අගෝස්තු
මස පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අගෝස්තු 11 දින
මධ්‍යම රාත්‍රී 12.00න් පසුව උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග
කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
මේ විභාග සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතට අනුව මෙලෙස අමතර පන්ති පැවැත්වීම තහනම් කර ඇත.
මේ අනුව ක්‍රියානොකරන අය කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ කරුණු කඩකරමින් විභාග නීති රීති උල්ලංඝනය කරන අයෙකු හෝ ආයතනයක් වෙත් නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. විභාග දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 0112784208, 0112784537 හෝ විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911ට හෝ පොලිස් මුලස්ථාන දුරකතන අංක 0112421111 හෝ දැනුම් දිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH
No comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.