කළ දේශනය ඇසුරින් සැකසුණකි.
ඕනෑම යුගයක විශිෂ්ට කලාව ඒ කෘතිය පහළ වන සංස්කෘතිය සම්බන්ධයෙන් ප්‍රවේශ දෙකක් ගත යුතුය. එකක් නම් සංස්කෘතික සංරක්ෂණයයි. අනෙක සංස්කෘතික සංස්කරණයයි. මනමේ නාටකය මේ කාරණය සම්බන්ධයෙන් විශිෂ්ට නිදර්ශනයකි.
ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන් සහභාගී කර ගනිමින් හෙන්රි ජයසේනයන්ගේ පරිවර්තනය ඇසුරෙන් පරාක්‍රම නිරිඇල්ල නිර්මාණය කළ ‘හුණුවටයේ කතාව’ නව නිෂ්පාදනය මෙම කේරල අන්තර්ජාතික නාට්‍ය උලෙළේ රඟදැක්වීමට තෝරාගෙන ඇත. හෙන්රි ජයසේනයන්ගේ නිෂ්පාදනයට වඩා වෙනස් ආකාරයකට නිර්මාණය කර ඇති ‘හුණුවටයේ කතාව’ ජනකරළිය නිෂ්පාදනය, කේරල සංචාරයට පෙර මෙම දෙසැම්බර් මස 29 වැනි ඉරිදා රාජගිරිය ජනාධිපති විද්‍යාලීය රංග ශාලාවේදී රංගගත කෙරේ.
මට හිතෙන්නෙ මං හෙන්රිගේ නිර්මාණයට විශාල සාධාරණයක් කළ බවයි. නාට්‍ය පිටපතක් කියන්නේ සිරවී සිටිය යුතු දෙයක් නෙවෙයි.
සුදාරක ජයසේන
ගෲෂා ලෙස රඟන සෙල්වරාජ් ලීලාවතී
ගෲෂාට පුළුවන් තරම් සාධාරණයක් ඉටු කරනවාය කියන අධිෂ්ඨානයෙයි, මං ඉන්නේ.
ඒ අසඩක්ගේ චරිතය මට රඟපාන්න ලැබෙනවා කියන එක ඇත්තටම එදා මට විශාල අභියෝගයක් වුණා.
සක්විති කිත් රැස
රාජ්‍ය සේවය පිණිසයි - 2
සිහින එපා කල් දැමුවා
මනස සසර සහ නිවන
එක්දහස් නමසිය පනස් ගණන් වනවිට අවුරුද්ද ආරම්භ වනවිට දින දර්ශන කැලැන්ඩර් ආදිය වැඩි ප්‍රමාණයක් විදේශ රටවල මුද්‍රණයකර මෙරටට ආනයන කරන ලද ඒවා විය. එහි චිත්රවලට පවා තිබුණේ එලිසබෙත් මහරැජින, එඩින්බරෝ ආදිපාදවරයා, විදේශවල ප්‍රසිද්ධ ගොඩනැඟිලි ස්ථාන පමණක් නොව එහිසිටි කුඩා දරුවන් ළමුන් පමණක් නොව බල්ලො - බළලුන් පවා විදේශ ආකෘති විය. මේ එවන් යුගයක සිංහල දින දර්ශනයක් පමණක් නොව එයට ජ්‍යොතිෂය, දිනයේ වැදගත්කම හා විවිධ චිත්‍ර එක් කරමින් නිර්මාණශීලී දිනදර්ශනයක් බිහිකල එස්. ටී. සින්නදුරේ හා ලීලා දිනදර්ශනය පිළිබඳ කතාවයි.
එම කාලයේ බොහෝ දෙනා පුරුදුව සිටියේ සුරුට්ටු බීමට ය. විශේෂයෙන් යාපනයේ සුරුට්ටු බීමට ය. ඒ කාලයේ පිටකොටුවේ බෝධිරාජයා සමීපයහි කරත්ත ගාල් කර සිටි කරත්ත කරුවන්ට ඉස්තරම්ම සුරුට්ටු අවශ්‍ය විය. සින්නදුරේ තරුණයා යාපනයෙන් දුම්කොළ ගෙන්වා සුරුට්ටු නිෂ්පාදනය කර අලෙවි කළේ ය. එකල ඒවා කොළඹ අවට සුරුට්ටු පානය කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය විය. ඊට අමතරව යාපනයේ සාදන ලද විවිධ ආකාරයේ තල්කොළ පෙට්ටි, උතුරේ නිෂ්පාදන භාණ්ඩ කොළඹ ගෙන්වා ‘ලීලා ස්ටෝර්ස්’ වෙළෙඳ සැලේ තබා අලෙවි කළේ ය. කලක් යනවිට ලීලා ස්ටෝර්ස් වෙළෙඳ සල කා අතර ජනප්‍රිය, හොඳ ආදායමක් උපයන වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් විය. ‘ලීලා ස්ටෝර්ස්’ අධිපති සින්නදුරේ ද ‘ලීලා මුදලාලි’ යනුවෙන් මිනිසුන් අතර හැඳින්වෙන්නට විය.
එක්දහස් නමසිය හතලිස් හයේ ජූලි 29 දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට මුල්ගල තැබුණේ සර් ක්ලෝඩ් කොරයා මහතා අතිනි. එදින එම උත්සවයට ද සහභාගි වී නාගදීපයේ ද වන්දනාවේ යාම සඳහා ප්‍රකට කවීන් පිරිසක් ද එදින කන්කසන්තුරේට පැමිණ සිටියහ. ඔවුන් එදින නවාතැන්ගත්ත් එස්. ටී. සින්නදුරේ මහතාගේ තෙලිප්පිලේ ආනන්ද ගිරි නිවසේ ය. ඒ, සින්නදුරේ මහතා කොළඹ කවීන් සැමගේ අතිජාත මිත්‍රයකු ව සිටි නිසා ය. රාත්‍රි භෝජනය මෙන් ම රාත්‍රි නවාතැන් ද සැපයුනේ ආනන්දගිරි නිවසිනි.





