උසස් පෙළ විභාගය හෙට ඇරැඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2014) විභාගය හෙට (5) ආරම්භ කෙරේ.
අගෝස්තු මස 29 වනදා දක්වා පැවැත්වෙන විභාගය සඳහා අයදුම්කරුවෝ 2, 96, 313ක් පෙනී සිටිති.
පාසල් අයදුම්කරුවෝ 2,34,192ක් ද පෞද්ගලික අයදුම්කරුවෝ 62116ක්ද විභාගයට පෙනී සිටීමට නියමිතය.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2120ක විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 295ක විභාගය සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙයි
විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අගෝස්තු 29 දා ආරම්භ කෙරේ.
විභාගය පැවැත්වෙන කාලසීමාවේ විභාග වංචා සිදු කරන අය කොටු කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට ඇතැයිද වංචා සිදු කර හසුවන්නන්හට දැඩි සේ නීතිය ක්‍රියාත්මක කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා දිනමිණට ප්‍රකාශ කළේය.
http://www.dinamina.lk/2014/08/04/_art.asp?fn=n1408046
No comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.